Cherreads

Chapter 71 - 71

එතනින් පස්සෙ සංධීර් කතා කෙරුවෙ නෑ....මම කොච්චර කුටු කුටු ගෑවත් ව්‍යා කෙරුවෙ ම්ම්...ම්ම්...ගාපු එක මිසක් ඇහැක් ඇරලා වත් බැලුවෙ නෑ...

ම්හුක්..මේ මිනිහට මම ළඟ ඉන්නකොටත් නින්ද යනවනෙ....ඔව් ඉතින් නින්ද නොයා තියෙයිද එක එකාගෙ අතපය කඩ කඩ දුවලා මහන්සි ඇතිනෙ...

ම්හුක්....අනේ බාප්පෙ....කොල්ලට නින්ද යන්නෙ නෑනෙ.....

මම ආයම සංධීර් ගෙ ඇග උඩ නැග්ගා....නැගලා බඩ උඩ ඉදගත්තා....ඔලුවත් කසලා ඈනුමකුත් ඇරපු මම එයාගෙ මූන කූරූ ගාන්න ගත්තා.....කට අරින්න....නහයට ඇගිලි ගහන්න....වහන් උන්න ඇස් පියන් උඩට අරින්න හැදුවා...එත් සංධීරයා නෙවෙ මොකුත් කිව්වෙ...

යෝහ්..මං කිව්වෙ...මං කිව්වෙ....සිගරට් බීලා මේ මිනිහගෙ අඩපන වෙලා...

ස...ස්...සංධීර් ....

ම්ම්...

ස්ස්...සිගරට් බොන්න එපා ද්ද්...දරුවො....ප්ප්..පේනවනෙ....ද්ද්..දෙක...ගහනකොට....ව්ව්...වැටෙනවා...

.....??

මම එයාගෙ කනට කොදුරලා දෙක ගහනකොට වැටෙනවනෙ කිව්වා විතරයි සංධීර් එක ඇහැක් ඇරියා....

ඇයි...මදිද...?

න්න්...නෑ...නෑ....ඇ...ඇති....

ම්ම්ම්.....

එයා ආයම ඇස් පියා ගත්තා...එව්...අනේ...ඒව්...අහපු කැත...මදිද කියලා ...අහපුවාම අපි කියනවද ඔව් කියලා...නෑනෙ...කියන් නෑනෙ...යෝ.....හ්....

අනෙ බාප්පෙ....කොල්ලා නම් හොදටම වල් වැදිලා....ම්හුක්....නින්ද යන්නෙත් නෑ...

ස්ස්...සංධී.....ර්‍ර්...

ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

න්න්..නින්ද...ය්ය්...

අත් දෙකෙන් ඇස්දෙක වහගනින්

ම්හුක්...උඹ න්න්..නම්...ම්ම්..මහ....ම්හුක්.....

මම ඇගෙන් බැස්සා ....බැහැලා....කූරු ගාලා නහයෙන් අඩලා දගලලා කොහෝම හරි උඩ බෙලි අතට උන්න එයාව මගෙ පැත්තට හරවන් මගෙ අත පය ඔක්කෝම එයාගෙ ඇග උඩට දාන් බෙල්ල අස්සට මූන ගහන් ඇස් දෙක වහගන්නවත් එක්කම එයා මගෙ තට්ටමකට හිමින් තට්ටු කෙරුවා ...එ ඇරෙන්න මගෙ සුදාම්මි..බබා....හුකුන්...පැටියො කිය කිය විහිලුවටවත් හුරතල් කෙරුවෙ නෑ...

මං හිතන්නෙ සංධීර් ඒ වචන දන්නෙ නැතුව ඇති...දන්නව ඇති....කියන්න ලැජ්ජා ඇති.....හෙට කියන්න ඕනාබය නොවී කියන්න කියලා ..මම නෙ ඉතින්.....වෙන කාටත් කියනවා නෙවෙනෙ.....ඇරත් අර රොබිනා අච්චර නාකි යහපතාට කට පුරා....වටම බබා ගාන්නෙ...යෝ...මගෙ එකාට තමාට බැරි බබා කියන්න...ඇයි යකො ඕක මහ අමාරු දෙයක්ද....නෑනෙ....

බ යන්නයි.....බා...යන්නයි.....

බබා...ම්හුක්.....එක තත්පරයක් යන්නෙ නෑනෙ...

ස්ස්...සංධීර් ...

.....

ස්...සංධී.....ර්

.....

කරමත ගහලා බුදි...ඇයි යකො....ම්හුක්...මහන්සි ඇති වනචරකම් කරලා.....උඹ මට කලින් නිදියෑවා...මේ සම්බන්දෙ අදින් ඉවරයි සංධීර් ... http....ම්හුක්....

මම එයාව හැපුවා....හැබැයි...හපාගන ඉන්නගමන්ම මගෙත් ඇස්දෙක පිය උනා....දගලලා දගලා අවසානෙදි නින්ද යාගන එනකොට හීනෙන් වගේ එයා මොනවා හරි මුමුනනවා ඇහුනා....

"මදාවියා....

මගෙ...."

යෙවීන්....

ලමයෝ.....

දරුවෝ...නැගිටින්නෙ නැද්ද...පල්ලි යන්න නැගිටින්න.....අර තාත්තා නැගිටලත් ඉවරයි....

ම්ම්ම්ම්ම්ම්....අ....ම්..හ්....

මට නින්ද ගියා.....දගලපු මට අවසානෙදි ගැඹුරටම නින්ද ගියා...අම්මගෙ කට හඩ හීනෙකින්වගේ ඇහෙන කොට මම කෙදිරි ගෑවා....අම්මා කතා කරනවා පල්ලි යන්න නැගිටින්නලු....

ඒත් මං ඊයෙ පල්ලි ගියානෙ....

එත් කට ඇරලා කොහොද කියා ගන්නෙ.....මට නිදි...මතයිනෙ....මහනසී...මට.....

ස්ස්...සං....හී....

දෙවියනෙ...සංධීර් .....!!

මම තුස්තුදාහෙ කරන්ට් එකක් වැදුනා වගේ නැගිට්ටා ....නැගිටලා ඇද දිහා බැලුවා...

දෙයියන්ට ස්තූතියි කියන්න...මේකා පැදුරටත් නොකියා ගිහින් නේද....ආ යකො.....

යෙවි...න්

එ..එනවා...අ...අම්මේ....හ්....

මම.ගොත ගැහුවා...ගොත ගහන ගමන් අලුත් ඵෝන් එක එරන් උදේ පාන්දරම සංධීර්ගෙ ඔලුව කන්න පටන් ගත්තා...

ගුඩ් මෝර්නින්

හ්හ්...පැදුරටත් නොකියා ගිහිල්ලා....

අඩුම ගානෙ මාව ඇහැරවන්න එපැයි...

ඔයා පරිස්සමින් ගියා නේද....

සංධීර් ....

දරුවො.....

යෝහ්.....යෝහ්.....ඩිලිවරි වෙනවා විතරයි බලන් නෑනෙ.....ඕක බලපන් සංධීර් ...

දහය....නවය....අට....හත...හය...පහ....හතර...තුන...දෙක....එක.....

හරි....හුස්ම ඉහලට අරන්.....හිමීන්...පිට කරමු....

උදේ පාන්දරම නප්පියට තද වේගන ආව මම දහයෙ ඉදන් එකට ගනන් කරලා කලබල ගතිය අඩු කරන් හිමින් සැරේ ආයම මැසේජ් එකක් දැම්මා...

සංධීර් ...මං දැන් පල්ලි යනවා...පරිස්සමින් ඉන්න.....මං ආවම...ඔයාට කන්න අරන් එන්නම්.....

පියෝනිට කන්න දෙන්න....

අනේ සංධීර් ගේ අස්සෙ රෙව්වන්න එපා.....මං පල්ලිගිහින් එන්නම්....

ආතරෙයි මගෙ සංජී...ර්

එයාට හිතින් බැන බැන මම ආදරේ පිරුන මැසේජ් එකක් යවලා ඇදෙන් බැහැලා එලියට ආවා ..

මේ අවලමා රෑට ගිලලා බුදියනවා...තොට නිකමටවත් බුරන්න තිබුන් නෑනෙ ...ආ හුත්තිගෙ පුතෝ....

යන්න යනකොට සංධීර් ගිහින් තිබුනෙ මගෙ කලිසමත් මට අන්දලම වෙද්දි අතට අහු උන ටී ශර්ට් එකත් ඇදගන එලියට ආවා....ඒ එනකොට තාත්තා දමාගන ජිමියට බනිනවා ....උගෙ නම ජිමියා කියන එකත් ඌටම අමතක වෙලා යන්න...

ඇ....ඇයි....ත්‍තා....ත්තෙ....

ගෙට හොරු පැනල...

මම අම්මා දිහා බැලුවා.....හොරු පැනලා.....?? කොහෙ...කොයි වෙලේ...

බිම තිබුන උලුන්කැටේ කුඩු වෙලා ගිහින් තියනකොට තව උලු කැට දෙක තුනක් ඈත් වෙලා තිබුනා....උයන කුසියට ඇරෙන්න ඉතුරු හැම තැනටම සිවිලිම තියනකොට එන හොරාට කෙලිම්ම කුසියෙන් බැහැල අනිත් දොර ඇරන් ගේ ඇතුලටම එන්න පුලුවන් ...

තාත්තා දත් මැද මැද වහල දිහා බල බල උයන කුසියෙ ගලවල දාලා තිබුන සොයිබෙ දිහා බැලුවා....

මේකත් ගලවලා.....මූ වහලෙන් ඇවිත් මේක ගලවන් දොර ඇරලා තියෙන්නෙ....

මම දොරේ අගුල දිහා බැලුවා....

අනේ....රත්තරන් බඩු මොකුත් නැතිවෙලා නෑ....ඔක්කොම තියනවා.....

...ඒ අපේ අම්මා....

මම ඔලුව කැසුවා...මම තාම ටියුබ් ලයිට් ..සංධීර් ට කියන්න ඕනා අපෙ ගෙදරට හොරෙක් පැනලා.....ය්...යෝහ්...ස්ස්...සංධීර් ....උඹ.....ඊයෙ රෑ පස්සෙ දොරෙන් නේද ඇතුලට ආවා කිව්වෙ....යෝහ්....

අනේ මේ මෝඩයා එහෙන් මෙහෙන් අල්ලා තිබුනොත් ඇගිලි සලකුනු හිටිනවා...

කුසියෙ තිබුන උලු කෑල්ලකට වත් මොකුත් වෙන්න නොදුන්න තාත්තා පල්ලි යන එක පැත්තක තියලා දොර ගාවට යනකොටම මම ඉක්මනට සංධීර්ගෙ ඇගිලි සලකුනු වහන්න කියලා අත තියන්න ගිහින් පිට කොර වෙලා යන්න ඩෑස් පාරක් කෑවා...

පල අහකට....පල දැන් තෝ ඕකට අත තිබ්බම හරිද?

ඌ..ඌයි...ම්ම්හු....මම...බ්බ්...බල.....

මම පිට කසාගන පැත්තකට උනා...ගෙදරින් නැති වෙලා තිබුනෙ එකම එක දෙයයි.....තෙල් පෑදෙන්න කියල මැටි ඇතිලියෙ උයලා තිබුන පොලොස් හට්ටිය විතරයි...ඒකත් කාපු එකා කුසියෙ මෙසෙ යට තත්තගෙන් කුනු බැනුම් අහගන කන් දෙක පාත් කරන් බනින වචනයක් ගානෙම ලාවට නැට්ට වන වන අහන් ඉදලා සද්දෙට ඈනුමකුත් ඇරියා...

හෑ....වූ.....

අනේ යකො...ආ යකො....ගෙට පැනපු එක තොට කන්න දුන්නම තෝත් ගිලලා බුදියෑවා නේ....මං කිව්වෙ මං කිව්වෙ අශාන්‍යා මූ වරත්තුවෙ යන්න ගත්තු දා ඉදන් ගොනා වෙනවා කියලා තමුසෙ තමයි බිබික්මට රෑටත් බත් මුට්ටියක් ගිල්ලවලා පුටුවට නැගපන් කියලා බුදි කරවන්නෙ.....

තාත්තා ආයම බැන්නා.....

දෙයියනේ...සංධීරයා....

අනේ ...බාප්පෙ...බාප්පගෙ ප්‍රේමවන්තයා ගෙට පැනල.තියෙන්නෙ බල්ලට පගාව දීලා....

දැන් ඉතින් අද පල්ලි තියා දවල්ටවත් කන්න තියෙයිද දන්නෙ නෑ.....තාත්තා දත් මදින එක පැත්තක දාලා ගේ පුරාවටම වටයක් ගිහින් ආවා.....ඇවිදින් ඵෝන් එක අතට ගත්තා....

කාටද ඔයා ඔය ගන්න යන්නෙ...

මුගෙ අර වයසක නඩේට...ඕක අස්සෙ පොලිස්කාරයෙක් ඉන්නවනෙ.....හොරා අහු උනොත් අර අනිත් බිල්ලා සංධීරයට කියලා මොකක් හරි කරගන්න....මොකුත් නැති වෙලා නැතුවට මොන මගුලට ආවද කව්ද දන්නෙ.....අසහන කාරයෙක් වත් ආවද අපි දන්නවද

..හත්තුක්කේ...

යෝහ්.....තාත්තෙ...හොරාගෙ අම්මගෙන් නේත ඔය පේන අහන්නෙ....ඇරත් අසහන කාරයත් කිව්වා...බිල්ලා කියලත් කිව්වා.....

යෝ බාප්පෙ....බෑනට කියන කතා බලන්නකො...

ත්....ත්තා...ත්තෙ.....

මොකද...ගනින් අර උඹගෙ පොලිස්කාරයට කෝල් එකක්....

ය්ය්..යෝ.....එයා....ඩ්..ඩියුටි....

ආ බොල...එතකොට මෙව්වා ඩියුටි නෙවේද.....උබලගෙ යාලුවො නේද...

මම එහා මෙහා උනා...පල්ලි යන්නත් නෑ අප්පා....

.

මගෙ මූන දැන් තිත්ත කැකිරි පන්තියෙ පූසා වගේ....තාත්තා කොහොම හරි කරල රොබිනට කෝල් එකක් ගත්තා...අරන් අපෙ ගෙට හොරු පැනලා කියලා කිව්වා....මම ඔලුවට අත ගහත්තා.... නිකන් නෙවෙ...තාත්තා ඒක හොරාටත් කතා කරලා කියන්න කිව්වා...

මෙහෙම දේකට උදව්වක් නැත්තන් වැඩක් තියනවද....

අපේ තාත්තා දැන් හෙනම අයියා වෙලා.....මොනවා හරි උනාම බස බස ගාලා එක කෝල් එකයි දෙන්නෙ....යහපතා....රොබිනා.....සංධීර් ....හහ්...අනේ...තාත්තෙ...ඊයෙ රෑ ගෙට පැන්නෙ තාත්තගෙ බෑනමයි නේ....

මම බලන් උන්නා...නියපොත්තක් හප හප උන්න මම මිදුලට පැනලා මිදුල පුරාවටම සංධීර් ගෙ අඩි හෙව්වා....

උඹ ඔව්වා පාගන්නෙ නෑ ආ.....

පෙනෙන නොපෙනෙන ගානට තිබුන අඩි දිහා බලන් ඉදල හොරාවට මකන්න ගියපු මට ආයම තාත්තගෙ කටහඩ ඇහෙනකොට අපේ ගෙට එහාපැත්තෙ උනුත් තාප්පෙන් එල්ලිලා බැලුවා.....

ඒ ටිකකිම්ම රොබිනගෙ ජීප් එක ආවා.....වෙනදට බල ඇනිය එනකොට මූන හුඹහක් කර ගන්න තාත්තා අද පසග පිහිටුවා වදී කියලා හිතුනා.....අම්මට තෙ එකකුත් හදන්න කිව්වා.....

ජීප් එකෙ දොර ඇරුනා....ඇති යාන්තන් රොබිනා විතරයි .....

මම රොබින් කුරුල්ලා ගාවට දිව්වා අනෙ රොබිනො ඊයෙ රෑ අපෙ මිනිහා ආවනෙ කියන්න.....එත් කියා ගන්න හම්බුන් නෑ....අපෙ මිනිහත් ඇතුලෙ ඉදල බැස්සා....

මොකක්ද අයියෙ කේස් එක....

රොබිනා ගෙදරට උන්න සරම පිටින් වෙනකොට අපේ එකා නම් උදෙම්ම පප්පා කිට් එකට බැහැල මාව ජීවිතේට නොදන්න එකෙක් ගානට හැසිරුනා....

..මේ ඊයෙ රෑ හොරෙක් පැනලනෙ ...

කොහෙන්ද....

කුසියෙන් ....

බලන්න පුලුවන්ද ....

ඔව්...ඔව්...එන්නකො සංධීර් ....

අනේ....යකො..මගෙ කට දනිහට ආවා..දිව බුරියට ඇදුනා.....පැනපු හොරාගෙ සාක්කි බලන්න මුලින්ම ගියෙ සංධීරයා වෙනකොට මේසෙ යට උන්න ජිමියා දූවගන ඇවිත් නැට්ට වන වන සංදීර් ගෙ ඇගට අත් දෙක තියලා එයාගෙ අත ලේව කන්න ගත්තා .....

අනේ යකෝ මූ පාවා දුන්නා නේත....

මං ජිමියගෙ ඔලුවට ඇන්නා....කන්න දුන්න කෙලෙහිගුන හැම තැනටම ඕන් නැ ජිමියා.....

බල්ලා බිරුවෙ නැද්ද ...

දොර දිහා බලගන උන්න රොබිනා බල්ලා බිරුවෙ නැද්ද අහනකොට තාත්තා ජිමියට බයින්න ගත්තා....ඔක්කොම අහන් උන්න සංධීර් ම්න් ගානකොට වරත්තු ජිමියා සංධීර් ගාවට ගිහින් ඉදගත්තා...හරියටම " බොසා අද රෑටත් පනිමු නේ" කියන්න වගෙ...

මේ අවලමා බිරුවෙ නෑ...ආව එකා මූට කන්න දීලා ඒකත් ගෙදරම වලදක්....

ම්න්....

ගෙදරමොකුත් බඩු එහෙම අඩුයිද.....

.නෑ.....බඩු නම් කිසීම දෙයක් නැතිවෙලා නෑ...

මොකටත් ඇන්ට්‍රි එකක් දාල තියන්න....මොකද ....එකපාරක්....ආවා කියන්නෙ...ඔය හොරා ආය ආය නිතරම එන්න බලයි...එහෙම නේද...රොමෙන්....ම්ම්ම්...

කැහ්....කැහ් ...ඔව්....අයියෙ....මොකටත්....අපි පොතේ ලියමු....

ම්ම්..මොකක් හරි උනොත් නඩුවක් වත් ෆයිල් කරන්න පුලුවන්නෙ...නේද සංධීර්...

ම්න්.....අනිවාර්යයෙන්ම ...

මාව භ්‍රමණය වෙන්න වගේ...මෝනින් සික්නස් වගේ....හොරු දෙන්න ුන් උන්ගෙ මූනවල් බලාගන විසදුම් කියනකොට මම බලාගන සංධීරයා තාත්තගෙ ඇස් වහල අපෙ ජිමියට පගාවක් දුන්නා ...

අපි ගිහින් එන්නම්...මොකක් හරි උනොත් කියන්න.....යෙවීන් ප්‍රවේසමෙන්....ග්‍රීස් යකාද දන්නෙ නෑ.....

ග්ග්..ග්‍රීස්.....‍ය්ය්..යකා....එන්නෙ....ග්ග් ගැනු....න්න්..නානවා....බ්බ්..බලන්නනෙ..රොමේන්...

ම්න්...

.....

ග්‍රීස් යක්කු අල්ලන්න හොරු දෙන්නා ආයම යන්න යනකොට පල්ලි යන්න වෙන්නෙ නැහැයි කියලා බෝරූවට දුක් වෙන ගමන් මම සංධීර්ගෙ ජීප් එක ඈතට යන හැටි බලන් උන්නා.....

මුන් තමා යකො දවසටත් බඩු...

ග්‍රීස් යක්කුලු...බොරු කියන්න දන්නෙම නැතිඋන් දෙන්නෙක්නෙ කොහොමත් .....

සාහොදර වරුනී....මං මගෙ පියානන්ගෙ නාමෙන්....උදා ගම්මානයක් හදලා ඒකට දානවා ග්‍රීස් යකා ගම්මානය කියලා ....

කොල්ලා ලෑස්ති වෙයන් පල්ලි යන්න....දැන් උන් බලලා ගියානෙ.....

ඔ..ඔව්....න්න්..නේ....බ්බ්...බය වෙන්න දෙයක් නැතිවෙයි න්න්...නේ.....තාත්තෙ . 

පල්ලි යන්න ලෑස්ත වෙන්න කියනකොට මන් ළඟ උන්න ජිමියගෙ ඔලුව අත ගලා බය වෙන්න දෙයක් නෑනෙ තාත්තෙ අහනකොට මෙච්චර වෙලා බිල්ලා වගෙ උන්න ජිමියා කූඹියෙක් දිහා බලාගන බුරන්න ගත්තා...

ජිමියා තමයි හොදටම කරන්නෙ...!!!

දේව වාක්‍ය නම් එසේය...

ස්වාමින් වහන්සේට ප්‍රසංසා වේ....වා....

මමයි තාත්තයි උන්නෙ පිටිපස්සෙම හරියෙ.....වෙලා මදි උන හින්දා හයහාමාරෙ පූජාව වෙනුවට අනිත් පල්ලියෙ හතහාමාරෙ පූජාවට ආපු මම අහම්බෙන් වගේ බාප්පව දැක්කා.....එකත් සීනු කූඩුව හරියෙ....

මට ආච්චම්මව මතක් උනා.....තාත්තව මතක් උනා....ආච්චම්මට මොකක් හරි වෙලා නම්....තාත්තා අද නෑවිදින් ඉදීද...

මොන මගුල උනත් මට හවස හය වෙනකොට සංධීර්ගෙ ගෙදර දුවන්න ඕනා....

ප්‍රනීතයගෙ අන්ඩ කැඩිලා හින්දා ඌ නම් එන එකක් නෑ...ඌ නැහැයි කියල මට ඇතුලට යන්න බැරි කමක් නෑනෙ...ඒකට තමයි තාත්තගෙ ඇදුම් හොරකන් කරන් ආවෙ....අනික...කී කාර්ඩ් එක......

ම්ම්ම්....ඒත්....කැමරා තිබුනනෙ.....

අපරාදෙ ....අපරාදෙ ...

නෑ..නෑ.....ඒකටත් මොකක් හරි කරන්න පුලුවන් වෙයි....

හරි..මතක් උනා.....

උඹ මොන සිහියෙන්ද ඉන්නෙ..දනගහපන්...

මම උන්නෙ වෙන සිහියක...මිනිස්සු ඔක්කොම.දනගහන් ඉන්නකොට මම විතරක් එක එක දේවල් හිත හිත කල්පනා කරනකොට දන ගහන් උන්න තාත්තා මගෙ කකුලට ඇනලා දනගහන්න කියනගමං රැව්වා.....

න්න්..නෑ...මේ....ර්..රටේ....ආර්ති...ක...ප්ප්..පිරි....

කන පලාගන්න තමයි...

ම්ම්හුක්....

මම කුටු කුටු ගෑවා...එහෙන් සුවාමි ප්‍රේම කරන්න ප්‍රේම කරන්න කියනොකට අපේ තාත්තා මගෙ කන පලන්න හැදුවා....

ත්ත්...ත්තා..ත්තෙ.....

ඇයි...

පූජාව ඉවර උනා.....අවංකවම මම උන්නෙ අද වෙනම ලෝකෙක...මම උන්නෙ අද හවස ගැන හිත හිත වෙනකොට තාත්තගෙ කීමට දනගහපු නැගිටපු මම පූජාව ඉවර වෙන එකවත් දැනන් උන්නෙ නෑ ...අවසානෙදි තාත්තා එයාගෙ යාකුවෙක් හම්බෙලා එයා එක්කම කතා කර කර අපෙ කාර් එක ගාවට යනකොට බාප්පව දැකපු මම බාප්පගෙ පස්සෙ දුවන්න ලෑස්ති උනා....

.බ්බ්..බාප්පා.....

.ඉක්මනට වරෙන්....

මම ඒ එක්කම බාප්පා ගාවට දිව්වා...

බ්බ්..බාප්පෙ...

බොසා...මෙහෙ වරෙන් මෙහෙ වරෙන්.....

.

ඇ ඇයි....අද...ම්ම්...මෙ....ප්..පල්ලි ආවෙ..

හයහමාරෙ පූජාවට යන බාප්පා හතහමාරෙ එකට ආවෙ ඇයි අහනකොට බාප්ප මාව ඇදල අරන් අර බලපන් කියලා කෙල්ලෙක් පෙන්නුවා ..

ය්ය්...යෝ.....හ්හ්.....

ඇයි.....

.එ..ඒකි....

ඇයි...කැතද??

ම්ම්..මේකිව...බ්බ්..බලන්නද...ම්ම්..මෙහෙ...ආවෙ...ඔ..ඔයිට....ව්ව්.වඩා....හ්හ්..හොද...එකියක්.....ද්දාගනින්..බ්බ්..බාප්පෙ....

මම එහා මෙහා රග රග උන්න අන්ගනාවි දිහා බලලා වෙන එකියක් දාගනින් කියනකොට බාපා මගෙ ඔලුවට ඇන්නා...

මං හොයන් ආව කෙලෙක් නෑ...උඹලගෙ ආච්චිට සහලවලා උන ගැනිලා බෙහෙත් ගේන්න අරන් ගියා එන්න වෙලා ගියා ඒකයි මේකට ආවෙ....

උ..උන....ග්..ගැනිලා...

ම්ම්.....

ආච්චම්මට උන ගැනිලලූ....යෝ...හ්...ඉතින්....බය වෙලා ඇති ...

ආච්චම්මට උන ගැනිලා කියනකොට මම බාප්පා දිහා බලාගන නොසෑහෙන්න දුක් උනා....

ඇ ඇයි....හ්හ්..හදි...අසියේම....න්න්..නාලා..මදිද....ව්ව්...වැස්සෙ...ත්ත්...

එහෙම මගුලක් නෙවෙ බන්...ඊයෙ හැන්දෑවෙ මොකෙක්ට හරි බය වෙලා...

ම්ම්..මොලෙක්ට හරි.....ක්ක්..කියන්නෙ.....

මන්දා බන් විකාර කියවනවා...උඹ ආවලු...දැන් එකම විකාර කියවනවා...උදෙ බෙහෙත් ගෙනාවා...අරකි කියනවා මොකකට හරි බය වෙලාලු....මහ එකා කියන්නෙත් එකයි.....

ම්ම්..මම.....???මම...ක්ක්..කොහෙ....එන්නද.....??බ්බ් බය වෙලාලු...කාටද....

ආච්චම ගැන දුක් වෙවී ඉන්නකොට බාප්පා කිවා ආච්චම්මා බය වෙලාලු...මම ආව කිව්වලු.....තාත්තයි අලුත් ගෑනියි දෙන්නම කියන්නෙ ආච්චම්මා කාව හරි දැකලා කියලලු.....

..කාව හරි..නෙවෙ...මාව තම දැක්කෙ....සමා වෙන්න බාප්පෙ....කරන්න දෙයක් නෑ...මාත් මිනිස්සුන්ට දෙන්නෙ එක අවස්ථාවයි...දෙවනි එකක් නෑ...

ද්ද්..දැන්...එකට....ම්ම්..මොකද...ක්ක්..කරන්නෙ...

මන්දා...උන් ඔය තෙල් මතුරමු කියන්නෙ.....ඇත්ත කියපන්...උබත් මොකද තකහනියෙ ඇවිදින් ඇදුම් උස්සන් දිව්වෙ...??

ය්ය්..යෝහ්.....මම...ඒ..ඒවා...අ..අරන් ගියේ.....අම්මට...ප්ප්..පෙන්නන්න.....ඇ..ඇරත්.....ආච්චම්මා...ම්ම්..මාව දකින්න...ම්ම්..මං...යකෙක් ඈ...

මන්දා බලමු බලමු.....ගෙදර ගිහින් දාන්නද....මට අද උඹලගෙ තාත්තා එක්ක අර මගුලක යන්න වෙලා...

ක්ක්..කොහෙද .....අ..අපෙ...ත්ත්..තාත්තා කිව්වෙ...බොරු...ක්ක්..කරපු ත්ත්...තාත්තද.....

බාප්පා මගෙන් ගෙදර ගිහින් දාන්නද ඇහුවා....එයාටත් අද මගුලක යන්න වෙලා කියනකොට මම ඉක්මනට බොරු කරපු තාත්තද අහනකොට බාප්පා මා දිහා බලාගන උන්නා....

උඹ තාත්තා එක්ක

ව්....වෛර...ක්ක්..කරන්නෙ නෑ...හ්හ්..හැබැයි....ස්ස්..සමාව දීමක් නෑ....

......

බ්බ්..බ්බාප්පෙ...

ම්ම්....

බ්බ් ....බාප්පට....ක්ක්..කවුරු ...හ්හ්..හරි...ඉන්නවද....???

බාප්පා අනිවාර්යයෙන්ම අද හවස එන බව දැනගත්තු මම ඒකත් අමතක කරලා තාත්තා ගැන මතක් කරපු වෙලාවෙ කතාව වෙන පැත්තකට හැරෙව්වා...හැබැයි....මේකත් වැදගත් ප්‍රශ්නයක්....

නැ..ඇයි.....

එ..එහෙනම්...බ්බ්....බාප්පට.....ප්ප්..පුලුවන්නෙ....අ..අපෙ....අම්මව.....බ්බ්...බදින්න....

උඹට පිස්සුද කොල්ලො...අක්කව් බදින්න?

එ..එහෙනම්.....බ්බ්..බාප්පා....

එ උඹ පොඩි කාලෙනෙ.....උඹලගෙ මග එකා අක්කට උඹව දෙන්න බෑ කිව්වෙ අක්කට උඹ බලාගන්න සල්ලි නැති හන්දනෙ....පිස්සුද උඹට...උඹලගෙ අම්ම රත්තරන් මනුස්සයෙක් ...එහෙව් එකා...

ඉ..ඉතින්...බ්බ්..බාප්පා.. හොද....ම්ම්..මනුස්සයෙක්....න්..නෙවේද...බ්බ්..බාප්පෙ..බාප්පා...න්න්..නරක...න්න්..නම්....අම්මා..කවදාවත් ..බ්බ්..බාප්පව.....විස්වාස ක්ක්..කරන්.නැනෙ....අනික....තාත්තා...අම්මව....අ..අතෑරලා...අවුරුදු ද්ද්...දහයක්..බප්පට....ත්.තිබුනනෙ.....

යෙවීන්....කසාදෙ කියන්නෙ විහිලුවක් නෙවෙ යෙවීන්...බැදීම් දන්න මිනිස්සුන්ට එක බැදීමක් ගැල උනාට පස්සෙ වෙන කෙනෙක් ගැන හිතන්න බැරි තරමට උන් අසරන වෙනවා..අසරන වෙන්න එකම හෙතුව...උන් ගැලවුන අතැරුන බැදීමට පන වගේ ආදරෙ කරපු හින්දා....

මිනිස්සු ජීවිතේටම හරියටම ආදරේ කරන්නෙ එක පාරයි....උඹගෙ තාත්තා ආදරේ නොකෙරුවට උඹගෙ අම්මා ආදරේ කෙරුවා .....එ වගෙම මමත් එහෙම එකෙක්.....කෙල්ලෙක්ට විහිලුවක් කෙරුවට...මට ආය බදින්න කියල උවමනාවක් නෑ යෙවීන් ...මොකද ...මම ආදරෙ කෙරුවෙත් එකම කෙනාටයි...ඒක.....අදත්..හෙටත්....එහෙම්ම තියේවි ....එච්චරයි .....

මම අහන් උන්නා....මට බාප්පා පව් කියලා හිතුනා ..ආච්චමා කෙරුවෙම දරුවන්ගෙ සතුට විනාස කරපු එක....පව්.....දෛවය මහ අසාදාරනයි .....ආදරේ කරන මිනිස්සුන්‍ට දෛවය කෙරුවෙම නපුරු කම් කරපු එක...කමක් ණැ...අඩන මිනිස්සු හැමදම අඩන් නෑනෙ.....ආච්චම්මා පිස්සු විකාර කියවනවා නම්...මහෙ නම කිය කිය කෑ ගහනව නම්....බොහෝම ඉක්මනටම අනිත් දේවලුත් මම පටන් ගන්නම්.....කොහොමද ඒ උඩටම අද තාත්තට....අර ගෑනිගෙ ඵොටො එකකුත් ලීක් උනාම....

ම්ම්ම්ම්ම්...එක පැත්තකින් වත් සනසීම නැති වෙනකොට කොහොමද එ හැගිම....

ම්ම්ම්...ම්ම්....

කරන්න දෙයක් නෑ.....අපි ඇවිත් කෙලෙස් මරපු උන් නෙවෙනෙ....රහත් උන උන් නෙවෙනෙ........

මම බාප්පා දිහා බැලුවා...

ම්ම්....මාත්...අද එනවා...

උඹ.....උඹ කොහෙද යන්නෙ...

ඇ..ඇමතියගෙ....ප්ප්..පාර්ටියට.....

ඇමතියගෙ....උඹට පිස්සුද...උඅබ හිතුවද ඒක මේ...

ම්ම්..මගෙ....ය්ය්..යාලුවා...එකෙ...අයිති...ක්ක්..කාරයා....

මොකාද.....

මම හිනා උනා...හිනා වෙලා එන්න හැරුනා.....එක පාර මතුවෙලා සප්‍රයිස් කරලා වැඩේ ඇනෙනවට වඩා හොදයි....කියලා ගිහින් නෙළන එක...හිනා උන මම මොකුත් නොකියම මම එනකන් බලන් උන්න තාත්තා ගාවට දිව්වා .....

..මොකො බාප්පා කාරයා කියන්නෙ...

ආච්චම්මට උන කියන්නෙ....

ඒ මොකො....

හ්හ්..හොල්මනකට....බ්බ්..බය..වෙලාලු....

ඒඑ ගෑනි බය වෙන හොල්මනක් නැතුව ඇති ඒ ගෑනිට හොල්මන් බය උනොත් මිසක්..ඔය ශීට් බෙල්ට් එක දාගනින්.....

මම බෙල්ට් එක දාගත්තා...දාගන එහෙම්ම අපිව පහුකරන් ගියපු බයික් එක දිහා බලගන ඉදල තාත්තට මන් කතා කෙරුවා ....

ත්ත්....තාත්තෙ....

ම්ම්ම්.....

ම...මට...අ..අද....ප්ප්....ප්ප්..පාර්ටි...එකක්...

උඹට....? කොහෙ....

ම්ම්...යාලුවෙක්ගෙ....ල්ල්..ලොකු එකක...නෙවෙ...අනෙ..මේ.....උ..උපන්..දින....ප්..පාටියක්...හ්හ්..හවස....

කාගෙද....ඉස්කෝලෙ යාලුවෙක්ගෙද....

ම්ම්....ය්ය්...යන්නද....

ම්ම්ම්ම්....

මම පල්ලියෙ වත්තෙ ඉදන්ම.තවත් බොරුවක් කියල අවසර අරගත්තා .....පාටිය කොහෙද කින්ද මන්ද ඇයි යන්නෙ ඇහුවොත් මට දෙන්න සාදාරන හේතු නැතිම හින්දා උපන්දින පාටියක් කියපු මම තාත්තගෙන් අවසර අරගන කකුල දෙක වන වන ඉදගන උන්නා.....

මාග්ගරතුත් ඒම කරා නම්...අනිත්....උන් කෝම කරයිත.....

මම උන්නෙ කාමරෙ....පල්ලි ඇදන් ගියපු ඇදුම් එලියට දාපු මම එන ගමන් සාලෙ තිබුන ටීවි එක දාගන ආවා වගෙම මුලු විසි හතර පැයේම ජන්ද.මගුල් යන ටීවි එකේ දගයා පටන් අරන් තිබුනා.....

දත් නැති පොඩ්ඩා අර යක්ස මාග්‍රට්ගෙන් බූටක් කාලා නහයෙන් අඩනකොට මට මෙහෙන් මාග්‍රට් වැහිලා උන්නා.....

අරක මගෙ මැසේජ් බලලා නිකමට රිපලයි කරල නෑ....පොඩ්ඩක් හිටපන් මං දැන් උඹව බලා ගන්නම්.....

අම්ම එහෙන් සැරින් සැරේම උදේට කන්න එන්න කියනකොට චූන් පාන් කාරයගෙ පස්සෙ මැරතන් දුවපු තාත්තා පාන්‍ රාත්තලෙ තරම දැකලා මුලු දියවන්නාවටම සෙත් කවි කිව්වා ...

එක බල්ලෙක්ට දෙන්නෙ නෑ මේ පාර.....දාගන්න කන් එනවා....යකො එකසිය හැටක් දීලා මෙක ගන්න ඕනෙද....

ඇත්ත...පාන් රාත්තල නිකන් පාන් කාල වගේ....කුකුල් මස් කිලෝ එක දහයි.....ඉස්සර කිලෝ එකක් අරන් ගියපු මිනිස්සු දැන් පන්සියක් අරන් යනවා....සතියෙ දවස් හයම මැරිලා මැරිලා ඉරිදට විතරක් ගෙදර ඉන්න මිනිස්සු හොදටම කන්නෙ ඉරිදට උනත්....දැන් මිනිස්සුන්ට ඉරිද කියලත් ගානක් නැති උනා....

කුසියට ගියපු මම මේසෙ උඩ තිබුන මාලු බනිස අරන් කැල්ලක් හැපුව....

ක්ක්..කෝ...අනෙ...මැද....

බනිස ඉවර වෙන්න ලන් වෙලත් මැද මොකුත්ම තිබුන් නැතිවෙනකොට තුන් මුලස් කරපු පිටි ගුලියක් විතරක් කාපු මම සිලවට හෙන ඉල්ල ඉල්ල එලි බැහැලා ගම්මැද්දෙ යන්න ගත්තා ...

ස්ස්...සංධීර් .....

ජීප් එක තියනවා...

පාලු බංගලාවෙ වලන් බිදින්න වෙන්නෙත් මටම වෙනකොට මම ගෙ ගාවට ඇවිත් තට්ටු කෙරුවා වගේම මීක් සද්දයක් නැති හින්දා දොර ඇරියා...

පුදුමයි....දොර ඇරලා.....එයා දන්නව මං එනව කියලා.....

චුයික්.....චුයික්.....චුයි...ක්

කාපන් මේක උඹලගෙ අම්මා ඇවිත් බර බලයි....

දොර ඇරන් ඇතුලට එනකොටම මට එයාගෙ කට හඩ ඇහුනා...පියෝනියත් චුයික් චුය්ක් ගානවා...කුසියෙ දොර ඇරලා තිබුනා වගේම මම ඇරලා තිබුන දොරෙන් ගිහින් බෙල්ල දානකොට මහ කුකුලා හැන්දක් අරගන කුකුල් පැටියට කවනවා....

ය්ය්.....ය්ය්..යෝ.....පුන්නක්කු...

ස්ස්..සංධීර් .....ප්ප්...පුන්නක්කු...ක්ක්..කවනවද...දරුවෝ.....

මන් බෙරිහන් දුන්නා වතුර දාපු පුන්නක්කු කෑල්ලක් හැන්දකින් කවන සංධීරයව මං මරන්න ගියා.....

මූ...හාල් කන්නෙ නෑනෙ....

අහකට...අහකට.....ව්..වෙයන්....ස්ස්..සංධීර්.....හ්හ්..හාල්...කන්නෙ නෑ කියන්නෙ....

මම කුකුල් පැටියව උදුර ගන්නකොට සංධීර් බය වෙලා වගෙ බලන් උන්නා වගේම අරූව අරන් බිමින් තිබ්බා විතරයි ඌත් බිම තියන්න කලින් රිව්වා....

යෝ.....හ්හ්.....ම්ම්..මුඩ්ඩක් ගනින්....ස්ස්..සංදීර්.....ම්ම්..මුඩ්ඩක් ගනින්...මූ...රිව්වා....

මම ආයම බෙරිහන් දෙනකොට සංධීර් පොල් මුඩ්ඩක්.හියන් දිව්වා වගේම මම කෑ ගහපු පියොනියට පයින් එකක් ඇන්නා....

ප්ප්..පල.....

ස්ස්..සංධීර් ....

ම්න්.....

අපි....ක්ක්..කීයටද යන්නෙ.....අ..අනික....අ..අරූගෙ...ක්ක්..කාමරෙ ගාවම.....ක්ක්..කැම් තියනවා.....

කුකුල්ලුන්ට කන්න දීලා ගේ පුරාවටම තිබුන කුකුල් බෙටි ඇදපු මම එයාගෙ කකුල උඩ ඉදගන්න කොට එයා ප්‍රින්ට් කරපු කොල දෙක තුනක් ගත්තා....

මේක බලන්න....

එයා ප්‍රින්ට් කරපු කොල දෙක තුන මගෙ අතට දුන්නා..දීලා කට කොනකින් හිනා උනා....යකෝ...මේක අර කොරිඩෝවනෙ...ඒකත්....රෑ.....මෙක..මෙ.....

ඇබිත්තම...මං...අතලේවකන්න බලන් මී වද කඩන එකෙක් නෙවෙ තේරුනාද....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

අ..අනිවාර්යයෙන්ම .....අ..අත...ල්ල්..ලේවක...න්න...බලන්.....ක්ක්..කඩන...ම්ම්..මීවදෙන්....ත්ත්...තේරුමකුත්...න්න්.නෑ...

සංධීර් ....

ම්ම්ම්...

🙂 තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස්....

ආයම එන්නා...ම්

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters