Cherreads

Chapter 47 - 47

මගෙ පපුව ගිඩි ගිඩි ගානවා...මෙච්චර සෙනග ගොඩක්මැද....මගෙ නිර්වාන්ට උන්නෙ අපි තුන් හතර දෙනා විතරයි .....මේ මිනිස්සු හැමෝම කෑගහන්නෙ මේ රින්ග් එක ඇතුලෙ උන් හැමදාම දකින මූනට වෙනකොට කව්ද දෙවියනෙ අලුතෙන් ආව මූන ගැන විස්වාස කරන්නෙ....

උන් උන් පොරකාගන්නවා....නිර්වාන්ගෙ ප්‍රතිවාදියට ලන්සු තියනවා...ඒත් මගෙ නිර්වාන් වෙනුවෙන් ලන්සුවක් තියන්න බල්ලෙක් නෑ....

සාධාරනයි....උපරිම සාධාරනයි .....නිර්වාන්ම නිර්වාන් කියන්නෙ කව්ද කියලා මෙ හැමෝටම පෙන්නන තාක්...මේ හැමෝටම නිර්වාන් කියන්නෙ නිකම්ම නිකන් පරාජිතයෙක් විතරයි ...

දන්නවද...මිනිස්සු පරදින්න ඕනා.....හැම තැනම දින්නම ඕනා කියලා නීතියක් නෑ හැබැයි....ඒ නිකම්ම නිකන් පරාජිතයෙක් විදිහට නෙවෙ .....විරුද්ධ වාදියට ප්‍රභලම සටනක් දීලා..හරියටම ඌ උගෙ ජීවිතේම කැපකරල මෙ දිනුම ගත්තා කියන හැගීම උගෙ පපුවට කාවද්දලා...

මිනිස්සු සමහර තැන්වල පරදින්න ඕනෙ....බලන් ඉන්න මිනිස්සුන්ගෙ හිතේ කවදාවත් අමතක නොවෙන මතකයක් දීලා....ඒකයි...යුධ පෙරමුනේදි පපුවෙ ලේ සලකුන එක්ක සදහටම පරවුන පොපිමල් වලට මිනිස්සු යුධ වීරයො කියන්නෙ....සතුරා ඉදිරියේ පරාද උනත්...ඒ පරාද වීම අපි කාගෙවත් හිත් වලින් අමතක කරන්න බැරි විදිහටයි ඒ මිනිස්සු යන්න ගියේ....

මං බලාගන උන්නා.....හතර වටම මිනිස්සු කෑගහනවා....

ඩේමියන්....ඩේමියන්...ඩේමියන්!!!

ඩේමි....ඩේමි....ඩේමි....ඩේමි...!

හිතන්න...මේ සිය ගානක් මිනිස්සු කෑ ගහන්නෙ නිර්වාන්ගෙ ප්‍රතිවාදියා දිහා බලාගන...මගෙ නිර්වාන්ට මොනවා නම් දැනෙනවා ඇතිද...අපි හතර දෙනා නිර්වාන් නිර්වාන් කියලා කෑ ගැහුවත්.....මහෙ නිර්වාන්ට ඇහේවිද.....

නිර්වාන් ...අනිවාර්යයෙන්ම ....පැරදුනත්...උඹව පරාද කරන්න අමාරු එකෙක් විදිහට පැරදියන්.....

මගෙ නිර්වාන් ....උඹට අද උඹගෙ නම නෑහේවි....ඒත් දවසක් ඒවි...මුලු හතර කොනම නිර්වාන් කියලා කෑගහන.....

නිර්වාන් ....නිර්වාන් ...නිර්වාන් ...නිර්වාන් .....

මං නැගිටලා කෑ ගැහුවා...මගෙ කටහඩ ඇහෙන්නෙ නැති බව දැන දැන උනත්....මං කෑගැහුවා...

කමෝන් මස්සිනා...කමෝ....න් ගහපිය ..ගහපිය ඕකට...ගහපිය.....

මගෙ හිතට ෆිට් එකක් ආවා...සැලා නැගිට්ටා...මෙච්චර වෙලාම ශෙනිරුගෙ අත අල්ලන් උන්න සැලා නැගිට්ටා.....ඌත් මට එකතු උනා

නිර්වානයා.....අපි ඉන්නව.....හ්...නිර්වානයා...ආදරෙයි වුත්තො පැලෙන්ඩ.....!

මගෙ ඇස් වලට සතුටු කදුලු උනන්න ගත්තා...තනි මගෙ කටහඩට තව කටහඩවල් දෙකක් එකතු උනා..සනාශ් ශෙනිරු දෙන්නම කෑගහනකොට මං බලාගන ඉස්සරහම උන්න සංජනත් කෑ ගහනවා....

නිර්වාන් ....නිර්වාන් ..

ඩේමියන්...ඩේමියන්.....ඩේමියන්...

මං දන්නෙ නෑ..මෙතන කීයට කීයෙ අනුපාතෙද කියලා ..ඒත්....නිර්වාන් වෙනුවෙන් උන්නෙ හතර දෙනයි.....

කමක් නෑ..කිසිම මිනිහෙක් එක රැයින් හැමදේම දින අගත්තෙ නෑ....ලොකුම ෆැන්ඩම් එකක් ඉන්න බටස කොල්ලො පවා උන් උන්ව ගොඩ දාගන්න පටන් ගත්තෙ අන්තිම අඩියෙ ඉදන්.....එදා උන් උන්නෙ කොහොමද...අද උන් ඉන්නෙ කොහොමද .....

නිර්වාන් ...නිර්වාන් .....

මං කෑගැහුවා...උඹ පරාද උනොතින් මට රිදේවි මගෙ අයියෙ ..හැබැයි ...එ උඹ පරාද උන හන්ද නම් නෙවෙ....පරාද වෙන්නත් උඹ නොසෑහෙන්න ගුටිකාපු හන්දා...

නිර්වාන් ....

ලොකූම ලොකු හුස්මක් ගත්තු මං පුටුව උඩට නැගලා මගෙ අත් දෙකෙම්ම කට මුවා කරනග අච්චර වෙන නමක් කිය කිය කෑගන මිනිස්සු අතරෙ මම මගෙ නිර්වාන් ගෙ නම කියලා කෑ ගැහුවා.....

විස්වාස කරන්න එයා මාදිහා බැලුවා...

එයාට මං කියපු එක ඇහුනද....

නෑ..කොහෙත්ම නෑ...මේ සිය ගානක් අතරින් මගෙ කට හඩ විතරක් වෙනම නලේකින් එයාගෙ කනට පෙරිලා යන්න කොහොමත්ම විදිහක් නෑ....

හැබැයි ....එයා විශ්වාස කෙරුවා...එයාගෙ හැම දේම උන සයාශ් එයා වෙනුවෙන් කෑගහනවා ඇති කියලා ...

එයා විශ්වාස කෙරුවා ...එයාට රකින්න තියන එකම බැදිම...

එයාගෙ උරහිස උඩට වැටුන එකම බර උන එයාගෙ ආදරනියම චූටියා කොහෙ හරි ඉදන් එයා වෙනුවෙන් කෑගහනවා.කියලා ....

මිනිස්සු සිය ගානකකගෙ ඇස් ගෙඩි ඇතුලෙන් එයා හරි ඉක්මනට මාව හොයා ගන්නකොට අනෙ නෑහෙන බව දැනම මං යටි ගිරියෙන් බෙරිහන් දුන්නා....

මගෙ නිර්වාන් ...උඹට පුලුවාන්.....

ටින්ටින් ටින්....

තරගෙ පටන් ගත්තා .....මෙතන ඉදන් මගෙ පපුව පුපුරන්න ගත්තා.....අඩ නිරුවත් තිරිවානා පාට ඇගෙ තැලුම් පාරවල් දකින වාරයක් වාරයක් ගානෙම මගෙ හිත කඩා වැටෙනකොට මගෙ ඇස් වලට කදුලු උනනන් ගත්තා ...

අනේ නිර්වාන් .....

එයා ගුටිකන වාරයක් ගානෙම මිනිස්සු කෑගහනවා...ඩේමියන් ඩේමියන් ගගා උන් සතුටට කෑගහනවා...ලන්සු තියන උන්ගෙ ලන්සුව තව තව ඉහල යනවා...

ඉස්කෝලේ යන කොල්ලෙක් විදිහට මගෙ දරාගැනීම ඔයි වගේ වේවිද....

ඇස් පනාපිට එයා ගුටු කනකොට අනේ...නිර්වාන් ...මුන...අයියෙ...මූන වහගනනි අයියේ...ගගා මන් කැගැහුවා.....එක තැනක ඉන්න බැරි මං අවසානෙදි පුටු පේලි මැදින් ඉස්සරහට දුවන කොට සංජන රිංග් එක.වටේ දුව දුව නිර්වාන් නිර්වාන් ගගා කෑ ගහනවා.....

නිර්වාන් ..අනේ..නිරූ.....ගහපන්...අයියෙ.....

එයාට පාරක් වැදුනා..මූන කවර කරන් උන්න එයා අවසානෙදි එයාගෙ ප්‍රතිවාදියට පාරක් ගැහුවත්...පලපුරුද්ද තිබ්බ ඌ අනිත් අතට මගෙ නිර්වාන්ට අත දිගෑරලම ගහනකොට .....

අනේ දෙවියනේ.....හ්

.

මට කෑගැස්සුනා....එයාව වීසි වෙලා ඇවිදින් රින්ග් එලෙ වැදුනා.....

නිරූ .අනේ නැගිටපන්...නැගිටපන්...අයියේ....හ්..අනේ...නිර්වාන් ....

.තත්ත්පරෙන් තත්පරෙ ගෙවි ගෙවි යනවා...කිව්වට විස්වාස කරන්න..මගෙ පපුව පුපුරන්න ආවා.....හදවත මගෙන් පැනලා දුවන්න හැදුවා.....බලන් ඉන්නකොට ඒ රෝසතොල් පැලිලා ගියා....

අනේ..නිර්වාන් ...සනාශ්...සනාශ් අනේ බලපන්...අනෙ මොනවා හරි කරපල්ලකො ...අනෙ..ශෙනිරු ...පලවෙනි වටේ ඇති අයියෙ ..අනේ....මගෙ නිර්වාන්ව ඉතුරු කරන්ඩ කියපල්ලකො....

අනේ මන් කෑ ගැහුවා.....පලවෙනි වටෙන් ඇති ..මගෙ නිර්වාන්ව ඉතුරු කරන්ඩ කියපල්ලා ගගාකෑ ගැහුවා...මන් මගෙ පස්සෙන් ආව ශෙනිරුගෙ සනාශෙ ඇගේ එල්ලුනා...උන්ව හෙලෙව්වා ....නිර්වාන්ට වදින පාරක් ගානෙම මගෙ පපුව ගැලවෙන්න ආවා....ශෙනිරු දත් මිටිකාගන බලන් උන්නා....

ඩේමියන්....

ඩේමියන්....

ඩේමියන්.....

මගෙ කන් දෙකට යවුල් බස්සනවා වගේ...ඔලුව එහාට හරවලා බැලුවත්...මෙහාට හරවලා බැලුවත්...මිනිස්සු ලංසු තිය තිය කෑ ගහන්නෙ එකම නමක් කිය කිය වෙනකොට අනේ මගෙ නිර්වාන් ඔලුව පහත් කරන් ඉදල ඉදලා හරි අසරන විදිහට අනිත් එකාගෙ නමින් කෑ ගහන මිනිස්සු දිහා බැලුවා....

ඌ හිනා වෙනවා...තරගයක් උනත්...තිරිසනෙක්ට ගහන්න වාගෙ ගහපු ඌ රින්ග් එක වටේ කැරකි කැරකි කෑ ගගහා උගෙ හයිය පෙන්න පෙන්න කෑගහනකොට කෙලින් හිටගන්නවත් බැරිතරම් ගුටි කාලා උන්න මගෙ නිර්වාන් එයාගෙ පුපුරපු යටි තොලපිට අල්ලෙන් තද කර කර හරි අමාරුවෙන් හුස්ම ගත්තා . ..

අනේ සනාශ් ...මට හුස්ම ගන්න බෑ...

අන් පපුව අල්ලගත්තා ....

පලවෙනි වටෙ ඉවර උනා...නිර්වාන්ගෙ කෝච්ට හිටපු මනුස්සයා මොන මොනවදෝ කිය කිය එයාගෙ උරහිස් වල මස් පිඩු ලිහිල් කර කර ඉදලා එයව යැව්වා...අනේ පලවෙනි වට්ව් විදිහමයි ....

අනේ සනාශ් ...දැන් ඇති ..දැන් ඇති...අනේ ඔය මගුල් ඕන් නෑ ලොකූ.....අනෙමගෙ නිර්වාන් ඉතුරු වෙන එකක් නෑයකො.....

මං දුවන්න හැදුවා....එයාව වීසි වෙලාගිහි ආයම රිංග් එකේ වැදුනා.....එයා කොච්චර ගැහුවත් අරූට ඒවා නොදරුවෙක් ගහනවා වගේ දැනුනත් ඌ ආපිට මගෙ නිර්වාන්ට ගහපු හැම පාරක්ම බලන් ඉන්න මටවට්න් දරාගන්න බැරි උනා...

ඒ මුන නිල් වෙලා...දැනටමත් ඇහැක් බාගෙට වැහිලා ගිහින්...මං මේ වෙනකොට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට තිස් තුන් කෝටි.වාරයක්ම කෑ ගහන්න ඇති....

නිර්වාන් ..අනේ....ගහපන් නිර්වාන් ....

මං කෑ ගැහුවා...අරූ හිනා වෙවී රිංග් එක වටෙ දුවනවා...

ඒ දෙන්නා මැදට එනවා ගහගන්නවා යන්වා...දෙවනි වටෙත් ඉවර වෙලා අවසානම.වටෙ පටන් ගත්තා .....

මං මගෙ පපුව නවතින තරම් වේගෙන් ගහගත්තා .....

අනේ නිර්වාන් .....නිර්වාන් ගහපන්...අයියෙ...මං උඹට මේ වේදනාව දුන්න හැමෝටම පලි ගහනවා නිර්වාන් ...

ශෙනිරු ..අනෙ...මොනවා හරි කරපන්කො .....මොනවා හරි දෙයක් කරපන්කො...

මන ශෙනිරුව හෙලෙව්වා ...තව විනාඩි ගානක් තියනවා...මේ මිනිස්සු හැමෝම එයාගුටි කන වාරයක් ගානෙම අර මනුස්සයගෙ නම කියලා කැ ගැහුවා....

මගෙ නිර්වාන් වීසිවෙලා යන වාරයක් ගානෙම ඉන් අනිකව තව තව ඉහලට උස්සලා තිබ්බා...මෙච්චර මිනිස්සු ගොඩක අපේ කටහඩවල් ඇහෙන්න නැතිව යනකොට ඒකා අනිත් පාර මගෙ නිර්වානට ගහපු ගැහිල්ලය මං පපුව අල්ලන් පුටුවට වැටුනා

චූටි.....චූටියා

නි...නිර්වා...නට...එන්න...කියපන්.....ල්..ලොකු...මාව...මැරෙයි...

චූටියා ..උඹට මොකද චූටි...සෙනූ අනේ...මේ චූටියව ...

සයාශ් ....සයාශ් ....සයාශ් ..මල්ලි.....සයාශ් ....

මට හුස්ම හිර උනා....අවසානම වටෙ අවසානම තත්පර ගාන...මගෙ නිර්වාන් උන්නෙ බිම වැටීගන.....මට ඒදිහ බලන්නවත් හයියක් නෑ..එ එත්...එයාට ඉන්නෙ අපි විතරයි ...එයාට ඉන්නෙඅපි තුන් හතර දෙනා විතරයි ....මගෙ හුස්ම එන්න එන්නම හිර වෙනවා.....කලුයි සුදුයි ඉරි ඉරි ඇදගත්තු ජජ් කෙනෙක් රින්ංග් එක අස්සෙ ඉදන් නිර්වාන් වටේ කැරකි කැරකි ගනින කොට අනේ උන් හැමෝම මේ වෙනකොටත් ඩේමියන් කියන එකාට දිනුම දීලා ඉවර වෙලා තිබ්බා...

නිර්වාන් ....නැගිටපන් නිර්වාන් ....

පපුව අල්ලන් කදුලු පුරවන් උන්න මං රින්ග් එක ගාවට යන්න බැරි උනත් යකඩ දැල ගාවට ගිහින් දැලේ එල්ලීගන කෑ ගැහුවා.....

එයා ඉන්නවා..හුස්ම අල්ලගන්නවත් පන නැතිව එයා ඉන්නවා බිම වැටීගන....

මේ ඔක්කොටම හේතුව එයාගෙ අම්මා විතරක් වෙනකොට මං දැල හොලව හොලව කෑ ගැහුවා...

නිර්වාන් ...අනේ...නිර්වාන් නැගිටපන්...නිර්වාන් ඇස් ඇරපන්...අයියේහ්.....

නිරූ...හ්

මං කෑ ගැහුවා...මගෙ කටෙ කෙල හිදෙනකම්ම කෑගැ ගැහුවා....

නිල් උන මූන...ඉදිමුන ඇහැ....පුපුරපු යටි තොල්....අනේ එයා බිම වැටීගන ඇස් පියාගන හුස්ම අල්ලනවා....

නිරූ...අනේ අයියෙ මං උඹගෙ චූටියා...නැගිටපන් නිර්වාන්

නිර්වාන් .....නැගිටපන්...නිර්වාන් ..අනේ...නිර්වාන් ...නැගිටපන්...

මන් රූට්ටලා බිම ඉදගත්තා ....නැගිටපන්....නැගිටපන් ගගා කෑ ගහපු මං අඩලා අඩලම හෙම්බත් වෙලා අවසානෙදි නිර්වාන් ....අනේ....නැගිටපන්...මාව මැරේවි...අයියේ....ගාලා.කෑගැහුව...

නිර්..වාන්.....

එකපාරම ...හැම දේම සයිලන්ට් වෙලා ගියා...මං උන්නෙ දැල් ගේට්ටුවෙ එල්ලීගන බලාගන උන්නා...මං.මගෙ ඔලුව ගහගත්තා ....ඒ තරම් සැර පාරවල් එයාට වැදුනා...

නිර්වාන් .....නැගිටපන්...නිර්වාන් .....

මම.මිමිනුවා...ඩේමියන් ...ඩේමියන් ගගා කෑගහපු මිනිස්සු අවසානම තත්පර දෙක තුනේදි වෙනස් උනා....බාගෙට බාගයක් එක පාරම.කෑ ගහන එක නවත්තලා ....

නිර්වානයා.....නැගිටපන් කොල්ලෝ...හ්

ශෙනිරු කෑ ගැහුවා.....එක තත්පරේකදි මෙච්චර වෙලාම කෑ ගහපු මිනිස්සු....එළ තත්පරේකට තුශ්නිම්භූත වෙලා ගියා.....

නිර්වාන් ...නිර්වාන් ...නිර්වානයා නැගිටපන්...නැගිටපන්

චූටිය....චූටියා උඹගෙ නිර්වාන් නැගිටින්න යන්නෙ....චූටි බලපන්...

අන් උන්නෙ මගෙ කන්දෙක අත් දෙකෙම්ම වහගන....මං උන්නෙ මෙතනින් පැනලා දුවාගන්න බැරිව.....එහෙන් උන් කෑ ගහනවා...මගෙ නිර්වාන් වැටීගන ඉන්නවා මේ හැම දේම මගෙ ඇස් ඉස්සරහා චිත්‍රපටියක් වගේ මැවි මැවි පේනකොට ශෙනිරු පුලුවන් තරන් කෑ ගැහුවා...කලින් වගේ නෙවෙ..මෙවෙලෙ මගෙ නිර්වාන්ගෙ නම කියලා කෑ ගහනවා හොදටම ඇහුනා.. ...සනාශ් මාව හොලවනවා....

නිරූ...අනිවාර්යයෙන්ම උඹ දිනන්නම ඕනෙ...උඹව රිදවපු උන් වෙනුවෙන් උඹ දිනන්නම ඕනේ නිර්වාන් .....උඹ අනිවාර්යයෙන්ම දිනපන් අයියෙ.... 

මං කදුලු පිහදාගත්තා .....පිහදාගන උන්න තැනින් නැගිට ගත්තා ....නිර්වාන් උන්නෙ බිම වැටිලා...අනිකත් උන්නෙ බිම වැටිලා....හැබැයි දෙන්නට දෙන්නා ආපහු නැගිටගන්න හදනවා...ප්‍රතිවාදියට ලන්සු තියපු උන් එකා දෙන්නා හිමීට හිමීට කටවල් වහගන්නකොට කදුලු පිහදාපු මං නැගිටලා පුටුව උඩ හිටගත්තා . . .

නිර්වාන් .....නිර්වාන් ..නැගිටපන්...නිර්වාන්!!!මං බලාගන ඉන්නවා නිර්වාන් ....අපි හැමෝම...බලන් ඉන්නවා නිරූ .....අපි....හතර දෙනාම....බලාගන ඉන්නවා...නිර්වාන් ...

මං කෑ ගැහුවා...වැටීහන උන්න නිර්වාන් නැගිටින්න හැදුවත් එයාව් ආයම ඇදගන වැටුනා....ඔලුව යන්තන් කෙලින් කරගත්තා උනත් ආපහු ඇදගන වැටුනා...ඇහැක් සම්පූරනම නිල් වෙලා ගියපු මගෙ නිර්වාන් ඉතුරු වෙලාතිබුන ඇහැ ඇරන් උන්නෙත් පුදුමාකාර වේදනාවකින් කියන්න මගෙ ඇස් දෙකට දැකපු හදවතට දැනුන මං පුලුවන් තරම් කටේ කෙල හිදෙනකම්ම නිර්වාන් ...නිර්වාන් ...නිර්වාන් ...ගගා කෑගහනකොට එයා වැටීගන උනත් මා දිහා බලාගන උන්නා....

නිර්....වාන්...නැගිටපන්..මගෙ....නිරූ....

අත් දෙකෙම්ම කට මුවා කරගත්තු මං නැගිටපන් නොරූ ගෑවා....ආපහු යකඩ දැලේ එල්ලුනා.....පුලුවන් තරම් දැලට ගැහුවා....එයා බලාගන ඉන්නවා....හුස්මගන්න වේගෙටද කොහෙද ඒ පිට හරි වේගෙන් උස් පහත් උනා.....

"චූ.....ටී...."

එයා මිමිනුවා...වේදනා දෙන තොල් වලින් එයා යකඩ දැලේ එල්ලීගන උන්නමා දිහා බලලා මිමිනුවා.....

නිරූ...නැගිටපන් නිරූ ..නැගිටපන් ....නිර්වාන් ...

නිර්වාන් .....නිර්වාන් ....නිර්වාන් ....නිර්වාන් ....

එක තත්පරයයි.....හෙමින් හෙමින් හැම දේම අනිත් අතට කැරකෙන්න ගත්තා..මෙච්චර වෙලාම නිර්වාන් ගෙ නම කියලා කෑගහන්න උන්නෙ අපි තුන් හතර දෙනා විතරයි ....ඉස්සරහා ඉදන් නිර්වාන් නැගිටපන්...නැගිටපන් ගගා සංජන පුලුවන් තරන් එහා මෙහා දිව්වා...ඒ ඇරෙන්න අපිට කියලා වෙනකවුරුත් උන්නෙ නැති උනත් මෙච්චර වෙලාම බිම වැටීගන උන්න මගෙ නිරූ නැගිටගන්නවත් එක්කම ඩේමියන් ඩේමියන් ගගා ලන්සු තියාපු උන්ගෙ කටවල් හිමින් හිමින් වැහෙන්නත්...නිර්වාන්ගෙ නම කියලා එකා දෙන්නා කෑගන්නත් ගන්නකොට මම උඩ පැන්නා...අත්පුඩි ගැහුවා .නිරූ....අපි ඉන්නවා උඹට ගගා පුලුවන් තරම් හයියෙන් බෙරිහන් දෙනකොට මං අහම්බෙන් වගේ තනි සුදු ඇදුමක් දැක්කා...

ඇමතියා ...???

ඔව්....ඇත්තටම ඒ උන්නෙ ඇමතියා...ඇමතියා උන්නෙ දත් මිටි කාගන...ඒකගෙ අත් දෙක මිටමොලවගන...මං එකපාරම සංජන දිහා බැලුවා ඇමතියා බලන් ඉන්නෙ සංජන දිහාද බලන්න...නෑ.....ඒ ඇස් තියෙන්නෙ මගෙ නිර්වාන් දිහාවට...

පුතේ නැගිටපන් නිර්වාන් .....

මාව එකපාරම සීතල වෙලා ගියා.....මෙච්චර සෙනග ගොඩක් එක තත්පරේකට මීක් නොගා ඉන්නකොට අච්චර පිටිපස්සෙන් උන්න ඇමතියගෙ කටහඩ මේ හතර කොනටම ඇහුනා....

මං ඇමතියා දිහා බලාගන උන්නා...මං විතරක් නෙවෙ...ශෙනිරු ..ලොකූ පවා.....මං ඒ තත්පරෙම්ම සංජන දිහ බැලුවා ...සංජනගෙ ඇස් තිබුනෙ නිර්වාන් ගාව...හැබැයි තනි අතකින් අල්ලන් රිංග් එකේ එල්ලීගන වගේ උන්න නිර්වාන් එයාගෙ මූන උස්සලා ඈත උන්න ඇමතියා දිහා බැලුවා....

ඒ ඇස් දෙකත්...මේ ඇසුත් එකට එක තත්පරේකින් යවුනා....සංජන එහෙන් නිර්වාන් කියලා කෑගහනවා.....මෙහෙන් ඇමතියා අත් මිටමොලවන් මෙහෙම ගහපන් පුතේ මෙහම ගහපන් කිය කිය අත පය එහා මෙහා කරකර දගලනවා...

තත්පරේකටත් වඩා අඩු කාලයක්.වෙන්න ඇති....එකපාරම මට ශෙනිරු දිහා බැලුනා

ලේ වලට ලේ කකියන දවසක් ඒවි .....

ඒවචන අමු අමුවෙම ඇස් පනාපිට යතාර්තයක් වෙන්න ගන්නකොට මං ශෙනිරු දිහාව ඇස්පිල්ලමක් වත් නොගහම බලන් උන්නා....

හැම දේම කනපිට හැරුනා...ඒකත් අන්තීම මොහොතේ ....

නිර්වාන් ...නිර්වාන් ...නිර්වාන් ....

මෙච්චර වෙලාම උන්නෙ අපි හතර දෙනා විතරක් වෙනකොට දැන් තව තව කටහඩවල් එකට එකතු වෙන්න ගත්තා ...

නිර්වාන් නැගිට්ටා ...කලුයි සුදුයි ඉරි ඉරි ඇදුම ඇදන් උන්න මනුස්සයා ඒ දෙන්නා වටේ එහාට දුවනවා මෙහාට දුවනවා...

නිර්වාන් ගහපන්....නිර්වාන් ගහපන්....

සංජන කෑගහනවා...

යකඩ වැටේ එල්ලිලා උන්න මං නිර්වාන් කිය කිය කෑගැහුවා.....ඩේමියන් උගෙ මුන කවර් කරන් ඉන්නවා...ඒට් නිර්වාන් ගැහුවෙම උගෙ අත් ගොබ වලට....

නිර්වාන් ....නිර්වාන් ...

සංජන කෑගහනවා..ඔහෙට නෙවෙ මෙහෙට ගහපන් කියනවා..නිර්වාන්ගෙ කෝච් ටවල්.එකෙන් මේසෙට ගගහා කෑ ගහනවා...මේ ඔක්කොම මැද මං ආයම සැරය ඇමතියා දිහා බැලුවා....

නිර්වාන් ගහන්න අත උස්සන්නෙ කොහොමද ඇමතියා මෙහෙ ඉදන් අතපය වැනුවා....මෙහෙ ඉදන් හැහුවා...

නිර්වාන් ගහනවා.අරූගෙ අත් ගොබ වලට ගහගන ...ගහගන යනවා....

වෙලාව ඉරව වෙන්න යන්නෙ...තව තත්පර ගානයි...

අනේ....නිර්වාන් ...!!!

මං යට ගිරියෙන් කෑ ගැහුවා....

මෙච්චර වෙලාම මුන කවර් කරන් හිටපු ඩේමියන්...නිර්වාන්ගෙ විරුද්ධවාදියා නිර්වානට ගැහුවා.....ඒ ගහපු ගැහිල්ලට නිර්වාන්ව අඩි ගානක් පස්සට විසික් උනත් මගෙ නිර්වාන් වැටෙන්නෙ නැතිව හරි අමාරුවෙන් රින්ග් එක අල්ලගත්තා ...

සීනුව වැදුනා...

තව තත්පර ගානයි.....මගෙ යටි හිත හෝ ගාලා දෙවියන්ට වද දෙනවා....අනිත් පැත්තෙන් ඇස්දෙක දුක කියනවා...අනේ මගෙ නිර්වාන්ට මහන්සී දෙයියනේ....

අරූ ලාවාට වගේ උඩ පනිනවා...ඒත් මගෙ නිර්වාන්ට උඩපනිනවා තියා හිටන් ඉන්නවත් බෑ.....මෙච්චර වෙලාම නිර්වාන්ගෙ නම කියපු උන් ආයම කට පියාගත්තා ....උන්ට විස්වාස නෑ....උන්ට දැන් ආයම මගෙ නිර්වාන්ව විස් වාස නෑ...මගෙ පපුව ගැහෙනවා....

ලබ් ඩබ්...ලබ් ..ඩබ්.....

පපුව එලියට පනින්න හදනවා...අනෙ මං දෙයියන්ට කියනවා....ඌ ඉන්න විදිහට නම් ඒ ගහන පාරට එයාව එලියට විසිවෙලා යන තරම් පාර සැර වෙයි කියන්න ඒ නපුරු ඇස් වලින් පේනකොට මං ඇමතියා දිහා බැලුවා.....ඇමතියා බලන් ඉන්නවා.....එහා මෙහා වනපු අත් දෙක එකට තද කරන් බලාගන ඉන්නවා...

නිර්වාන් ...

සැලා කෑ ගහනවා....

නිර්වානයා.....

ඩිපූටියා කෑ ගහනවා....

ගහපන්...නිර්වාන් ....

සංජන කෑගහනවා.....

මෙච්චර වෙලාම.උඩ පැන පැන උන්න එකා පපුව පිරෙන්න හුස්ම අරන් උගෙ සර්වාංගෙම හයිය මිටමොලවන් උන්න අතට අරන් ඒ අත නිර්වාන්ගෙ පැත්තට විසිකරනවා විතරයි මං දැක්කෙ....මට දරාගන ඉන්න බැරි උනා.....එකට මිටමෙලවිලා තිබුන අත් දෙක මගෙ කන්දෙකට යනකොටඅන් කෑගහගනම ඇස් දෙකත් පියාගන බිම ගුලි උනා...

අනේ....නිරූ...හ්!!!!!

🌼ආය හෙත ඈ....ම්හුක්.....අජ චුච්චයි ගාන්න එපා හයිතේ.....ම්හුක්....😒😒😩😩😩

බිබික්කමාව ඉල්ලා තිබ්බ හුග දෙනෙක්.....බිබික්කමාව නොදි බැරි හන්දා අද මේකෙන් 2000යි ලිව්වෙ.....

ආ..ආ...හරිම අගෙයි ඈ...දවසට වචන 6000-7000ක් ටයිප් කරන එක...හරි සෝක්...ඈ...ප්‍රීති...ප්‍රීති...ජොබි....අමොර්...අමොර්...ටයිප්‍ රයිටරේ!!!!😂😂

ආතරෙයි අනේ....හැමෝතම😘😘😘❤❤❤

මම ජොබී

Nedeesha

More Chapters