Cherreads

Chapter 97 - 97

ස්ස්...සංදීර් .....

එයා එනවා...අනෙ මගෙ සංධීර් එනවා....මට තාත්තව අමතක උනා.....එක මොහොතකින් මට මුලු ලෝකෙම අමතක වෙලා ගියා...එහෙම නොවී තියේවිද දෙයියනෙ...මගෙ මුලු ලෝකෙම ඇස් පනාපිට ඉන්නකොට ....

ස්....ස්....සංජී....ර්‍ර්...ම්ම්හුක්...

මම දිව්වා....එයා එන මගටම දිව්වා...පොලිස් කාරයා ඉන්නවා වත් නොබලම ඇගේ එල්ලුනා...

අනේ...අනෙ මට අඩන්න බෑ...අනෙ මට අඩන්න නම් බෑ දෙයියනෙ.....

මගෙ ගැහෙන පපුව කිව්වෙම අනේ අඩන්න නම් එපා.....උඹ ඇඩුවොතින් උඹේ සංධීර්ට වාවන්නෙ නැති වේවි කියලා වෙනකොට මම අඩන්න ඕන තැනදි හිනා උනා....

ඒත්...එයාගෙ මුනට හිනාවක් ආවෙ නෑ...එයාගෙ මූනෙ තිබුනෙ බොරුවට හිනා වෙන මා දිහා බලාගන ඉදලා ලාවට...ඇහැට පේන්නෙ නැති හිනාවක් දුන්නා.....

අනෙ මම හිනා උනේ කට පුරවලනෙ...

එයාට දැනුනද.....

මම කරන්නෙ බොරුවක් කියලා .....

එයාට දැනුනද....මම කරන්නෙ රගපෑමක් කියලා....?

මොන බොරුවක්ද.....මොන තරම් බොරුවක්ද...

මම මේ කරන්නෙ අහුවෙන බොරුවක්නෙ දෙවියනෙ.....

ස්ස්.....ස්..සංධීර් ....

මම ඒ අත්,මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා.....

මා දිහා තත්පරයක් දෙකක් බලන් උන්න එයා අනේ මගෙ කට එයාගෙ මහපට ඇගිල්ලෙන් අතගෑවා....

කට රිදෙන්නෙ නැද්ද ම්ම්ම්.....

ක්ක්...ක්ට.....

ම්ම්ම්ම්ම්.....බොරුවට හිනා වෙලා කට රිදෙන්න නැද්ද මගෙ යෙ යෙ ගේ...

මං හිතන්නෙ මට එතනින් එහා නම් අහන් ඉන්න බැරිව යන්න ඇති.....මට එතනින් එහා අහන් උන්නත් වාවගන්න හයිය නැති වෙන්න ඇති.......එයා ඇහුවා...එයා ඇහුවා බොරුවට හිනා වෙලා කට රිදෙන්න නැතිද කියලා...

ස්ස්...ස්ස්....සංධීර් ...අ..අනේ....මගෙ....ර්...රත්තරන් ....

මට ඇඩුනා.....ගෙවුන පැය හතලිස් අටට කදුලු ගංගාවක් මගෙ ඇස් වලින් හැලෙන්න පටන් ගත්තා...

යෙවීන්....

මම උන්නෙ සංධීර් ගෙ ඇගේ එල්ලීගන.....මම උන්නෙ එයාව පිස්සෙක් වගෙ ඉඹ ඉඹ.....එතන උන්න පොලිස්කාරයට ඒක ගානක් උනේ නෑ...

මොකද....ඒ මනුස්සයගෙ ඇස් වල තිබුනෙත් වෙන මිනිස්සු පටලවගත්තු තාත්තා පුතා බැදීමක් හා සමාන බැදීමක් වෙනකොට මම මගෙ සංධීර්ට ආදරේ කරන්නෙ කොයි විදිහටද....සංධීර් කියන්නෙ මගෙ කව්ද කියන්න දන්න තාත්තා මාව නවත්තන්න හැදුවා....එයා මට යෙවීන් කියලා එක පාරක් කතා කෙරුවා .....ඒත්....ඒත්...මට නෙවෙ මේ කිසිම දෙයක් ගානක් උනෙ....මට නෙවෙ මේ කිස්

කිසිම දෙයකින් වැඩක් උනේ.....

මට ඕනෙ එක දෙයයි....මේ තියන විනාඩි ගාන ඇතුලත මගෙ සංධීර්ගෙ ආදරේ එයාගෙ උනුසුම....එයාව දැනෙන්න හුස්ම ගන්න එක විතරයි ...මොකද ...මං දන්නෙ නෑ.....

එයා දන්නෙත් නෑ.....

අපිට ආයම අපි දිහා කවදා බලන්න වෙයිද කියන්න මමවත්...එයාවත් දන්නෙ නෑ....

පුලුවන් නම්...ටික වෙලාකට මට මෙයා එක්ක ඉන්න දෙනවද....

මං බලන් උන්නා....

මම දැකලා නෑ කවදාවත් මගෙ සංදීර් මෙහෙම් බැහැපත් වෙනව...මගෙ අත අල්ලගත්තු එයා කාකි ඇදුම ඇදන් උන්න මනුස්සයා දිහා බලලා ටික වෙලාවක් ඉල්ල්නකොට වෙ මනුස්සයා සෑහෙන්න වෙල බලන් උන්නා....

අපිට කියලා තියෙන්නෙ තමුන්ව කාටවත්ම හම්බෙන්න දෙන්න එපාය කියලා....ඒත්....

කරුනාකරලා .....මට මගෙ ලමයව රිදවන්න බෑ....

ස්ස්....ස්..සංධීර් .....

මම ඒ අත මිරිකගත්තා...."මට මගෙ ලමයව රිදවන්න බෑ...."අනෙ ඒ වචන...එ වචන දෙවියනේ.....

හ්ම්.....

මගෙ ඇස්වල තිබුන කදුළු දැකලද කොහෙද කකි ඇදුමට හැගිම් වහන් කරගත්තු මනුස්සයා හ්ම් ගාලා යන්න යනකොට මම ඒ ඇස් දෙක දිහා බලන් උන්නා...

වස්තුව........

ස්ස්....ස්..සංධීර් ....

යෙවීන් කියන වචනෙ ඇරුනම.....ඇබිත්තම කියන වචනෙ...කුකුල් පැටියා කියන වචනෙ ඇරුනම.....කලාතුරකින් බබ කියන එයා අනෙ අද මට මට පුරාවටම වස්තුව කියනකොට මම ඒ මැල උන මූන අත් දෙකෙම්ම අල්ලගත්තා...

අනේ...එයා මේ පැය ගානට...අවුරුදු ගානකින් වයසට ගිහිල්ලා.....ඒ මූන කලු ගැහිලා ...කොයි වෙලෙත් පිලිවලට තියෙන කොන්ඩෙ ඇවුල් වෙලා ගිහිල්ලා...

උ..උඹට...උ..උන්.....ග්.ගැහුවද....ම්...මගෙ.....සංධීර් .....

හෙට චන්දෙ නේද....සංධීර්ගෙ ඇබිත්තම.....කොහෙවත් නොයා....ගෙදර ඉන්න ඕනා තේරුනාද....

ස්ස්....සංධීර් .....ම්ම්..මං..ඇහුව...දේට...

උත්තර ...දියන්....ස්ස්..සංධීර් ....මේ...මූනෙ...කලු.....පාට.....ලප.....ඇ..ඇයි...මේ....ක්..කම්මුල්...ත්ත්....තඩිස්සි....වෙලා ....අ..අනෙ....ස්..සංධීර් ...මට....මට....ක්..කියපන්.....ඇමතියා....ඒකා...ඒකා...ම්..මෙහෙ....ආවද.....ඒ..ඒක...ම්..මෙහෙ.....ආවද.....ස්..සංධීර් ...??

මම අහන ප්‍රශ්න මගෑරපු සංධීර් මගෙ ඔලුව අත ගගා හෙට ජන්දෙ නේද....කොහෙවත් නොයා ගෙදර ඉන්න ඕනා කියලා කියනකොට මම ඒ අත තදින් අල්ල ගත්තා...ඒ අල්ලගන්නවත් එක්කම එයාගෙ ඇස් දෙක එක පාරම හීනි උනා.....

හරියටම අපේ තුවාලයක් තියන තැනක් නොදන්න කවුරු හරි අපි හිතපු නැති වෙලාවලදි තදින් අල්ලනකොට දැනෙන වේදනාව වගේ එයාටත් එක පාර දැනුන වේදනාව එක්ක ඇස් දෙක හීනි වෙලා ගියා.....

මම එයාගෙ මැනික් කටුව ගාව් බැලුවා.....රතුපාට පාරක්.....මම අනිත් අතත් අරන් බැලුවා...ඒ අත් දෙකේම රතු පාට පාරවල් ...

මම එහෙම්ම දෙකට නැවිලා කකුල් දිහා බැලුවා....වලලුකරවලත් පාරක්.......

ම්ම්..මට....කියපන්....ස්...ස්..සංධීර් ....ම්..මොන....ප්..පරයද.....උඹව....එ...එල්ලුවෙ...

ඇබිත්තම....කෝ..කෝ....මේ බලන්නකො...

බ්බ්..බලන්න....බලන්න...දෙයක්....න්න්..නෑ....ම්..මට....ම්මට...උඹගෙ ...ඇ..ඇඹිත්තමට...තව....බ්..බලන්න...දෙයක්....ඉ..ඉතුරු....වෙලා....න්..නෑ....මගෙ....ස්..සංධීර් ....ම්..මට...අනේ...අනේහ්....අනේ....හ්හ්...මට....කියපන්...අනේ...මට....කියපන්...මගෙ....ර්...ර්..රත්තරනේ...අ...අනේ....

කියපන්...කෝ...

මට වාවන්නෙ නැතුව ගියා....මට දැනෙන දුක මගෙ හදවතට ඔරොත්තු දෙන්නෙ නැතිව ගියා....ඒ අත්වල ඒ කකුල් වල තිබුන රතුපාට පාරවල් දැකපු මට වෙදනාව දරාගන්න බැරිව මම එයාගෙ ඇදුම් උස්ස උස්ස බැලුවා.....

ඔහෙ මොකුත් නෑ වස්තුව.....

අඩ අඩ ඇදුම් අස්සට ඔලුව දාන මාව ආයම යතා තත්වෙට ගේන්න සංධීර් මට බොරු කරනකොට මම කිසිම කලුපාට පාරක් රතුපාට පාරක් නැති....පිච්චුන කැලල් වගේම මදුරුවො කාපු කැලැල් ඇරුනම වෙන මොකුත් නොතිබුන පිට දිහා බලන් උන්න මම ආපහු ඔලුව ගන්න හදනවත් එක්කම පිටේ තිබුන තිබුන තඩිස්සි පාරවල් මම අහම්බෙන් වගේ දැක්කා....

ස්ස්...ස්.....සංධීර් ....

මම ඒ ඇස් දිහා බැලුවා.....ඒවා වේදනාවෙන් පිරිලා.....එයාට ගහලා....එයාට අත පය බැදලා ගහල...නැතිනම්...නැතිතම්.....

යෙවීන්.....යෙවීන්....මොකක්ද...ආ....ව්ව්හ්

මම එයාගෙ බැනියම සම්පූරනම ඉස්සුවා......ඒ අත් ඉදිමිලා...උරහිස් තඩිස්සිවෙලා ...එයාව උන් අත් දෙකෙන් එල්ලලා ...

ම්ම්..මොනා වලින්ද...ස්ස්...සංධීර් .....ග්..ගැහුවෙ.....ම්ම්ම්

මම ඇඩුවෙ නෑ....මං දන්නවා...මම අඩන දිහා එයා බලන් ඉන්නෙ වේදනාවෙන්....මම ගියහමත් එයා වේදනාවෙන්....එයා අඩාවි.....එයා තට්ට තනියෙන් ඉදන් ආඩාවි......

මට කියන්නකො...ඔයාට කොහොමද ම්ම්ම්....ඇයි...මේ ඇග රස්නේ....මගෙ කුකුල් පැටියට උන හැදුනද.......

ස්ස්.....

ටිකක් හයියෙන් කතා කරපන් රත්තන්...මේ...නාකි මිනිහට දැන් ඇහෙන්නෙත් නෑ...

එයා හිනා උනා....මගෙ නලලට අත තියලා ඇයි ඇග රස්නෙ කියලා අහපු එයාට මම කතා කරන්න යනකොට එයා කිව්වා හයියෙන් කතා කරන්න මේ නාකි මිනිහට ඇහෙන්නෙ නෑය කියලා .....

මම ඒ අත් වලින් අල්ල ගත්තා ...අපි දෙන්නම උන්නෙ තවමත් හිටගන වෙනකොට මම එයාව අතින් අල්ලගන ගිහින් සිමෙන්ති බංකුව උඩ ඉදගත්තා...මෙතනිනුත් ඇතුලට ගියහම තියෙන්නෙ මෙයිටත් වඩා වේදනාත්මක ලෝකයක් .....

උන් එයාට ගහලා...අත් වලින් එල්ලලා එස්ලෝන් බටවලින් ගහලා.....පොලු වලින් ගැහුවා නම් අනිවාර්යයෙන්ම පාර හිටිනවා....තැල්ම හිටිනවා....එත්....එස්ලෝන් බටෙන් ගැහුවම මස විතරයි තැලෙන්නෙ...

"උඹට රිදෙනවද මගෙ සංධීර් ...."රිදෙන බව දැන දැන මට ඒ මූන බලාගන රිදෙනවද අහන්න හිතක් නෑ....ඒක නිකන් පෑරුන තුවාලෙ ආය ආයම ඇහිල්ලෙන් ඇන ඇන තව තව හාරනවා වගේ වැඩක්...

ස්ස්ස්...සංධීර් ...

ම්ම්ම්....කියන්නකො....මගෙ ඇබිත්තම මොකද කෙරුවෙ ...බෙහෙත් ගත්තද....උදේට මොනවද කෑවෙ....බාප්පා ඉන්නවද...තව.....පියෝනියා ඉන්නවද.....ජිමී...ජිමියා පුතා ඉන්නවද...

ක්ක්...කවදා....ඉ..ඉදලද....ස්..සංධීර් .....ඔ..ඔච්චර....ක්..කියවන්න....ඉගන....ගත්තෙ...??

උඹ ගොළු වෙන්න ගත්ත දා ඉදලා ....

....

මට බයයි....උඹට...ත්....මට වගේ...කතා කරන්න....අමතක වෙයි කියලා ...

මට බයයි....උඹත්....මං..වගේම....හිතක් පපුවක් නැති නරුමයෙක් වෙයි කියලා ....

මට බයයි.....උඹත්...මං වගේම...තමුන්ගෙ උන්ගෙනුත් හැංගිලා.....පාලුව පිරුන....අන්දකාරෙ ගිලගත්තු...ගුබ්බෑයමක් අස්සෙ ඉදන්....උදේ..රෑ ගෙවෙනකම්ම....සිගරට් එකක් පත්තු කරන්....දත් මිටි කයි කියලා .....

කොයිම්ම...මම බයයි .....

තවත් සංධීර් කෙනෙක් ඉපදෙයි කියලා මගෙ යෙවින් ....

විශ්වාස කරන්න පුලුවන්ද .....මගෙ සංධීර් මෙච්චර කතා කෙරුවා කිව්වහම...

විශ්වාස කරන්න පුලුවන්ද මහෙ සංධීර් බයයි කිව්වම...ඒකත්....එයාටම.....එයා වගේ සංදීර් කෙනෙක්ට....????

එයා කතා කරන්න පටන් අරන්.....මම ගොළු උන දා ඉදන් එයා කතා කරන්න පටන් අරන්.....

ඇත්ත...එයා ගිය මිනිත්තුවෙ ඉදන් මාව වෙනස් වෙන්න ගත්තා....එයා මග්ව් ගාව නැහැයි කියන හැගීම දැනෙන තැන ඉදන්.....මට එයාව නැති කෙරුවෙ මොකාද කියන දේ හිතට වද දෙන වාරයක් වාරයක් පාසාම.....තවත් සංධීර් කෙනෙක් මගෙ ඇග ඇතුලෙන් නැගිටන ගමං උන්නා...

කොයි වෙලෙත් මෝඩ කතාවක් හිතන...කොයි වෙලාවෙත් නහයෙන් අඩ අඩ මට ඕන දේ කරගන්න හදන යෙවීන්ට වෙච්ච කෙරිච්ච දෙයක් නැති වෙනකොට මගෙ ඇග ඇතුලෙන් තවත් සංධීර් කෙනෙක් ඉපදෙන ගමන් උන්නා.....

යෙවීන්.....

ඇබිත්තම.....

සංධීර්ගෙ....මගෙන් ඒ හුරතල් කොලු පැටියව උදුර ගන්න එපා....

මං....ආදරේ ඒ කොල්ලට...

මං...අදරෙ....අහිංසක කමට ඉන්න...මෝඩ කතාවක් කියන....ඒ කොල්ලට යෙවීන්....

උඹගෙ...සංදීර් වගේ....පාලනේ කරගන්න බැරි තරම් තරහා යන මනුස්සයෙක් වෙන්න එපා....

උඹටත් මිනිස්සු පෙන්නන්න බැරි වේවි....එලියට වඩා...අන්දකාරෙ හොදයි කියලා හිතේවි ...

හිනා වෙන්න....අමතක වේවි......

ඒ ජීවිතේ.....හරි...වේදනාත්මකයි .....

ඇබිත්තම.....

මට ඕනෙ....හිනා වෙන්න නොදන්න යෙවීන් කෙනෙක් නෙවෙ.....

මට ඕනෙ....ඉස්සර වගේම...කෑ ගහන කරන යෙවීන් කෙනෙක්...යෙවීන්.....

මම අහන් උන්නා.....හරියටම එයා වගේ.....ඉස්සර මම ගොත ගගහා කියවනකොට එයා මීක් නොගා අහන් උන්නා...මම පිස්සට හැතැම්ම නෑ වගේ කියෙව්වා...ඒත්...අද.....අද...

අද එහෙම නෑ...එයා කියවනවා...මං අහන් ඉන්නවා....එයා අරක මේක කරන්න කියනවා මං ඔහේ උන්නා...

ස්ස්...සංධීර් ...උඹ....ඔ..ඔය....න්..නොකියා....ක්..කියන්නෙ....මට....සතුටින්....ඉ..ඉන්න...කියලා....නම්...

උන්...මගෙ...ස්ස්..සතුට....මෙතන...ක්..කූඩූ...කරලා....සංධීර් ....

ඉ..ඉතින්....කෝ...මට....ස්..සතුටක්.....උ..

උඹ.....ක්..කතා...නොකර හ්..හිනා...නොවී..උන්නත්.....ම්.

මං...උඹ...ගාව....උ..උන්නා.....ගහ....ම්..

මරාගන්න...හ්හ්...හරි....මම උන්නා...ව්...ව්කාර.....කතා....ක්..කියන්න...හරි...මං..උ...උන්නා.....

ඒත්....ඒත්...මට...කව්ද....ඉන්නෙ........??

එයා මාව තුරුල් කරගත්තා .....මට කව්ද ඉන්නෙ කියලා අහනවත් එක්කම මට ඇඩුම් එනකොට එයා මාව තුරුල් කරගත්තා....මගෙ හිස් මුදුනට හාදුවක් තිබ්බා...අඩන්න එපා කිව්වා...

එයා අඩන්න එපාය කියනවා....ඒත්....මම නාඩා කොහොමද ...මට ඇඩෙන්නෙ නැද්ද.....

කුකුල් පැටියෝ...

ම්ම්ම්ම්ම්ම්

චන්ඩි කම් කෙරුවෙ නැද්ද.....ම්ම්

ම්හුක්....

මගෙ ඇබිත්තම.....මං ආදරෙයි යෙවීන්....මම උඹට නොසෑහෙන්න ආදරෙයි මගෙ යෙවීන්.....මම...උඹට....නොසෑහෙන්න....ආදරෙයි....යෙ.....

ස්ස් ..සංධීර් ....ම්..මං.....අපි...ගැන....

ක්..කිව්වා!!

මම මැදින් පැන්නා....එයා මාව තුරුල් කරගන මට නොසෑහෙන්න...නොසෑහෙන්න ආදරෙයි...නොසෑහෙන්න ආදරෙයි මගෙ යෙවීන් කිය කිය මාව ඉඹගන්නකොට මම එයාට කියන්නම ඕනා කියලා හිතේ හංගන් උන්න කාරනාව එක පාරම එලියට දානකොට මගෙ සංධීර් තත්පර ගානකට ගල් ගැහිලා ගියා...

ම්ම්..මොකක්ද.....කිව්වෙ....?

ම්ම්...මං....අ..අපි...දෙන්නා...ගැන.....ග්..ගෙදරට ක්...කිව්වා....ස්..සංධීර් ....ම්.

මට...මේක....තවත්...හ්..හංගන්....ඉ...ඉන්න.බෑ....

ගැහුවද....??

න්න්...නෑ....

බැන්නද....??

ඒත්....න්න්...නෑ.....

උඹට...මාව....අතාරින්න කියලා හොදින් කිව්වද.....??

ම්ම්....හ්...ඒ...එත්....නෑ...ස්...සංධීර් ...ඒත්.....න්..නෑ.......

එයා එක තත්පරයක් ඇතුලත ප්‍රශ්න කෝටි ගානක් ඇහුවා.....එයා මගෙන් මට ගැහුවද....මට බැන්නද එයාව අතාරින්න කිව්වද ඇහුවා.....මට දෙන්න පුලුවන් අවංක උත්තරෙ නෑ කියන එක විතරක් වෙනකොට මම නෑ කියලා ගොත ගහනකොට එයා ඒ හැම දේම අහන් ඉදල එක අතකින් නලල මිරිකන් ඔහේ උන්නා.....

ස්ස්.....සංධීර් ...

එයා කතා කෙරුවෙ නෑ.....එයා කල්පනා කරනවා.....මම එයාගෙ අත් ගොබේ ඉම්බා....

දාඩිය ගදයි...

මගෙ හිත එයා ගාව දාඩිය ගදයි කිව්වා...

ඉස්සර විසි හතර පැයම එයා ගාවින් බොඩි ස්ප්‍රේ එකේ සුවද ආවා උනත්....ගෙවුන පැය ගාන මගෙ සංධීර්ගෙන් සුවද පවා උදුරගන තිබුනා......

එයා ජීවත් වෙන ලෝකෙ පටු වෙලා...මම අහස දිහා බැලුවොත්....මට ඉමක් කොනක් නොපෙනන අහස පෙනුනත්.....එයාගෙ අහස දැන් සීමා වෙලා.....නත්තල....මංගල්ල...අවුරුදු....උපන්දින.....කොටිම්ම.....පවුලත් එක්ක ඉන්න ප්‍රාර්තනා කරන හැම දවසක්ම එයාට නැති වෙලා තිබුනා...

යෙවීන්....

ම්ම්ම්...ක්ක්..කියන්න....ස්..සංධීර් ...ඒ...ඒකට.....ක්..කමක්....න්..නෑනේද.....

මම උන්නෙ එයාගෙ අත් ගොබෙට මගෙ කම්මුල හේත්තු කරන් වෙන කොට විනාඩියක් දෙකක් මොනව මොනවදෝ කල්පනා කරලා එයා අවසානෙදි මා දිහා බැලුවා...

අපි මේ සම්බන්දෙ නවත්තමු යෙවීන්.....

ම්ම්...මොක...ක්.....මොක්ද....උ..උඹ...ක්..

කිව්වෙ...උ...උඹ....ආ..ආසද....ම්ම්..මිනිය.....ක්..කානුවක...ත්ත්...තිබිලා.....හ්..හොයා.....ග්..ගන්නවට.....ආ..??

ක්ක්...කතා...කරපන්.....ක්...කතා...කරපන්.....ය්..යකෝ.....

ත්ත්...තොට....ඕ..ඕනෙ....ම්..මාව...මාව....ද්..දාලා....ය්...යන්නද.....ක්ක්...කතා....ක්..කරපන්....ස්ස්...සංදීර්....

මෙච්චර වෙලාම ඇහි බැම රැලි කරන් උන්න එයා අවසානෙදි අපි මේ සම්බන්දෙ නවත්තමු කියනකොට මටත් එයා එක්ක කූරු ගනින තැනට මල පැන්නා වගේම තැලුම් පාරවල් තියනව වත් නොබලා මම එයාගෙ අත් ගොබ වලට ගගහා.කෑ ගැහුවා....මරනවා කිව්වා...මරලා හිරේ යනවා කිව්වා.....කැ ගැහුවා....අවසානෙදි මා දිහා බලන් උන්න එයා වේදනාව හංගන් හිනා උනා...

චන්ඩයා...

මගෙ...

මං විහිලුවක්....කෙරුවෙ....වස්තුව.....

ම්හුක්...ස්.....ස්...සංජී....ර්...ම්හුක්.....ල්..ළමයා....බ්..බය....වෙනවනෙ....ම්ම්..මෝඩයෝ.....හ්

මෝඩයා මගෙ...

එයා මාව කකුල් දෙක උඩ ඉන්දවගත්තා...මගෙ ඔලුව අතගෑවා...මොකූත් නොකියා මා දිහා බලාගන උන්නා....

අනේ...තව ටිකකින් අපිට ආපහු වෙන් වෙන්න වෙනවනෙ.....

අනේ...මං උඹ නැතුව මෙ අවුරුදු ගාන කොහොමද ඉවසන්නෙ මගෙ සංධීර් ....ඉවසපන්...ඉවසපන් කිව්වට...මං කොහොමද ඉවසන්නෙ මගෙ සංධීර් ...

මම එහෙම්ම එයාගෙ උරහිසට ඔලුව ගහගත්තා ...

හැබැයි.....මට සැනසීමෙන් හුස්මක් ගන්නවත් හම්බුන් නෑ.....

එයාට මාව තූරුල් කරන් හුස්මක් ගන්නවත් හම්බුන් නෑ.....

එයාගෙ මගෙ හිත තලාගන ඈතින් ආව කාකි ඇදුම අවසානෙදි අපේ හිත් ආයම පොඩි කරලා දැම්මා.....

අලුත් අංකෙ.....කාලෙ ඉවරයි...තව විනාඩි පහයි...

තව විනාඩි පහලු...

ඇහුනද...

තව විනාඩි පහලු...

ජීවිතේ පලවෙනි වතාවට...එයා මගෙන් ඈත් වෙලා ගිය මොහොතෙ ඉදන්.....මට ගෙවෙන තත්පරේක ඉදන් වටිනා කම දැනෙන්න ගත්තා....

ඒ මනුස්සයා කිව්වා...තව විනාඩි පහයි කියලා ....

ඒ මනුස්සයට.....ඒක නිකම්ම නිකන් විනාඩි පහක් උනාට....මට වත්...මගෙ සංධීර්ටවත්.....ඒක නිකම්ම නිකන් විනාඩි පහක් උනේ නෑ...

ඇත්තටම ඒ විනාඩි පහ කොයි වගේද කියනවා නම්.....

මැරෙන්න වැටිලා ඉන්න මනුස්සයෙක්ට...කවුරු හරි කෙනෙක් කිව්වොත්....

ඔයාට තව ඉතුරු විනාඩි පහයි කියලා ...

ඔයාට තව ජීවත් වෙන්න කාලෙ තියෙන්නෙ විනාඩි පහයි කියලා....

ඒ කියන කොට හිතට දැනෙන හැගීම මොකක්ද....ඒ හා සමානහැගීමක් මට දැනෙන්න ගත්තා....

අවුරුදු සීයක් ජීවත් ජීවත් උනත්....මරන මංචකේදි...මරනයේ දූතයා කිව්වොත්....තව විනාඩි පහයි ඉතුරු කියලා....ඒ මනුස්සයට.....අර ජීවත් උන අවුරුදු සිීයට වඩා....ඉතිරි වෙලා තියන විනාඩි පහ වැදගත් වෙනවා....ඒ ව්නාඩි පහ රත්තරන් වලටත් වඩා වටිනවා කියලා දැනෙනවා.....

හරියටම දැන් මටත් ඒ හැගීම දැනෙනවා වගේ.....

මගෙ...ඇබිත්තම.....

ප්‍රවේසමෙන් ...

යෙවීන්....

හෙට කොහෙවත් යන්න එපා...මගෙ...යෙවීන්.....

එයා මගෙ ඔලුව අතගෑවා ...එයාට අවසාන විනාඩි පහ කියනකොටම ඇස්වලට කදුලු පිරුනා.....

එයා දන්නවා...මං දැන් යනවා කියලා .....

මං දන්නවා...අනේ මගෙ සංධීර්ව උන් මෙක ඇතුලෙ කොටු කරනවා කියලා .....

මම ඒ අත් දෙක අරන් ඉඹගත්තා ...

මෙච්චර වෙලාම මාවයි එයාවයි තනි කරල ගියපු රෙහාන් තාත්තා ආයම එනකොට අර විනාඩි පහන් දැනටම විනාඩියක් ගෙවිලා තිබුනා....

මං ගැන හිතලා...නොකා...නොබී....දුක් වෙන්න...එපා..මගෙ....යෙවීන්.....

මං..ආසයි....උඹ.....කෙල්ලො....පිස්සු වැටෙන....තරම්....ල්..ලස්සන.....ඉලන්දාරියෙක් වෙලා.....ඉ..ඉන්නවා....බලන්න...

හ්..හරියටම .....උ..උඹ....වගේද.....ම්..මගෙ....ස්...සංදීර් ....

මම ඒ මූන අත ගෑවා.....

එයාගෙ කලු කොන්ඩෙ මැදින් සුදු ගස් එක දෙක මතු වෙනවා....උඩට මතු උන කලු රැවුල් කොට අස්සෙ....සුදු රැවුල් කොට තිබුනා....කාලයක් තිබුනා....මේ මූන වාත්තු කෙරුවා හා සමානව තිබුන.....

කාලයක් තිබුනා...කෙල්ලො පිස්සු වැටෙන තරම් ලස්සනට උන්න....

මම ඇස් පියාගත්තා...මට ඒ මූන මතක් කරගන්න ඕනා උනා....වයසට ගියපු මගෙ සංධීර්ගෙ කොල්ලා කාලෙ මට මතක් කරගන්න ඕනා උනා.....

සංධීර් ....අනේ..උඹ....අඹාපු....රූපයක් මගෙ සංධීර් ...

එයාගෙ මූන මතක් වෙනවත් එක්කම තවත් කදුලු වැල් පෝලිමක් යනකොට විනාඩි දෙක ඉතුරු කරන ගමන් විනාඩි තුනක්ම මගෙන් ගෙවිලා ගියා .....

ස්ස්....ස්...සංධීර් .....ම්..මං....ග්..ග්...

නාඩා...ඉදින් මගෙ යෙවීන්....දවසක්....ඒවි....මගෙ...

කොල්ලා....ලස්සන....ඉලන්දාරියෙක් වෙලා ඉන්න හැටි.....මට....ළඟ...ඉදලම....බලන්න.....

පුලුවන් .....

ස්....ස්...සංධීර් .....

එදාට....නාකි....මාව.....උඹට....අමත භ්භ්...භ්භ්....භ්භ්.....

යන්න යන මොහිතෙදි එයා මගෙ පපුව පෑරෙන කතාවක් කිව්වා.....එයා කිව්වා....නාකි එයාව අමතක වෙයි කියලා ....නෑ...එහෙම වෙන්නෙ නෑ...

අනේ එහෙම වෙන්නෙ...නෑ.....අනෙ....නෑ...දෙවියනේ.....

මම ඒ කට වහලා දැම්මා...එයාව අමතක වෙයි කියනවා එක්කම මම ඒක සම්පූරන කරන්න නොදී කට වහලා දැම්මා...

ස්....ස්...සංධීර් .....උ.උඹමයි.....ක්..කිව්වෙ.....ප්...පොප්ලර්.....ග්..ගස්....ඈති.....න්....තිබුනත්....මුල්වලින්.....අල්ලන්....උන්නා...

කියලා ...උ..උඹමයි.....ක්..කිව්වෙ.....එහෙම..

විහිලුවක් කෙරුවෙ ...ප්‍රවේසමෙන් ඉදපන් යෙවීන් ...

ආදරෙයි ...

ඇබිත්තමට.....

මගෙ...

එයා අවසානම විනාඩියෙදි මගෙ නලලට හාදුවක් තිබ්බා...ප්‍රවේසමෙන් ඉදපන් යෙවීන්..... වචන බර කරලම්ස් කියපු එයා අවසානෙදි මාව තුරුල් කරන් මට ආදරෙයි කියනකොට මගෙ වම් උරහිසට දැනෙන නොදැනෙන ගානට තෙතක් දැනුනා...

එයා අඩලා...

එයාගෙ ඇස්වලින් කදුලු වැටිලා.....

මාව අතෑරපු එයා ආපිට මගෙ මූනවත් නොබලා යන්න යනකොට මන් හිටපු තැනම ගල් ගැහිලා බලන් උන්නා....

ඒ විනාඩි පහ ඉවරයි ...

එයාව මගෙන් ආපහු උදුරන් යනකොට මන් පපුවට අත තියාගන හිගන පැටියෙක් වගෙ කහ ගැහුන කොට කලිසම වගේම කාගෙ හරි බාටා කබලක් දාන් උන්න එයා දිහා බලන් උන්නා....

මගෙ ජීවිතෙන් හතරෙන් එකක් ගෙවෙනකොටද මගෙ සංධීර් උඹ එන්නෙ.....?

මගෙ ජීවිතෙන් හතරෙන් එකක් ගෙවනකොට ....උඹ දෙකෙන් පංගුවක් ගෙවලා මගෙ සංධීර් ...ඒ වෙනකොට .....උඹව වයසට වඩා...වයසට ගිහින් ඉදීවි මගෙ රත්තරනෙ ...අනේ...උන් උඹට වද දීලා.....උඹව වයසට වඩා....වයසක මිනිහෙක් කරාවි මගෙ සංධීර් .....

සුදු මහත්තයා ..

මගෙ ඇස් වලින් වැටුන කදුලු කම්මුල් තෙමාගන යන්න යනකොට එයාව මගෙන් උදුරන් යන හැටි මන් බලන් උන්නා වගේම තාත්තා ඇවිදින් මගෙ උරහිසට අත තිබ්බා.....

ඒ අත තියනවත් එක්කම අනෙ මට කෑ ගැස්සුනා...

සංධීර් කියලා හයියෙම්ම කෑ ගැස්සුනා...

සංධී...ර්.....

එයා නෙවෙ බැලුවෙ.....

අනෙ එයා නෙවෙ බැලුවෙ.....තඩිස්සි වෙච්ච පිට ....රතූ උන අත් පය මතක් වෙන වාරයක් ගානෙ දැනුන දුක තව තව තද කරන් ඉන්න බැරි වග දැනුන මම සංධිර් කියලා ගොත නොගහම කෑ ගහන් එයාගෙ පස්සෙන් දිව්වා ...

අ...අනේ.....හ්...ස්....සංධීර් .....

මං දිව්වා ...එයාගෙ පස්සෙන් මං නවතින්නෙම නැතිව දිව්වා ...

යෙවීන්.....

ලමයෝ...

ඔහෙට යන්න බෑ යෙවීන්.....

යෙවීන්....

කොල්ලො....

තාත්තා කෑ ගහනවා ...යන්න බැරි බව දැන දැන එයාගෙ පස්සෙන් දුවන මට තාත්තා කෑ ගගනකොට මෙච්චර වෙලාම පස්ස නොබලා ගියපු සංධීර් නැවතුනා...

එ....ක....එකම....එ...ක....ත්ත්....තත්පරයක් ...ද්ද්....දෙන්න.....ම්..මහත්තයො....අනෙ.....එක.....ත්ත්....

මං පපුව අල්ලන් එකම එක තත්පරයක් ඉල්ලනකොට ගොත ගහන මගෙ අසරන මූන දැකලද කොහෙද ඒ මනුස්සයා ඔලුව වනන කොට අනෙ මං මගෙ සංධීර්ගෙ කකුල් ගාව දැනගැහුවා .....

මං හිතන්නෙ මං කවදාවත් එයාට වැදලා නැතිව ඇති....

එක්කො.....අහම්බෙන් හරි දැන ගැහුවත්....මට මතක නැතුව ඇති.....

මං ඒ කකුල් ගාව දන ගැහුවා ...හරියටම අම්මා තාත්තා ගාව දන ගහනවා වගෙ...සුදු කකුල් දූවිලි වලට කිලිටි වෙලා ගිහින් තිබුනා.....දාන් උන්න බාටා කබලෙ පැත්තක් කැඩිලා ගිහින් තිබුනා....කලින් දාපු මනුස්සයා එක පත්තර පිටුවක් වෙනකම්ම පාවිච්චි කරලා තිබුනකොට මන් ඒපරන බාට කබල දාන් උන්න දූවිලි වැදුන කකුල් දෙක අපුලක් නැතුවම ඉඹගත්තා ....

නොතේරෙන කාලෙ ඉදම්ම ඇස්වලට කදුලක් දෙන්න බැරි කමට මට බොරු කියපු ඒ මනුස්සයගෙ කකුල් මං ඉඹගත්තා ....

ජීවත් වෙනවද නොදැන මැරුනයි කියලා හිතාගන ජීවත් උනත්.....මගෙන් ඉතිරි වෙලා තිබුන ටොපි කොලේ පවා වස්තුවක් රකින විදිහට රැකපු මනුස්සයගෙ කකුල් මං ඉඹ ගත්තා .....

ඇස්වලින් වැටුන කදුලු දූවිලි කකුල් හෝදන් යනකොට එයා මාව නැගිට්ටෙව්වා වගේම මං ඒ අත් දෙක අල්ල ගත්තා ....

ම්ම්...මං.....ක්.....කතා....කරන.....ප්ප්....

පලවෙනි .....න්.....නඩුව....උ....උඹගෙ.....

න්..නඩුව...ම්ම්..මගෙ.....න්න්...නලුවෝ....ම්...මං.....උ..උඹ....එනකන්...බ්බ්...බලන් ....ඉ...ඉන්නවා.....මගෙ.....ස්...සංධීර් ..

.....

මං ඒ අත් දෙකම ඉම්බා.....එයගෙ දඩුවම් කාලෙ ඉවර වෙනකන් බලන් ඉන්න පොරොන්දු දීපු මං මගෙ පලවෙනි නඩුවම "නීතීඥ සංධීර් ඒකනායක "ගෙ නඩුව කියලා කියපු මං කදුලු පිහනකොට මගෙ ඔලුව අත ගාපු එයා මොකුත් නොකියම යන්න හැරුනා...

එයා යන්න ගියා.....

හා මගෙ යෙවීන් වත්....

මට උඹව විශ්වාසයි මගෙ යෙවීන් වත් නොකිය...මගෙ සංධීර් යන්න ගියා...

ආපිට හැරී බැලීමක් නැතුවම මාව දාලා පොරොන්දුව කඩ නොකරපන් කියන්නෙවත් නැතුවම යන්න ගියා....

තව අඩි දෙක තුනයි.....

තව අඩියයි...

අර ලී දොර පහු උන ගමන්.....මගෙ "ආදරෙ "කූඩු වෙනවා .....

මං බලන් උන්නා...

එයා යන්න ගියා...

මං එන්න හැරුනා ...

යෙවීන්....

ස්ස්...සංධීර් .....

ඔව්....ඒ එයා....

යන්න හැරුන මගෙ කකුල් එයා නැවැත්තුවා ...මං ආපිට හැරිලා බැලුවා .....

එයාගෙ ඇග තිබුනෙ දොරෙන් එහා....ඒත් ඇස් දෙක තිබුනෙ....මගෙ ගාව...

"දවසක් ඒවි.....උඹයි මමයි....එක නඩුවක්....දෙපිලකට බෙදිලා කතා කරන...

පුලුවන් නම්....මගෙන් දිනන්න බලපන්.....

මොකද ...

මං කතාකරපු කිසිම නඩුවක් .....

පැරදිලා නෑ...."

ඒඑයා...මෙච්චර වෙලාම මාව ගානකට නොගෙන උන්න එයා.....

උඹව මට විස්වාසයි කියලා නොකියපු එයා....මට අවසානෙදි ...මං හොයපු උත්තරේ ...තවත් "පේනයක්"අස්සෙ හංගලා කිව්වා ....

ස්ස්.....ස්..සංධීර් ....

මට ඒකට උත්තර බදින්නවත් හම්බුන් නෑ...

ඒඇස් දෙක දිහා බලන් හා කියන්නවත් හම්බුන් නෑ....

උන් ඒ දොර දඩාස් ගාලා වහලා දැම්මා.....

උන් ඒ දොර වහලා දාලා මගෙ ආදරේ මගෙන් ඈතට අරන් ගියා.....

සංධීර් ....

අපි ආයම එකතු වෙන්නම ඕනා මගෙ සංධීර් .....

*

*

*

යෙවීන්...

මං ඇරලා තිබුන ජනෙල් පියන වහලා දාලා මගෙ ඩයරිය දිහා බැලුවා ....ලේ බින්දුවක්.....

කටු කටු ඇනෙන උඩු රැවුල දිහාවට ඇගිල්ල ගෙනිච්ච මම රේසර් එකට කැපුන තැන ගාව ඇගිල්ල තියන් බලන් උන්නා.....

ඍතු පහු උනා....මල් පිපුනා....මල්....හැලුනා....අවුරුදු ආවා.....නත්තල් ආවා....වෙසක් ආවා...එයා යනකොට රැවුල් ගහක් වත් වැවුන් නැති මගෙ රැවුලත් වැවෙන්න ගත්තා...

මම නොගියපු පල්ලියක් නෑ...නොගියපු පන්සලක් නෑ.....හතර පෝයටම සිල් ගත්තු මම....පල්ලියෙ වරු ගනන් දනගහන් උන්නා.....

රෑ එලිවෙනකම්ම පාඩම් කරපු මම...රොමේන් ගාව වැදලා වැදලා එයාව බලන්න යන්න එක දවසක් දෙකක් ඉල්ලන් හිර බත් ඇද්දා.......

යෙවීන්.....

උඹගෙ සංධීර් වෙනුවෙන් ...උඹගෙ පලවෙනි....වගේම.....අන්තීම ආදරේ වෙනුවෙන් මේක කරපන් යෙවීන්...

මම මා දිහා බලන් උන්නා...බාප්පා අරන් දුන්න ශර්ට් එක ඇදලා උන්න මම කන්නාඩියෙ උන්න මා දිහා බලන් උන්නා.....

මං වෙනස් වෙලා...

ඉස්සර තිබුන අර බෝල මූන නැතුව ගිහින් තිබුනා...

එයා නැති පාලුව....එයා නැති වේදනාව එක්ක ජීවත් උන මම සම්පූරනම වෙනස් උනා.....

තත්පර විනාඩි උනා...විනාඩි පැය උනා...පැය දවස් වලට හැරෙනකොට කැලැන්ඩරේ පුරාවටම මම රතු පාටින් කොටු කැපුවා...

මගෙ ජිවිතේ සතුටක් තිබුන දවසක් තිබුන් නැති උනා...

අහම්බෙන් වගේ එයාව බලන්න ගිය දාකට....වයසට වඩා වයස පාට උන සංධීර් ගාව මම පරන යෙවීන් වෙනකොට ....ආපහු ගෙදර ආවෙ ගොත කොල්ලෙක්ට වඩා ගොලු කොල්ලෙක් වෙලා.....

මටත් නොදැනිම උපන්දින දෙකක් පහු උනා.....

මගෙ සංධීර්ට උපන්දින නැති උනා.....

දවඩින් දවස තාත්තගෙ ගෙදර ගිනි ඇවිලෙන්න ගන්නකොට ....අවුරුදු ගානක් හිරකරන් උන්න තාත්තගෙ රහස කුඩම්මගෙ කෙලි පොඩ්ඩගෙ කොටහලුව දවසෙදි නොහිතපු විදිහට එලි පැන්න දා මහ උන්දට නැති සීනි ප්‍රෙශරුත් නැග්ගා...

මෙච්චර කල්...සුදු දෝනි ගගා අතගාලා තියෙන්නෙ වෙන කාගෙවත් එකෙක්ගෙ ළමයෙක් කියලා දැනගත්තු මහ උන්දට කර කියාගන්න දෙයක් නැති වෙනකොට තාත්තා මාව බලන්න ආව හැමදාකම කිව්වෙ අම්මට දීපු ගින්දර පත්තු උනා කියලා වෙනකොට කර දඩු උස් වෙච්ච ඉලන්දාරි මා දිහා බලාගන මහ උන්දා හීල්ලුවා.....

කවදාවත් නැතුව මගෙ අම්මා උන්දට හොද වෙන්න පටන් ගත්තා ...

අවුරුදු දෙකක්....මගෙ සංධීර්ව මගෙන් අරන් ගිහින් අවුරුදු දෙකක්...මේ අවුරුදු දෙක ඇතුලත මිනිස්සු මැරුනා....අලුතෙන් ඉපදුනා....ඒ විතරක් නෙවෙ...පියෝනි බිත්තර පවා දැම්මා.....

ඇහැට පේන්නෙ නැති කාලෙ කුකුලෙක් ගගා කියවපු පහු පහු වෙනකොට ඒ ඉන්නෙ කිකිලියෙක් කියන්න තේරුම් ගියා....

කොල්ලා.....උඹ එන්නෙ නැද්ද...

එ..එනවා....බ්..බාප්පෙ.....

වර වර ඉක්මනට.....කව්ද දන්නෙ කෑල්ලක් වත් උන්නොත්....

මම ඔලුව වැනුවා...මොක වෙනස් උනත්..බාප්පා වෙනස් වෙලා නෑ....

එලියට ආවදාකට වෙච්ච දේවල් කියන්න ඕනාවටත් වඩා මගෙ හිතේ තියනකොට ඒ හැම දේම අමතක වෙයි කියන බයට මම ඩයරි දෙක තුනක් පිරෙන්න ලිව්වා...

එයා ගිය දා ඉදන් මගෙ ඇස් දෙක තිබුනෙම පොත් අස්සෙ...එයා ගිය දා ඉදන් මම උන්නෙම පුස්තකාල අස්සෙ......උදේ ඉදන් රෑ වෙනකන් යකඩ තලන තාත්තගෙ අත් වලට තවත් බර පටවන්න බැරි මම සුලු ගානක් අරගන පොඩි උන්ට පන්ති පවා ඉගැන්නුවා...

එක තාත්තෙක් දුප්පත් වෙනකොට අනිත් තාත්තට උතුරන්න සල්ලි තියෙද්දි....මට ඒ තාත්තා ලව්වා ඕන දෙයක් ගන්න පුලුවන් කම තිබුනා උනත්...අසරන උන වෙලාවෙ පිහිට උන තාත්තගෙ හිතට

" අනේ මට මගෙ එකාට මෙක කරලා දෙන්න බැරි උනානෙ"කියන සිතුවිල්ල එයි කියන බයට....මම තනියම මාව බලාගන්න පටන් ගත්තා ....

ඒ තුනක්...මගෙ තාත්තගෙ මජන් ගෑවුන අත් දෙකෙන් මගෙ ඔලුවෙ කොන්ඩෙ ගැලවන තරමට අත ගාන තැනට ආව දවස....කල්දේරම් බත් ගිලින...මගෙ සංධීර් කූඩුව ඇතුලෙ ඉදන් මගෙ ඇබිත්තමට වරදින් නෑය කියලා මට කියපු දවස....

ඔව්...මේ ගොත කොල්ලා උඩින්ම පාස් උනා.....

යාලුවෙක් වත් නොයිදපු මේ කොල්ලා....පාස් උනා...

උපන්දින කේක්...අලුත් ඇදුම්...රස නහර පිනවන හැම දේටම තිත තිබ්බ මම...කූඩු කරලා උන්න එයා එක්ක කූඩුවෙන් මෙපිට ජීවත් උනා.....

මගෙ...සංධීර් ....උඹාගෙ....ඇබිත්තමට.....ආශිර්වාද කරපන් සංධීර් ....

කන්නාඩිය දිහා බලන් උන්න මම මිමිනුවා...

වෙන.මොකටවත් නෙවෙ...අද මගෙ ජීවිතේ...මට වෙන මොනවටත් වඩා වැදගත් දවසක්.....

.එයා වගේ...කලු ලෝගුවක් අදින්න.....

මම විරුද්දයි ස්වාමිනි ගාලා හිතේ හයිය අරන් කෑ ගහන්න...

සල්ලි වලට...බලයට නැවෙන්නෙ නැති ලෝගු කාරයෙක් වෙන්න...ඒ හීනෙට පය ගහන ගේට්ටු අරින දවස අදයි...

Law entrance exam එක....

මම මේසෙ උඩ තිබුන පොත් දිහා බැලුවා.....

සිල්වට දියවන්නාවෙ පුටුව හම්බෙලා අවුරුදු දෙකයි....

තව අවුරුදු තුනෙන්....ආන්ඩුව පෙරලේවි.......

අපි බලමු....වැලිකඩ ඇතුලෙ...." වියන පාටිය"අස්සෙ හැදෙන කොටු රෙද්ද එයාට අදින්න තව කොච්චර කල් යයිද කියලා .....

යෙවීන්.....

දරුවෝ...

ම්ම්ම්

මේ...එ..එනවා.....අම්මා....

දෙවනි තුන් වෙනි පාරට අම්මා දොරට තට්ටු කරනකොට මම

කන්නාඩියෙ උන්න මා දිහා බැලුවා .....බලලා ලාවට හිනා උනා.....

උඹට අනිවාර්යයෙන්ම පුලුවන් යෙවීන් .......

අපි ඒක කරමු....

මං දිහා බලන් උන්න මං අවසානෙදි දොර ඇරන් එලියට ආවා වගේම මාව එක්ක යන්න ඇවිත් උන්න බාප්පා එයා අරන් දුන්න ශර්ට් එක ඇදන් ඉන්නවා දැකපු මා දිහා බලන් ඉදලා මගෙ ගාවට ඇවිත් මාව තද කරලා බදාගත්තා ....

බාප්පගෙ කොල්ලා .....උඹට පුලුවන් මගෙ පුතෙ......උඹට පුලුවන් අපෙ එකා වගෙ වෙන්ඩ ...උඹට පුලුවන් .....

අපේ.....

"නාකි.....බෑනා වගෙ වෙන්ඩ"

😊නීති පීතෙ පලවෙනි වසරෙ ජොබි නිතහාස්.....

ආය එන්නාම්

ම්හුක්....

මම

...

Ferdeesha ❤️💚😘 ...

More Chapters