Cherreads

Chapter 100 - 100

එයා මට සැර කෙරුවා .....උත්තරයක් නොදී මාව ආපිට සංධීර්ගෙ කාමරේට එලෙව්වා ...

එයා....ඒ කියන්නෙ....බාප්පා එක්ක මොක් හරි පටන් අරන්ද.....???

මම.මගෙ ඵෝන් එක් අතට ගත්තා.....අරන් බාප්පගෙ මැසේජ් දිහා බැලුවා.....ඔපන් නොකරපු මැසේජ් කෝටියක් විතර...අම්මා තාත්තා බාප්පගෙන් ආව මිස්කෝල් නොසෑහෙන්න.....

මං හිතන්නෙ...මට මිනිස්සු එපා උනාද කොහෙද .....පොතක ලියවුන නීතියක් ගැන ඇරුනම....මම සාදාරනේ ඉශ්ට කරන්න ඕනේ පන තියන මිනිස්සු එක්ක...මං ජීවත් වෙන්නෙ පන තියන මිනිස්සු ඉන්න ලෝකෙක කියන එක මට අමතක් වෙලා ගිහින්ද කොහෙද ....

උඹ කෑවද.....

කොල්ලො...උඹ කොහෙද ...

උඹ ගෙදර ආවද.....

ඇයි හුත්තිගෙ පුතො මැසේජ් එක්ක් දාපන්කො

උඹට දෙයක් කියන්න තියනවා ...

මට උඹව හම්බෙන්න ඕනා....

පුතේ....යෙවීන්.....බාප්පා උඹව බලන්න එනවා...

මම රීඩ් නොකරපු මැසේජ් එකින් එක කියවන්න ගත්තා.....මහ පාන්දර ආයම මගෙ කාමරේ.සිගරට් ගද වහගන්නකොට මම මගෙ සංධීර් වගේ අන්දකාරෙ ඉදන් උන්මතකයෙක් වගේ ජීවත් උනා...මගෙ නාඩි වැටුන එක තැනක් තිනුනා නම්...කාටත් නොදැනෙන්න සිලවගෙ පස්සෙන් ගියදාක විතරක් වෙනකොට තාත්තාට ඕන වෙයි කියන සාක්කි මගෙ ගාව මිටියක් තිබුනා..මගෙ සංධීර් වෙනුවෙන් කතා කරන්න මගෙ ගාව සාක්කි මිටියක් තිබුනා...ඒ ඇරුනම කිසිම වෙනසක් නැතු මගෙ ජීවිතේ ඔහේ නීරසව ගෙවිලා ගියා වගේම මල් පිපෙන කාලෙදි මට මලක සුවදක්වත් නොදැනුනන් තරම් උනා....

ජපානෙට සකුරා මල් පිපෙනකොට මෙහෙ රොබොරෝසියා මල් වැහි වැස්සා...

එයා මම ඇවිදගන ගියපු පාරවල් වල මං තනියෙන් යනකොට හන්තානට පායන හද නෙවෙ මේ ලෝකෙ කොහෙදි වත් පායන හදක් මට ලස්සන නැති වෙලා යනකොට අපි ගිය පාරෙ වෙන උන් අත් පටලන් යන හැටි මම සිගරට් එකක් අතේ තියාගන බලන් උන්නා...

ටික්...ටික්...ටික්....ටික්....

තව මාස හයයි..... සීනියර් කෙනෙක් ගාව වැඩ කෙරුවට පස්සෙ .....මේ හැම දේම ඉවරයි....මං හිතන්නෙ මං අවුරුදු තුනකින් හිනා උනෙ නෑ....ඇරත්...මට හිනා වෙන්න දන්නෙත් නෑ...අඩන්න ආපහු ඇස්වලින් කදුලු ආවෙත් නෑ.....රාජ භෝජන දුන්නත් මට රසක් දැනුනෙත් නෑ.....අලුතෙන් ඇදුමක් ගත්ට කාලයක් මතක නෑ.....අලුත් ඇදුමක් අදින්න ඕනා කියලා හිතුන දවසක් තිබුනොත් නෑ.....

උපන්දින..ආව...ගියා....කැලන්ඩරෙ කොටු කැපුනා...පිටු ඉරුනා.....අවුරුදු විසිතුනක් වෙනකොට මම මහ ගුප්ත චරිතයක් වෙන ගමම් උන්නා....

ඒකි බැන්නා...හෙට නත්තල් කියලා ....ඇත්ත හෙට නත්තල්....එයා මගෙ ගාව නැති කොට මොන නත්තල්ද....අවුරුදු පහක් කියන්නෙ...නිකන්ද........

ඇද පත්තට හේත්තු වේගන උන්න මම ඇදෙන් බැස්සා...බැහැල ගිහින් එයාගෙ ඇදුම් අල්මාරිය ඇරියා...එයාගෙ ඇදුම් ඔහේ තියනවා...ඒ හැම එකක්ම ලොකුයි....උරහිස්වලින් හැලෙනවා.....ඒ සුවද දැන් නැත්තටම නැතිවෙලා ගිහින්...අවුරුදු තුනක් මේ ඇදුම් මම තුරුල් කරගත්තා .....අවුරුදු තුනක් මම මේ ඇදුම් තුරුල් කරන් නිදා ගත්තා...

උඹ කවදද මගෙ සංධීර් එන්නෙ......උඹ ආසයි කිව්වා මගෙ පින්තූරයක් උඹගෙ ගෙදර එල්ලන්න...උඹ නැතුව...මම මගෙ මූන කොයි වගෙද කියලා බලලා වත් නෑ මගෙ සංධීර් ...එහෙව් එකෙ...මගෙ පින්තූර මෙ ගෙදරට හරියන් නැති වේවි.....

ඇදුම් දිහා බලන් උන්න මම අවසානෙදි ඇදුම් අල්මාරියෙ තිබුන ලාච්චුව ඇරියා...

උපන්දින කාර්ඩ්....නත්තල් කාර්ඩ්...

ගෙවුන හැම උපදිනේකම කේක් කෑල්ලක් කපනවා තියා උඹට සුභ උපන්දිනයක් මගෙ සංධීර් කියන්නවත් විදිහක් නැති මම හැමදාම කෙරුවෙ එයාගෙ උපන්දිනේට වගේම නත්තලට කාර්ඩ් එකක් ගෙනල්ලා ලියලා ආපිට ලාච්චුවට දාපු එක.....

ඉතින් ...අදත් ඒ වගේ...දෙසැම්බර් විසි හතර....අද....තව පැය ගානකින් එලිය වැටේවි.....මේ පාරත් තාත්තා තට්ට තනියම නත්තල් ගහ හදන්න ඇති මේ පාරත් අම්මා මං එනකන් උයාගන පිහාගන බලාගන ඉදලා අවසානෙදි නත්තල් දවසෙත් කදුලු බීලා නිදා ගනී.....

පොඩි කාලෙ නත්තල නෙවෙ...දෙසැම්බර් පලවෙනි දා ඉදම්ම නිලාකූරු බඹර චක්කර පත්තු කරන මට නිලාකූරක ලස්සන පවා අමතක වෙලා ගියා ... පල්ලියක් හතරමායමක යන එක නැවැත්තුවා.......

නත්තල් කාර්ඩ් එක.....

පිනිමුවෝ බැදපු කරත්තෙක හොහ් හොහ් හෝ.....ගාගන යන නත්තල් සීයගෙ හිනාව ජීවමාන කරපු අජීවි වස්තුව මම මගෙ අත් දෙක උඩ තියන් උන්නා... ...අජීවි වස්තුවක් ඇතුලෙ මම සජීවී හැගීම් අකුරු කරන්න අදත් පුටුව උඩ ඉදගන ඇට්ලස් පෑන වෙනුවට අර ඉරි ඉරි ගුය තුඩ හීනිම හීනි උන අකුරු ලියනකොට සුවද ගහන සුවද පෑන අතට ගත්තා....

සාමය....සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා මගෙ රත්තරන්ට .....

මම යෙවීන්.....

ඔන්න ඔච්චරයි ....ඔච්චරම තමයි මගෙ නත්තල් කාර්ඩ් එක ඇතුලෙ ලියවුනෙ....ඔයින් එහා දෙයක් නැති උනා.....ඔයින් එහා දෙයක් නැත්තටම නැති වෙනකොට අවසානෙදි නත්තල් සීයා පවා මගෙ ගේ අමතක කරල යන බව දන්න නිසා මගෙ සංධීර්ව ආපිට මට ගෙනත් දෙන්න කියන එක කාටත් නොකියා මම ඒ කාර්ඩ් එක ආපිට ලාච්චුවට දැම්මා.....

උඹ ආව දවසක බලපන් ...ඒ ඇති .....

මම මටත් වඩා බර හුස්මක් ගත්තා.... ..

ඇද රෙද්ද මාරු කරලා දාන්න ඕනා....

ඒ කරලා....අදවත් ගෙදර පලයන් යෙවීන්....උඹ ඒ මනුස්සයන්වත් අවුරුදු තුනක් තිස්සෙ අඩවනවා නේද...අදවත් ගෙදර පලයන්....

නිදා ගත්තෙ නැති උනත්...ඇද රෙද්ද මාරුකරපන්...ගේ පොඩ්ඩක් අස් කරලා අදවත් ගෙදර පලයන් කිය කිය මගෙ හිත මටම තරවටු කරනකොට මම ඒ පාන්දර අරකිට ඇහරෙන්නෙ නැති වෙන්න හිමින් හිමින් ගේ අස් කරන්න ගත්තා...මාස ගානකට...අවුරුදු ගානකට ඇරපු නැති ගෙදර ජනෙල් පියන් ඇරපු මං කුකුල් බෙටි උඩින් පැන පැන ගිහින් මුඩ්ඩක් අරන් ඇවිත් ඔක්කෝම ජරහන්ත අරන් දැම්මා....අරන් දාලා අවසානෙදි මුලු ගේම හිමින් අතු ගෑවා....මුලු ගේම මොප් කෙරුවා ....නත්තල් ගහක් තියා නත්තලක් තියනවද නොදන්න කැලෑ වැදුන ගෙදර අස්කරලා දාපු මම අවසානෙදි මුබ විතරක් උඩින් පල්ලෙන් හෝදන් අමේලි නිදාගන උන්න කාමරේට ගියා...

යක්සනී.....

මං මිමිනුවා ...කකුල් අත පය හතර පැත්තක... පොරවපු රෙද්ද වෙනකොහෙවත්...

මං පැත්තක තිබුන රෙද්ද අරගන ඒකිව පෙරෙව්වා ...

උඹ මට බැන බැන හරි අම්මා වගෙ මාව බලා ගත්තා අමේලි.....

බැන බැන හරි බඩගින්නෙ නිදා ගන්න හදපු දාට උඹ මට බත් කටක් හරි කැව්වා ...

කොටිම්ම .....අම්ම තාත්තට දාපු තහංචි උඹටත් වැටුනත්.....ඒ හැමදේම ගානකට නොගෙන මං කොල්ලෙක් බව දැන දැන....අවුරුදු ගානකට පස්සෙ මාව දැක්ක බව දැන දැන....උඹ මාව විස්වාස කරනල මගෙන් බැනුම් අහන් මගෙ ගාව උන්නා...හරියටම අම්මෙක් වගේ....

එහෙම උන්ට වෙන්න ඇති අමේලි හොදම යාලුවො කියන්නෙ...කොච්චර එලෙව්වත් එල්ලීගන ඉන්න උන් වෙන්න ඇති හොදම යාලුවො කියන්නෙ.....

මම ඒකිගෙ මූන දිහා බලාගන උන්නා...ජපන් ඊරි වගේ උන්න මූන දැන් ලස්සන වෙලා....බෝල අත පය ඔක්කොම නැතිව ගිහින් ...මම එහෙම්ම නැවිලා එයාගෙ මූනට වැටිලා තිබුන කෙස් රොද අහකට දානවා එක්කම මැරිලා වගේ නිදාගන උන්න ඒකි මගෙ මැනික් කටුවෙන් අල්ලගන්නවා එක්කම මං ගැස්සිලා ගියා.....

අ...අ....අමේලි....

මොකද කරන්නෙ.....

ග්ග්..ගේ....අ..අස්...කෙරුවා.....

එනවා මෙහාට....

බ්බ්..බෑ.....ම්ම්..මං....ය්..යන්න....

තමුසෙ නිදියෑවෙ නෑනෙ.....

ඒකි මාව එක පාරම ඇදපු පාරට කැතක් නැතුවම වැටුනෙ ඒකිගෙ ඇග උඩට උනත් තමුසෙ නිදියෑවෙ නෑනෙ අහන ගමන් මගෙ වැවුන කොන්ඩෙ අස්සෙන් ඒ දිගැටි ඇගිලි ගෙනියනකොට මම ඒ ඇග උඩින් අහක් නොවී ඔහේ උන්නා....

අඩන්න හදන්න එපා...අවුරුදු තුනක් දැන් අඩන් නැතුව උන්න එකේ...අවසාන කාලෙ අඩන්න හදන්න එපා යෙවීන්.....

..එයා මගෙ ඔලුව අත ගාන ගමන් අඩන්න එපා අවුරුදු තුනක් අඩන් නැතුව උන්න එකේ අවසානම කාලෙ අඩන එපා කියනකොට අඩන්න ඇස්වල කදුලු නැති උන මම ඒ බඩ උඩින් තියන් උන්න ඔලුව අහක් කරන් කොට්ටෙ උඩින් ඔලුව තියාගන්නකොට ඒකි මගෙ පැත්ත හැරිල මගෙ වැවුන රැවුල දිහා බලන් ඉදලා හකු බැහැපු මූන අත ගෑවා...

උඹ කොච්චර ලස්සනට උන්නද යෙවීන්.....

මේ කම්මුල්....කොච්චර ලස්සනට තිබුනද...

කවදාවත් අපිලිවල නොවුන උඹ ඇයි යෙවීන්.....උඹටම රිදවගන්නෙ....උඹ අඩනවා බලන්න බැරි හන්දයි....එන්න එපා කිව්වෙ....උඹට නාස්ති වෙන්න එපා...තවත් සංධීර් කෙනෙක් වෙන්න එපා කියලා එවපු මනුස්සයා ...ආපිට කවදා හරි දකින්නෙ තවත් සංධීර් කෙනෙක් නෙවෙද යෙවීන්.....???

ඒකි කියවනවා....නිකන් නෙවෙ...මගෙ ඇගට අන්ඩකුත් දාගන මගෙ හිස කෙස් අස්සෙන් අර නියපොතු වැවුන දිගැටි ඇගිලි අරන් යන ගමන්....

මෙච්චර කල් ඉවසපු එකේ....මේ ටික ඉවසන්න බලපන්.....හැමදාම....මේ ...

මට නින්ද යන්න ආවා....නිදාගන්න උවමනාවක් කොහෙත්ම තිබුන් නැති මට ඒ ඇගිලි මගෙ කොන්ඩෙ අස්සෙන් යන වාරයක් පාසා අවුරුදු ගානක් හරි හමං නින්දක් නිදියපු නැති මගෙ ඇස් පියන් වලට අද නම් නිදියන්නම ඕනා කිව්වා...

ඒත් මට බෑ....

මට බයයි....මේ නින්ද නිදා ගත්තොතින් ආය ඇහැරෙන්නෙ නැති තරමට නින්ද යයි කියලා ...

මට බයයි....එයා මගෙ හීන වලට ඇවිදින් අමාරුවෙන් වාවන් ඉන්න හිතට ඇහැරුනාට පස්සෙ අඩන්න වෙයි කියලා ....

කව්ද දන්නෙ....හීනෙන් ඇවිදින් තුරුලු කරන්...මගෙ ඇබිත්තම කියනකොටම මට ඇහැරුනෝතින් ..අනේ....මම මක් කරන්නද.....එහෙම සතුටක් නම් මට එපාමයි දෙයියනේ...එහෙම වේදනාවක් එහෙම මායාවක් මට එපාමයි...

මම්...මං....

කොහෙද යන්නෙ නිදාගන්නවා ටිකක්...

සැරින් සැරේම වැහුන ඇස් පියන් අමාරුවෙන් ඇරගන උන්න මම අවසානෙදි නින්ද යයි කියන බයට ඇදෙන් නැගිටින්න හදනවා එක්කම ඒකි මාව ආයම ඇදලා ගත්තා .. .

බ්බ්..බෑ....මට....ග්..ගෙදර....ය්..යන්න...ඕ..ඕනා....

ගිහින්.....???

න්න්..නාගන්න...ඕ...ඕනා.....

අද පල්ලි යනවද...??

.....

පල්ලි නෙවෙ කොහෙ යන්නත් කලින් ඔය වැදි රැවුලයි කොන්ඩෙයි කපාගන්නවා...නැත්තන් මිනිස්සු හිතයි තිසාහාමි මොඩ් වෙලා කියලා.....

ඒකි මට බනිනවා...විහිලු කරනවා...ඒකිට ඕනෙ මාව හිනස්සන්න...එයා අහනවා අද පල්ලි යනවද කියලා ...මං ඇදුමක් ගන්නවත් ගියෙ නෑ...ඒත්....අලුත් ඇදුම්ම ඕනෙද පල්ලි යන්න.....දෙයියො උනත් කියන්නෙ වත ඉරාගන නෙවෙ සිත ඉරාගන මා වෙත හැරෙන්න කියලා.....අලුත් ඇදුම් නෑ කියලා පල්ලියට යන්න තහනමක් කොහෙත්ම නෑ...ඒත්.....

පල්ලියෙ කියන ගීතිකාවක් ගානෙම මට එයාව මතක් වේවි...මිනිස්සු සතුටුන් ඉන්න හැටි දකින වාරයක් ගානෙම අනේ උඹත් මගෙ ගාව උන්නා නම් කියන හැගීම මාව රිදවාවි...

කමක් නෑ...මට සමාවෙන්න දෙවියනේ....මේ පාරත් ..ගිය පාරවගේම මමනෑවිදින් ඉන්නම්...

අ..අමේලි...

ම්ම්ම්ම්ම්

ඒකි ආයම ඵෝන් එක කොටනවා...ඒ අස්සෙන් මට බාප්පවත් මතක් උනා...ඒකි කිව්වා මාව අද කොහෙද එක්ක යන්නම් කියලා .....

ඔ..ඔයා.....අ..අද....ම්..මාව....ක්..කොහෙද එ...එක්ක....ය්..යනවා....ක්..කිව්වනෙ...

අද බෑනෙ...අද ඔයාලට පල්ලි යන්න තියනවනෙ.....

න්න්..නෑ..මං...ය්..යන්නෙ නෑ.....

...??

එයා කිව්වා මට අද පල්ලි යන්න තියනවනෙ කියලා ...ඒත් ඒක තියෙන්නෙ රෑටනෙ....ඇරත්.....මම...යන්නෙ....නෑනෙ....

ඔ..ඔයා...ක්..කිව්වනෙ...ඔ..ඔයාට...ආදරේ....කරන්න....ක්..කෙනෙක්...ඉන්නවා....ක්ක්..කියලා....?

හ්ම්ම්ම්.....

එ....ඒ.....ක්..කෙනා....අ..අ...අපෙ....

හරි මන් කිව්වනෙ එයාව පෙන්නන්නම් කියලා ...එයා ඔයාව හොදටම දන්න කේනෙක්....ඔයත් එයාව හොදටෝම දන්න කෙනෙක්....එච්චරයි මං දැනට කියන්නෙ.....

ඒකි මගෙ කට වැහුවා...මං දන්නවා...ආයම මොකක් හරි අහන්න ගියෝතින් මේ ආත්මෙට ඒකි උත්තර දෙන්නෙ නෑ කියලා ...

ඇදෙන් බැහැපු මම එන්න හැරෙනකොට ඒකි ඵෝන් එක කනේ තියාගත්තා වගේම අර හිනාවම මූනට ආවා....

එහෙනම්...ඒ වෙන කවුරුත් නෙවෙ....බාප්පම තමයි....

බාප්පෙ....අවසානම මොහොතේ උඹට හරි ගියා...ඒත්.....හැමදාම වැරදුන උඹගෙ කොල්ලට....තවමත් හරි ගියේ නෑ මගෙ බාප්පෙ....

පෙම් බස් දොඩන ඒකිව දාලා මම එලියට ආවා වගේම එහෙම්ම දොර ඇරලා එලියට බහින්න හදනකොටම බිත්ති ඔරලෝසුවෙ හයහමාරෙ කනිසම වැදුනා....

ඒ තත්පරෙම්ම මාව ආයම අවුරුදු ගානක් පස්සට අරන් ගියා...

හයහමාර .....උඹට..මතකද මගෙ සංධීර් ...මේ ගොත කොල්ලා උඹව දැකපු පලවෙනි දවසෙ ආවෙත්....හයහා මාරට.....දැන් ඒ කොල්ලා හුගාක් වෙනස් වෙලා ගිහින් මගෙ සංධීර් ...හිනාවෙන්න අමතක වෙලා...හුරතල් වෙන්න අමතක වෙලා.....කොටිම්ම....

උඹ නැතුව උඹ එක්ක ජීවත් වෙලා තවත් වේදනාත්මක සංධීර් කෙනෙක් ඉපදුනා මිසක්.....උඹ ගාව ඉන්නකොට හිනාව පිරුන යෙවීන් මැරිලා ගියා මගෙ සංධීර් ....

අතවත් නොගහපු එයගෙ ජීප් එක දිහා බලාගන මම අවසානෙදි දොරත් වහලා ගේට්ටු පියනත් වහලා නත්තල් සීතලේම ගෙදර එන්න ආවා.....

ජේසු...ජේසු .....ඔබ ඉන්නවා...මට...පේනවා...ජේසූ...

නත්තල් ගහේ මා එල්ලා තියන්නම් තෝරා....ලා.....දෙන්නම් ඕනා දේ.....

ගවහලේ...පිදුරුමිටිය මට වෙන්නට තිබුනා නම්...

මා....සමිදේ....පවින් මුදන්නට ආ සමිදේ...

මිනිස්සුන්ට අද නත්තල්...පහුවෙන ගෙයක් පාසාමඇහුනෙ නත්තල් ගීතිකා....ඇන්ජලින් ගුනතිලකගෙ...චන්ද්‍රලේකගෙ ...සුනිල් පෙරේරාගෙ....රූකාතගෙ කටවල් වලට නිවනක් නැති වෙනකොට abba ලගෙ රිවර්ස් ඔෆ් බාබිලෝන් සින්දුව තවත් කොහෙන්ද ඈතකින් ඇහුනා...

හච්.....චෝස්.....

බුරුල් උන නහයෙන් හොටු දියර වගේම ඇරුන කටෙන් කෙල තලියක් විසික් කරගනම මට කිඹුහුමක් ගියා.....

පින්නටද කොහෙද ...

අම්මා මොනවා කරනවද දන්නෙ නෑ...

හයහමාර කියන්නෙ මගෙ සංධීර් නැගිටලා ඇති.....

තාත්තලාගෙ ගෙදර සිවිලිම තරන් උස නත්තල් ගහ හැදුවද දන්නෙ නෑ...

.මේ පාරත් අරගෑනි බීගන එයිද දන්නෙ නෑ...

කට පියාගන බය වෙලා වගෙ ඉන්නෙ...දෙක තුනක් දීලා එලියට දැම්මා නම් ඉවරනෙ.....

.

මම රටේම දේවල් හිත හිත ගෑටුවා....තාත්තගෙ ජීවිතේම මිහිපිට අපායක් වෙලා තියනකොට ආච්චම්මගෙ ඇස්වලින් කදුලක් නොවැටුන දවසක් නෑ...

ඉස්සර ශෙහානී ශෙහානි ගාගන අපේ අම්මට බැනපු උන්දට් අවසානෙදි මගෙ අම්මා ගාවටම දුක කියාගන එන තැනට ආච්චම්ව අසරන උනා...

මිනිස්සු උනත් දැනගන්න ඕනා තව එකෙක්ට රිදවන්න කලින්...ඔය මහ ගෑනි කොච්චර නම් මගෙ අම්මව ඇඩෙව්වද..හය හතර නොතෙරෙන මට කාලකන්නියා කිය කිය කොච්චර න්ම් බැන්නද....අද....ඒකට අද....කාලකන්නි ගෑනි කියලම අලුත් ගෑනි කතා කරනකොට ආච්චමට මගෙ අම්මා දේවතාවියක් වෙලා උන්නා.....

උඹ කිව්වා හරි මගෙ සංධීර් ...හැමදාම එකම මිනිහට රිදෙන්නෙ නෑනෙ.....මගෙ අම්මා සතුටින් ඉන්න ඕන...හැබැයි මගෙ අම්මා ඒ සතුට දැන් හොයන් ඉන්නෙ....තාත්තා අයින් කරපු ගෑනියෙක් උන මගෙ අම්මා අවසානෙදි තාත්තා නැතුව උනත් සතුටින් ජීවත් වෙන්න පුලුවන් කියන තැනට අද ඇවිත් ඉන්නවා .ඒ අතින් බැලුවම ගෑනුන්ට තියෙන්නෙ මහ යකඩ හිත්... .....

බුහ්.....බු....හ්

හෙමින් හෙමින් ගාට ගාට ගෙදර ආව මම ගේට්ටුවෙන් ඇතුලට එනවත් එක්කම සෑහෙන කාලෙකින් මාව නොදැකපු ජිමියට මාව එක පාරම අදුරන බැරි උනා....දෙසැම්බර් විසි හතර හන්දා ගරාජ් එක වහල දාලා තියනකොට තවමත් හත උනා විතර හින්දද කොහෙද අම්මා තාම ගෙදර දොරවත් ඇරලා නැති හන්දා ජිමියා උගෙ ප්ලාස්ටික් පුටුවෙ නැතුව කුශන් පුටුවෙ සැපට නිදාගන උන්න වගෙම මාව දැකපු ගමන් මෑන් බයවෙලා නින්දෙන්ම බිරුවා...ඒත් එක්කම ඒ ටිකකිම්ම මාව අදුනගත්ත ජිමියා ඒකගෙ හොර කම මාට්ටු වෙයි කියලද කොහෙද කුශන් එකෙන් බිමට පැනලා පිටිපස්සට දිව්වා වගේම මෙච්චර වෙලාම වහල තිබුනෙ දොරෙ අගුල පැන්නුනා.....

ක්ලික්....ක්ලික්....!!!

මම උන්නෙ දොරකොඩ ...නොදන්න එකෙක් මාව දැක්කොතින් හිතන්නෙම හිගන්නෙක් කියලා ....පොලිස් රාල හාමියෙක් දැක්කොතින් හිතන්නෙ මං කුඩු ගංජා කාරයෙක් කියලා ...ඒතරම්ම මාව ජරාජීරන දෙලා තිබුනා වගේම ඉස්සර සුදුපාටට තිබුන ඇස් දෙක දැන් විසි හතර පැයම රතු වෙලා තිබුනා නැත්තන් කහ ගැහිලා තිබුනා...

ඇත්ත...මට ආදරේ විස උනා....මගෙ සංධීර් කිව්වා වගේම මාත්‍රාව ඉක්මවලා ගත්තොතින් ආදරෙත් විස වෙනවා කියලා....

ඉතින් මට ජීවිතේට පලවෙනි වගේම අවසානම ආදරේ විස වෙලා තිබුනා...

මාත්‍රාව පන්නලා ගත්තු මට ආදරේ විසවෙලා මාව උම්මන්තකයෙක් වෙලා උන්නා.....

අ..අශාන්‍යා......!!!

.......

දොර අරිනවත් එක්කම දොරකොඩ උන්නමාව දැකපු තාත්තට කෑ ගැස්සුනා...ඒකත් මට නෙවෙ අම්මට...තාත්තා දැන් නැගිටලා තියෙන්නෙ...මට තාත්තව අතගාලා බලන්න හිතුනා....මම මේ මුනවල් දකින්නෙ කොච්චර කාලෙකට පස්සෙද්.....

අශාන්‍යා...එනවකො

ඇයි අකිල ඇයි....උදෙම්ම බෙරි....ය්...ය්..යෙවීන්....මගෙ....මගෙ...පුතේ....

මම ඇතුලට ආවා ඇවිදින් එහෙම්ම පුටුවක් උඩට කඩාගන වැටුනා...

පුතේ...මගෙ යෙවීන්....

වතුර ටිකක්...වතුර ටිකක් ගේනවා....

තාත්තා අම්මව ආපිට එලෙව්වා...මට නිකන් කලන්තෙට වගේ.....දවස් ගානක් එක දිගට නොකා සිගරට් බීලා බීලමබඩේ මොකුත් නැතුව මගෙ බඩ බොකු පිට කොන්දට ඇලිලා ගහින් තියනකොට මම පුටුවට කඩන් වැටෙනකොට තාත්තා අම්මව වතුර එකක් ගේන්න එලෙව්වා....

යෙවීන්...පුතේ....පුතේ.....

ම්ම්ම්.....

යෙවීන්...ඇස් ඇරපන් රත්තරන් ...ඇයි....පුතේ තාත්තට එක්ක යන්න එන්න නොකිව්වෙ.....අම්මට කියන්න...තිබුනනෙ.....

පුටුවට වැටුන මම ඇස් පියාගත්තා...ඇත්තටම මට ඇස් පිය උනා...ඇගට පනක් කියන නාමයක් නැති වෙනකොට තාත්තගෙ රලු අත මගෙ මූන තෙමනකොට මම කෙදිරුවා ...මගෙ බඩ දනවා...බඩ ගින්නෙ ඉදලමද කොහෙද මට ගෑස් අමාරුවට වගෙ එනකොට මම කෙදිරි ගැෑවා...

යෙවීන්.....යෙවීන්...

බ්බ්....බ්බ්..බඩගිනී....අ...අම්මෙ....

මට තවත් නම් ඉවසන් ඉන්න බැරි උනා...බඩගින්නට බඩ දැවිල්ල උත්සන්න වෙන්කොට අවසානෙදි මම බඩගිනී අම්මෙ කියලා කෙදිරි ගාන ගමන් ආයම ඇස් පියා ගත්තා ....

සුදු මහත්තයා ... කොල්ලො.....පුතේ...

ම්ම්ම්

කෝ...මේක බීලා හිටපන්....

බඩගිනී අම්මෙ ගාලා කෙදිරි ගාපු මම ඇස් පියාගත්තෙ එක අතකින් බඩත් මිරිකගන වෙනකොට ටික වෙලාවකට පස්සෙ තාත්තා මාව වත්තම් කරගන කිරි වීදුරුවක් පොවනකොට මම උගුරෙන් උගුර බිව්වා උනත් මම ආපිටම ඒක එලියට දැම්මා....

බ්බ්....වෑක්ක්.....

දෙයියනෙගෙ නාමෙන් උඹ ඔය විදවන එකෙ සීමාවක් තියාගනින් යෙවීන් ....

ඔය විදවන එකේ සීමාවක් තියාගනින්.....

උඹ මොන දුකක්ද යකො අපිට මේ දෙන්නෙ.....

අනේ..අකිල....ඇතී.....කෑ.ගහන්න...එපා...යෙවීන්...පුතේ...

සලාන්.....ගාන සද්දෙන් කිරි වීදුරුව කුඩු පට්ටම් වෙලා යනකොට මෙච්චර කාලයක් ඉවසන් උන්න තාත්තගෙත් ඉවසීම අද නැත්තටම නැති වෙලා කෑ ගැහුවා.....බඩ පපුව පාරවන් ආපිට වමනෙ දාපු මම අම්මගෙ පපුවට හේත්තු වේගන ඇස් පියාගන්නකොට තාත්තා නත්තල් නොබලා උදානට ගන්න යනකොට මම තාත්තව නැවැත්තුවා.....

ත්ත්....තාත්තෙ...එපා...

එපා....එපා කියන්නෙ....ඇයි බන්...ඇයි කියපන්...ඇයි කියපන් යෙවීන්...උඹ අපිට මෙහෙම කරන්නෙ.....ඇයි පුතෙ උඹ ඔහොම කරන්නෙ.....

...

උඹට....අපි...මොන...අඩුවක්...කෙරුවටද ...යෙවීන්....උඹ...ඔහොම....කරන්නෙ....උඹට...ඕන....හින්දනෙ....කියලා...උඹ...අපෙන්....කවදාවත් ...මොකුත්...ඉල්ලපු...

එකෙක්....නෙවෙනෙ...කියලා....අපි....

එකත්....උඹගෙ....කැමැත්තට...ඉඩදීලා.කට පියාගත්තෙ උඹ මෙහෙම වෙනවා බලන්න...නෙවෙ.....යෙවීන්...

ත්ත්....තාත්තෙ....අ...ඩන්න.....එපා.....

ත්තා...ත්තෙ...

තාත්තා අඩනවා.....කෑලි වෙලා ගියපු වීදුරු කටු සීසීකඩ යනකොට තාත්තා ඇයි උඹ අපිට මෙහෙම් කරන්නෙ අහ අහ අඩනකොට අවසානෙදි මෙච්චර කල් ජීවත් උනත් ජීවත් උනේ නෑ වගෙ උන්න මම අවසානෙදි තාත්තව බදාගන්නකොට තාත්තා මගෙ පුතා...මගෙ පුතා කිය කිය මාව අට් දෙකෙම්ම තූරුල් කරගන්නකොට මම තාත්තගෙ උරහිසට මගෙ මුන තියා ගත්තා...

මගෙ පුතා...

මගෙ පුතා උඹ....

යෙවීන්...කොල්ලා...

මම උන්නෙ බාතෲම් එකේ....ගෙදර ආව මම අවසානෙදි කොන්ඩෙ රැවුල කපන්න යන්න හිතාගන නාගන්නකො තාත්තා බාතෲම් එකේ දොරට ගැහුවා....

ත්ත්....තාත්තෙ.....

මේ බාප්පා ඇවිල්ලා...

බ්බ්...බාප්පා.....

ඔව්....

බාප්පා ඇවිල්ලලු....මම බාප්පව අවසානෙටම දැක්කෙ කවදද...???

මගෙ සංධීර් මට එයාව බලන්න එන්න එපා කිව්වෙ කොහොමද ....මං ඒ හා සමානවම ඒ හැමෝටම මාව බලන එක තහනම් කෙරුවා ...

මං හිතන්නෙ...මගෙ හිතේ වේදනාවට මම පලි ගත්තද කොහෙද ....

බාප්පා ඇවිල්ලා කියන්නෙ....වෙලහට අරකිත් ඔය කොහෙන් හරි එන්න ඇති...

හිස් මුදුනෙ තිබුන ශැම්පු තලිය බිමට වැටෙනකොට මම අත් දෙකෙම්ම ඔලුව කස කස අවසානෙදි ශැම්පු ඔක්කෝම හෝදල ඇරියා....

කොල්ලා...උඹ නාවනවද පැලවෙනවද.....

එ...එනවා.....

තාත්තගෙන් පස්සෙ බාප්පා.....මීට කලින් තාත්තා බාප්පා ඇවිදින් කියල පනිවිඩේ දීලා ගියාට පස්සෙ ඒ ටිකකින් බාප්පා ආවා....

ඒ වෙනකොට මම කන්නාඩියෙන් ඇදුන යෙවීන්ගෙ රූපෙ බලාගන වෙනකොට මම මගෙ බැහැල තිබුන හකු අතගෑවා...කලු වෙලා තිබුම ඇස් වට අතගෑවා....

කහ ගැහුන ඇස් දෙක දිහා බලාගන උන්නා.....

කොටිම්ම...මම වයසයට වඩා වයසක පාට වෙලා තිබුනා...යෙවීන් කෙනෙක් වෙනුවට තවත් සංධීර් කෙනෙක් මං කන්නාඩියෙන් දැක්කා...

කොල්ලා.....

බාප්පා ආයම කෑ ගහනකොට මම ටවල් එකත් ඉනට ඇදන් දොර ඇරන් එලියට ආව විතරයි හිනා වේගන උන්න බාප්පගෙ මූනෙ හිනාව එකම එක තත්පරෙන් නැති වෙලා ගියා...එක තත්පරයක් වත් නෑ.....ඒ මූන සම්පූරනම සුදුමැලි වෙලා ගියා....

ආ යකො....උඹ උන්නෙ අප්‍රිකාවෙද?

බාප්පා ගත් කටට මම උන්නෙ අප්‍රිකාවෙද ඇහුවා...

මම තනිකරම ඇටකටු ගොඩක් .....

බ්බ්...බාප්පෙ.....

බැප්පෙ නෙවෙ.....බලපිය....බලපිය තොගෙ ඇගක හැටි....මගෙත් බාප්පා වගේ.....මුනෙ නාකි පාට.....ආ බොල .....

මම කට පියාගන ඔලුව ගැසුවා.....බාප්පා මාව හරව හරව බල බල බනිනකොට මම ඔහෙ අහන් උන්නා ඇත්ත....මම දැන් බාප්පගෙ බාප්පා වගෙ.....

බ්බ්..බාප්පෙ...

මොකද

ස්ස්...සැලුන් එකට.....ප්..පොඩ්ඩක් .....එ....එක්ක යනවද....

මම මගෙ වැවුන කොන්ඩෙ ඇද ඇද සැලුන් එකට පොඩ්ඩක් එක්ක යනවද අහනකොට බාප්පා ඵෝන් එක කකා උන්නා.....මම දැනුයි බාප්පව හරියටම දැක්කෙ.....දැන් නම් වයස ආපස්සටද කොහෙද යන්නෙ.....

ඒ අස්සෙ කොන්ඩෙත් පාට කරලා.....

බ්බ්..බාප්පෙ....

මොකද යකෝ....

සැලුන් එකට අක්ක යනවද අහනකොටත් ඵෝන් එකේ සිහියෙන් උන්න බාප්පට අනිත් පාර මං කෑගැහුවා....

අනිවාර්යයෙන්ම අරකි සෙට් වෙලා.

ඉන්නෙ බාප්පා එක්ක....නැත්තන් තත්තාත් නොකියා මෙහෙ ආවෙ කොහොමද .....??

ටින්...

කොන්ඩෙ පාට කරපු ජැන්ඩි පහට ඇදලා උන්න බාප්පා දිහා බාප්පගෙත් බාප්පා වගෙ බලන් උන්න මගෙ ඵෝන් එකට මැසේජ් එකක් ආවා වගේම මම ඕපන් නොකර උඩින් බැලුවා.....

රැවුලයි කොන්ඩෙයි කපන් ඉන්නවා.මං දවල් වෙලා එනවා...

ඔය පනින්නෙ බලල්ලු මල්ලෙන් එලියට .....ඒකි මෙහෙ එනවා කියපු හින්දා වෙන්න ඇති නාකි සංධීර්ගෙ නාකි බෑනත් මෙහෙ රිංගුවෙ....අනේ අනේ බාප්පෙ.....

වර වර යන්න....තව ටික කාලයක් උන්නොත් උඹගෙ ඔලුව බොබ්මාලිගෙ වෙනවා....

මගෙ කොන්ඩෙ දැකපු බාප්පා වර වර යන්න කියලා මාවත් ඇදගන යනකොට අරකි නොකියපු දේ මම බාප්පගෙන් දැනගන්න හැදුවා....

බ්බ්බ්...බාප්පෙ...

ම්ම්ම්ම්ම්....

දෙයක්....ත්ත්...තියනවා....අ..අහන්නද...

අහපන්.....ගියොත් වචනයක් ආවොත් අලියෙක්.....

බ්බ්..බාප්පට.....ක්ක්..කවුරු ..හ්.හරි...ඉ..ඉන්නවද.....

එකක් කියලා නෑ බන්.....ඇයි

ව්..විහිලු න්න්....නෙවෙ....බ්බ්...බාප්පා....ක්..කාට....හරි....අ...ආ....අදරෙ....ක්ක්...කරනවද....

ඇයි උඹලගෙ බාප්පා ආදරේ කෙරුවොත් කෙරෙන්නෙ නැද්ද??

දැන්නම්....සීයට දාහක් විස්වාසයි....ඒකිත් කිව්දෙ ඔයම වචන ටිකම.....ඒකිත් ඇහුවෙ....ඔය වචන ටිකමයි.....ඇරත්....මේ එන්නෙත් ඒකි ගාවින් ආව බාප්පගෙ ෆර්ෆියුම් සුවද...

බ්බ්...බාප්පෙ.....අ...අමේලි.....

අමේලි.....ම්ම්..කව්ද....ඒ

ම්ම්...මගෙ....ය්...යාලුවා....

ආ....විසකූරු මල...

අනෙ...අම්මෙම නරියෙක් මූ....ඇයි යකො දන්නෙ නෑ වගේ රගපාන ලස්සන...නටන්න පුලුවන් වන්නම් දහ අටම නටලා දන්නෙ නෑ වගෙ කව්ද ඒ අහනවා....

..ඉතින්....ඇයි....ඒකිට මක් වෙලාද....කොල්ලෙක් වත් සෙට් කරන්ද...

ම්ම්ම්ම්ම්...ඔ..ඔය.....ක්..කියන්නෙ....

ම්ම්ම්...ඒහෙමද.....කොල්ලා ලස්සනද.....ලස්සන ඇති ...ඒකි ඉතින් ලස්සන නම්.....කොල්ලා අනිවාර්යයෙන්ම ලස්සන එකෙක් වෙන්න එපැයිනෙ...නැත්තන් කොහොමද බොරුනම් බලපන් මං දිහා ...වයසයි කියලා කියන්නවත් පුලුවන්ද බෑනෙ.....

උඹ යි මායි එක ගාව ඉන්නකොට උඹ නිකන් මගෙ බාප්පා වගෙ....

යෝහ්.....සංජීර්...අපේ බාප්පා අරකිව අල්ලගන...සංජීර්....ම්හුක්....නාකි එලදෙන්නු කන්නෙම ළපටි තනකොල සංජීර්....

මං හරි අමාරුවෙන් බාප්පගෙ අපහස ඉවසගන උන්නා...සැරින් සැරේම ඵෝන් එක බලපු බාප්පා අනිත් පාර කොන්ඩෙ දිහා බැලුවා ....

කොල්ල...

ම්ම්ම්ම්ම්...හ්

මේ හෙයාර් කලර් එක සෙට් නේ...

හුම් හුම්....

හුම් හුම් ගාන්නෙ කියකො කට ඇරලා

ය්ය්...යෝහ්.....ල්ල්...ලස්සනයි...අ..අප්පා...ම්ම්..මේක....ප්ප්...ප්ප්....ප්ප්....

ප්ප්...ප්ප්...තමයි....

මන් අනිත් පැත්ත හැරුනා.....කොන්ඩෙත් පාට කරන් මුලු ෆර්ෆියුම් බෝතලේම නාගන...කියන්න ඕන සංධීර්ට මං කොල්ලෙක් හින්දා අපි දෙන්නා අතර ඔය වෙච්ච ලිංගික සම්බන්දතා ඒ තරම් ලොකුවට ගානක් නැති උනාට අරකිට ඔව්වට ඉඩ දෙන්න බෑ කියලා ...

කව්ද දන්නෙ බාප්පා අනාත කෙරුවොත්....

හෙන මනමාල කමත් එක්කනෙ....

අනික රට පුරාවටම ගෑනු....

ඊටත්.....ඉක්කේහ්.....මට මැවෙනවනෙ....

මොකද උඹව ඔය රතු වෙලා රක්ත පාතෙද.....?

න්න්න්...නැ....අ...අන්ඩ වාතෙ.....

කොතන අන්ඩටද මෙතන තියන මේ අන්ඩටද??

ඒ....ඒ....ව්...බ්බ්බ්.....බා....බ්බ්...බාප්පේහ්.....!!!!!!

යෝ.....පොඩි ජුන්ඩෙක්නෙ තාම.....

හ්හ්....http...!!

ආ...ආ...ආ.....අනෙ නිකන් ඉදු ....මං ඕක දැකලම නෑ....

මං මැරෙන්න හැදුවා බාප්පට විරුද්දව එක එක දේවල් හිත හිත උන්න මාව රතු වෙලා යනකොට බාප්පා මගෙන් මොකද උඹට රක්තපාතෙ ද අහනකොට ගොත ගගහාම අන්ඩවාතෙ කියපු මගෙ කකුල් දෙක මැද මිරිකපු බාප්පව මම මරන් කන්න හැදුවා ....

මේක නම් වෙන්න දෙන්න බෑ...ම්හුක්....සංජීර් ...සංජීර්ගෙ ඇබිත්තමව මේ බාප්පා අපයෝජනේ කරනවනෙ...නඩුවක් දාපන් සංජීර්...

හිටපන් බාප්පෙ...මං සංධීර් එක්ක පැනලා යනවා....උඹට දෙන්න කෙල්ලො එහෙ නෑ කියනවා...ඇයි යකො...

ටින්.....

මගෙ අතේ තිබුන ඵෝන් එකට මැසේජ් එකක් ආවා....

අරකිගෙන් ඒකිටත් ඉන්නම බෑ...මැසේජ්ම කොටනවා මට පේන්න බෑ මැසේජ් කරන එක.....

කොහෙද ඉන්නෙ....

කීයටද එන්නෙ.....

ඇයි යකො රිප්ලයි කරපියකො

යෙවීන් උඹ මොන සැලෝන් එකටද යන්නෙ

මං නෙවෙ උත්තර බැන්දෙ ....ඒකි විනාඩියට මැසේජ් කෝටියක් විතර එවනවා .....මොන සැලුන් එකටද යන්නෙ මූව බලන්න එන්නද දන්නෙ නෑ....ඔක්කොම කරලා බාප්පා ඉන්නෙ දැන් ඉපදුන කිරි සප්පයා වගෙ.....අනෙ ඉතින් ක යන්නට ඉස් පිල්ල නැතුව ඇල පිල්ල දැම්මා නම් තමා හරි...

ම්හුක් ....සංජී...ර්...සංජීර්ගෙ ඇබිත්තමට බාප්පා ගැන ඊරිසියාවක් ඇති වේගනනෙ එන්නෙ ...හ්හ්හ්👉👈😩

ටින්....

ආයමත් මැසේජ් එකක්....

ආයමත් මැසේජ් එකක්.....

ඒකිට අර කොල ගෙම්බව වැහිලා .....එක දිගට මැසේජ් කෝටියක් එනකොට මං අහම්බෙන් වගෙ උඹගෙයි මගෙයි යාලු කම අදින් ඉවරයි කියලා දාලා තිබුනා ....

"උඹගෙයි මගෙයි යාලු කම අදින් ඉවරයි http!"

එව්.....මේකි එව්....

අච්චරත් මැසේජ් එවලා මං නෙවෙ රිප්ලයි කෙරුවෙ ..මං ශටර් එකෙන් එලිය දිහා බලන් උන්නා.....

සමහර මිනිස්සුන්ට දඩුවම් කාලෙ ඉවර වෙන්න කලින් නිදහස දෙනවා .....ඒත් මගෙ සංධීර්ට....

නත්තල් දවස් හන්දම හැම කඩේකම හැම තැනකම නත්තල් ගහක් ගවලනයක් තිබුනා.....ෆුඩ් සිටියෙ ඉන්න කෙල්ලො ඔලුවට නත්තල් පප්පා තොප්පිය දාගන වගේම ෆුඩ්සිටිය ඉස්සරහත් නත්තල් පප්පට ඇදපු කොල්ලො වගයක් කොල බෙදන ගමන් උන්නා....

එයාටත් නත්තල් හුලන් දැනෙනවා ඇති.....

මගෙ සංධීර්.....උඹ දැන් කොයි වගේද සංධීර් .....

මං යන එන මිනිස්සු දිහා බලාගන එයාගැන හිතනකොට බාප්පා සැලෝන් එක ගාවින් වාහනෙ නැවැත්තුවා ....

උඹත් ඔය මුඩ්ඩ පොඩ්ඩක් පාට කරගනින්...

බහින්බ හදපු මගෙ කොන්ඩෙ අල්ලලා බාප්පා මගෙ මුඩ්ඩ පාටකරගනින් කියනකොට මම බාප්පට පෛයිත්තියන්ද කියලා අහන බැල්මක් දාගන බහිනකොට මගෙ අය්හේ තිබුන ඵෝන් එක ආයම රිංග් උනා....

Amelia ❤

නම්බර් එක එයාගෙ....මම දන්නවා....රිප්ලයි යැව්වෙ නැතුවට මේ ගන්නෙ...හරියටම මම වගේ මැසේජ් කෝටිය විතර යවලා සංධීර්ට බනිනවා වගෙ.....

මම බැනුම් අහන්න බලන් ඵෝන් එක ආන්ස්වර් කෙරුවා

හ්හ්හ්...හෙලෝ....

මොන මගුලෙද ඉන්නෙ යෙවීන්....මොන මගුලෙද....මං කීයෙ ඉදන්ද මැසේජ් කරන්නෙ....නැති තැන ගෙදරත් ගියා....තාත්තා කිව්වා අර මනුස්සයා සැලෝන් එකට එක්ක ආවා කියලා....ඔය තරම්ම ඉන්න තැන කියන්න අමාරුද යෙවින් ආ...??

හ්හ්...හුස්මක්....ග්...ගන්න.....

එයා මට බැන්නා.....හුස්මක් නොගෙනම බැන්නා...අවසානෙදි මම එයාට හුස්මක් ගන්න කියනකොට එයා මට තවත් බැන්නා...මොන.මගුලටද මගෙන් අහන්නෙ බාප්පගෙම්ම ඇහුව නම් ඉවරනෙ...අනේ....අපේ බාප්පත් තව එකියෙක් දිහා බලන්න තියන චාන්ස් එක නැති කරගන්න් බැරි හින්දා මේකිට කියන්න් නැතුව ඇති....

හොද වැඩේ නාකි මනාට....ඇස් දෙක ගලවන්න ඕනා.....

කෝ බාප්පා....

ඇ...ඇ..ඇතුලට.....ග්ග්...ගියා....

ඒ අනිකා....ඒ අනිකා...මේ යෙවීන්....බාපට කියනවා මට නම් හදන එක නවත්තන්න කියලා ආයම මට මොක හරි නමක් හදන් ආවොත් මල කද කානුවකින් ඇහිදගන්න බලන් ඉන්න කියනවා හරි....

........

අනේ...සංජීර්.....හ්.....උඹගෙ දෝනියා මාව කන්න හදනවනෙ.....ම්හුක්...උණ ඔහෙ ඉදන් මාව බලාගන්න යකින්නියක් දාලා ගිහින් .....එලියට වරෙන්කො....ආව ගමං මං මේ සම්බන්දේ නවත්තලා උඹව ආයම බරපතල වැඩ සහිතව දස අවුරුද්දකට ඇතුලට දානවා.....ම්හූක්

...අමේලි.....

මොකද...කොහෙද ඉන්නෙ කියනවා...වැදගත් දෙයක් කියන්න තියනවා.....

ස්ස්....සැලෝන්...එකෙ...ක්ක්..කාගිල්ස් එක ...ග්..ගාව...තියන එකේ.....

ම්ම්...හරි....මන්..තව....විනාඩි....දහයෙන් ඔතන හරි....

ව්...විනාඩි....ද්ද්...

බීප්.....බීප්.....බීප්.....

යකින්නි....

කොල්ලා....එන්නෙ නැද්ද....

ඇතුලට ගියපු බාප්පා අනිත් පාර මට අඩගහනකොට බාප්පගෙ විසකුරු මල මට ඈ ගහලා කෑගහලා මගෙන් උත්තරේ නාහම ඵෝන් එක තියනකොට මම බාප්පව.කන්න බලන් උන්නා....

ඔක්කොටම හොරාවට මගුල් පටලවන් දැන් මෙතන පූසා වගෙ ඉන්නවා...නිකමට කියන්නෙ නෑ මම නාකි බෑනෙගෙ දෝනියැන්දා එක්ක අයථා සම්බන්දයක් පටන් ගත්තා කියලා ...

මම ඔලුව කස කස බලන් උන්නා.....මොකද ඒකි තව ටිකෙන් එනවා කිව්වා.....

මම කොච්චර බැන්නා උනත්..... එක අතකට මමත් වැරදි....මොකද.....මම ජීවත් උනෙත් මේ ලෝකෙ නෙවෙනෙ ...මම ජීවත් උනාට වඩා..මැරුන එකෙක්....ඉතින් මම කොහොමද ඒ දේවල් දන්නෙ....ඇරත්....මට කිව්වා කියලා මොකක්ද වෙන්නෙ..මං ඔහේ ඉදී.....

මම එහෙම්ම සැලුන් එකට නොයා මහපාරෙ එහා මෙහා යන මිනිස්සු දිහා බලන් උන්නා....රෙදි කඩ අස්සෙ මිනිස්සු උතුරනවා.....රෑට පල්ලි යන්න තියන උන් තාම ඇදුම් ගන්නවා.....ලොකු ලොකු සල්ලි කාරයෝ...සාමාන්‍ය ආදායම් තියන උන් හොද හොද කඩවලින් රෙදි අරන් යනකොට දවසෙ පඩිය ගන්න....සපත්තුවක් මහන කුඩයක් මහන වගේ මිනිස්සු යන්න මොහොතකට කලින් දිනපතා පොල ඇතුලට ගිහින් නම් නොගහපු සිලි බෑග් වල ඇදුම්.පුරවන් එන හැටි මම බලන් උන්නා.....

එකම රටක....සම්පත් බෙදිලා යන හැටි...

අපි කොච්චර ලස්සන ඇදුම් ඇන්දත්...හෙට නත්තල්.උනත්..මිනිස්සු අද පල්ලි ගියා උනත්....කට රහට කෑවා උනත්....අනෙ එයා ....එයාලා...එයාලා අර කහ ගැහුන ඇදුමම ඇදන් ඉන්නවා...

නත්තල කියන්නෙ...එයාලට තවත් එක දවසක්...

මගෙ ඇස් වලට ආපහු කදුලු බින්දුවක් මෝදු වෙනකොට මම ඇස් පිහන්න හැදුවා.....හැබැයි මට ඒක පිහදගන්නවත් හම්බුන් නෑ...මගෙ ඉස්සරහින් කුනුලේ පාට කාර් එකක් නැවැත්තුවා.....

කව්ද ඒ .....උදාන වෙන්න බෑ...එයාට තියෙන්නෙ අලුපාට එකක්.....

යෙවින්.....

අමේලී.....

කාර් එකෙන් බැස්සෙ අමේලි....එයා කා එක්කද ආවෙ...ඇරත් මේක....මේ කාර් එක.....එයාලට මේ පාට එකක් නෑ....

මම කාර් එක කාගෙද කල්පනා කර කර බලන් ඉන්නවත් එක්කෙම කාර් එකේ අනිත් දොරත් ඇරුනා....

....

...

යෙවීන්...මේ...ඉන්නෙ...මෙයා....තමා..

මගෙ.....

මං අමේලි දිහා බැලුවා....මාව අඩියක් දෙකක් පස්සට ගියා වගේම එයා මේ ඉන්නෙ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා මගෙ බාප්පව පෙන්නනවා වෙනුවට වෙන කෙනෙක් පෙන්නනකොට මාව අඩියක් දෙකක් පස්සට ගියා.....

බබී....මෙයාද ඔයාගෙ යාලුවා.....

ම්ම්...ඔව්..මෙයා තමයි .....යෙවීන්....

යෙවීන්....මේ ඉන්නෙ....

ප්ප්....ප්‍රනීත්....

මට මිමිනුනා...එයාගෙ කොල්ලා බාප්පා නෙවෙ.....ප්‍රනීත් වෙනකොට මට මිමිනුනා විතරක් නෙවෙ....එයා මාව දන්නෙ නැති විදිහට රගපෑවා...එතකොට පාන්දර කතා කර කර උන්නෙ...ඒ ඇත්තටම බාප්පට උනත්.....

මම ප්‍රනීත් දිහා බැලුවා...එයා වෙනස් වෙලා...එයා නොසෑහෙන්න වෙනස් වෙලා....අර කොලු කාර ගති ඔක්ලොම වෙනස් වෙලා....ඇත්තටම මම එයාව අවුරුදු ගානකින් මේ දකින්නෙ....

ඔන්න යෙවීන් ...මැරෙන්න හැදුවනෙ ....මන් ආදරේ කරන්නෙ කාටද ඇහුවා නේ....මේ ඉන්නෙ....මෙයා තමයි....

හ්..හෙලෝ.....

මම අතට අත නොදී ලාවට හෙලෝ කියනකොට බාප්පා කෝ අහපු අමේලි සැලෝන් එක අස්සට දිව්වා වගේම මෙච්චර වෙලාම ඈතින් උන්න ප්‍රනීත් මගෙ ලගට ආවා..ලගට කියන්නෙ ලගටම ඇවිදින් හිටන් මගෙ උඩ ඉදන් යටටම බැලුවා...

බබා...

......??

බබා.....අවුරුදු ගානකට පස්සෙ...ආයමත්.....ආයමත් බබා....ඇරත් අමේලි එක්ක යාලුවෙලා ඉන්නකොටම....

මම රවාගත්තා...එයා බබා කියනවත් එක්කම මම රවා ගත්තා...

ඔයා වෙනස් වෙලා...ටිකක් නෙවෙ...නොසෑහෙන්න.....

නොසෑ....හෙන්න....මම හිතුවෙ නෑ....ඔයා මේතරම් වෙනස් වෙලා කියලා ....ඇදිලා ගිහින්...කොටිම්ම....නාස්ති වෙලා ගිහින්....

ම්ම්..මිස්ටර් ....ප්‍රනීත්.....ම්..මං...හිතන්නෙ....ඔ..ඔයා....ඔයාගෙ....ස්..සීමාවෙ....උ....

උන්නොත්.....හ්..හොදයි.....

මම ඒ අත ගසලා දැම්මා.....ඔයා වෙනස් වෙලාකියන ගමන් මගෙ කම්මුල අතගාපු අත ගසලා දාපු මම පුරුදු විදිහටම රවනකොට එයා හිනා උනා.....එයා කට කොනින් හින වෙලා අත් දෙක සාක්කුවට දාගත්තා....

නපුරු කම...

ත්ත්....තමුන්...මගෙ....ය්..යාලුවට....බ්..බොරුවක්ද.....ක්..කරන්නෙ.... ?

ම්ම්....නෑ...කොටිම්ම නෑ...මං...අවංකවම ආදරෙයි.....ඒත්...බබා.....මිනිස්සුන්ට පලවෙනි ආදරෙ අමතක කරන්න අමාරුයි කියනවා....අහල තියනවා නේද

අ..අමාරු...උනාට.....ත්ත්...තමුන්ට .දැන්....අමාරුවෙන් ...හ්..හරි ...අමතක....ක්..

කරන්න වෙනවා....ප්‍රනීත්....හ්..හරි...

ඒක....මගෙ....හිතත්...එක්ක...කතා...

කරලා....විසදගන්න ඕන දෙයක්

යෙවීන්....

මම රවාගන උන්නා....අවුරුදු ගානකට පස්සෙත් එයා ආයම මගෙ ගාවට එනකොට එයාගෙ පිට රූපෙ විතරයි වෙනස් වෙලා තියෙන්නෙ කියන එක මම ඒ තත්පර ගානෙන් තේරුම් ගත්තා වගේම මම එයාව දාලා ආපිට යන්න හැදුවා....

මට ඔයාව හම්බෙන්න ඕනා යෙවීන්

ම්ම්...මට....ව්..වෙලාවක් නෑ.....ස්ස්..සොරි

ඇයි එහෙම කියන්නෙ.....ඇයි වෙලාවක් නෑ කියන්නෙ....ඔයාට එක විනාඩි පහක් නැ කියන්න බෑනෙ...නේ....

ක්ක්..කරුනාකරලා ම්ම්..මාව....අ..අතාරිනවා.....ප්..ප්‍රනීත්....

බබා.....please ...

ත්ත්...තමුසෙට....ම්..මොලේ....හ්..හොද....නෑ...ඕයි.....තමුසෙ....ම්..මගෙ...ය්ය්..

යාලුවගෙ...ක්ක්..කොල්ල...නිසා... ඉවසනවා....න්න්..නැත්තන්....

මම ඒ අත ගසලා දැම්මා.....මාව හම්බෙන්න ඕනා කියනවත් එක්කම මම අත ගසලා දැම්මා ....මට දැනුන තරහවට දත්මිටි කෑවා.... අමේලිගෙ කොල්ලා නිසා ඉවසනවා කියපු මම අත මිටි මොලවගන ඉදලා ප්‍රනීත්ව තල්ලු කරලා දාපු මම කෙලිම්ම සැලෝන් එකට යන්න යනවත් එක්කම කට කොනකින් හිනා වේගන උන්න ප්‍රනීත් ආයම කතා කෙරුවා .....

හොදම යාලුවගෙ කොල්ලා නිසා ඉවසවා.....නැතිනම්.....නැතිනම් මොනවද කරන්නෙ යෙවීන්.....

...

නැතිනම්....අර...අශාන් සිල්වව වගේ මරලා දානවද...?????

.......!!!

😩 හුවෑ....හ්....අමේලි.....හ්හ්.....

බොරුකාර පන්තියේ ජොබී නිදහාස්....

ආයම එන්නම්...ඈ...

ම්හුක්...දිග කොටසක් දුන්නා.....

Ferdeesha ❤️💚😘 ...

More Chapters