Cherreads

Chapter 77 - 77

දෙවියනෙ ...සංධීර් ....එතන උන්නෙ...සංධීර් ....සංධීර් .....එයා ඇවිල්ලා....අනෙ මගෙ සංධීර් ...එයා ඇවිල්ලා.....

මම සංධීර් දිහා බලගන උන්නා...බට ගැල උන මගෙ දිහා බලපු සංධීර් දත්මිටි කෑවා....ඒත් එයා මා ගාවට ආවෙ නෑ....එයා දුරින් නැවතුනා..නැවතිලා අතේ තිබුන ෆයිල් එක මහ සද්දෙට මේසෙට ගහනකොට සිල්වගෙ මූන මලකදක් වගේ සුදුපාට වෙලා ගියා ඊට හපන් සංධීර්ගෙ මූන එයාගෙ නූනෙ ලේ කියන නාමයක් තිබුන් නෑ...තනිකරම මෝචරියෙන් නැගිටන් ආවා වගේ....මූන ඉදිමිලා...තුවල වෙලා...අවංකවම එයාගෙ ඇදුම විතරයි පිලිවල.....ඒ කොන්ඩෙ විතරයි පිලිවල.....

එයා මා දිහා බලලා මාව අදුනන්නෙ නෑ වගේ ඉදල ආයම සිල්වා දිහා බැලුවා...බලලා එයා කතා කෙරුවා හැබැයි මට වත් සිල්වට වත් නෙවෙ....කෙලිම්ම උදානට....නිකන් නෙවෙ...ඩොක්ටර් උදානට.....යාලු කම් තියන උදානට නෙවෙ...කෙලිම්ම වෛද්‍ය උදානට....

ඩොක්ටර් උදාන....පේශන් ගැන බලන්න...බලලා...කරන්න තියන දේවල් කරන්න...ඔෆිසර් රොමේන්...

මිස්ටර් ....

මේ පේශන්ගෙ ආරක්ශාවට හතරක් දෙන්න....එහෙම නේද...ඇමති තුමා....ම්ම්...අපි අපේ අවසානම ඇහින් දුටු සාක්ශි කාරයව ඕනවටත් වඩා ප්‍රවේසම් කරන්න ඕනනෙ නේද...ම්ම්ම්....

ටීක්....

ටීක්....

ටීක්....

ටීක්....

මම හුස්ම ඇල්ලුවා...අමාරුවෙන් හුස්ම අල්ල අල්ල උන්න මම ආයම හිමින් හුස්ම ඇල්ලුවා.....ගැලවුන බට ආයම අත්වලට වදිනකොට මම කදුලු පුරවන් බලන් උන්නා වගේම එයා සම්පූරනම ඇමතියා දිහාවට හැරුනා.....

ත්ත්...තමුන්...

සංධීර් .....සංධීර් ....ඒකනායක.....

නීතීඥ සංධීර් ඒකනායක....

මාව හිරිවැටුනා...එ කටහඩ ...එ නම ඇහෙනවත් එක්කම ඇමතියා අඩියක් දෙකක් පස්සට ගියා ...නෑ..ගියෙ ඒකව විසික් උනා....මාව සම්පූරනම හිරිවැටිලා ගියා...එයාගෙ කටහඩ ඒ තරම්ම ගැඹුරුයි...

..උ...උඹ....

ශ්ශ්.....ඇමති තුමා...ආ..නෑ....හිටපු ඇමති තුමා....මම ඉන්නෙ රාජකාරි පිට .....කරුනාකරලා කතා විලාසෙ...ගැන සැලකිලිමත් වෙන්න වෙයි.....මොකද....රාජ්‍ය නිලධාරීන්ට අපහසකිරීම....

ත්ත්.....තමුන්....ක්..කොහොමද ....

ඇමතියා නිල්පාට වෙලා ගියා...නිල් කිව්වට ඌ තනිකරම පාන්කඩක් වගේ සුදුමැලි වෙලා ගියා සංධීර් ගෙ නම ඇහුන ඌට උගෙ පුතා මැරුන ශොක් එකට වඩා අවුරුදු දහයකට කලින් මරපු එකෙක් ආයම උගෙ උස්සරහා දෙපයින් හිටගන ඉන්න හැටි දැකල ලේ හිදුනා....

ඔව්....මොකක්ද...මිස්ටර් සිල්වා...කියන්න උත්තසහ කරන්නෙ.....

ත්ත්...තමුන්....මැරුනනෙ....

වචනෙ වැරදි ඇමති තුමා...ඕක එන්න ඕනෙ....."තමුන්ව මැරුවනෙ" කියලා.....දෙයක් කියනකොට..හරි විදිහට....කියන්න..මොකද...ගරු අධිකරනෙට...ඕනා...පැහැදිලි...සාක්ශි....ඒ වගෙම...නිවැරදි....තොරතුරු....එතකොට...ඇමති තුමාගෙ ප්‍රකාශෙ නිශ්ප්‍රභා වෙනවා....තමුන්ව මැරුවනෙ කියලා ඕක වෙනස් වෙන්න ඕනා...සාවාද්‍ය දේවල්...හරියටම නිරවද්‍ය කරන්න වගේම....නිරවද්‍යි කියල ...ඔප්පු කරපු දේවල් සාවද්‍ය කරන්නත්...හරියටම කියන දේ පැහැදිලිව කියන්න වෙනව තේරුනාද .....

නැගිටපන් වොට්සන් සෙල්ලම පටන් ගත්තා ...දැන් නම් මේරි අතේ රිවෝල්වරය එව්න්න කියනවට වඩා මේරිට ඉන්න තැන ඉදන් ඕන කරන තැනට ආටියක් ගහන්න කියල තමයි වෙන්නෙ වොට්සන් ....

ඔබ දකිනවිට මට පුදුම සත්තියක් එන්නෙ .....

මෙච්චර වෙලාම පන ඇද ඇද උන්න මගෙ හදවත අනිත්පාර සන්තෝසෙ වැඩිකමටම ...පිස්සු නටන්න ගත්තා ...සන්තොසෙට වඩා...සංධීර් මගෙ ගාව ඉන්නවනෙ කියන එකම....ඒ වචනම....දෙවියනේ ඒ සිතුවිල්ලම ප්‍රාතිහාර්‍යකින් වගෙ මගෙ සර්වාංගෙම තුවාල හොදකරල දැම්මා වගේ උනා....

ඇමතියා කිව්වෙ තමුන් මැරුනනෙ කියලා උනත්...මගෙ සංධීර් ඒක හැරෙන තැපෑලෙන් හරිගැස්සුවා...නිකන් නෙවෙ....මැරුවනෙ කියලා එයා ඒක හරි සීතල කටහඩකින් කියනකොට ඇමතියා උගෙ සාටකෙන් මූන පිහාගත්තා ...දැන් ඉතින් උඹට ඔය සාටකෙන් බෙල්ලෙ වැලදාගන්න තම වෙන්නෙ ඇමතියො.....

බලන් ඉදින් .....බකන්...ඉදින්....මගෙ සංදීර් කියන්නෙ මරනෙත් මරන් ආව එකෙක්...එතකොට මම....මම...මැරිලත් පන ගහපු එකෙක්...එක පාරක් මරුන එකෙක්ට...ආයම මැරෙන්න බයක් දැනෙන්නෙ නෑ මහත්තයො.....

.සිල්වා මහත්තයා.....අහන්න හදන්නෙ.....මම මරුනනෙ...නැ.....මාව මරුවනෙ....එහෙම එකේ මම කොහොමද මෙතන ඉන්නෙ කියලා ...එහෙමනෙ....

....ඔව්....තමුන් කොහොමද ....මෙතන ඉන්නෙ...???

සිල්වා මහත්තයා ....සිල්වා මහත්තයා ...කව්ද කිව්වෙ..මම මැරුනා කියලා....ම්ම්ම්.....කව්ද කිව්වෙ...මම මැරුනා කියලා....

එයා සාක්කුවට අත දාගත්තා ....දාලා සිගරට් එකක් එලියට අරන් ඔලුව කැසුවා....හරියටම මට ඉන්න තැන අමතක උනානෙ කියන්න වගේ...

දන්නවද ..දුම්..බීම....ලිංගික ක්‍රියාව

අඩපන කරයි කියනවලු...මාත් දන්නෙ නෑ...මටත්....එක්කෙනෙක් කියලා දුන්නෙ....ඒක නිසා..ඇමති තුමා උනත්..බොන එක නවත්තන්න...මොකද ....සමහර ඒවා තියනවා...මුක්කු ගහලත් කෙලින් කරන්න අමාරුයි...

මෙ සංධීර් මොනව කියනවද මන්දා....යෝ...හ්....මේ මිනිහට ඇදල අරන් උම්ම එකක් දෙන්න ඇත්නම්...පිස්සා මගෙ....

අඩු බඩු එල්ලන්....බට ගහන් උන්න මම කතා කරගන්න බැරි උනත් තොරතෝංචියක් නැතිවම හිතින් කිචි බිචි ගගා කියවනකොට සංධීර් මුනු මුනු ගාලා සිගරට් එක් සාක්කුවෙ ඔබා ගත්ත වගේම ඇමතියගෙ පරන ලොරිබොඩියක් වගේ තිබුන මූන දිහා බැලුවා....

ඇමති තුමා....කේස් එක ගැන කතා කරන්න කලින්...ඔබතුමාට තියන ලොකුම ප්‍රශ්නෙ...මම ජීවත් වෙන්නෙ කොහොමද කියන එක නම්....උත්තරෙ සරලයි....

"මම කිසිම දවසක මැරුන් නෑ....."....

මම.කිසිම දවසක මැරුනෙත් නෑ.....මම...කිසිම දවසක වැලලුනෙත් නැහැ...මම කරපු එකම දේ නම්.....මම...මාවම...ආරක්ශා කරගත්තා ....

ඒක...එක වෙන්නෙ කොහොමද ....ඒක වෙන්නෙ බෑ...ඒක වෙන්න....ඒක....මගෙ....මගෙ...පුතා....උඹ...එක.....

ඔෆිසර් රොමේන් ....

මිස්ටර් ....

අපිට වතුර බෝතලයක් ගන්න පුලුවන්ද ...?

පුලුවන් .....සායන් ....

සර්....

ඇමති තුමාට වතුර එකක්.....

එතන උන්න කාකි ඇදුම් කාරයෙක් වතුර බෝතලයක් ගේන්න දුවනකොට සංධීර් මොකුත් ඔවුන ගානට ඇමතියා දිහා බල්න් උන්නා..ඇමතිය උන්නෙ දැන් ඌව අහසින් එක පාරම මහපොලවට කඩන් වැටුනා හා සමාන හැගීමකින්වෙනකොට වතුර ගේන්න ගිය මනුස්සයා වතුර බෝතලයක් ගෙනත් දොරෙන් ඇතුලට දික් කරනකොට මම වතුර බෝතලේ ඉල්ලන් මූඩියට ගලවල ඇමතියට දික් කෙරුවා ....

ඇමති තුමා.....

සංධීර් වතුර බෝතලේ දික් කරන් කට කොනින් හිනා වේගන ඉන්නකොට ඒකා වතුර එක එකම.උගුරට හිස් කරනකොට සංදීර් බලාගන උන්නා....

ඇමතුමා හිතනවා නම්...මම ජීවත් වෙන්න බැහැයි කියලා....ඇමති තුමාට පුලුවන් ...කච්චේරියට ගිහින්.....මගෙ මරනෙ ලියාපදිංචි වෙලාද බලන්න...ඇමති තුමාට විස්වාස කරන්න අමාරු නම්.....මෙ අවුරුදු දහය ඇතුලත.....දෙපාරක් මගෙ ගෙදරට චන්ද කොලේ ආවා වගේම...මම දෙපාරක් චන්දෙ පාවිච්චි කරා කියන්න පවා සාක්කි ඇති......තව...මම...මෙ.අවුරුදු දහය ඇතුලත..මගෙම...නමින්..සමාජමාද්‍ය...අදවෙනකන්..මෙ මොහොත වෙනකන්...පාවිච්චි කරා කියන්න....

ඇති....!!!නවත්තපන්....!!!නවත්තපන්....කිව්වම අහලා නවත්තපන් යකො....!!!උඹට...උඹට....නෑ..ඒක වෙන්න බෑ.....උඹ මැරෙන්ඩ ඕනා....උඹ...මැරෙන්ඩ ඕනා.......

ඇමතියා කෑ ගැහුවා .....ඒකා ඔලුව විකාර කරන් කැ ගැහුවා....සංධීර් එයා මැරුන් නෑ කියන්න හැම පැත්තෙම්ම සාක්කි දෙනකොට ඇමතියා කෑ ගැහුවා...සංධීර් අඩියක් ඉස්සරහට තියලා ඇමතියා දිහා රවාගන බලන් උන්නා.....

ඇමති තුමා..මං හිත්නෙ...මම....සැරයකුත්...කිව්වා.....

හසුරවන්...වචන ගැන...බොහෝම ප්‍ර්වේසමෙන් කියල....මොකද ...ඔබතුමා...ජන්ද අපේක්ශකයෙක්.....පොඩි දෙයක් ගැස්සුනොත්.....අසනෙන්...එලියට විසික් වේවි...කරුනාකරලා රාජකාරි මට්ටමින් ඉන්න මට....බල්ලෙක්...ගානට..දාලා..කතා කරන් එක...නවත්තන්න ....කියන එක....මම..ආය...ආයම..මතක් කරනවා...ම්ම්ම්.....පේනවනෙ...එලියෙ තියන කැමරා ගොඩ..වැහිලා තියන දොර.....එක් අංශකයක් අරුනොත්...ඇති...ප්‍රවෙසමෙන් ඇමතිතුමා.....නීතිඥ්ඥයෙක් ...

දේශපාලාඥයෙක් මැදට.....නිදහස් මාද්‍යවේදියෙක් ආවොත්...ඒ පෑන....කොයි අතට හැරවිලා..මොන අකුරු ලියවෙයිද කියන්න ..දන්නෙ නෑ.....ඒක උඩ ඉන්න දෙයියොත් දන්නෙ නැතිවේවි.....මාද්‍ය ....ජඩවෙන්න...යන්න....එක....තත්පරයයි..... එක නිසා..මං..හිතනවා ඔබ තුමාට මං කියන දෙ තේරුන කියලා ම්ම්ම්ම්ම්ම්

සංධීර් ඇමතියා දිහා බලලා මුනු මුනු ගාලා මගෙ දිහාවට හැරුනා....හැරිල මගෙ ලගට ආවා.....ඇවිදින් මගෙ මූන අත පය දිහා බැලුවා...ඔලුව දිහා වගේන පොරවලා තිබුන රෙද්ද අයින් කරලා මගෙ පිහි පාරවල් දිහා බැලුවා..බලලා ඇමතියා දිහා බැලුවා...

සිල්වා මහත්තයා ...මේ ඉන්න ලෙඩා අසාද්‍ය තත්වයෙ ලෙඩෙක්...ඔබතුමාට මොනව හරි දැනගන්න ඕනා නම්.....ඉවසන්න සිද්ද වෙනවා...

ඉවසන්න...මම...

අනිවාර්යයෙන්ම ....ඉ ව ස න් න ම...වෙනවා ...මොකද...ඒක රෝහල් නීතියට වෛද්‍ය නීතියට වගේම....රෝගියන්ට අදාල නීති රේගුලාසි වලට සම්පූරනම පටහැනි...අනික ඔබ තුමා අතින් සිදුවෙන පොඩි දෙයකින් උනත්...මෙයාට මොකක් හරි වෙන්න ඉඩ තිබුනා...සමහර විට...මැරෙන්න උනත්...

හත් දවසකට පස්සෙ සිහිය එනවා කියන්නෙ....තත්වෙ බරපතලයි ඇමති තුමා...ඔලුවට වැදිලා තියන හැම පාරක්ම බරපතලයි...ඒ වගේම.....පිහිපාරවල්..මරනීය පහරවල් කියන එක රතු අකුරින් ලියවෙන්නෙ විහිලුවකට නෙවෙ ඇමති තුමා....අනිත් වැදගත්ම දේ ..ඔබතුමා...ආවෙ.....ඔබතුමාගෙ....නැති උන පුතා ගැන අහන්න නම්.....

නැති උන....නැති..උන...ඌව...මට...

ශ්ශ්...ශ්ශ්.....ඇමති තුමාට මතක නැතිව ඇති.....සැකකටයුතු....ආයුධ හැම එකකම තිබුනෙ ඔබතුමාගෙ පුතාගෙ ඇගිලි සලකුනු කියලා...ඒ වගේම...මෙතන ඉන්න පේශන්ගෙ මරනීය පිහිපාරවල් ....නිකන් නෙවෙ....මරනීය පිහිපාරවල් ඇනපු සැක කටයුතු ආයුදයෙ පවා තිබුනෙ...

මේක තනිකරම ගරිල්ලා මිශන් එකක් වෙලා....එක කොහොමද වෙන්නෙ.....හැම දේම අශානයගෙ පැත්තටම වැරදි වැටුඑ කොහොමද ..සතියකට පස්සෙ සිහිය ආව මට ආයම සිහිය නැති වෙන්න ආවා.....සංධීර් කෑ නොගහා වෙන්න ඕන දේවල්...උන දේවල්....වෙන්න තියන වගේම වෙන්න පුලුවන් කියලා සැකහිතෙන දේවල් කියනකොට ඇමතියගෙ මුන හුබහක් වෙලා ගියා....

ඇමති තුමා ...මං හිතනවා..මම මෙච්චර වෙලාම කියපු දේවල් ඔබතුමාට තේරෙන්න් ඇති කියලා ...ඔබතුමාට අහන දෙයක්.....වෝර්ඩ් එක මාරු කෙරුවට පස්සෙ...අහන්න පුලුවන් .....පස්සෙ කියන්නෙ ඇමති තුමා..... ප ස් සෙ....නැතිව....ඊට කලින් නෙවෙ....ම්ම්...

හරි...නිතීඥ්ඥ මහත්තයා...තමුන් එහෙනම්...තාම ඉන්නවා.....ඒකත් එහෙමයි...

මං කිව්වනෙ ඇමති තුමා..මං මැරුන් නෑ...මං ජීවත් උනා කියන්න...මේ අවුරුදු දහයටම සාක්කි තියනවා...මගෙ බැංකු ගිණුම අවුරුදු දහයම සක්‍රිය උනා....එතකොට .....ඔබ තුමාට තව

ඇති ..නවත්තපන් ...සංධීර් ...නවත්තපන්...උඹ කියනවා නම්...උඹ මැරුන් නෑ කියලා.....

ඇමතිය උන්නෙ සිහි විකල්වෙලා...හරියටම තිස්තුන්දාහෙ කරන්ට් එක දෙපාරක් වැදුනා වගේ...එහෙන් උගෙ පුතා මැරිලා..අනිත් පැත්තෙන් උගෙ පුතා මරපු එකෙක් ජීවත් වෙනවා...

මගෙ සංදීර් හැසිරුනෙ හරියටම කුරුලු පිහාටුවක් හා සමානව සැහැල්ලුවෙන් උනත්....එයා කතා කරන වචන තනිකරම යකඩ පිහාටු තරම්බර උනා...

උඹ මැරුන් නෑ ගගා කෑගහපු ඇමතියා උගෙ සාටකේ ගලවලා අතට අරන් පොලවෙ ගහලා බිම දාලා පෑගුවා ...එලියෙ උන්න මීඩියා කාරයන්ගෙ කැමරාවල ෆ්ලෑශර් එක දිගට සට බට සට බට ගාලා වදිනකොට රොමේන් ගිහින් සම්පූරනම කර්ට්න් එක දාලා වැහුවා වගේම එයත් ඇමතියා දිහා කන්න වගේ බලන් උන්නා...

ඇමති තුමා.....ඇහෙන් දුටු සාක්කි කියන්නෙ...නඩුව විසදෙනකන් එලියට දාන්න පුලුවන් දේවල් නෙවෙ...අමුඩෙ වේලෙන්න කලින් වතුර බේරි බේරි අදින සිරිතක් නෑ ඇමති තුමා..කරුනාකරලා සිහියෙන් වැඩකරන්න ...

උදාන සැර උනා .....බැලුවෙ රොබිනා උනත් . ඇමතියට සැර උනෙ යහපතා වෙනකොට ඇමතියා දත් මිටි කකා මා දිහා බලලා උගෙ පුතාව මැරුවෙ මොකාද අහන්න මගෙ ගාවට එන්න හදලා ආයම සංධීර් දිහා බැලුවා බලලා සංධීර්ගෙ උරහිස් වලින් අල්ල ගත්තා.....හරියටම උඹ ඇත්තටම ජීවමානද...නැත්තන් ..හොල්මනක්ද කියලා බලන්න වගේ......

සංදීර් හිනා උනා.....හිනා වෙන ගමන් එයාගෙ ඇදන් උන්න ශර්ට් ඒකෙ බොත්තමක් දෙකක් පැන්නුවා... එයාගෙ පපුව පිච්චුන කැලල් ලයිට් එලියට ඕනාවටත් වඩා දිලිසෙනකොට ඇමතියගෙ අත අරන් එයා එයාගෙ පපුව උඩින් තියාගත්තා ...ඒ මූනෙ තිබුනෙ මහ කුරීරු වගේම සීතල හිනාවක් වෙනකොට එයා ඇමතියගෙ අත එයාගෙ පිච්චුන කැලල් උඩ බලෙන් එහා මෙහා අරන් යන ගමන් ඒ මූනට ලන් උනා....

දැනෙනවද.....ම්ම්ම්......

ඇමති තුමා..."මැරෙනවයි....මරනවයි....කියන්නෙ...එකක් ..නෙවෙ.. " දෙකක්...."....මට..මැරෙන්න පුලුවන් ..හැබැයි...." මරන්න " බෑ.....

....

ස්...සංධීර් .....

අපිට පුලුවන් ....හෙට කතා කරන්න...නැත්තන්...අනිද්දා....ඒත් නැත්තන්...සාක්කි කාරයා...සම්පූරනම සනීප වෙනකන්...මොකද ...දුන්න සාක්කි වෙනස් උනෝතින්.....එක...බලපාන්නෙ...

තමුන්ට .....ම්ම්ම්.....

ඇමතියා වෙව්ලුවා....සංධීර් ලාවට හිනා වෙනගමන් අරූ බිම දාපු සාටකෙ අරගන දූවිලි ගසලා අරූගෙ බෙල්ලට දාලා තනි අතෙන් ගැටෙත් දැම්මා වගේම ඒකගෙ ඇදුමත් හදලා මා දිහා බලල...ඇමතියට අතා කෙරුවා ...

.ඇමතිතුමා....ඇහින් දුටු සාක්කි කියන්නෙ...වටින දෙයක්...ටිකක් නෙවෙ ...නොසෑහෙන්න...නොසෑහෙන්න.....මං හිතන්නෙ...ඇමති තුමාට මෙතනට වඩ වැඩ තියෙන්නෙ...අර ගිනිගත්ත ෆ්ලැට් එක ගාව...මොකද.....එතනින්....හදුනා නොගත්...මලසිරුරු....තුනක්....මේ දැන් හම්බුනා කියලා...තව ටිකෙන් නිව්ස් එකක් යාවි...

.....ස්ස්...

ය්..යෝ.....හ්.....ඔහොම බලන්න එපා...ම..මම...නම්...දන්නෙ.....නෑ...මම...කිව්වෙ....මම....මෙ. ...දැන් එතන ඉදන් ආව හින්දා.....ඇමති තුමා...ඇමති තුමා......දකින...දකින...පලියට...සැක කරන්න ගියෝතින්.....ඇත්තම.....වැරදි කාරයට වැඩේ තව ලේසි වේවි....ඒක නිසා.....මං හිතන්නෙ....

මං....මං...අයම...ආයම...එනවා...

අනිවාර්යයෙන්ම .....එන්න.....පුලුවන් ...හැබැයි....පූර්න සුවය...ලැබුවයින්...පස්සෙ...

දඩාස්...!!!

ඇමතියා යන්න ගියා ....සංධීර්ගෙ වචන එක්ක නොසෑහෙන්න කුපිත උන ඇමතියා මා දිහා බලනකොට ඒ මැද්දෙන් හිටගත්තු සංදීර් පූර්න සුවය ලැබුනයින් පස්සෙ ගගා දත් මිටි කනකොට ඇමතියා දොරත් කඩාගන යන්න ගියා වගේම ඒ යනවත් එක්කම මෙච්චර වෙලා කෙලින් හිටන් උන්න සංධීර් කලන්තෙ හැදුනා හා සමාවම අඩි දෙක තුනක් එහා මෙහා උනා වගේම රොබින් කුරුල්ලා එයාව අල්ල ගත්තා

ස්ස්...සංධීර් ....

සංධීරයා....

...ඉදගනින්....ඉදගනින්.....

ගලවපන් ඔය මගුල්....

ඇදේ උන්න මට කර කියා ගන්න දෙයක් නැතුව බලාගන ඉන්නකොට ඒ දෙන්න මගෙ සංධීර්ව පුටුවෙන් ඉන්දවලා ඇදන් උන්න ඇදුම් ගැලව්වා...අනෙ දෙවියනේ.....

එයාගෙ ඇගෙ තුවාල....

මේවා..උඹ මොන මගුල් කරන්න ගිහින්ද මේව කඩාගත්තෙ....පැසවලා...මේ තුවාල ඔක්කොම පැසවලා....

...

මට කියපන් සංධීර් උඹ මෙ සතියෙම කොහෙද උන්නෙ.....

උඹ එදා වෝර්ඩ් එකටත් දාන්න කලින් කොහෙද දිව්වෙ....

කරන...මගුල....ක්...කරපල්..ලා...ආව්..හ්....

එයාගෙ තුවාල පැසවලලු...රොමේනයා එහෙන් බනිනකොට උදාන එලියට දිව්වා.....එයාව එලියට එක්ක ගිහින් බෙහෙත් දාන්න පුලුවන් උනත් එයාගෙ ඇගෙත් බරපතල තුවාල තියනවා කියන එක පිටට ගියෝතින් සැකයක් ඇති වෙයි කියලම සංධීර්ට මගෙ ගාව තියන්ම බෙගෙත් කරනකොට අනෙ එයා වේදනාවටද කොහෙද එයාගෙම අත හපාගත්තා .....

ආ...හ්ව්.....

පොඩ්ඩ්ක් ඉදපන්....සංධීර් ....මේක....හොදටම පැසවලා.....

.ඇනුම් පාරක්...

ඒක....එයාට...කොයි වෙලේද....

අනෙ එයාට කොයි වෙලේද අරකා ඇන්නෙ.....

මේක බීපන්....

පැසවපු මැහුම් අමු අමුවෙම ගැලවිලා යනකොට වෙලුන් නැති තුවාලෙ ආය ආය පාර පාර බෙහෙත් කරනකොට සංධීර් ඉහලට හූල්ලන් උන්නා වගෙම උදාන මොන මොනවද කියලා එලියට ගියා....මායි රොබිනයි සංධීරුයි තනි උනා....

සංධීරයා.....

අහන..දෙයක්.....ප්...පස්සෙ..අහපන්....දැන්....බෑ...

එයා ඔලුව කඩාගන වගෙ උන්නා...අනේ එයාට වේදනාවයි....මට එයා ගාවට යන්න ඕනා...අනෙ මට මගෙ සංධීර් ගාවට දුවලා.ගිහින් තුරුල් වෙන්න ඕනා...

රොමේන්....න්...කේස් එක...ඉවර වෙනකන් ...උඹවත්...මමවත්..අපි කවුරුත් කාව වත්...රාජකාරි මට්ටමෙන් එහා අදුනන් නෑ...හරි.....අවුරුදු දහයකට උඩ එ හැම සම්බන්ද කමක්ම නැති උනා....

අනික.....යෙවීන්.....මම...ඔයාව....මගින්....ගත්තා...මිසක්.....ඔයා....

එයා කිව්වා...මාව අදුනන්නෙ නෑ කියලා .....එයා මට කිව්වා මාව අදුනන්නෙ නෑ කියන්න කියලා ....එතනින් පස්සෙ සංධීර් අමාරුවෙන් අමාර්වෙන් වෙන්න ඕන දේවල් කියලා කියලා ඔලුව ගහගන්නකොට ඒ ටිකකිම්ම කාමරේ දොර ඇරුනා...ඇටෙන්ඩන්ලා තුන්දෙනෙක් මම ඉන්නවා හා සමාන තවත් ඇදක් ගෙනාවා....

මේක.....

මේක උඹට...නැත්තන් ඔය ඇබිත්තම ඊලග පාර ඔය මැශින් ගලවගන්නෙ උඹ දාලා ගියා කියලා ....උඹගෙ පොඩි මගුල හින්දා සතියක් තිස්සෙ වේලෙනව...පෙම්සුවත් නැතුව නිවන්සුව විද විද උන්නෙ....

රොමේන්....

හරි...හරි...අනේ....අපි විතරනෙ ඉන්නෙ.....

මම මීයා වගෙ අහන් උන්නා....එයයි මායි ආයමත් එක කාමරේක.....මගෙ සංධීර් එක පාරක් මා දිහා බලල ආයම අහක බලාගන්නකොට මම රවා ගත්තා වගේම සතියක් තිස්සෙ මට ආව තේව කම් කරපු යහපතා සංධීර්ට දෙන්න ඕන බෙහෙත් ඔක්කොම දීලා එයාවත් ඇදට දැම්මා....

ඉස්පිරිතාල කපල් එක....අපි යන්නද එහෙනම්.....ඉස්සරහා දෙන්නෙක් ඉන්නවා....ඇමතියා කොහොමත් ආය එන්නෙ....දවසකින් දෙකකින්...එතකන් රෙස්ට් කරපල්ලා....

ඉස්පිරිතාල කපල් එක...අවසානෙදි ඇදේ උන්න අපි දෙන්නා දිහා බලපු රොබිනා එයාගෙ කැප් එක ඔලුවට දාගන්න ගමන් ආයම ඩියුටි යන්න ලැහැස්ති උනා වගේම අපි දෙන්නට රෙස්ට් කරන්න කියලා ලාවට හිනා උනා.... උදානත් අවසානෙදි ලාවට හිනා වෙලා යන්න යනකොට එයයි මායි ඇදන් දෙක් උඩ තනි උනා වගෙම අපි දෙන්නම විනාඩි ගානක් අපි දිහා බලන් උන්නා.....

මගෙ ඇස් වලට කදුලු පිරුනා...

මට එයාට තුරුල් වෙන්න ඕනා.....ඉස්සර වගේ ආයම.සංධීර් ගගා වද දෙන්න ඕනා...

එයා ඇදෙන් බැස්සා...

බැහැලා ඇවිත් මගෙ ගාවින් හිටගත්තා ...මගෙ මූනට පහත් උනා.....

සමාවෙන්න...

එයා මිමිනුවා....

අනේ එයා මගෙන් සමාව ඉල්ලනවා.....

එයා ඇයි මගෙන් සමාව ඉල්ලන්නෙ....මමනෙ එයගෙ පසෙන් ආවෙ.....

ස්ස්....ස්....

හුස්ම ගන්න පුලුවන්ද ...

මම ගොත හැහුවා....මම එයාට කතා කරන්න හැදුවා ....එයා මගෙන් හුස්ම ගන්න පුලුවන්ද ඇහුවා ...

ඔ..ඔව්....

මේක නැතිව .....එක තත්පරේකට ...

එයා මගෙ මූනට ගහල තියන මාස්ක් එකට තට්ටුවක් දාලා මේක නැතුව තත්පරෙකට කියනකොට මම ඔලුව හෙලෙව්වා වගේම එයා එහෙම්ම පහත් වෙලා මගෙ නලලට හාදුවක් තියනකොට ආදරේ වේදනාවටද කොහෙද මගෙ ඇස් කොන් වලින් කදුලු බින්දුවක් කඩාගන වැටෙනකොට එයා එහෙම්ම මගෙ මාස්ක් එක ගලවලා ඉදිමුනන් කටට හාදුවක් තිබ්බා.....

ආදරෙයි ...

බබා...

බබා.....

එයා බබා කිව්වා.....මගෙ මූනම අත් දෙකෙන් අල්ල ගත්තු එයා මට බබා කිව්වා....

අනෙ මගෙ සංදීර් .....

තත්පරයයි...එයා මාස්ක් එක ආයම ඇන්දෙව්වා...

අන්දවලා මට නොරිදෙන්න මාව තුරුල් කරගත්තා ......

ස්ස්..සංධීර් .....

ම්ම්.....

ම්ම්..මගෙ....ද්..ද....ත්....න්න්...නෑනෙ....

අපි....දත් ඇන්දක් දාමු...

ක්ක්..කොහෙන්ද.....චීනට....ක්....ක්ක්....

නෑ...ඔය ඕන තරම් මස් කඩවල තියෙන්නෙ...

මන්.....මැරෙන්න හැදුවා ...හක්කෙ ඉදන් එහෙන් පිටිම්ම දත් පහක් අඩු වෙලා තියෙද්දි මං එයාගෙන් දත් ගැන ඇහුවා විතරයි එයා මස්කඩවල තියන හරක් දත් ඇන්දක් ගැන කියනකොට මම බයිසන් හරකෙක් වගේ තපුල්ලන්න ගත්තා ...

ඇ....බි...ත්....ත....ම.....

එයා මිමිනුවා....තපුල්ල තපුල්ල උන්න මගෙ නහය උඩට ලාවට තට්ටුවක් දාපු එයා ඇබිත්තම කියන ගමන් මගෙ තුවාල දිහා බලන් ඉන්නකොට මම එයාගෙ අත අල්ලගත්තා ....

ම්ම්..මගෙ....ස්ස්...සංධීර් .....

ම්ම්....

ම්ම්..මට....ක්ක්..කියන්න.....ඔ...ඔයා...ක්ක්..කොහෙද....උ..උන්නෙ....

ම්ම්ම්..කොහෙ කියලද කුකුල් පැටියා හිතන්නෙ...

එයා අහනවා මගෙන් එයා කොහෙ උන්නා කියලද හිතන්නෙ කියලා.....ඇත්තටම එයා කොහෙ ඉන්න ඇතිද.....එයා කිව්වා තවත් අදුනා නොගත් මලසිරුරු තුනක් ගැන...ඒ කගෙද්...අනික....අශානයගෙ මිනියට එහෙම කරන්න තරම්.....එයා කොහොමද ආපිට ගියෙ.....මට අහන්න දේවල් ගොඩයි...ඒත් ඉදිමුන කට හින්දා මට මොකුත්ම අහගන්න බැරිවෙනකොට එයා මා දිහා බලලා මගෙ මූනට ලන උනා....

ම්..මට..ක්ක්..කියන්න....ස්ස්...සංධීර් ...අ..අශානයට...ඌට....එ..එහෙක උනේ කොහොමද ක්ක්...කියලා....

...

ස්ස්...සංධීර් ...

මන් ගැන කොයි වෙලේකවත්.....සුලුවෙන් හිතන්න එපා ඇබිත්තම.....

හ්හ් හරි.....ම්..මට.....ක්ක්...කියන්නකො....

එතකොට....රසේ නැති වෙනවා

එයා කිව්වා රසේ නැති වෙනවා කියලා...ඇයි...ඇයි එයාට කියන්න අමාරු.....රසේ නැති වෙනවා කියන්නෙ.....ඇයි...එයාට....බැරි.....

ස්ස්...සංධීර් ....උ..උගෙ...හ්හ්..හදවත.....

ම්ම්.....ඇබිත්තම.....අහල...තියනවද....ගෑනු.....යකින්නියො කියලා...??

ගෑනු යකින්නියො.....

මම එයා දිහා බැලුවා.....එයා ඇහුවා ගෑනු යකින්නියො කියලා අහල නැද්ද කියලා.. .....ඇත්ත අච්චම්මා කියන්නෙත් හොදම එකෙන් එකියක්.....ඉතින්....එහෙම එකේ....ගෑනු යකින්නියො කියන්න තව සාක්කි මොකටද...

..ක්ක්..කිය...න්න්...නකො....ස්ස්...සංධීර් ...

.......

ම්ම්..ම්හුක්....ස්...

මම එයාගෙන් කොච්චර ඇහුවත් එයා කෙරුවෙ මාව අත ගගා හාදු තියපු එක වෙනකොට අනිත් පාර කතා කරගන්න බැරි මට නප්පියටම තද උනා වගේම මම මගෙ වයර් අමුනපු අත පය වන වන නහින්න හැදුවා...

ස්..ස්..ස්..සංධීර් .....ක්..කියපන්....න්න්...න්න්..නැත්ත....

ඉවර කරපන්.....

ම්ම්..මොකක්....

මේ සම්බන්දෙ ඉවරකරපන්...ඕකනෙ කියන්න තටමන්නෙ....ම්ම්ම්ම්ම්

ය්ය් ..ය්ය්...යා.....හ්...ස්...ස්....ස්...ස්...ස්

මම පිප්පුවා...මම.කියන හදපු එක අට කලින් මම වගේම කියපු එයා දිහ බලාගන ඉදලා සම්බන්දෙ නවත්තන්න රන්ඩුවක් අල්ලන්න හොද පොටක් හියා ගත්තු මම අනිත් පැත්ත හැරුනා.. දැක්කනෙ...දැන් මට කලින් නවත්තන හදනවා...ඒ කියන්නෙ....ඒකියන්නෙ....

අනේ බාප්පෙ....බාප්පගෙ කොල්ලව මූ අනාත කරන්න යන්නෙ.....

ස්ස්..සංධීර් ....

ම්ම්...

එයා මට එහාපැත්ත ඇදට නැග්ගා...පව්....එයා උන්නෙත් අමාරුවෙන් ....ඒ උනත්...එයාගෙ මගෙ අත් දෙකම එකට පැටලිලා.තිබුනා...එයාගෙ ගොරෝසු අත අස්සෙ මගෙ පොඩි අත එයා කිටි කිටියට අල්ලන් උන්නා.....ඇගේ අමාරුවටද මන්දා ඒ ඇස් පිය වෙනකොට මට රෙහාන් තාත්තා මතක් උනා.....

ඒ අසෙන් මට මගෙ අනිත් තාත්තව මතක් උනා....

ඔනම කාලෙ අඩවලා...මේ කාලෙ මොකටද...

අයිතිය ඉල්ලන් ආවොත් මං කියන්නම්කො...

තාත්තගෙ මූන අමුතු වෙලා තිබුනෙ ඒකයි...

ස්ස්....ස්ස් සං.....

අනේ එයාට නින්ද ගිහිල්ලා...මගෙ අත එයාගෙ අත් දෙකෙම්ම අල්ලගත්තු එයාට නින්ද ගිහින් තිබුනා...

උබ සතියක් තිස්ස් කොහෙද උන්නෙ මගෙ සංධීර් ...

මම.....මිමිනුවා...

උණ සතියක් තිස්සෙ....මාව දාලා කොහෙද උන්නෙ සංධීර් .....

යෙ.....වී....න්.....ම්ම්....ම්...

ස්ස්..සංධීර් ....

එ....පා..දාලා.....යන්න...

ස්ස්..සංධීර් ....ස්ස්...සංධීර් ...ම්..මම...මම..මෙ..මෙ..මෙතන....ම්..මම...

අනෙ එයා හීනෙන් මුමුනවා..එයා කියනවා එපාලු දාල යන්න්....

එයාගෙ ඇහි බැම රැලි වැටෙනවා....එයා නපුරු හීනයක් දකිනවා...එයා..නරකම නරක හීනයක් දකිනවා....එයා යෙවීන් එපා එපාගග මුමුනනව...මම.කොච්චර මම මෙතන කිව්වත් ඇහුන් නැති එයා මගෙ නම කිය කිය එපා කියනවා

..ස්ස්..සංධීර් ...

ම්ම්...මම..මෙතන...

යෙ...යෙ....යෙවීන්...එපා....

එපා..

යෙවීන්....

යෙවීන්..

යෙ....වේ.......න්න්!!!!

ස්ස්...ස්..ස්...සං

අනේ එයා බය උනා...එයා කෑ ගහගන නැගිට්ටා වගේම එක පාරම.මාදිහව් බැලුවා බලලා පපුවටහිමින් සැරේ ගහගත්තා ..... .....

යන්න....එපා.....

ඇබිත්තම...

මට....

බයයි.....

අනෙ..සංධීර් ....

යෙවීන්....

ම්ම්ම්හ්....

නැගිටින්න.....මේ බෙහෙත් පෙත්ත බීලා ඉන්න

ම්ම්ම්...

යෙවීන්...

මගෙ කම්මුලට කවුරු හරි ,හරි හිමින් තට්ටු කෙරුවා....නැගිටින්න කිව්වා ..බෙහෙත් පෙත්ත බොන්න කිව්වා...ඒ මගෙ සංධීර් නම් නෙවෙ...

මම ඇස් ඇරියා....

යහපතා.....

ඒ උන්නෙ යහපතා.....

උ..උදා...න....

දැන් අම්මලා ඒවි....

එයා දැන් අම්මලා ඒවි කියනකොට මම.මගෙ එහා ඇද බැලුව...ඇති යාන්තන්..එයා ඉන්නවා...එයා උඩට ටී ශර්ට් එකක් නැතුව උන්නා උනත්...ඇගෙන් බාගයක්ම ඔතලා තිබුනා...පරන විදිහමයි....එයා අදත් කොල ගොඩකට ඔලුව පහත් කරන් උන්නා.....

අවුරුදු දහයකට කලිනුත් මෙහෙමමයි...වෙනසකට තියෙන්නෙ බයි කාලා ලොකු වෙන්න කියපු මගෙ තරුන සංධීර් මම ලොකු වෙනකොට එයා වයසට ගිහින් උන්නා....

මම යහපතා අතේ තිබුන බෙහෙත් පෙත්ත අරන් බිව්ව...කෑමට පෙරලු.....කැමට පෙර කියන්නෙ..මට කන්න දෙන්නෙ නෑනෙ...

බෙහෙත් පෙත්ත බීපු මම සංදීර්ට කත කරන්න හදනවා එක්කම දොර ඇරුනා.....

අම්මයි.....

තාත්තයි....

" තාත්තයි....."

එතන උන්නෙ අම්මයි තාත්තයි වගෙම....

තාත්තයි.....

සුදු පුතේ...යෙවීන්.....

අම්ම මගෙ ගාවට ආවා....ආව ගමන් කෙරුවෙ මගෙ මුන ඉඹපු එක වෙනකොට මම මගෙ තාත්තා දිහා බැලුවා.....එයගෙ මුලු මුනම වෙනස් වෙලා...වෙනදට කොල්ලා ගාලා කතා කරන තාත්තා අද නිකමට කතා කෙරුවෙ නෑ.....

ඒ මූනම අවුල් වෙලා...මගෙ තාත්තා සතියකින් අවුරුදු ගානක් වයසට ගිහිල්ලා.....

"යෙවීන්.....ප්.....පුතේ....උ...උඹ...මගෙ....."

මම බලන් උන්නෙ මගෙ තාත්තා දිහා වෙනකොට ඊට එහායින් උන්න රෙහාන් තාත්තා කතා කරනවා එක්කමමගෙ ගාවට එන්න හදපු තාත්තා අඩියක් පස්සට ගියා....

මූන පුරාවටම රැවුල් කොට වැවුන තාත්තා පස්සට ගියා....එයා යන්නද හදන්නෙ...මාව දාලා....

නෑ...මට මගෙ තාත්තව ඕනෙ....

මාව අඩවපු නැති...මගෙ තාත්තව මට ඕනෙ..

.කොල්ලා...

ආයමත් දොර ඇරුනා...

බාප්පා....

අනෙ.මගෙ තාත්තා තවත් අසරන උනා...තාත්තා බාප්පා එකම පැත්තක උන් වෙනකොට මගෙ තාත්තගෙ මූන මගෙ ඇස් පනා පිට මැලවිලා යනකොට රෙහාන් තාත්තා මගෙ ගාවට එන්න හැදුවා වගේම මම මගෙ තාත්තා දිහා බලගන සංදීර්ට කතා කෙරුවා ....

"ම්ම්.....මට....මගෙ...ලෝයර්ට....ක්ක්...කතා..කරන්න...ඔ..ඕන...ම්..මිස්ටර් ....ස්..සංධීර් ....ඒකනායක..."

ම්හුක්.....ජොබිත නිදහාස්....ස්

ආය එන්නම්....

චටා.....

බායි...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters