Cherreads

Chapter 74 - 74

ඩ්ඩ්...ඩැඩී...

අරූ ඩැඩිට අඩගහන්න ගත්තා....සංධීර් අඩි දෙක තුනක් ලගට ඇවිදින් නැවතුනා හැබැයි ලගට ආවෙ නෑ...මම සංධීර් ගාවින් දෙපාරක් තුන්පාරක්ම එහා මෙහාත් ගිහින් ජනෙල් පියනක් හරි ඇරගන්න බලනකොට අරූ හුස්ම හිරකරන් ඇස් ලොකු කර ගත්තා වගේම මූ මෙතන ඌ ඉන්නවා ඌ ඉන්නවා ගගා ගොත ගහනකොට මම සංධීර් ගාවම හිටගන කෝ මොකාද කොහෙද ගගහා ගොත ගැහුවා .....

ඌ....ඌ ඉන්නවා....ඌ ඉන්නවා....උ...ඌ....

ම්ම්..මොකාද ...ම්ම්..මොකාද මහත්තය....ම්..මොකාද .....ම්ම්..මේ කාමරේ උඹයි....ම්ම්.....මායි විතරයි ඉන්නෙ අශාන්... වෙන කවුරුත් නැ....

න්...නෑ යකො...සං...සං...

ඔව්...ක්ක්....කව්ද මහත්තයා ...ඉ...ඉන්නෙ...??

ස්ස්...

ස්ස්....සංධී...ර්ද....ම්ම්ම්....

මං ඇස් හීනි කරගත්තා ...අශාන් උන්නෙ කොහොමත් තුන් මුනින් දාඩිය දාගන අවසිහියෙන් වගේ වෙනකොට සංධීර් ලේ පෙරාගන ඇද මැද උන්න ගෑනිව පාගගන වගෙ ගිහින් ඇද පත්ත උඩින් ඉදගත්තා ...

හරියටම ඇත්ත හොල්මනක් හා සමානවම ....

ඇත්ත හොල්මන් පවා...ඇත්ත අශුද්ද ආත්ම පවා ඇද පත්ත උඩ ඉදගන නිදාගන ඉන්න එකා දිහා ඇස් පිල්ලමක් වත් නොගහා බලන් ඉන්නවා හා සමානවම සංධීරුත් ඇදපත්ත උඩ ඉදගන අශාන් කාරයා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....

ක්ක්...කතා කරපන් ....අ...අශාන්....උ...උඹ ක්ක්...කාටද ...බ්බ්...බය....

ය්ය්...ය්..යෙවීන්....ඩ්ඩ්...ඩ්ඩ්...ඩැඩීට අඩගහපන්.....ඩැඩීට කියපන්.....ඌ ඇව්ල්ලා ඌ ඇවිල්ලා කියලා ...

මොකාද ....මං...උඹේ....ත්ත්....තාත්තට ....ම්ම්..මොකා ආවා...ක්ක්....කියලද....ක්ක්..කියන්න....ඔනෙ.....අනික...ම්ම්මේ කාමරේ ඉන්නෙ.....උ...උඹයි...ම්ම්..මායි....

නෑ යකො....නෑ.....උඹයි මායි විතරයි නෙවෙ යකෝ.....ඌ...ඌ.ඉන්නව....ඌ ඉන්නවා ...මගෙ ඩැඩීගෙ අත් වලිම්ම මරලා දාපු....අර.....පෙරකදෝරුවා ....සංධීර්.....සංධී...ර්....ඌ....ඌ

චටාස් ...!!!!

මං අත පුරවලා අරූගෙ මූන හරහා පාරක් ගැහුවා ...උගෙ ඩැඩීගෙ අත්වලිම්ම මරපු පෙරකදෝරුවා කියනකොට මං ඇගේම හයිය අතට අරන් අශාන් කාරයගෙ දත් කූට්ටමම හෙල්ලිලා යන්න ගැහුවා වගේම ඌ කම්මුල් පාර කාගන මගෙ බෙල්ලෙන් අල්ලන්න හැදුවා ...ඒත් මං ඒ අත අත් දෙකෙම්ම අල්ල ගත්තා ....

උඹ...උඹ...මට...ගහන්ඩ...

හ්හ්...හොද....ස්ස්...සිහියට ව්ව් ...වරෙන් ....අ..ශාන්...උඹ....ම්ම්..මොනවද ක්ක්..කියන්නෙ....ඇ...ඇමති....ත්තුමා.

..ම්ම්..මැරුවා...ක්ක්..කියන්නෙ....උ...උඹට...ප්ප්...පිස්සුද .....අ..අනික...මෙතන කොහෙද ....ස්ස්...සංධීර් කෙනෙක්...

මං උගෙ කටින් කිය උන වචනම උගෙ.පැත්තට හරවන්න ගත්තා ...උගෙ තාත්තව මං බොරූවට නිවැරදි කරන්න ගත්තා ...ඌට හොද සිහියට වරෙන් කියන ගමන් මම කෑ ගැහුවා උනත් ඌ ආයම එකම දේ දිවුර දිවුර කියනකොට මන් තවත් කම්මුල් පාරවල් තුන හතරක් දීලා අතෑරියා ...

නෑ යකො....අපි ඌව මැරුවා .....අපි ඒකව අලු කෙරුවා .....ඒකව අපි මැරුවෙ මගෙ ඇස් පනාපිටමයි.....

චටාස් .....

ක්ක්..කටවහපන් ...අ..අශාන්....ක්ක්..කටවහන් ...හොද ස්..සිහියට වරෙන් ....උ...උඹගෙ...ඇස්...ප්ප්...පනාපිටම ...ව්ව්...වෙන්නෙ කොහොමද ...උ..උඹ....හ්..හිරේ ගිය එකෙක්...ක්.කියලා ...ප්ප්..පත්තර ....වල තිබුනා ....

අරූ දිවුර දිවුර ඌ මැරුනමයි කියනකොට මං හරි ලස්සනට සාක්කි එකතු කෙරුවා ...හිරේ උන්න එකා එදා ඉදලා තිබුනෙ සංධීර්ගෙ ගෙදර වෙනකොට ඌව එලියට ගත්ත ජේලර්ලාගෙ නම් පවා මං ලස්සනට එලියට ගත්තා ...ඇදපත්ත උඩ උන්න සංධීර් සිගරට් එකක් අවුලන් දුම් වලල්ලක් යවන ගමන් හිනා වෙනකොට අශානයා පැනලා දුවන්න හැදුවත් මම මේකෙ කවුරුත් නෑ ගගා උගෙ ඔලුව කෑවා...

ද්...දෙයියන්ගෙ නාමෙට....ක්ක්...කෑනොගහා ඉදපන් අශාන්....ම්ම්..මේකෙ කවුරුත් නෑ....

ඉන්නවා.....ඉන්නවා....තොට ඇස් නැති උනාට මට ඇස් තියනව...

උ...උඹට වෙරි අශාන්.....නැත්තන් කොහොමද උඹට...ස්ස්...සංධීර්ව ....ප්ප්...පේන්නෙ...ම්ම්ම්....උ..උඹ....ඌ...ඌව....ම්ම්.මරා...ග්ග්...ගත්තා ....එහෙම...යි..

.නේ.....

උ...උඹ....ඌ...ව...අ...අමු....අමුවෙම....ප්ප්....පුච්ච....ග්ග්...ගත්තා ....එහෙමයි....න්න්..නේ.....

උ...උඹලා....ඔ...ඔක්කෝම....එ...එකතු....වෙ....ලා.....ඌ..ව...ඇ...ඇදක....ග්ග්...ගැට....

ඇතී.....නවත්තපිය...නවත්තපිය....මං තෝවත් මරලා දාන්න කලින්....නවත්තපිය....

ම්ම්..මරපන් ...ප්...පුලුවන් ....නම්....මරපන්...ම්ම්..මගෙ....ස්...සංධීර්ව.....මරා....ග්ග්..ගත්තා ....වගෙ....මාව....මරලා....ප්ප්..පෙන්නපන් ....යකෝ....

මට ඉවසීම නැති උනා....මට මගෙ ඉවසීම නැත්තටම නැති උනා...උන්ගෙ අතින් මරා ගත්තා කියනකොටම මට ආව තරහ මටවත් පාලනෙ කරගන්න බැරි වෙනකොට මං අයිස් කියුබ් දාලා තිබුන බාල්දියෙම්ම අශානයගෙ ඔලුවටම කෙලලා අරිනකොට ඌ ඒ පාර කාගනම මටත් දීලා අතෑරියා ....ඒ එක්කම සංධීර් බැස්සා ...

ඇත්තට.....උඹ ඌව මරනවද....ම්ම්ම්.....

සිගරට් එක දත් වලට හිරකන් උන්න සංධීර් අත් දෙකම සාක්කුවෙ දාන් බාල්දි පාර කාගන නලල අල්ලන් උන්න අශාන් කාරයා ගාවට ගිහින් යටි බඩ කොරවෙන්න කාපු මාදිහා බලලා ඌව මරනවද අහන ගමන් අරූගෙ කම්මුලෙ ඇගිලි පාර හිටින්නම පාරක් දෙනකොට ඌත් සංධීර්ගෙ ඇගට පනින්න හැදුවා මං ඒකට මල් වාස් එකක් විසික් කරලා ගැහුවා ....

උඹ....උඹ....උඹ එතකොට....මැරුන්...නෑ...

නෑ...කව්ද කියන්නෙ මං මැරුන් නෑ කියලා ...ම්ම්....මං මැරුනා....මං.මන්...මැරුනා....

උ..උඹ...උඹ...මැරුනා....නම්

උඹ අහන්න යන්නෙ....මම මැරුනා නම්.....උඹ ඉස්සරහා ඉන්නෙ කොහොමද කියලා ....නම්...මන්....මිනිවල දෙබෑ කරගන ආවා...

නිකන් නෙවෙ.....උඹව අරන් යන්න.....මං...රැයක්....දවාලක් ...නැතුව....උඹගෙ පස්සෙන් ....ආව.....ඇදක....තියලා ගැට ගහනකොට ....උඹලා

...මගෙ...ඇදුම්....ගැලෙව්වා ...එහෙමයි නේ...ම්ම්ම්ම්.....

මං අහන් උන්නා...ඇස් රතු කරගන උන්න සංධීර් එයාට වෙච්ච දේවල් එකින් එක එකින් එක කියනකොට මං බඩගාගන වගෙ ගිහින් මොකටත් කියලා බිදිලා ගියපු වයින් බෝතලේ ඔලුව අරගත්තා .....මොකක් හරි උනොත් මන් ඕකගෙ උගුර දන්ඩ වෙන් කරලා එල්ලුම් ගස් යනවා .....

උඹලා....මත් පෙති දීලා උන්න මට මොනවද නොකෙරුවෙ....මගෙ දත්....ගැලවෙන්න ගැහුවා ...නේ...ම්ම්...

ම්මම..

ඔව්.....උඹ...මගෙ කදුලු පිරුන ඇස් වලට....මේ මූන....මට....හොදට මතකයි....උඹ....මගෙන් ගැලෙව්වෙ එක දතක් උනාට.....මන් උඹෙන්....දත් දෙක තුනල් ගලවනවා .....

එච්චරයි එයා කිව්වෙ....අර මිනිහගෙත් පන පිටින් දත ගලවපු සංධීර් අරූව බෙල්ලෙන් අල්ලන් ගිහින් බිත්තියට තදකරගන්න ගම්ස්න් අත මිට මොලවලම හක්ක පුපුරලා යන්න පිට පිට වාර තුන හතරක්ම ඇන්නා වගේම ඌත් ආපිට සංධීර්ට ගැහුවා ....

උ..උඹ....මැරිලත්....ආපහු.

....ආවෙ....මාව...මරන්න ...නම්...එක පාරක් ..මරපු....උඹව...මට...ආය මරන්ඩ බැරි කමක් නෑ යකො.....

ඌ ගැහුවා ....මගෙ ඇස් පනා පිට මගෙ සංධීර්ගෙ කොන්ඩෙන් අල්ලන් බිත්තියෙ ගහනවා එක්කම මම කාමරේ තිබුන පුටුව අරගන අරූගෙ කොදු ඇට බිදෙන්නම ගැහුවා ...

...

හ්හ්.

.

අ...අතෑරපන්...උ...උඹට....උඹට...යකෙක්....ව්ව්...වැහිලා....උඹ..ට....ප්..පෙරේතයෙක් වැහිලා.....

මට ..මට...මට....වැහුන ....ප්ප්..පෙරෙතයෙක්....නෑ යකො....

උඹට....පෙරෙතයෙක් ...ව්ව්..වැහුන්...නැති....උනාට....ම්ම්..මට....පේනවා ...උ..ඹව...ඌ...වහගන ඉන්නවා...මට...මට

ප්ප්..පෙනවා...මට...ප්ප්...පේනවා...ඌ..උඹව...අරන්...යන්න...

මාව අරන් යන්න...මාව කොහෙ කවුරු අරන් යන්නද යකො...මාව...මාව...එක පාරක් මරපු එකාව...ආය ආය මරන එක....ආයා ආයම..මරන එක මහ දෙයක්...නෙවෙ...මට...ඒකව...මරන එක....මහ දෙයක් නෙවෙ....

ඇ...ඇත්තට....ත්ත්...තො...තොට...ම්..මහ...දෙයක්...න්..නෙවෙ...උනාට...ඒ..එක..මට

මහා...දෙයක්....මට...න්න්..නම්..මහා..දෙයක්...උඹ...උඹ...ඌ..ඌව....අපෙන්...ඈත්...ඈත් කෙරුවා...උ..උඹලා...එකතු...වෙලා....ඌව...ම්ම්.මරාගත්තා.....තොපි....

මම අශානයගෙ බෙලෙන් අල්ල ගත්තා....අල්ලගන උගෙ ඔලුව පුලුවන් තරම් බිත්තියෙ ගැහුවා.....සංධීර් මට කොච්චර පැත්තකට වෙලා ඉන්න කිව්වා උනත් මම නෙවෙ පැත්තකට උනෙ....මම පන්න පන්න පලිගන්න නයෙක් හා සමානවම අරූව මරන් කන්න හැදුවා...මම ඌට ගැහුවා...මම එකක් ගහනකොට මට දෙකක් වැදුනා උනත් සංධීර් ඒ වදින වදින පාරක් ගානෙම එකගෙ අත පය අනිත් අතට ඇඹරුවා...

පොඩි ..ගස් බල්ලා....තෝ....තෝ එහෙනම්...මුගෙ එකෙක්....

ඔ..ඔව්..මම...මම..මුගෙ...ත්ත්..තමයි...මම...මමමුගෙ තමයි පකො.....

යෙවීන්...

මම...මම.....ස්...සංධීර් ...මට..මට...ම්ම්..මට.....

ඒ...එකියන්නෙ....මූ..මැරිලා...නෑ....මූ..මැරිලා..නෑ...ම්ම්....

ම්ම්...මැරිලා...උනත්...නැති...උනත්...ඇ..ඇයි...ඇයි....ත්ත්...තෝ...ආය...මරන්ඩද...නෑ...නෑ...නෑ...අශාන්...ආය...ඌව..මරන්ඩ....හිතන්ඩවත්.....ත්...තොපි මරපු...ඌව...මම...ආයම....ගොඩ...ගත්තා...නිකන්...නේවෙ...ඌව..මට....නැති..කරපු.....ත්ත්...තොපි...ඔක්කොමව....න්න්..නැති...කරලා....දාන්ඩ...මම...ඌව...ගොඩ...ගත්තා...

මම....කෑ ගැහුවා...ගොත ගහන මම මට ඌව තොපි නැති කෙරුවා කියන ගමන් මගෙ කොන්ඩෙන් පුලුවන් තරන් ඇදගත්තා වගේම මට මගෙ අම්මව නැති උනේ සංධීර්ට වෙච්ච පොරොන්දු රකින්න් බැරි උනේ...මේ හැම දේටම මුල ඌම විතරක් කියනකොට අශානයා මට ළඟ තිබ්බ පුටුවෙන් ගහපු පාරට මාව ඇදගන වැටුනා ...

ඌ මට ගැහුවා නිකන් නෙවෙ.....ඔලුව වන වන උන්න මට....මගෙ අම්මා පවා නැති වෙන්න එකම හේතුව උඹ කිය කිය කා ගගහා කොන්ඩෙන් ඇදගන්න ගමං කෑ ගහපු මට ඒකා අර ලී පුටුවෙන් උගෙ ඇගේම හයිය අරන් මට ගැහුවා....

ඒ පාර සැරයි....ඒ පාර සැර කොයි තරම්ද කියනවා නම් මූනෙ පැත්තකට වැදුන පාරට මගෙ ඔලුවම හෙලවිආ ගියා විතරක් නෙවෙ හෙලවි හෙලවි තිබුන දත එක්ක තව දෙකතුනක්ම කයින් එලියට පැන්නා....

මගෙ ඇස් නිලංකාර වෙලා ගියා ....වැදුන පාරෙ සැරටම මට තත්පර ගානකට හිටගන ඉන්න වාරු නැති උනා...මට කලන්තෙට වගෙ ආවා...මගෙ වටෙ පිටෙ තියන හැම දේම කැරකෙනවා වගෙ දැනෙන්න ගත්තා... පැත්තෙ කන ඇහෙන්නෙ නැතිව ගියා .....යටි තොල පුපුරලා ගිය පාරට දත් ගැලවිලා ගිය පාරට මගෙ කටම ලේ රස ලේ වල තියන ලුනු රස ගතියක් දැනෙන්න ගන්නකොට මාව එහෙම්ම ඇදගන වැටුනා.. ...

ඌ ගහල තියෙන්නෙම නිල බලලා .....

යෙවීන්.....

...යෙ ..වීන්.....

සංධීර් කෑ ගහනවා ....මට එක කනකින් විතරයි ඒකත් ඇහෙන්නෙ....ඒ පැත්තම මගෙ අඩ පන වෙලා ගියා ..ලෙ බැහපු ඇහැ පෙන්නෙ නැති වෙනකොට ...මට සංධීර් කියලා කතා කරගන්න පන නැති උනා.....අනෙ එයා කෑ ගහනවා....එයා මගෙ කම්මුලට ගගහා යෙවීන්...යෙවීන්....යෙවීන්..මගෙ පන මගෙ යෙවීන් ගගා මාව හොලව හොලව කෑගහන්න ගත්තා.....

යෙවීන්.....

යෙවීන්.....

මගෙ ඇබිත්තම.....යෙවීන්....

යෙවේ......න්න්න්න්

අනෙ කතා කරපන්....කතා කරපන්.....යකො කතා කරපන් යෙවින්.....යෙවීන්.....කාලකන්නියා....තෝ මොකක්ද යකො කෙරුවෙ...තෝ...යෙවීන්..යෙවීන්.....යෙවීන්....අනෙ..යෙවීන්.....අනේ යෙවීන්.....

එයා මාව උරහිස්වලින් හොලව හොලව කෑ ගැහුවා...යෙවීන්...යෙවීන් ගෑවා ඒත් මට කතා කරගන්නවා තියා මට මගෙ කටවත් ඇරගන්න බැරිවෙනකොට එයා මගෙන් වචනයක් ගන්න මාව හොලව හොලව කෑගහනකොට මගෙ ඇස්වලින් කදුලු වැටුනා...

ස්ස්...ස්...

යෙවින්.....මොන මගුලද කාලකම්මි බල්ලො තෝ....

සංධීර් මාව හොලව හොලව කෑගහනකොට මම බලගන මෙච්චර වෙලා ඒකගෙත් මූනත් පැත්තක් අල්ලගන උන්න අශානයා ඊලග පාර ආයම අර පුටුව උස්සලා ගත්තා....ඌගහන්න යන්නෙ....ඌ මගෙ සංධීර්ට ගහන්න යන්නෙ....ඔය පාරක් ගැහුවොත් ඔලු කට්ට පුපුරලා යාවි....නෑ...නෑ...මාව මැරුවත් කමක් නෑ...මාව මැරුනත් කමක් නෑ.... මට ඌව නැති කරගන්න බෑ...

යෙවීන්....යෙවීන්...කතා කරපන්කො....කතා කරපන්කො....යෙවීන්....මට කියපන්..මට...කියපන්...උඹට...උඹට මොනවද ඕනෙ කියපන්.....උඹට මොනවද පුතේ ඕනෙ....කතා කරපන් යකෝ...මං කිව්වා..උඹව පරිස්සම් කරගන්න කියලා....

එහෙනම්....තාත්තලා...පුතාලා...එකට...

නිවන් යන්න තියෙන්නෙ...මං...මං...කිව්වනෙ..... එක පාරක්...මරපු....උඹව....ආයම...මරන...එක.....

මගෙ අත වෙව්ලුවා....මට වැටෙන්න ගහපු පාර එක්ක එයාව සම්පූරනම අනත මනත වෙලා යනකොට අරූ පුටුව උස්සනවා එක්කම මම බැරි බැරි ගාතෙ උනත් බෝතල් කට්ට අල්ල.ගත්තා....

ඒක බොරුවක් නෙවෙ.....ඒක බොරුවක් නෙවෙ.....ආදරේ ඉස්සරහා මිනිස්සු කාලි වෙනවා කියන්නෙ ඒක අමුම අමු ඇත්තක්...ආදරෙ ඉස්සරහා මිනිස්සු යක්කුන්ට අන්ත වෙනවා කියන්නෙ අමුම අමු ඇත්තක්.....

සංධීර් ....සංධීර් ....පොඩ්ඩ බැරිවෙනකොට මම හැමදාම සම්බන්දෙ නවත්තමු කියලා ඇඩුවත්...මම දන්නවා....උඹගෙ යෙවීන් දන්නවා....උඹ කවදාවත් මට යන්න දෙන්නෙ නෑ කියලා...අට ඕන එකම දෙයයි.....මේක නවත්ට්ගමු කියනකොට උඹ ආදරෙට සැරවෙනවා අහන්න විතරයි මගෙ සංදීර්.....

ස්ස්...ස්....සං........

අරු පුටුව උස්සලා ගත්තු පාර එක්ක එයගෙ ඔලුව හත් කඩකට කැඩිලා යන වේගෙන් ගහන්න හදනවත් එක්කම වැටිලා උන්න මම අනිත් පාර සංධීර්ව තල්ලු කරගන දෙවනි පාරත් කොදු ආට බිදෙන්න පුටු පාරක් කාගනම අරූගෙ බඩට බෝතල් කට්ට බැස්සුවා...නිකන් නෙවෙ ...උඩට ඇදුමක් නැතුව උන්න ඇමති පුතාගෙ සික්ස් පැක් ආව උඩ කදෙ බුරියට පහලින් බෝතල් කට්ට ඇතුලට ගියා වගේම මගෙ මූනට ලේ බින්දු විසික් උනා.....මං ආයම වැටුනා...

යෙ...යෙවීන්....යෙවීන්.....

කාලකන්නියා....කාලකන්නි අවජාතකයා....උඹ...

මට කතා කරගන්න බෑ...එයා දත්මිටි කෑව.....එයා මාව උස්සල ඇදට දැම්මා වගේම බෝතල් කට්ට ඇනන් උන්න අශානයගෙ කොන්ඩ කෙටියෙම්ම ඇදල ගත්තා....

උඹට ඕනා මාව මරන්න....එහෙම නේ...

හරි..මරපන්....මරපන්.....හරි...මේ ඉන්නෙ...උඹගෙ ඉස්සරහා මේ ඉන්නෙ

..මරපන්...මරල දාපන්.....

සංධීර් දත්මිටි කනවා...කොන්ඩකෙටියෙන් අල්ලන් උන්න අශානයගෙ මූන ඉදිමිලා තියනකොට කෑ නොගහා උනත් දත් මිටි කාපු සංධීර් යටි බඩට බැස්ස වීදුරු කට්ට තව තව ඇතුලට තල්ලු කෙරුවා වගේම මම බලාගන එයාගෙ අත් දෙක උගෙ ලේ වලින් රතු වෙලා යනවා....

උඹ....උඹ....අත...තිබ්බෙ...වාරදි එකාට....

ස්..සංධීර් ...උ..ඹ....

ඔව්...ඔව්.....යකො...මම..සංදීර් තමයි...මරනෙත් මරාගන ආව මම සංධීර් තමයි ...තොපි ඔක්කොමලව කොනක ඉදන් මරාගන යන්න ආව මම සංධීර් තමයි යකෝ....

එයා කෑ ගැහුවා..මෙච්චර වෙලාම දත් මිටිකකා උන්න එයා අවසානෙදි නහර පුම්බන් කෑ ගැහුවා වගේම

මට ගහපු පුටුවෙම්ම ඒකට පුටුව කැඩෙනකම්ම් ගැහුවා.....

ආ.....හ්හ්...

ලී පුටුවෙ කෑලි විසි උනා.....මම බලන් උන්නා....මම දන්නවා...අශාන් කාරයා ජීවත් වෙන අවසානම දවස අද....ඌ මැරෙන්න ඕන...ඌ මැරෙන්නම ඕනා....

උඹ....උඹ...අත තිබ්බෙ....වැරදි එකාට....

උඹ...දන්නවද....උඹ....අත...තිබ්බෙ....අතිශයිම්ම පුද්ගලික.....වස්තුවකට....

උඹ අත තිබ්බෙ....වැරදි එකාගෙ....වටිනම දේකට.....ගෙවපන්...උඹ...එකට....වන්දි...ගෙවපන්...

සංධීර් දත්මිටි කෑවා.....ඒ ඇස් තත්පරෙන් ගින්දර වගේ රතුම රතු උනා.....එයා වෙව්ලුවා...

එ ඇස්වලින් ...ඒ ඇස්වල තිබුන තරහවෙන් එයා ඇමති පුතාව අලුකරන්න හැදුවා....

උඹ මාව මරපන්....උඹ ආය ආයම මාව මැරුවත්..මම ආය ආය එනවා යකො...මම ආය ආයම එනවා...මම ආය ආය ඇවිත් රැයක් දවාලක් නැතුව...රැයක් දවාලක් නැතුව තොපි ඔක්කොවම මරල දානවා....මං තොපි ඔක්කොමව අමු...අමුවෙම...මරල....දානවා....මට එල්ලුම් ගහ නියමු උනත්...මම බය නෑ...මම...බය ...නෑ....උඹ දන්නවද....අශාන්...මම...මැරෙන්ඩ බය නෑ...හැබැයි..මගෙ එකාව...නැති කරගන්ඩ බයයි...

උඹ දන්නවද...මම මැරෙන්ඩ බය නෑ....ඌ මම නැතුව පිස්සෙක් වෙයි කියලා බයයි....

උඹ...උඹ දන්නවද....

මම මැරෙන්ඩ බය නෑ....හැබැයි.....උඹට කලින් මට මැරෙන්ඩ වෙයි කියල බයයි.....

මැරෙනවා නම්....මැරෙමු....හැබැයි....තනියෙන් නෙවෙ....එකට...

අපි දෙන්නම....එකට.....කැමතිද.....ම්ම්ම්...

සංධීර් හති ඇරියා...අරූගෙ ඔලුව බේරලා ඉල ඇට කුඩු පට්ටම් වෙනකම්ම පුටුවෙන් ගහපු එයා අවසානෙදි හති ඇර ඇර උගෙ ඇග උඩම ඉදගත්තා.....

ඒකා හුස්ම අල්ලනවා...මේ වෙනකොට ඒකගෙ මූනම විරූපි වෙලා ගිහින් තිබුන..හරියටම මගෙ වගේම.....

උගෙ මූනම ඉදිමිලා තිබුනා...මගෙ වගේම....

.ඌ අමාරුවෙන් හුස්ම ඇල්ලුවා....

හරියටම මම වගේම...

සංධීර් හිනා උනා.....ඒකගෙ ඇග උඩ ඉදන් හිනා උනා....

ඒ හිනාව...ඒ හිනාව පුදුමාකාර තරම් වියරුයි...තනිකරම පලිගැනීමෙ චෙතනාවෙන් පිස්සු වැටුන අශුද්ද ආත්මයක් හා සමානවම සංධීර්ගෙ මූන භයංකාරයි....

එයා අමු යකෙක්.....එයා තනිකරම.යකෙක් වෙලා උන්නා....මට වැදුන පාරක් පාරක් ගානෙම එයා අශානයව බාගෙට මැරුවා....ඒකරලා එයා හිනා උනා...හිනා වෙලා බඩ උඩ ඉදගන්න ගමං සිගරට් එකක් අවුල ගත්තා....

ඒ ඇගිලි වෙව්ලනවා.....

උඹ දන්නවද....පිච්චෙනකොට දැනෙන වේදනාව...නෑ..නෑනෙ...මම...මම.උඹට...පෙන්..නන්නම්...ම්ම්ම්ම්ම්ම්

උඹ දන්නවද...තැම්බුන හම ගැලවෙනකොට දැනෙන වේදනාව...නෑ....නෙ...මම...මම...ඒකත්...

උඹට...පෙන්..නන්නම්.....ම්ම්ම්ම්

උඹ දන්නවද...කාත්...කවුරුත් නැතුව....මරන බය දැනෙනකොට දැනෙන...වේදනාව....මම...එකත්....

පෙන්...නන්නම්....ම්ම්ම්ම්ම්ම්...

ස්ස්..සංධීර් ....උ..උඹට.....ග්ග්

...ග්ග්.....ගැලවීමක් නෑ...බලන්....ඉදපන්.....බ්..බලන්....ඉදපන්...උඹට....

ශ්ශ්....ශ්ශ්....මට...ගැලවීමක්...ඕනෙත් නෑ...මම...ආවෙ...ගැලවීමක් බලාපොරොත්තුවෙන් නෙවෙ....මම...ආවෙ.....ගැලවීමක්...

ඉල්ලගනත්...නෙවෙ....

සංධීර්ට යට වෙලා උන්න ඇමති පුතානො තවමත් කියෙව්වා...ඌ දැන්ම මැරෙන එකෙක් නෙවෙ.....මිනිස්සුන්ගෙ රීරි මාන්සෙ උරා බීපු ඒකා දැම්ම මැරෙන එකෙක් නෙවෙ....

සංධීර් දුම් උගුරක් ඇදලා කට කොනකින් හිනා වෙනගමන් ලයිටර් එක ඇවිලුවා...අව්ලලා..එහෙම්ම උගෙ අතක් අරගත්තා....හරියටම මැනික් කටුව ගාවින් කියි කිටියටම අල්ලගත්තු සංධීර් හිනා උනා...හිනා වෙලා ඒ මූනට එබුනා...

නිකමට...ආස නැද්ද....මගෙ.....උඩ හම පිච්චීගන යනකොට ...යස මස තැම්බෙනකොට මම ඉහිලුවෙ කොහොම වේදනාවක්ද කියන්න.....ම්ම්ම්ම්.....

ස්ස්....ස්....ස්.....

ආ...ආ.....හ්හ්...ආ....

මම ඇස් දෙක වහගත්තා ...අවුලපු ලයිටරේටෙ අරූගෙ ඇගිලි තුඩු පිච්චෙනකොට සංදීර් ය්ගෙ එක ඇගිල්ලක මස කුරිඥ්ඥන් වෙලා යන්නම පිච්චුවා වගේම ඊලග තත්පරේදි ඇඹරුන හම ඒකගෙම ඉන කඩින් පිහල දානකොට ඇබරුන මස් වැදැල්ලක් ඇද රෙද්දෙ හිටියා...අරූ හූ....තිබ්බා....

දැනෙනවද...ම්ම්...උඹට ඇගිල්ලයි.....එතකොට...මම.....මම...මොනව කෙරුවටද...ම්ම්...සාදාරනේ කතා කෙරුවටද.....ම්ම්ම්ම්ම්...

කතා කරපන්.....

මම...උඹ වගේ...පගාව නොගත්තු...එකටද....ම්ම්ම්

ඉතින්....කතා.කරපන්...නැත්ත...න්...මට.....ආ...ආයම....

එයා ආයම ලයිටරේ ඇවිලුවා....එයා අශාන් කාරයගෙ මූන තැනින් තැන පුච්චම්ම ගත්තා....එයාව උන් ගිනිගොඩකට අතෑරියා උනත් එයා කෙරුවෙ ටිකෙන් ටික පුච්චපු එක වෙනකොට අවසානෙදි සංධීර් නැග්ිටලා හිටගත්තා .....අරූ ඇකිලීගන හුස්ම අලනකොට මෙච්චර වෙලාම.ඇදේ උන්න මම අමාරුවෙන් නැගිටගත්තා ...එයා මගෙ ගාවට ආවා...

ඇබිත්තම ....ම්ම්ම්..මට.

.කියන්න..මට..කියන්න....

ස්ස් .සංධීර් ...ම්ම්..මං....හ්..හො...දින්....

ම්ම්....මං....හ්..හොදි...ම්ම්..මගෙ...ස්ස්..සංධීර් ...ඇ...ඇ..ඇ..ඇ

අට කතා කරගන්න තරම් පන තිබුන් නෑ...එයාගෙ නලලෙන් ගලන ලේ බින්දු වෙව්ලන අත්වලින් පිහදාපුන් මා දිහා බලන් උන්න එයා මගෙ විරූපි වෙලා ගියපු මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා...මගෙ මූන ඉදිමිලා....ඇහැක් සම්පූරනම වැහිලා ගිහිල්ලා...කොන්ද කෙලින් කරන් හිටගන්න බැරි මම කොන්ද කොන්ද කුදුන්කරගන හිටන් උන්නා....

මේක ටැමිල් ෆිල්ම් එකක් නෙවෙ.....වීරයා කොච්චර ගුටි කෑවත් හිටන් ඉන්න....

මේක හින්දි ෆිල්ම් එකක් නෙවෙ..එකක් නෙවෙ...එකක් ගැහුවන උඩ ගිහින් මැරිලා බිම වැටෙන...

එයයි මායි දෙන්නම උන්නෙ ලේ පෙරාගන වෙනකොට සංධීර් මගෙ ඔලුව පිටිපස්සට අත තියලා මාව ලගට ගත්තා .....එයාගෙ ඇදුම් තෙත් වෙලා....ඒ එයාගෙම ලේ වලින්...එයා මගෙ ඉස්සරහා හොදින් උන්නට එයා උන්නෙත් වේදනාවෙන් උනා වගේම මම එයාගෙ නලලට මගෙ නලල හේත්තු කරගන්නකොට එයාගෙ නහය ඇතුලෙන් ආව උකුම උකු ලේ බින්දුවක් මද අන්දකාර පොලවට වැටිලා පේන්නෙ නැතිව ගියා ...

ස්ස්....සං...

කියන්න...ඇබිත්....තම...

මට හුස්ම අල්ලගන්නත් බෑ....ඌ මගෙ ඉල ඇට කුඩුපට්ටම් වෙන්න ගහලා.....තත්පර ගානක් කට ඇරන් උන්ම මං සංධීර් කියනකොටම එය කියන්න කියලා හිමින් මිමිනුවා ...

ඔ..ඔයා....ග්..ගාව....ට්ට්....ටොපි.....ත්

...ති....

මට ටොපියක් කන්න ඕනා උනා....ලෙ රස දැනෙන කටට මට ටොපියක් ඕනා වෙනකොට මම එයාගෙන් ටොපියක් ඉල්ලුවා...ඒත් එයා ගාව මට දෙන්න ටොපියක් තිබුන් නැති වෙනකොට මම අමාරුවෙන් අමාරුවෙන් හුස්ම අල්ලන් සංධීර් දිහා ඉතුරු වෙලා තිබුන ඇහෙන් බලනකොට ඒ ඇස් වල කදුලු පිරුනා...

ම්ම්..මට.....ර්..රෝස....ම්...මලක්....ද්...දෙනවා...න්..නේද...ම්ම්..මගෙ.....

දෙනවා....

ම්ම්ම්...ම්..මට....ම්..මහ...න්..සි.....ම්...මාව...එ....

යෙවීන්...යෙවීන්....

එයා මගෙ කම්මුල් වලට තට්ටු කෙරුවා .....මට මගෙ ඇගම පන නැති වෙන ගතියක් දැනෙන්න ගත්තා.....ඔලුව කෙලින් කරන් ඉන්න බැරි තරමට නිදිමතක් දැනෙන්න ගත්තා...මට ඕන උනෙ එකම.එක දෙයයි.....සංධීර්ට තුරුල් වෙලා නිදා ගන්න විතරක් වෙනකොට මම එයාගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා...හැබැයි මගෙ ඇස් වැහීගන ආවා....

ම්...මං....ක්..ක්ක්..කවදාව...ත්....ස්...ස්...සම්බන්දෙ....න්න්..නතර....ක්...කර...න්..නෙ.....ම්ම්..මගෙ....

මං දන්නවා....මං..දන්නවා...මගෙ...ඇබිත්තම.....යෙවීන්....ඇස්....ඇස් ඇරපන්....අපි..යන්...අපි...යමු.....

එයා මට අපි යමු කියලා කියනකොට මම හා කියන්න ඔලුව හෙල්ලුවා...මුලු කාමරේම අපායක් වෙලා තියනකොට ලේ පාරවල්....බිත්ති පුරාවටම තිබුනා...එයා මට ගෙදර යමු කිව්වා උනත්...මට ගෙදර නෙවෙ....මට මෙතන දොර කොඩ පනින කන් වත් මගෙ හුස්ම ඉතුරු වෙලා තියෙයිද කියන්න මට විශ්වාස නැති වෙනකොට මම සංධීර් ගෙ අත අල්ලගත්තා ....

ස්....ස්....ස්...

අනෙ උඹට මහන්සී යෙවීන්....

ප්ප්..පොරොන්දු ...ව්...වෙන්න...

මොනවද...මොනවද..මොනවද කියපන්...රත්තරන් ...මොනවද...

ම්ම්...ම...මල...ක්....අ..අරන්....

පොරොන්දු වෙනවා...පොරොන්දු වෙනවා..උඹට එක මලක් නෙවෙ...

එයාට ඒ වචන ඉවර කරන්න බැරි උනා....මගෙ වචන ඉවර කරන්න නොදුන්න එයාට එයාගෙ වචනවත් ඉවර කරන්න බැරු උනා...මාව අත ගගා උන්න එයාගෙ පස්සෙන් මැරිලා වගෙ වැටිලා හිටපු අශානයා හුස්ම අල්ල අල්ල නැගිට්ටා වගේම....උගෙ අතේ දිලිසන මොකක් හරි තිබුනා...

පිහියක්...

ඌට....පිහියක්...පිහියක්....කොහෙන්ද.....ඌ හදන්නෙ මගෙ සංධීර්ට අනින්න...මට මල් අරන් දෙන්නම් කියන මගෙ සංධීර්ට අනින්න වෙනකොට තනි ඇහැනෙ උන්න මම සංධීර්ව අත් දෙකෙම්ම බදාගන එක පාරම පැත්ත මාරු කෙරුවා වගේම පිහිපාර ඇග ඇතුලට බැස්සා....දත් ගැලවෙන්න ගුටි කාල උන්න මගෙ කටකොනින් ලේ තලියක් එලියට පැන්නා....

යෙ.....වෙ........න්න්...

එක...පාරක්...

නෑ...

ඇතුලට ගියපු පිහිය....ආපිට ඇදිලා එලියට එනකොට බෙරිහන් දෙන සංධීර්ව මම මිරිකගත්තා වගේම දෙවනි පාරටත් පිහි පාර බහිනකොට මම සංධීර්ගෙ ඇස් දෙක උඩින් අත තිබ්බා...හරියටම අඩන්න එපා කිය්න්න වගේ.....

හරියටම බලන්න එපා කියන්න වගෙ.....

...ප්..

ප්ප්....පරි.....

නෑ..නෑ..නෑ...යෙවීන්.....යෙවීන්....යෙවින් ....නෑනෑ...මගෙ.....යෙ...වේ....න්.......!!!!

ඇතුලට බැහපු පිහිය දෙවනි වතාවටත් එලියට ආවා........මගෙ වැහුන ඇහෙන් පවා කදුලු වැටුනා.....ඇතුලට බැහැපු පිහි තලෙ සීතල ඇගට දැනෙනකොට එයා වගේම මටත් ආදරෙ වෙනුවෙන් ඕන දෙයක් දරාගන්න පුලුවන් කියලා ඔප්පු කරපු මගෙ ඇස් වලින් කදුලු වැටුනා...කතා කරගන්න හදපු කටින් ලෙ එක්ක මුහු උන සෙවල පෙරුනා.... එයාගෙ ඇස්වලින් එක පාරම කදුලු කැට පෝලිමක් කඩාගන වැටෙනකොට මම එයාව මිරිකගත්තා ...

සංධීර්ව බේරපු මම එයාව මගෙන් අහකට තල්ලු කෙරුවා වගේම තුන් වෙනි පාර අනින්න යනකොටම සංධීර් අරූගෙ අත අල්ලලා ඒකගෙම පපුවට පිහිය බැස්සුවා වගේම ඒ ඒ ඔලුව පුපුරනකම්ම බිත්තියට ඇනගන ඇනගන ගියා....සුදු පාට බිත්තිය පුරාවටම මඩෙ වැටුන රබර් බොලෙකින් බිත්තියට ගැහුවම හිටින පාරවල් හා සමාන ලෙ පාරාවල් හිටිනකොට දත් මිටි කාගන හුස්මක් නොගෙනම ඒකගෙ ඔලුව බිත්තෙ ගහඖ සංධීර් ඌව අතෑරියා වගේම ඒකා ඇස් ලොකු කරන් කටත් ඇරන් එතනම වැටෙනකොට බිම වැටිලා උන්න මාව හරහට උස්ස ගත්තා.....

ස්ස්....ස්...ස්...

එපා..එක...වචනයක් ....වත්...එපා.....

එයා කෑ ගැහුවා....වැහුන දොර ඇරපු එයා මාව උස්සන් එලියට යන්න හදනකොටම මම ස්ස්....ස්ංධීර්...මාව..දාලා..බේරිලා යමන් කියන්න හදනකොට එයා මට කතා කරන්න නොදී දොර අරින්න හැදුවා වගේම මම මගෙ ලේ වැදුන අත්වලින් එයාගෙ මූන අල්ලගත්තා .... ..

ඒ ඇස්වලින් ගින්දර වගෙ උනුසුම් කදුලු කැට වැටෙනකොට මම හිනා උනා.....මට ඒක දැනුනා..එයා කොච්චර පය ඉක්මන් කරලා දුවන්න හැදුවත්..මගෙ ගාව ඒ තරම් කාලයක් නෑ කියන එක මට දැනුනා...

මිනිස්සුන්ට තමන්ගෙ අන්තීම විනාඩි ගානෙදි දැනෙනවා කියන්න වගෙම මටත් එ අවසානම විනාඩි ගාන දැනුනා....මට එයාව බේරලා යවන්න ඕනා.....

මම.මැරුනත්...එයා ජීවත් වෙන්න ඕනා...මැරෙන්න පන අදින.මොහොතේ පවා මම හිතුවෙ එච්චරයි ...එක කාමරේ මරන තුනක් තියනකොට ...ඒක තනිකරම අභිරහස් ම්නිමැරුමක් වෙනවා මිසක්...මගෙ සංධීර් ව අහුවෙන්න තියන ප්‍රතිශතෙ අඩු හින්දම මම සංධීර්ව එලවන්න හැදුවා.....

.ඇමති පුතා එහෙන් මැරිලා යනකොට පාර කාපු ගෑනි මැරුනද කෝමා උනාද කියන්න මට තේරුමක් නැතු උනා උනත්...මෙ ගෙවෙන්නෙ මගෙ අවසානම විනාඩි ගාන වෙනකොට එයාගෙ පිහිපාරවල් ඇනුන තුවාල වලින් එලියට ආව උනුසු වගෙම උකුම උකු ලේ එයාගෙ අත් තෙමාග බිම තෙමුවා... ..

මං උඹට මොකුත් වෙන්න දෙන්නෙ නෑ...මගෙ හදවත දීලා හරි මම උඹව බේරනවා.....මගෙ හදවත දීලා හරි...මම...උඹව...බේරනවා....රත්තරනේ....අනෙ...ඇස් ඇරපන්...ඇස්...ඇරපන්...මගෙ...පන.....

එයා මාව අරන් එලියට ආවා....මේ හැම දෙයක්ම සාමාකාමියි...කරන්ට් එක නැතිව තිබ්බෙ කාමර අංක හයට විතරක් වෙනකොට එයා මාව කොහෙ පැත්තෙන් අරන් දුවනවද කියන්න නොදන්න මම හති දදා දුවන එයාව නවත්තන්න හැදුවා...මෙක බොරු වැඩක්.....එයා මාවා අරන් දිව්වට මම දැනටමත් බාගෙට මැරිලා ඉවර වෙනකොට මගෙ ලේ බින්දුවලින් සුදුපාට ටයිල් පොලව පුරාවටම තෙත් වෙලා යනකොට මං හයිය අරන් එයාට කතා කෙරුවා ...මාව දාලා යමන් කිව්වා ..දුවන්න එපා....මට මහන්සී....උඹට තෙහෙට්ටුයි කිව්වා ....

ස්ස්...සංධීර් ...උ..උඹට.....ත්ත්...තෙහෙට්ටුයි....ම්ම්.....මගෙ.....ස්ස්...සංධීර් ....

තව....චු...ට්ටයි.....මං ...උඹව....අරන්...ය්....නවා...අනෙ...හුස්ම....අල්ලපන්....යෙවීන්....

එයා පඩිපෙලක් දිගේ මාව අරන් දුවනකොට ගැස්සෙන ගැස්සිලි එක්ක මගෙන් පිටවෙන ලෙ ප්‍රමානෙ එන්න එන්නම වැඩි වෙනකොට දැනටමත් පන ගිහින් වගේ පහලට එල්ලි එල්ලි තිබුන අතකින් මන් ඒ මූන අල්ලන් ඉතිරි වෙලා තිබුන ඇහැ ලොකු කරලා එයා දිහා බලනකොට එලියටම දුවන් ආව එයා මා දිහා බැලුවා මන් එයාට තව දුවන්න එපා කිව්වා ...

ඇ....ඇති....ම්ම්...මගෙ සංධී...ර්...

එයා බලන් උන්නා....මන් කට ඇරලා ලොකුම ලොකු හුස්මක් අරන් ඇති කියනකොට එයා එක තැන ගල් ගැහුනා වගේම මන් එයාගෙ බෙල්ලෙ එල්ලිලා අමාරුවෙන් මගෙ මූන එයාගෙ මූන ගාවට ලන් කරගත්තා ....මට දැනෙනවා ....මගෙහදවතට තව ලබ්ඩබ් ගාන්න හයියක් නෑ.....

ගසලා වරෙන් කියපු තාත්තව...පරිස්සමින් ගිහින් එන්න කියපු අම්මව ....කොයි වෙලෙත් විහිලු කරන බාප්පව ...මාව නැති කරගත්තු අම්මව....යහපතා ....රොබිනා.....ජිමියා....පියෝනියා .....මේ හැමෝවම එක තත්පරේට මතක් වෙනකොට මගෙ ඇස් වලින් කදුලු වැටුනා වගේම මන් ඇගේම හයිය එකට එකතු කරලා හුස්මක් අරන් අවසානම පාරට සංධීර් දිහා බලලා හිනා උනා වගේම ජීවිතෙ පලවෙනි පාරට වගේම අවසානම පාරට ගොත නොගහා ආදරෙයි කියනවත් එක්කම මගෙ බෙල්ල පහලට කඩන් වැටුනා ඇස්වලින් ගලපු කදුලු බින්දුවක් බිමට වැටෙන්නත් කලින් මැරිලා ගියා ...

හැපි.....වැලන්ටයින් ....ආදරෙයි ...මගෙ.....සං.....ධී.....ර්...

ය්....ය්.....ය...යෙවෙ...න්න්..

🥺එකවසර තුඹ කරවිල පන්තියෙ ජොබිත් මැරුනා....

Bye!

More Chapters