ස්ස්....ස්...සංදීර් .....අ..අනෙ....ර්.....රොමේ...න්...ර්..රොමේන්....එ..එපා...එපා.....මගෙ....ස්..සංධීර් ..අනේ.....ග්ග්..ගෙනියන්න....නම්....එ..එපා.....
රොමේන් යුනිෆෝම් එකෙන් උන්නෙ....
වෙනදට දකින රොබිනගෙ මූන එතන තිබුන් නෑ.....වෙනදට දකින රොබිනා අද උන්නෙ නෑ....කොටිම්ම අත්තඩංගුවට ගන්න වරෙන්තුව අතේ තියන් උන්න රොබිනා කාකි ඇදුම ඇදපු ජුදාස් කෙනෙක් වෙලා උන්නා....
මිස්ටර් සංධීර් ....
ඔෆිසර් ...
ඒ දෙන්නා මූනට මූන බලන් උන්නා....මත්‍රද්‍රව්‍ය වැටලීම් අංශෙ එක්ක ඇවිදින් උන්න රොමේන් එයාලට ඔත්තුවක් හම්බුන බව කිව්වා....ඒක වෙන්න බෑ...අනේ..අනේ ඒක වෙන්නෙ කොහොමද .....ඒත්...කතාවෙ පිටපතට අනුව රොමේන්ට ජුදාස් වෙන්න නම්.....රොමේන්ට සංදීර්ව පාවා දෙන්න නම් අනිවාර්යයෙන්ම සංදීර්ම * රිදී කාසි තිහ දෙන්න ඇති.....
(ජුදාස් ස්කාරියුස්ට ජේස්‍ය්ස් වහන්සේව පාව දෙන්න රිදි කාසි තිහක් දුන්නා...)
මගෙ ඇස් ඉස්සරහා උන්න නූතන ජුදාස් ස්කාරියුස් සංදීර් දිහා බලලා අනිත් පාර අනිත් පොලිස්බටයන්ට මුලු ගේම අනිත් අතට පෙරලන්න අනකරනකොට *දේව මාලිගාවෙ සම්පූර්නම තිර දෙකඩ උනා වගේ මගෙ හදවත සම්පූරනම දෙකඩ වෙලා ගියා.....
( ජේසුස් වහන්සෙ කුරුසෙ ඇනගහලා මරනකොට දේව මාලිගාව සම්පූරනම දෙකඩ උනා වගේම ප්‍රදාන තිර රෙදි දෙකට මැදින් පැලිලා ගියා...)
මගෙ අතට මිටමොලවපු කී ටැග් එකක් වත් නැති යතුරෙන් මම වෙව්ල වෙව්ල දොර අරිනකොට මගෙ පස්සෙන් උන්න කාකි ඇදුම් කාරයො මුලු ගෙදරම එහා මෙහා පෙරල පෙරල බලනකොට මගෙ සංධීර් කෙරුවෙ බලන් උන්න එක විතරක් වෙනකොට මම විතරක් ඇඩුවා.....
වෙන දේ දැන දැන මම ඇඩුවා...වෙන්න තියන දේ දැන දැන ඇඩුවා.....ඒත් කදුලු ගැලුවෙ මගෙ ඇස් දෙකෙන් විතරයි .....ඇස් හයක් අඩන්න ඕන තැන....ඇඩුවෙ එක ඇස් දෙකක් විතරයි ....
මං දන්නවා....
මං දන්නවා...කදුලු පිට නොදැම්මා උනත්...රොමේන් ඉන්නෙ හිත ගලක් කරගන.....
මගෙ සංදීර් ඉන්නෙ හිත ගලක් කරගන.....
වෙන්න තියන දේ දැන දැන උනත් මම අනේ රොමේන් .....අනේ...සර් මගෙ සංධීර් ව ගෙනියන්න එපා කිව්වා.....
මට දැනුනා ඒ වේදනාව.....
මට දැනුනා මම හිතුමනාපෙට වැඩ කරලා සංදීර්ට දැනුන වේදනාව......
ප්ලෑන් එකක් උනත්...මමම හිතලා ඒ දේ කර ගත්තා උනත් සංදීර් මගෙ ගාව අසරන වෙලා අත් දෙක එකතු කර කර මට එහෙම කරන්න එපා....යෙවීන්....මට එහෙම කරන්න එපා කියන තැනට වැටෙන්න තරම් එයාගෙ හිතට දැනුන වේදනාව එකම එක අංශුමාත්‍රයක් වත් අඩු නැතිවම මං විදවන්න ගන්නකොට මං සංධීර්ව හෙලෙව්වා ....උඹ එහෙම එකෙක් නෙවෙ කිව්වා .....
මං හැමො ගාවටම දිව්වා ....මේක බොරුවක් මේක මේක බොරුවක්...අනේ මේක බොරු ඔත්තුවක් ගගා මං කෑ ගැහුවා ....
ම්ම්...මහත්තයා ....ම...හත්තයා...අ..අනේ මේක...මේක.....ත්ත්....ත්ත්...තනිකරම බොරු ...ඔ..ඔත්තුවක්....
අනේ...ස්ස්...සංධීර් ....ස්ස්...සංධීර් ....ක්..කියපන්...ස්ස්..සංධීර් .....උ..උඹව...ක්ක්..කවුරු හරි ක්..කොටු කරන්න හදනවා කියලා ....
අනෙ...අ..නේ...ම්ම්....මහත්ත්...යා.....
ලමයො...කරුනාකරලා තමුන් අපිට අපෙ රාජකාරිය කරගන්න ඉඩ දීලා පැත්තකට වෙනවා...බොරු ඔත්තු....ඔක්කොම කියන්නෙ ඕක තමයි බඩු අහුවෙනකොට තමයි කටවල් වැහෙන්නෙ.....
මාව තල්ලු උනා...
වෙනදට නම් අත තියන්නෙ මොකාද නොබලා අත කඩලා දාන සංධීර් හිගන පැටියෙක් වගේ එහාට මෙහාට වීසි වෙන මං දිහා ඔහෙ බලන් උන්නා මිසක් වචනයක් වත් නොකියනකොට මං කොන්ඩෙන් ඇදගත්තා ...
හැම තැනම යකා වෙන මට දරන්න අමාරු උනා.....
එයාව අරන් යාවි.....
අත්වලට මාංචු වැටේවි.....
හැම සැපක්ම නැති වෙලා යාවි.....කහ ගැහුන සුදු කොට කලිසමයි....අත් කොට බැනියමයි අදින්න වේවි කියලා මතක් වෙනකොට මං මගෙ ඔලුව ගැලවෙන තරම් වැනුවා ...
ඇ...ඇ....ඇයි....ක්..කියපන්....අ...අනෙ....ඇයි...උ..උඹට....බ්..බැරි....ක්...ක්..කියපන්.....ඇ...ඇයි....උඹට....බ්..බැරි.....ක්..කියපන්....මගෙ....ස්....ස්...ස්ංධීර් ....උඹ....උඹ....ග්ග්...ගාව .....ඒවා න්න්.....නෑ කියන්න.....
ම්ම්...මාව...අඩවන්න ...එ..එපා....ම්ම්
....මාව....අඩවන්න....එ...එපා....ම්මගෙ....ස්ස්...සංධීර් ....අනෙ....ගොත....ම්...මාව....අඩවන්..න....එ..එපා.....ද්...දෙවියනේ.....හ්
මං එයාගෙ කොලර් එකෙ එල්ලුනා.....මාව අඩවන්න එපා ගොත මාව අඩවන්න එපා ගගා ඒ ඇගෙ එල්ලුනා.....ඒ උනත් එයා වචනයක් නොකියම බලන් ඉන්නකොට මන් එයාට ගැහුවා .....රොමේන්ව පවා ඇදලා දැම්මා.....ඒත් ඒ කාටත් මගෙ වේදනාව මගෙ දුක පෙනුන් නෑ....
උන් මුලු කුසියම අනිත් පැත්ත ගැහුවා ...පියෝනියගෙ කෑම උරේ ඉරිලා කුකුල් කෑම තිරිගු ඇට සීසී කඩ හැලිලා ගියා ...
ඒ වැටිලා ගියේ නිකම්ම තිරිගු ඇට ටිකක් නෙවෙ ....
ඒ වැටිලා ගියෙ මගෙ සතුට....
ඒ ඉහිරිලා ගියෙ මගෙ සැනසීම....
සර් ....
හම්බුනාද....
ඔව්...මේ තියෙන්නෙ...
තව බලන්න ....
....
මිස්ටර් සංධීර් ...
මං ඔලුව බදා ගත්තා ...මට කර කියා ගන්න දෙයක් නැති උනා ...රගපෑමක් බව දැන දැන උනත් මගෙ හදවතට බැරි උනා ඒක රගපෑමක් කියලා තේරුම් ගන්න.....
හැමදාම බිදිච්ච මම....හැමදාම බිදවපු මට තව බිදෙන්න දෙයක් නැති උනාදෝ කියලා හිතුනා .
දන්නවද ....සමහර නලුවො ඉන්නවා.....උන් රගපාන්න ගියහම මේක රගපානවද කියලා හිතන්න අමාරු තරමට ඒ රගපෑම තාත්වික උනා...අඩන තැන්වලදි ඒ ඇස්වලට ග්ලිසරින් ඕන් නැති උනා....උන් ඇත්තටම ඇඩුවා....උන් ඇත්තටම වේදනාවෙන් කෑ ගැහුවා ....බලන් ඉන්න මනුස්සයට දවස් ගානක්....සමහර විට මුලු ජීවිත කාලෙ පුරාවටම ඒ සිද්දිය අමතක නොවෙන්න තරමට.....ඒ වේදනාව හැම ලේ නහරයක්ම කඩාගන යන තරමට දැනෙම්න උන්ට රගපාන්න පුලුවන් උනා...
ඒ පිටපත ඒ තරමට සැර උනා....
මට උනෙත් ඒක.....
මට උනෙත් ඒ දේමයි....
මට අඩන්න ග්ලිසරින් කදුලු ඕන උනේ නෑ...මගෙ ඇස් වලින් ගැලුවෙ ඇත්තම කදුලු .....මගෙ හිතේ තිබුනෙ අවංක හැගීම්...මම උන්නෙ කැමරාවක් ඉස්සරා නොවුන කොට මට මේ පිටපත දරාගන්න බැරි උනා.....
ස්ස්....ස්...සංධී.............ර්‍ර්...ර්.....ම්ම්...මාව....ම්ම්..මැරේවී.....ම්ම්...මාව...ම්.මැරෙවි.....ය්..යකො..
.අ...අනේ...බ්..බාප්පේ....හ්....බ්බාප්පේ....හ්....අනේ.....බ්...බා....ප්..පේහ්....
මම එහෙම්ම බිඅ ඉදගත්තා ..ඉදගන මගෙ ඔලුව අත් දෙකෙම්ම බදාගත්තා ....කාකි ඇදුමට හිර උන රොමේන්ගෙ අසරන කම මම එයාගෙ කිටි කිටියට මෙලවිලා තිබුන අතෙන් දැක්කා...
එයාට ඕනා උනා....ඇබිත්තම ...අඩන්න එපාය කියන්න....
එයාට ඕනා උනා...ඇබිත්තම උඹගෙ සංධීර්ට මොකුත් වෙන්නෙ නෑය කියන්න...
එයාට ඕනා උනා....ඇබිත්තම අපි හැමෝම ඉවසමු කියන්න.....
ඒත්....ඒත්....එයාට බැරි උනා....රාජකාරිය එක්ක පුද්ගිලික බැදීම් පටලවගන්න බැරි උනා....
මං අඩ අඩම සංධීර් දිහා බැලුවා.....
එයා උන්නා...හරියටම පිලිමයක් වගෙ.....
ඉහල පහල යන හුස්ම ඇරුනම...එයා ජීවමානයි කියන්න තිබුන එකම සාක්කිය ඒ ඇස්වල තිබුන කදුලු පටලෙ විතරක්ම වෙනකොට මම ඒ ඇස් දිහා බලාගන හීල්ලුවා......

සර්...
අල්මේදා.....
මෙන්න මේකත් ....
තවත් පැකට් එකක්....අනෙ දෙවියනෙ.....තවත් කුඩු පැකට් එකක්...
මහ පරිමානෙන් නොවුනත්....අවුරුදු ගානකට කල්දේරම් බත කන්න පුලුවන් වෙන තැනට වැටෙන තරමට එතන තිබුනෙ කුඩු වෙනකොට මම කරගන්න දෙයක් නැතුව බලන් උන්නා.....
ස්...ස්..සංදීර් ...අ..අපි...ම්..මේක....න්..නවත්තමු....ම්..මගෙ...ස්..සංදීර් .....අනෙ....ම්..මගෙ....ර්..රත්තරන් ...අ..අපි...මේ.....ර්..රග....පෑම....න්..නවත්තමු....ම්..මගෙ....ස්..සංදීර් .....
ස්..ස්..ස්ංධීර් ...අ..අපි....ය්..යන්න...යමු.....ම්.
මට....මට.....මෙ...මොනවත්....ඔ..ඕන්.නෑ....මට...මේ....මොනවත්ම....ඔ..ඕන්...නෑ....අඒ...අපි....යමු....අපි..මෙහෙන්....ක්..කොහෙට....හරි...යමු...ම්..මං...බ්බ්..බාප්පට...එ..එන්න...ක්..කියන්නම්...අ..අපි....ප්..පැනලා....ය්..යමුකෝ....හ්හ්....
ස්...ස්ස්..සංදීර් ...ම්..මං...ර්..රෙහාන්....ත්ත්...තාත්ටට....ක්ක්..කියන්නද....ඔ..ඔයාව බේරන්න...ක්..ක්..කියලා...එයාට...එයාට....ස්..සල්ලි....හ්..හුගක්....ත්ත්..තියනවා...
මටත්....ර්..රත්තරන් ....ච්ච්...චේන්....ප්..පොටක්....ත්ත්...තියනවා...අ..අපි....ඇ..ඇප....ග්..ගමු....ආ...ස්ස්..සංදීර් ...ම්..මං...
බාප්පගෙනුත්....අ..අහන්නම්....ආ...කියන්න...කියපන්....ස්..සංදීර් ...ක්..කියපන්කො...
මම එයාගෙ අත් වලින් අල්ලන් හෙලෙව්වා .....අපි.මේ කරන්නෙ රගපෑමක්ය කියලා ,කියලා මෙහෙන් යන්න යමු කිව්වා....මං බාප්පට අඩගහන්ම් කිව්වා.....ස්ල්ලි දීලා බේරෙමු කිව්වා...ඒත් එයා නෙවෙ...එයා නෙවෙ වචනයක් වත් කිව්වෙ....එයා හිටපු තැඅ හිටගන බලන් උන්නා මිසක්කා එයා නෙවෙ වචනයක් කිව්වෙ....ඉවසල...ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනම තැන උනත්....මට ඉවසන්න බැරිව ගියම තැන ඒක වෙනකොට අනෙ මං සංදීර්ගෙ ඵෝන් එළ අරන් බාප්පට අම්මට තාත්තට.....මේ හැමෝටම ගත්තා.....
කරුමෙ....අනේ..මගෙ කරුමෙ.....
ඇත්ත...මාව අරන් යන්න ආව එකා මගෙ අත බලලා කියපු කතාව සහමුලිම්ම ඇත්ත...කිසිම වාසනාවක් නෑ...රෙහාන් තාත්තගෙ ඵෝන් එක වැඩ නෑ.....තාත්තා අම්මා ඵෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ....
මම අඩ අඩ එලියට දිව්වා....
කෑ ගහල අඩන්න ඕන තැන මට අඩාගන්න නිදහස නැති වෙනකොට අනේ මං බාප්පෙ...බාප්පෙ ගගා අඩ අඩ එලියට දිව්වා..දුවලා බාප්පට ගන්න හැදුවා.....
බ්..බ්බ්..බාප්පෙ...අනේ...බ්..බාප්පෙ...ආන්ස්වර් ....ක්..කරපන්....අ..අනේ....ආ...න්ස්වර් කරපන්කෝ.....ය්.....යකෝ.....ත්ත්...තොපි මැරිලද......
මන් කෑ ගැහුවා....සිලවට හෙන හතම ඉල්ලුවා....අශානයගෙ මිනිවලට පවා හෙන ඉල්ලුවා...ජාති ජාතිත් මේවට ගෙවපියව් කිය කිය කෑ ගැහුවා.....
අනෙ උන් මාව අසරන කරනවා.....
අනෙ උන් මාව ආයම තනි කරනවා....
අ..අනේ....බ්..බ්බ්..බාප්පෙ.....බාප්පගෙ
ක්..කොල්ලා...අසරනයි.....බ්බ්..බාප්පගෙ...කොල්ලා...අ..අසරනයි....බ්..බාප්පෙ.....ඉ..ඉන්න...ත්ත්....තැනකින් ....ව්..වරෙන්....බ්..බාප්පෙ...උඹගෙ....ය්.යාලුවව....අරන්....ය්..යන්න..යන්නෙ.....
මම වත්ත පුරාවටම ඇවිද්දා.....මම.වත්ත පුරාවටම ඇවිද ඇවිද බාප්පට ගන්න හැදුවා....රින්ග් වෙනවා.....රින්ග්....වෙනවා...ආන්ස්වර් කරන්නෙ නෑ.....
රින්ග් වෙනවා...රින්ග් වෙනවා....ආන්ස්වර් කරන්නෙ නෑ....
ඔබ ඇමතු ඩයලොග් දුරකතනය ප්‍රතිචාර නොදක්වයි...කරුනාකර පසුව අමතන්න...
ඔබ ඇමතු මොබිටෙල් දුරකතමය ආවරන කලාපයෙන් බැහැරව ඇත....
අම්මා තාත්තාට ගන්න හැම පාරකම කිව්වෙ එකම දේ ...එකම දේ වෙනකොට මම ආයම බාප්පට ගත්තා...
රින්ග් වෙනවා....රින්ග්....වෙනවා...
මම පපුවට අත තියන් ඵෝන් එක කනේ ගහන් උන්නා.....මම උඩ උන්න තිස්තුන් කෝටියගෙම්ම පිහිට ඉල්ලුවා...දෙවියන්ගෙන් විතරක් නෙවෙ....අනේ මලගිය ප්‍රානකාරයන්ගෙන් පවා මම පිහිට ඉල්ලුවා.....
ඒත් නෑ...ඒත් නෑ....
උන් මගෙ සංදීර් ගෙන් මොනවා හරි අහනවා බල බල මම බාප්පා දැන් ආන්ස්වර් කරයි....දැන් ආන්ස්වර් කරයි....මෙ දැන් ආන්ස්වර් කරයි කියලා බලන් උන්නා...
රින්ග් වෙනවා....රින්ග් වෙනවා....
ගේ ඇතුලෙ ඉදන් ආව එක පොලිස් කාරයෙක් ජිප් එක ගාවට යනකොට එයාව අරන් යන්න කාලෙ හරි කියන එක මට ඕනාවටත් වඩා දැනුනා වගේම මම මගෙම පපුවට ගහගත්තා ...නිකන් නෙවෙ...මිට මොලවලම...
හෙලෝ....
බ්බ්..බාප්පෙ....හ්
අවසානෙදි ....
අනේ අවසානෙදි ආන්ස්වර් කෙරුවා ....උඩ ඉන්න දෙවියන්ටත් මගෙ වේදනාව ඉවසගන්න බැරිවද කොහෙද .....මෙච්චර වෙලාම හුස්මක් නොගෙන එක දිගට රින්ග් උන ඵෝන් එක අවසානෙදි බාප්පා ආන්ස්වර් කෙරුවා වගේම මම කෑ ගැහුවා...අඩ අඩම අනෙ බාප්පේ...බාප්පෙ...බාප්පෙ...කිව්වා.....
බ්බ්...බ්..බාප්පෙ....අනේ..බ්..බාප්පෙ...බ්බ්..බාප්පෙහ්.....
යෙවීන්....ඇයි....ඇයි කොල්ලො...ඇයි උඹ අඩන්නෙ....ඇයි කියපන්...මොකාද උඹට මොකක්ද කෙරුවෙ.....
මම ඉකිගහන ගැහිල්ලටද කොහෙද බාප්පත් බය වෙනකොට මම මගෙ සංධීර්ව....නිකන් නෙවෙ...මගෙ සංධීර් කියලම කිව්වා....මගෙ සංධීර්ව අරන් යන්න යන්නෙ බාප්පෙ...කියල ඇඩුවා.....
ම්ම්..මගෙ.....මගෙ....ස්..සංධීර් ...ව.....මගෙ.....ස්..සංධීර්ව....අනේ...මගෙ.....ස්...
සංදීර්ව...අ..අරන්....ය්..යන්න....යන්නෙ.....බාප්පෙ....හ්
මට එච්චරයි කියන්න පුලුවන් උනේ....මට එච්චරම තමයි කියන්න පුලුවන් උනේ.....ගේ ගාවින් සිල්වගෙ මූන ගහපු ජිප් එකක් නවතිනකොට මම පපුව මිරිකන් බලන් උන්නා....
සිල්වා....
වෙන කවුරුත් නෙවෙ.....සිල්වා....
හෙට අනිද්දා....චන්දෙට ඉන්න සිල්වා.....ඌ තියන හැන රාජකාරියක්ම නවත්තලා සරමත් කොනක් උස්සන් ජීප් එකෙන් බැස්සා වගේම ගේ ඉස්සරහා නවත්තලා තිබුන පොලිස් ජීප් එක දැකලා ඒ මූන තත්පරෙන් වෙනස් උනා.....බෙල්ලෙ තිබුන සාටකෙ පටි දෙකම එක උරහිසකින් පිටිපස්සට දාපු සිල්වා උස්සන් උන්න සරම ආපහු බිමට දාලා ඒකගෙ ගාර්ඩ්ට මොන මොනවදෝ කිව්වා....
ඌ මොන මගුලට ආවද.....
ඌට එන්න කිව්වෙ මොකද .....
මූ එන්නෙ මොන දෙට උනත්....මගෙ සංධීර් දුක් විදුන්න යන එකම හේතුව සිල්වා හින්දා කියන එක විතරක් මතක් වෙනකොට මන් බලාගන උන්නා...
ස්...ස්....සිල්වා.....ම්..මහත්තයා ...
හයිරන් කාර කමට ගේට්ටුවෙන් ඇතුලට ආව සිල්වා අහන්නෙ බලන්නෙ නැතිවම ගෙට යන්න හදනකොට වත්තෙ උන්න මං පයට සෙරෙප්පු දෙකක් වත් නැතිව නෙරෙංචි කටු ඇනි ඇනි සිල්වා ගාවට දිව්වා .....
ඒ මුන....
ඒ ඇස් දෙක....
මිනිස්සුන්ගෙ රීරී මාන්සෙ උරා බීපු යකෙක් වගෙ ..
තනිකරම වාමනයෙක් වගෙ....
මිනිස්සු සිය දාස් ගානක් ඉස්සරහා ගිරිය කඩාගන මේ ලෝකෙ කොහේවත් නැති තරම් ආදරයක් මිනිස්සු වෙනුවෙන් පෙන්නන එකාගෙ ඇත්ත රූපෙ හුස්මක තරම් දුරින් තියනකොට මාව දැකපු ඒ මූනත් වෙනස් උනා....
ඇයි ඉතින් මරන්න කියලා ඕඩරෙ දීපු එකාව පනපිටින් දකිනකොට ඒ මූන වෙනස් නොවී තියේවිද ...
උඹ ...
මන් බලන් උන්නා....අවංකවම මට අද කතා කරන්න හයියක් තිබුන් නෑ....ඌ හැදුවෙ "උඹ තාම ඉන්නවද" කියලා අහන්න වෙන්න ඇති.....ඌ හැදුවෙ උඹ තාම මැරුන් නැත්තෙ අයි අහන්න වෙන්න ඇති....ඒත්....අද..මේ දැන්....මං ඌ මට කියන ඕනම,ඕනම අසමජ්ජාති කතාවක් අහන්න ලෑස්ති වෙලා උන්න උනත් මට වත් ඒකටවත් වෙලාවක් හම්බුන් නෑ...එක පාරම කාකි ඇදුම් කාරයෙක් ඉක්මන් අඩි තිය තිය එලියට ආවා වගේම ඇමතියා දැකලා ඒකා මොනවා හරි කියන්න ගිහින් මාව දැකලා ඉක්මනට කට වහගත්තා වගේම ඇමතියා වෙන පැත්තකට ගියා..
ඇමති තුමා.....හදිසි වැටලීමක් ....
මොකක්ද කේස් එක....මූට අවුරුදු ගානකට .....
මං බලන් උන්නා....ඈතින් උන්නා උනත් මට ලාවට ඇහුනා...
හිතා ගන්න බෑ ඇමති තුමා.....කොහොම උනත් මිනිහා සෑහෙන කාලෙකට ඇතුලෙ.....ඇමති තුමා හිතන්න එපා වෙන්න ඕන එක කොහෙන් හරි උනානෙ.....
මං උන්නෙ ඇතුලට යන්න ගිහිනුත් පඩියට නැගලා ඒ දිහා බලන් වෙනකොට මං දැනගත්තා එතනනිනුත් බාගෙට බාගයක් ඇමති හෙන්චයියො විත්තිය.....
උන් ඉදලා තියෙන්නෙ මගෙ සංධීර්ව මීටත් වඩා ලොකු දේකට පටලවන්න....
ඒත්....සංධීර් කෙරුවෙ ඌට කලින් ඇතුලට යන්න පාර කපා ගත්තු එක....
මං බලන් උන්නා.....මං වේදනාවෙන් බලන් උන්නා...ඇත්තටම ....එතන අපේ පැත්තට කියලා උන්නා නම්.....ඒ උන්නෙ රොමේන් විතරක් වෙනකොට ඇමතියගෙ මූනෙ තිබුනෙ පිට දාගන්න බැරි සතුටක් වෙද්දි මං ඇතුලෙ උන්න සංධීර්ගෙ මලානික මූන දිහා බැලුවා .....
උඹ කිව්වා ඇත්ත මගෙ සංධීර් ....
උඹ කියපු හැම දේම අකුරක් නෑරම ඇත්ත...ඒත්....ඒත්....මගෙ සංදීර් ....ඒත්....මගෙ සංදීර් .....ඒ පිටපත බර වැඩි නැද්ද සංදීර් ...උඹ නැති තැන....මේ ගොත කොල්ලට උඹ නැති අඩුව දරන්න බැහැයි කියලා දන්නෙ නැද්ද සංදීර් .....
යෙවීන්...
බ්බ්....බ්..බා....
මොකක්ද උනේ කියපන්....කෝ අපෙ එකා....සංදීරයා....
බාප්පා...අවසානම තත්පරේදි බාප්පා ආවා...දොරකොඩ උන්න මාවත් තල්ලු කරන් ඇතුලට ගියපු බාප්පා ඔලුවට අත ගහගන්නකොට මම ඇතුල්ට දිව්වා
නෑ..නෑ....සංධීරයා...නෑ...නෑ..මේක නම් විහිලුවක්....අමූලික බොරුවක් මගෙ එකා.....ර්..රොමේන්....රොමේන්....මේක...නෑ..අඩේ...නෑ.....සංදිරයා...මේ...මේක....
බාප්පට විස්වාස කරන්න බෑ.....බාප්පට මේ වෙන දේවල් විස්වාස කරන්න හිතන්නවත් බෑ.....
බාප්පා කොහෙ විස්වාස කරන්නද.....බාප්පා කොහෙ දරා ගන්නද....වෙන දෙ කලින් දැනන් උන්න මටවත් බැරි එකේ...බාප්පා කොහෙ කියලා හිත හදාගන්නද.....
මට ඇත්ත කියපන්....උඹලා මේ විහිලු කරනවා නේ...අ....ආ ...බන්....උඹ...උඹ....සිගරට් එකක්...බොනවා....ඒක...එක...ඇත්ත...අරක්කු...ටිකක්...බොයි....ඒකත්...ඇත්ත...
මේක....නෑ...නෑ..බන්...මේක නම් බොරුවක්...මේක...නම්...මේ...අ..අයිස්....න්න්..
නෑ....නෑ....අඩේ....ස්...සංධීරයා....
මේසෙ උඩ තිබුන පුංචි පුංචි පැකට් දිහා බලපු බාප්පා සිය පාරකට වඩා නලලට අත ගහන් මේක බොරුවක්...මේක තනිකරම බොරුවක් නේද කියපන් කිය කිය රොමේන් ගාවට වගේම සංදීර් ගාවට දුවන් එනකොට රොමේන් මගෙ සංධීර්ට මාංචු දාන්න ලෑස්ති උනා.....
ස්...ස්...සංදීර් ...
එයාව ගෙනියන්න යන්නෙ...
අනේ....අනේ එයාව ගෙනියන්න යන්නෙ....
කොච්චර කොහොම උනත්....අනෙ එයාව මගෙන් උදුරන් යන්න යන්නෙ.....
ස්ස්...ස්....සංදීර් ....ය්ය්..යන්න එපා...සංදීර් ...අනේ.....ය්..යන්න...එපා....ස්.....ස්...සංදීර් .....
මම ඒ අතේ එල්ලුනා..බාප්පා ඉන්නවා කියලවත් බැලුවෙ නෑ.....යක මාංචුවෙන් එකට බැදුන අත් අත ගගා යන්න එපා...යන්න එපා කිය කිය මම එයාව නවත්තන්න්ව් හැදුවා.....
බ්.බ්බ්..බාප්පෙ...බාප්පෙ....ත්ත්...තාත්තට....ඒන්න.....එන්න...ක්..කියන්න..බාප්පෙ.....
යෙවීන්....
අ..අනේ ...බ්බ්.....බාප්පෙ
ඇබිත්තම.....
අවසානම තතොඅර ගානෙදි ආයම මාව බිදිලා ගියා....සංධීර් ගෙ වචන ආය ආයම ආයම මතක් වෙනකොට මාව ආය ආයම බිදිලා ගියා....
අනෙ මට සංදීර්ව ගෙනියන්න දෙන්න බෑ කියලා මං ඇඩුවා.....
මගෙ සංදීර් දෙපාරක්ම මට කතා කෙරුව උනත්....මට එයාට උත්තර බදින්නවත් සිහියක් නැති වෙනකොට යන්න ගියපු එයාගෙ කකුල් වල මම එල්ලුනා...
අ.....අ..අනේ....ද්....ද්..දෙයියො
.....ය්..යන්න....එ.....එපා.....ර්..රොමේන්....මගෙ.....ස්....සංදීර් .....ව්..වැරද්දක්....ක්..කර්ලා....නෑ.....
ලමයො....තමුන්ට එක සැරේකුත් කිව්වා රාජකාරියට බාදා නොකර පැත්තකට වෙන්න කියලා .....හරි වැරද්ද ගියහ්ම බලාගමු...බඩුත් එක්ක හොරු අහුවෙලත් වැරද්දක් කෙරේ නෑලු...රාළහාමි.....
සර්....
අරන් යන්න....
ස්ස්.....ස්....අනේ...අනේ.....හ්...අනේ...අම්..අම්...අමෙහ්....එපා....හ්
මන් කෑගැහුවා ....සංධීර් ගෙ කකුලෙ එල්ලුන මාව පැත්තකට විසිවෙලා යනකොට බලන් ඉන්න අමාරුම තැන රොමේන් පවා පැනලා යද්දි මේ ගැන හාන්කවිසියක් නොදන්න බාප්පා රොමේනයා රොමේනයා ගගා ඒ පස්සෙ දිවිවා....
අනේ...ය...යන්න...එපා...මගෙ....ස්.සංධීර්...ව...අනේ...මාව...දාලා.....ය්..යන්න...එපා...අනේ...ම්ම්..මම....උඹ....න්..නැතුව....ක්..කොහොමද....ඉ....ඉන්නෙ...මම...උඹ...නැතුව....ක්..කොහොමද ...ඉන්නෙ...ස්..සංදීර් ...අනේ.....යන්න...එපා....
මම.....ඇඩුවා...පොඩ්ඩ බැරි වෙනකොට මරා ගන්න මගෙ දුර්වලම තැනට උන් එලව එලව පහර දෙනකොට මම ඇඩුවා...
"උන් අපිව වෙන් කරන්න කලින් අපි අපිවම ඈත් කරගමු ඇබිත්තම" කියන වචන මගෙ හදවත පාරවනකොට අනේ මං අවසානම තත්පරේ උනත් එයාගෙ හිත වෙනස් කරන්න හැදුවා.....
එයා ඇහුවා මං නැතුව අනිත් දේවල් තිබිලා වැඩක් තිබිලා වැඩක් තියනවද කියලා .....
එයා කිව්වා.මැන් නැති උනොතින් මං වෙනුවෙන් ලෝකයක් එක්ක මරා ගත්තා උනත් වැඩක් තියනවද කියලා ...
දෙයියනේ...මටත්...මටත් අහන්න තියෙමෙ ඒකමයි...මටත් අහන්න තියෙන්නෙ ඒකමයි....අනේ...මටත් අහන්න තියෙන්නෙ ඒකමයි....
උඹ මට අරක කරන්න මේක කරන්න කියල කිව්වට...මට ඕනම තැනදි මට උඹ නැතුව වැඩක් තියනවද අහ අහ මම එයාව හෙලෙව්වා.....අවසානෙදි මෙච්චර වෙලාම.අහම් උන්න එයා රාළහාමි රාළහාමි බලලා එකම එක විනාඩියක් ඉල්ලනකොට රාළහාමි පැත්තකට උනා....
විනාඩියක් දෙන්න මට.....
ඇබිත්තම ....
සංධීර්ගෙ....
ස්ස්....ස්..
ශ්ශ්.....අහන් ඉන්න....
එයා මට කතා කරන්න එපා කිව්වා....ගල් කරන් ඉන්න හිත එයා මරලම දාලා තියනකොට මගෙ ඇස් දෙක දිහා බලාගන එයා අහන් ඉන්න කිව්වා...
මගෙ....යෙවීන්...මං ඉන්න තැන විතරක් නෙවෙ....මං...නැති....තැනත්....හිනා වෙයන්.....
මං...නැහැයි කියලා ....මල් පිපෙන් නැති වෙන්නෙ නෑනෙ...ම්ම්ම්....
මට ඕන දෙ මම උඹට කිව්වා...මම කවදාවත් උඹගෙන් මොකුත්ම ඉල්ලලා නෑ මගෙ යෙවීන්...පුලුවන්..නම්..
...පුලුවන්...නම්.....මේ....වයසක....මිනිහට.....ඉන්න...එකම....වස්තුවව....ප්‍රවේසමෙන් බලාගනින් ...මගෙ.....යෙවීන්.....
ස්.....සංධීර් .......
මට....උඹව....වටිනවා...රත්තරන් ...
උඹ....තරහා ඇති....උඹ....අනන්තවත් ....මා...
එක්ක....තරහා...වෙලා..ඇති.....
පුලුවන් ...නම්....මා....එක්ක...තරහා නොවී.....ඉදපන්.....
හැමදාම ....කියනවා....වගේ.....අපි...මේක....නවත්තමු ....කියලා....නොකියා....
ඉදින්....මැනික....
මං....ඉගන...ගන්නම්...මං....ඉගන...ගන්නම්.....තත්පරේට...මාගලක් වගේ දිග මැසේජ් එකක් කොටන්න....
උඹ කිව්වා වගේම....මං... අමතක නොකරම උදේට.....රෑට.....මැසේජ් එකක්...දාන්නම්....යෙවීන්....
උඹ.....ආස....විදිහට....මං....වැලන්ටයින් එකට....මල්....ගොඩාක්...ගේන්නම්...
පුලුවන් ...නම්...උඹ ගාව....තියන...මගෙ....ආදරේ...රැකපන්...යෙවීන්....
එයා කියෙව්වා...එයා.මගෙ ඇස් දෙක දිහාම බලන් කියෙව්වා
....කියෙව්වෙ නෑ...ඇත්තටම එයා මගෙන් ඉල්ලුවා....එයාට අයිති මාව ප්‍රවේසම් කරන්න කියන එක එයා සිය පාරකට වඩා කියෙව්වා ......අවසානෙදි මාංචු වැටුන අත් වලින්.මගෙ ඇස් වල කදුලු පිහනකොට අනේ....මං බාගෙට මැරුන එකා වගේ අහන් උන්නා........
නාඩා ඉදින්....මෙ ඇස් මේ පොඩි වයසට ඕනාවටත් වඩා අඩල තියනවා...මෙ ඇස්....මේ පොඩි වයසට...ඕනාවටත් වඩා හෙම්බත් වෙලා තියනවා....උඹගෙ නලුවා ආස නෑ යෙවීන්....
ස්ස්....ස්...සංදීර් .....
පියෝනිට කියන්න....තාත්තා ....ගිහින් එනකන්....මගෙ...ඇබිත්තම.....එක්ක....ප්‍රවේසමෙන් ඉන්න...කිව්වා....කියලා ...
එයා පිහපු ඇස් ඉවරයක් නැතුවම ඇඩුවා....පියෝනිට කියන්න....තාත්තා ගිහින් එනකන්.ප්‍රවේසමෙන් ඉන්න කියලා කියනකොට මට මාව තවත් පාලනේ කරගන්න බැරි වෙනකොට මම අපි ගාවට එමගමන් උන්න ඇමතියා දිහා බැලුවා...
මට දැනුනා....එයාට මාව බේරගන්න ඕන වෙලාවෙදි පපුවට දැනුන වේදනාව.....මං වෙනුවෙන් සල්ලාලයෙක් ගාව දනගහන්න තරම් ඒ පපුවෙ මොන වේදනාවක් තියෙන්න ඇතිද කියන්න මට මේ වෙලාවෙ ඕනාවටත් වඩා දැනෙනකොට අනේ මං මගෙ සංදීර්ගෙ ඇස්පනා පිට ඇමතියා ගාව දනින් වැටුනා...එයා මට නැකිටපන් නැකිටපන් කිය කිය කියනකොට මම දනින් වැටුනා.....
ඇ...ඇමති...ත්ත්....තුමා....ම්..මගෙ.....ස්...ස්...සංධිර්ව....අ..අතාරින්න....අ...අනේ...ඇ..ඇමති...තුමා.....ප්...පින්....අයිති...වෙයි....අනේ...උඹට.....ප්..පින්....අයිති...වෙයි....අ...අත්...එකතු....කරල.....වදින්නම්...
ස්ස්.....ස්....සංධීර් ....එ..එපා...අනේ...අනේ.....හ්....අනේ....මගෙ.....ස්..ස්.....ස්..සංධීර්...
මම ඇමතියගෙ කකුල් ගාව වැටීගන මගෙ සංධීර් ව අතාරින්න.....අතාරින්න.....අතාරින්න.....කිය කිය අඩනකොට මගෙ කදුලු දිහා බල බල ඌ හිනා උනා වගේම ඇමතියා සංදීර් දිහ බලලත් හිනා උනා.....
එහෙනම්....පෙරකදෝරු මහත්තයා .......පරිස්සමට ...යන්න...
ඒකා මගෙ සංදීර්ගෙ උරහිසක් තදින් මිරිකගන්නකොට මම සංදීර් දිහා බැලුවා වගේම එයා මොකුත් නොකියා දනින් වැටිලා ඉන්නමා.දිහා බලලා යන්න යනකොට මම ඒ පස්ස පාරෙ දිව්වා
සංදීර් යනවා....
මාව දාලා යනවා.....
එයාගෙ පස්ස පාරෙ දුවන මම යන්න එපා සංදීර් ...යන්න එපා සංදීර් කියලා ගොත ගහනකොට එයා ආපහු නොබලම ජීප් එකට නැග්ගා වගේම...නැගලා ආපිට බැලුවා.....හැබැයි මා දිහා නෙවෙ...
එයා බැලුවෙ මා දිහා නෙවෙ....එයා කෙලිම්ම බැලුවෙ ඇමතියා දිහා වෙනකොට මම ඒ මූන දිහා බලන් උන්නා...
ඇමති තුමා...
දවසක් එයි.....මාත්...එලියෙ ඉදන්....ජීප් එකෙ යන ඔබතුමා දිහා බලාගන ඉන්න...

දඩාස්...!!!
එච්චරයි කියන්න හම්බුනෙ....කට කොනක හිනාවක් මතු උන සංධීර්ගෙ මූන දොර පියන් වලින් වැහිලා යනකොට දොර වහපු තත්පරේදිම මුලු ලෝකෙම්ම තනි උන මම මාව දාලා යන සංධීර් දිහා බලන් උන්නා...දුම් වලාවක් මගෙ මුජ්න වහගන්නකොට ....ජීප් එක මාව දාලා...මගෙන් එයාව උදුරගන යන්න ගියා...
ස්ස්....සංධීර් ........හ්හ්හ්
ය්...යන්න....එපා...ස්...සංධීර් ....
අ..අනේ.....ය...යන්න....එපා.....ස්..සංධීර් ........
ස්ස්....
යෙවීන්.....
යෙවින්...නැවතියන්...යෙවීන්...
ස්ස්...ස්....ස්...සංදීර් .....ය්ය්...යන්න....එපා....ර්....ර්....ර්....රත්තරන් .....
ඉවසීමෙ සීමා දැනටමත් බිදිලා ගිහින් උන්න මම මගෙන් එයාව උදුරගන යන ජීප් එක පස්ස පාරෙ දුවන්න ගත්තා .....

සංදීර් .....!!!!
යන්න...එපා....සංදීර් .....!!
අනේ....මාව...දාලා.....යන්න....එපා....මගෙ.....සංදීර් .....!!!
මාව..දාලා...යන්න...එපා....කිය කිය..මාව දාලා තව තවත් දුරට යන ජීප් එක පස්සෙ අනේ මම හිගන පැටියෙක් වගෙ දුවන්න ගත්තා ...
සෙරෙප්පු නැති කකුල් වලින් රත් උන තාර පාරෙ මම එයා පස්සෙන් දිව්වා....
අනේ මං කෑ ගගහම දිව්වා...ගිනිගහන අව්වට රත් උන තාර පාර මගෙ කකුල් පුච්චනකොට ඒ වේදනාවට වඩා මගෙ පපුවෙ වෙදනාව වැඩි වෙනකොට අනේ මං දිව්වා...
අනේ මං හුස්මක් නොගෙම දිව්වා...
උන් එයාව අරන් යනවා...උන් මගෙ....සංධීර්ව...අරන්....යනවා...අනේ....උන් අරන්...යනවා........
හුස්මක් නොගෙම ගොත ගගහා.....ගොත ගගහා යන්න එපා සංදීර් ගගා කෑගහන් දුවන් ආව මාව අනිත් පාර කකුල් පැටලිලා මූනින් අතට වැටෙනකොට මගෙ සංදීර්ව දාගත්තු ජීප් එක අවසානෙදි තිතක් වෙලා ගිහින් මගෙ ඇස් වලට පේන්නෙම නැති වෙනකොට රත් උන මහ පාරට මගෙ ලෙලි ගිය දනහිසෙන් ආව ලේ බින්දුවක් වගේම මගෙ ඇස්වලින් වැටන කදුලු පොත්තක් වැටෙනකොට මම මහපාර මැදම ඒ ගිනි ගහන අව්වෙ උම්මන්තකයෙක් වගේ ගුලි උනා
ස්ස්....ස්....ස්ංධීර් .....ය්...යන්න....එපා...ර්..රත්තරන් ........
🥺 පන්තියක් නැති පන්තියෙ ජොබී නිදහාස්.......
ම්හුක්...ආයම එන්නම්....
මම
Ferdeesha ❤️💚😘 ...