මගෙ කොල්ලා....උඹට කවදාවත් වරදින්නෙ නෑ....
...ඒ තාත්තගෙ අම්මගෙ වචන ...අනේ මගෙ තාත්තා උන්නෙ මජන් ඇදුම පිටින් වෙනකොට සුදු ඇදුම ජරා වෙයි කියන බයට මම වදිනකොට එයා අහකට උනා.....
ඒත් මම නෙවෙ ගනන් ගත්තෙ....අම්මගෙ ගාවින් එන දුම් ගද....තාත්තා ගාවින් එන ග්‍රීස් ගද නැති උනා නම්....අවුරුදු දහයක්.....ඔව්....අවුරුදු දයක් මම බඩ පිරෙන්න කෑවෙ කොහොමද ...
විලිවැහෙන්න ඇන්දෙ කොහොමද ....
කොච්චර උනත්.....ඇස්වලට කදුලක් නොදුන්න දෙමව්පියො දෙන්නා.....
මම අම්මව තාත්තව ඉඹගත්තා.....
මගෙ හැම වැදගත් දවසකම මගෙ අම්මා තාත්තා ඉන්න ඕනා.....
.
හරිද....
මම ඔලුව වැනුවා....ලගට ආව බාප්පා මගෙ කොලර් එක ආයම හදලා හරිද අහනකොට මම ඔලුව වනලා බාප්පා පස්සෙන් ආවා....
නැගු නැගු....
න්න්...නගි...නවා....න්..නේන්නම්..අ..අනෙ...
පරිස්සමින් නැගු ආ..වන්ඩිය තාම අලුත්.....
අම්මයි තාත්තයි කට පුරාවටම පරිස්සමින් ගිහින් එන්න කියනකොට බාප්පා විතරක් එයාගෙ යකඩ කද පරිස්සම් කරන් නගින්න කිව්වා.....මාසයක් වත් නෑ...බාප්පත් ජීප් එකක් ගත්තා....තිබුන කාර් එක බොරු කෝටියක් විතර කියලා මායන් හැට හුටාමාරක් දාල ගෑනු පරානෙකට දීලා දාපු බාප්පා ජීප් එකක් ගත්තා ....ඒකත් කලු....හරියටම මගෙ සංධීර්ගෙ එක වගේම.....හරියටම රොබිනගෙ එක වගේම....ඇත්තටම කලු පාට ජීප් තුන එක ගාව තියනකොට එතන වෙනම ගැම්මක් තිබුනා.....
බ්බ්...බාප්පෙ.....
ම්ම්ම්...
ස්...සංධීර්ව ....බ්...බලන්න.....බ්බ්...බැරිවෙයිද.....ක්..කියලා....අ..අහන්නකො...
රොබිනගෙන්
.යෝ...හ්..උඹට දැන් ගියමාසෙත් ඌව බලන්න දුන්නා නේද...?ඔච්චරම මතක් වෙනවා නම් ඒකගෙ අර අපාය පොඩ්ඩක් සුද්ද කරපන්....මමම කරන්න ඔන් නෑනෙ.....
මම බාප්පා දිහා බැලුවා...මට මගෙ සංධීර්ව බලන්න ඕනා උනා...ඒත්බාප්ප කියනවා ගිය මාසෙත් බැලුවා නේද කියලා .....හුස්මක තරම් ළඟින් උන්න මනුස්සයෙක් ඈත් වෙනකොට ...කූඩු කරලා තියනවා කියලා මතක් වෙනකොට මට මාස දෙක තුනකට පාරක්.....විනාඩි ගානක් එයාව බලන්න දුන්නට...ඒ විනාඩි ගාන ඇතිද දෙවියනේ....
..ඇරත්....එයා මම ...මම කෙසේ වෙතත් එයාගෙ සුවද තිබුන ගෙදර එයා නැති බව දැන දැන දොර ජනෙල් ඇරල අස් කරන්නෙ කොහොමද ....හිස් බිත්තියක් දිහා බැලුවත් පේන්නෙ එයාගෙ මූන විතරක් වෙනකොට.....
මම බාප්පා දිහා බැලුවා....කොච්චර කොහොම කිව්වා උනත්....අඩුම ගානෙ වචනයක් දෙකක් කතා කරන්න වත් බාප්පා අවස්තාවක් අරන් දෙයි කියන බලාපොරොත්තුව මගෙ හිත ඇතුලෙ නලියනකොට බාප්පා පුලුවන් තරම් කන්නාඩියෙන් බල් බල එයාගෙ ලොන්ඩෙ හැදුවා....
උඹ ඔය විභහගෙ ගොඩ දාගනින්කො..අර වරුනයත් කිව්වා මතකනෙ.....
ම්ම්ම්.....
බාප්පා දිහා බලන් උන්න මට මා දිහා නොබලවත් බාප්පා කිව්වෙ විභහගෙ ගොඩ දාන්න කියලා.....වරුනත් කිව්වෙ ඒ ටිකමනේ කියනකොට මට වරුනව මතක් උනා.....
අවුරුදු දෙකයි....
වරුනගෙත් මරනෙට අවුරුදු දෙකයි.....
සංධීර්ට කරපු දේම කරල මැරිලා ගියා කියලා හිතන් ඉන්න සිල්වා කාරයා නටන්න පුලුවන් හැම නාඩගමක්ම නැටුවා....ඇමති පට්ටමට යටින් ඉදන්.ඌ කරන්න පුලුවන් හැම දේම වගේම හසා කන්න පුලුවන් උපරිමේමත් ගසා කෑවා...
උන් එහෙන් ගසා කනකොට...මිනිස්සුන්ට දීපු පොරොන්දු මගාරිනකොට මගෙ සංධීර් හිර බත් කෑව වගේම වරුනලා මුලු ලෝකෙටම මැරුන කෙනෙක් වෙලා උන්නා...
කමක් නෑ.....තව අවුරුදු කීයද.....මගෙ සංධීර් එලියට ආවම...ඒ හැම නාඩගමක්ම ඉවරයි....ඊට පස්සෙ හිරබත් කන්න තියෙන්නෙ ඒකට.....
කොල්ලා.....
.....
කොල්ලො.....
ඇ..ඇයි....
කොහෙ සිහියෙන්ද උඹ ඉන්නෙ...මං කියපුවා අහන් නෙ උන්නෙ...
ඔ..ඔව්....ඔව්.....
ඔ..ඔ..ඕ..නෙවෙ.....හොදට හිතලා බලලා උත්තර ලියපන් ආ....
වාහනෙ ඩ්‍රයිව් කරන ගමන් වට පිට බල බල එකට එක ඉස්සරහට කරන්න යන වාහන අස්සෙන් දාපු බාප්පා මට ආයම හොදට බලලා උත්තර ලියපන් කියනකොට මම අහම්බෙන් වගේ සිල්වගෙ කාර් එක දැක්කා....
සිල්වා විතරක් නම් බැරියෑ.....තාත්තගෙ ගෑනිත් උන්නා.....
කිසිම බයක් හැකක් නැතුව ඒකි උගෙ කාර් එකෙ උන්නා වගේම ඵෝන් එ කනේ ගහන් කාට හරි මොන මොනවා හරිඅතින් පයින් කියන හැටි මම බලන් උන්නා.....අවසානෙදි වාහන එකා කාරෙට යන පාරටත් හුස්මක් කටක් ගන්න හිතාගනද කොහෙද ට්‍රැෆික් ලයිට් පත්තු කරනකොට අපේ වාහනේට වාහන දෙකටට ඉස්සරහින් උන්ගෙ කාර එක නැවතුනා.....
බ්බ්...බාප්පෙ.....
ම්ම්.....මොකද ....
අ....ර.....
මොනවද බන්....කෙල්ලෙක්ද??
ස්ස්.....සිල්වගෙ ක්ක්...කාර් එක
කෝ....
අ..අර තියෙන්නෙ.....
මම බාප්පට අරකගෙ කාර් එක පෙන්නුවා.....බාප්පා ඇස් දෙක හීනි කරන් බලන් උන්න වගේම පාර මැද නැවතුන වාහෙනෙන් එක පාරම කුඩම්මා කියන ගෑනි එලිට බැස්සා....
මේකි කොහෙ මගුලෙ යනවද මේ උදෙම්ම....මේකි ආවෙ අර යක්ස කෙල්ලව ඉස්කෝලෙ යවන්න කියලානෙ ..
මම මොකුත් කිව්වෙ නෑ.....අවංක කතාව මට මොකුත් කියන්න ඉඩක් තිබුන් නෑ.....අරකි කොටට කොයෙ මිනි ගවිමක්ද මොකක්ද කියන වහංගතයක් ඇදන් කොරවක්කි වගේ අඩි උස දෙකකුත් දාගන තවම ඉර එලියවත් මෝරපු නැති වෙලේක අව්කනාඩි දෙකක් දාන් බහිනකොට බාප්පා ඉබේටම කතා කරන්න ගත්තා....
බාප්පට ඒකිව පේන්න බෑ....පේන්න බෑ කියන්න වහ කදුරු...ඒකි හුස්මක් ගත්තා උනත් බාප්පට වැරදි .....ඒකි එක්ක කොච්චර තරහද කියනවා නම්.....බාප්පා අර කෙල්ලට කතා කෙරුවෙ යස්ස කෙල්ල කියලා .....මන් හිතන්නෙ සදුනි අක්කට.....අපේ සදුනියා...නැතුව අර සදුනි නෙවෙ....නැන්දගෙ ගොන් කරත්තෙට බදින්න පුලුවන් සදුනියා...ඒකිට පස්සෙ බාප්පට පේන්න බැරි එකම එකී ඒ කෙල්ලද කොහෙද .....
ඇත්තනෙ....බාප්පා ආදරෙ මට විතරනෙ...මමනෙ බාප්පගෙන් කොල්ලා...ම්හුක්...රැවුල කපන ලොකු ඉලන්දාරියෙක් උනත්..මම විතරයි බාප්පගෙ කොල්ලා....
මං පිදුරු නොදා බාප්පා දිහා බැලුවා...බාප්පාගෙ ඇස් දෙක අර ගෑනි පස්සෙ පන්නනකොට සිටියරින් වීල් එක අල්ලන් උන්න අතෙ ඇගිලි මං බලාගන එකට තද වෙනවා...
වේසකමේ යනවා ඇති.....අපේ ගොනාට දැන් තමා තේරෙන්නෙ....දැන් තේරුනා කියලා මොන මගුල කරන්නද...
කිව්වා ඕකට ඕකිව ගෙට දාගන්න කලින් කිව්වා...මේකි වහංතරාවක් වෙයි කියලා....ඇහුවද ...නෑ....කොහෙද අම්මත් උඩ දාගන උගෙ ඔලුවට වහ් පිරෙව්වනෙ....ඥෑ.....මොනව හරි කියනකොට ...අම්මෙ....ශෙහානි දුව තරම් දුවෙක් උන්නෙ ඟෑ....දැන් ඔය කෙල නැතුව ශෙහානි දුව අරින්න හැමදාම...
බ්බ්...බාප්පෙ....
බාප්ප බනිනවා...බනින්න ගත්තම...අනක් ගුනක්...ඉවක් බවක් නැතුව යන්නම බාප්පා බනින එක බනිනකොට ගෙදර රන්ඩු වෙන එක දැන දැනම මට බාප්පගෙ ඔලුවට ගින්දර අවුලන්න හිතුනා....
මොකද ...උඹත් බාප්පෙ බාප්පෙ ගාන්නෙ බාප්පා තමයි නැතුව උඹගෙ වාහෙද අහන්න තියන එකක් අහපිය...
බාප්පා පාර අයිනෙන් නලව නලව ගියපු කුඩම්මා දිහා බලන් මට බනිනකොට මම මගෙ සාක්කුවෙ තිබුන ඇට්ලස් පෑන අරගන කරකවන්න ගත්තා.....
ග්..ගෙදර....හ්..හැම....ද්.දාම....ර්..රන්ඩුද?
රන්ඩු නැති දවසක් තිබුනෙ කවදද කියපන්....ඕකි මගුලෙ ගිහින් නාකියා පස්සෙ ගිහින් රෑට රෑවෙලා එන හැම දාකම රන්ඩු නේන්නම්....මගෙ උනා නම් කන පලලා හුත්තිගෙ දුවගෙ....තොපෙ තාත්තට කොන්ද නෑනෙ.....
ආ...ආච්චම්ම....ද්..දන්නවනේ...අර....ක්..කෙල්ල.....ත්ත්...තාත්තගෙ....න්..නවෙ....ක්..කියලා ....
ම්ම්ම්...දන්නවා..දන්නවා.....ඔය දන්නෙ...ඒ දැනගත්තු දා ඉදන් තමා දැන් උඹව ආයම සුදු පුතා වගේ පේන්ඩ අරන් තියෙන්නෙ...
ඒ..කි.....ව්..වසද බ්බ්..බාප්පෙ.....ම්..මං...අහන්නෙ.....ක්..කෙල්ල....
අම්ම වගේම කටු අත්තක්.....කට ඇරියොත් බොරු ...කෙරුවොත් වංචාවක්...ඇමතියො හොරු ජඩයො කියන්නෙ නිකන් නෙවෙනෙ...මහ ජඩයගෙම ජ්ඩ ගති එකිට ගිහින් තියෙන්නෙ උබලගෙ තාත්තා එකක් කිව්වොත් ඒකි දෙක තුනක් කියනවා...හැබැයි පුතෙ මා එක්ක කට ගහන් ආවොත් නම් කෙල්ලෙක් කියලා බලන්නෙ නෑ පිට පුපුරන්න දෙන්නෙ ඕකිට බීපු කිරි මතක් වෙන්න...
මම අහක බලාගත්තා ....අහක බලාගන ලාවට හිනා උනා...බාප්පට මෙහෙම නම්....ආච්චම්මට කොහොමද .....තාත්තට කොහොමද ...ඒ හින්දා වෙන්න ඇති තාත්තලා මහ උන්දලට අපේ අම්මව දැන් සීදේවි වෙලා තියෙන්නෙ.....මාව සුදු මහත්තයා වෙලා තියෙන්නෙ...
ඒ කොහොම උනත්....අම්මට ආය තාත්තව නම් ඕන් නෑ...නෑම තමයි...අම්මා ආදරෙ ඇති.....ඒ ආදරෙ හිතේ තියන් ජීවත් උන දෙන්...අනික....අම්මා ආදරේ කෙරුවට...ආයම බාරගන්න කතාවක් කොතනක වත් කිව්වෙ නෑ...ආදරේ කරපු පලියට නාවලා ගෙට ගන්න ඕන් නෑනෙ....
රතු පාටට ඇවිලා තිබුන ලයිට් එක කොල කහ මාරු වෙනකොට කුඩම්මට තවත් කුනු හර්ප දෙලතුනක්.අමතපු බාප්පා.අවසානෙදි ශටර් එක වහලා දාලා ආයම ඩ්‍රයිව් කරන්න ගත්තා .....
වෙලාව බලපන් .....
අ..අට..යි....ක්..කාලයි...
වෙලාව ඇතිද...කියටද නවයට නේද....
ඔ...ඔව්....
කමක් නෑ..වෙලාව ඇතුව ඇතුලට පලයන්....පුක කඩාගත්තු කඩියා වගෙ දුවන්නෙ නැතුව.....ඔලුවෙ තියන අනිත් මනස්ගාත අමතක කරලා ලියන එක ලියපන්...මොකද උන්ගෙ පව් උන් ගෙවපු දෙන්...උඹලා කරපු දේවල් නෙවෙනෙ...උන්මනෙ සර්පයො අල්ලන් ගෙට දාගත්තෙ.....ඩිවොර්ස් වෙන්න බැරි නම් ඕන මගුලක් කරන් ඉදී....
ඩිවොර්ස් ...
මම කරන්ට් එක වැදුනා වගේ බාප්පා දිහා බැලුවා.....තාත්තා අර ගෑනි එක්ක ඩිවෝර්ස් වෙන්නද යන්නෙ....
අවංකවම ...අවංකවම මට හිත යටින් දැනුන සතුට මූනෙන් පෙනෙයි කියලා බයටම අහක බලා ගත්තා ....
මේක මගෙ ප්‍රාර්තනාවක්....මේක මම මන්තරයක් වගේ ජප කරපු දෙයක්...ලෝයර් කෙනෙක් උනත් ..මට තාත්තගෙ නඩුව කතා කරන්න කොහොමත් බෑ....කමක් නෑ.....කමක් නෑ.....මට කතා කරන්න බැරි උනත්.....දික්කසාදෙට ඕන කරන හැම ගින්නම හොයා ගන්න පුලුවන් .....
වන්දිත් නෑ.....මොකුත් නෑ...මගෙ අම්මව එලියට දැම්මෙ කොහොමද ...ඒ විදිහටම...ඇදිවත විතරක් ඉතිරි වෙන්න ඒකිව එලියට විසි වෙන්න ඕනා....
ඒකිට කොහොමත් ඇමතියවත් නැති වෙනවා....අරකිට දහ අටක් නැති උනත්.....ඒකි තාත්තගෙ නෙවෙ හින්දා...ඒකිටත් වන්දි නැති වෙනවා...ම්ම්ම්
බ්බ්...බාප්පෙ....
.....
ත්ත්...තාත්තට....අම්මව ....හ්..හම්බෙන....එක....න්..නවත්තන්න....ක්..කියන්න.....
ඒ අනිත් පිස්සා ඒ...කොයි වෙලෙත් අක්කගෙ ගෙදර රිංගන්ඩ හදනව....ඌට දැන් තමා ගෑනිව ඕන වෙලා තියෙන්නෙ....
ත්ත් ....තාත්තා හිතන් ඉන්නවා නම්...ඒකිව ඩ්...ඩ්...ඩිවෝර්ස් ..ක්..කරන්න.....ත්ත්...තාත්තට....වෙනවා....ඒකිගෙ....ප්..පැත්තෙන්...උනාය....ක්..කියන...ව්..වැරදි....ත්ත්...තාත්තත් නොකර....ඉ..ඉන්න....මොකද ....න්..නඩුව ෆ්...ෆයිල්....ව්..වෙන්නෙ...අනියම්....ස්..සම්බන්ධතාව....උ..උඩ....න්..නම්...ස්..සමත....ම්..මන්ඩල...ව්..වලට...දානකොට ....
ඔ....ඔව්වා...බලනවා....ඒ..ඒක....
මං ඌට කියන්නම්...උඹ ඔව්වා ඔලුවට නොගෙන ඉදපන්....ඔව්වා ඕක විහින් දාගත්තු කුනු නෙ....
මම නියපොත්තක් හපන්න ගත්තා ...
ඒකිගෙ පැත්තට අදාල වෙනම සාක්කි ඒකිත් තාත්තගෙ පැත්තට ගත්තොත්...අවාසිය තාත්තට...කොහොම හරි මේ නඩුවෙ වින්දිතයා තාත්තා වෙන්න ඕනා...අසාදාරනේට ලක් වෙච්ච එකා තාත්තා වෙන්න ඕනා...ම්ම්ම්...ම්ම්...බලමු...බලමූ....
බලමූ...ම්ම්ම්.....මීයක් කඩන්නෙ අත ලේව කන්න බලගන නෙවෙනෙ තාත්තෙ....අපි බලමු.....ම්ම්
මගෙ පුතා...උඹට වරදින්නෙ නෑ මගෙ යෙවීන්...උඹව බාගෙට බාගයක් හැදුවෙ මම.....උඹ බාගෙට බාගයක් හැදුනෙ මගෙ අත් උඩ..... උඹගෙ තාත්තට වඩා උඹව වඩාගත්තෙ එහෙ මෙහෙ අරන් ගියෙ මම...
එක්සෑම් හෝල් එක ගාවට එනකම්ම රටටම බැන්න බාප්පා වාහනෙන් බහින්න ඔන්න මෙන්න හදපු මගෙ අත් දෙක අල්ල ගත්තා.....
මට ඔක්කොමත් ඉවසුව හැකි..කවදාවත් ලෝබකමක් නැතුව ආදරේ දෙන මේ මිනිස්සු තව තව ආදරනීය වෙනකොට අවංකවම මට ඉවසන්න අමාරු උනා...
මං බාප්පා දිහා බලන් උන්නා...මං කවදාවත් ඒ ඇස් වල මං වෙනුවෙන් ඉපදුන තරහවක් දැක්කෙ නෑ.....හැමදාම ඒ ඇස් වල තිබුනෙ මං වෙනුවෙන් වචන් කරන්න අමාරු අදරයක් වෙනකොට .....අදත් ඒ ආදරේ අංශු මාත්‍රෙකින් වත් අඩුවක් නැතුව තියනවා මං බලාගන උන්නා....
එයා මගෙ ඔලුව අතගානවා.....ඇත්ත...බාප්පා කියන්නෙම මට තාත්තෙක්.....බිස්නස් පස්සෙ දුවපු තාත්තට වඩා මාව හැදුවෙම බාප්පා...හෙලුකොට්ටෙන් ඉන්න කාලෙ ඉදන්.....අද වෙනකනුත් වෙනසක් නැතිව ආදරෙ දෙන බාප්පා...ඇත්තටම මට තාත්තෙක්ම උනා....
උඹට හරියන්නම ඕනා මගෙ රත්තරන් ...මට ඕන උඹ මොකෙක් උනත්.....කා එක්ක උන්නත්.....සතුටින් ඉන්න...එච්චරයි ...උඹ පොඩි කාලෙ ඉදම්ම ඇඩුවා ඇඩුවා .....දැන් ඒ හැම දේම ඇති යෙවීන්...මට ඕනෙ ...උඹගෙ බාප්පට ඕනෙ උඹ සතුටින් ඉන්න.
....යමන්...බාප්පගෙ කොල්ලට වරදින් නෑ කවදාවත් .....
මෙච්චර වෙලාම කියවපු බාප්පා පොඩි කාලෙ වගේම මගෙ මූන අල්ලන් කම්මුල් දෙකම නයහ තියලා ඉම්බා .....අවසානෙදි හිනා උනා.....
ම්ම්..මන්....ග්..ගිහින්....එ...එන්නම්....බ්..බාප්පෙ....
හා.....යන ගමන් මේ ටිකත් අරන් පලයන්....
ම්....මොනාද ....
ආ...කව්ද දන්නෙ.....බලපන් ඔතන බැදඖ නැති කෑල්ලක් උන්නොතින්....
ය්ය්....ය්ය්.....ය්ය්..යෝ...බ්බ්..බ්බ්...බාප්පේහ්....
පල පල කෑ නොගහා...මං මෙතන ඉන්නම්...
වැඩක් නෑ...මෙච්චර වෙලාම තිබුන අර හැම ආදරනීය හැගීමක්ම කාබාසිනියා කරලා දැම්ම.....
යන්න හදපු මගෙ අතට බාප්පා කොල කෑලි වගයක් දුන්නා...නිකන් නෙවෙ ... කුරුමිනි අඩු වගේ අකුරු වලින් බාප්පගෙ නම්බර් එක් ලියපු කොල කෑලි....
වැඩක් නෑ....මේ ලෝකෙ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම නෙවෙ...නෙහාන් අපේ බාප්පා....කවදාවත් වෙනස් වෙන්නෙ නෑ....
බාප්පා අතට ගුලි කරපු කොල ටික දැක්ක ගමන් කෑ ගහපු මට ගහපු බාප්පා අනිත් පාර මාව එලියට විසික් කෙරුවා...
බදාගන ඉදලා මගෙ ඇදුමත් පොඩි වෙලා.....
උඹ යන්නෙ නැද්ද.....
ප්ප්...පොඩ්ඩක්....ඉ...ඉන්නකො...අනේ....ඇ..ඇ..ඇ.....
ඇ...ඇ....ඇ.....නෙවෙ අයිනට වර අන්න ඉස්කූටර් කාරියෙක් එනවා....හප්පන් ගියෝතින් ආයම ඉස්පිරිතාලෙ ගානෙ ලගින්න වෙයි.....
ක්ක්..කෝ...ඒ....කි....එ..එන්නෙ....ඈ....තනෙ....
ඈත උනාට කම්ක් නෑ.....ඇතුලට වර ඔය ස්කූටර් කාරියො කුසියෙ බත් කකා ඉන්නකොට උනත් හප්පන් යනව.....
මාව එලියට දාපු බාප්පා ඇදුම හද හද උන්න මාව ආයම ඇතුලට ගත්තා...මට අද විභහග ලියන්න වෙන්නෙ නෑ....හැතැම්මයක් ඈතින් එන ඉස්කූටර් කාරියෙක් දැකල බාප්පා මාව ආයම ඇදල ගත්තා....
අර බල...අර බල....ඔන්න...ඔන්න....ඕකි නවත්තන්න එන්නෙ....අන්න...අන්න...දැම්මා අඩු දෙක දැක්කද....මේකි දැන් ඔහොම ගිහින් කනුවෙ...අනිවා...
ඇත්ත...කිව්වත් වගේ ඇත්තම තමයි....හැතැම්මයක් දුරින් ආව එකී එන්නෙත් මෙහෙට වෙනකොට නවත්තන්න කලිම්ම ඒකිගෙ අඩු දෙක එලියට දාගන ලයිට් කනුවක් අයිනෙන් ගිහින් නවත්තන හැටි මාත් බලාගන උන්නා.....
ඒක එක භීසනයක්....!!!
ඒකි බයික් එකෙන් බහින කම්ම මටත් බහින්න නොදුන්න බාප්පා අවසානෙදි ඒකි බැස්සට පස්සෙ මාව බැස්සුවා....
කව්ද දන්නෙ....ඇස්ලේටර් අතේ අරන්ද ඉන්නෙ කියලා ...
අර ටික දීපන්.....
හොදට බලලා ලියපන්...
ආදරෙයි මගෙ එකා...
මගෙ කන්දෙක රතූවේගන ආවා.....එලියට බැහැපු මට ජීප් එක ගාව ඉදන් බාප්පා එක එක දේවල් කියලා කෑගහනකොට මගෙ මූන රතු වෙන්න ගත්තා වගේම ගේට්ටුව ගාවදි මම බාප්පා දිහා හැරිලා බැලුවා.....
එයා බලන් ඉන්නවා.....හිනාවකින් මූන පුරවගන මගෙ බාප්පා බලන් ඉන්නවා....

බාප්පා දිහා බලන් ඉන්නවත් එක්කම...බාප්පගෙ කලු ඇදුම් දකිනකොට මට එයාව මතක් උනා.....
කලුම පොරවන මගෙ බැට් මෑන්....
අනේ අද උඹත් උන්නා නම්.....
මම උඹ වෙනුවෙන් මේක කරනවා මගෙ සංධීර් ...
ගේට්ටුවෙන් ඇතුලට අඩිය තියනවත් එක්කම මම තත්පර ගානක් ඇස් දෙක පියාගන උන්නා....මට ඒ මූන සැරින් සැරේම මතක් උනා...
මං දන්නවා...එයා අනිවාර්යයෙන්ම මේ පැය ගාන ඇතුලත උඩ ඉන්න තිස්තුන් කෝටියටමමට ආශිර්වාද කරන්න කියනවා ඇති....
එයා වෙනුවෙන් වත් මොකුත් නොයිල්ලන එයා මං වෙනුවෙන් ප්‍රාර්තනා කරනවා ඇති කියලා මම දැනන් උන්නා....
අපි කරමු යෙවීන් ...
අවසානෙදි මම ඇස් දෙක ඇරියා.....අපි කරමු යෙවීන් කියලා හිතින් හිතාගන අනිත් පැත්තට හැරුනා විතරක් මාව කාගෙ හරි ඇගක හැප්පිලා වැටෙන්න ගියා.....
යා....හ්හ්.....
දෙ...දෙවියනෙ....කෙල්ලෙක්!!!

වැටෙන්න ගිය මම නූලෙන් වගේ බෙරුනේ උනත් මගෙ කකුලක වලලුකර ගාවින් පෙරලිලා ගියා.....මාව ඇගේ හැප්පුන එකා.කෑ ගැහුවා.....
කෙල්ලෙක්.....බෙල්ල මුලට රෝසි කට් කපන් උන්න ඒකි මා දිහා බලාගන රවාගන උන්න වගේම අතේ තිබුන හෙල්මන්ට් එක දිහා බැලුවා....
අනෙ දෙවියනේ විභහගෙට යන්න ආව මට මේකි හෙල්මට් එකෙන් සිහි නැති වෙන්නම ගහාවිද.....?
ස්ස්...ස්ස්....සමා...ව්ව්..වෙන්න.....
මම ගොත ගගහා සමාව ඉල්ලනකොට ඒකි ඇහි බැම රැලි කරගන මා දිහා බලන් ඉදලා යන්න ගියා වගේම මමත් හිමින් හිමින් කොර වෙච්ච කකුලෙන් නොන්ඩි ගගහා එන්න ආවා....
ඒහ්....
...
Entrance exam එකටද?
.....ක්ක්....
වට පිට බලන්නෙ....තමුන්ට තමා කිව්වෙ....
අනේ බාප්පේ...බාප්පගෙ කොල්ලට කරදරයක් වෙන්න යන්නෙ.....
මගෙ ඉස්සරහින් දහයකට ගහගන්න වගේ ගියපු එකී එකපාරම නැවතිලා.එන්ට්‍රන්ස් එක්සෑම් ද අහනකොට මම වටපිට බැලුවා.....මගෙන්ද නැත්තන් ඒක වෙන කාගෙ හරි අහපු දෙයක්ද කියලා දැනගන්න ඒත්...ඒ තත්පරේට ඒකි මාව් ආයම කන්න හැදුවා...
ඔ...ඔව්.....
ඔහොම ඇවිදින්න පුලුවන්ද ???
.....
මං අහන්නෙ....පුලුවන්ද ...බැරිද...ඔව් නම් ඔව්...බෑ නම්.....බෑ....වැල්වටාරම් ඕන් නෑහ්.....
අනෙ දෙයියනෙ මේ මොන මගුලක්ද මේ උනෙ.....මාව දාලා ඉස්සරහින් ගියපු එකී ආයම මගෙ ගාවට ඇවිත් ඔහොම යන්න පුලුවන්ද අහනකොට බැරි උනත් මට උත්තර දෙන්න බය හිතුනා....වෙන මොකටවත් නෙවෙ....මට බය හිතුනා ඒකි මාව උස්ස ගනී කියලා ...ඒ තරමට කටු අත්තක්.....
ට්..ටිකක්.....ප්..පුලුවන් .....
ඉතුරු ටික??ඒක...ඒක බැරිද.....?
න්..නෑ....නෑ...ම්ම්...මට...ඒ....ආ..ඒ...ඒ.....ඒහ්
ශ්ශ්...සද්ද නොකර එන්න පුලුවන් ...මං තමුන්ව රේප් කෙරුවෙ නෑනෙ....ඔය කකුලට ඔහොම උනෙ මගෙ ඇගේ හැප්පුන නිසානෙ....තමුන් මට සොරි කිව්වා....මං ඒකට හරියන උදව් කරනවා.....
ටොපි සුවදයි.....
ඊලග තත්පරේදි මට උනේ වැලලෙන්න හිතුන වැඩක්.....නොන්ඩි කොට කොට ආව මගෙ ගාවට ආව කෙල්ල මගෙ අතක් අරන් ඒකිගෙ වටෙ දාගන් එක අතක් මගෙ ඉනව ඉනවටේ ඔතා ගන්නකොට අනෙ සත්තකටම මට කලන්තෙට වගේ ආවා .....ඒකි කතා කරන වචනයක් පාසාම කට ඇතුලෙන් ටොපි සුවදක් එනකොට මෝඩයා වගේ මම ඒ සුවදටත් ඉව ඇල්ලුවා....
හරි...ඔන්න ආවා..
අ...ආහ්...ස්...ස්තූතියි ...ග්..ගොඩක්.....
......
මාව ගැස්සිලා ගියා....ටොපි සුවද දිහාවට ඉව අල්ල අල්ල උන්න මම ආයම පියවි සිහියට අවෙ කෙල්ලගෙ කටහඩින් වෙනකොට මාව අදාල තැනට ගෙනාව කෙල්ල අවසානෙදි අතෑරියා වගේම කෙල්ල යන්න ගියා...
යක්ශනියක් ....
එච්චරයි මට මිමිනුනේ...මාව දාපු ඒකි යන්න යනකොට මං බලගන ඒකිගෙ සාක්කුවෙන් මොනව හරි දෙයක් වැටෙනවා...මට කතා කරගන්නත් බැරි උනා....මොකද ඒ එක්කම එක්සෑම් එක පටන් ගන්නවා කියලා කියපු නිසා....ඒත්.... යකින්නක් උනත් මට උදව් කරපු කෙල්ලට මම ආපිට උදව් නොකර බැරි හින්දා නොන්ඩි කොට කොටම මම ගිහින් අර වැටුන දෙ අහුලගත්තා .....ඒක කොලයක් නෙවෙ....ඒක...කාර්ඩ් එකක්....මං එහෙම්ම කාර්ඩ් එක අනිත් පැත්ත හැරෙව්වා ...
Repubblica italiana
Amelia
අමේලියා.......
අ....අමේ....
ටොපි සුවද....
ඉතාලි ජනරජය ....
මෙක...මේ...කෙල්ල...මේ...කෙල්ල.....අමේලි...අමේලි...
දෙවියනේ ..අනේ..දෙවියනේ .....අනේ....දෙවියනේ...මේ...මේ ඉන්නෙ...
මේ ඉන්නෙ...
එක්ස්කියුස් මී.....
මම උන්නෙ අයිඩෙන්ටි එක දිහා බලාගන වෙනකොට එක පාරම ඒ කටහඩ ආයම මගෙ ගාවින් ඇහුනා....ඔව්.....ඒ එයා....එයා ආයම ඇවිල්ලා.....එයා උන්නෙ මා දිහා බලාගන...නපුරු ඇස්...ඒ බැල්ම...
ඒ රවන විදිහ.....
දෙවියනේ...ඇරපු අතක් නෑ.....මගෙ සංධීර් වගේමයි...අපේ බාප්පා කිව්වා...ගැහුවොත් ගහන්න කියලා කියපු කෙල්ල...ජපන් බෝනික්කියෙක් වගේ උන්න මේ කෙල්ල....
අ....අ...
මං හිතන්නෙ.....සංධීර් ගෙ ඇබිත්තමට exam එක ලියන්න ඕන කමක් නෑ වගේ...ම්ම්ම්ම්
...
....?
යෙවීන්.....යෙවීන්...සංජාන...
ෆර්නැන්ඩොපුල්ලෙ .....එහෙමනෙ....මං...හරිනෙ.....තුන වසර....රෝස පන්තිය...මාත් එක්ක ආජිතපර නටන්න එන්නම් කියලා ...යන්න ගියපු කොල්ලනෙ....ම්ම්ම්ම්ම්ම්ම්???
අ...අ..අමේලි...අ..අමේලි.....ඔ..ඔයාට...ඔ..ඔයාට....ම්..ම....
Exam එකට විනාඩි පහයි.....
එයා මගෙ අතෙ තිබුන කාර්ඩ් එක උදුර ගත්තා .....exam එකට විනාඩි පහයි කිව්වා....ඇරත්...දෙවියනේ එයා කතා කෙරුවෙ සංධීර්ගෙ ඇබිත්තම කියලා ....අනේ එයාට ...එයාට මතකයි....
ඒත්.....
ඒත්....මම..යෙවීන්.....මමයි...යෙවීන්.....කියලා ...එයා දන්නෙ කොහොමද .....එයා ඒක දන්නෙ කොහොමද .....??????
මාව උස්සලා පොලවෙ ගැහුවා වගේ උනා....මට කොටින්ම උන්හිටි තැන් නෙවෙ.....නිදිමරන් පාඩම් කරපුවා පවා එක මොහොතකින් අමතක වෙලා ගියා.....
අවුරුදු ගානකට පස්සෙ...අවුරුදු ගානකට පස්සෙ...මට උන්න එකම යාලුවව හම්බෙනකොට එයා ගානක් නෑ වගේ ගිහින් ඉදගන්නකොට මම මරනෙ නැගිටපු එකා වගේ ඉදගත්තා ....
දෙවියනේ...
ඇවිදින්න පුලුවන්ද ....
අ...අ...අ....
අ..අ...නෙවෙ.....ඇවිදින්න පුලුවන්ද යෙවීන් ....
අමේලිව දැකපු මොහොතෙ මගෙ හොද සිහිය මගෙන් යන්න හදනකොට සංධීර් වෙනුවෙන් ආව ගමන මට නැති කරගන්න ඕන් නැති වෙද්දි මම එයාවත් අමතක කරලා දෙවියනේ කියලා විභගගෙ ලිව්වා......
පැය ගානකට පස්සෙ අතට දීපු පේපර් එක ආයම අපෙන් ගන්නකොට සෑහෙන වෙලාවක් දිග කකුල් නවන් ඉදලමද කොහෙද මට නැගිටගන්න බැරි උනා මගෙ කකුල් හිරි වැටිලා තිබුනා ....
ආශ්චර්‍ය්යකින් හම්බුන අමේලිව බලෙන් අමතක කරලා උන්න මම ආයම එයා ගැන හිතන්න යනකොටම එ කටහඩ මගෙ පිටිපස්සෙන් ඇහුනා...මම හැරිලා බලුවා....
ජපන් බෝනික්කි.....
නපුරු ඇස් දෙක මගෙ සංධීර්වම මතක් කරනකොට මම එයා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....
අ...අමේලි....
ම්ම්ම්
ඔ...ඔ..ඔයා.....ම්..මාව...ද්..ද්.....
බාප්පා මට පෙන්නල තිබුනා.....
බ්බ්...බාප්පා....ම්..මගෙ.....ස්....ස්...සං
ඔව් ඉතින් මට වෙන බාප්පලා නෑනෙ.....
එයා මට වචන සම්පූරන කරන්න දෙන්නෙ නෑ.....හරියටම මගෙ සංධීර් වගේ...එයත් එහෙමෙයි....මම දෙයක් කියාගන යනකොට මම අහන ප්‍රශ්නෙ ඉවර කරන්න කලින් එයා මට උත්තරේ දෙනවා.....අමේලි....එයත්...එයත් ඒ වගේමයි....
එයා කිව්වා එයාට වෙන බාප්පලා නෑකියලා ...එයා කිව්වා එයාට බාප්පා කිව්වා කියලා ...එයාට බාප්පා කවදද කිව්වෙ.....එයා එයාගෙ අම්මා අක්කා .....අමේලි එක්ක කතා කරලා තියනවද.....
එයා අපි දෙන්නා ගැනත් කියලා තියනවද...
මගෙ ඔලුව ඇතුලෙ ප්‍රශ්න ගොඩයි...මගෙ ඔලුව අස්සෙ ප්‍රශ්න කප්පරයි....
අ...අමේලි...ඔ..ඔයාට....ඔයා....මාව...එතකොට....මේ...ව්ව්...වෙච්ච
අපි ඒ ගැන වෙන වෙලාවක කතා කරමු ඔයාට මහන්සි මට නිදිමතයි....ඔයා අහන්න හදන ප්‍රශ්නෙ මම දන්නවද කියලා නම්...ඒ හැම ප්‍රශ්නෙටම උත්තරෙ ඔව් කියන එක...
එ..එහෙ.....
අනිත් පාර අහන්න හදන්නෙ ඇයි එහෙනම් මාව බලන්න නාවෙ..ඇයි මට කතා නොකරෙ කියලා අහන්න නම්.....ඒකට එකම හේතුව...අපේ බාප්පා....
මගෙ ඇස් ලොකු උනා...මේ කෙල්ලට ටෙලිපති තියනවද...නැත්තන් මගෙ සංධීරයගෙ ජාන ගිහින්ද මන්දා.....මට දෙයක් කියන්න නොදි තත්පරේකට වචන කෝටොයක් විතර කියවනකොට අහන් උන්න මගෙ කට රිදෙන්න ගත්තා ...
අ..මේලි...එ...ඒ..එකියන්නෙ...ඔ..ඔයා....හ්..හැම...දේම.....ද්..දන්නවද...අ..මේලි....ම්ම්....ම්...මට...ව්....වෙච්ච ක්ක්..කෙරිච්ච ද්ද්....දේවල් .....ම්ම්..මගෙ.....ස්ස්...සංධීර් ...මම.....අ...අතර....ත්ත්
A To Z....යෙ යෙ...මොකද ....ඔයාගෙ බාප්පට ඔයා ළඟ කොයිතරම්ද .....මං මගෙ බාප්පට ලගයි.....හරි...දැන් බාප්පගෙ ඇබිත්තම ඔලුව නරක් කරගන්නෙ නැතුව ගෙදර යන්න...මොක....
අ...අමේලි...ච්ච්...චු....චු..
යෙවීන්.....මම දෙයක් කියන්නෙ එක පාරයි හරි...පස්සෙ කියන්නෙ පස්සෙ....දැන් නෙවෙ ...
අ...අමේ...
කිව්වනෙ සැරයක්!
🙂යෝහ්....යාලුවගෙ වස...ම්හුක්..
ජොබී නිදහාස් ...
ආය එන්නාම්
අනූ නමයයි...
සීයයි.....
යෙ...යෙ....ඉවරා.....යී.....
මම
Ferdeesha ❤️💚😘 ....