මං මගෙ සංධීර්ට ආදරෙයි....
මගෙ සංදීර් මට ආදරෙයි.....
අපි....අපිට ආදරෙයි...
මං එච්චරයි කිව්වේ....මම එච්චරම තමයි කිව්වෙ...මම කිව්වෙ නෑ අනෙ මගෙන් සංධීර්ව ඈත් කරන්න එපාය කියලා ....
මම කිව්වෙ නෑ.....සංධීර්ට බනින්න එපා කියලා ....
මොකද මම කිව්වෙ දැනගන්න මිසක්...මට ආපිට එයාලාගෙන් කිසිම උත්තරයක් ....ඒ ගැන අදහසක්...ඕන කෙරුවෙ නැති හන්දා.....
ඒ කවුරුත් මොකුත් කිව්වෙ නෑ.....
ඒ කවුරුත් මොකූත්ම කිව්වෙ නෑ....
අඩුම ගානේ බාප්පා වත්.....
අපි ඕකව හොයන් ගිහින් අඩු කඩලා දාමු කියපු බාප්පා වත් වචනයක් කිව්වෙ නෑ....
මම ආපිට උත්තරයක් බලාපොරොත්තු නොවුනත්...
මගෙ කන හරහා වදින පලවෙනි කම්මුල් පාර මම බාප්පගෙන් බලාපොරොත්තු උනා....
හැබැයි...
මට කිසිම කම්මුල් පාරක් හම්බුන් නෑ.....
එක්කො.....
එක්කො...එයාලා හිතනවා ඇති මම උනවිකාරෙන් කියවනවා කියලා ....
ඒත් නැත්තන් ....මට සංධීර් නැති සාංකාවෙන් කියවනවා කියලා ....
ඒත් නැත්තන් ...
මූ මොකට නාකියෙක් එක්ක පැටලුනාද කියලා හිතින් අහගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතුව උන්නද...
ඒත් නැත්තන්....අවුරුදු තුන හතරක්...ගෙවිලා යනකොට එහෙම සම්බන්දයක් තිබුනත්...ඒක නැතිවෙලා යයි කියන තැන ඉන්නවද.....
ඒත් නැත්තන්...පලවෙනි ආදරේ.....හැමෝගෙම අවසානම ආදරේ වෙන්නෙ නැති බව අත්දැකීමෙන් දන්න හින්දා මොකුත් නොකියා ඉන්නවද කියන්න දන්නෙ...ඒ ගොල්ලො විතරක් වෙනකොට .....
ආපිට උත්තරයක් බලාපොරොත්තු නොවුන මම ,මගෙන් සංධීර්ව කවදාවත් ඈත් කරන්න එපා කියනවා වෙනුවට....මට එයා වෙනුවෙන් ඕන කාලයක් බලාගන්න පුලුවන් කියන වචනෙ විතරක් කියලා එලියට එන්න ආවා...
ම්ම්ම්...මට....එ...එයා.....ව්ව්...වෙනුවෙන්....ඔ..ඕන....ක්..කාලයක්....ඉ..ඉන්න....ප්..
පුලුවන් ....
ස්....සංධීර් .....
මේ වෙලාවෙ නිදාගන ඉන්න මිනිස්සුන්ගෙ හීනවල කී වෙනි එපොසොඩ් එකද යන්නෙ කියන්න නොදන්න මහ පාන්දර මම අහස දිහා බලන් උන්නා.....
මම හද දැක්කා...හදෙ තනියට ඉන්න හාවව වගේම...ඒ දෙන්නගෙම තනියට ඉන්න තරු දැක්කා....
එයා උන්නා නම්.....
මට තිබුනා එයාගෙ උරහිසට ඔලුව තියන් පහන් තරුව දිහා බලන් ඉන්න....
එයාගෙ උරහිසට ඔලුව තියාගන කොයි වෙලේ හරි තරුවක් කඩාගන වැටේවි කියලා බලාගන ඉන්න....
මම ඒක කිව්වා මගෙ සංධීර් ....
මම උඹ මම ගැන මම කිව්වා මගෙ සංධීර් ....මම ඒ කාගෙන්වත් උත්තරයක් බලපොරොත්තුවෙන් උන්නෙ නෑ සංධීර් ....මට ඕනා උනේ.....මම උඹට ආදරෙයි....උඹ මට ආදරෙයි.....අපි....අපිට ආදරෙයි කියලා ....ඒ පාර හදන්න...
මට ඕනෙ....උඹ එලියට එන දාකට....හිත සැනසීමෙන් මගෙ ගාවට ඇවිදන් එනව බලන්න.....කූඩු වෙච්ච ජීවිතේට ආය කදුලක් නොදී ඉන්න.....
සංධීර් .....
මං හිතන්නෙ...උඹ මගෙන් බලාපොරොත්තු වෙන අර පුංචි ළමයා ආයම කවදාවත් එලියට එන එකක් නා මගෙ සංධීර් .....
උඹගෙයි මගෙයි අතර තාප්පයක් තිබුනට...මගෙ ඇස් පනා පිටම උඹගෙ අත්වලට මාංචු වැටුන පලවෙනි තත්පරේදිම මම මාවම කූඩු කරන් ඉවරයි මගෙ සංධීර් .....
යෙවීන්...
බ්බ්.....බ්බ්
මාව ගැස්සිලා ගියා...
මම.උන්නෙ සංධීර් එක්ක් කතාවක...මම උන්නෙ මගෙන් ඈත ඉන්න කූඩු කරපු මගෙ ආදරේ එක්ක කතාවක....ඒත්...ඒමැදට බාප්පා ඇවිදින් මගෙ තුන් හිතම බයකරලා දානකොට මම බාප්පා දිහා බැලුවා...
ගෙදර යමු....
එයා එච්චරයි කිව්වෙ....
බාප්පා නෙවෙ...කවුරුත් ....මෙතන උන්න කිසිම කෙනෙක් මට ගැහුවෙ බැන්නෙ...ඕක නවත්තපන් කිව්වෙ නෑ....
හැබැයි ....අකමැති නොකියපු අය....කැමතියි කියලා කිව්වෙත් නෑ.....
මං හිතන්නෙ.....එයාලා තේරුම් ගන්න ඇති...මට ගහනවට බනිනවට වඩා හොදයි කාලයත් එක්ක....ඔය සම්බන්දෙ නැවතිලා යන එක බලන් ඉන්න එක හොදයි කියලා ....
ඒත් ..ඉතින්...ඒ විදිහට නම් එයාලා හිතන් ඉන්නෙ..මට සිද්ද වෙනවා කාලෙට කරන්න පුලුවන් මගුලක් නෑය කියලා ඔප්පු කරන්න....
ක්ක්...කුකුල්....ප්ප්..පැටියා.....
ඔය උන්න දෙන්....
පහලට පඩි දෙක තුනක් බැහැපු මම කුකුල් පැටියා කියනකොට බාප්පා ඔය උන්න දෙන් කිව්වා.....
බෑ...
මට ඕනා...එයාගෙයි මගෙයි කියන්න තියන හැමදේම මම පරිස්සම් කරගන්න ඕනා...
කොහෙද ඔය යන්නෙ.....
ම්ම්ම්...මට ඕ ...ඕනා....
මම ආපිට උඩට දිව්වා.....ඒ යනකොට අම්මලා දෙන්නයි....තාත්තල දෙන්නයි...මීට ටික වෙලාවකට මගෙ කටින් පිට උන වචන එක්ක හුස්ම ගන්න පිලිම වෙලා ඔහේ බලන් උන්නා.....
මට කරන්න දෙයක් නෑ...මට ආය ආයම පැහැදිලි කරන්න ඕනෙත් නෑ.....
ත්ත්....තාත්තෙ.....
....
ග්..ගෙදර ....ය්..යමු.....ම්..මට....හ්..හෙට...ඉස්කෝලේ ....
මම මගෙ මජංකාරයගෙ අත හෙලෙව්වා...තාත්තෙ මට හෙට ඉස්කෝලේ කියනකොට තාත්තා ඔලුව වැනුවා.....මං බලාගන රෙහාන් තාත්තා මගෙ තාත්තා දිහා බලන් ඉන්නවා....
යමු....අශාන්‍යා ලමයගෙ බඩු ටික අරන් එන්න.....
තාත්තා හැරුනා...කාටත් යන්නවත් ...ගිහින් එන්නන්වත්...ගුඩ් නයිට් කිවිලි වත් මේ මොකූත් නෑ.....මේ මොකූත්ම නෑ.....
යෙවීන්....තාත්තා උදේට ගේ ගාවට එන්නම්.....ලෑස්ති වෙලා ඉන්න....
........
බට කූඩෙන් වහල උන්න කුකුල් පැටියව වඩාගන උන්න මට රෙහාන් තාත්තා ලෑස්තිවෙලා ඉන්න හෙට ඉස්කෝලෙ එක්ක යන්නම් කියලා කියනකොට මම ඔලුව වැනුවා.....එන්න එපා....මට තනියෙන් යන්න පුලුවන් ...ඔය මොකුත් නෑ...
අම්මගෙ අතෙ මගෙ කලිසම් බෙල්ට් එක තිබුනා.....කුකුල් පැටියව වඩාගත්තු මම එතනින් එහා මොකුත් නොකියා පහලට බහිනකොට බාප්පා ඔහේ බලන් උන්නා...
අඩුම ගානෙ කොල්ලා...බාප්පගෙ කොල්ලා...ඔය මොකුත් නෑ...ඒ ඇස් වෙනස් වෙලා තිබුනා.....
සමහර විට....එයාලගෙ ඇස්වලට හොරෙන් මම මෙච්චර ලොකු උනාද කියන දේ විශ්වාස කරගන්න බැරිව ඇති.......
මම ගිහින් ඉස්සරහින් ඉදගත්තා ...වෙනදා වගේම අම්මා පිටිපස්සෙන් ඉදගත්තා ...
පියෝනිට ඉස්සර වගේ මගෙ උරහිස උඩ හිටගන්න බෑ....ඌ ලොකුයි....නැත්තන් ...ඒකි ලොකුයි...ඇබිත්තකට නැති කාලේ කහම කහපාට උන පියෝනි ගෙ පාට දැන් දැන් මැකෙන ගමන් තිබුනා....
එයා ලොකු වෙලා.....
මගෙ හිත මිමිනුවා...හරියටම
හරියටම හැමෝගෙම ඇස් වලට හොරෙන් මම ලොකු උනා වගේම එයත් දැන් ලොකු වෙලා උන්නා....
තාත්තා එනකොට ඔයා තවත් වෙනස් වේවි පියෝනි....
මම කකුල දෙක උඩ උන්න පියෝනියගෙ ඔලුව ඇගිලි තුඩුවලිනත ගෑවා....
උඹට හෙට ඉස්කෝලේ යන්න පුලුවන්ද
ප්ප්...පුලුවන්
ඔන්න ඔහෙ හෙට ඉදපන්...අනිද්දා නිවාඩුනෙ....
න්න්....නෑ....ය්ය්..යන්න...ඕ..ඔනේ.....
.......
තාත්තා මගෙ නලලට අත තියලා බලලා හෙට යන්න පුලුවන්ද ඇහුවා....මං හිතුවා තාත්තා අම්මා මගෙ සංධීර් ගැන කියනකොට එතනදි මීක් නොගා උන්නෙ ගෙදර ඇවිදින් සලකන්න වෙන්න ඇතියි කියලා ....ඒත්.....අම්මා වත්...තාත්තා වත් ගෙදරට එනකන් වත්...ගෙදරට ආවට පස්සෙ වත්....ඒ ගැන නෙවෙ වචනයක් කතා කෙරුවෙ ..එයාලා හැසිරුනෙ හරියටම මම එහෙම දෙයක් කිව්වෙ නැහැයි වගේ .....සංධීර් කියලා කෙනෙක්ව දන්නෙ නැහැයි වගේ.... .
එක අතකට ඒක හොදයි....මම කොල්ලෙක් එක්ක යාලුයි කියලා කිව්ව ශනික අපිට උඹව තේරෙනවා පුතෙ...ආදරේ කියන්නෙ ආදරේටනෙ කියලා මගෙ පැත්තට කතා කරන්නවත්.....
ඕක නවත්තපන් මොන ලැජ්ජා නැති වැඩක්ද....අපි උඹව හැදුවෙ නාකියෙක්ට දෙන්නද.....කොල්ලො කොල්ලො මොනව කරන්නද කියන සාම්ප්‍රදායික වචනවලින් දමලා ගහන්නවත් එයාලා ආවෙ නෑ.....
එහෙම ආව නම්....ඇත්තටම ....එයාලා මේකට කැමති උනත්.....මට වේදනාවක් දැනේවි....මොකද මට ඒ සතුට බෙදාගන්නවත් එයා නැති හන්දා.....
එයාලා මේකට අකමැති උනත් මට වේදනවක් දැනේවි.....මොකද ....මට ඒදුක බෙදාගන්න එයා නැති හන්දා....
වෙලාව දෙකත් පහුවෙලා....
ගෙදර ආව අම්මා තාත්තා හිරිගඩු පිපෙන ගල්වෙලා මැරෙන සීතල වතුරෙන් ඇගහෝදන් අනෙ මට උනුවතුර ඉතිරි කරල තිබුනා....
මම ඇගහේදුවා .....
බෙහෙත් පෙත්තක් පොවා ගන්න බලෙන් බඩට යවපු බත් ගුලි දෙක තුන ඇරුනම...මට එයින් එහා කිසිම දෙයක් දිරවන්නෙ නැති උනා....ගෙවුන පැය ගානට මගෙ බඩ පිටකොන්දට ඇලිලා ගිහින් තියනකොට තිත්ත ගහන කට සැරින් සැරේම කටට කෙල එකතු කරනකොට ඉවසලා ඉවසලා බැරිම තැන බඩ බුරුල් වෙන බව දැන දැනම අම්මලා නිදාගන්න යනකන් උන්න මම සියඹලා මුල හොරකම් කෙරුවා ....
කලුම කලු පාට සියඹලා.....
අතට ගත්තු සියඹලා මුල මගෙ කෙල උල්පත තව තව ලොකු කරනකොට එකක් අරන් කටේ දාගන්න කලියෙම්ම මගෙ වම් හක්කෙන් හිරියක් ගියා...සීනී හැන්දක් මිරිස් කුඩු හැන්දක්...ලුනු ඇබිත්තක් එක්ක එකට හාමු උන චට්නිය මම කටේ තිත්ත ගතිය පලයන් කියන ගමන් ගිල ගිල කාමරේට ගිහින් දොර වහගත්තා ...
උඹට පොරවගන්න රෙද්දක් වත් තියනවද මගෙ සංධීර් ....
ඇබිත්තන් සයිස් උනත් සැප පහසුවට නින්ද යන ඇද දැකපු මට මතක් උනෙ එක දෙයයි...එකම එක දෙයයි....එයාට පොරවගන්න රෙද්දක් වත් තියනවද කියන එක...
.එයා යන්න ගියා....නොරිකොට පුලුවන් උනා දෙවොන්දෙරා ගෙ ඇදුම් වල සුවද එයාගෙ ගාවින් තියලා යන්න කියලා කියන්න ....එත්....ඒත් මට බැරි උනා....
මේ ගොතයට උඹ යන මොහොතේ වචනයක් වත් කියා ගන්න බැරි උනා මගෙ සංධීර් ...
මට කියපන්....අනේ උඹ ආයම එන්නෙ කවදද මා එක්ක මෙ ඇදෙ තුරුල් වෙල නිදාගන්න...
මට පාලුයි ...අනෙ මට දරන්න බැරි තරම් පාලුයි මගෙ සංධීර් ...
මම එයයි මායි නිදා ගත්තු ඇද දිහා බලලා මගෙ පොත් මේසෙට ආවා.....
උඹ වෙනුවෙන් මට කරන්න තියෙන්නෙ උඹ වෙනුවෙන් ඉගන ගන්න එක සංධීර් .....
මං දන්නවා.....මට ගොත ගැහෙවි....
මං දන්නවා..මට වචන කියා ගන්න බැරි වේවි.....
මං දන්නවා...මට අමාරුම තැන්වලදි මගෙම කොන්ඩෙන් ඇදගනීවි...
මිනිස්සු මා දිහා පිස්සෙක් දිහා බලන් ඇස්වලින් බලාවි මගෙ සංධීර් .....ඒත්...ඒත්....මම නැගිටිනකන්....උන් මාව විස්වාස නොකරාවි...
හයහතර නොතේරෙන කාලෙ ගහකට එන්න කියනකොට උනත් සතුටින් ඖව වැනුවට.....ගහකට ඉන්න තියෙන්නෙ මැරිලා වගේ කියන එක මම දැනන් උන්නෙ නැ මගෙ සංදීර් ...
මට බැරි උනා.....
මට බැරි උනා අනිත් උන්ට වගෙ දෙබස් තියන චරිතයක් ඉල්ල ගන්න...
මට බැරි උනා.....අනිත් උන් එක්ක හරි හරියට ස්ටේජ් එක උඩ නැගලා නත්තල් කැරොල් කියන්න....
ඒත්.....
මට තවදුරටත් ගහක් වෙන්න ඕනා නෑ මගෙ සංධීර් ....
මට ගහක් වෙන්න ඕනා උනත්...මට තව දුරටත් ගොලු උන ගහක් වෙන්න ඕනා නෑ මගෙ සංධීර් ....ගහක් උනත්....මට ආය පිටින් හුස්ම ගත්ත උනත් ඇතුලතින් මැරුන ගහක් වෙන්න බෑ මගෙ සංධීර් ....
මම එයා නිදාගත්තු කොට්‍ටෙ අරන් ඉව කෙරුවා ...ලාවට තියා දැල් දාලාවත් එයාගෙ සුවද මට හොයා ගන්න බැරි උනා....
එයාලා කිව්වා...එයා විශ්වාස කරන්නෙ මාවලු...මට අදින් පස්සෙ අඩන්න කාලයක් නෑ....
මට අදින් පස්සෙ හිනා වෙන්න කාලයක් නෑ.....
කොටිම්ම...මට කාලයක් ඉතූරු උනා නම්...ඒ හුස්ම ගන්න විතරයි....
තුනත් පහුවේගන එනවා.....තව පැය කීයද...
මම කාමරෙ ලයිට් නිවලා ටේබල් ලෑම්ප් එක ඔන් කරගත්තා ...වෙනදට ඇහැක් ඇරලා නොබලන genaral english පොත අරගත්තු මම මගෙ පරන පොත් එක්ක ළඟ තියන් පිටුවෙන් පිටුව බලන්න ගත්තා .....කතා කරන්න අමාරු හින්දම මම ස්පෝකන් පැත්ත අතෑරලා තිබුනා...ඒත්.....දැන් මට අතාරින්න අතාරින්න කියලා දෙයක් නෑ...මට හැමදේම ඕනෙ ..මට හැම දෙම ඕනෙ...
ලමයෝ.....
ඇ...ඇයි...
ඇහැරලද...
ප්ප්...පාඩම් කරනවා...
අම්මට පුදුම ඇති.....අද අම්මට විතරක් නෙවෙ...තාත්තා හිතන්න් ඇති ඉර අනිත් පැත්තෙ පායයි කියලා ...
පරන පොත් පවා ලන්කරගත්තු මම ආය ආයම මුල ඉදන් පාඩම්.කර්ස්න්න ගන්නකොට යන්තන් තුන පහුවෙලා තිබුනා වගේම....කාපු සියඹලා අවසානෙදි දෙපාරක් තුන්පාරක්ම බඩ බුරුල් කරලා අරිද්දි මම එක දිගට සෑහෙන්න වෙලාව්ක් පාඩම් කරලා තිබුනා.....
වෙනදට පාඩම් කරන්න ගත්තු වෙලේ ඉදන් හතර අතේ දුවන හිත හැම වෙලාවෙම කිව්වෙ කල්දෙරම් බතේ ලුනු අඩු බව වගේම....සිමෙන්ති පොලවේ සීතල එයාව රිදවන එක ගැන වෙනකොට මම මගෙ හිතට දම්වැල් දැම්මා....
වෙලාව පහයි.....හරියටම ...පහයි...පහයි එකවත්..හතරයි පනස් නවය වත් නෙවෙ.....පහයි.....
මම පොත වහලා දැම්මා...මෙච්චර වෙලාම ග්‍රැම අස්සෙ conjunction අස්සෙ preposition අස්සෙ විතරක් නෙවෙ ඊස් ඈම් ආ අස්සෙ රිංගන් උන්න මං පොත වැහුවා ....මිනිස්සු කවදාවත් ඉගන ගන්න එක නතර කෙරුවෙ නෑ...කොටිම්ම එහෙම හිතුවත් ජීවිතේ ඒකට ඉඩක් දෙන්නෙත් නෑ.....මොකද මිනිස්සු මැරෙනකම්ම ඉගන ගන්නවා ...මිනිස්සු මැරෙන තුරාවටම ඉගන ගන්නවා ....
යෙවීන් සංජාන
දොලහා වසර
කළා....
මන් මගෙ පොත් දිහා බලන් උන්නා .....
මිනිස්සු හැමදාම කෙරුවෙ කවරෙ දිහා බලලා පොත මැනපු එක....
ආදරනීයම සංධීර් ...
උඹ නැති තවත් දවසකට ඉර පායන්න හදන්නෙ...
"ඔයා හොදින්ද..."
කලින් වගේම මාව ඔය අත් දෙකන් තුරුල් කරගන්නකන්...මට කවදාවත් ඔය වචනෙ අහන්න බැරි වේවි සංධීර් ...
සංධීර් ....
හැම මනුස්සයම....කවරෙ දිහා බලලා පැත්තකට විසිකරපු පොතේ දූවිලි ගැසුවෙ උඹයි රත්තරන් ...
සංධීර්.....
හැම මනුස්සයම පැත්තකට දාපු පොතෙ පිටු පෙරලලා...අකුරු වලට පන පිව පිව කියවන්න ගත්තෙ උඹයි රත්තරන් .....
කොටිම්ම....කදුලු විතරක්ම තිබුන.සුරංගනා කතාවට...අංශුමාත්‍රයක් තරම් වත් සතුටක් ගෙනාවෙ උඹයි ....ඒ උඹම විතරයි රත්තරන් .....
සංධීර් ...
සමහර මිනිස්සු තමන් මවපු හීන අනුන්ට පාට කරන්න දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා.....
ඒත්...උඹගෙ යෙවීන්ට බෑ...
උඹගෙ යෙවීන්ට ඒක නම් කවදාවත් කරන්න බෑ මගෙ සංධීර් ...මගෙ හැම හීනයක්ම....පාට වෙන්න ඕනේ.....එ උඹත් එක්ක මගෙ අතින්...
උඹ නැති තවත් දවසකට ඉර පායන් එනකොට උඹ ගැනම හිතන මම උඹේ ඇබිත්තම ...
මම මගෙ ඩයරිට වහලා දාල නැගිට්ටා.....
මේ ගෙවෙන්නෙ මගෙ ජීවිතේ වෙහෙසකරම කාර්තුවක්...
මල් පිපෙන අනාගතයක් වෙනුවෙන් ....පිපෙන්න ඉන්න පොහොට්ටුවක වේදනාත්මක කාර්තුවක්...
තාත්තා එන්නම් කිව්වා මාව එක්ක යන්න....ඒත්...ඔය කිව්වට මතක තියේවිද .....

සංධීර් .....තාත්තා එන්නම් කිව්වා මාව එක්ක යන්න...
හෙට චන්දෙ....
උඹව කූඩු කරන්න උඹව ආයම නැති කරන ඌ...ආයම පුටුවක ඉද ගනීවි මගෙ සංධීර් ...
මට කියන්න....මට පුලුවන් නේද සංධීර් උඹ බලන්න එන්න...
මට කියපන්....මට පුලුවන් නේද් ඔය අත් දෙක අල්ලන් උඹ එක්ක වචනයක් කතා කරන්න ...
උඹ නැති ජීවිතේ හැගීම් මැරුන පාලු සුසානයක් වගේ සංධීර් ...
ඉසන්න අමාරුම කාලෙ...අපි අපි වෙනුවෙන් ඉවසමු මගෙ සංධීර් ...මේ ගොත කොල්ලා....උඹට ආදරෙයි නොසෑහෙන්න...
කෝ.....ආගන්න...
...ඇ...ඇති...අ..අම්මෙ...
ඇති කියන්නෙ උඹ නොකාද බෙහෙත් බොන්නෙ.....කාපන් ඕක
මම උන්නෙ ටයි පටිය ගැට ගගහා.....අම්මා උදේට ඉදිආප්ප තම්බලා තිබුනා....
අනේ එයා කෑවද .....
එයාට බඩ පිරෙන්න කන්න හම්බෙනවද.....
හිරේ විලංගුවෙ වැටුනා කියලා අත පය හතර අකුලන් නිදියන්න දෙන්නෙ නැති කොට එයාලගෙන් මොන මොන වැඩ ගන්නවද කියන්න නොදන්න මට උන අමාරුවට වඩා එයා ගැන හිතලා කන්න බොන්න පිරියක් නැති වෙනකොට කන්න බැහැයි කියනවත් එක්කම තාත්තා මාව මරන්න ගියා.....
මට වේදනාවයි .....අඩන්නෙ නැතුව හිත ගල් කරන් උන්නා උනත් ..සංධීර් නෑනෙ කියන දේ හිතට වද දුන්නා උනත්....අම්මට තාත්තට අදත් වෙනදා වගේම සාමාන්‍ය දවසක් වෙලා තිබුනා...
ඇ....ඇති....අ..ම්මෙ.....
ඇයි ලමයො කීයද කෑවෙ.....
හොදට කාපන් උඹලගෙ තාත්තා අනිත්පාර කියයි කොල්ලට කන්න බොන්නත් නෑ....ඇට ගැහිලා ගිහින් කියලා ....දැක්කනෙ අර මහ අම්මන්ඩි එදා ගේ දිහා බලපු විදිහ.....
......
උන් හිතන් ඉන්නෙ යකඩ තලන....කඩයප්පම් හදන උඹගෙ අම්මා තාත්තා හිගන්නො කියලා ....ඇත්ත ඉතින් ඒ තාත්තට වගේ මේ තාත්තට පුරවන් ඉන්න්න් රත්තරන් නෑ....කසාද මුද්ද විතරයි ...උඹලගෙ කුඩම්මට වගෙ උඹලගෙ අම්මට පාට කරපු කොන්ඩ නෑ...
මං අහන් උන්නා...සංධීර් ගැන වචනයක් වත් නොකියපු තාත්තා වෙන වේදනාවක් එලියට දාන්න ගත්තා ...නොකා ඉදලා ඇට ගැහුනොත් අපි කන්න දීලා නෑ කියයි කිය කිය තාත්තා වාහනේක ඇන තද කරන්න ගත්තා ....
ඒ අත්වල නහර පෑදිලා...ඇගේම හයිය යතුරට දිදී ඇන තද කරනකොට ....තාත්තා ඉන්නෙ "සල්ලි කාර තාත්තගෙ" කියුම් වල වේදනාවකින් කියන එක මට හොදටම දැනුනා වගේම මට මගෙ තාත්තා එක්ක ඉස්කෝලෙ යන්න හිතුනා.....ඒත්....මම පරක්කු වැඩී.....
මම පරක්කු වැඩී...අම්මා කවපු ඉදි ආප්පෙ උගුරෙන් පහලට යනකොට ගේ ඉස්සරහා අලුත්ම කේ ඩී එච් එකක් නැවැත්තුවා ...තාත්තා ....වෙන කවුරුත් නෙවෙ තාත්තා ...
මම තාත්තගෙ කේ ඩී එච් එක දිහා බලල මගෙ තාත්තගෙ මොඩිෆයිව් කරපු ලාන්සර් එක දිහා බැලුවා.....
යෙවීන්....
තාත්තා .....
වාහනෙන් බැහැපු තාත්තා දොර වහන ගමං මගෙ ගාවට ආවෙම යෙවීන් කියාගන වෙනකොට මුලු පැත්තම තාත්තගෙ සල්ලි කාර සැන්ට් සුවදින් වැහිලා යනකොට උදේම්ම මජ්න් ඇදුමට බැහැන් උන්න මගෙ දුප්පත් තාත්තගෙ "දාඩිය සුවද "යට වෙලා ගියා.....
මගෙ පුතා කනවද.....මෙ අම්මා ඔයාට දෙන්න කියලා දුන්නා...අද නංගිත් ගෙනිච්චෙ මෙව්වා.....
අම්මා නංගි.....මම අහන් උන්නා...අම්මා කිව්වෙ කාටද දන්නෙ නෑ...
ඔඩෙල් කියලා ගහපු බැග් එකක් අතට දෙන ගමන් තාත්තා මගෙ ටයි එක හදනකොට මම අර උරේ යන්තමට
ඇරල බැලුවා
සැන්ඩ්විච් තියෙන්නෙ...කනවද...
අම්මගෙ අතේ තිබුන ඉදිආප්ප පිගාන දිහා බල බල සැන්ඩ්විච් තියෙන්නෙ කියනකොට මම තාත්තා දිහාවට හැරුනා....
අ...අපේ...අ...අම්ම්ද...ද්..දුන්නෙ.....
ර්..රොවිනම්මා???....
නෑ....
එ..එහෙනම්.....
ශෙහානි...
මම අහක බලාගත්තා .....දැන් ඒකිත් මගෙ අම්මද....?ශෙහානි....මට නම කියනකොටත් මාලු නටනවා අනික නංගිත් ගෙනිච්චෙ මෙව්වලු...ඒකි මොන මගුල ගෙනිච්චත් මට මොකො.....ඉන්ටර්නැෂනල් යන හින්දා වෙන්න ඇති පොශ් කෑම ගෙනියන්නෙ...
මෙච්චර වෙලාම කට අප්පිරියාවෙන් උන්න මම අර සැන්ඩ්විච් උරේ පැත්තක තියලා මම අම්මා ලව්වා තවත් ඉදිආප්පයක් කව්වගන්නකොට රෙහාන් තාත්තා තාත්තා ගාවට ගියා වගෙම මම අම්ම දිහා බැලුවා.....
ම්ම්..මෙ.න්න...මේක.....ජ්..ජිමියට....ද්..දෙන්න.....
ඇයි ඔයාට එපාද....
ම්..මට.....ඕන....ස්..සැන්විචක්....න්..නෑ...
ඒ.කි....හ්..හිතුවද...ද්..දන්නෙ....නෑ....ම්ම්..මට....හ්..හාගතේ....ක්..කියලා...
මම සැරින් සැරෙ වෙනස් වෙන තාත්තගෙ මුන දිහා බල බල සැන්විච් එක බල්ලට දාන්න කිව්වා...කව්ද දන්නෙ ඕකි මොනවා දාලා එව්වද කියලා ....කුඩම්මා කුඩම්මම තමයි....හොද කුඩම්මලා නැතුව නෙවෙ....ඒත්...නොතේරෙන කාලෙ ඉදලා රිදවලා දැන් ආදරේ කරන්න මේකි මැරිලා ඉපදුන් නෑනෙ....
මම අම්මා ලව්වා වතුරත් පොවාගන බෙහෙත් පෙති දෙක තුනත් ගිලලා මීක් නොගා ගිහින් වාහනේට නගිනකොට තාත්තා ආවා....
එ...එක...න්...නවත්තන්න....
....ම්..මොකක්ද....
මග දුරක් ආව මම කතා කෙරුවා ....මෙච්චර වෙලා කටවහන් උන්න මම දාලා තිබුන රෙව්ඩියෝ එකත් වහලා දාලා තාත්තට කතා කෙරුවා .....ඒක නවත්තන්න කිව්වා.....
ත්ත්....තාත්තා...ඉ...ඉස්සරහා.....මගෙ ප්..පුතා...ක්..කියන එක...
ඇයි ඒකෙ වැරද්ද මොකක්ද....කාට කාටත් තාත්තා කියන්න කලින් උඹගෙ තාත්තා මමනෙ යෙවීන්...
මම මගෙ බෑග් එකේ පටිය රෝල් කරන් ඇගිලි තුඩුවලින් මිරිකගත්තා ...
" ඇබිත්තම...ඔය ඇතුලෙ ඉන්න පුංචි එකාව මරාගන්න එපා..."
මගෙ හිත ඇතුලෙන් එයාගෙ කටහඩ ඇහුනා....එයා මට නපුරු වෙන්න එපා කියපු හැටි මතක් උනා....ඒත්....මට නපුරු නොවී බැරි තැන් තියනවා මගෙ සංධීර් ...
මම තාත්තා දිහා බැලුවා...බලලා වාහනේ අයිනකින් නවත්තන්න කිව්වා...මට යන්න ඕන ඉස්කෝලයක් නෑ.....ඉවසීම නැති මම තාත්තා දිහා බලාගන උන්නා.....
ඔ..ඔව්....ම්..මං....ක්..කාට...කාටත්...කලින්.....තමුන්ට.....ත්ත්...තාත්තා කිව්වා....හ්..හැබැයි.....ක්..කාට...කාටත්....ක්..කලින්....ත්ත්...තමුන් මාව නැති කරගත්තා...
.යෙවීන්...!!!
ශ්ශ්.....ම්..මං....තාම....ක්..කියලා ඉවර නෑ....හ්..හරි ...ප්ප්...පලවෙනි...එක.....ම්ම්.මගෙ...ග්..ගෙදර....එනව...නම්....
අර.....පොශ්....ග්..ගෑනිවයි....වයසක...
කටු අත්තයි.....ත්ත්...තියලා ආවට කමක් නෑ.....ද්..දෙවනි....එක.....ම්..මට.....ම්මලා..තුන්.....හ්..හතර...දෙනෙකුත්....න්..නෑ...මට....ඇති....ක්..කුඩම්මෙකුත්.....න්..නෑ...කොටිම්ම...මට....ඇති....න්..න...
නංගියෙකුත් නෑ....
උඹට මොකද වෙලා තියෙන්නෙ ආ....උඹට මොන යකාද වැහුනෙ.....අර නාකියා හිරේ ගියත් එක්ක උඹට අමු කැවුනද...අනික....උඹට අම්මලා තව නෑ කියන්නෙ උඹ අම්මා කියන්න හිතන් ඉන්නෙ අර නාකි ලෝයර් කාරයගෙ අම්මටද...??
ඔ...ඔ...ඔව්....බ්..බඩුවකට.....අ..අම්මෙක්ක්....ක්ක්..කියනවට....වඩා....
යෙවීන්....වහපන්
අත....අත....තියන්නෙ....න්න්...නෑ...ආ...
මගෙ ඇස් රතු උනා....මගෙ ඇස් රතු වෙන්න ගියෙ එකම එක තත්පරයයි...මගෙ සංධීර්ට නාකියා කියනවත් එක්කම බෝම්බෙ පුපුරලා ගියා....මං කෑ ගැහුවා....තාත්තා ගෙ ගැනිට කට ඇරලම බඩුව කියලා කියනවා එක්කම තාත්තා මට ගහන්න අත උස්සනකොට මම ඒ අත අල්ල ගත්තා...
යෙවීන්.....
ක්ක්..කරුනාකරලා ....ම්ම්..මාව...දෙකයි....ප්ප්..පනහේ....ක්..කොලේට..දාන්න...හ්..හදන්න..එපා...ඒ..වගේම...ස්ස්..සංධීර්ට.....මගෙ....ඉ..ඉස්සරහා....වචනයක්....වත්....ක්..කියන්න....ල්...ලෑස්ති....වෙන්න...එපා...මොකද.....මම...එච්චර....හොද....එකෙක්...නෙවෙ....ත්ත්...තාත්තෙ...හරි.....
මම....ත්ත්...තව..දුරටත් ....අඩාගන.....ග්..ගුටි....කාගෙන.....මුලු...ග්ග්..ගැහෙන...එකෙක්...කියලා....හිතන්...ඉන්නව...නම්.....තාත්තට...ව්..වැරදිලා.....තාත්තට.... න්...නොසෑහෙන්න.....ව්ව්...වැරදිලා.....
මම දත්මිටි කෑවා...පවුම් දෙක තුනක් බර රත්තරන් බ්‍රේස්ලට් එක දාන් උන්න තාත්තගෙ අත මිරිකන් උන්න මම ඒ අත ගසලා දාලා ඇස් හීනි කරගත්තා
මං...මුලිම්ම...ත්ත්...තමුන්ට..... ත්ත්...තාත්තා ක්..කියන්න....ඇති.....හ්හ්....හැබැයි...ත්ත්...තමුන්...මාව....නැති...කරගන ඉවරයි.....ආය....මගෙ....ත්ත්...තාත්තා ...ඉස්සරහා....ව්..වැඩි....අයිතිය....පෙන්නලා.....ඒ..මනුස්සයව....රිදවන්න...හිතන්නවත්...එපා...එහෙම....උනොත්.....
එහෙම උනොත්....එහෙම උනොත් උඹ මොකක් කරන්නද....උඹ හිතන් ඉන්නෙ පොලිස් පොතෙර් ලියවුනා කියලා උඹගෙ අයිතිය ඒ මිනිහට යයි කියලද.....
මම හිනා උනා....මම හිනා වෙලා අහක බලාගත්තා...අහක බලන් බෑග් එකට අත දාලා සුදු පාට ලියුම් කවරයක් ගත්තා....
ඇ...ඇත්ත....තමුන්ට....බ්..බැදීම්....තනිකරම....ක්..කොල...කෑලි වලට....සීමා...උන දේවල්නෙ....නේ.....ඒක...මම...දන්නෙ....
අදක...ඊ..ඉයෙක....නෙවෙ......
.......
ම්ම්..මම...කියන්නෙ....ම්..මෙච්චරයි ...ක්..කරුනාකරලා මගෙ අම්මා.....ත්ත්...තාත්තා...ගාව...ඔය...ප්ප්..පෝසත්....ල්...ලයින්....අල්ලන්නෙ නැතුව ඉන්න.....ම්ම්....මොකද....අද....වෙනකන්...ඒ....මනුස්සයො...ම්ම්...මට.....අතක්....උ..උස්ස්ලා....නෑ...මගෙ....ඇස්වලට.....
ක්..කදුලක්...දීලා..නෑ.....
කොටිම්ම....අර....ව්..වයසක.....ග්..ගෑනි....වගේ...මට....කාලකන්නියා.....ක්..කියලා...නෑ...මූසලයා....අ..අනාතයා....කියලා ගරහලා නැ...මාව....එලවලා....දාපන්....කියලා...කවදාවත් කියලා....න්..නෑ...කවදාවත් ...මගෙ....
අඩුපාඩු.....ග්ග්...ගැන.....කියලා....න්..නෑ....කවදාවත් ....මට.....හ්..හිගන්නෙක්ට....
වගෙ....බ්බ්..බෙලෙක්....තසිමක....ක්..කන්න...දීලා....න්..නෑ....
යෙ...වීන්....
ක්ක්..කතා...කරන්න...එපා....ක්...කතා..
කරන්න...එපා.....ත්ත්....තාත්තෙ...උඹගෙ.....බංගලාව....අස්සෙ.....මම...
හිගන්නෙක්....උනා...උ...උඹගෙ...බ්බ්...බංගලාව....අ..අස්සේ....මම....ක්ක්..
කාලකන්නියෙක්.....උ..උනා....මගෙ.....
ජාතකේ.....ග්ග්..ගැන...කිය...කිය...හ්..හය...හතර....නොතේරෙන....මගෙ...හිත...අමු...අමුවෙම.....තලලා...දැම්මා.....
එ..එතකොට....උඹ...කොහෙද....උ..උන්නෙ....???
උඹ...ගෙ...ඇස්...ප්..පනා....පිට.....මහ....
උන්දා....අම්මට...ව්ව්..වද....එකී....කිව්වා...
උඹගෙ...ඇස්....ප්...පනා....පිට.....මගෙ...
අම්මව.....බ්බ්.. බාප්පට....පාවා....දුන්නා.....
මගෙ...ඇස්....පනා....පිට.....උඹ..ම්ම්.
අගෙ...අම්මට....වද....ග්ග්...ගෑනි....කිව්වා.....කම්මුල....රත්....වෙන්න....ගැහුවා....ඉපදුන....දරුවගෙ....ම්ම්..මූනවත්....නොබල....ඉ..ඉස්පිරිතාලෙ ..ම...වලලන්න....දීපු.....උඹ.....ත්ත්....තාත්තෙක්ද....???
උඹ.....ත්ත්....තාත්තෙක්ද.....ක්ක්..කියපන්....
මගෙ...අම්මට....වදයි....කිය...කිය....ප්ප්...පාර...පිට...පාර...ගහනකොට .....උ..උඹ.....ස්ස්...සද්ද...නොකර....උන්නා...
යෙවීන්.....
ඇත්තටම .....ව්ව්.....ව්ව්..වද....මගෙ....
අම්මද....
න්න්න්...නැත්තන්....
ත්ත්....තමුන්ද...??????
😡සාතන් නර්සරියෙ ඉන්න ජොබී....නිදහා...ස්ස්.....
ආය....එන්නා.....ම්
පයිස්සමින්....සතුටින්...සමාදානයෙන් ඉන්ඩෝ....
Ferdeesha ❤️💚😘 .....