ස්ස්....සංදීර් .......!!!!
මම හීල්ලුවා....
එ හැම දේම වෙලා ඉවරයි ...
ඒ හැම දේම වෙලා ඉවරයි .....
අඩල අඩලම ඇස් ගෙඩි දෙක පුපුරන්න එනකොට මම රොබිනලගේ සෝෆාවෙ ඔලුව ගහන් උන්නා...
මට එක තැනක ඉන්න බෑ.....
හරියටම හූනියමක් කරපු එකෙක්ට වගේ මට එක තැනක ඉනන් බැරි උනා...මාව ගිනි ගන්නවා වගෙ දැනුනා....බඩ පපුව පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා...කොටිම්ම සර්වාංගෙටම ඉදිකටු තුඩවල් අනිනවා වගෙ දැනුනා...
මගෙ ඇස් දෙක තිබුනෙම ඔරලොසුවෙ කටු උඩ.....උදානටත් වඩා රොමේන් ගෙදර එන වෙලාව බලාගන්න ඕනා උනෙ මට වෙනකොට මම කියන කරන දේවල් තේරුමක් නොයන තරමට බාප්පා ශොක් වෙලා තිබුනා.....එයා සැරින් සැරේම කිව්වෙ මේක නම් කාගෙ හරි උගුලක්ම කියලා විතරක් උනා.....
සංධීර් .....
අනෙ උඹට මොනවා වෙලාද.....
උසාවි දානකන් අනිවාර්යයෙන්ම රිමාන්ඩ් එකට දායි.....
අනෙ උඹට කන්නවත් දෙයිද ....ඔලුවට කොට්ටයක් වත් නැතුව පැදුරු කඩමාල්ලක් වත් නැතුව අනෙ උඹ මුලු රෑම කොහොම ඉන්නද මගෙ සංධීර් ...?????
..ටික්...ටික්.....ටික්.....ටික්.....
මුලු ගෙදරිම්ම ඇහුනෙ බිත්ති ඔරලෝසුවෙ දුවන කටු වල සද්දෙ විතරයි .....ඒකත් මහ කන්කරච්චලයක් වගේ දැනුනා...
සංධීර් ළඟ ඉන්නකොට පිස්සුවෙන් දුවන ඔරලෝසු කටු අද කැද බීලා වගේ උන්නා...
උනුත් මට පරහට හිටියා....
අඩල අඩලම ඇස් වලට අඩන්න කදුලු නැතිවෙනකොට වතුර බිදක් වත් නැතුව කාන්තාරෙක අතරමන් උන එකෙක් හා සමානව මගෙ තොල කට වේලීලා ගියා...
අඩන මට මොකුත් නොකියම අඩන්න දුන්න උදාන මේ වෙනකොට ඇල් වෙච්ච තේ කෝප්ප දෙකතුනක්ම ආය ආයම රත් කරලා දුන්නත් පලක් නැති තැන විසික් කරලා දාලා බාප්පා ගාවින් ඉදගන්නකොට වාහන සද්දයක් එන එන පාර මම එලියට දිව්වා.....
එයා එන්නෙ නෑ...
එයා එන්නෙ නෑ කියන්න දැන දැනම උනත්....අනෙ මම වෙන්නෙ නැති දේවල් බලාපොරොත්තු උනා.....
ආයමත් රොබිනා එක්කම මගෙ සංධීර් ඒවි කියල හිතුනා.....
උදානයා.....අරූට කියපන්....ඇප දෙනවා නම්....ඕන ගානක් කියපන්.....මං දෙන්නම්....මං මගෙ සේසතම හරි ඌට දෙන්නම්.....ඌව එලියට දාන්න කියපන්.....
ඇයි හුත්තො ඕන තරම් උන් අල්ලස් දෙන එකේ අපිට දෙන්න බැරි...උසාවි නොදා මෙතනින්ම්ම වැඩෙ ඉවර කරන්න පුලුවන් නෙ.....
හෙලො.....අයියෙ...උඹ කොහෙද ඉන්නෙ..... මට පුලුවන් නම් සල්ලි ටිකක් දීපන්.....
දන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද.....උඹලා විස්වාස කරනවද....නෑ නෑ...මේක සහගහන බොරුවක්...
මම බැල්කනි එකේ ඉදන් අහන් උන්නා...ඔය කියපු හැම වචනයක්ම පැන්නෙ බාප්පගෙ කටින් ....අනෙ සල්ලි ඕන ගානක් දීලා හරි මගෙ සංදීර්ව බේරගන්නම් කියපු බාප්පම ඊලග පාර අල්ලස් දෙන්න පවා ලෑස්ති උනා....
මම බලන් උන්නා...කදුලු පුරවන් බලන් ඉන්නව ඇරුනම මට වෙනකරන්න දෙයක් නැත්තටම නැති වෙනකොට අනේ බාප්පෙ...සල්ලි නෙවෙ රත්තරන් දුන්නත් මගෙ සංධීර් ඇතුලට ගල් ගියෙ අද හෙටම එන්න නෙවෙ බාප්පෙ කියන්න මගෙ කට කොකියෑවා....
ඒත්...ඒත් මොනවා කරන්නද...
යෙවීන්...
මල ඉරත් බැහැගන ගිහිල්ලා...එයාව මගෙන් උදුරගන ගිහින් පැය තුන හතරක් ගෙවිලා තිබුනා...
වටින් ගොඩින් අන්දකාර වැටෙන්න කලින් උදේ ඉදන් තිබුන නිල්පාට අහස පාට දෙක තුනකින් පාට වෙලා තිබුනා....දම්පාට.....රතු පාට.....තැඹිලිපාට...
කවියෙක්ට මේ අහස කොච්චර නම් ලස්සනද....හුස්මක් අරන්...ඇහිපිල්ලමක් ගහන පමාවට....කවියෙක්ගෙ හිතෙ මේ පාට පාට අහස දැක්ක ගමන්...එකම වචනයක් වත් පෑන් තුඩෙන් පනගහන්න ගන්නවා.....
සිත්තරෙක්ට....මේ අහස කොච්චර ලස්සනද.....කැන්වස් රෙද්දක....වතුර ඇබිත්තක් එක්ක හාමු උන පාට පින්සල් තුඩට කවාගන....ඇස් පනාපිට....තවත් අහසක් ඒ රෙද්ද උඩ මවන්නෙ නැද්ද...
ආදරේ කරන මිනිස්සුන්ට...මේ අහස කොච්චර ආදරනීයද...මල ඉර වතුර යට ගිලීගන යනකොට ...පාට පාට අහස දිහා බලාගන...එයාගෙ උරහිසට ඔලුව ගහන්....අහස උසට හීන මවන්නෙ නැද්ද.....
ඒත්....
තනි උන උන්ට.....
විරහව විදින උන්ට.....
මේ අහස දැක්කම පපුවටත් වඩා බර හුස්මක් පිට වෙලා....." අනෙ ඇයි එහෙම උනෙ "කියලා හූල්ලනව ඇරෙන්න.....වෙන මොනවා කියලා නම් කරන්නද.....
යෙවීන්...
එ කටහඩ උදානගෙ...
බැල්කනියට වෙලා එක එක මිනිස්සුනට එක එක හැගීම් ගේන අහස දිහා බලගන උන්න මගෙ උරහිසට අතක් තියලා කතා කරපු උදානගෙ මූන දිහා මං හැරිලා බැලුවා.....
උදාන....වචනයේ පරිසමාප්තියෙන්ම උදාන තැම්පත් චරිතයක් උනා...මටසිලිටු ...හරි සෞම්‍ය වගේම...කරුනාවන්ත කෙනෙක් උනා.....එයාගෙ කටහඩ දැනට උනත්....සැර උනෙ නෑ....දැනට උනත් කලබලකාරි උනේ නෑ.....එයා මා දිහා බැලුවෙ දරුවෙක් දිහා බලන්නව හා සමානව...
ඇත්ත...මේ හැමෝටම මගෙ වයසෙ ළමයි ඉන්න ඕන අය...මගෙ සංදීර් පවා බැදලා උන්න නම්....එයාගෙ කර උසට මම වගේ ළමයි ඉන්න ගියා...
මම උදාන දිහා බැලුවා.....
නාඩා ඉන්න ...ඔයා ඕනාවටත් වඩා දැන් ඇඩුවා...
......
අනික.....බාප්පට...ඔයා දැන් කියන කරන දේවල් ගානක් නැති උනාට...පස්සෙ ඔය දේවල් කල්පනා කෙරුවොත්....
මම බලන් උන්නා.....එයා කියනවා දැන් ඇතිලු....තව ඇඩුවොත්...තව කියෙව්වොත්...කොටිම්ම එයා නොකියා කියන්නෙ බාප්පට මේක අහුවෙයි කියලා .....
ඉතින්...අහු උනත්....මොකද...ආදරෙ කරන එක වරදක්ද...??
මම උදාන දිහා බලාගන උන්නා...එයා කියවනවා..
ඇත්තටම එයා මගෙ හිත හදන්න හදනවා....
වැඩක් නෑ...එයා කොච්චර මගෙ හිත හදන්න හැදුවත් එයාට මගෙ හිත හදන්න බැරි බව දන්න මම අවසානෙදි එයාව මහන්සි නොකර ඒ කට වැස්සෙව්වා.....
උ...උ..උදාන.....
මම ආපිට බැල්කනියෙ ඉදන් අහස දිහා බැලුවා....මේ රටෙ බල්ලො බලල්ලු ගානට මිනිස්සු මරල දාන්න පුලුවන් නම්...ඇයි ආදරේ කරන්න විතරක් මෙච්චර තහනමක්.....
උ..උදාන...ම්..මට.....යි....ක්..කියලා....න්..නැතිවෙන්න....ක්..කිඓම දෙයක්....න්..නැති...කොට.....මං...මොකට කියල බය වෙන්නද.....
මටයි ක්..කියලා....ක්..කැඩෙන්න හිතක් නැති කොට.....ම්ම්...මං...මොකට.....බය වෙන්නද....
ම්ම්...මට....අ...අමුතුවෙන්...ආය....ක්..කැඩෙන්න හිතක් ...න්..නෑ..උදාන....එ..එහිත...මං ..ඉ..ඉපදෙනකොටම.....ක්..කැඩිලා.....ග් ගිහින්....ඉ..වවරයි.....
ම්ම්....මං....උපතිම්ම...අ..අනාතයෙක්....කියන...දේ....එක්ක....මගෙ....හිත....ක්.කැඩිලා...ඉ..ඉවරයි...උ..උදාන....
මටයි....ක්ක්..කියන්න....කිසි දෙයක් ....ඉ..ඉතුරු නොකර.....හ්..හැම...ද්..දෙම....මිනිස්සු.....උ..උදුර ගත්තට....ප්...පස්සෙ.....ම්ම්..මට...අයම....න්..නැතිවෙන්න...ද්.දෙයක්....න්..නෑ...එක..නිසා...බ්බ්..බාප්පා.....මොන...දේ...ක්..කිව්වා.....උනත්.....මට....ව්..වැඩක්....නෑ...එයාට....මට....ඔ..ඕන.දෙයක්..කරන්න...
පුලුවන් .....හ්හ්..හැබැයි.....ම්....මාව....
මරන්න.....බෑනෙ....
මට මහන්සි.....මට නොසෑහෙන්න...මහන්සී....මට නොසෑහෙන්න කියන්නෙ...මට වචනවලට පෙරලන්න බැරි තරමට මහන්සී....
දිව හිලෙන්න වගේ....මට ඇල්වතුර උගුරක් වත් බොන්න හිතක් නෑ...වතුර උගුරක් කටට ගත්තා උනත් හිතෙන්නෙ....අනේ එයාට මොනව වෙලා ඇත්ද ...එයාට....මොනවා වෙලා ඇත්ද කියන එක විතරක් වෙනකොට මට කටට ගන්න වතුර උගුර උගුරෙ හිර උනා මිසාක්කා උගුරෙන් පහලට නොයන ගතියක් දැනුනා......
ඇතුලට එන්න.....ඔතන මදුරුවො කනවා...
.......
යෙවීන්.....
ම්...මං...එ...එන්නම්....උ..උදාන.....
රොමේන් එන්න වෙලා යාවි....
මම ආපිට එයා දිහා බැලුවා...එයා දන්නවා මන් මග බලන් උන්නෙ රොමේන් එනකන් කියලා ....එයා දන්නවා...මම මෙතනට වෙලාටැග් ගැහෙන්නෙ මගෙ සංධීර් ගෙන් පනිවිඩයක් එනකන් කියලා ...අනිද්දා චන්දෙ...සිල්වට චන්දෙ දිනන්න ඕනා නෑ...ඌ දැනටමත් දිනලා ඉවරයි....පුතාගෙ මල බතෙ වතුර හිදෙන්නත් කලින් ඌ උගෙ දේවල් කරන්න පටන් අරන්...අපෙ දෙමව්පියෙක් ට ඔහොම උනා නම්....උන් පිස්සො වෙලා
....තියන සේසතම නැති කරන්....
ඒත් මුන්.....ඉන්න එකම එකා මැරුනත්.....
තන්නාසෙ.....කෑදර කම.....වෙන මොකුත් නෙවෙ බලයට තියන කෑදර කම.......
උදාන මාව දාලා ඇතුලට යන්න ගියා.....තාත්තා එනකන් පරිස්සමින් ඉන්න කියපු පොයෝනියා දැන් චුට්ටක් ලොකු වෙලා ඉන්නකොට ඒකව බට කූඩෙකින් වහලා තිබුනා...උගෙ වැඩේ අර බට කූඩෙත් එක්කම එහා මෙහා යන එක වෙනකොට වෙනදට නම් පැල් බැදන් හිනා වෙන්න ඕන තැන්වල මම අද ඔහේ මැරුන එකා වගේ බලන් උන්නා.....
ඉදා ක්ක්...කාපන් ප්...පියෝනි....
එහා මෙහා දුවන බට කූඩෙ එක පැත්තකින් ඇරපු මම ඒකට තිරිගු ඇට අහුරක් දාලා බලන් උන්නා...
ඌ කනවා...පෙදයක් මතු වෙන්න හිතලා වත් නැති පොඩි පස්ස උස්සන් ඌ කනවා....
එයා එන දවසට උඹ ලොකු වෙලා ඉදීවි පියෝනි....
උඹ වෙනස් වෙලා ඉදීවි...
ඒ වගේම....එයා එන දවස වෙනකොට මම හිතක් පපුවක් නැති එකෙක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙලා ඉදීවි...
ආයුබෝවන්.....
මුලිම්ම දේශිය පුවත්...
මුලු ගෙදරටම ඇවිලුනෙ එකම බල්බ් එකයි...ඒක්ත් බල්බ් එක නෙවෙ....ටීවි එකේ නිල්පාට එලිය විතරයි ....
රෑ අටයි.....මේ වෙනකොට දෙපාරක් තුන්පාරක්මන් අපෙ ගෙදරින් ගත්තා වගේම සංධීර්ට කරදරයක් කිව්වට පස්සෙ වගේම බාප්පත් ඉන්නව කියන වචන එක්ක තාත්තා අම්මා ආයම මට ගත්තෙ නැති උනා ......
උදාන වගේම බාප්පා උන්නෙ ටී වි එක ඉස්සරහට වෙලා වෙනකොට මම හෝන්දු මාන්දු වෙවී උන්නා......
මට බාප්පට මේ ගැන කියන්න ඕනා.....
බාප්පට විතරක් නෙවෙ...අම්මට තාත්තට පවා...නොදැන ඉදලා එක පාර දැනන් හුස්ම හිරකරගන්නවට වඩා හොදයි....මල් පිපෙන කාලෙට බෝම්බ වැටෙන්න ඉඩ නොදී...පුපුරල ගියපු කාලෙම ඒ වේදනාවත් ඉවසන්න පුරුදු වෙන එක....
ඒක ඇත්තටම මගෙ හදවතට ගුනයි...අඩන්න තියන කාලෙ අඩලා වැලපිලා...හූල්ලලා අවසානෙදි අඩන්න කදුලු උනන්නෙ නැති තැනටම වැටිලා ආයම නැගිටින්න ඕන.....හැබැයි....නැගිට්ටට පස්සෙ මට ආයම අඩන්න හේතුවක් නැතිව යන්න ඕනෙ...
මං තිරිගු ඇට අහුලන පියෝනි දිහා බැලුවා ....ගෙවෙන තත්පරයක් ගානෙම මගෙ ජීවිතෙන් කතා කරන්න තියන දෙබස් ගාන අඩු වෙලා වගෙ මට දැනෙන්න ගත්තා ...
විසි හතර පැයම සංධීර් .....
සංජී....ර්.....
ගගා කියවන මට ආයම වද දෙන්න එයා දුරයි නේද හිතුනා...
මං බලන් උන්නා....
මං බලන් උන්නා...
තත්පර විනඩි වෙලා....විනාඩි පැය වෙනකනුත් මං බලන් උන්නා....අවසානෙදි අටේ ප්‍රවෘති ඉවර වෙලා දහයෙ කනිසමට යන ප්‍රවෘති යනකොටත් මං මගෙ හිතින් සංධීර්ව හොයන් ගියා ..... ...
උඹට මාව මතක් වෙනවා නේද මගෙ සංධීර් .....??
ආයමත් බැල්කනියට ආව මම බිම ඉදගන රෝස පාට අහස ගිල ගත්තු අන්දකාර අහස දිහා බලාගන උඹට මාව මතක් වෙනවා නේද සංධීර් කියලා මුමුනපු මම සැරින් සැරේම වලාකුලු අස්සෙ හැංගිලා යන හද දිහා බලාගන උන්නා...

උඹ නැති තැන තත්පරේ පවා කල්පයක් තරම් ලොකුයි කියලා මං හරියටම අදයි දැනගත්තෙ මගෙ සංධීර් .....
උඹ ඉන්න තැන....හුස්මක් නොගෙන දුවන ඔරලෝසු කටු මේ තරම් කාලයක් කරලා තියෙන්නෙ ආදරෙ කරන මිනිස්සුන්ව රවට්‍ටන එක කියල මම අදයි දැන ගත්තෙ මගෙ සංදීර් .....
සාක්කුවෙ තිබුන ඵෝන් එක ඇදලා ගත්තු මම වෙලාව බැලුවා....
දොලහටත් ලගයි....රොමේන් තවම නෑ....එයාල මොනවා කරනවා ඇත්ද....
එයාව වටකරගන ප්‍රශ්න කරනවා ඇතිද...?
ඔව්...ඒක එහෙම වෙන්න ඇති මොකද.....පොලිසියට ගිහයම හුරතල් කරන්නෙ ඇමති පරාන විතරයි.....උසාවි දානකන් කියලා එයාව බබා වගේ තියන්නෙ නැතිව ඇති...මං දන්නවා...අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඇමතියා මොන මොනවා හරි තව විස පුරවලා ඇති....එයාගෙ බෙල්ල මුලින් හිර කරන්න නැති නඩුත් පටලවලා ඇති....
මට තියන එකම සැනසීම රොමේන් විතරයි ....මට තියන එකම හයිය රොමේන් විතරයි ........
ඵෝන් එක අතට ගත්තු මම එහෙම්ම රොබිනට මැසේජ් එකක් දැම්මා.....
රොමේන් ...
මගෙ සංධීර්ට.....එයාට කොහොමද ...??
මම එච්චරයි ඇහුවෙ.....
අහන්න දේවල් දාහක් තිබ්බත්....අඩලා අඩලා ඔලුව පුපුරන්න එන මම එයාට කොහොමද විතරක් අහලා එහෙම්ම ගැලරියට ගියා....
අනේ...
නලුවෝ....
එයාට හොදටම නින්ද ගියපු වෙලාවක ගත්තු එකක්....
එයා නිදි....අනෙ...එයාට මම ඉන්නවා කියන්න අමතක වෙන තරමට එදා නින්ද ගිහින් තිබුනා...

එයාට නොදැනෙන්න මම හාදු තියපු තරම්....
උඹට මාව අමතක වෙන තරමට නින්ද යන්න නම්....උඹ මගෙ ගාවදි කොච්චර සැනසීමෙන් ඉන්නවා ඇතිද මගෙ සංදීර් ...
ටින්....
මැසේජ් එකක්....
රොමේන් ගෙන්....
සංදීර්ගෙ ඵෝටො එක් දිහා බල බල උන්න උන්න මට ඉවසිල්ලක් නැති උනා.....මං මැසේජ් එක ඕපන් කෙරුවා .....
කියන්න .....
රොමේන් මගෙ සංදීර් ...
ඉන්නවා.....
එයා හොදින්ද .....අනේ එයා හොදින්ද රොමේන් ....එයාට ගැහුවද...එයාට අනේ එයාට ගැහුවද ගහන්න දෙන්න එපා රොමේන්...අනේ ගහන්න දෙන්න එපා....උන් නැති වැරදිත් පටවලා ගහයි....
මගෙ මහපට ඇගිලි දෙක තනිකරම මැශින් එකකින් වැඩකරන ඉදි කටුවක් වගේ....ඒ තරම් වේගෙන් මම මැසෙජ් එක ටයිප් කෙරුවා .....සිය පාරකට වඩා කිව්වෙ අනේ එයාට ගහන්න එපා...අනේ එයාට ගහන්න එපා කියන එක විතරක් වෙනකොට එයා මම දාපු මැසේජ් එක සීන් කෙරුවා ....
යෙවීන්....තවම ඇහැරලා ඉන්නෙ ඇයි.....
.මට නින්ද යන්නෙ නෑ.....මට...නින්ද අහලකට වත් එන්නෙ නෑ රොමේන් අනේ මට මගෙ සංදීර්ව බලන්න ඕනෙ රොමේන් ...
මම ඇහුවෙ එකක්...මම කිව්වෙ එකක්....ඒත් මට උත්තර හම්බුනෙ තව එකක් උනත් මම නවත්තන්නෙ නැතුවම එකම දිගට එකම දිගට සංදිර් ගැන ඇහුවා එකම දිගට මට මගෙ සංදීර්ව බකන්න ඕනා කිය කිය එයාටවද දුන්නා...
දොලහා පහු උනා...උදාන කට කැඩෙනකන් කියලා කියලා මාව අස්සට ගත්ත.....මට නිදා ගන්න කිව්වා..කන්න කිව්වා...ඒත් මම නෙවෙ ඒ කිසි දෙයක් ඇහුවෙ ...බාප්පා නෙවෙ මන් ගැන බැලුවෙ.....සෝෆාවෙ උඩ බෙලි අතට වැටිගන උන්න බාප්පා මලකදක් වගේ ඉන්නකොට මම ඇස් දෙක ගෙවෙනකන් රොමේන් ගෙන් මැසේජ් එකක් එනකන් බලන් උන්නා.....
ටින්....
එකයි කාලයි...
පාන්දර එකයි කාලයි...රොමේන්ගෙන් මැසේජ් එක එන පමාවට මම මැසේජ් එක ඕපන් කෙරුවා .....
..හෙට උසාවි දානවා....
එයා නිදි ඔයත් නිදා ගන්න gd night .
එච්චරයි ...එයා කෙලිම්ම මට ගුඩ් නයිට් කියලා එවලා තිබ්බා...කෙලිම්ම නැවතීමෙ තිත තියලා තිබුනා.....ඒ කියන්නෙ ආයම මැසේජ් කරන්න එපා කියන එක වෙනකොට මම ඒ මැසේජ් එක සිය පාරක් කියවපු මම එහෙම්ම බාප්පට එහාපැත්තෙන් තිබුන පුටුවට වැටෙනකොට උදාන ඇවිදින් අපි දෙන්නටම එහා කාමරේට ගිහින් නිදා ගන්න කියලා කිව්වා...
නෙහාන්....
ම්ම්ම්....
ළමයා එක්ක අනිත් කාමරේට ගිහින් නිදා ගන්න...
අරූ එන්නෙ නැද්ද.....?
අද එනඑකක් නෑ....
අපෙ එකාට මොකද වෙන්නෙ.....?
.......
ඌ ගැන මොකුත් කිව්වෙ නැද්ද උදාන.....??
උදාන මා දිහා බැලුවා.....බාප්පා උදානගෙන් මගෙ සංදීර් ගැන අහනවා...
උ..උදාන...ක්..කියන්න....ත්ත්...තියන...දෙයක්....හ්..හංගන්නෙ....න්..නැතුව.....ක්..කියන්න.....
දැනුයි ඇතුලට දාලා තියෙන්නෙ....
දැනුයි ඇතුලට දාලා තියෙන්නෙ කියන්නෙ....මෙච්චර වෙලා මොනවා කරලද.....හැබැයි උදානයා...මුන් මේකට ගහලා තිබ්බොත් නම්....අම්මා අප්පට උන ගැනෙන්න ගහන්නෙ ගහපු උන් ඔක්කොටම..යකො උඹ මම ඇහැට දැකල තියනවද.....නෑනෙ....මේක කාගෙ හරි උගුලක්....ඒකත් එකටම අර නාකි පඩංගුවගෙ වෙන්න ඇති.....හිටපන්කො චන්ද කොලේ ඉදම්ම හමන්නලා යවන්න....
බාප්පා කුනුහර්ප වැපිරුවා...එයා ඇමතියට බැන්නා...රොමෙන් මට නොකියපු හුගාක් දේ උදානට කියලා කියන්න ඒ මුනෙන් පේනකොට මම ඉදන් උන්න තැනින් නැගිට්ටා ....උන් කවුරු කොහොම මට නිදා ගන්න කිව්වා උනත්....නින්ද කියන දෙරදින් පස්සෙ මගෙ ඇස් වලට එන එකක් නැති වේවි....මට හංගන හුගක් දේවල් උදානගෙ මුනෙ ලියවිලා තියනකොට මම මේ මහ පාන්දර ගෙදර එන්න ලැහැස්ති වෙනකොට උදාන මාව අල්ලගත්තා ...
.යෙවීන්....මුරන්ඩු කම් කරන්න එපා යෙවීන්.....
ම්ම්..මගෙ....හිත....ග්..ගැන....උඹට....තේරෙනවද.....උ..උදාන.....??ම්ම්..මුරන්ඩු කම්....ක්..කරන්න...එපා....අ..අඩන්න....එපා.....අරක...එපා...ම්ම්..මේක...එපා....ගාන්න...උ..උඹලා...ඔ..ඕන....එකෙක්‍ට.....ප්..පුලුවන් ...හ්..හැබැයි....මගෙ....හ්..හිතේ වේදනාව....ද්..දන්නෙ....මම...
ම්ම්...මම....ක්..කියන්නෙ....මමම.....ව්..විතරයි.....උ..උදාන.....ම්..මම.....වි...විතරයි.... ...ඒක.....උ..උඹට....න්..නෙවෙ.....ක්..කාටත්..දැනෙන්නෙ....නෑ....ම්න්...ඉන්නෙ....ග්..ගිනි....පෙනෙල්ලෙන්....ග්..ගුටි....ක්..කාපු....ම්ම්..මම....ද්..දැන්....ක්..කනා....ම්..මැදිරි....එ..එලියටත්....බ්..බයයි...
උ..උදාන.....
යන්න ගියපු මාව අල්ලගත්තු උදානට මම කියන්න පුලුවන් හැම දේම කියලා කියලා එන්න හදනකොට එයා අතේ තිබුන ඵෝන් එක් දිහා බලන් ඉදලා බලන් ඉදල මගෙ දිහාවට හැරෙව්වා.....
එයාට සැනසීමක් තියෙන්නෙ ඔයා හොදින් උන්නොත් විතරයි ...
එයාගෙ බලාපොරොත්තුව.....ඔය අත් වලින් එයාට සාදාරනයක් කරලා දෙන එක ගැන විතරයි යෙවීන්...
.ස්...ස්....සංධී...ර්....අනෙ...හ්

මම එයාගෙ අතින් ඵෝන් එක උදුර ගත්තා...
අනේ....හිගන පැටියෙක් වගේ.....සිමෙන්ති පොලවෙ ඉදගන බිත්තියට ඔලුව හේත්තු කරන් උන්න එයාට නින්ද ගිහින් දෙයියනේ...
.ඒ මුනෙ තිබුන මහන්සි පාට...ඒ මූනෙ තිබුන වේදනාව.....
මේ පැය ගානට මගෙ සංදීර් තවත් වයසට ගිහින් උන්නා .....
මේ පැය ගානට මගෙ සංදීර් වෙනස්ම කෙනෙක් වෙලා උන්නා.....
වේලීලා ගියපු ඇස් ඒ මූන දකිනවත් එක්කම ආයම තෙත් වෙලා යනකොට එයාව හෙට උසාවි දානවා කියන වචන මගෙ හිතට වද දුන්නා.....
උසාවි පිට උසාවි දැම්මත්...
ඒ තීන්දුව දැනටමත් දන්න මම අවසානෙදි එයගෙ ඵොටෝ එක මගෙ ඵෝන් එකට අරගන ගිහින් ඇදට වැටුනා....
දෙන තීන්දුව දැන දැන මම උඹගෙ මුජ්න කොහොම බලන්නද මගෙ සංධීර් ...හෙටින් පස්සෙ රහක් ගුනක් නැති ලුනුත් මිරිසුත් නැති....කල්දේරම් බත උඹ කොහොම ගිලින්නද මගෙ සංධීර් .....
සිරකරුවෝද මනුශ්‍යයෝය .....සිරකරුවෝද මනුශ්‍යයෝය .....
වැලිකඩ ගාවින් යනකොට අනන්තවත් ඔය අකුරු ටික මම දැකලා තිබුනත් ..ඒ වචනවල බර මට මේ තාක් දැනුන් නෑ මගෙ සංධීර් ....ඒත්.....ඒත් හෙටින් පස්සෙ අනෙ හෙටින් පස්සෙ ....මට ඒ වචනවල බර ඕනාවටත් වඩා ලොකුවට දැනේවි සංධීර් ...
රොබොරෝසියා මල් පිපෙන කාලවල් මට තනියෙන් ගෙවන්න වේවි...
.හන්තානට පායන හද හන්තානට නොයා මෙහෙ ඉදන් තනියෙන් බලන්න වේවි ....
හුස්මක් ඇරලා උරහිසට ඔලුව ගහන්න ඕන වෙන හැම තැනකම මට උඹ නැති අඩුව දැනේවි ...
කොටිම්ම...
කොටිම්ම....උඹයි මායි ඇවිදපු පාරවල් වල...මම තනියෙන් ඇවිදිනකොට .....
වෙනදටත් වඩා.....
මට උඹ නැති අඩුව දැනේවි.....සංධීර් ....
එයාගෙ ඵොටෝ එක බලාගන ගනින්න බැරි තරමට හාදු කෝටියක් විතර දීපු මම අනිත් පාර එයාව පපුවට තුරුල් කරන් නින්ද නේන බව දැන දැන ඇස් රවට්ටන්න ඇස් පියන් වහගන්නකොට ඇස් කොනකින් වැටුන කදුලු බින්දුවක් ඔහේ කොට්ටෙ අස්සෙ හැංගිලා ගියා...
සොයා නිම්න කඳු අස්සෙ
අහස් ගව් වලින් කර ගත් ප්‍රේමය
දරාගන්නට බැරි ම වෙන්නෙ
මහ කුණාටුවකට හසු උනාට පස්සෙ
වසන්තය එන බව දැනෙන කාලය...
(උපුටා ගැනීමකී....)
ස්.....ස්...ස්....සංදීර් ....!!!
අ...අ...අනේ....අ..අනේ.....ය්...ය්...ය්.. යන්න...එපා....ය්..යන්න...එපා...හ්...
යෙවින්...පුතේ....යෙවීන්....
යෙවීන්
එ..එපා.....ත්ත්...ත්තා...ත්තෙ.....එපා...එපා....කියන්න....ත්තා...ත්තේ.....හ්...අ..අපි....බ්..බොරුවක්....ක්....කෙරුවේ....හ්.....
යෙවීන්....
දරුවො....
අනේ....පුතේ....
යෙවීන්...
නෙහාන්...අනේ කොල්ලා.....
එ.....එපා...එ...එපා...අ..අ...තෑරපියව්....
අ..අතැරපියව්.....
ම්..මගෙ....ස්..සංධිර්.....
මගෙ....යකො.....
උ..ඌ....මගෙ...මගෙ...
ම්ම්....මගෙ....අ..අනේ...බ්..බාප්පෙ.බා...ප්පෙ.....හ්....බ්..බ්බ්..බ්..බාප්පෙහ්...
ඇයි...ඇයි.....මේ....බාප්පා....ඉන්නවා...
බාප්පා.....ඉන්නවා.....අනේ.....යෙවීන්....කියනදේ අහපන්කො.... රත්තරනේ...
මං කෑගැහුවා...
සහලවම උන ගත්තු මම කෑ ගැහුවා.....
රැයක් පුරාවටම අඩ අඩම නිදා ගත්තු මම හුස්මක් කටක් නොගෙම එයාව බලන්න උසාවි ගානෙ දුවනකොට රැයක් ගෙවෙනකොට උන් මගෙ සංධීර්ගෙ හොද පන යවලා තිබුනා.....කහ ගැහුන ඇස්...දුසින් ගනන් මදුරුවො විදපු පාරවල් .....කටෙ කෙල හිදිලා යනකම්ම ප්‍රශ්න කරපු එයාට විත්ති කූඩුවට නැග්ගට පස්සෙ කතා කරගන්න කට පන නැති වෙනකොට මම පපුවෙ ගිනි පත්තුකර කර බලාගන උන්නා....
ශරීර ඇපවත් ..මුදල් ඇපවත් මේ කිසීම දෙයක් නැතුව මගෙ අසරනයා හිර ගෙට නියම උනා...ඒකත් මං දරාගන උන්නා...නඩුකාර හාමුදුරුවො මොන මොනවදො ලියලා කල්දේරම් බත ගිලින්න දින නවසිය ගානත් පන්නලා දින කියනකොට මට උන් හිටි තැන්වලින් නැගිටලා අනේ නඩුකාර හාමුදුරුවනෙ ....මේක බොරුවක්...මේක.....බොරුවක්...මේක බොරුවක් කියලා කෑගහන්න හිතෙන තරමට මම පිස්සු වැටුනා වගේම අවසානෙදි එයා විත්ති කූඩුවෙන් බැහැල මගෙ දිහා බලන් යනකොට ඒ ඇස් වල තිබුන කදුලු කම්මුල් තෙමන් පහලට වැටෙනවා දැකපු තැන අනේ මාව උසාවිය ඇතුලෙදිම කලන්තෙ දැම්මා.....
එච්චරයි .....එතනින් එහාට.....එයාව අරගන යන කොටු දැල් ගහපු බස් එක වත්...මේ මොකුත් දකින්න මට ඇස් අරින්න බැරි උනා.....
ගිනි කබල වගෙ ඇග රත් වෙනකොට ඇස් අරින හැම පාරකම මම උන්මනතකයෙක් ගානට වැටිලා.උන්නා.....
සංදීර් ....සංධීර් ....සංධීර් .....
මම කිව්වෙම ඒ නම විතරක්ම වෙනකොට අම්මලා බාප්පා...තාත්තලා මේ කාටවත් මාව ආම්බාන් කරන්න බැරි උනා....වෙනදට පය හය යන්න කලින් උන බහින උදානගෙ බෙහෙත් පෙත්ත අද මගෙ වේදනාව ඉස්සරහා ඇල්මැරිලා යනකොට අනෙ මට සංධිර්ව ගෙනත් දෙන්න අම්මෙ....ගගා මම ඇඩුවා....මම කෑ ගැහුවා....
අ..අනේ...අ....අනේ...අම්..අමේ....හ්...
ම්....ම්...මට...මට....මගෙ....ස්..සංධීර්ව.....ග් ගෙනත්...දෙන්න...අම්මෙ...අනේ.....හ්.....
යෙවින්....උඹට සහලවලා උණ යෙවීන්....උඹට සහලවලා උන...දැන් ඇති...දැන් ඇති යෙවින්...නවත්තපන්.....නවත්තපන් යකො...කිව්වම අහලා නවත්තපන් ඕක...උඹට විතරක් නෙවෙ යකො...අපි හැමෝටම ඌ නැතුව වේදනාවයි.....අපි හැමෝටම ඌ නැතුව වේදනාවයි.....
ඌ කලදේරම බත කන තැනට වැටුනා කියන එක මතක් වෙනකොට අපි හැමෝටම වේදනාවයි ....
මම ඔහේ බිම වැටිලා ඉදගත්තා ...උන කියලවත් නොබලා මාව අත් දෙකෙම්ම අල්ලන් හොලව හොලව කෑ ගහන බාප්පා අවසානෙදි මාව අතෑරලා දානකොට මම ඔහේ බිම වැටිලා ඉදගත්තා ...එ වගේම අම්මා.මගෙ ගාවට ආවා...
යෙවීන්.....අම්ම එක්ක ගෙදර යන්න එනවද...
අම්මා මාව එක්ක යන්න අහනකොට තාත්තා ....රෙහාන් තාත්තාත් අම්මා ගාවම දන ඔබා ගන්නකොට මම ඔහේ උන්නා.....
තාත්තත් එන්නම්...මගෙ පුතා අම්මා ගෙදර එනවද.....
මම අම්මා දිහා බැලුවා ...මම නැගිට්ටා....මට කාගෙවත් ගෙදරකට යන්න ඕන් නෑ...උන වේදනාවෙන් උන්න මම මගෙ තාත්තා ගාවට ගියා...ගිහින් ඒ රලු අත අල්ල ගත්තා.....
ත්ත්....තාත්තෙ.....
උඹට මොනවද ඕනෙ...
අඩලා.....කෑගහලා...කැහැලා...
සහලවලා උන අරන් උන්න මම මොකුත් නොකියම තාත්ගෙ පපුවට ඔලුව ගහගන්නකොට ආයම මට තුරුල් වෙන්න සංධීර් නැහැයි කියලා මතක් වෙනකොට මම යටි තොල හපාගන ඉදල ඉදලා ඒ හැමෝගෙම මූනවල්.දිහා බැලුවා...
මගෙ සංධීර් දැනටමත් පාන්ඩු පාට කොටකලිසමට මාරුවෙලා ඇති.....රැදවි අංකෙ ගහපු උඩ ඇදුම.....එයාට වෙන් වෙන වතුර බාල්දිය....නේ ඔක්කොම වල තියෙන්නෙ නම වෙනුවට අංකෙ වෙනකොට අනෙ මගෙ සංධීරුත් දැන් එක ගොඩෙ කොහෙ හරි කූඩුවක් අස්සෙ ඇති කියන එක මතක් වෙනකොට මගෙ පපුව වාවන්නෙ නැතුව ගියා.....

මම තත්පර ගානක් හුස්ම ගත්තා ඇරෙන්න වෙන කිසිම දෙයක් නොකියා උන්නා.....අවසානෙදි මම ඒ හැමෝම දිහා බැලුවා
....
එතන අඩුවට උන්නෙ මගෙ සංධීර් විතරක් වෙනකොට බලාගත්තු අත බලන් ඉන්න බාප්පා දිහා බලන් උන්න මම කතා කරන්න ගත්තා ...
ම්ම්..මට.....ඔ..ඔයාල....හ්හ්..හැමෝටම.....ක්..කියන්න....ද්....ද්..දෙයක්...තියනවා.....
ම්..මම.....ක්..කියන්නෙ....ම්..මට....ක්..කියන්න....ත්ත්....තියන...දේ....ග්..ගැන....ව්..විතරයි ...ම්ම්..මට....ක්.....කාගෙන්වත් .....උ..උත්තර....ව්ව්..වත්....ම්ම්....මොකවත්ම....ඔ..ඕනත්.....න්..නැ....
එයාලා හැමෝම මා දිහා බලාගන උන්නා...මම කියන්න හදන දේ මොකක්ද කියලා දැනගන්න එයාලා ගොත ගහන මා දිහා ඇස් පිල්ලම් නොබලම බලන් ඉන්නකොට රොබිනා හුස්මක් ගත්තා ..අරන් ලාවට ඔලුව වැනුවා...හරියටම උඹට මම ඉන්නවා කියලා කියන්න වගේ වෙනකොට මම මගෙ ඵෝන් එක අරන් ඒකේ ලොක් ස්ක්‍ර්‍රීන් එක දිහා බලන් උන්නා...
අ..අම්මෙ....ත්ත්.....තාත්තෙ...
ම්..මම...
ම්ම්..මම.....
අනෙ සංදීර් මට තවත් නැති වෙන්න දෙයක් නෑ...මට තවත් නැති කරගන්න දේකුත් නෑ.....
මට උඹ මගෙ ගාව ඉන්න කාලෙ අනේ මට ආයම අඩන්න නම් බෑ සංධීර් ....මට උඹ එක්ක සැනසිඔමෙන් හුස්ම ගන්න ඕනා මගෙ සංධීර් ....
මම ගොත ගැහුවා...කියන්න ඕනා එක දත් අස්සෙ හිරකරන් සෑහෙන්න වෙලාවක් බලන් උන්න මම හිතට හයිය අරන් මං මගෙ සංධීර්ට ආදරෙ කරනවා කිව්වා.....
මගෙ සංධීර් මට ආදරේ කරනවා කිව්වා...
අපි....අපිට ආදරේ කරනවා කිව්වා...
ම්ම්.....මම.....ස්...සංධීර්ට.....ආ.අදරේ.....ක්..කරනවා...
ස්ස්....සංධීර් .....ම්..මට....ආදරේ.....ක්..
කරනවා...
අ...අපි.....අපිට....අ..ආදරෙ.....ක්..කරනවා......
........?????
........!!!!!
🥺අන්ත අසරන පන්තියෙ ජොබී...නිදහාස්.....
ආයම එන්නාම්
....
Ferdeesha ❤️💚😘 ....