Cherreads

Chapter 92 - 92

ස්ස්....සංධීර් .....

කතා කරන්න එපා යෙවීන්...කතා කරන්න එපා....කතා නම් කරන්න හදන්න එපා.....

මම උඹට ඉස්කෝලේ යන්න කිව්වෙ උඹ මාව හොයන් දුවන් එන හන්දා...

මම උඹට කියන දේ අහන්න කියන්නෙ උඹට උන් මොනවා හරි කරයි හන්දා...

මට කියපන්...මට කියපන් යෙවීන්.....මම කලාතුරකින් මැසේජ් එකක් බලන එකෙක්.....යකො....මම මැසේජ් එක දැක්කෙ හැන්දෑ වෙලා නම්...

කතා කරපිය....

මම මැසේජ් එක දැක්කෙ රෑ නම්.....

කතා කරපිය කටවහන් ඉන්නෙ....තොට කෑ ගහන්නවත් පුලුවන්ද ....ආ...තොට කෑ ගහගන්නවත් පුලුවන්ද කියපිය...ආ යෙවීන්...මට..මට....මට...එන...තරහවට....

එයා මාව මරන්න හැදුවා ..මගෙ අත් ගොබ වලින් හොලව හොලව කෑ ගැහුවා.....මාව වාහනේට තියලා තද කෙරුවා ....මට එන තරහවට මරන්ඩමයි හිතෙන්නෙ කියපු එයා මගෙ බෙල්ල අත් දෙකෙම්ම මිරිකන් ඉදලා අවසානෙදි මාව අතෑරලා දාල අහක බලා ගත්තා.....අහක බලාගන ඉදලා එහා මෙහා

ගියා.....

ඇත්ත...එයා කියපු හැම කතාවක්ම ඇත්ත....

ඇයි කියපන් පයින් ගියෙ...???

බ්බ්බ්...බයි

යෙවීන්.....ඇත්ත කියපන් හරි...ඇත්ත කියපන්.....ඇත්ත වෙනුවට මගෙ ගාව බොරු කියලා මං ලව්වා කටකඩා ගන්න හදන්නෙ නැතුව...මට....වෙච්ච...දේ....එකක්...නෑර....එකක්..නෑර....එකක්....නෑර කියපන් යෙවීන්...අවංකවම මම ඉන්නෙ දැන් උඹව තුරුල් කරන් බය වෙන්න එපා යෙවීන් මම ඉන්නවා කියන තැන නෙවෙ හරි.....මට ඇත්ත කියපන්...මට බොරු නොකර...ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් ඇත්ත කියපන්.....

එයා මගෙ මූන දිහා බලාගන දත් මිටි කෑවා...බොරු කිව්වොත් කට කඩනවා කියපු එයා වටේම තියන ගල් මුල් වලට පයින් ඇන්නා.....

මට කියන්න බොරුවක් නෑ.....ඇරත්...එයාට තියෙන්නෙ කේන්තියට වඩා බය....එයාට තියෙන්නෙ බය....එයා සැරින් සැරේම කිව්වේ එක දෙයයි....මට කෑ ගහන්නවත් බෑ කියන එකයි.....එයා මගෙ මැසේජ් එක දැක්කෙ නැත්තන් කියන එකයි විතරක් වෙනකොට මගෙ ඔලුව පුපුරන්න ආවා.....

වෙච්ච දේ අකුරක් නෑරම කියපු මම එයා දිහා බලන්න බැරි කමට මූන පහතට කරන් ඉන්නකොට මගෙ කතාව ඇහුව එයා මට බැනගන්න බැරිව වචන ඇහින්දා...

ම්ම්..මට....ස්..සමාවෙන්න...ස්...ස්...

සමාව...සමාව.....උඹ හිතන්නෙ සමාව ඉල්ලපුවාම ඔක්කොම හරි...සමාව ඉල්ලුවාම ඔක්කොම හරි....නේ.....මම ගැන හිතන්න ඕන් නෑ යකො....අර අම්මා තාත්තා ගැන හිතන්ඩ තිබුන් නැද්ද....ආ.....මට තියන ආදරේට කියල උඹ හදන්නෙ අපායට පනින්ඩද.....

මමයි වැරදි....

මමයි වැරදි.....

අඩවන්න බැරි කමට කියලා හැම තැනම හැම තැනම එක්ක ගියා...අඩවන්න බෑ පව් මගෙනෙ කියලා මං හැම තැනම එක්ක ගියා....

අවසානෙදි ...අවසානෙදි මොකක්ද උඹ කෙරුවෙ.....උඹට දැනුනා නම්...මට කියන්න තිබ්බා...හරි....සංධීර් මෙහෙම දෙයක් වෙලා කියලා.....

අනිත් හැම වෙලේම තොට ඕන් නැති මගුලයි ඕන මගුලයි ඔක්කොම කොට කොට එවනව මේක එවන්න් බැරි උනා...

යෙවීන්....යෙවී.....න්...යෙවීන්....යෙවීන්...

සමාව.....පොඩ්ඩක් හිතපන් හරි...පොඩ්ඩක් හිතපන්.....මට එන්න බැරි උනා....

හිතපන්....

මම එනකොටත් උඹ උන්නෙ අමු හෙලුවෙන් හරි...මම එනකොටත්...උඹ උන්නෙ ඒකගෙ ඇගේ හරි...

මට එන්න බැරි උනා නම්...මට එන්න බැරි උනානම්.....

යකො මට මලකදවත් බලන්න පුලුවන් වෙයිද...??

මං ගැන හිතන් ඕන් නෑ...මට හෙනගැහිච්ච දෙන් අර අම්මා තාත්තා ....ඒ අම්මගෙ පපුව පැලෙයි....ඒ තාත්තගෙ පපුව පැලෙයි.....අවුරටක් තිස්සෙ...අවුරුදු අටක් තිස්සෙ ඇස් දෙක වගේ බලාගත්තු මිනිස්සුන්ට දුකක් දීලා මේ නාකි මම හින්දා අපායට යන්න...

යකො මම ආදරෙයි...මම උඹට ආය....හිස් තැනක් නොතියම ආදරෙයි...එහෙමයි කියලා..එහෙමයි කියලා...

ස්ස්.....සංදීර් ...අ...අහන්න...කෝ.....

අල්ලන්න එන්න එපා..හරි....උඹ නම් මාව අල්ලන්න හිතන්නවත් එපා යෙවීන් .. මට අහන්න දේකුත් නැ...මට උඹගෙන් අහන්න දෙයක් නෑ...

මට තියන තරහව මට ඉවසන්න බැරිව මම ඉන්නෙ...අනේ උඹට අත් දෙක එකතු කරලා මං වදින්නම්....යෙවීන්...වදින්නම්....මට...මට.....මට...මෙහෙම....කරන්න....එපා....

යෙවී.....න්...ආදරෙයි.....අ...අදරෙයි.....ක්..කියලා..මෙහෙම..කරන්න..එ..පා...යෙවී..මං....වදින්...නම්...මම....උඹට....වදි..න්නම්...යෙවීන්....

මට ඉවසගන්න බැරි උනා...මට දරාගන්න බැරි උනා..... එකින් එක එකින් එක වැරදි වලට එයා කෑගහලා....කෑගහලා...මාව හොලවලා.....මාව නොමරා මරලා අවසානෙදි ඇස් වල කදුලු පුරවගත්තා වගේම එයා අත් දෙක එකතු කරල අඩ අඩ එයාට එහෙම කරන්න එපා...එයාට එහෙම කරන්න එපා....කිය කිය නොදරුවෙක් වගෙ ඉකි ගහගන්න ගන්නකොට අවංකවම මම අසරන උනා....

එයාගෙ කේන්තිය...අවසානෙදි මහ වේදනාවක් වෙනකොට එයා අවසානෙදි අර වැලි ගොඩෙ වැටිලා ඉදගත්තා...ඉදගන දනහිස් අස්සෙ ඔලුව ගහගත්තා .....

මම එන්න වෙලා ගියා නම් මොකද වෙන්නෙ...මම උඹව කොහෙන් හොයන්නද.....උඹ නැති උනාට පස්සෙ මට වැඩක් තියනවද ගගා එයා අඩන්න ගත්තා ...

අනෙ මගෙ සංධීර් ....

අඩන්න එපානෙ...එපානෙ....අඩන්න එපා...සංධීර් .....

කටින් වචනයක් පිට කරගන්න බැරි උන මම හිතින් අඩන්න ගත්තා....

මට...උඹව....හොයාගන්න....බැරි උනා නම්...මම...මොකද....කරන්නෙ....යෙවීන්...මම...එනකොට ....වෙන්න...ඕන...ඔක්කොම....වෙලා....තිබුන..නම්....මං....උන්ව...සිය...පාරක්...මරුවත්....වැඩක්....

තියනවද....යෙවී...න්....ඇයි....ඇයි....

උඹට....නොතේරෙන්නෙ...ඇයි...යෙවීන්...ඇයි මට මෙහෙම කරන්නෙ.....

එයා අඩනවා...එයාගෙම කොන්ඩෙන් ඇද ඇද....එයා එන්න වෙලා ගියා නම්...ගගා එකම දේ එකම දේ...එකම දේ කිය කිය අඩනකොට මට තව දුරටත් අහන් ඉන්න බැරි උනා..මට තව දුරටත් අහන් ඉන්න තියා ඒ කදුලු දිහා බලන් ඉන්න බැරි උනා.....මට එයාව අල්ලන්න එපා එපා ගාලා කොච්චර කිව්වා උනත් මම එයාගෙන් ගුටි කන්න බලන් හරි අවසානෙදි එයාව පිටිපස්සෙන් බදාගත්තා ....

අ...අනේ....ස්....ස්...සංධීර් ...

මම එයාගෙ ඇගේ එල්ලුනා.....මේ ගිනි මද්දහනෙ....ඇස් කන වෙන කට්ට අව්වෙ...රත් උන වැලි කැට පවා පුපුරන ගිනි පූටක අව්වෙ...මම එයාව තුරුල් කරගත්තා .....මීට ටික වෙලාවකට කලින් යක්සාවේස වෙලා උන්න සංදීර් ගෙ මූනෙ තිබුනෙ පුදුමාකාර අසරන කමක් වෙනකොට මම ඒ ඇස් වල කදුලු පිහ නොදා ඒ කදුලු වලට අඩ අඩම හාදුවක් තියන කොට එය බලන් උන්නා....එයා මොකූත් නොකියම බලන් උන්නා...

අවසානෙදි මාව ඇදලා අරන් එයා කිටි කිටියටම තුරුල් කර ගත්තා .....

කෑගහලා....අඩලා.....බැනලා...මාව මරන්න හදපු එයා අවසානෙදි මාව ඇදලා අරන් මාව හුස්ම හිර වෙන තරමට තුරුල් කරන් ඉදල අවසානෙදි එයා මහ වේදනාත්මක හුස්මක් පහලට දැම්මා...

ඒ හුස්ම පපුවටත් වඩා බර මහ වේදනාත්මක හුස්මක්....

"මගෙ පන ටික..."

තත්පර ගානකට පස්සෙ මගෙ පනටික කියපු එයා මොකුත් නොකියම මාව තුරුල් කරන් උන්නා....මගෙ ඇගෙ තිබුන ලප දිහා කදුලු පුරවන් බලන් උන්නා...කටින් ඇහුවෙ නැති උනත් එයාගෙ ඇස් දෙක ඒ හැම ලපයක් ගාවදිම මගෙන් රිදෙනවද කියලා ඇහුවා....

මිනිස්සු ආදරෙ කරන්න ගන්නකොට ඇස් පවා ආදරේ කරන්න ගන්නවා....ඒක ඇත්තක්...

මිනිස්සු විරහව විදිනකොට ඇස් පවා විරහව විදින්න ගන්නවා...

මිනිස්සු සතුට විදිනකොට ...ඇස් පවා සතුට විදින්න ගන්නවා.....

මිනිස්සුන්ගෙ හදවත විදින්නෙ මොන හැගීමද.....ඇස් දෙක ඒ හැගීම්.අනිවාර්යයෙන්ම විදිනවා....

ඒකයි හදවත බය වෙන හැම පාරම ඇස් දෙක උන ඉබේ වැහෙන්නෙ....

යෙවීන්....

එයා අවසානෙදි කතා කෙරුවා ...

ම්ම්ම්....

අකීකරු කම් කරන්න එපා යෙවීන්.....මේ වයසට හිතට එන හැම දේම තනියෙන් හිතලා කරන්න එපා යෙවීන්.....මේක අපි පොඩි කාලෙ වගේ නෙවෙ යෙවීන්...

මිනිස්සු නපුරුයි.....මිනිස්සුන්ට මිනිස්සු බල්ලො බලලු ගානයි...

මට කියපන්....මං එන්න කලින් උඹව ඌ විනාශ කරල තිබුන නම්.....

එහෙම උනා නම්...මම ඌව නොමරා මරනවා....

ඒත්...ඒත්....

යෙවීන්.....ඒත් යෙවීන් ....ඒත්...යෙවීන්...

මම එන්න කලින් .....ඌ උඹව තලලා උඹෙ හුස්මත් උදුරන් තිබුන නම්....මට කියපන්...මගෙ යෙවීන්...මං ඒකගෙ බොටුව කැඩුවත්...මං ඒකගෙ බොටුව කැඩුවත් උඹට පන ඒවිද........

මට උත්තර දීපන්....

මම මොන යකෙක් උනත්....මගෙ හිත උඹ ගාව දියරු වෙලා යනවා මගෙ යෙවීන්...මොකා උනත් ආදරෙ ගාවදි අසරනයි යෙවීන්....උඹ වෙනුවෙන් ලෝකයක් මරලා දැම්මත්....ආපහු හැරිලා බලනකොට මගෙ ලෝකෙ කඩාගන වැටිලා නම්.....ආය ජීවිතේට ගොඩගන්න බැරි විදිහටම උඹ බිදිලා ගිහින් උන්නොත්...

පිපිරුන හිරෝශිමාවෙ මල් පිපුනා මගෙ යෙවීන්.....

නාගසාකියෙත්...අද මිනිස්සු හුස්ම ගන්නවා...

ඒත්...මගෙ හිරෝශිමාව මල් පිපෙන්නත් කලින් උන් පුපුරලා දැම්මොත් ආයම ජීවිතේටවත් මලක් නොපිපෙන්න....

යෙවීන්...

මම අහන් උන්නා....නඩුවකදි ඇරුනම කවදාවත් වචන දහයක් දොලහක් කතා නොකරන සංධීර් මේ කාස්ටක අවුවෙ ඉදන් අද වෙනදටත් වඩා කතා කරනකොට අනෙ සත්තයි මට ඒ කතා බහ මහ අමුත්තක් ගෙනාවා....

ඒ කතා බහ වේදනාවක් ගෙනාව....

යෙවීන්....

පුතේ....

දෙවියනෙ සංධීර් ....

මගෙ හර්ද වස්තුවම සීතල වෙලා ගියා.....වෙනදට වෙන උන් තාත්තා පුතාද අහනකොට උරුම්පූට්ටු වෙන මං අද එයා පුතේ කියනකොට හැගීම් වලින් හෙම්බත් වෙලා උන්නා....

මේක නවසිය ගනන් නෙවෙ යෙවීන්....නවසිය ගනන් වල මෙව්වා නොවුනා නෙවෙ .....ඒත්....නවසිය ගණන්වලට වඩා දෙදාස් ගනන් හරි විසයි මගෙ යෙවීන්....

කෙල්ලෙක් දූශනෙ වෙලා මැරුනා කියන කතාව අපි ඕන තරම් අහනව....ඕන තරම් දකිනවා ...ඒත්....කොල්ලෙක් දූශනෙ උනා කියන එක නවසිය ගනන් වලදි අපි අහල්ම නැති තරම් ....

ඒත්...

ඒ...ත්.....

අද....

අද....එහෙම නෑ යෙවීන්....

අද එහෙම.....න්..නෑ...

උඹගෙ බැට්මෑන් ගෙ....තටු....උඹ ලොකු වෙනකොට හැලිලා ගිහින් යෙවීන්...

උඹ පොඩි කාලෙ හිතන් උන්නා....මට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා ...

උඹ දත් නැති කට උල් කරන්...කොයි වෙලාවෙත්....කදුලු පටලයක් බැදුන ඇස් බෝල කරන් මගෙ කකුලක් උඩ ඉදන් කාටත් හොරෙන් අහනවා මට පියාඹන්න පුලුවන්ද කියලා ...

මගෙ ඇබිත්තම...

මගෙ ඇස්වලින් කදුලු සට සට ගාලා හැලෙනවා ...එයා මාවත් ඇදගන අවුරුදු දහයක් පස්සට ගියා....මට අමතක සමහර මතක එයාග්ව් හිතෙ තාම හරි පරිස්සමට තියෙනකොට එයා එව්වා හිමින් හිමින් එලියට අදිනකොට මං හුස්ම අල්ලන් අහන් උන්නා....මම සමහර වෙලාවට හුස්ම ගන්න පව බය හිතුනා ඒ මතක වලට මගෙ හුස්මෙ සද්දෙ පවා කරදරයක් වේවි කියලා .....

මං අහන් උන්නා.....ගිනි කාස්ටකෙ වැලි ගොඩ උඩ ඉදන්....අහස පොලව එකතුවෙන තැන කියලා හිත රවට්ටන රේඛාව දිහා බලාගන එයා කියවන හැටි අහන් උන්නා.....

උඹ හොරාවට මගෙබන් අහනවා.....නලුවෝ.....ඔයානේද බැට් මෑන් කියලා .....මං මොකුත් නොකියම බලන් ඉන්නවා...අනෙ එතකොට උඹගෙ අර චූටි කට වෙව්ලනවා .....

යෙවීන්...

උඹ නොදරුවා කාලෙ ඉදන් ඔය ඇස්වල කදුලු වලට මං වෛර කෙරුවා යෙවීන්.....පොඩ්ඩ බැරි වෙනකොට අඩන.....පොඩ්ඩ බැරි වෙනකොට හැංගෙන උඹ දැක්කම මට මහ වේදනාවක් දැනුනා....උඹගෙ ලෝකෙ....අම්මා තාත්තා .....උඹ ඇවිදින්.....තටු නාව ඇබිත්තන් සමනලයෙක්...

සමනලයෙක් දකින්න...දලඹුවන්ට ඉඩ දෙන්න ඕනස් යෙවීන් ...ඒත්...මම දකින කවදාවත් උඹගෙ තටු තිබුන් නෑ යෙවීන්.....

උඹ අඩන්න හදනවා ....

මම බැට්මෑන් නෙවෙ කියයි කියලා උඹ අඩන්න හදනවා .....ටික වෙලාවක් බලන් ඉන්න මං වට පිට බලලා ඔව් කියනකොට අනෙ උඹගෙ ඇස් දිලිසනවා....

........

මට දෙන්න උත්තර නෑ.....

මට කියන්න වචන නෑ .....මම එහෙම්ම එයාගෙ පපුවට හේත්තු උනා.....හෙත්තු වෙලා එයා කියන සතුට වෙනුවට දුක පිරුන සුරංගනා කතාව අහං උන්නා....

දන්නවද මිනිස්සු ලොකු උනත් පොඩි උනත්..වයසට ගියත්.....මැරෙනකම්ම උනත් සුරංගනා කතාවලට ආදරේ කරන්නෙ ඇයි කියලා .....කවදාවත් සුරංගනා කතාවක් අස්සෙ දුකක් නැති හන්දා ....ශෝකාන්තයක් නැති හන්දා ....

ඒත්....මගෙ කතාව ...

එයා කිව්වත් වගෙ මං පුංචි සමනලයෙක්...හැබැයි තටු දකින්න කලියෙම්ම මාව තලලා දැම්ම....

ඉතින්.....මේ සුරංගනා කතාවෙ කොහෙද සතුටක්.....

එයා කියවනවා ....

මං සැරින් සැරෙ ඉහල පහල යන උගුරු ගැටේ දිගා බලාගන අහන් උන්නා....

උඹට සතුටුයි...ඇයි උඹ හිතන්නෙ මට ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා ...

මගෙ යෙවීන් ....

උඹ හිතන් උන්නත් මං ඇවිත් සුපිරි වීරයෙක් කියලා ....උඹ පොඩි කමට ඉල්ලුවෙ එක දෙයයි යෙවීන්.....අනිවාර්යයෙන්ම උඹ වෙනුවට ඔතන වෙන පොඩි එකෙක් උන්නා නම්....

මල්ලක් පිරෙන්න කඩචෝරු ඉල්ලාවි ....

ඒත්.....උඹ මගෙන් හැම දාම ඉල්ලුවෙ එක දෙයයි.....

ඒත්...

මට උඹට...දෙන්නම බැරි උනෙත් ඒකමයි යෙවීන්....ම්ම්..මට....බැරි....උ....නා..

.යෙ....වීන්...

මට තවත් අහන් ඉන්න හයියක් නෑ

...මං එයාගෙ කටට අත තිබ්බා.....මට තවත් අහන්නවත් ....ඒ හිත රිදවන්නවත් උවමනාවක් තිබුන් නෑ...අවසානෙදි එයා මගෙ ඔලුව අත ගෑවා ....

ස්ස්....සංධීර් .....

ම්ම්ම්.....

ම්ම්...මෙතනින්.....ප්ප්...පස්සෙ.....ම්ම්..මොකක්ද ....ව්...වෙන්නෙ.....ස්...සංධීර් ...

මං රැලි ගහන මහ මුහුද දිහා බලාගන එයාගෙන් මෙතනින් පස්සෙ මොකක් වෙන්නෙ අහනකොට එයා මොකූත් නොකියම ඉන්නකොට කසිංජිය බැදුන ගහෙන් වැටුන කෝට්ටන් කොලයක් හුලන් අතට ඉබා ගාතෙ විසිවෙවි ගියා...

ගහෙන් වෙන් උන කොලේකට තටු ඇවිදිල්ලා...

එයා මට තව වත් උත්තරයක් දුන්නෙ නෑ...ගිනි ගහන අව්වට අපිව කරවල වෙන්න එනවා ....ඒ උනත් එයා වත් මමවත් නෙවෙ නැගිට්ටෙ.....අව් රස්නෙට ඇස් හීනි කරන් බලන් උන්නා ඇරෙන්න අපි නෙවෙ යමු කිව්වෙ .....

රැල්ලක් පාගන්න ආසද...

මෙච්චර වෙලාම මොකුත් නොකිය නොකිය ඉදපු සංධීර් රැල්ලම් පාගන්න ආසද අගනකොට මං මේස් විතරක් දාන් උන්න කකුල් දිහා බැලුවා ...

ඔ...ඔව්...

ම්න්....එන්න යන්න....

එයා මට උත්තර දුන්නෙ නෑ.....මෙතනින් එහාට මොකක්ද වෙන්නෙ අහනකොට උත්තරයක් නොදුන්න සංදීර් කකුලට කකුල පාගන් සපත්තු දෙක ගලවල දැම්මා....දාල මේස් දෙකත් ගලවල දැම්මා.....

මම මෙච්චර කල් උන්නා...අදයි එයාගෙ කකුල් දෙක දිහා හරියටම බැලුවෙ.....

සුදු කකුල්

ඒ කකුල් මටත් වඩා සුදුයි....කොටු නියපොතු ....ලොකු කකුල්....

මට තිබුනෙ රවුම් නියපොතු වගේම පොඩි කකුලක්.....

සංධීර් මගෙ අතින් අල්ල ගත්තා.....මේ ගිනි මද්දහනෙ ඉරුම් බදින මිනිසුන්ගෙ වාඩි පවා පාලුවට ගිහින් තියනකොට ප්ලාස්ටික් තෙප්පන් උඩ තිබුන දැල් වල පැටලිලා තිබුන *මුරුක්කු දිහ මං බලන් උන්නා.....

(මුරුක්කු- යුනිකෝන් ගෙ අනෙ හැඩේට එන බෙල්ලෙක්....)

ඒ දැල බේරනකොට හොද පන යාවි....මුරුක්කු පැටලුනාම දැල ඉරෙනවා...ඊටත්...පත්තෑයොත් අහුවෙලා....උන් මැරිලා ගිහින් උන්නා.....

පිලිහිඩි ගදයි.....භූමිතෙල් ගදයි....කසිංජියයි ....මේ හැම දේම එකට එකතු වෙනකොට ගල් බැම්මෙ වදින වතුර පාර හුම්මානෙ වගෙ උඩ.....ට විසික් වෙලා තුවානියම ගැහුවා...

පුංචි පුංචි ලුනු බින්දු ඇග පුරාවටම නවතිනකොට ගල් බැම්මෙ තිබුන කලු වල පාසි බැදිලා තිබුනා....පුංචි පුංචි කක්කුට්ටො උන්නා....නිකන් උන් නෙවෙ...ගූ කක්කුට්ටො....වෙරලෙම වලවල් හාරන් ඉන්න උන්.....විසි හතර පැයේම ලුනු වතුරට හේදෙන ගල් වල කාවාටි බැදිලා උන්නා.....ගොලු බෙල්ලො වගේ බෙල්ලො බැදිලා උන්නා.....

තවත් ටිකක් යනකොට ගහන මුහුදු රැල්ලෙ එක තැනක වෙනතැන්වලට වඩා පෙන තිබුනා.....

අනිවාර්යයෙන්ම කුනක් ඇති.....

මම තනීයම කලපනා කෙරුවා .....

බබා බලාගන....

එයාගෙ අතින් අල්ලන් ආව උනත් අපි ඇවිද්දෙ සමාන්තරව නොවුනකොට අඩි හතරක් හිටින්න ඕන වෙරලේ අඩි දෙකක් විතරක් හිටලා තිබුනා.....

මොකද...මම අඩිය තිබ්බෙ එයාගෙම අඩි සලකුන උඩට...

බබා බලාගන....

මෙච්චර වෙලාම කට පියාගන ආව එයා නොහිතපු වෙලාවක මට බබා බලාගන කියලා එක පාරම මගෙ පැත්ත හැරිලා මාව ඉස්සුවා....එ එක්කම එයාව තෙමාගන රැල්ලක් ගැහුවා.....

අපරාදෙ ....

මගෙ හිත අපරාදෙ කිව්වා උනත්...එ ටිකකිම්ම මම රැල්ල එක්ක ගොඩට ගොඩගහපු *කටු පේත්තයව දැක්කා...

(ඇග පුරාවටම උල් කටු තියන මාලුවෙක්)

රැල්ලත් එක්ක ආව පේත්තයව පෑගුනා නම් මට ආයම ඇදක් උඩ නගින්න වෙනවා...

මාව උස්ස ගත්තු එයා මාව බස්සවනකොට මම ආපිට හැරිලා බැලුවා...මට හුස්මක් පිට උනා...අල්ලන් උන්න සංදීර්ගෙ අත තවත් තදින් මිරිකුනා...

ඒ...එ...එවා....ම්..මැකිලා....ග්..ගිහින්....ස්..සංධීර් ....

මොනවද....

අ..අඩි....ප්..පාරවල්.....අ..අපේ....අ..අඩි.....ප්..පාරවල් ....

මම දුකෙන් වගෙ බලාගන උන්නා...ගොඩ ගහපු පේත්තයා ගාවට කාක්කෙක් දෙන්නෙක් වට වෙනකොට එයා මගෙ ඔලුව .අතගෑවා....

මැකෙන බව දැන දැන.....අස්තීර තැන්වල....ස්තීරයි කියලා හිතෙන දේවල් තියන්න හදන්න එපා යෙවීන්....රැල්ල එන්නෙ...වෙරල බලන්න මිසක්....උඹගෙ මගෙ....අඩි බලන්න නොවෙනකොට ....උන්ගෙ මැදින් ඉන්න අපිව උන් මකලා දානවා......

එයා මිමිනුවා.....සෑහෙන කාලයක් මහ මුහුදෙ පාවෙල පාවෙලා අවසානෙදි ගොඩ ගහපු ගස් කොටයක් වතුරෙන් පෙගිල තියනකොට මම ඒ ගස්කොටෙ උඩ හිටගත්තා...හිටහන සංදීර්ගෙ උරහිසට අත් දෙක් තියා ගත්තා .....

ම්ම්....මට.....ක්ක්..කියන්න...ස්...සංදීර් ...

මොනවද...

ම්..ම්...මෙතනින්....එහාට....ව්..වෙන්නෙ...මො...මොනවද....ක්..කියලා ...

මම එයාගෙ ඇස් දිහා බලන් උන්නා.....එයාට තව දුරටත් මාව මගාරින්න බෑ...මං ඒ ඇස් මගෙ ඇස්වලින් අල්ල ගත්තා .....

යෙ...යෙ....

එයා හරි හිමීට යෙ...යේ....කිව්වා...පැත්තට පීරපු කොන්ඩෙ ඒ මේ අත යනකොට මම අතරින් පතර තිබුන සුදු ගස් දැක්කා....

Exam එක...පාස් වෙන්න....පාඩම්....නොකර....ඉන්න එපා.....මං....ගැන.....හිතලා...නොකා...නොබී....ඉදලා....අඩන්න...එපා...

සංදීර්ගෙ....ඇබිත්තම.....හොදට.....බඩ....පිරෙන්න....කන්න...අනිවාර්යයෙන්ම ...law collage යන්න...නලුවා ගියා වගේම....

මම බලන් උන්නා...එයා මට....කියනවා...අරක....කරන්නලු....මේක...කරන්නලු......එයා කියන්නෙ...මට එයා නැතුව ඉන්න කියලද...????

උ....උඹ....හ්..හදන්නෙ...ම්..මාව....අ..අනාත....ක්..කරන්නද....ස්..සංදීර් ....

.......

මම එයගෙ උරහිස් තදින් අල්ල ගත්තා.....එයා මා දිහා බලන් ඉදල කවදාවත් නෑ කියලා කිව්වා.....

කවදාවත් නෑ...

එ ..එහෙනම්.....එ....එහෙනම්...

එයා මා දිහා බලන් උන්නා....

තත්පරයක් ..දෙකක්....තුනක්.......

කාලය ගෙවිලා ගියා.....රැල්ල වදින සද්දෙ ඕනාවටත් වඩා ඇහෙනකොට කෙල ගිලින එයාගෙ උගුරු ගැටෙ සැරින් සැරේම ඉහල පහල යනකොට එයාහෙ එක ඇහැකින් හදිසියේම හැගීම් බින්දුවක් එලියට පැන්නා.....

"අපිට....අපි නැතිවෙන්න...කලින්.......අපි....අපිව නැති කරගමු යෙවීන්.....අපිව අපෙන් උදුර ගන්න කලින්.....අපි....අපිව අතාරිමු යෙවීන් .....වෙන උන් අපිව අඩවන්න කලින්.....අපිම අඩමු මගෙ යෙවීන්...."

ස්ස්.....ස්ස්....

මං පපුවට අත තියා ගත්තා ...

මගෙ ඇස්වලටත් අඩන්න අමතක වෙලා ගියා.....

මට මම ඉන්නෙ කොහෙද කියන්න පවා අමතක වෙලා ගියා....

මගෙ හදවත් පුපුරලා යන්න ආවා...සර්වාංගෙම තිබුන ලේ නහර අ

එකම එක තත්පරෙන් වේලිලා ගියා වගෙ දැනෙනකොට මගෙ කකුල් ප්න් නැතුව වැටෙන්න ගියා වගෙම එයා මාව එක අතකින් අල්ල ගත්තා ....හරියටම කවදාවත් මම උඹව වැටෙන්න දෙන්න නෑ කියන්න වගේ...

ස්ස්....ස්ස්....

ශ්ශ්...ඇබිත්තම ....

සංදීර් ගෙ........

වෙනදට...මං හැමදාම උඹට කතා කරන්න දෙනවනෙ....අද මට කතා කරන්න දියන් මගෙ යෙවීන්.....

එයා මගෙන් අද එයාට කතා කරන්න දෙන්න කියලා ඉල්ලනකොට මම කට වහගත්තා .....හැබැයි...මගෙ ඇස් වලට තරවටු කරන්න එයාටවත් බැරි උනා.....

යෙවීන්...

තව දවසයි....දෙකයි.....චන්දෙ...අනික.....ඇමතියා ඉන්නෙ...වෙඩි කාපු ඌරා වගේ....ඌ අශානයගෙ පිච්චුන මිනිය දැකල...මෝචරිය අනිත් අත හරවල....

උඹ.....මම....මොන....පලිය ගත්තා උනත්.....ඌ ඇවිල්ලා....රටින් බාගයක් මරපු මැරයෙක් උනත්....ඌව මැරුවෙ අපි කියන්න...අපි දන්නවා....

යෙවීන්....හැමදාම....වතුර ගැලුවෙ....පහල තැන්වලින්.....උන් මොන වරද කරත්...මොනර පිලකට ඕන ලේ පැල්ලමක් වහන්න පුලුවන් මගෙ යෙවීන්.....එහෙම එකේ.....කොච්චර සාක්ශි තිබුනා උනත්....හදිසි උනොත්....කොරොස් කටෙ වත් අත දාන්න බැරි වේවි...යෙවීන්....ඌට ආසනයක් අනිවාර්යයෙන්ම එනවා....ඒ ආවොත්.....ඒ ආව සතුටට...පුතාගෙ වාඩුව.....ගන්න.....

උඹට මම කියන දේ තේරෙනවා මගෙ රත්තරන් ...උඹට මම කියන දේ.....තේරෙනවා මගෙ යෙවීන් .....

මට තිබුනා උඹව අරන් හැංගෙන්න.....පැනල යන්න.....

නෑ...පැනල යන එක නෙවෙ.....යෙවීන් උත්තරෙ...

අඩියක් පස්සට අරන්....එකතු කරගත්තු සාක්ශි තව හයිය කරගන්න බලන එක........

උන්ගෙ අතේ වැරදි තියනවා...උන්ගෙ අතේ....අම්බානෙක වැරදි තියනවා...

ඒත්...යෙවීන්.....

කරුමෙට.....උඹට....මට බෙදන හැන්ද වෙනයි යෙවීන් ...

පොලිසියකට ගියෝතින් .....උන් පූසෙක් පෙන්නලා කොටියෙක් කියලා කිව්වොතොන්....ඌ පූසෙක් නෙවෙ කොටියෙක් කියන තැනට එන්න උන් පොඩි මිනිස්සුන්ව පාගනව යෙවීන් ....සල්ලි විසි කරන පැත්තට වාසි වෙන්න උන් ඕනම පහර වැඩක් කරනවා...

උඹට ඒකට මම උදාහරන දෙන්න ඕන නෑ මගෙ යෙවීන්....ඒක නිසා.....අපි....එක අඩියක් පස්සට ගමු මගෙ යෙවීන්.....පස්සට යනවා කියන එකේ තේරුම අපි පැරදුනා කියන එක නෙවෙ...

මට ඕනෙ මෙච්චරයි .......

මට....ඔනෙ...එකම....එක..දෙයයි...

මට....ඔනේ....උඹගෙන්....එකම....එකම එක..දෙයයි.....

"මට අයිති උඹව.....පරිස්සමින් බලාගනින්.....මගෙ යෙවීන්...දුරින් උන්නා කියලා ....කවදාවත් ....ආදරේ අඩුවක් වෙන්නෙ නෑ....මගෙ....යෙවීන්......නලුවා වගේම....කලු ලෝගුවක් ඇදපන් යෙවින්.....කවදාවත් ....ඵොටෝ එකක් නැති මගෙ ගෙදර ...මට උඹගෙ ඵොටො එකක් දකින්න ආසයි මගෙ යෙවීන්......

ඇබිත්තම .....

සංදීර්ගෙ ....

මං උඹට ආදරෙයි ...

සංසාරයක් පුරාවටම ...

මගෙ ඇස්වලින් කදුලු කඩාගන වැටුනා....මෙච්චර වෙලාම කියවපු එයා මගෙ නලලට හාදුවක් තියනවා එක්කම මගෙ ඇස්වලින් කදුලු කඩාගන වැටුනා......ආදරයත් විරහවත් එකම වෙලාවෙ විදින්න උන මට සිද්ද උනෙ මගෙ පපුව මිරිකන් අඩන එක වෙනකොට මම එයාගෙ ඇගේ එල්ලුනා......

අනෙ...මගෙ...සංදීර් .....අනේ....මගෙ....රත්තරන් .....සංදීර් ......

"හමුවීම ප්‍රේමය නොවේ....

වෙන් වීම ප්‍රේමය වඩයි.....

අපි පතා ආවා වගේ....වෙන්වී යයි...."

නගින්න...

මාව තුරුල් කරන් උන්න එයා මාව එක්කන් ආයම ජීප් එක ගාවට ආවා.....

එයා මාව ජීප් එකෙ දාගන යන අවසාන දවස අද....

එයා මාව තුරුල් කරගන්න අවසානම දවස අද....

මම ජීප් එකට නැග්ගා.....නැගලා එයාගෙ අත් ගොබේට හේත්තු උනා....එයා මොකූත් කිව්වෙ නෑ... ඒ වෙනුවට කෙරුවෙ මගෙ හිස්මුදුනට හාදුවක් දෙන එක වෙනකොට එයා එහෙම්ම කන්නාඩියෙන් අපි දිහා බලන් උන්නා.....

ඒ ඇස්වල කදුලු තිබුනා........

මතක තියා ගන්න.....

හිරෝශිමාවෙ මල් පිපුනා...

සෑහෙන්න වෙලාවකට පස්සෙ එයා හිරෝශිමාවෙත් මල් පිපුනා කියන ගමන් ජීප් එක ස්ටාර්ට් කෙරුවා වගේම මම ඒ අත් ගොබෙ බදාගන මලකදක් ගානට උන්නා....

ස්ස්....ස්..සංධීර් ...

මම කෙදිරුවා ...ඇස්වලින් වැටෙන කදුලු ඉවරයක් නැති වෙනකොට මම ඒ අත් ගොබේට හාදු කෝටියක් වත් තියන්න ඇති.....

හිත ගලක් කරන් උන්න සංදීර්ගෙ හදවත පවා කෑ ගහලා අඩනවා ඇති...අපේ ගෙදර නොයා එයා කෙලිම්ම මාව එයාගෙ ගෙදරට එක්කන් එනකොට මට මම මුලිම්ම මේ ගෙදරට ආව දවස මතක් උනා...

හයහමාර වෙනකන් දොර නෑරපු එයාව මතක් උනා...

එයාට ගෙනාව කෑම එක කාපු මාව මතක් උනා...

මමයි යෙවීන් කියලා එයා මාව.අදුන ගත්තු දවස මතක් උනා....

අද ඊයෙ උනා වගේ........

ගිනි ගහන කදුලු හදවත පාරව පාරව කඩාගන වැටෙනකොට මං එයා එක්කම එලියට බහිනකොට එයා මට ගෙදර යතුර දුන්නා .....

ස්ස්....ස්ස්.....සංධී...ර්....

එයා ගේ දිහා බලාගන උන්නා...යතුර දපු එයා මොකුත් නොකියම ගේ දිහා බලන් ඉදලා මා දිහා බැලුවා .....

මම කොහොම හරි කල්දේරම් බතට හුරු වෙන්නම්....මගෙ ඇබිත්තම ....මන් ගැන හිතලා නොකා ඉන්න එපා.....

එයා කල්දේරම් බත කියනකොට මට මැරෙන්න හිතුනා .....

ම්ම්...ම්න්....උඹට ..ම්ම්...මේ ගෙදරට....ක්ක්...කෑම....ඇද්දා...වගේම .....හ්..හිරබත්.....අ...අදින්නම්.....ස්.....ස්ංධීර් .....

මං එයාගෙ අත කිටි කිටියට තද කරගන ඉදලා එයා එක්ක ගෙට යන්න හදනවත් එක්කම ගේ ඉස්සරහින් ජීප් එකක් නවත්තන සද්දයක් ඇහුනා....එයා හැරිලා නොබැලුවත් මම හැරිලා බැලුවා ....

ශ්‍රි ලංකා පොලිසිය....

ඔෆිසර් රොමේන් ....

කිව්වා වගේම රොමේන් පාවා දෙන්න ඇවිත් තිබුනා.....

නිකන් නෙවෙ වැටලීම් වරෙන්‍තුවක් එක්කම.....

මිස්ටර් සංධීර් ඒකනායක......!

🥺තිත්ත කැකිරි පන්තියෙ පුම්චි ජොබීත නිදහස්.....

ආය එන්නම් හාතෙ ...

පයිස්සමින් සැනසීමෙන් ඉන්නලා...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters