Cherreads

Chapter 99 - 99

අ...අමේලි.....ඔ..ඔයාට...ම්.මාව....බ්..බර.....

බර වෙන්න මම ඔයාව උස්සන් ගියෙ නෑනෙ.....

මේකිගෙ ඇගේම සැර කටට ගිහින්....මගෙ සංධීරයගෙ දුවෙක්ද මන්දා...දෙයක් කිව්වොත් හරහටමයි කතාව.....මල යක්සනියක්.....

මගෙ ඉන වටේ එක අතක් දාගනඅනිත් අත එයාගෙ කරවටෙ දාන් උන්න ඒකි ලාවට හුරුවමක් බාන්න ගත්තා වගේම මම හිමින් සැරෙ ඇස් කරකවලා අපි දිහා කව්ද බලන් ඉන්නෙ බැලුවා.....නමනින්දාවෙ බෑ....මොකුත් කියන්නත් බෑ...

මම මගෙ ඇස් ගෙඩි දෙක හතර වට කැරකෙව්වා....

වෙන මොකටත් නෙවෙ ලැජ්ජාවටත් වඩා.....ඒකිගෙන් කවුරු හරි හෙල්මන්ට් පාරක් කයි කියලා මටම බය හිතෙනකොට ඒකි නම් හුරුවමක් බබා ගල්වලට පයින් ඇන ඇන මාව එක්කන් එනකොට මෙච්චර වෙලාම ජීප් එක අස්සෙ උන්න බාප්පා එකපාරම එලියට මතු උනා....

බ්බ්..බාප්පෙ...

මම කෑගැහුවා.....කෑ ගැහුවා නෙවෙ.....මට කෑ ගැහුනා.....මාව දැකපු බාප්පා ඉක්මන් අඩි තිය තිය අපි ගාවට එනකොට මම අමේලිව අතැරලා බාප්පට වාරු වෙන්න හැදුවා උනත්.....බාප්පා නෙවෙ ම දිහා බැලුවෙ.....අච්චර හොදට තියන ඇදුම සිය පාරක් විතර හදාගන මහ මනමාල විදිහට ඇස්වලින් හිනා වෙනගමං ආව බාප්පා මාදිහා නොබලා මගෙ ගාව උන්න අමේලි දිහා බලනකොට ඒකි නම් ඒක තඹේකට මායිම් නොකර උන්නා.....

මොකද කොල්ලො උනෙ...?ඇයි නංගි අපේ එකාට මොකක්ද උනෙ.....

ම්...ම්..මොකක්....නංගි.....නංගි.....?දෙයි හාමුදුරුවනෙ බාප්පෙ....අනේ සංජී....ර් අපේ බාප්පා හෙල්මන්ට් පාර කන්න යන්නෙ........

මට කොල්ලො කියපු බාප්පා අමේලි දිහා බලාගන මොකද නංගි කියල ඇහුවා විතරයි ඒකි අර කොට කොන්ඩෙ ගසලා අහක බලාගන උන්නා

යෝ නංගි කිව්වට තරහ ගිහින්ද මන්දා....

බ්බ්...බාප්පෙ....ම්..මේ...ඉන්.....

තමුන් ....සංධීර් ට වඩා වැඩිමල් නේද??

අ....අ...

සංධීර්ට ...මෙ අපේ සංධීරයද නංගි....?

ඔව්...ඉතින්....මං දන්න තරමින් වෙන සංදීර්ලා ගැන දන්නෙ නෑනෙ...නේ...

ඉවරයි..මං හිතුවා...මං හිතුවා මේකිට තරහා ගිහින් තියෙන්නෙ නංගි කියපු හන්දා.....මේකිට මල පැනලා තියෙන්නෙ නංගි කියපු හන්දා...ඇත්තනෙ දෙයියනෙ....ඉබ්බො දෙන්නෙක්ගෙ වයස තියන් නංගි කියන්නෙ...

අහක බලන් උන්න අමෙලි බාප්පගෙ මූන දිහා බලලා සංධීර්ට වඩා වැඩිමල් නේද අහනකොට මගෙ මෝඩ බාප්පා ආය ඒකිට නංගි කියනකොට මම මොකක්ටත් කියලා පොඩ්ඩක් පැත්තකට උනා...මොකද තව පාරක් නංගි කිව්වොත් ආලෝකය ගමං කරන වේගෙටත් වඩා වේගෙන් බාප්පගෙ මූන උඩ හෙල්මන්ට් එක නවතිනවා...

ඔව්...අපෙ එකාට වඩා නම්

එහෙනම් මම කොහොමද අංකල් ඔයාට නංගි වෙන්නෙ....?බාප්පටත් වඩා වැඩිමල්ලු මට නංගිලු.....යෙවින් මං යනවා....

අ...අමේලි....ම්ම්....මට...ඔ..ඔයාගෙ....න්න්..නම්බර් ....එ...එක.

බාප්පගෙන් අහලා දෙන්නම්...

.

බාප්පා??කොල්ලා...මේ ..නංගි....නෑ...මේ .....

බ්බ්...බාප්පෙ...!!!

අරකි ගස්සගන වගෙ යන ගියා....නිකන් නෙවෙ බාප්පව අලු වෙලා යන බැල්මක් දාන්.....ඒකත් අර ස්කූටර් එක ගාවට .....යකෝ....මේකිද මේ ස්කූටියෙ ඇවිත් තියෙන්නෙ.....

මං එහෙම්ම බාප්ප දිහා බැලුවා බාප්පා ඉන්නෙ නරලොව හොල්මන් දැකපු ගානට

මං හිතුවා....මන්...මං හිතුවා....ඔහොම වෙයි කියලා ...

අමේලි හෝන් එකකුත් ගහන් යන්න යනකොට නොන්ඩි කොට කොට උන්න මං බාප්පට අතෙන් ඇන්නා....

බ්බ්....බ්බ්..බාප්පෙ....

ඒ..කව්ද බන් ඒ විසකුරු මල....

ය්ය්...යෝ.බ්බ්..බාප්පෙ...ඒ මගෙ....ය්..යාලුවා.....ඒ මගෙ....

උඹට කව්ද මෙච්චර ලස්සන යාලුවො උන්නෙ නෑනෙ.....

ය්ය්...යෝ...හ්.....බ්බ්...බ්බා....ප්පේහ්.....හ්හ්....!!!

අප්පටම....සිරි.....ඒ කියන්නෙ.....ඒ සංධීරයගෙ අක්කගෙ කෙල්ල.....!!!!

කව්ද යකෝ දන්නෙ....නාකි බෑනට මෙච්චර ලස්සන බෝනික්කියක් ඉන්නවා කියලා...

පොඩ්ඩක් හිටපන් ....පොඩ්ඩක් හිටපන්....දැන්....ඒකිගෙ බාප්පා....අපේ බෑනනෙ....හරි....

මම ඔලුව ගහන් උන්නා...මට දැන් විකාර වගේ...මට පිස්සු වගේ.....අමේලි යන්න ගියාට පස්සෙ අව්වෙ කර වෙවි...ඒ කව්ද...කාගෙ කව්ද..මොකීද...මොන ලෝකෙන් පාත් උන එකීද කියන්න මම වරුවක් විතර ගොත ගහලා ගොත ගහලා කිව්වා වගේම අවසානෙදි අව්වෙ ඉදන් අලගිය මුලගිය තැන් කියපු මට කලන්තෙට වගේ ආවා.....

අවසානෙදි සුදු මූන රතූ වෙනකොට අවු පූටකේ මගෙ තොල කට වේලලා ඇරියත් මනමාල කම ඉහට ගහන් උන්න බාප්පා නම් සෙව්ල පෙරාගන උන්නා වගේම අවසානෙදි වලලු කර පිට්ටු බම්බුවක් වගේ ඉදිමිලා එනකොට මම බාප්පගෙ කන්දොස්කිරියාව මැදම ගිහින් මන් ජීප් එකේ ඉදගගත්තා...එතැන් පටන් මේ වෙනකම්ම බාප්පගෙ මාතෘකාව

අමේලි...අමේලි...අමේලි විතරක් නෙවෙ වෙනදටත් වඩා සංධීර්ට ආදරෙන් කතා කෙරුවා .....

කෝ උඹ අහන්ද ඉන්නෙ...

ය්...යෝ...ඔ..ඔව්....අප්පා.....

අහන් නම් ඉන්නෙ තෝ ගොලුවා වගේ ඉන්නෙ කතා කරකො.....

ම්ම්ම්හුක්...ම්ම්..මොන....ක්..කරදරයක්ද....අ...අ....අ

අ....අ..අ...නෙවෙ....දැන් උන්ගෙ බාප්පා...ඇවිල්ලා....අපේ බෑනනෙ.....නේ...

ඉ...ඉ..ඉතින්...

දැන් ඔය කොච්චර කිව්වා උනත් උඹ යාලුවෙලා ඉන්නෙ තාත්තා කියන්න ඕන

වයසෙ එකෙක්ට නෙ....හරි....ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කොල්ලා....ඒකට වයස ගාවගන්න බෑ...ආදරේ කියන්නෙ බන්...ආදරේට....

යෝහ්....සංජීර්....ම්හුක්...සංජීර්ගෙ කොල්ලට බාප්පා වද දෙනවනේ...

කොච්චර කොහොම මගෙ සතුටට ඉඩ දෙන්න ඕනා කියලා බාප්පා කිව්වා උනත්...අද වෙනකන් අම්මා තාත්තා වත් බාප්පා වත් සංධීර් ගැන වචනයක් වත් කතා කෙරුවෙ නැති තරම් වනකොට අද බාප්පා සංධීර්ට පුදුම ආදරයක් දක්වන්න ගත්තා.....

නෑ බාප්පා සංධීර්ට පුදුම තරම් ආදරෙයි...ඒත් ..අද නම්...ඒක ඕනාවටත් වඩා වැඩී කියන්නෙ මට මගෙ මිනිහව බාප්පා උදුර ගනී කියල හිතුනා....

බාප්පා කියවනවා ආදරේට වයස අදාල නෑ කියන එක දැන් මන්තරයක් මතුරන්නා හා සමානවම මතුරනවා...මම මගෙ ඉදිමුන කකුල ශීට් එක උඩට අරන් බාපගෙ අඩෝ වැඩියාව අහන් ඉන්නවා.....

දැන් ...උඹ යාලුවෙලා ඉන්නෙ ඒකිගෙ බාප්පා එක්ක.....හරි.....

ඉ..ඉ..ඉතින්.....

ඉතින් කියන්නෙ...ඉතින්....උඹගෙ බාප්පා යාලුවෙන්න ඕනේ.....බෑනගෙ දුව එක්ක නෙවෙද....???

ය්ය්...යෝහ්...බ්බ්...බාප්පෙහ්.....බ්..බාප්පෙ...හ්...බ්බ්...බාප්පේහ්.......!!!

මං කෑ ගැහුවා...මන් ඉදිමුන අන්ඩත් උස්සන් ගිරියෙන් කෑ ගැහුවා...බාප්පා හදන්නෙ අමේලිව අල්ල ගන්න.....ඒවා කොහෙද......

මොකද කෑ ගහන්නෙ උඹ ....

බ්බ්..බාප්පට ....ප්..පිස්සුද....ප්..පොඩි කෙල්ලො....ප්..පස්සෙ....ය්..යන්නෙ....ආ...බාප්පෙ.....ල්..ලැජ්ජා....න්..නැද්ද...ආ....

බාප්පෙ...??

ලැජ්ජා....මොන මගුලට ලැජ්ජා වෙන්නද.....දැන් උඹ ලැජ්ජා නහරෙ කපන්ද අරූ එක්ක ගියේ ණෑනෙ...අනේ මේ නිකන් ඉදපිය.....

ම්ම්ම්හුක්.....අ...අ..අනේ....බ්..බාප්පෙ....ම්ම්..මගෙ....අ..අමේලිව....බ්..බාප්පට....හ්..හරියන්නෙ....නෑනෙ.....හ්

ඇයි ...මගෙ මොන අඩුපාඩුද?නිකන් හිටු.....මිනිස්සු කොහෙවත් ගැලපෙන්නෙ නැ...අපි ගලපගන්නවා මිසක්.....නාකි බෑනා මට අකමැති නම්...ඌට කියපන් ...අපේ පැත්තෙනුත් ඌට දෙන්න උන් නෑ කියලා ....

ඇ...ඇ...ඇ..ඇයි.....ඒ.....

ඇ ඇ..ඇ...නෙවෙ...කටවහපන් ...කට වහපිය....ඇගේම හයිය කටට ගිහින්....

මං අහක බලාගත්තා ..මං ගස්සලම අහල බලා ගත්තා...අමේලිට කියන්න ඕනෙ අපේ බාප්පගෙන් පරිස්සම් වෙන්න කියලා .....මූ එච්චර හොද එකෙක් නෙවෙ කියන්න ඕනා...ඇරත් ඇයි යකො...ඒකි පොඩී නේහ්....

හිතින් බැන පුපුර පුපුර උන්න මම බාප්පා දිහා හොරාවට බලනකොට බාප්පා මොකූත්ම දන්නෙ නැති එකා වගෙ සිංදුවක් මුමුනන ගමන් තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් උන්නා...

බාප්පගෙ ලොකු....අතපය වල තරම...

මට වෙනදටත් වඩා බාප්පව අද ලොකුවට පේන්න ගන්නකොට එක පාරම මගෙ මනස දහ අට දන එකක් උනා...මට අමේලිවයි බාප්පවයි මැවි මැවි පේන්න ගත්තා...

ශික්කෙ...හ්...

අනේ බාප්පෙ...උඹ නටපන්...මං නම් මේක වෙන්න දෙන්නෙ නෑ...

යෙවීන්.....

ම්ම්ම්....

උඹට අරූව බලන්න යන්න ඕනද....

ස්ස්....ස්...සංධීර්ව.....??

ම්ම්ම්ම්...ඔව්...

පුලුවන් තරම් අනම් මනම් කිය කිය මාව අවුස්සපු බාප්පා සෑහෙන වෙලවක් යනකන් සද්ද නැතුව ඉදලා අනිත් පාර මගෙන් සංධීර්ව බලන්න යන්න ඕනෙද ඇහුවා.....

අනෙ දෙවියනේ....ආස නැත්තෙ මොකාද.....ඕනකම නැත්තෙ මොකටද.....සංදීර්ව දකිනවා කියන්නෙ හාවා හද දකිනවටත් වඩා අමාරු දෙයක් වෙනකොට අනේ මට මේ දැම්ම මගෙ

සංදීර්ව බලන්න ඕනා උනා....මං කෑ ගැහුවා....ඔව් ඔව් ගගා මැරෙන්න හැදුවා

අ..අනෙ...බ්..බ්බ්..බාප්පෙ..අනේ...අ..අනේ...

පොඩ්ඩක් හිටපන් රොමේනයා ඇවිත්ද බලන්න උඹ හිතුවද මං හනුමා කියලා කියන තත්පරේට උඹව අරන් යන්න...

හ්හ්...හා...ඉතින්....

මම කොන්ඩෙ හදා ගත්තා...අනේ මං මගෙ ඇදුම හදා ගත්තා.....වෙන මිනිස්සු තමන් ආදරේ කරන කෙනාව බලන්න යනකොට දැනෙන සතුටම මට දැනෙන්න ගත්තා...

මගෙ ආදරේම කූඩු කරපු එකක්...ඒත්...අනෙ මම ඒ ලැබෙන විනාඩි ගානට ඒ වයසක ඇස් දෙක ගාව කප්පරක් තරම් ආදරේ හෙව්වා.....අනෙ ඒ විනාඩි ගානට ඒ වයසක ඇස් දෙක කප්පරක් තරම් ආදරෙ දුන්නා....

දෙතොල් සිප ගැනීම් නැවතිලා අවුරුදු දෙකකුත් පහු වෙන්න එනවා.....නහර පෑදුන කකුල් ගාව දනගහල වදින තැනදි උරහිස් තදින් අල්ලන අත්වල රලු බව මටම දැනෙනකොට හිස්මුදුන යන්තමට තියන හාදුව එක්ක ඊලග හමුවීම් වාරය එනකන් මම හුස්ම ගන්නවා....

නිකන් නෙවෙ...කාටත් හොරාවට

හූල්ල හූල්ල.....

මම ශීට් එකට ඕලුව තියා ගත්තා.....වැලිකඩ පාර.....මට මේ පාර දැන් ඇස්වහන් උනත් යන්න පුරුදුයි....මොකද....අවුරුදු දෙකක් තිස්සෙ මම මේ පාරෙන් යන හැම දාකම එකම හෝල්ට් එකක් වත් මගනෑරම හිතේ තියාගත්තා .....

එයා මං එනකන් බලන් ඉදීවි...

එදාට වඩා අද වයසට ගිහින් ඉදීවි.....

ලුනු ඇඹුල් නැති කල්දේරම් බත....

කූඩු උන ජීවිතේ...මේ හැම දේම එක්ක මගෙ සංධීර් එලියට එන දවස ගැන හිත හිත තනියෙන් අඩනවා ඇති.....

එයා මට කියලා දෙනවා....තාප්පෙන් එහා ලෝකෙ ගැන....කිරිසප්පයො පවා ඉන්නවලු....බඩින් උන්න අම්මලා කූඩු වෙච්ච තැන්වල.....දරුවො ඉන්න අම්මලා කූඩු වෙච්ච තැන්වල...දාලා එන්න කෙනෙක් නැති කමට...කිරි සප්පයො පවා මේ තාප්පෙන් එහා ඉන්නවලු.....

ඒත්..එයාලට එයාලගෙ අම්මලා ගාව ඉන්න පුලුවන් අවුරුදු පහලු....එතනින් පස්සෙ අරන් යනවලු....අනේ....අවුරුදු පහයි....පහෙන් පස්සෙ අම්මගෙ දඩුවම් කාලෙ එනකන් පරිවාසෙන් බලා ගන්නවා කියන්නෙ.....

අම්මෙ ඉන්නම ඕනා කාලෙ...අම්මෙක් නැති උනාම....

තාප්පෙන් එහා ලෝකෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ වැලපීම් විතරලු...

සමාව ගැනීම් විතරලු....

මනස්තාපනේ වීම් විතරලු.....

උදෙ හය වෙනකොට නැගිටින්න ඕනලු....

සමහරක් ඇතුලෙ වැඩ කරනකොට ...සමහරක්ව එලියෙ වැඩට අරන් යනවලු....

කම්මල් පාටිය....විවීමෙ පාටිය කියලා වැඩ බිම් තියනවලු...බර වැඩ සහිතව සිරදඩුවම් නියමවෙනවා කියන්නෙ මේ කම්මල් පාටියටලු.....කම්මල් වැඩලු....

මගෙ සංධීර් ඉන්නෙ වෙන තැනකලු...එයාලා කරන්නෙ වියන වැඩලු....පන් වට්ටි....ඉදල්....අනම් මනම්...ඔයවගේ දේවල් හදන්නෙ එයාලලු...ඒ හැම දෙම එයාලාගෙම පාවිච්චියටලු...සමහරක් පිට විකුනනවලු.....

විවීමේ පාටිය ඇතුලේ රෙදි වියනවලු....

මරන දන්ඩේට නියම වෙච්ච මිනිස්සු අදින කොටු කොටු ඇදුම ඒ විතරක් නෙවෙ....පොලිස් කාකි ඇදුම පවා එයාලා මහනවලු...ඉංග්‍රීසි උගන්නවලු....

මරන දන්ඩනේ නියම වෙච්ච කෙනාට පවා උගන්නවලු...මොකද....ඒ හැමෝම විශ්වාස කරනවලු අභියාචනේකින් වත් ජනපති සමාව හම්බ වේවි කියලා...

එන දවස ගානෙම මගෙ සිනිදු අතට ඒ රලු අත පටලවගන්න සංධීර් මට කියන්නෙම තාප්පෙන් එහා ලෝකෙ ගැන වෙනකොට මම කවදාවත් තාප්පෙන් මෙහා ලෝකෙ ගැන තියන ලෝකෙ ගැන කිව්වා උනත්..මම කවදාවත් හිනා උන බවක්...රස නහර පනගස්සන කෑමක රසක්වත් කිව්වෙ නෑ...

මං.කොහොමද කියන්නෙ දෙයියනෙ..රහක් ගුනක් නැති කල්දේරම් බත ගිලින එයාට මම කොහොමද අපි ආසම කරන දෙවල් ගැන කියන්නෙ...

තාප්පෙන් පිට මිනිස්සු රස්සා කරලා පිටිපස්සට බින්දු තුනක් හතරක් එන ගානක් අතට ගන්නවා වගේම තාප්පෙන් ඇතුලෙ ඉන්නමිනිස්සුත් පඩියක් ගත්තලු.....

හිර බත් කන්න පටන් අරන් මාස හයක් ගෙවෙනකොට දවසට සත පනහක් දෙනවලු...අවුරුද්දක් යනකොට ඒක රුපියලක් කරනවලු....අවුරුදු දෙක පැනපුවහම එක රුපියල් 2.50ක් කරනවලු...දෙකයි පනහෙන් පස්සෙ කිසිම වැඩි කිරීමක් නෑලු....මං ඔය හැම දේම අහන් ඉන්නවා....ගානක් නැතුවම සල්ලි අතපත ගාපු එයා දැන් ඔහෙ ඉන්නකොට මගෙ පපුව ඇදුම් කනවා....

මාර්ග සංවරධන ඇමති කම හම්බ උන සිල්වා කාරයා පුලුවන් තරම් යටි මඩි ගහනවා....

සුදු මහත්තයා...

.....

කොල්ලා...

...

කොල්ලො....

අ..ආ...හ්.....

බැහැපන්...මොන ලෝකෙද ඉන්නෙ

මං පියවි සිහියට ආවා.....අපේ ඇස්වලින් හංගල තියන සංධීර්ගෙ ලෝකෙ ගැන හිතන්න ගිය මට පියවි සිහිය නැති වෙලා ගිහින් තිබුනා....

ඈතට වෙන්න පේන බන්ධනාගාර තාප්පෙ....අම්ම කෙනෙක් බබාව වඩාගන ඉන්න චිත්‍රේ.....

ඒ ඔක්කොමත් යටින් හැඩ වෙන්න ලියපු අකුරු වලින් ලියලා තිබුන "සිරකරුවෝද මනුශ්‍යයෝය " කියන වචන එක්ක මම අදත් තාප්පෙන් එහා ඉන්න එයා ගැන හිතුවා.....

උඹට ඇවිදින්න පුලුවන්ද ?

ම්ම්ම්.....ප්ප්...පුලුවන් ....

කෝ පෙන්නපන් බලන්ඩ අන්ඩ

බිමට බැහැපු මගෙ කකුල දිහා බලපු බාප්පා කලිසම උස්සලා බලනකොට වලලුකර ගාව ඉදිමිලා තිබුනා...

ඉදිමිලා...යනකොට ෆාමසියෙන් මොනවා හරි ගන්න මතක් කරපන්...

ම්ම්ම්ම්

පොඩ්ඩක් ඉදපන් රොමේන්ට කෝල් එකක් දාලා බලමු කොහෙද කියලා ...උඹයි මායි ගියොත් වෙන්නෙ හිරබත් කන්න.....

බාප්පා සාක්කුවෙ තිබුන සංග්ලාස් දෙක දාගන ඵෝන් එක කොටනකොට සංග්ලාස් තියා ඇල්ටොත් නැති මම අවු සැරට ඇස් හීනි කරන් අපේ මග පෙන්නන දූතයා එනකන් බලන් උන්නා....

සංධීර්....මම අදත් උඹව බලන්න ආවා මගෙ සංධීර් ...

මන් හිතින් මිමිනුවා .....ඒ එක්කම කලුපාට පොරවන් ඉන්න රොමේන් බර අඩි තිය තිය අපි ඉස්සරහට එනගමන් අපිට අත වැනුවා .....ඒ තුන්දෙනාම අදින්නෙම කලු....උදාන කවදාවත් කලු ඇන්දෙ නෑ ..ඇන්දත් හරි කලාතුරකින් වගේම කලු පාට විතරක්ම ඇන්දෙත් නෑ....එයා ඇන්දෙම හරි හිත නිවන පාට....කොයි වෙලාවෙත් ලාවට හිනා වෙන ගමං උන්න උදානගෙ ඇස් වල හරි කරුනාවන්ත කමක් තිබුනා.....උදාන ගාවින් රොබිනව තිබ්බම මලක් ගාව ඉන්න මකුනෙක් වගේ කියලා හිතෙන තරමට රොබිනගෙ මූන මහ මදාවි පාටක් පිරිලා තිබුනා.....

ඇබිත්තමා.....කොහොමද විභහගෙ.....

හ්හ්...හොදයි....

හොදයි කියන්නෙ..ලේසිද...අමාරුද....

ම්ම්ම්ම්....ල්ල්..දෙකම....

හැම දාම වගේ මගෙ කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරපු එයා මගෙන් විභහගෙ ගැන අහන ගමන් අපි දෙන්නව අදත් වෙනදා යන පාරෙම්ම එක්ක ගියා....මග දුරක් ගියපු මම රොබිනගෙ අතින් අල්ල ගත්තා.....

මොකද....

ර්...ර්..රොමේන්....දැන්.....ද්..දවල්ට....ක්..කන....වෙලාව.....අ...අපිට....බ්..බත්...එකක්...ගෙනියන්න...පුලුවන්ද ....

මට මහ වේදනාවක් දැනුනා...ගොඩකට උයන කෑමක කිසි රසයක් නැති බව දන්න මට එයාට මගෙ අතින් බත් කටක් කවන්න හිතෙනකොට මම රොමේන් දිහා බලලා බත් පැකට් එකක් අරන් යන්න පුලුවන්ද අහනකොට එයා ටික වෙලාවක් බලන් ඉදලා ඔලුව හොලවලා අපි දෙන්නවම තියලා ඉස්සරහ කඩේකින් බත් එකක් ගෙනවා...

අ..අනේ....ක්ක්..කූරු ගාන්න එපා....ක්..කියන්න...රොමේන්....ස්..සතෙක්ට....න්..නෙවෙනෙ...ගෙනියන්නෙ...

මම ආයම රොමේන්ට කතා කෙරුවා ...ඇත්ත.....ඇතුලට ගෙනියන හැමදේම උන් කූරු ගාල බලනවා...ඒත් අවුරුදු ගනන් හිරේ තපින නැත්තන් එලියට යනවට වඩා වේගෙන් ආපිට ඇතුලට එන " අයියලා" කියන කාර්ඩ් එක වැදුන සමහර හිරකාරයො ගාව ජේලර් මහත්තුරු පවා දන නැවුවා...මොකද...මැරයො උනත් උන්ට ඇමති බලය තිබුනා....

ඇමති පුටුවට එන සමහරක්ට විශේශෙම්ම සිල්වා වගේ උන්ට උන්ගෙ තැන තියා ගන්න නම් මැර බලෙ නැතුවම බැරි වෙනකොට උන්ගෙන් එකෙක් ඇතුලට ගියහම උන්ට එලිය ඇතුල කියලා වෙනසක් නොදැනෙන තැනට උන් උන්ගෙ කූඩු තියන් උන්නා...

ඒත් අපි වගේ මිනිස්සු යනකොට උන් ගෙනියන බත් පත සම්පූරනම කූරු ගාල බලනවා මත් පෙති මත් කුඩු තියනවද කියලා ....

මොනවා කරන්නද.....හැමෝටම බෙදන හැන්ද එක වගෙ නෑනෙ.....

මම රොමේන්ට බත් එක කූරු ගාවන්න එපා කියනකොට එයා එතන උන පොලීසියෙ මනුස්සයට මොනවා හරි කියල අර බත් පැකට් එකට අතක්වත් නොතියම මට ගෙනත් දෙනකොට මගෙ අත්වලින් ඉව්වෙ නැති උනත් මගෙ අතින් කවන්න බලන් උන්න මම ඒ බත් එක තූරුල් කර ගත්තා ...

වෙනදා වගේම...වෙනදා තැනම....එයා එනකන් මම බලන් උන්නා....ඈතින් පේන දොර දිහා මම ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.... පාන්ඩු පාට කොට කලිසම....පොල්ගහ ලකුන මැකුන....දැන් සිමෙන්තියෙ සිතල පවා යටි පතුලට දැනෙන තරමට ගෙවුන රබර් බාට දෙක...පැනිපාට උඩ ඇදුම ඇදන් පොලිස්කරයෙක් එක්ක එයා එනක්න්.මං බලන් උන්නා...

එයා එනවා....

අනේ එයා එනවා....

තත්පර විනාඩි වෙනකොට බාප්පා රොමේන් මට එයා එක්ක ඉන්න ඉඩ දීලා වෙන තැනකට යනකොට අරන් ආව බත් එකේ සුවදවත් ඉව කරන්න බයේ මම එයා එනකන් බලන් උන්නා..

මෙතනට ආවම පපුවට පිස්සු හැදෙනවා.....

මෙතනට ආවම ලේ නහර වලට පිස්සු හැදෙනවා.....

පපුව ගැහෙන ගැහිල්ලක තරම....

ඒ මූන දකින්න එක මොහොතකට කලින් පපුව නටන නාඩගම...

අවසානෙදි ඒ මුන දකිනවත් එක්කම හැමදාම වගේ ඇස් අරින කදුලු නාලිකා.....

අවසානෙදි එයා ඇවිත් මගෙ ඉසරහින් හිටගන්න ඒ මොහොත...

එයා එනවා...

එදා දැක්කටත් වඩා කෙට්ටුද මන්දා.....

ඇදිලා ගිහිල්ලා...

වයසට වඩා වයස පාට වෙලා.....

අනෙ මගෙ රත්තරන් උඹව පරඩැලක් වෙලා ගිහින් මගෙ සංධීර් ....

ඇබිත්තම....

වෙන්දා වගේම මගෙ ඇස් වලින් කදුලක් කඩන් වැටෙනකොට එයා කරගැට දාපු අත්වලින් මගෙ කම්මුලක් අතගෑවා....

රැවුල කැපුවද.....

එය මගෙ කැපුන තැනට ඇගිල්ල තියලා රැවුල කැපුවද අහනකොට මං නිකන් උන්මතකයෙක් වගේ එයා දිහා බලන් උන්නා.....

මදි....මට කොච්චර ඒ මූන දිහා බලන් උන්නත් මදි...

ස්ස්...ස්ස්..සංධීර් ....ම්..මගෙ....න්න්..නලුවෝ

අවසානෙදි මම මිමිනුවා...හරි හිමීට...හරීම හිමීට....වේදනාවත්...දරාගැනීමත්...පාලුවත් මේ හැම දේම එකට කැටි උන කටහඩකින් මම මිමිනුවා...

වේදනාත්මක දරාගැනීම් හරි සුන්දරයි කිව්වට....අවංකවම මට මේ තාක් ඒ වේදනාත්මක දරා ගැනීමෙ සුන්දර තැනක් හම්බඋනේ නැති වෙනකොට මම එයාගෙ නහර පෑදුන අත අරන් මගෙ පපුවට තියා ගත්තා ...

කියන්නකො.....මගෙ ඇබිත්තමට විභහගෙ ලේසිද....නැත්තන්...අමාරුද....

මොනවද කෑවෙ.....

ඇයි දරුවො මේ ඇදිලා ගිහිල්ලා....

යෙවීන් උඹ කන්නෙ නැද්ද

මම එයා දිහා බලාගන උන්නා මිසක් වචනයක් කිව්වෙ නෑ....වෙනදා වගේම අදත් එයා මාව අත ගගා ඇදිල් ගිහින් කියනකොට එයා ගාව ගොලු වෙන මම බත් මුල දිගෑරියා...

ස්ස් සංධීර් ...ම්ම්ම්..මං....ක්..කවන්නද...?

පුලුවන්ද ....

එයා මා දිහා බලල හිනා උනා...ඒ ඇස් දැන් මලනික පාට වෙලා ....සුවද ඉව කෙරුවොත් එයා එන්න කලින් සුවද යයි කියන බයට සුවද ඉව නොකරපු මම අත් දෙක හෝදන් බත්මුල දිගාරිනකොට අනෙ එයා නොදරුවෙක් වගෙ සම්පූරනම මගෙ පැත්තට හැරෙනකොට මං එයාගෙ කාලෙකට කලින්...වාත්තු කෙරුවා වගේ තිබුන...ඊටත් පස්සෙ පරිනත බවක් තිබුන...දැන් තනිකමේ වේදනාවෙන් අසරන වෙච්ච මූන දිහා බැලුවා ....

සත්තයි මගෙ පපුව හෝස් ගාලා ගියා ....

ගින්දර වල රස්නෙ දන්නෙ ගින්දරෙන් පිච්චෙන මිනිස්සු කියලා කියන්නෙ කට කහනවට නෙවෙ වෙද්දි මම බත් කටක් කවන්න කලින් එයාගෙ කටට පපඩම් කෑල්ලක් තියනකොට අනේ එයා කට ඇරියා....

ඇබිත්තම...

ස්ස්.....සංධීර් ....

මං නැතුව උඹට පාලුද මගෙ යෙවීන්.....

උ..උඹ ....න්..නැතුව....ප්..පාලු...බව...දැන...ද්ද්..දැනම.....මගෙන්...ඒ....ගැන...අ..අහන්නෙ...ඇ..ඇයි....මගෙ.....ස්ස්....සංධීර් .....

මම පැත්තක තිබුන මැල්ලුම් ටිකක් අරන් සුදුපාට බත් පිඩ උඩ තියලා වටේම.තිබුන හොදි වලින් ටික ටික ඒ බත් කටට දාලා ඇගිලි තුඩුවලින් අනලා අවසානෙදි මගෙ ආදරෙත් එකතු කරලා එයාට බත් කටක් කවනකොට එයා කට ඇරියා.....

මම ආසයි..මගෙ මුලු ජීවිත කාලෙම එයාට කවන්න...එයාගෙ ළඟින් ඉන්න....මට ආසයි...එයාගෙ අත්වල හම එල්ලෙනකාලෙ උනත්.....ආදරෙ අඩුව නැතුවම දෙන්න...කොටිම්ම.....සංසාරෙ කෙලවර වෙනකන්....මේ අත තදින් අල්ලන් ඉන්න......

ස්....සංධීර් ....

මම දෙවනි තුන් වෙනි කට කැව්වා ....එයා හත් අවුරුදුද්දකින් නොකාපු එකෙක් වගේ කවන කවන බත් කටට කට අරිනකොට ඇත්තටම මට මැරිලා යන්න හිතුනා....ඉස්සර කන්න ගන්න හැමදේම පලවෙනි කට මට කවන එයාට අද මට කවන්න අමතක උනා.....බත් පතෙන් බාගයක්ම මට කවන එයාට මට බත් කටක් කවන්න අමතක උනා....එයා කාලා නැතිද .....නැතිනම් ...කන්න බැරි කමටනොකා ඉන්නවද......

සංධීර් මට අමේලිව හම්බුනා කියන්න ගිහිනුත් කට හදපු මම කට පියා ගත්තා මොකද එයාගෙන් මට ඇයි කියලා වත් උත්තරයක් හම්බුන් නෑ...ඒ වෙනුවට එයා කෙරුවෙ කාපු එක වෙනකොට කන එක ඇගට අල්ලන්න මම ප්‍රශ්න නාහම එකම එක බත් ඇටයක් ඉතිරි නොවෙන්න බත් පතම කවලා ඉවර වෙනකොට අනේ එයාගෙ අකිලිල තිබුන බඩ ඇබිත්තක් ලොකු උනා....

"ජාති ජතිත් පින්සිද්ද වෙනවා මගෙ රත්තරන් "

මගෙ ඇස් වලින් කදුලු වැටුනා...අවසානම බත් කට උගුරෙන් පහලට යනකොට එයා මම නොහිතුව වෙලාවක මට අත් දෙක එකතු කරලම පින් දෙනකොට මට වාවන්න බැරි උනා වගේම මමම එයාව ඇදලා අරන් තුරුල් කරගත්තා .....

ම්ම්....මගෙ....ස්....සංධීර් ....අ..අනේ...ම්ම්..මගෙ....ග්ග්..ගාවට.....ව්වරෙන්....ම්..මගෙ.....ස්...සංධීර් ...ම්..මගෙ...ගාවට.....වරෙන්...මගෙ....ස්..සංධීර් .....

ම්ම්....මට...ප්ප්..පාලුයි....ම්..මට....ව්..වේදනයි...ත්ත්...තනියෙන්....ඉ....ඉදලා....මහන්සී.....ස්...සංදීර් ...

යෙවීන්.....

ම්ම්..මට....උ...උඹ....නැතුව....ජ්..ජීවත්....වෙලා....ම්..මහන්සී....මගෙ...ස්...සංධීර් .....

මම ඇඩුවා....එන හැමදාන එයා ගාව අඩන මම මට තනියෙන් ජීවත් වෙලා මහන්සී කියලා අඩනකොට එයා මගෙ ඔලුව අත ගෑවා...

එයා කිව්වා පිපිරුන හිරෝශිමාවෙ පවා මල් පිපුනා කියලා ....ඒත්...මල් පිපුන හිරෝශිමාවෙ ලස්සන අද මිනිස්සු දැක්කට...මල් පිපෙන්න කලියෙන් විදපු වේදනාව දන්නෙ හිරෝශිමාව විතරක්ම වෙනකොට ....මමත් අද ඒ වේදනාව අඩුවක් නැතුවම විදවන ගමන් උන්නා...හැම රැකම කාටත් හොරෙන් ඩයරියෙ ලියවෙන අකුරු උඩට වැටෙන කදුලු බිංදුවල තිබුන ගින්දර ගැන දන්නෙ මම විතරක් වෙනකොට අනේ උඹ එන්නෙ කවදද කියලා මම හැම රෑකම ඇස් පියාගන්න කොට වගේම පියවපු ඇස් අරින හැම උදේකම හිතනවා...

ඇබිත්තම ...

ස්ස්....ස්ස්....සංධීර්....අ...අපි...දුරින්....ඉ..ඉන්න....ඕන...උන්...නෙවෙ....ස්..සංධීර් ...ම්..මට....ව්ව්..වේදනාවයි

නාඩා ඉන්නකො...උඹ අඩනකොට මටයි වේදනාව යෙවීන්....මගෙ යෙවීන් අඩනකොට මේ ලස්සන ඇස් කැතවෙනවනෙ...ම්ම්ම්ම්....

.....

මේ නාකි මිනිහගෙ ඇස් පේන්නෙ නැති දාට උඹ එපැයිනෙ මට පත්තර පිටුවක් වත් කියලා දෙන්න....කෝ ඉතින්....අඩන එක නවත්තපන්කො ඇබිත්තම.....

එයා මගෙ ඔලුව අත ගෑවා.....අඩන්න එපා කිය කිය ජප කෙරුවා ...ඒත් එයා අඩන්න එපා කිය කිය කියන වචන එක්ක මට තවත් ඇඩුනා....

ස්ස්...සංධීර් ....

ම්ම්ම්...කෝ බලන්න මගෙ කුකුල් පැටියගෙ මූන...

මම එයාගෙ නහර පැදුන අත් දෙකම ඉඹගන්නකොට එයා ලාවට හිනා උනා..

අ...අමේලිව...

හම්බුනාද...

ඔ..ඔයා....එ....එයාට....අ...අපි....

ම්ම්ම්...මගෙ...ඇබිත්තමට...බාප්පා වගේ තමා...එයාට මම...

ත්ත්....තව.....අ..අවුරුදු ත්ත්..තුනහා...මාරයි.....ස්..සංධීර් .....

ම්ම්ම්.....හැමදේම හොදින් වෙයි ....හැමදාම....එකම මනුස්සයට වරදින් නෑ යෙවීන්...හැමදාම...එකම මනුස්සයගෙ ඇස් වලින් කදුලු ගලන්නෙ නෑ...කොතනක හරි සැනසීමක් ලියවිලා තියනවා....හැබැයි...ඒ සැනසීම මැරෙන මොහොතට කලින් හොයා ගන්න වෙනවා යෙවීන්...ඒකයි ජීවිතෙ කියන්නෙ....

මං දන්නවා....උඹට මම ළඟ ඉන්නම ඕනා කාලෙ මම නැති උනා...ඒත්...මොන තරම් දුරින් උන්නත්...උඹ මට දීපු මතක ගොඩයි මගෙ ඇබිත්තම....ඉතින්...ඒවම මදිද.....උඹ නැතුව....උඹ එක්ක හුස්ම ගන්න.....ම්ම්ම්ම්ම්.....

මං ඉල්ලන්නෙ එක දෙයයි.....ප්‍රවේසමෙන් ....මොන දේ කෙරුවත් ....උඹ ප්‍රවෙසමෙන් මගෙ යෙවීන්.....අවුරුදු දහයක් හිරබත් ගිල්ලලා ආවත්...ඒ එනකොට උඹ නැති උනෝතින් ...ඊට වඩා මට එල්ලුම් ගස් යන එක සැපයි මගෙ යෙවීන්....

මම අහන් උන්නා...මගෙ ඔලුව අත ගගා එයා සැරින් සැරේම බර හුස්ම ගන්න ගමන් මට ප්‍රවේසමෙන් කියනකොට අදත් මගෙ ආදරේට හෙනහුරා පාත් වෙන්න ගන්නකොට අනේ මාව දාලා යන්න එපා සංධීර් කියන්න මම ඒ අත්වලින් එයාව බදාගත්තා ...

අට දරන්නම බැරි තැන මේක....

එයාව බලන්න යනකොට සන්තෝසෙන් පිස්සු නටන හිතම එයාව මගෙන් උදුරන් යනකොට කම්පාවෙන හැටි දන්නෙ මම විතරක් වෙනකොට මම එයාව මිරිකන් බලාගන ඉන්නකොට එයා යන්න නැගිටල.මා දිහා බැලුවා...

ඇබිත්තම ...

ස්ස්....සංධීර්

උඹට මගෙ ආදරේ විශ්වාසයි නේද...

ම්ම්..මටත්....වඩා....මගෙ....ස්..සංධීර් .....

එහෙනම්....අදින්....පස්සෙ .....නෑවිදින් ඉදින්....

ස්ස්...ස්...සංධීර් ...අනේ...

එයා පොල්ලෙන් ගහන්න වගේ එකපාරම මට ආයම එන්න එපා කිව්වා...ගෙවුන අවුරුදු දෙක පුරාවටම මේ මූන යන්තන් යන්තන් බල බල හුස්ම අල්ලපු මට එයා ආයම එන්න එපා කියනකොට මට නිකන් එයා මාව එයාගෙම අත්වලින් මරල දැම්මා වගේ දැනෙනකොට මම කෑගැහුවා.....

ම්ම්..මට.....ත්ත්....තියන....එ..එකම....ස්..සැනසීම....න්..නැති...කරන්න...එපා....ස්..සංධීර් .....ම්ම්..මට.....තියන....එකම....ස්..සැනසීම...උ..උඹව....බ්..බලන...එ...එක....ඒක...මගෙන්....උ..උදුරගන්නෙ...ඇයි....ස්..සංදීර්

මට උඹගෙ ඇස්වල කදුලු බලන්න හයිය නැති හන්ද යෙවින් ....උඹ මෙහෙන් යන්නෙ කදුලු හල හල...උඹ ගියහම....උඹ ගියහම අඩපු උඹ ගැන හිතනකොට මට සැනසීමක් තියනවද යෙවීන්.....

ස්ස්....ස්ස්

ශ්ශ්...මට දරාගන්න බැරි කමක් නෑ...ඒත් ඔය ඇස් මට තව අඩවන්න බෑ යෙවීන් .....උඹගෙ පොඩි වයසට උඹ ඕනාවටත් වඩා ඇඩුවා .....උඹ මාව බලන්න ආවට....මට හිතේ නිදහසින් උඹව තුරුල් කරගන්න බෑ.....උඹට ආදරෙ කරන්න බෑ...යන්න යන මොහොතේ උඹ ඇස්වල.කදුලු පුරවගන්නවා....මට හිගන්නෙක් වගේ උඹ ඉස්සරහට එන්න හිත හදාගන්න අමාරුයි මගෙ යෙවීන්.....මං...දන්නවා....මං...මොන තත්වෙන් උන්නත්...උඹ මාව අතාරින් නෑ කියලා ...ඒත්....ඒත් යෙවීන්.....උඹ තාම නොදරුවෙක් ...මේලොකේ මොකාට උඹ ලොකු උනත්...මට එහෙම නෑ මගෙ යෙවීන්...පින් අයිති වෙයි.....ඔය කදුලු පෙන්න පෙන්න මාව අසරන කරන්න එපා මගෙ යෙවීන් ....

එයා අසරනයි...කිසිම බලයක් නැතුව උන්න එයා මගෙ කදුලු ගාව අසරන වෙනකොට අන්තීම විනාඩියෙදි මම අදත් ඒ කකුල් ගාව දනහගන්න හදනකොට එයා මාව අල්ල ගත්තා.....වදින්න නොදි මාව තුරුල් කරගත්තා ....

හැම දේම හරියන දවසක් ඒවි මගෙ ඇබිතතම...ඒ දවස ආවම....ඉස්සර වගේම උඹගෙ නලුවා උඹව බලාගන්නම්....පුලුවන් නම්...දැනට....මගෙ ඇබිත්තමව බලාගනින් මගෙ යෙවීන්........

යෙවීන්....

......

යෙවීන්....

.....

යෙවේ...න්න්

අ...ආහ්....

මේ කෝපි එක...

මම උන්නෙ පොත දිහා බලාගන....ඒත්....අවංකවම කිව්වොත්....මගෙ ඇස් දෙක තිබුනෙ පොත උඩ උනත්....මගෙ හිත තිබුනෙ සංධීර් ගාව.....

අවුරුදු තුනක්...

මම එයාව අවසානෙටම දැක්කෙ අවුරුදු තුනකට උඩින් ......

ඒත්....ඒ මතක....අද වගේ.....

එයා මට තහංචි දැම්මා.....එයාව බලන්න එන්න එපාය කියලා....තව හරියටම මාස හයයි....මේ හැම දේම ඉවරයි.......

එදාට....එදාටවත් එයා ආවොතින් ....

ඔය රැවුලවත් කපන්නෙ නැද්ද ...

මහ පාන්දර දෙකයි.....මගෙ ගාවින් ඉදගත්තු අමේලි කෝපි එක මගෙ දිහාවට තල්ලු කරලා වැවිලා තිබුන රැවුලෙන් ඇදාලා රැවුල කපන්නෙ නැද්ද අහනකොට මම ඒකි දිහා බැලුවා ....

අපි දෙන්නම උන්නෙ සංධීර්ගෙ ගෙදර .....

අපි දෙන්නම බාගෙට බාගයක් ජීවත් උනේ මගෙ සංධීර්ගෙ ගෙදර ....මට එයාව බලන්න එන්න එපා කියපු දා ඉදන් මම මගෙ සංදීර්ගෙ ගෙදර ජීවත් වෙන්න්න් ගත්තා.....මූනෙ තිබුන හැම හැගීමක්ම මැරිලම යන්න ගියා....අහන දේකට ඔලුව හොලවනව ඇරුනම මම ජීවත්වෙනවද කියන්න තිබුන එකම සාක්කිය ඇහිපිල්ලම් ගහන එක වගේම හුස්ම ගන්න එක ඇරුනම මුලු ලෝකෙම්ම හැංගෙන්න හදපු මම අන්දකාරෙට ඇබ්බැහි උනා...හරියටම මගෙ සංධීර් මේ ගෙදර උන්නා වගෙ.....

යෙවීන්...

...ම්

හෙට නත්තල්.....

ම්....

ඔය රැවුල කපලා හෙටවත් ගෙදර යනව යෙව්න්.....

....

බලනවා මේ ගෙ අස්සෙ ගද.....ඌරෙක් වගේ ජිවත් වෙන්නෙ....ජනේලයක් දොරක් අරින්නෙ නෑ...සිගරට් ගද හැම තැනම...

....

තමුසෙගෙ ජොක්කු හැම තැනම මේවා අස්කරනවකො

........

ඊටහපන් කුකුල් ගූ ගේ අස්සෙ ඇත්තමයි මං උඹගෙ කිකිලිව හෙට මස් කරනවා...

.......

යෙවීන්....!!!!

ම්ම්ම්ම්ම්

මම එයා දිහා බැලුවා.....එයා බනිනවා...හරියටම මම ඉස්සර සංධීර්ට බැනපු විදිහටම....ගෙට නත්තල්ලු.....එයාට...එයාට නත්තල් අවුරුදු මංගල්ල..උපන්දින මොකුත් නැතුව මට මොන නත්තල්ද.....

මම බල බල උන්න්න් පොත වහලා දාල එයා හදපු කෝපි එක අතට ගන්නවා එක්කම එයගෙ ඵෝන් එකට මැසේජ් එකක් ආවා....ඒකි ඵෝන් එක අරගන වෙන පැත්තකට ගියා....

මං දකිනවා...ඒකිගෙ ඵෝන් එකට මැසේජ් එකක් එන හැම වෙලාවකම ඒ මුනට හිනාවක් ඇදෙනවා...

ඒකි කාට හරි ආදරේ කරනවද.....?..

කරනවා ඇති....ඒත්...කව්ද...???

මම මේසෙ උඩ තිබුන කෝපි එක අරගන එයා ගිය දිහාවට යනකොට එයා කුටු කුටු ගගා උන්නා...

ඇයි මේ පාන්දර නැගිටන්...

පිස්සු....දැන් ටිකකට කලිනුත් මා එක්කනෙ උන්නෙ.....විකාර

ම්ම්ම්...එයා ඉන්නවා...මං කෝපි එකක් හදලා දුන්නා....

මට තේරෙන්නෙ නෑ....

මට තේරෙන්නෙ නෑ කියන්නෙ....තේරෙන්නෙ නෑ කියන එක මිසක්...මට තේරෙනවා නම් මම තේරෙන්නෙ නෑ කියන්නෙ නෑනෙ.....?

කරුනාකරලා මම දෙයක් කියනකොට අහන් ඉන්න හරි....ආය ආය කියන්නෙ නෑ....

මම අහන් උන්නා.....ඒකි බනිනවා.....කාටද.....මොකාටද...

අවංකවම ඒකි මට කිව්වෙ නැද්ද....නැත්තම්....සංධීර්ගෙ සිහියෙන් ඉදල මට ඒ දේවල් මග ඇරුනද....

මම කල්පනා කෙරුවා ...ඒකි තව පිරිමින්ට කියලා ආශ්‍රේ කරන්නෙ රොබිනව උදානව බාප්පව විතරයි ...

බැරි....වෙලාවත් ...ඒ.....

කැහ්..කැහ්...කැහ්.....

යෙවීන්...

මට කෝපි එක පිට උගුරෙ ගියා....මේ ලෝකෙ ජීවත් නොවුන මට එක පාරම බාප්පව මතක් වෙනකොට හොරෙන් අහන් උන්න මට කෝපි එක පිට උගුරෙ ගියා වගේම ඒකි ඵෝන් එකත් දාලා.මගෙ ගාවට දුවන් ආවා.....

අ...අමේලි.....එ...ඒ....කව්ද.....

මොනවද.....

ඔ..ඔයා...ඔ..ඔය....ක්ක්...ක්ක්

මම හොර මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑනෙ ඇබිත්තම නේ...

ඒ...එකියන්නෙ...ඔ..ඔයාට....අ.ආදරේ....ක්ක්..කරන්න.....

ඔව්...ඇයි උඹට විතරද පුලුවන් මං කෙරුවොත් කෙරෙන්නෙ නැද්ද?

මට් පොල්ලෙන් ගැහුවා වගේ උනා...වෙන උන් වගෙව් අනේ නෑ...මං ඔයාට කියන්න හිටියෙ...ඔයා මේ සිහියෙන් නෙවෙනෙ උන්නෙ....හැංගුවට සමාවෙන්න ඒකියවිල මොකුත් නෑ....කන පුරවලා අතෑරියා වගේ එයා මට උඹට විතරද පුලුවන් අහනකොට මම ඒකි දිහා බලන් උන්නා.....

මෙච්චර කල් මේ ලෝකෙ ජීවත් නොවුන මම එයාගෙ සමහර වචන එක්ක ආය ආයම පියවි සිහියට එනකොට අවංකවම ඉස්සර උන්න අමේලිගෙ මූන නෙවෙ දැන් තියෙන්නෙ කියන එක මට එක තත්පරේකින් දැනුනා.....ඒක....ඒක...අර කෙල්ලෙක් ගාව තියන හුරතල් පෙනුම නෙවෙ ...ඒක...නිකන් ...කෙල්ලෙක් උනත්.....පරිනත උනාම එන පෙනුමක් වෙනකොට මම අවුරුදු තුනකට පස්සෙ මාත් එක්ක උන්න කෙල්ලගෙ...මටයි කියලා උන්න හොදම යාලුවගෙ...මටයි කියලා උන්න එකම යාලුවගේ සර්වාංගෙම දිහා බැලුවා...

ඒකි....මහත් වෙලා....ගොඩක් නෙවෙ ...ලෑල්ලක් වගෙ තිබුන පපුව චුට්ටක් ඉස්සිලා වගේම මැස්සො බීපු පස්ස වට්ටකා වෙලා තිබුනා.....කොටිම්ම..මට නොපෙනුනාට ඒකිව හැදිලා තිබුනා....

අර කොට කොන්ඩෙ....වැවිලා...

අ...අමේලි...

ම්ම්ම්....

ඔ..ඔයා...අද...ක්..කොහෙ....හරි....ක්..කාව...හ්..හරි .....හම්බෙන්න....ග්..ගියාද??

ම්ම්...ඔව්..ඇයි....

ඔව් කිව්වා.....මේ පාන්දර දෙකටත් එයා ඇදන් ඉන්නෙ හොද ඇදුමක් කියන එක මීටර් වෙනකොට මම තවත් අඩියක් ලගට ආවා....ඇවිදින් ඒ මූන දිහා බැලුවා....

ඇත්ත....ඒකි ගාව සුවදක් එනවා...

ඒ...ඒහ්....යෙවී....න්.....

මම හිතනෙ තතපර දෙකයි...ඒකිටවත් හිතන්න කාලයක් නොදී මන් ඒ බෙල්ල ඉඹලා බැලුවා...ලාවටත් නෙවෙ...මගෙ මුලු මූනම බෙල්ල ගාවට තියලා මං ඉඹගත්තා .....

ඒ ෆර්ෆියුම් එක...

ඒ සුවද...මේක...මේක......

මම එයා දිහා ඇස් හීනිකරන් බලන් උනන...ඒ ෆර්ෆියුම් එක බාප්පගෙ....අවුරුදු ගානක්...කවදාවත් ෆර්ෆියුම් මාරු නොකර එකම එකක් පාවිච්චි කරන බාප්පගෙ ෆර්ෆියුම් සුවද අමේලි ගාවින් එනකොට මොකූත් නොකිය බලන් උන්නා...

අ...අමේලි...ඒ...ඒ...කෙනා....ඒ...කෙනා.....

ම්ම්ම්....හරි...ඔයාට කියන්න දෙයක් තියනවා නම්...හෙට හම්බෙලා කතා කරමු...

හ්..හෙට...හෙට.....මට....ද්ද්....

වෙලාව පාන්දර තුනයි...ඔයාට අවුරුදු තුනක් ඔය දේ ගැන ප්‍රශ්‍නයක් උනේ නැති එකේ....තව පැය තුනහතරක් ඉවසන්න බැරි කමක් නෑනෙ...ම්ම්ම්ම්ම්.....කරුනාකරලා ඔය රැවුල කපලා නාලා පිලිවලකට ඉන්න...මට ගෑනි වගේ තමුන්ව නාවන්නත් බෑනෙ යෙවීන් නේ....?

අමේලි...මට...මට දැනගන්න එ..එකම...දෙයයි..ඒ...ඒ.....අ..අපේ...බ්බ්බ්...බ්බ්....

බොරුවට මහන්සි වෙන්න එපා ඇබිත්තම.....උදේට හම්බෙමු කිව්වනෙ...උදේට කියන්නෙ උදේට මිසක්...මහ පාන්දරට නෙවෙ....හරි...

එයා නෙවෙ මට ආයම කතා කරන්න දුන්නෙ...එයා නෙවෙ මට ආයම ඒ ගැන අහන්න දුන්නෙ.....අතේ තිබුන ඵෝන් එක මේසෙ උඩට දාපු එයා මගෙ අතේ තිබුන කෝපි එක උදුරගන මාව එලවන්න හදනකොට එයාගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා.....

738

දෙවියනෙ...අවසානම ඉලක්කම් තුන...

ඒක...ඒක....ඒ නම්බර් එක.....

බ්බ්....බාප්පගෙ.....

🙂.යසයි කෙල්ලෙ යසයි උඹ.....

යෝහ්...හෙටින් ඉවර කරන්න උන්නෙ.....එකම එක චැපියක් දික් වෙයි....101...න්...වගේ...හයිත......

ආයම....හෙට එන්නම්.....

පයිස්සමින් ඉන්න....

මම...

Ferdeesha ❤️💚😘 .....

More Chapters