Yeveen pov....
ලබ ඩබ් .....
ලබ්....ඩබ්.....
ටීක්....
ටීක්.....
ලබ්....බඩ්...
ටීක්...
ටීක්...
උදාන.....අදට සතියක්.....අදවත්.....අදවත්.....
එයා හෙමින් හෙමින් recovery වෙන්නෙ....කලබල නොකර ඉන්න....
කලබල නොකර.....ඉන්න කියන්නෙ...බන්.....කලබල....
නෙහාන්....ප්ලීස්....
මල්ලි....රෙහාන්...ඇවිත්...
එපා.....උගෙ තාත්තා ඉන්නවනෙ....වෙන කාවත් එපා.....
"ඇබිත්තම..."
" ඇති නේද දොයියන් උන්නා...."
" ඇහැරෙන්නෙ නැද්ද....ම්ම්ම්ම්ම්"
ස්ස්...ස්ස්...සංධීර්...
ම්ම්ම්.....කුකුල් පැටියා.....
මගෙ...
ස්ස්..සංධීර්...ම්ම්..මගෙ....ඔ...ඔලුව.....
අතගාන්නද....
අ..අත...ග්ග්...
ලබ් ඩබ්...
...
ලබ්....ඩබ්.....
උදාන....උදාන.....අතක්...අතක්..හෙලෙව්වා.....සුදු....මහත්තයා.....යෙවීන්....යෙවීන්.....
යෙවීන්.....සුදු පුතා.....
යෙවීන්....
"ඇබිත්තම..."
"ඇබිත්තම...."
න්න්...න්...න්...න්න්...න.....
මම...ඇස් ඇරියා....මෙච්චර වෙලාම හීන ලෝකක....අනතම මනත වගේ එහා නෙහා වෙවී ඉදපු මම ඇස් ඇරියත් මගෙ ඔලුව පුපුරන්න ආවා...ඔලුව පුපුරන්න තරම් කැක්කුම් කරනකොට ඇස් කොන් වලින් කදුලු බින්දුවක් වැටෙනවා එක්කම මම ඇස් ඇරියා....හැබැයි....ඇරපු තත්පරෙත් එක්කම මම ආයම ඇස් පියා ගත්තා...
යෙවීන්....සුදු පුතා...සුදු පුතා...සුදු මහත්තයා ...සුදු මහත්තයා...බොසා...
බාප්පගෙ කට හඩ....අම්මගෙ කටහඩ...මට අනිත් කටහඩ කාගෙද කියලා හොයා ගන්න බැරි වෙන කොට මම ආයම ඇස් ඇරියා...මට පේන්නෙ නෑ.....මට මෙලෝ දෙයක් හරියටම පේන්නෙ නෑ...මගෙ ඔලුව කැක්කුම් කරනවා...මගෙ ඇස් දෙකම බොද වෙලා.....
සර්ංවාගෙම වේදනයි ...කොතනද වැඩිපුරම වේදනා දෙන්නෙ කියලා හොයන්න බැරි තරමට මගෙ සර්වාංගෙම වේදනා දෙනකොට මම ආයම ඇස් දෙක වහලා තත්පර ගානකට පස්සෙ ආයම ඇස් ඇරියා.....
අම්මා....
බාප්පා....
යහපතා.....
තාත්තා ...
මම ඇස් ඇරලා බලන් උන්නා....කතා කරන්න කට ඇරියා උනත් මූනට ගහල තියන ඔක්සිජන් බට අනම් මනම් හින්දා මට කතා කරගන්න බැරි වෙනකොට මම ඇස් කරකවලා මගෙ සංධීර්ව හෙව්වා...
එයා නෑ.....එයා කෝ...
ස්ස්...ස්ස්...
පුතේ....යෙවීන්...
සුදු මහත්තයා....
රත්තරන් .....අම්මව ඇහෙනවද...මගෙ....යෙවීන්...
යෙවීන්....මාව ඇහෙනවද....
ස්ස්...සංධී.....ර්
මම මිමිනුවා....අම්මා තාත්තා බාප්පා...උදානමේ හැමෝම මට කතා කරනකොට මම ඇස් දෙක එහාට මෙහාට කරකවලා බැලුවා....ඒත් එයා නෑ...මුලු කාමරේටම තිබුනෙ මැශින් ගොඩක් වෙනකොට මට එයාව හොයාගන්න හැදුවා...ඒත් නෑ.
සංධීර් ...මගෙ සංධීර් උඹ කොහෙද ....උඹ කොහෙද ....මගෙ....සංධීර් ....මට කියපන්....උඹ....හොදින් නේද...උඹ සනීපෙන් ඉන්නවා නේද...උඹ හොදින් ඉන්නවා නම්...මටඒ ඇති...මට ....ඒ හොදටම ඇති මගෙ සංධීර් ...
අම්මා බාප්පා...යහපතා...මගෙ අත අතගගා යෙවීන්...යෙවීන් ගගා කතා කෙරුවත් මට තවම කතා කරන්න හයියක් තිබුන් නෑ...අනික අම්මා බාප්පා කියලා මම යන්නත් අදුන ගත්තා උනත් මට ඒ අයගෙ මුන වත් හරියටම පෙනුන් නෑ....ඒ ඔක්කොම ඇගවල් ඉරි රෙදි වගෙ ඇදුම් වලින් වහන් උන්නෙ...
මම හිතන්නෙ මම ඉන්නෙ අයි සීයූ එකේ.....නැත්තන් මොකටද මෙච්චර බට ගොඩක් ....නැත්තන් මොකටද මෙච්චර මෙච්චර මැශින් ගොඩක්...ඇයි අම්මලා මේවා ඇදන් ඉන්නෙ...
මම ඇස් දෙක පියාගත්තා මගෙ ඇගට පුදුම තරම් තෙහෙට්ටුයි ...මට ඇගට පන නෑ වගේමයි....මට නින්ද යන්න එනවා..මතේ ගහලා වගේ...ඔලුව බරයි.....ආයම මගෙ කම්මුල් වලට එයාගෙලගෙ අත් වදිනකොට මට උදානගෙ කටහඩ මට අයම ඇහුනා...එයා මට ඇස් අරින්න කියනවා....ඒත් මට නෙවෙ ඇස් අරින්න හිතුනෙ....මගෙ ඇස් වැහෙන්නමයි හැදුවෙ....මට ඕනෙ මගෙ සංදීර් ..මොකා උන්නත් මට වැඩක් නැහැයි කියලා හිතුනා...මොකා උන්නත්....මට තේරුමක් නැති උනා වගෙ දැනුනා....උදාන මගෙ කම්මුලට තට්ටු කර කර නැගිටින්න නැගිටින්න කියනකොට මම අමාරුවෙන් ඇස්දෙක ඇරන් හිමීට මිමිනුවා....ඒත් එකම වචනයයි.....
ස්ස්...ස්ස්...සංධීර් ...
මම ඉල්ලුවෙ සංධීර්ව....මම ඇහැව්වෙ මගෙ සංදීර්ව...තත්පරෙන් ....තත්පරේ...විනාඩියෙන් විනාඩිය ගෙවිලා යනකොට මම ටිකෙන් ටික පනගහන්න ගත්තා වගේම මා ගාව උන්න අම්මා බාප්පා මා එක්ක කතා කෙරුවා ...මට ඇහෙනවද....කිය කිය අහනකොට මම ඇහෙනවයි කියන්න ඔලුව වැනුවා වගේම උදාන මොන මොනවදෝ කියෙව්වා ....
එපා.....උදාන.....එපා...ලමයට සිහිය ආවා විතරයි.....
උන් එන්නෙ මගෙ කොල්ලව තව තෙහෙට්ටු කරවන්න.....
ඇමතියා දැන් සතියක් තිස්සෙ මෙතන.....උගෙ එකා මැරුනට...මගෙ එකා මොනවා කරන්නද...උගෙ මගුලෙ ගිහින් තමයි මගෙ එකාටත් මෙහෙම උනෙ...සිහිය ආව ගමං මගුලටද මෙහෙ එන්න හදන්නෙ...
බාප්පා දත්මිටි කෑවා....ඇමතියා .....ඇමතියා මොකද මෙහෙ කරන්නෙ....මොන මගුලට මාව හොයන් ආවද.. අනික....උගෙ එක මැරුනා කිව්වා....ඌ නොමැරි තියෙවිද...ඌ නොමැරි ඉදීවිද ....
මම අහන් උන්න....අම්මා මගෙ මූන අත පය අත ගගා කටු ගහපු අත් පුලුවන් තරන් ඉඹිනකොට මම බලාගන දොරෙන් එපිට වීදුරුවෙ කවුරුහරි එල්ලීගන උන්නා...එක්කෙනෙක් නෙවෙ...දෙන්නෙක්ම....නෑ....තුන් දෙනෙක්....
තාත්තා...අනේ....තාත්තයි....අම්මයි....ඒ විතරක් නෙවෙ...රෙහාන්...රෙහාන් තාත්තත් උන්නා....ඒ....ඒකියන්නෙ....එයා...එයා දැනගනද.....එයා...එයා දැනගන නම්...
මම එහෙම්ම තාත්තගෙ මුන දිහා බැලුවා...අනෙ මට තේරෙන්නෙ නෑ...ඒ මූනෙ තියන වේදනාව...එක පාර ගොඩ දෙනෙක්ට එන්න බැරි කම හින්දා ඉවසන් ඉන්නවා මිසක්...නැත්තන් මගෙ තාත්තා ඔය දොර කඩාගන හරි ඇතුලට එනවා.....
දැනේ ඒකගෙ මිනියට මොකද කරලා තියෙන්නෙ...අනික....ඌගෙ මලකද...මට තේරෙන්නෙ නෑ...අනික ඌ ඉදලා තියෙන්නෙත් ගෑනියෙක් එක්ක.....
එක බොඩියක් නෙවෙනෙ උදාන....ඔක්කොම....හයක්....
හදවත නෑලු.....
ඇස් පවා නැලු...
මම අහන් උන්නා....හදවත නෑලු....දෙවියනෙ....හදවත ගලවන්ලු....ඇස් දෙක පවා නැහැලු...කොටිම්ම....ඒ ඉන්නෙ අශාන් කියලා හොයන්න බැරි තරමට ඒ මලකද විරූපි වෙලාලු.....අනික එක මිනියක් නෙවෙලු....මිනි හයක්ලු....
මම අහන් උන්නා....ප්‍රනීත්ලගෙ හෝල් එක සම්පූරනම සීල් කරලලු....තාත්තගෙ ස්ටාෆ් එක පවා රිමාන්ඩ් කරලලු.....
එතකොට තාත්තා එලියෙ ඉන්නෙ...ඇරත් ....තාත්තා ....කොහොමද ....මාව....දන්නෙ....
ඔක්කොමත්..හරි...කෝ...දෙවියනෙ...මගෙසංධීර්....
අ....අ.....ආ...
අම්මගෙ...වස්තුව.....කියන්න....කියන්න..මගෙ.....රත්තරන් ...අම්මගෙ වස්තුව...මොනවද....රත්තරන් ඕනෙ...
අම්මා මගෙ ඔලුව අතගෑවා.....එයා කතාකරන වචනයක් ගානෙම අම්මගෙ කටහඩ වෙව්ලනකොට උදානයි බාප්පයි එලියට යනකොට අනේ මගෙ තාත්තා ආවා...ඒ අත් වෙව්ලනවා....එ ඇස් ගැහැනවා...
ත්....ත්....තා...ත්තෙ....
මගෙ කොල්ලා....උඹ....උඹ....ට...කොහොමද ...මගෙ....පුතේ...උඹට...තාත්තව ඇහෙනවා නේද....මගෙ පුතාට...තාත්තව ඇහෙනවා නේද.....
මම ඇගිල්ලක් හෙලෙව්වා....සතියක්ලු...මට සිහිය ආවෙ සතියකින්ලු.....තාත්තාගෙ කොන්ඩෙ පවා වැවිලා....ඒ ඇස් යට ගිහින්....ඇස් වටෙ පවා කලු වෙලා....හකු බැහැල ගිහිල්ලා.
උඹ..දන්නවද ...යෙවීන්.....උඹගෙ....තාත්තා ...උඹ....ඇස් අරිනකන්....මේ ඇස් පියෙව්වෙ නෑ...මට...මට..කියපන්...රත්තරන් ...
තාත්තට කියපන්.... මගෙ පුතාට කව්ද මෙහෙම කෙරුවෙ .....
අකිල....
මගෙ කොල්ලට මෙහෙම කෙරුවෙ මොකාද...කියන්න....මට දැනගන්න ඕනා...
දුකෙන් වේදනාවෙන් උපරිමේටම උන්න තාත්තා මම ඇස් ඇරියෙ දැන් කියන එක වත් නොහිතා එයා මගෙන් මට කව්ද මෙහෙම කෙරුවෙ ඇහැව්වා.....
මම කොහොම කියන්නද...ඒකා තමයි දැන් ඔය තිරිසනෙක්ට අන්ත විදිහට මැරිලා ගිහින් ඉන්නෙ කියලා ....මම කොහොමද කියන්නෙ...මට මෙහෙම කරපු එකාව මැරුවෙත් මගෙ සංධීර් කියලා...
සංධීර් ....
ආව අය හැමෝම ආයම එලියට යනකොට මම තනි උනා...මගෙ ගාව උන්න අම්මා මාව දියවෙනකම්ම ඉඹින්න හැදුවත්.....විසබීජ යයි කියන බයට එයා මගෙ අත විතරක් ඉඹලා කදුලු පුරවගන එලියට යනකොට තාත්තා මොකුත් නොකියම මගෙ ඔලුව අත ගාලා එලියට ගියා වගේම උදාන විතරක් මගෙ ගාව ඉතුරු උනා.....
උ...උ..උදා...න.....
මම හුස්ම ගත්තා ....හුස්ම අල්ල අල්ල හරි අමාරුවෙන් උදාන කියන අකුරු ටික ගැට ගහගත්තා .....එයා මා දිහා බලන් උන්නා...ඒ හැමෝගෙම මූනවල් වෙනස් වෙලා .....
සතියක් ....ඇතුලත.....උඹ...නැතුව හුගාක්....දේවල්...වෙනස් වෙලා තියෙන්නෙ යෙවීන්.......උඹට මාව ඇහෙනවා නේද...ඉක්මනට සනීපවෙයන් ඇබිත්තම....අපි හැමෝම...බලන්....ඉන්නවා....අපි හැමෝම.....උඹ...එනකන්...බලන්.....ඉන්නවා...
උදාන මගෙ ඔලුව අත ගෑවා...පැත්තකම කොන්ඩෙ නැති මගෙ ඔලුව එයා හිමින් අත ගෑවා....මගෙ ඔලුවෙ පැත්තක්ම ඔතලා තිබුනා....එයා මිමිනුවා...මට ඉක්මනටම සනීප වෙන්න කිව්වා....එයා මගෙ ඔලුව අත ගගා හිමින් මුමුනනකොට මගෙ ඇස් වලින් ආයම කදුලු වැටෙනකොට මම සංධීර් කෝ කියන එක හරි අමාරුවෙන් හරි ගැට ගහගත්තා වගේම එයා පපුවටත් වඩා බර හුස්මක් ගත්තා ....
ම්..මගෙ.....ස්.....ස්....සංධීර් .....ක්ක්....කෝ.....උ..උදාන....
.....එයා....හොදින්.....
ස්ස්....සං.....
ඔයාට....තෑග්ගක් තියනවා.....
මම අහන් උන්නා....මම බලන් උන්නා...එයා කිව්වා මගෙ සංධීර් ඉන්නවා කිව්වා...කෝ...කොහෙද ....කොහෙද මගෙ සංධීර් ...එයා කොහෙද ....ඉතින් ඇයි මාව බලන්න නාවෙ....එයා දන්නෙ නැද්ද....එයා දන්නෙ නැද්ද මට සිහිය ආව කියලා ...නැත්තන් ...එයත්...මම වගේම ඇදක් උඩද....
ඇදක් උඩ නම්....ඇයි...කලින් වගේ...අපි දෙන්නවම එක කාමරේකට දාන්න බැරි.....
ඇයි....අපි දෙන්නා වගේ...එක....කාමරේකට දාන්න අමාරු....
උ..උදාන.....ම්..මගෙ....සංධීර් ...ඇ...ඇයි....ඇයි....
මේක ඔයාට.....
රතු රෝස.....දෙවියනෙ.....රතුරෝස.....එක මලක් නෙවෙ....මල් පොකුරක්ම.....මම එයාගෙන් මලක් ඉල්ලුවා...අනේ මං එයාගෙන් මලක් ඉල්ලුවා...එයා...එයා මට එක මලට...මල් පොකුරක්ම එවලා...
මේකත්...ඔයාට.....
රත්තරන් පාට කොලෙන් ඔතපු....ටොපි....
මේක ඇතුලෙ...වයින් දාපු චොකලට් බෝල තියෙන්නෙ....
එයා මගෙ මූන දිහා බලාගන ඇතුලෙ තියෙන්නෙ වයින් දාපු චොකලට් බෝල තියෙන්නෙ කියනකොට අනේ මට මේ මොනවටත් වඩා ඕනෙ මගෙ සංධීර් ..මේ මොනවටත් වඩා මට ඕනෙ මගෙ සංධීර්ව....
ඔයාට....කාර්ඩ් එකකුත් තියනවා....කියවන්න ඕනෙද.....
එයා කිව්වා කාර්ඩ් එකක් තියනවා කියලා...එයා මට කාර්ඩ් එකක් පෙන්නුවා....ලා රෝස පාට ලියුම් කවරයක් අස්සට දාපු කාර්ඩ් එකක් පෙන්නනකොට මම බලන් උන්නා....ඒක...ඒක....
වැලන්ටයින් කාර්ඩ් එකක්.....
අනෙ....මගෙ නලුවෝ.....මට සිහිය ආවා....මට සිහිය ආවා....උඹගෙ ඇබිත්තමට....සිහිය ආවා...මට මේ මොනවටත් වඩා උඹව ඕනෙ සංධීර් ...මට...උඹට තුරුල් වෙන්න ඕනා.....
ඇගම වේදනා දෙනකොට එයා අර කාර්ඩ් එක එලියට අරන් මට කාර්ඩ් එක පෙන්නුවා....ඒකෙ තිබුනෙ හැපි වැලන්ටයින් ටයිම් කියල ගහලා තිබුනා....
ලස්සනයිද.....
....
එයා ඒක ලස්සනයිද අහනවා...ලස්සනයි....ඒත්...අනේ....මට ඕනෙ...මගෙ සංධීර්ව....මගෙ සංධීර්ව....ඒ ඇරෙන්න වෙන මොකුත් එපා...මට ඒ ඇරෙන්න වෙන මොකූත් එපා.....
මේක මම කියවන්නම්....හැබැයි...ඉතින්....මායි..
ඔයාගෙ....රොබිනයි.....අපේ යෙවීනුයි විතරයි දන්නෙ.....වෙන කාටත් කියන්න බෑ.....මේක රහසක්.....තේරුනාද...
එයා කිව්වා මේක රහසක් කියලා....කාටත් කියන්න එපා කිව්වා...අනෙ එයා ඇයි මට මෙහෙම කරන්නෙ...වෙනදට වචනයක් දෙකක් වත් කතා නොකරන උදාන ඇයි අද මෙච්චර කියවන්නෙ...
හැපි....වැලන්ටයින් ....ඩේ....
මගෙ.....බබාට...
ඉක්මනට ....සනීප වෙන්න.....
ඇබිත්තම ....
සංධීර්ගෙ.....
ආදරෙයි .....
ගොඩක්...
උදාන මිමිනුවා....
උදාන ඇහෙන නෑහෙන ගානට මිමිනුවා.....
බබා...
අනේ....බබා...ඒ වචන...ඒවා
....
වැලන්ටයින් නේද ඇහුවම....එයාට....වැලන්ටයින් නෑ කියපු එයාම...මට රෝස මල් එවලා....බබා කියන්න කිය කිය රන්ඩු වෙන මට අද එයා මම කියන්නත් කලින්ම බබ කියලා ...
උ..උදාන....ම්ම්...මගෙ.....ස්...සංධීර් ...ක්..කොහෙද ....කියන්න්....
මම වෙව්ලන කටු ගහපු අත් වලින් උදාන ව අල්ලන් .මගෙ සංධීර් කෝ කියල අහනකොට එයා මට ආයම දුන්නෙ පරන උත්තරේ.....ආයම දුන්නෙ....පරන උත්තරේ.....එයා ඉන්නවා කියලා කිව්වා.....ඉන්නවා නම් කෝ.....කොහෙද...
මං දන්නවා...මං දන්නවා .....මගෙ සංධීර් අතපය කඩාගන හරි මගෙ ගාවට එනවා....
උ..උදාන...ඇ...ඇත්ත.....ඇත්ත...ක්ක්..කියපන්...
හිතට දැනුන නොසන්සුන් කම....හිතට දැනෙන පාලු ගතිය.....මූසල හිස් කම...මට වාවන්න බැරි තැන මම ඔක්සිජන් බට අස්සෙම්ම නහර පුම්බ ගත්තා ....කතා කරන වචනයක් පාසාම මගෙ ඔලුව හිරි වැටුනා....දත් හැල වුන කට තවමත් ඉදිමිලා තිබුනා....ඒ උනත් මට මේ හැම දේම වේදනාවක් ගෙනාවා...නිකන් නෙවෙ...මට මේ හැසීරිම අමුත්තක් ගෙනාවා....
එයාලා කවුරුත් සංධීර් ගැන කත කරෙ නෑ....වෙන්දට මොකක් හරි උන ගමන් රොබිනා ට සංධීර් ට කතා කර්න්න හදන තාත්තා අද නිකමටවත් මගෙ සංධීර්ගෙ නම කිව්වෙ නෑ....ඇමතියා ඉන්නවා කියන එක කිව්වා මිසක්....මගෙ සංධීර් ලව්වා මොකුත් කරනව වත් කිව්වෙ නෑ.....
ම්ම්..මට.....ක්..කියපන්.....උදාන...මගෙ....මගෙ...සංධීර් ....කැහ්...කැහ්.....
යෙවීන්...යෙවින්.....
කැහ්.....
මට කැස්ස ඇල්ලුවා....මට මේ මොකකින්වත් වැඩක් නෑ...මට මේ කිසි දේකින් වැඩක් නෑ.....මට ඕනෙ මගෙ සංධීර්ව...මට ඕනෙ මගෙ සංධීර්ව....එ ඇරෙන්න....ඒ ඇරෙන්න මට මේ මොකක් වත් වැඩක් නෑ....අනේ..මට....මේ මොකකින් වත් වැඩක් නෑ දෙයියනෙ...
.යෙවීන්...දරුවො....සංධීර් ඉන්නවා....උඹගෙ සංධීර් ඉන්නවා....මං කිව්වනෙ....කරුනාකරලා අකීකරු කම් කරන්න එපා යෙවීන් උඹ හින්දා සතියක් අපි නොමැරි මැරුනා යෙවීන්...උඹ හින්දා උඹගෙ අම්මා තාත්තා පිස්සො නොවී පිස්සො උනා යෙවීන්...
එහෙම එකේ....තවත් මුරන්ඩු කම් කරන්න එපා යෙවීන්....
මම අහන් උන්නා...මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා.....එයා කිව්වා මගෙ අම්මා තාත්තා නොමැරි මැරුනා කියලා ...මගෙ අම්මා තාත්තා පිස්සො නොවී පිස්සො උනා කිව්වා....
එතකොට මම.....මම.....
මම මැරිලා පන ගහපු එකෙක්....
ම්ම්..මට....කියපන්...මගෙ...ස්...සංධීර් ....හ්..හොදින්...ක්ක්....කියලා...ද්..දිවුරපන්...උ..උදාන....මට.....මට...දිවුරපන්.....
මම උදානගෙන් වචන ඉල්ලුවා.....මගෙ සංධීර් සනීපෙන් කියලා උදානට දිවුරන්න කියනකොට එය් මගෙ බැන්ඩේජ් කරපු ඔලුවට අත තිබ්බා...
..ද්...දිවුරනවා....යෙවීන්.....
මම ඇස් දෙක පියා ගත්තා ...එයා දිවරනවා කිව්වා.....
මගෙ සංධීර් හොදින් කියල දිවුරුවා ...මම ආයම ටිකකින් ඇස් ඇරියා.....ඒ ඇස් අරිනවත් එක්කම මම රෙහාන් තාත්තව දැක්කා...
එයා මාව අදුනගන.....
ත්ත්...තාත්තා...ම....ම...කව්ද...කියන්න....
දන්නවද ...
ම්ම්ම්...දන්නවා.....පහුවදා උදේ.....දැනගත්තා ...දැනගත්තා ...කියන්නෙ....
මම අහන් උන්නා....උදාන මගෙ අත අත ගගා තාත්තා මම ගැන දැනගත්ත හැටි කිව්වා...බාප්පමයි...කියලා.....තියෙන්නෙ....එකත්....ඔක්කොම කුනු බේරෙ වැවට වගේ...බාප්පා තාත්තට ගහලා....උඹයි මේ හැමදේටම මුල කිය කිය තාත්තට ගහපු බාප්පා කියලා ඉස්පිරිතාලෙ මැරෙන්ඩ වැටිලා ඉන්න කොල්ලා වෙන කවුරුත් නෙවෙ තොගෙ කොල්ලා කියලා .....
මම අහන් උන්නා.....
මගෙ තාත්තා තවත් පිස්සෙක් වෙන්න හේතුව රෙහාන් තාත්තා ....මම ඇදක් උඩ ඉන්නකොට ....තවත් අය මට අයිතිවාසිකම් කියන එකත්...මගෙ තාත්තට වේදනාවක් වෙනකොට ඒ මනුස්සයා නොමැරි මැරෙන් නැතුව ඉදීද....
ව්.....ව්..වෙලාව කීයද....
අවසානෙදි මම එයාගෙන් වෙලාව ඇහැව්වා...
දෙකයි....පාන්දර ...
දෙකයිලු.....වෙලාව පාන්දර දෙකයි කියනකොට මට ඉවසන්න බැරි තරම් වතුර තිබහවක් දැනුනා....වතුර තිබහවටත් වඩා...අනෙ මට මගෙ සංධීර් දුන්න චොකලට් බෝලයක් කන්න හිතුනා...සතියක් සේලයින්වලින් ජීවත් උන මට බඩගින්නක් දැනුනා....ඒත් මට කනව තියා කට හොලවන්නත් බෑ...ඒක මං දන්නවා..ඒ උනත් මට ඕනෙ එයා දීපු චොකලට් බෝලෙක රස බලලා සමනලයෙක් හදන්න....
මට ඕනෙ ආයම කලින් උන්නා වගේ එයා එක්ක ඉන්න...
ඒ උනත්....ඒ උනත්...මා හිතන්නෙ...මට...සෑහෙන්න කාලයක්...මේ විදිහට ඉන්න වේවි....
උ ...උදාන....ම්ම්.මට.....ව්...වතුර....ට්....ටිකක්...
මම කෙදිරුවා බෙහෙත් සැරටද මන්දා තොල කට උගුර කට මේ ඔක්කෝම වේලිලා යනකොට චොකලට් බෝලයක් කන්න කියලා හිතින් හිතපු මම වතුර ටිකක් ඉල්ලනකොට එයා මට හැන්දකින් වතුර ටිකක් පෙව්වා...
එක පාර ගොඩක් බොන්න බෑනෙ ....අපි හිමින් හිමින් චුට්ට චුට්ට බොමු....
එයා මගෙ කටට වතුර හැන්දක් දානව එක්කම දොර ඇරුනා....
කව්ද එ ..අනෙ මගෙ නලුවද... ...
මගෙ ඇද ගාව උන්න උදාන නිසා දොර් වැහිලා තියනකොට මම ඒ ආව කෙනා බලන්න ඇස් එහා මෙහා කරන කොට මට බූට්ස් සපත්තු සද්දයක් ඇහුනා....බර අඩි ...
කාකි ඇදුමක්.....
අවුල් වෙලා ගියපු මූනක්....
මං හිතන්නෙ මම පලවෙනි පාරද කොහෙද රොබින් කුරුල්ලව යුනිෆෝම් එකෙක් දැක්කෙ ...ඒ ඇස් රතු වෙලා....
ඇබිත්තම....
එයා මාව දැක්කා විතරයි ඔලුවෙ තිබුන තොප්පිය කිහිල්ලෙ ගහන් මා ගාවට දුවන් ආවා වගේම උදානවත් තල්ලු කරගනම මාව තුරුල් කරගත්තා ...
ප්‍රවේසමෙන් ...ඒකා ආවේස වෙලා ඉන්නෙ රත්තරන් ....
එයා මගෙ කනට මිමිනුවා....තුවාල වෙලා උන්න මාව තුරුල් කර ගත්තු රොබිනව උදාන අහකට තල්ලු කරනකොට එයා මගෙන් අහකට උනා වගේම උදානට පිටිපස්සෙන් ඉදන් ඔලුව ලාවට එහා මෙහා වැනුවා..
පිස්සුද රොමේන්....මොලෙ හොද නැද්ද . .
ස්ස්..සමාවෙන්න...මට...
සමාවෙන්න...මෙච්චර හරියක් වෙලා තිබුනා..සතියක් ....සතියක් ...සතියක් තිස්සෙ අපි මැරුනෙ පොඩි හරි අත්වැරදීමකින් මොකුත් වෙන්නද...කරුනාකරලා එලියට යනවා රොමේන්...ගිහින් ඇදගන එනවා...එන්න තියන පිලිවලට එනවා රොමේන් මේක ගෙදර නෙවෙ.....
මගෙ ඇස් ලොකු උනා...මම මගෙ ජීවිතේ කවදාවත් යහපතාගෙ කට හඩ මෙච්චර සද්දෙන් අහලා නෑ... ..එයා රොබින් කුරුල්ලව එලියට දැම්මා...නිකන් නෙවෙ...තල්ලු කරලම දැම්මා.....
අවසානෙදි ආයමත් දොර ඇරුනා...ඒත් විනාඩි පහ දහයකට පස්සෙ ...
උදාන රවාගන උන්නා....රොමේන් ඇතුලට ආවා....
බබා...
මිස්ටර් රොමේන් .....මේක ගෙදර නෙවෙ..කරුනාකරලා මට ඒ විදිහට කතා කරන්න....
ඩොක්ටර් උදාන....
මුන් දෙන්නා මෙතනත් මරා ගන්නවා.....දෙන්නගෙන් කවුරුත් සම්බන්දෙ නතර කරන්නෙ නැද්ද දන්නෙ නෑ...මං නම් මගෙ ස්....
මගෙ පපුව ඇදුම් කන්න ගත්තා ....ඒ දෙන්නගෙ රන්ඩු නොක්කාඩු ගැස්සිලි පැද්දිලි මට මතක් කෙරුවෙම මගෙ සංධීර් ව වෙනකොට මම හිත හිතපුදේ පවා මග නවතිනකොට මම බලාගන උන්නා...
මොකද වෙන්නෙ රොමේන් .....
Investigate කරනවා....
ඔයලා මොනවා හරි හොයා ගත්තද.....
.......
යහපතා වෙච්ච දේවල් අහනකොට රොබිනා මා දිහා බැලුවා....මම අනේ මොකුත් වෙල නෑ නේද කියන්න ගොලු බාසාවෙන් අහනකොට එයා මොකුත් නොකියා යහපතා දිහා බැලුවා....
ඔයා දන්නවා....හරි සාක්ශි හම්බෙනකන්...මට කිසි දෙයක් කියන්න බෑ කියලා ..ඒක මගෙ රාජකාරියට පටහැනියි උදාන...මට පුලුවන් නම් යෙවීන් එක්ක විනාඩි පහකට
එයාට තවම සනීප මදි..මදි කියන්නෙ ....
උදාන ප්ලීස්....මට මෙයාගෙන් කට උත්තර ගන්න බෑ...ඒක ඔයා හොදටම දන්නවා....මේක නිකන් කේස් එක්ක් නෙවෙ..මේක මර්ඩර් එකක්....එකක් නෙවෙ....මෙතන ඔක්කොම මිනිමැරුම් හයක් එක්ක මරනීය තුවාල ලබපු එක්කෙනෙක් ඉන්නවා...ඒ වෙන කවුරුත් නෙවෙ....යෙවීන්...මට මගෙ රාජකාරිය කරන්න දෙන්න....තමුන් හොදටම දන්නවා....
මම අහන් උන්නා...ඇත්ත ....සමීප සම්බන්ද කම් තියන් අයට කවදාවත් ඒ ඒ අයගෙ නඩු හබ විසදන්න නීතියෙන් ඉඩක් දෙන්නෙ නෑ...
එයා උදානගෙන් විනාඩි පහක් ඉල්ලුවා....එයා උදානට කිව්වා...මේ කේස් එකේ ඉතුරු උන එකම ඇහින් දුටු සාක්කිය විදිහට ගනන් අරන් ඉන්නෙ මාව කියලා .....
ඒ කියන්නෙ.....මේක උදාන දන්නෙ නෑ....මං දන්නවා මං දන්නවා....අනිවාර්යයෙන්ම රොබිනා දන්නවා උනත්...මගෙ සංධීර් මෙතනඔකක් හරි ගුලියක් අඹරලා තියනවා .... ...නැත්තන් ...උදාන දන්නවා...එයා මොකුත් නොකියා ඉන්නවා.....
අවසානෙදි උදාන දොර වහන් යන්න යනකොට රොබිනා මගෙ ගාවට ආවා...ඇවිදින් ඉදගත්තා . ....
යෙවීන්.....ඔයාට කරන්න තියෙන්නෙ එක දෙයයි....ඔයාට කියන්න තියෙන්නෙ එකම වචනයයි....උඹ දැක්කෙ නෑ....උඹට මොකුත් දැනුන් නෑ .....
රොබිනා...එකම වචනෙ එකම වචනෙ ආය ආයම කිය කිය මට කිව්වෙම ම්ම්ම මොකුත්ම දැක්කෙ නෑම...නෑම....නැම කියන්න කියල වෙනකොට මම අවසානෙදි ඔලුව වැනුවා....
ර්.....රොමේන්.....
අවසානෙදි අහන් ඉදල අහන් ඉදලා මම සංධීර් ගැන අහන්න හදනකොට එයාට කෝල් එකක් ආවා .....එයා මා දිහා බලලා එලියට යන්න ගියා
එයා කියපු විදිහට අශානයගෙ බඩබොකු පවා එලියට එන්න කපලා දාලලු.....ඇස් උගුල්ලලු...හදවත නෑලු...කොටිම්ම.....වනෙ වන හතුරෙක්ට වත් එහෙන වෙන්න එපා කියලා රොබිනම කිව්වා.....රොබිනම කිව්වා එයාගෙ ජීවිතේ දැකපු බලන්න අප්‍රසන්නම මලකද ඒකයි කියලා රොබිනම කිව්වා...
රොබිනා යන්න ගියා...සේලයින් එක මාරු කරපු යහපතා මගෙ ඔලුව අත ගාලා තවත් වතුර ටිකක් පොවනකොට තෙහෙට්ටුවෙන් උන්න මගෙ ඇස් දෙක පියවේගන ආවා වගේම නින්දයාගාන ආවා වගේම මම ඇස් දෙක පියන්වෙන්න ඔන්න මෙන්න තියලා ආයම වෙලාව ඇහුවා. ..
හතරහමාරයිලු....
සිල්වට යකා වැහිලලු.....
ඒකගෙ ගනිකා නිවාසයක් අලු වෙලාලු...අශානයගෙ ෆ්ලැට් එක අලු වෙලාලු...
ඒ ඔක්කොමත් එක්ක උගේ එකම පුතා....දකුනු අත වගෙ උන්න එකම පුතා තිරිසනෙක්ට අන්ත විදිහට මැරිලා තියනකොට ඌ වෙඩි කාපු ඌරෙක් වෙලා විතරක් නෙවෙ ඌ විරුද්ද පක්ශෙ එකෙක්ගෙ ගෙයක් සැකපිට කුඩු කරලලු ....
ඒ කොහොම උනත්....මගෙ අම්මා තාත්තා වගේම....මගෙ ඇස් ඇරෙනකන් බලන් උන්න තවත් එකෙක් තමයිලු සිල්වා.....
ඒ ඔක්කොමත් හරි.....
මගෙ සංධීර් ....කෝ දෙයියනෙ සංධීර් ....උදාන කිව්වෙ එයා ඉන්නවා....මෙහෙ නෙවෙ ඉන්නෙ කියලා ....
මගෙ සංධීර් .....ඉන්න තැන කොතන උනත්.....උඹ හොදින් නේද මගෙ සංධීර් ...
ඇස් වැහෙන්න ඔන්න මෙන්න තියනකොට පවා මම හෙව්වෙ එයාව.....ඇස් වැහෙන්න ඔන්න මෙන්න පවා මම ප්‍රාර්තනා කෙරුවෙ එයාගෙ යහපත....
පැත්තක තිබුන රෝසමල් පොකුර රතුපාටට දිලිසෙනකොට රත්තරන් පාට කොල වලින් ඔතපු මම ඉල්ලනම ටොපි වගෙම චොකලට් බෝල දාපු උරේ එතනම තියනකොට මට එයාගෙ වචන මතක් උනා.....
මට ඕනෙ උඹගෙ කටිම්ම බබා කියනව අහන්න මගෙ සංධීර් ...
මට ඕනෙ උඹ මාව තුරුල් කරන් බබා කියනවා අහන්න මගෙ සංධීර් ...
ඌ පිස්සු වැටිලාලු....ඌ වෙඩි කාපු ඌරෙක් වගෙ ආවෙස වෙලාලු.....කාට මොන දේ උනත්...මොකාට යුක්තිය ඉශ්ට කෙරුවත් මට අසාදාරනයක් කරල මාව දාලා යන්න නම් හිතන්නවත් එපා මගෙ සංධීර් ....
අනෙ එහෙම එපා....සංධීර් .....
එහෙම එපා....මගෙ සංධීර් ....අනේ...එපා...
මට...ඉන්නෙ....උඹ ....විතරයි ...
මම ටීක් ටීක් ගාන මැශින් අස්සෙන් එයාට පරිස්සමින් කිව්වා..මට ඉන්නෙ උඹ විතරයි කිව්වා...අපි සනීප උනහහම කොහෙ හරි යන් කිව්වා...මාව එක්කන් කොහෙ යමන් කිව්වා...
ඇගපතම වේදනා දෙනකොට මැහුම් වැටුන ඔලුව පුපුරන්න වේදනා දුන්නා.. ඇස් වලින් වැටෙන කදුලු ලෝදිය හා සමාන වෙනකොට මම හිමින් හිමින් හුස්ම අරන් අවසානෙදි ඇස් දෙක පියා ගත්තා .....
සර්...කරුනාකරලා ...කරුනාකරලා කලබල කරන්න එපා...පේශන්ට දැන් සිහිය ආවෙ....
පැත්තකට වෙනව ඕයි.....ඌට සිහිය ආවෙ දැන් .....දැන් උනාට...මට....වැඩක් නෑ...මට දැනගන්න ඕන මෙච්චරයි ....
මිස්ටර් සිල්වා...ප්ලීස් මේක icu එක ...මිසක්...මේක ඔබතුමාගෙ පක්ශ කාර්‍යාලෙ නෙවෙ....කරුනාකරලා ....එලියට යන්න.....
එලියට යන්න....මට එලියට යන්න කියලද කියන්නෙ....
කරුනාකරලා එලියට යන්න....මිසි...බලන්න....
ඔය මීඩියා වලින් ඉන්න අය කරුනාකරලා එලියට යන්න..කරුනාකරලා එලියට ...යන්න...මිස්ටර් සිල්වා ..කරුනාකරලා ඔයාගෙ කට්ටියව පාලනේ කරගන්න බලන්න...මෙතන ඉන්නෙ අමාරු පේශන් කෙනෙක්...
මට නින්ද ගියා...හැබැයි...විනාඩි පහක්....දහයක් වත් යන්න නැතිව ඇති....මට සිහිය එනකන් උන්න සිල්වගෙ සිහිය විකල් වෙලා ගිහින් තිබුනා.....මම උන්න කාමරේ දෙබර කූඩෙකට ගල් ගැහුවා හා සමානවම ඇවිස්සිලා තියනකොට උදාන කෑ ගහන සද්දෙ වගෙම රොමේන්ගෙ කට හඩ ඇහුනා...
අනේ.. ස් සංධීර් .....
මාව වෙව්ලන්න ගත්තා ....සිල්වා තනිකරම කුරුමානම වැරදුන කැනහිලෙක් හා සමාන වෙනකොට රොමේන් කියපු වචන මතක් උන මට බයටම දාඩිය දාන්න ගත්තා .. .. .එලියෙ උන්න මීඩියා කාරයො සිල්වව වටකරන් වෙනකොට ඒකට ඕන උනෙ මගෙන් මොකද උනේ...මොකාද මේක කෙරුවෙ කියාල් දැක්කද අහන්න වගෙම මම විතරක් බේරෙන්න උගෙ පුතා මැරිලා යන්න හේතුව හියන්න වෙනකොට උදානව තල්ලු කරපු සිල්වා මා ගාවට එනකොට රොමේන් කොස්තාපල් ලව දාලා මීඩියා උන්ව පස්සට දැම්මා...
අවංකවම මේක දැන් ටැමිල් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ... වීරයා නැතිව කෙල්ල විතරක් හතුරන්ගෙ අත්වලට අහු උන ෆිල්ම් එකක් වගේ...
සිල්වා ආවා....එ මූන බලන්න බයයි.....ඒ ඇස් දිහා බලන්න බයයි....
මේ සතියට ඒ මූන යකෙක් හා සමානවම විරුපි වෙලා තියනකොට ඒකගෙ සාටකේ ඇබරිලා ගිහින් තිබුනා...
ඔය ලමයගෙන් මම අහන්නෙ එක දෙයයි. .
කව්ද මේක කෙරුවෙ ....
කව්ද...මගෙ පුතාව අමු අමුවෙ තිරිසනෙක් වගෙ මරාගත්තෙ.....
මට ඕනෙ මෙච්චරයි ....ඌ කව්ද කියන එක දැනගන්න විතරමයි...මම ඌව බාවනවා...
..සිල්ව දත්මිටි කන්න ගන්නකොට මම හයියෙන් හුස්ම ගත්තා .....
මම ඌව බාවනව කියපු සිල්වගෙ කටහඩ කොයි තරම් බරයිද කියනවා නම්...ඌ දත්මිටි කන කෑමට මට තුන් මුනින් දාඩිය දාන් ආව වගේම මගෙ ගැහෙන හදවත පුපුරලා යන්න ආවා...මගෙ හුස්ම නවතින්න ආවා....
අවංකවම මට බය හිතුනා...මම උන්න තත්වෙ එක්ක ...සංධීර්ට වෙච්ච දේ...නොදන්න..සංධීර්ව එක පාරක්වත් නොදැකපු මට හුස්ම හිරවෙලා මැරිලා යන තරම් බය හිතෙනකොට මම හයියෙන් හයියෙන් හුස්ම අල්ලන්න ගත්තා වගෙම සිල්වා එකම එක..එකම එක අහන්න ගත්තා ...උදාන බය උනා....
මිස්ටර් සිල්වා..කරුනාකරලා සංසුන් වෙන්න ..ඔයා පේශන්ව බයකරනවා කරුනාකරලා සංසුන් වෙන්න...එයා ලොකු රිස්ක් එකෙක උන්න කෙනෙක්....කරුනාකරලා සංසුන් වෙන්න....
මට ..මට කියපන්..ඌ මොකාද....මට
කියපන්.....මට...කතා කරලා මට කියපන්..උගෙ මූන උඹට මතකද...උගෙ මූන උඹ දැක්කද....???????.
ඔෆිසර් රොමෙන්...කරුනාකරලා ....මෙයාව මෙතනින් අරන් යන්න....සිකියුරිටි ....!!!
බී....ප්...
බීප්.....
බී....ප්.....
ලබ් ඩබ් ...
ලබ්...ඩබ්.....
ලබ්....ඩබ් .....
බී......
උදාන කෑ ගැහුවා...මේක හදිසි තත්වයක් උන....අවසිහියෙන් උන්න සිල්වා මාව උරහිස්වලින් අල්ලන් හොල්ව හොලව කැගහනකොට මට ගහලා තිබුන බට ගැල උනා...කැනියුලා කටුවෙන්ම ගැලිවලා යන්න සේලයින් ගලවගන වැටෙනකොට මූනට ගහලා තිබුන ඔක්සිජන් බටෙ ගැලවිලා ගියා....
හොලවපු හෙලවිල්ලට මගෙ ඇගපත ඔලුව පුපුරන්න වේදනා දෙනකොට කටු ගැලවුන අතෙන් උනුසුම් ලේ ටැප් බටයක් පිපිරුනා හා සමානවම ලේ එනකොට එකපාරම වැහිලා තිබුන දොර ඇරුනා වගේම කන් සිංහයෙක් ගුගුරනවා හා සමානවම ගොරෝසු වගේම තද කටහඩක් ඇහුනා...
හිටපු අමාත්‍ය සිල්වා මහත්තයා .....!!!!


🙂අනම්..මන....ම්...වානා....සිල්වා....සිල්වා...වානා....ජොබී....තමා....ඕනා...😂😂😂👉👈.....
ඉයූ...ව්.
මං යනවා.යන්න....ඇයි යකො...ම්හුක්....
බායි....
කෝප්ප කොල පන්තියෙ ජොබිකියා නිදහස්...