Cherreads

Chapter 72 - 72

සංධීර් හිනා උනා දත් පේන්නෙ නැතිවෙන්න ....හැබැයි ඒක නොන ජාතියෙ හිනාවක්ද කියන්න දන්නෙ සංධීර්ම විතරයි...මොකද ඒ හිනාව ඒතරම්ම සීතලයි....ඒ තරම්ම නපුරුයි...

එයා මොනවා කරයිද...කාගෙ බෙල්ලක් කඩයිද කියන්න දන්නෙ උඩ ඉන්න දෙයියොම තමයි....ඒත්...සමහර වෙලාවට උඩ ඉන්න දෙයියන්ටත් කියන්න බැරිව ඇති...

ස්ස් ....සංධීර් ....

ම්ම්.....

ස්ස් ...සෙව්වන්දිට....ම්ම්ම්...

මොනවා වෙලා ඇති කියලද හිතන්නෙ.....

එයා බල බල උන්න පොත නොවහා අනිත් අතට නැවුවා..නවලා එයාගෙ එක කකුලක් ඉඩ ඉදන් උන්න මාව එයා උස්සලා වගේ අරන් හරහට ඉන්දව ගත්තා...මගෙ අඩු දෙක පුටු පත්තෙන් පහලට එල්ලෙනකොට එයා මාව එක අතකින් අල්ල ගත්තා....ඉන වටේ පැටලුන එයාගෙ අතෙ පිට අල්ලෙ තැන් තැන්වල සීරුම් පාරවල් තිබුනා...ඉස්සර මේ අත්වල එක ලපයක් වත් තියෙන්න නැතිව යන්න ඇති....ඒත්....අද....ඒ ඇගෙ ලපයක් නැති තැනක් හොයන්න නැති තරම් ...

මම එහෙම්ම වයසට ගිහින් උන්න සංධීර් දිහා බැලුවා ...සුදු පාට කෙස් ගහක් කලුකෙස් ගස් අස්සෙ මහ ලොක්කා වගේ හිටන් ඉන්නකොට මම තවත් සුදු පාට කෙස් ගස් දෙක තුනක් තැනින් තැන හිටන් ඉන්නවා දැක්කා....

මට තේරෙන්නෙ නෑ...තාත්තගෙ ඔලුවෙත් තැනින් තැන සුදු කෙස් ගස් තියනවා...ඒත් මට කවදාවත් සංදීර්ගෙ ගාවදි ඒ දැනුන අමූතු දුක තාත්තා ගාවදි දැනුන් නෑ...මට කවදාවත් තාත්තා වයසට යනවා කියලා හිතුන් නෑ...ඒත්....සංධීර් වයසට යනවා කියන එක මට හැමදාම ඒ කෙස් ගස් මතක් කෙරුවා .....

මම එහෙම්ම එයාගෙ මුන දිහා බලන් ඉදලා පිස්සිගෙ පලා මල්ල උන මේසෙ දිහා බැලුවා....රතු පාට අකුරු පිරුන කොල නැති තැනක් නෑ...වැල් වැල් ඉන්ග්‍රීසි අකුරු වලින් මොනව ලියල තියනවද කියලා හිතා ගන්න බෑ....

නීතීඥ්ඥයන්ගෙ සංගමය...නීති පීඨය...නීති විද්‍යාලය...නීති කෙටුම්පත...දන්ඩ නීති සංග්‍රහය.....

ඒ මේසෙ වහගන උන්නා...සමහරක් තැන්වල පත්තර කෑලිපවා තිබුනා...ඒවා අදක ඊයෙක නෙවෙ...හැබැයි...ඒ එකක් වත් විසදුම් ලැබුන ප්‍රශ්න තිබුන පත්තර කෑලිත් නෙවෙ...සේයගෙ නම පවා තිබුන පත්තර කෑල්ලක් තිබුනා.....

ඒ මේසෙ පුරාවටම සිගරට් අලු පවා තිබුන....කොටිම්ම ඉස්සර පිලිවල කියන දේ නූලටම බැලුව සංධීර් මාර විදිහට අපිලිවල වෙලා උන්නා...අපිරිසිදු නෙවෙ....අපිලිවල...එයාගෙ ගෙ ඔලුවෙ තිබුනෙ පලිගැනීම විතරක් වෙනකොට වෙලාවකට එයාට එයාගෙ ගේ වල් වැදෙන එක පවා අමතක වෙලා තිබුනා....

මම මේසෙ පුරාවටම ඇස් යැව්වා .....දහයෙ ෆයිල් කවර අස්සෙ තව තව මොනවද තිබුනා...ඒ අස්සෙන් ගුලි කරල දාපු කොල ගුලියක් ඒ පත්තර කෑලි ගොඩක් උඩ තියනකොට මම එයාගෙ කකුල් දෙක උඩ ඉදම්ම ඉස්සරහට බර වෙලා අරගන්න හදනකොට එයා අනෙ මාව අල්ලගත්තා ...හරියටම අපි නොදරුවෙක් උකුලෙ ඉන්දවගත්තම ඒකා ඉස්සරහට බර වෙද්දි අපි අල්ල ගන්නවා හා සමානවම එයා මාව අල්ල ගත්තා වගේම මම ඒ කොල ගුලිය හේතුවක් තිබුනා හෝ නැතා.....මම ඒක අරගත්තා ...අරගන දිගෑරියා...

අකුරු ගොඩක්.....

ඒකෙ තිබුනෙ සංධීර්ගෙ මැල්ලුන් වගෙ අකුරු ....අවංකවම සංධීර්ට තිබුනෙ මුතු කැට වගේ වත් බෝල හුරතල් අකුරු වත් නෙවෙ .එයාට තිබුනෙ කැත අකුරු.....ඒවා නිකන් වෙද අකුරු වගේ....ලයන්න රූලෙන් එකෙයි...අයන්න රූලෙන් එකයි...දයන්න හිට ගස්සවපු ගැරඩියෙක් වගෙ...නයන්න කාක්කෙක් වගෙ...

එයා ලාච්චුව ඇරියා....මාව උකුලෙ තියාගන උන්න සංධීර් මට ඕන එකක් කරගන්න දීලා එයාගෙ සිගරට් පෙට්ටිය අරගන සිගරට් එකක් කටේ ගහන් අත පත ගාලා ලයිටරෙ හොයාගන සිගරට් එක අවුලගත්තා....අවුලන් එහෙම්ම එයාගෙ ඔලුව ඉදන් උන්න පුටු පත්තට හේත්තු කර ගත්තා වගේම මම අර කොලෙ කියවන්න ගත්තා...

අත් බැදන් දුර ගියත් එකම පාරක 

වෙලි

අතරමග දුටුවෙ නෑ කිසි දාක මල් 

වෙඩි

ඉතිරි කරගන කදුළු අඩන්නට හොද

හැටී

" අහීමි වන බව දැන ම පෙම් කරපු උන්

අපි.."

(උපුටාගත්තකි ....අම්මපයි මං කඩුව දුන්නා...)

මගෙ අත්වල ඇගිලි ගැහෙන්න ගත්තා.....මෙ එයාගෙ වචන නෙවෙ...මේවා තව කාගෙ හරි...හැබැයි....මෙතන තියන හැගීම් එයාගෙ...

මම හැරිලා එයා දිහා බැලුවා...ගොත මට තරහ යන එක ...දුක හිතෙන එක සංධීර්ට හපන් වෙනකොට මම සංධීර් අතේ තිබුන සිගරට් එක උදුර ගත්තා...එයා වහන් උන්න ඇස් දෙක ඇරල මගෙ අතේ තිබුන සිගරට් එක දිගා වගේම මගෙ දිහා බල්න් ඉදල දකුනු ඇහි බැම උඩ ඇරලා ඇස් වලින් ඇයි කියලා ඇහුවා.....

ඇ..ඇයි....ස්ස්..සංධීර් ....??

මොනවද....

මම අතේ තිබුන කොලේ පෙන්නුවා...

ම්ම්..මේකෙ තේරුම...ම්ම්..මේවා...උඹගෙ වචන න්න්..නෙවෙ...මම...ඒක...ප්ප්..

පිලිගන්නවා....මේ..මේවා ...උ..උඹ...හ්..හොරකම්...ක්ක්..කරපු...ව්ව්...වචන....

......

ස්ස්..සංදීර් ...ම්ම්..මනුස්සයෙක්....ත්ත්...තව මනුස්සයෙක්ගෙ....ව්ව්...වචන හ්හ්..හොරකම්..ක්ක්..කරනවා.කියන්නෙ....ඒ..හ්හ්..හොරකම්...කරපු...ව්ව්..වචනවලට...ස්ස්...සමානහැගීමක් හිතේ....තියන...හ්හ්..හින්දා....උ..උඹ...ම්ම්.මේක...ල්ල්.ලියන්න....උඹට...ම්ම්.මෙක...හිතට...ව්ව්..වදින්න....ත්ත්...තරම්...හ්හ්..හේතුව...මොකක්ද...ක්ක්..කියපන්....සංධීර් .....ආ...හ්හ්??

....

ස්ස්.සංධීර් ....ඒකනායක....ම්ම්..මට...

උත්තර බැදපන්....

මම අර අතේ තිබුන කොලේ හොලව හොලව උත්තර ඉල්ලනකොට එයා මගෙ අතේ තිබුන සිගරට් එක ගත්තා ...අරන් මා දිහා බලල මගෙ ඔලුව අත ගෑවා...

ඕක නෙවෙද යතාර්තෙ.....

ය්ය්..යතාර්..තෙ...ප්ප්....ප්....ප්...ප්ප්....

කුනුහර්ප කියන්න එපා...

.......උ..උඹ...

මම දත්මිටි කෑවා...එයා මොකූත් නොවුන ගානට නොවෙන ගානට ඕක නෙවෙද යතාර්තෙ කියනකොට මම.කුනුහර්පයක් පලන්න ගොත ගැහුවා එයා ඊට කලින් මට කුනුහර්ප කියන්න එපා කියලා මගෙ කම්මුල පිට අල්ලෙන් අත ගෑවා...මම ඒ අත ගසලා දැම්මා...

ම්ම්..මට ක්ක්..කියපන්....උ..උඹගෙ....ත්ත්..තුන්..හිතකවත්...මාව....අතාරින්න....

කවදාවත් නෑ...

උ..උඹ....එහෙම..හ්..හිතන්නවත්...එපා..ස්ස්...සංධීර් ...වෙන...උන්...වගේ...මමත්..මට....නැති....උනාට...කමක්...න්න්....නෑ කියන්නෙ...නෑ...මට..නැත්තන්.....කාටත්...එපා....මරලා දානවා.....

මම නහර පුප්පන් කියවන කොට එයා හිනා උනා...එයාගෙම වචන හොරකම්කරන් එයාටම තර්ජනේ කරපු මා දිහා බලලා එයා හිනා උනා...

චන්ඩයා....

මගෙ...

ස්ස්..සංදීර් ....උ..උඹ...ක්ක්..කිව්වා....මීයක්...ක්ක්..කඩන්නෙ....අත...ල්..ලෙව....ක්ක්..කන්න .බලාගෙන...න්න්..නෙවෙ....කියලා....මම...මාත්...අන්න..එ...වගේ.....මට.....අත...ලෙවක...න්න...බලන් කඩන..ම්ම්..මීවලින්....වැඩක් නෑ....හ්හ්..හරි....

ම්න්.....

එහෙනම්....

ඇබිත්තම .....ඇයිමේ....ම්ම්ම්

එයා මගෙ ඔලුව අත ගෑවා...එහෙම්ම මගෙ අත වගේම එයාගෙ නහර පැදුන අත එක ගාව තිබුනා.....

පේනවද...පිපෙන මලකයි....පරවේගන යන මලකයි වෙනස....

...

උඹ තවම පිපෙන්න ගත්තා විතරයි .....මම පිපිලා ඉවරයි...මට දැන් තියෙන්නෙ පෙති අකුලන් පරවෙන්න.....මම උඹව කවදාවත් අතාරින්නෙ නෑ...ඒත්....ඇබිත්තම...දවසක් එනවා.....උඹ මට වඩා අඩි පහක් උඩින් ඉන්න....ඒ වගේම මම උඹට අඩි පහක් යටින් ඉන්න...ඉතින්....ඒක නෙවෙද වෙන්වීම කියන්නෙ....ම්ම්....

අපි හැමෝම මැරෙනවා.....උඹගෙ...හොදම කාලෙදි...මම....නැති උනෝතින් ....ඉතින් ..ඒක වෙන්වීමක් නෙවෙද .....

මම බලාගන උන්නා.....දත්මිටි කෑවා....

ම්ම්..මට....හ්හ්..හරියටම...ක්ක්..කියපන්...උඹ...ම්ම්..මැරුනොත්ද...උ..උඹව...ක්ක්..කවුරු...හ්හ්..හරි....ම්ම් මැරුවොත්ද???

මම මේසෙට ගැහුවා...නිකන් නෙවෙ අත මිටිමොලවලා....මැරෙනවා...මරනවා දෙක එකක් නෙවෙ....

ස්ස්..සංධීර් ....ම්ම්.මැරෙනවා...මරනවා...දෙක...එකක්...නෙවෙ...එ..එතකොට....අ...අහිමි....ව්..වෙනවා....අ...අහිමි...ක්ක්..කරනවා.....ක්ක්..කියන්නෙත්....එකක්...න්..නෙවෙ...උ..උඹ...ම්ම්..මට...ක්ක්..කලින්...ම්ම්..මැරුනොත්.....මම....මගෙ... අ..අන්තීම...ද්ද්...දවස....

එනකන්.....උ..උඹ....වෙනුවෙන් ...ජ්ජ්..

ජීවත්....වෙන්නම්....හ්හ්..හැබැයි.....උ..උඹව..ම්ම්..මැරුවොත් ...මම.....උඹව...ම්ම්.මරපු....උන්....ඔ.ඔක්කොමවම....ම්..

මරාගන...මැරෙන්නම්.....ම්ම්..මොකද....

මැරෙන එකයි....මරාගන....ම්ම්....මැරෙන එකයිත්..... එකක් නෙවෙ හින්දා....

.අවසානෙදි මම හති ඇරියා...සැහෙන්න වෙලා ගොත ගගහා කියවපු මම පපුව පිරෙන්න හුස්මක් අරන් එයා උරව උරව උන්න සිගරට් එක ඇදලා අරන් මම කටෙ ගහගන්නකොට එයා ඒක ඇදල ගත්තා...

දරුවො...

ක්ක්..කැහ්...කැහ්.....ම්ම්..මෙන්න...මෙහෙ...ද්..දියන්...ඕ..ඕක.....ව්ව්..වෙන....වෙන...ම්ම්..මගුල්...න්න්..නටන්න...පුලුවන් නම්....

ගුටි කන්න එපා.....

ගුටි කන්න එපා කියපු එයා මාව ඇදලා ගත්තා ...ඇදලා අරන් තුරුල් කරගත්තා .....නලලට හාදුවක් තියපුඑයා එතනින් එහා මොකූත් නොකියා ඔහේ උන්නා වගේම මම ආයම සෙව්වන්දි ගැන ඇහැව්වා...

ස්ස්....සංධීර් ...ස්ස්...සෙව්වන්දි ....

එයා පුරුදු විදිහටම ඉස්කෝලේ ඒවි....කොල්ලා ගැන ඉතින්...කියන්න ලොකූ හොදක් නෑ.....

අ..අතක්...ප්ප්..පයක්...වත්...ක්ක්.කැඩුවෙ...න්න්.....නැද්ද

ම්ම්...හතරම කැඩුවා...බෙල්ල ඉතුරුයි ....

ම්ම්ම්....ඒ...ක...ප්ප්..පස්සෙ.දවසක....ක්ක්.කඩමු...ඔය...වගේ....උන්....එපාමයි....

මම ඇස් දෙක .හීනි කරගත්තා...ආදරෙ කරපු කෙල්ලවම ගනිකා මඩමකට විකුනන්න තරම්....ආදරෙ කෙරුවෙ නෑ...ඌ සල්ලි වලට තියන් උන්නෙ...හරි...ඒත් යකො...මනුස්සකමක් තියෙන්න ඕනෙනෙන්...අපරාදෙ බෙල්ලත් කඩලා දැම්මා නම්...අනික.....කුඩ්ඩෙක්.....ඔය වගේ එකෙක් ඉතුරු වෙනවා කියන්නෙ ....ඕකා හෙට තව එකෙක් අල්ල ගනී.....එතනින් තව එකෙක් අල්ල ගනී....

මම මගෙ නලලට තට්ටුවක් දාගත්තා.....එතකොට ....අර එදා අපි බලන්න ගියපු මල කද...ඒකට.....

ස්ස්.සංධීර් ....

ම්න්.....

එදා....අ..අපි...අර...ග්ග් ගියෙ...අර....අනිත්....

හතර දෙනෙක්ගෙ ස්පර්ම්ස් තිබුනා.....

හ්හ්..හතරක් ....

ම්ම්....

දෙයියනෙ...අනේ...කෙල්ලව....

ම්ම්..මොකාගෙද....මොකාගෙද....ස්ස්.සංධීර් .....මොකාගෙද.....ම්ම්..මොක්කුද...ඒ....ස්.සිල්...වගෙ....ප්ප්..පුතා...ක්ක්..කියලා...

උගෙ යාලුවන්ගෙ...

ඒ..ඒකියන්නෙ.....මූ...

මම මගෙ කනක් පිහාගත්තා....ඔලුවත් පොඩ්ඩක් හොලව්පු මම සංධීර් දිහා බලනකොට එයා හිනා උනා...හිනා වෙලා මාව බැස්සෙව්වා ...

ඔ...ඔයා...ක්ක්..කොහෙද ය්ය් ....යන්නෙ.....

මම සංදීර්ගෙන් ගොත ගගහා කොහෙද යන්නෙ අහනකොට එයා මගෙ අතින් අල්ල ගත්ත ..

ඇපල් සුද්ද කරන්න...

ඇ..ඇපල්....ඔයා...ඇ...ඇපල්...ග්ග්..ගෙනාවද.....අ..අනෙ...

මම සංදීර්ගෙ අත පද්ද පද්ද ඔයා ඇපල් ගෙනාවද අහනකොට එයා හිනා උනා. .හිනා වෙලා කුසියට ගිහින් පැන්ට්‍රිය ඇරල ඇපල් ගෝනි බාගයක් විතර එලියට ගත්තා... එ වගෙම බ්ලෙන්ඩර් එකක්....

ස්ස්.සංධීර් ....අපි....ක්ක්....කොක්ටේල් හදන්නද.....අ...අනෙ....ය්ය්....යන්නෙ...ඈ..ඈ...

නෑ....

එහෙනම්....

බලාගන ඉන්න...ඇති....

මම බලන් උන්නා...එයා අර ගෝනියෙන් ඇපල් අරගන දෙකට පැලුවා...හැබැයි ගත්තෙ ඇපල් ඇටේ විතරයි....මම බලන් උන්නා...මීක් නොගාපු එයා එකම එක ඇපල් බෑවක් මට දීලා පුරුදු විදිහටම ඇපල් කප කප ඇටේ විතරක් අරගන ඒ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දැම්මා...

ස්ස් ස්...සංධීර් ....ඇ ඇයි....ඇපල්...ඇ..ඇට.....

ම්ම්....ඕනා....

එයා එච්චරයි කිව්වෙ....ඇපල් ඇට ඕනා කියපු එයා අර ඇපල් ගෝනියම කපාගන කපාගන ගිහින් අවසානෙදි ඇපල් ඇට ටික ඔක්කෝම බ්ලෙන්ඩර් කරන්න ගත්තා.....ඩ්‍ර්...ර්...ගාන සද්දෙන් ඇපල් ඇට පොඩි වෙනකොට පුන්නක්කු කාලා මන්ද මසක්කන් වෙලා උන්න පියෝනියා ඇපල් කෑල්ලකට කොටන්න ගත්තා වගේම පිටි වෙන්නම කොටපු ඇපල් ඇට දිහා බලන් උන්න සංධීර් එයගෙ ඵෝන් එක අතට ගත්තා...අරගන මොන මොනවා හරි කොටලා එක මගෙ දිහාවට තල්ලු කෙරුවා .....

Appl seeds poison ...

දෙවියනේ...සංධීර්.....මම එයා දිහා බැලුවා.....පාන් පිටි වගේ කුඩු උන ඇපල් දිහා බලාගන් උන්න සංධීර් අවසානෙදි ඒ ඇපල් ඇට කුඩු එක අරගන තවත් ඒ වගේම ඇපල් ඇට වල කුඩු තිබුන සුදුපාට වීදුරු ජාර් එකකට දැම්මා...

එයා මොනවද මේකෙන් කරන්න යන්නෙ...?? ඇපල් ගෝනියෙම ඇට කුඩු කරපු එයා අවසානෙදි කුසිය මොකුත් නොවුන ගානට පිහල දාල අර වීදුරු ජාර් එක දිහා බලාගන ඉදල එකත් එක්ක හිනා උනා....

බලමු.....කාටද මොකද වෙන්නෙ කියලා .....ඇබිත්තම...ඇහුවනේ.....අර හතර දෙනාට මොකද වෙන්නෙ කියලා...ම්ම්ම්.....

ස්ස් ..සංධීර් ...

ම්ම්ම්.....දන්නවද....යෙවීන්....මම...හැමෝටම....වද...දෙන්නෙ...නෑ....මට...හිතෙන්නෙ...කාටද.....මම එයාට තමයි වද දෙන්නෙ....මට හිතෙන්නෙ කාවද....මම එයාවයි....එකටම ඉවර කරන්නෙ...

සිගරට් දුම්ක් ආයම කුසියෙ එහා මෙහා වෙනකොට සංදීර් එයාගෙ ලිස්ට් එක් ගැන එහෙන් මෙහෙන් කියනකොට මගෙ බඩ කොර වෙන්න ආවා.....ඒ මුනෙ කිසිම අනුකම්පාවක් නෑ...එයා කෙරුවෙ වෙලාවකට කල්පනා කරපු එක වෙනකොට එ කල්පනා කරන තත්පරෙත් එයා හිතුවෙ කාව හරි නැති කරන එක විතරක්ම වෙනකොට මම එයා දිහා ඇස්පිල්ලමක් වත් නොගහ බලන් උන්නා....

‍යෙවීන්....

ස්ස්....සංධීර් .....

උන් මැරෙන්න ...ඕනෙද...නැද්ද.....

ක්ක්..කව්ද...අර...ලමයව....

ම්න්...

මැරෙන්න ඕනා...උන්....අ..අනිවාර්යයෙන්ම ම්ම්..මැරෙන්නම....ඕනා.....ස්ස්...සංධීර් ....උන්..මිනිකදු....උ.උඩට වෙලා අඩනවා...ඇති.....ස්ස්....සාදාරනයක් නැතිව....

අනිවාර්යයෙන්ම ...මිනිසෞ මැරුනට.....උන් ආපහු උඩට එනවා...ඇවිදින්.....උන් වෙනුවෙන්...සාදාරනයක් කරනකන් බලන් ඉන්නවා....මමත් එහෙම එකෙක්.....කන්ද උඩ ඉදන් ඇඩුවෙ නැතත්...ඇගෙ නූල් පටක් නැතුව...මාත්....කෑ ගහලා අඩපු එකෙක්.....පිච්චිලා ගියපු හම....අමු අමුවෙම ගලවනකොට ...මාත් කෑ ගැහුවා....

තුවායට එතෙන හම ඇස් පනාපිට ගැලවිලා යනකොට ...එකම මස් වැදැල්ලක් වගෙ උන සර්වාංගෙම හේදිගන යන්න....වතුර අල්ලනකොට මාව මරපන් කියලා...මමම කෑ ගැහුවා.....

........

මරන වෙදනාව.....ඒක...උන්....විදින්න ඕනා.....ඒක....උන්..අමු...අමුවෙම.....විදින්න....ඕනා.....

ස්ස්...සංදීර් ....

මම අහන් උන්නා...එයා ඇස් හීනිකරන් එයාට දැනුන වේදනාව ඇහෙන නෑහෙන ගානට කියනකොට මම අහන් උන්න...පිච්චුන එකේ වේදනාව දන්නෙ එයාම විතරක් වෙනකොට මට අශාන් කාරයට දෙතිස් වදේ දෙන්න ඕනා උනා.....

ම්ම්ම්....

මං..මං....යන්නම්....

කොහෙද ....

උ..උගෙ ....ර්...රුම්...බ්බ්...බෝයිට....

ඕන් නැ.....

ස්ස්....සං

එපාකියන එකෙ....තේරුම....එපා...!

එයා කෑ ගැහුවා....එපාකියන එකෙ තේරුම එපා කියපු සංධීර් එතන තිබුන වීදුරුවක් පොලවෙ ගහනකොට මම එතන තිබුන අනිත් කෝප්පෙ අල්ලා විසික් කෙරුවා .....

උ..උඹ...ක්ක්..කොහොම...ක්ක්..කිව්වත්...මම....උඹව....ත්ත්....තනියෙන් යවන්...නෑ....එච්චරයි ...

.ඒ මගෙ කටේ සද්දෙ.....කැඩුන වීදුරු කටු සීසිකඩ යනකොට එය වගේම මම අවසානෙදි ඇපල්.ඇට දිහා බලාගන උන්නා....අරුන් හතර දෙනාට අද සැප විදින ගමන් නිවන් යන්න හැම දේම ලෑස්ති වෙලා තියනකොට අඩාගන කම්මුල් පාරවල් දෙකකුත් කාපු මම අවසානෙදි මට ඕන දේ කරගත්තා හැබැයි මේ වෙනකොට මගෙ යටි තොලේ පැත්තක් නෙවෙ කම්මුලම ඉදිමිලා තිබුනා...

.ම්ම්ම්හුක්.....ක්ක්....

ශ්ශ්...ශ්ශ්.....ඇයි ඉතින් අකීකරු කම් කරන්නෙ ම්ම්ම්.....කෝ පෙන්නන්න....

එයා උන්නෙ අයිස් බෑග් එකක් තියාගන....කම්මුල් පාරෙ සැර කොයි තරම්ද කියනවා නම් මගෙ කම්මුල පුපුරු ගගන්න ගත්තා .. ..එන්න එපා එපා එපාම කියනකොට මම එන්න ඕනාගගා ගමම හොල්ලනකොට ඊලග පාර එයා ගහපු කම්මුල් පාරෙ අවසානෙ මාව පුටුවකුත් පෙරෙලන් වැටුන එක වෙනකොට තත්පර ගානට පස්සෙ එයාම මාව උකුලෙ තියාගන කම්මුල තවන්න ගත්තා කම්මුල් පාරක් කාගන හරි මම එයා එක්ක යන්න ලෑස්ති උනා....

ස්..සංධී....ර්

...

..හ්හ්...හක්කෙ....ද්..දත....හ්...හෙලවෙනවා....ව්ව්....වගේ....නේ

මුරන්ඩු යකෙ වගෙ කෑ ගැහුවත් තත්පරෙන් තත්පරෙ ගෙවිලා යනකොට මගෙ කම්මුල නිකන් දත් ගලවන්න ඉන්ජෙක්ශන් ගැහුවම හක්ක නැ නෑ වගේ දැනෙන හැගීමෙන් පිරිලා යනකොට මගෙ යටි හක්කෙ දතක් හෙලවෙනවා වගෙ දැනුනා.....

කෝ ආගාන්න.....

ම්ම්..ඌ..උයි...එ..එප....ම්..මං...අ..අරින්නම්....අනෙ....ස්ස්..ස්..සංධීරයා....හ්හ්

මම හූ තිබ්බා....අමාරුවෙන් කට ඇරපු මම එයා කට අස්සට අත දාලා හෙලවෙනවයි කියලා කියපු දත අල්ලලා බලනකොට මම වේදනාවට හූ තිබ්බා....

..ඒ .ඒක....හ්..හෙළ.....

ම්න්...හෙලවෙනවා...

මම කම්මුල අල්ල ගත්තා...මූ මට දතක් ගැලවෙන්න ගහලා...

.අනේ බාප්පෙ.....බාප්පගෙ කොල්ලගෙ ප්‍රේමවන්තයා කොල්ලට දතක් ගැලවෙන්න ගහලනෙ බාප්පෙ...

අස්..සංධීර් ...උ..උඹ...ම්..මට...දද...දතක්....ග්ග්..ගැලවෙන්න...ග්ග් ...ගැහුවද...ය්ය්...යකො...

...

අ .අහකට....අහකට....ප්ප්...පලයන්....ස්ස් ....සංධීර් ...අ..දින්...ම්ම්...මේ....ස්ස්...

සම්බන්දෙ

පටන් ගත්තා ...

සංධීරයා මාව අල්ලා විසික් කෙරුවා ....අදත් සම්බන්දෙ නවත්ට්ගන්න හදනකොටම පටන් ගත්තා කියන ගමං සංධීර් මාව එයාගෙ උකුලෙන් තල්ලු කරල දාලා නැගිටිනකොට මම හයියෙම්ම අඩන්න ගත්තා...නිකන් නෙවෙ...කෙල පෙරාගන...හෙලවි හෙලවි තිබුන දත ඔක්කොටම වඩා කැක්කුම් කරනකොට අඩන මාව වඩාගන ආයම අයිස් තියන්න හදනකොට මූන පුරවලම මමත් සංධීරයට ගහපු පාරට එයාගෙත් තොල්පට පැලිලා ගියා ....

ද්...දැන්...හ්..හරි.....ස්ස්..සමානයි.....

සංධීරයා මාදිහා බයවෙලා වගෙබලන් උන්නා.. ..මගෙ කම්මුල ඉදිමෙනකොට එයාගෙ යටි තොල ඉදිමිලා ආවා...අනුන්ව මරන්න කලින් අපි දෙන්නා කාකොටාගන අවසානෙදි ඇදට වැටිලා දෙපැත්තට හැරිලා නිදා ගත්තා උනත් ලැජ්ජාව කියන දේ නාමයක් නැති මම අනිත් තප්පරෙ එයා ගාවට රෝල් වෙලා ගිහින් මාව තුරුල් කරගන්න ගගා අඩනකොට එයා ආයම මගෙ පැත්ත හරිලා තුරුල් කරගන්නකොට මම අඩ අඩ හුරතල් වෙන්න පටන් ගත්ත....

ය්ය්...යෝහ්....දත....හ්හ්..හින්ද.....ම්ම්..මට...ම්ම්හුක්.....ක්ක්..කැක්කුමයි...

ච්...ච්..චු.....ම්....චූ...හ්හ්....

කෑ නොගහ දොයියන්න...

ම්ම්හුක්.....උ..උඹ...න්න්..නම්....ක්ක්....කියයි.....ම්ම්..මටනෙ...ම්හුක්.....

මම එයග් බෙල්ල අස්සට මූන ගහගත්තා .....මගෙ යක් පැටියා කියපු එයා දතක් හෙලවෙන්න ගහපු මට පෙනඩෝල් දෙකකුත් පොවලා අවසානෙදි නිදි කරවනකොට රෑට තියන මිශන් එක නිසාම මම එයාට වද නොදී නිදා ගත්තා..හැබැයි නිකන් නෙවෙ...

කටින් කරන්න අමාරු දේවල් ඇගිලි වලින් කරන්න පුලුවන් කියලා එයාට ඔප්පු කරන ගමන්...!!!

දරුවෝ.....

ඇ..ඇයි.....

මං උන්නෙ අපේ ගෙදර.....

පැයක්...දෙක..ක්....නෑ...ඊටත් වැඩී....උදේ ගෙදර ගියපු මම ආයම ආවෙ පහත් පහු වෙල වෙනකොට මගෙ කම්මුල තවමත් ඉදිමිලා තිබුනා.....එවෙලෙ තරහවට ගැහුවට මට නින්ද ගියපු තත්පරේ ඉදන් ඇහෙරෙන වෙලාව වෙනකම්ම මගෙ සංධීර් කරලා තියෙන්නෙ මගෙ කම්මුල අත ගාපු එක වෙනකොට මාව ගෙදර ගෙනත් දාපු තත්පරෙ වෙනකම්ම එයා මාව තුරුල් කරන් උන්නා....සිය පාරක් මුමුන මුමුන ආදරෙයි කිව්ව.....

කෝ බලන්න...මොනවා කරගන්න ගිහින්ද දත ගලවගත්තෙ....

ට්ට්...ටොනික්...ප්ප්...පියනක්....ග්ග්...ගලවන්න ගිහින්....

උඹට පිස්සුද බන් ටොනික් පියන් කටෙන් ගලවන්නෙ..ඇයි උඹෙ බල ඇනියෙ කා ගාවවත් කටර් එකක් තිබුන් නැද්ද....

ය්ය්...යෝහ්....ත්ත්...තිබ්බෙ ...නෑ...අප්පා.....

ඉනට තුවායක් පටලවන් උන්න මම යාලුවෙක්ගෙ උපන්දින පාටියට යන මුවාවෙන් මගෙ ඇදුම මදිනකොට අම්මා සැරින් සැරේ ඉදිමුන කම්මුල බලනකොට දත කැඩෙන්න හේතුවට මම ටොනික් පියනක් කටින් ගලවන්න ගියා කියනකොට තාත්තා මගෙ අනිත් දතත් ගලවන්න හැදුවා....

ගිහින් දාන්නද. 

එ..එපා....ම්ම් මන්...හ්හ්..හන්දියට...ග්ග්..ගිහින්...අනිත්....ක්ක්..කොල්ලොත්...එ..එක්ක යනවා....

කූල් එහෙම බොන්නෙ නෑ....

ඔව්.....උඹ ඔය ගියාට කමක් නෑ...හීනියට ගසල එනවා නෙවෙ

නිකන් ඉන්න අකිල මොනවද ඔය කියන්නෙ.....

ඇයි ඉතින්...මූ බබෙක්ද...නෑනෙ.....කොල්ලොනෙ ගමේනෙ කියල බියර් මූඩියක් වත් ගසලා වරෙන් නැත්තන් මටත් එක්ක ලැජ්ජයි....

මම ඔලුව කස කස හිනා උනා.....කොච්චර බැන්නා කෙරුව උනත් වෙලාවකට තාත්තා කියන්නෙ තාත්තට එහා යාලුවෙක් වෙනකොට මම අම්මලාගෙ කාමරෙට දුවලා තාත්තගෙන් බේරගන්න බැරි කමට රෙදි අස්සෙ හංගල තියන අම්මගෙ ෆර්ෆියුම් එක හොයාගන ඒකෙනුත් ටිකක් නා ගත්තා.....

අ...අම්මෙ.....ම්ම්..මන්...යනවා....

ෆර්ෆියුම් නාපු මම අනිත් පාර අල්මාරිය වහල අඩියට දෙකට එලියට පැන්නා.....ගැහෙන පපුවට අතකුත් තියාගන ගෙදර ඉදන් හන්දිය ගාවට වෙනකම්ම මම දුවගන ආවා....මල ඉර බැහැගන යන වෙලාවක මුලු හැන්දෑ අහසම තැඹිලි පාට වෙන ගමන් තිබුනා....අතේ බැදපු ඔරලෝසුවෙ කටු කැරකෙනකොට අද රෑ ගැන හිතපු මගෙ පපුව නොහිතපු විදිහට ගැහෙන්න ගත්තා....

..එකක් තාත්තා එනවා....බාප්පා.ඉන්නවා....මම තාත්තගෙ කේටරින් එකෙ ඇදුම් හොරකම් කෙරුවා ....රූම් එකෙ කී කාර්ඩ් එක ඉස්සුවා...ඒ මදිවට...කැමරා...

තත්පරෙන් තත්පරේ ගෙවෙනකොට මගෙ හදවත දියෙන් ගොඩදාපු මාලුවෙක් වගෙ ගැහෙනකොට හයහමාරෙ කනිසම වෙනකොට පල්ලියෙ තිරින්දාඩිය ගහනව ඇහුනා වගෙම මම හතරමන් හන්දියෙ ඉදන්ම කුරුස ලකුන ඇදන් හිමින් හීන් සංදීර්ගෙ ගෙදර පැත්තට පයින් ඇවිදන් ඇවිත් එහෙම එයාගෙ ගෙදරම ආවා....

ස්ස්..සංධීර් ....

පුරුදු විදුහටම දොර ඇරන් ඇතුලට ආව මම එයාව හොයාගන එයාගෙ කාමරේට යනකොට කාමරේ දොර වහලා තිබුනා වගෙම මම එයාට කතා කරනකොට එයා මට එන්න කිව්වා වගේම මම දොර ඇරියා.....

ලබ්.....

ඩබ්.....

ලබ්...

ඩබ්.....

එයා ඉන්නවා....වයසක සංධීර් ව සම්පූරනම හංගපු තරුන සංධීර් ඉන්නවා...මට පිටුපාලා උන්න එයාගෙ කොන්ඩෙ ඉදම්ම වෙනස් වෙලා තියනකොට මම තත්පර ගනක් විනාඩියක් එයා දිහා බලන් උන්නා වගේම එයා මා දිහා හැරිලා බැලුවා.....මෙච්චර වෙලාම මගෙ ගැහුන හදවත නැවතිලා ගියා.....

ස්.....සංධීර් ...

https://www.youtube.com/watch?v=7QXDnWRy6MI

.....

ඇබිත්තම....

වචන නැතුව මම ගොලු උනා....එතන උන සංධීර් මාව සම්පූරනම ගොලු කරල අතාරිනකොට මගෙ ගාවට ආව එයා ඇබිත්තම කියන ගමන් මාව ආයම පියවි සිහියට ගන්න ගමන් මගෙ අතට ඇදුමක් දුන්නා...දීලා ඇදගන්න කිව්වා....

එයා දීපු ඇදුම අතට ගත්තු මම මම ඇදන් ආව ඇදුම සම්පූරනම ගලවලා දාලා ඒඇදුම ඇදගත්තා වගේම තත්පර ගානකින් සංධීර් ඉස්කෝලේ යන කොල්ලව වහල දැම්මා.....කඩා හැලෙන සින්දු කොන්ඩෙට වැදුන ස්ප්‍රේ පාරත් එක්ක කොන්ඩෙ ඉත්තෑකූරු වෙනකොට එයා මාව සම්පූරනම කනපිට හරවලා මාව කන්නඩිය පැත්තට හැරෙව්වා .....හරවලා මගෙ පිටිපස්සෙන් ඉදන් මා දිහා බලන් උන්නා....

ඇබිත්තම ....

සංධීර්ගෙ...

එයා එච්චරයි මිමිනුවෙ...මටවත් අදුනන්න බැරි මන් දිහා මන් බලාගන ඉන්නකොට එයා පිටිපඩ්සෙන් ඉදන් කට කොනින් හිනා වෙනකොට මාත් එයා එක්ක කන්නාඩියෙන් බලාගන හිනා උනා.....

....

යමුද....

ම්ම්ම්ම්ම්ම්...

එයා මගෙන් යමුද අහනකොට මන් යමුයි කියන්න ඔලුව වැනුවා වගේම එයා මට ඉස්සරහින් ගියා....මන් එයාගෙ පිටිපඩ්ඩෙ ආවා....හැබැයි දොරකොඩ පනිනවත් එක්කම එයා නැවතුනා.....නැවතිලා එක පාරම මාව තුරුල් කරගත්තා .....

"ප්‍රවේසමෙන්.....මට ඉන්නෙ මෙච්චරයි ....කරුනාකරලා .....

ප රි ස් ස මෙ න්....සීරූමක් හරි උනොත්...බලා ගන්නම්....."

එයා මාව තුරුල් කරගන මට ප්‍රවේසමෙන් කිය්ස්න එක බරකරලම කියනකොට එයාට හා කියලා උත්තර බැදපු මන් අනිත් පාර එයාගෙ මූන අත් දෙකෙන් අල්ල ගත්තා...

"ප්...ප්‍රවේසමෙන් ....ම්ම්.....මගෙ...ස්ස්....සංධීර් .....ම්ම්....මැරෙන්න...ප්ප්..පුලුවන්...උ..උනාට...ම්ම්...මරන්න.....දෙන්න...බෑ....එහෙම....උ...උනොත්...බ්බ්..බලා....ගමු....."

ආදරෙයි.....ස්ස්....සංධීර්...

ඇබිත්තම ....

සංධීර්ගෙ.....

ආදරෙයි...

තත්පර ගානක් මූනට මූන බලන් උන්න එයයි මායි ජීප් එකට නැගලා එන්න ආව.....හතරමන් හන්දියෙන් දකුනු අත පැත්තට හරවනවත් එක්කම "යෙවීන් කේටරස් " කියලා ගහපු වාහන හතර පහක් එක්කම බාප්පගෙ කලු කාර් එක වගේම තාත්තගෙ සුදු කාර් එක යනකොට මට හුස්මක් පිට උනා වගේම එයා මගෙකලවෙට උඩින් අත තිබ්බා.....

නවතින්න ඔනා නම්.....තවම වෙලාව තියනවා...යෙවීන්.....

න්න්...නවතින්න.....බ්බ්...බලන්.....ම්..මං....පොරොන්දු .....දෙන්නෙ...නෑ.....ස්ස්.....සංධීර් ....

මොනවද ඕනෙ...ඇබිත්‍තමට....

ව්ව්...වැලන්....ට්ට්.ටයින්...ර්‍ර්...රෝස....

මලක්.....

.......

මන් හිනා උනා....එයා මොනවද ඕනෙ අහනකොට මන් රෝස මලක් ඉල්ලුවා වගේම එයා හා කියන්න ඔලුව හෙලෙව්වා...

එතනින් පස්සෙ එයයි මායි.දෙන්නම කතා නොකර උන්නා....අපිව පහුකරන් ගියපු බාප්පල යන්න යනකොට අපිත් වෙරල පාර දිගෙ එන්න ආව....

ප්‍රනීත්ලගෙ banquet hall එක ඈත තියාම කහපාටින් දිලිසනකොට ගේට්ටුව ගාව ගාර්ඩ් එක දාලා උන්නා ...ඇමතියලාගෙ කිරි කිරි වාහන එක පෝලිමට පාර්කින් එකට යනහැටි මමයි සංදීරුයු බලන් උන්නා වගේම සිල්වගෙ වාහනෙ ඇතුලට යනවත් එක්කම අශාන් කාරයගෙ වාහෙත් ඇතුලට දැම්මා වගේම ඒකා වාහනෙන් බහින හැටි අපි දෙන්නම බලන් උන්නා....

දැන් තියෙන්නෙ මගෙ වාරෙ.....

මම සංදීර් දිහා බැලුවා...එයා එන්නෙ මට පස්සෙ...කී කාර්ඩ් එක අතට හිරකරගත්තු මම ප්‍රනීත්ව ඇමට ගත්තෙ සංධීර් ඉස්සරහම වෙනකොට අතපය කඩාගන උන්න ප්‍රනීත්ට මොකුත් බැරි බව දන්න හින්දම සංධීර් අහගන උන්න වගෙම ගෙට් එකෙ ගාර්ඩ්ට ප්‍රනීත්ගෙන් කෝල් එකක් එනකොට මම ජිප් එකෙන් බැස්සා...

බැහැල සංධීර් දිහා බැලුවා

Good luck MR..EKANAYAKE!

🙂එක වසර මදාවි පන්තියෙ ජොබී නිදහාස්....

More Chapters