Cherreads

Chapter 62 - 62

අ..නේ....ස්ස්...ස.....සංධීර් ...

මම කෙදිරි ගෑවා.....සංධීර් ඇහිබැම අකුලගත්තා හරියටම මම නම් දන්නෙ නෑ කියන්න වගේ වෙනකොට මම කෙදිරි ගෑවා....

බහින්න...නැත්තන් මෙතනට ඇවිත් ගහයි.....

අ..අනේ....ද්..දාලා.....ය්..යන්න....එපා....ස්ස්....සංධීර් .....අ..අනේ.....ද්...දාලා.....ය්...යන්න.....එ..එපානෙ....

යන්නෙ නැ ...දැන් තව උන්නොත් නම් ඔයා ගුටි කාවි.....

එ එහෙනම්...ම්ම්..මාව....ප්ප්..පැහැරගන....ග්ග්..ගියා....ක්..කිය....න්න....ස්..සංධීර් ...

ම්න් ...වම් ඇටෙ ගලවන් කියලා කියන්නම්කො....

ය්ය්...යෝ.....ස්ස්..සංධීර් ...උ..උඹට...උඹ...ම්ම්..මට....ක්..කිසිම...අ..ආදරයක්...න්න්..නෑ....ඔ..ඕන්....නෑ...ම්ම්..මං..ග්ග් ගුටි කන්නම්....අදින්...මේක....ඉවරයි...

මම මාව දාලා යන්න එපා ...අරක කියන්න මේක කියන්න කියනකොට මේඔක්කෝම අහන් උන්න සංධීර් නොහොබිනා කතා කිව්වා වගේම අවසානෙදි මම සම්බන්දෙ නවත්තල බැස්සා.....බැහැලා ඒහැමෝම බලාගන ඉන්නකොට හොරා වගේ ගෑටුවා....තාත්තගෙ මූන ගස් මුට්ටියක් වෙලා මදිවට අතේ හනස්සකුත් තිබුනා...

ම්හුක්...අනේ බාප්පෙ...කොල්ලා ප්‍රේමවන්තයා ඉස්සරහා ගුටි කන එක නම්බුවට හරි නෑනෙ...

අම්මා අනිත් අම්මා...බාප්පා එක පැත්තක ඉන්නකොට මම තාත්තා දිහා බලාගන ඔලුවත් පොඩ්ඩක් නමලා මම ආවා තාත්තෙ කියන්න වගේ අහිංසක දුක්බර හිනාවකුත් දාන් යන්න යනකොටම වැහිනැති හෙන ගහන්න වගේ තාත්තගෙ කටහඩ ඇහෙනවත් එක්කම මම හිටපු තැනම හිටගැස්සුනා ...

කොහෙද යන්නෙ....මෙහාට වර හුත්තිගෙ පුතා...

ම්හුක්....හුත්තිගෙ පුතා කිව්වා.....සංධීර් බොනට් එකට හේත්තු වෙලා බලන් උන්න හරියටම උඹට මම ගැහුවෙ නැතුවට කමක් නෑ....තාත්ත ගහනවනෙ කියන්න වගේ...මේ යක්සයා මගෙන් පලි ගන්නවා.. 

අනේ.... බා...ප්පෙ...කොල්ලා...වැරදි වැටහිමක් වෙලා වෙන එකෙක් එක්ක ගියානෙ. . ....

මම බාප්පා දිහා බැලුවා බාප්පත් අහක බලාගත්තා ...අද නම් එකෙක් වත් බේරන්න ඉදිරිපත් නොවෙනකොට තාත්තා හුත්තිගෙ පුතා කියපු හින්දම මම ජිමීව හෙව්වා...වයර් එකක් සෙරෙප්පුවක්...ඇදුමක්.....වාහන වල මොකක් හරි පාපිස්සක් කාපු දාකට තාත්තා ජිමියටත් කතා කරන්නෙ හුත්තිගෙ පුතා කියලා දන්න හින්දම මම ගොත ගගහා ජිමීට අඩ ගැහුවා...

ජ්...ජ්...ජිමී....ක්ක්..ක්..කූ....කූ...ම්ම්..මෙ...ත්ත්....තා...ත්තා...ආව්...හ්....ආ ...ව්හ්හ්.....අ.අනෙ....ත්ත්....ත්ත්...

ජිමී....ජිමීට....ජිමීට නෙවෙ....තොට අඩ ගැහුවෙ...

අ..නෙ....ත්ත්...තාත්තෙ . බ්බ් බාප්පේ.....ම්ම්..මට...උ..උන....ස්ස්...සංධීර් .....හ්හ්

මම කෑ ගැහුවා...තට්ගටම උඩට හනසු පාර වදිනකොට කොච්චර ගැහුවත් එක තැන ඉන්න මම බාප්පටයි.සංධීර්ටයි කතා කරනකොට උන් ඔක්කෝම.කන් බෙර පිපිරුන බීරො වෙලා තියනකොට අම්මා විතරක් තාත්තව නැවැත්තුවා....

ඇති...අකිල...ඇති...

ඇති....ඇති...මූ මේ නොහොබිනා කම කරපු දෙවනි පාර....අතාරිනවා ඕයි තමුසෙට හැමදාම කියනවා මූව හුරතල් කරන්ඩ එපා මූව හුරතල් කරන්ඩ එපා කියලා ...එකානෙ ඉන්නේ එකානෙ ඉන්නෙ....තොට මම....

චටාස් .....

ආයමත් තට්ටමට පාරක් වදිනකොට සංධීර් ඇවිත් ගහන්න එපා කියනකොට කොහොමත් ඇටෑක් එකක් තියන මාමන්ඩියයි බැනයි ඇස්වලින් කා ගන්න ගන්නකොට බාප්පා ගාවට බඩ ගාපු මට එතනිනුත් පිට පුපුරන්න ඩෑස් එකක් හම්බුනා ...

අන්..නේ...බා...ප්...

චටාස් ...

පල ගෙට .මේ ...දැන්ම පල...තොට පන්ති තිබුනෙ කීයටද...තෝ ඉස්කෝලෙ ගිහින් පන්ති ගියෙ කොහොමද .....

බ්බ්...බ්බාපෙ..

නෙහාන් ඇති ඇති...

නැ නෑ සංධීරයා කටවහපන් ...උඹ පොඩ්ඩක් කටවහපන් ...බලපන් දැන් වෙලාව කීයද ...මුගෙ ඵෝන් එක වැඩ නෑ.....ආ මූට ඉන්න මකබාව කොහෙ උනත් කියන්ඩ බැරිද බලපන් මේ ඇදුම්...ආ....මූව....මූව.....බලන්ඩ තෝ යන්ඩ ඕනා ආය ...කකුල් දෙක කඩලා ලිපෙ ඔබනවා .....

සංධිර් මා දිහැ බැලුවා ..හරියටම අනෙ ඇබිත්තම මං මොනා කරන්ඩද අහන්ඩ වගෙ....උඹ ඇති උඹ....උඹත් බොරුවට දුක් උනාට උඹත් සතුටු ඇති මට ගහනවට...ම්

අම්මත් අහක බලන්...අනිත්.අම්මත් අහක බලන්....

ම්හුක්....ගුටි කාපු කුකුල් පැටියා හැම පැත්තෙම්ම තනිවෙන කොට තවත් ඩෑස් එකක් කාගෙනම මුලු පවුලත් එක්කම තරහා උන මම හුචු හුචු ගගා ගෙට දූවලා ගිහින් ඇදෙ පෙරලුනා ....

මටෝන් නෑ...මේ ගෙදරින් වතුර උගුරක් වත් මටෝන් නෑ...මාව බලාගන්න බැරි උනාට මට දැන් යන්න තැන් තියනවා...රොබිනා මාව කවදාවත් අහක දාන්නෙ නෑ...

අනික ඇමති පුතා උනත් මාව දැන් අදුනනවා...හිතුනොත් මුන් ඔක්කෝමව පාවා දීලා මම තාත්තා ගාවට යනවා..ආච්චම්මටත් කන පුරෝලා දෙක තුනක් අතාරිනවා මොනව හරි කියවන් ආවොත් සට පට සත්ත පඩි වෙන්න....

ම්ම්හුක්....කැක්කුමයි....පුක නෑ වගෙ....පිපිරුවද මන්දා...

උන කියලා වත් බැලුවෙ නෑනෙ..අනික සංධීර් කිව්වනෙ ලමයට උන කියලා ...

ආව දෙන්කෝ ඕකත් මගෙ ඇබිත්තම බොත්තම යැයි යැයි ගාන්...

ඊටත් තාත්තා ඔක්කොම ඉස්සරහා මට හුත්තිගෙ පුතා කිව්වා...ඔය වචනෙ කියනකොට අපේ ජිමියත් කන්දෙක පහත් කරගන්නවා....

ම්ම්හුක්.....ඕන් නෑ...මට ආය ඇල්වතුර උගුරක් වත් මේ ගෙදරින් ඕන් නෑ....සංධීර් ට කියනවා මාව අරන් යන්න මේ ගෙදර මිනිස්සු මට ආදරේ නෑ කියලා ..සලකන්නෙ නෑ වෙනස්කම්.කරනවා කියලා ...එතකොට අරන් යන්න පුලුවන්නෙ....

ම්හුක්...මගෙ පස්ස කසනවනෙ....කැක්කුමයිනෙ....

හනසු පාර කාපු මම මුනින් අතට පෙරලීගන අඩ අඩ ඉන්නකොට මං අහගන තවත් මට බනිනවා...තාත්තා නම් කිව්වෙම මාව හමගහනවා..බාප්පා කිව්වෙම ඕකගෙ කකුල් කඩනවා කියලා ...

ඕකගෙ කකුල් කඩල ගෙයි මුල්ලක දාන්න ඕනා...කියන දෙ නාහ යනවට....

ඇති මල්ලි..අනෙ ඇති...ලමය ආවනෙ....

ළමයා ආවනෙ....ළමයා ආවනෙ කියන්නෙ....

නංගි....අද වෙන දේවල් එක්ක කොල්ලෙක්ව උනත් තනියෙන් යවන්න බෑ නංගි...එක තේරුම් ගන්න...අපි මූට තරහකට ගහනවා නෙවෙ ....අපි දන්නවා...කොල්ලව හදාගත්තෙ ඔයලා...එහෙම කියල අපිට කැක්කුමක් නැතුව නෙවෙනෙ..මූව ගෙනාව දා ඉදන් අර ගෑනි හැමදාම ඉස්පිරිතාලෙ ගානෙ....මූට පොඩ්ඩ බැරි වෙනකොට අසනීප වෙනවා...කීය ගියත් මූට වියදම් කරලා බෙහෙත් පෙත්තෙ ඉදන් ඕකව වඩාගන පෙව්වෙ...එහෙමයි ඔය වරත්තුවව අපි හැදුවෙ ආ...

කට ඇරලා අහන්ඩ ඕකට නියපිටින් පාරක් ගහලා තියනවද කියලා . නැනෙ... ඕකට අසනීපයක් හැදුනම ඌට වඩා මටයි රිදුනෙ... මම හොදට හොදයි නරකට නරකයි.. හදන්ඩ බැරි නම් මම ඕකව මකවනවා...මකවලා හරි හදනවා...ඌ හිතන් ඇති ඌට හිතු මනාපෙට ගෙදර එන්න පුලුවන් කියලා...ඒකා ඇටෙන් පොත්තෙ බේරෙන්ඩ හැදුවට මම ඕකගෙ තාත්තා...

මම කොට්ටෙ අස්සෙ ඔලුව ගහගත්තා ...තාත්තා මට අනිත් අම්ම එක්ක බලු බැනුම් බනිනකොට මං අහගන මගෙ නාකි බබරා ම්ම්..ම්ම්..ගානවා.....අනෙ උඹ වරෙන්කො...

නෑ උඹෙයි මගෙයි සම්බන්දෙත් ඉවරයි.....

යෙවීන්.....යෙවීන්....වරෙන් එලියට ...

තාත්තා ආයම කෑ ගැහුවා...මම නෙවෙ මීක් කිව්වෙ....

ඇති අකිල ඇති.....දැන් ගැහුවා බැන්නා ඇතිනෙ.....

තමුසෙ මේ...අශාන්‍යා....ආය මොකක් හරි වෙලා අඩන්න ගත්තොත් තමුසෙටයි මම එකටම ගහන්නෙ ආ.....පැත්තම

තාත්තා අම්මටත් බැන්න.....

පහලට රූටන හොටු රැල්ලක් සුරුස් ගාලා ඉහලට ඇදපු මම ඇස්වලින් වැටෙන කදුලු කොට්ටෙන් පිහ දැම්මා.....

.තාත්තා හරි එයාලා කවුරුත්ම වැරදි නෑ.....

මමයි හිතුවක්කාර කම් කෙරුවෙ ...මමයි හිතුමනාපෙට එක එකාගෙ ගෙවල් අස්සෙ රිංගුවෙ ..මට තිබුනා ගෙදර එන්න...

තාත්තා මාව හදපු හැටි කිය කිය බනිනකොට මට ඉකිගහලම ඇඩුනා....ගුටිකාපු වේදනාවට වඩා මට තාත්තගෙ කේන්තිය අස්සෙ තිබුන බයට වේදනාවට දුකට ඇඩුනා.....

මගෙ තාත්තා මට කොච්චර ආදරේද .....තාත්තා ගැහුවත්....ඒ කියපු එක වචනයක් වැරදි නෑ...හරියටම එකතු කරලා බැලුවොත් ලමා දොස්තරලව චැනල් කරලම තාත්තගෙ සේසත දිය වෙන්න ඇති....

හෙම්බිරිස්සාව හැදෙනකොට .හෙම්බිරිස්සාව කැස්සට හැරෙයි කියලා බයට කැස්ස උනකට හැරෙයි මට කතා කරගන්න බැරි වෙයි කියන බයට තාත්තා නහයට කට තියලා සෙම උරවලා විසිකරපු දවස් තිබ්බා ....එච්චරට ආදරේ කරන තාත්තා ගහපු එක සාදාරනයි කියලා හිතෙනකොට මම කදුලු පිහිදගන කාමරෙන් එලියට ඇවිත් වට පිට බලලා හොරා වගෙ නානකාමරේට ගාටනකොට මං බලාහන සංධීර් තාත්තට මොන මොනවදෝ කියනවා....

ම්හුක්.....තාත්තට මං ආදරෙයි...ඒත්...අදට විතරක් හැමෝම එක්ක මම තරහයි....වතුර උගුරක් වත් නැතුව බුදියන්න ඕනෙ.....

මම නෑවා..හනසු පාර වැදුන තට්ටම් වල පලු මතුවෙලා තියනකොට චූචි පුක සතු වෙලා තිබ්බා....

ශවර් එකෙන් වැටෙන සීතල වතුර බින්දු මගෙ හිස් මුදුනෙන් පටන් අරන් අවසානෙදි යටි පතුල් වෙනකන් හෝදන් යනකොට සංධීර් හපපු තැන රතු වෙලා විතරක් නෙවෙ හිල් උන තැන දැවිල ගත්තා ....

ජිමී...මට සමාවෙයන් ....මට එයාව එයාව අල්ලන්න බෑනෙ...

සබන් පෙන වදිනකොට තුවාලෙ තවත් දැවිල්ල ගත්ත වගේම දොර ගාවට ආව තාත්තා තෝ උන තියාගන නාන්නෙහෙම නෑ කියනකොට මට ආයම බඩ කොර උනා .

.අනෙ බාප්පෙ...අද නම් කොල්ලගෙ වෙලාව හොදම නෑ....බාප්පෙ...හොදම නෑ.....

මම නෑවා...වෙනදට හොදට අතුල්ලා නාන මම අද හොරට අතුල්ලන් පැයක් විතර ඔලුවත් පිහාගන ආයම කාමරේට ගිහින් මගෙ පිජාමා එක ඇදන් ඇදට වැටෙනකොට මම අහගන අම්මා රොවිනම්මට මොනවද කියනවා වගෙම පිගන් සද්දෙකුත් ඇහුනා...

ම්හුක්...ලමයට ගහලා කන්න වෙන්න ඇති යන්නෙ...මං නම්.කයි අද.....මට ඕන බතක් නෑ.....

මම ඔලුවෙ ඉදන් පොරවගත්තා.....

සංධීර් ගෙ ජීප් එකේ සද්දෙ වගේම බාප්පගෙ කටහඩ ඇහිලා ආයම නෑහිලා ගියා...ඒ දෙන්නා ගියාද..... .

.අනෙ සංධීර්....උඹට යනවා.කියලා වත් කියන්න බැරිද බන්...ඵෝන් එකත් නැති එකෙ මැසේජ් එකක් වත් දාන්න බෑ කියලා දන්නවා නේද උඹ.....

උඹ ඔහොම්ම ඉදින් සංධීර්....උඹ ඔහොම්ම ඉදල ගෑනියෙක් අරන් පලයන්...මාව හොයන් එන්න එපා...මේක ඉවරයි....මේක ඉවරයි.....මේක අදින් පස්සෙ ඉවරයි.... .උඹගෙයි මගෙයි සම්බන්දෙ ඉවරයි ....

ම්හුක්...

විනාඩියෙන් විනාඩිය ගෙවි ගෙවි යනකොට එක එක සුවදවල් එන්න වගේම ජිමියගෙ නියපොතු ටයිල් වක වදින් සද්දෙ වගේම ආයම සංධීර්ගෙ ජීප් එකෙ සද්දෙ වගේම බාප්පත් ආය මොන මොනවා හරි කිය කිය ඇතුලට අවා....

පිගන් සද්දෙ ඇහෙනවා...තාත්තා මොන මොනවද කියලා ජිමියට බැන්නා එලියට දුවපන් කිව්වා ...

එ හැමෝටම මාව අමතක වෙලා....

දැන් කනවා ඇති.....

ඔය කැ ගැහුවට ජිමියට සීගිරි කන්ද වගෙ බත් එකක් බෙදලා දීලා ඇති 

කමක් නෑ මට වතුර උගුරක් වත් ඕන් නෑ....

මොකටද ළමයි අතින් වැරදි වෙනවනෙ....

අනික තාත්තත් පොඩි කාලෙ ඇට්ටරයා කියලා ඔය කිරි අම්ම කියන්නෙ...උඹ නටපු නාඩගම් ඇති කියලා ...

යෙවීන්....

.....

ඔන්න ඔන්න තාත්තා එනවා ....ගහලා ඉවර වෙලා කන්න එන්න කියන්න වෙන්න ඇති.....

මටෝන් නෑහ්.....

යෙවීන්....කන් ඇහුනද ....නැගිටලා කන්න වරෙන් ..

........

අශාන්‍යා ...මේ කොල්ලට නැගිටින්න කියනවා

මම මූන තවත් කොට්ටෙ අස්සෙ මුන ගහගත්තා .....දෙපාරක් තුන්පාරක් කතා කරපු තාත්තා අනිත් පාර අම්මට කෑ ගහන් යන්න ගියා....තාත්තා තාමත් තරහෙන් ඉන්නෙ .....

සුදු පුතා..

....(ම්හුක්..)

කන්න එන්න....

.......

මට අම්මගෙ කටහඩ ඇහුන....මෙච්චර වෙලා නිවලා තිබුන ලයිට් එක පත්තු උනා ...ඇද බර උනා... .මුනින් අතට උන්න මගෙ පස්ස උඩින් අත තියපු අම්මා හිමින් හිමින් අතගෑවා වගේම ඒ ටිකකිම්ම මගෙ පිටට හාදුවක් තියනවා දැනුනා ....

තාත්තට තරහා ගියෙ මගෙ පුතා නිකන් වත් කතා කරලා කිව්වෙ නැති හින්දනෙ . 

තාත්තයි බාප්පයි කීයෙ ඉදන් හෙව්වද .....

අම්මත් බය උනානෙ.....

අපිට ඉන්නෙ උඹ විතරනෙ යෙවීන්.....

..ම්හුක්.....

මං හොරා වගෙ කෙදිරි ගානකොට අම්මා ආයම කන්න කතා කෙරුවා .....

කෝ නැගිටලා එන්න....අර බාප්පයි සංධීරුයි ගිහින් කොත්තුවකුත් අරන් ආවා....

ම්ම්හ්.....

කොත්තුවක් ගෙනාවලු....ගුටි කාපු හින්දද දන්නෙ නෑනෙ.....ඒ උනාට මං ප්‍රතිපත්ති රකින මිනිහෙක්...මටෝන් නෑ.....

එ අස්සෙන් ඈනුමකුත් යනකොට අඩලා මූන රතු කරන් උන්න මං නැගිටලා ඉදගත්තා ....

ර්‍ර්....රයිසුත් ග් ...ගෙනාවත අ..අම්මෙ....

👉👈.....

මගෙ මූන දැන් තිත්ත කැකිරි පන්තියෙ ඉන්න පූසා වගෙ

රයිසුත් ගෙනාවද අහනකොට අම්මා ඔලුව වැනුවා වගේම මං හොරා වගෙ ඇදෙන් බැහැලා බිත්ති දිගෙ ඇලීගන යනකොට මං බලාගන බෑනලා මස්සිනාලා මාමන්ඩිලා ලයන් බියර් කෑන් දෙක තුනක් තියාගන ගිලිනවා ....

සතුට සමරනවා ඇති...මං අම්මා හන්දම ආවා මිසක්කා නැත්තන් එයි මගෙ බල්ලා වත්.....

හොරා වගෙ ගාට ගාට ආව මාදිහා බලපු තාත්තා ආයම අහක බලාගන්නකොට පිට පුපුරන්න ඩෑස් එකක් දීපු බාප්පා බියර් කෑන් එකක් දික් කරනකොට අනිත් අම්මාකෑ ගැහුවා

එපා මල්ලි ඔව්වා දෙන්ඩ ඉකෝලෙ යනවා නේද තාම ..

අම්මා කෑ ගැහුවා ඉස්කෝලේ යනවා නේද අහනකොට මං බලාගන මේ යස අගේට උන්න සන්දීර් චුට්ටක් වත් අවුල් නොවුන කොන්ඩෙ හදනවා ....ඒ මොකද ඒ...

මං එහෙම්ම ආයම බාප්පා දිහා බැලුවා

ආ බියර් ටිකක් බිව්වා කියලා මූ බේබද්දෙක් වෙන් නෑ...ගුටිත් කාපු එකේබිපු දෙන්.....

එ...ඒක...ත්ත්...තමයි....අ..අනික...හ්හ්..හෙට...ස්ස්..සෙනසුරාදා ...ඉ...ඉස්කෝලෙ...න්න්..නෑනෙ...අ..අම්මෙ....බ්..බොන්ඩ...ප්..පුලුවන් ..

අනෙ තොට අනිත් පාර දෙන්නෙ ඔහොම නෙවෙ කාල ගිහින් බුදියපිය ...

කන්ඩ බෑ කියපු මං අම්මා ලව්වා කොත්තු වලින් ටිකකුයි . .රයිස් වලින් ටිකකුයි සමසෙ බෙදාගන බාප්පා බාගයක් බීලා ඇග පත වේදනාව යන්න කියලා දීපු බියර් බාගෙ අරන් ඉදගන්නකොට සංධීර් මා දිහා බලලා ආපහු එයාලගෙ කතාවලට හොම්බ දාගත්තා ....

ම්හුක්....අම්මට කියන්න ඕනෙ අද රෑට බාප්පව නවත්ත ගන්න කියලා ...නැත්තන් මට බාප්පා එක්ක යන්න දෙන්න කියලා ..ඔය කිව්වට තාත්තා ආය ගහයි අප්පා ....

ම්හුක්....නෑනෙ.....එක්කො සංධීර්ව නවත්තගත්තොත්....???

අම්මට සැක හිතෙයිද ???

බාප්පව අම්මා එක්කම එලවලා සංධීර්ව තියාගත්තා නම් හරි.....නැත්තන් .....සංධීර් එක්ක එයාගෙ ගෙදර යන්න ඇහුවොත්...අම්මෙ යන්න දෙයි මේන් කියලා අඩු කඩනවා කිව්වනෙ.....

ම්හුක්...බාප්පෙ...චුචුල් පැටියව අරන් යන්ඩකෝ....

ගුටි කාපු මං අවසානෙදි කුකුල් පැටියා වගෙ බත් එකට කොට කොට කනකොට නඩු විසදපු ගහපු ඈයො ආපිට යන්න ලැස්ති වෙනකොට මං සංධීර් ගාවට කිට්ටු උනා...

ය්ය්...යන්න එපානෙ...

නොයා බෑනෙ ම්ම්.....

ස්ස්..සංධීර් ....එ...එක්ක ය්ය්.....යන්නකො...

එයාගෙ ජීප් එක ගාවට ගියපු මං එයාව කූරු ගෑවා....එක්කන් යන්න කියනකොට එය මගෙ ඔලුව අත ගාලා කට කොනට හාදුවක් තිබ්බා....

දග නොවී ඉන්න....එක්ක යන්න බෑනෙ...

ම්හුක්....

මං කන් කෙදිරි ගෑවා එයා හිනා උනා.....එයා මාව කීයටවත් අරන් යන්නෙ නැති බව දන්න මං මුරන්ඩු කම් කරන්න ගත්තා .....

හෙට දවසම ඔයා එක්ක ඉන්නම්....දැන් හොද ළමයා වගෙ යන්න....මුරන්ඩු වෙලා ආය ගුටි කන්න එපා....තාත්තා ගැහුවට මං ගහන්නෙ නෑනෙ....ම්ම්....

ම්හුක්....

එයා කිව්වා තාත්තා ගැහුවට එයා ගහන් නෑනෙ කියලා ...ඔව් ඉතින් එයා මරලා දානවනෙ.....

එහාට මෙහාට වෙවි කූරු ගගා උන්න මං අවසානෙදි උම්මා ගොඩාරියකුත් ඉල්ලගන ජීප් එකෙන් බහින්න ලෑස්ති වෙනකොට මං එයාට ගුඩ් නයිට් කියලා ඇස් දෙක බෝල කරන් බලන් උන්නා...

ග්ග්....ගුඩ්....න්න්..නයිට්....ස්ස්....සංධී....ර්...

අ. .ආත...රෙයි...

.

ම්න්...

...

ගුඩ් නයිට්....

බ....බා....

...ආදරෙයි ....

ගොඩාක් ...

යෝහ්.....එයා ඒක කිව්වා යකො...අනෙ බාප්පෙ.....මට බදින්න ඕනා....ඉස්කෝලෙ ගියා ඇතී... ....ම්හුක්....බබා කිව්වා ....චුචුල් පැටියට බබා කිව්වා ...

ජීප් එකෙ දොරවහපු මං දේව්දාස් ගෙ කටහඩ ඇහුනම ලැජ්ජාවෙන් දුවපු පාරෝ වගෙ කාමරේ ගිහින් දඩාස් ගාලා දොර වගලා ඇදට පනිනවා එක්කම මගෙ ඔලුව ඇද විට්ටමේ ඩෝන් ගාලා වැදුනා...

ආහ්ව්.....

ම්ම්හුක්.....බාප්පෙ....කොල්ලව මැරෙන්ඩ එන්නෙ .. ....

මැරුනත් කමක් නෑ බබා කිව්ව එකම මදෑ...

එයාලා යන්න ගියා .....මෙච්චර වෙලාම ඇවිලි ඇවිලි තිබුන ලයිට් එකින් එක නිවිලා යනකොට ජිමියා ඉස්තෝපුවෙ පුටුවට නගින සද්දෙ ඇහුනා ඔලුවෙ ඉදන් පොරෝ ගත්තු මං අවසානෙදි කොට්ටෙ යටින් ජේසු ගෙ පින්තූරයක් තියා ගත්තා ...අර ගෑනිව මතක් උනෝතින් ...

සෙව්වන්දිට මොනවා උනාට දන්නෙ නෑ....

නිද ගන්න හදපු මට සෙව්වන්දි මතක් උන....

ඒකි කා එක්කද දන්නෙ නෑ යාලු...මට ඵොටෝ එකක් වත් බලන්න බැරි උනා....අනිවාර්යයෙන්ම අත් ලොකු ටී ශර්ට් එකක් ඇදන් ජේ බී ල් එකක් කරේ තියන් යන එකෙක්ට වෙන්න ඇති....

ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලො ආසම ඔය වගෙ උන්ටනෙ....ආ....ඇයි ගුජුම්පිට.....ගුජුම්පියෝ කිව්වොත් උන්ට කලන්තෙ දානවා .....

ඇයි ජී හූ අයියට.....

යෝ...අපෙ අම්මත් ජී හු අයියට ආසයිනෙ....අපෙ තාත්තට වැටහෙන්නෙ නෑ....අපෙ තාත්තා ඇස් චූටි හැමෝටම කියන්නෙ චීන්නු කියලා

ම්හුක්....ගුජුම්පියට වඩා මගෙ සංධීර් ලස්සනයි ..

එහා මෙහා පෙරලි පෙරලි උන්න මට අවසානෙදි නින්ද ගියා ...

ටක්....ස්.....

ටක්....ස්..

යෙ....ව්....වී....න්

ටකස්...

ම්ම්ම්....හ්....

මර නින්දක උන්න මට ජිමියා උඩ බුරන සද්දෙ වගේම මගෙ ජනේලෙට කවුරු හරි තට්ටු කරන සද්දයක් එක්ක මං ඇහැරුනා....

ටක.....ස්.....

ජ්ජ්.....ජිමී...ඔ...ඔයා.....ත....

ඔලුවෙ ඉදන් පොරවගත්තු මං මොකටත් කියලා බෙඩ්සයිඩ් කබඩ් එක උඩ තිබුන මලලසේකර ඩික්ශනරි එක අතට ගත්තා...

ගස්වල හෙවනැල්ල ජනෙල් වීදුරු උඩට වැටිලා යක්කුන්ගෙ හෙවනැලි මතු කරනකොට මට අර මැරුන ගෑනිව මතක් උනා.....මිනිහව මතක් උනා....එදා මරපු තුන් දෙනාව්ම මතක් උනා....

ටක .....ස්...

ම්ම්...මොකා.....ද....ය්...යකෝ....ජ්ජ්...ජනේලේ....ග්ග්...ග්ග්...ගාව....හ්හ්....හැමි....නෙන්..නෙ

මං හොරාවට කුනුහර්ප පලන්න ගත්තා ...එහෙන් ජිමියා ඉවරයක් නැතුව ඌ....ඌ....ගගා බුරනකොට මෙතනි ඉවරයක් නැතුව ජනෙල් පියනට ටක අක ගගා තට්ටු කරන සද්දෙ ආවා..කොහොම උනත් මං ඉන්නෙ ඇතුලෙ වෙනකොට ජනෙල් පියනට අත තියන්න හදපු මට බෑඩ් නන්ව මතක් උනා වගේම මන් මොකකටත් කියලා පිතා පුත්‍රයාගෙත් දාගන ඩික්ශනරි එකත් උලුක් කරන් ජනෙල් පියන අරිනවා එක්කම මට හුස්ම හිර උනා

ද්....ස්.....

දොර අරින්න...

ස්ස්...සංධීර් .....දෙයියනෙ මේ යක්කු මායන් වෙන වෙලෙ හොල්මන් කරන්නෙ සංධීර් ...මගෙ කාමරේ දොර ඇරපු මන් අම්මගෙයි තාත්තගෙයි කාමරේට එබුනා....

දොරවහලා ....තාත්තා ගොර අදිනවා ...

මං ඇගිලි තුඩුවලින් දුවන ගිහින් දොර ඇර හද දිහා බලන් උඩ බුරන ජිමියටත් ඔලුවට එකක් අනිනකොටම සංධීර් ආවා....

ස්ස්. .ස්...සංධීර් ....

මන් එයාව ඇදලා අරන් දොර වහලා හොරෙක් වගෙ කාමරේට දිව්වා ....දුවලා ගිහින් මගෙ කාමරෙත් දොර වහලා ලොක් කෙරුවා ...

ඇ..ඇයි....හ්හ්...හදිස්සියක්ද ...ක්ක්..කාව හරි...ම්ම්මර....න්.....භ්භ්භ්.....භ්භ්..

හොරාවට කුකුටු ගගා උන්න මං එයාව හොලවනකොට එයා මාව ඇදලා අරන් තුරුල් කරගත්තා ...හුස්මක් නොගෙනම කුටු කුටු ගගා කියවන කුකුල් හොටේට හාදුවක් තියනවා එක්කම මම එයාගෙ ඇගේ එල්ලුනා වගේම එයා මාව වඩාගත්තා .....

ඒ හාදුව දික් උනා....තත්පර ගෙවිලා විනාඩි ගානක් දුරකට ඇදිලා ගියාට පස්සෙ එයා නැවතුනා

මතක් උනා....

.....

නින්ද ගියෙ නෑ.....

.....

මට...පාලු හිතුනා....යෙ...වී....න්

ය්ය්...යෝහ්.....එකනෙ...ක්..කිව්වෙ...මාව...එක්ක...ය්ය්..යන්න....ක්..කියලා ...ම්හුක්....

මං එයාව එක්කන් ඇදට නැග්ගා....නැගලා ඇදට තට්ටුවක් දානකොට එයත් නැගලා එහෙම්ම දිගා උනා....මා.දිහා බලන් උන්න එයා අත දික් කරනවා එක්කම මන් ඒ අත උඩ ඔලුව තියා ගන්නවා එක්කම එයා මාව තුරුල් කරගත්තා ...

එයා ගාව සුවදයි....

එයා ගාව හරි සනීපයි....

එයාගෙ අත් දෙක ඇතුල ආරක්ශාවයි...

ස්ස්...සංධීර් ....

ම්ම්ම්....

ම්හුක්....

ඇයි....ඉතින්.....ම්ම් මං ආවනෙ

කුකුල් පැටියව බලන්න...

මගෙ...

ම්ම්...න්..නිකන්.....මටත්...ම්ම්..මතක්...

උ...නානෙ....චුචුල්....ප්ප්..පැටියටත්....ම්ම්..මතක්...උ..උනානෙ.....ස්ස්..සංධීර්...

රිදෙනවද.....??

මම එයාට එයාව මතක් උනානෙ කියනකොට එයා මගෙන් ඇහුවා රිදෙනවද කියලා ...ඒ එක්කම එයා මගෙ තට්ටමට අත තිබ්බා.....හිමින් අත ගෑවා...

ආය මුරන්ඩු වැඩ කරන්න එපා යෙවීන් ....

ම්ම්ම්.....

මං දන්නෙ...නෑ.....උඹ...මම...කියන්නෙ හීනයක්ද කියලා ....හීනයක් උනෝතින් ....මාව ඇහැරවපන් යෙවීන් .....මොකද ...ඇස් ඇරලා බලනකොට ....ඒක හීනයක් කියලා දැනගත්ත තැන ආයමත් මාව මැරේවි .....

එයා මුමුනනවා...අනේ එයාගෙ ආදරේ ...මම එයාට තුරුල් උනා...එහෙම්ම අර ලොකුම ලොකු උගුරු ගැටේට හාදුවක් තිබ්බා....

හ්හ්..හීනයක්....න්..නෙවෙ.....ස්ස්...සංධීර් ...ම්..මේක....ඇ....ඇත්ත්....තක්....

මගෙන් ඈතට යන්න එපා.....මාව...තරහ ගස්සවන්න....එපා....

මන්.....

ආදරෙයි.....

ඔ...

යා.....

ට....

..ග්...

මම එයා දිහා බැලුවා.....තත්පර දෙකක් ගියෙ නෑ...එයාට කිය කිය උන්න එක වත් සම්පූරන කරන්න හම්බුන් නෑ...මාව තුරුල් කරගනම නින්ද යනකොට එයාගෙ කම්මුලකට හාදුවක් තිබ්බ මම එහෙම්ම ඒ පපුවෙ උනුසුම මැද ඇස් පියා ගත්තා .....

මාත්....අදරෙයි මගෙ සංධීර් ....මේක හීනයක් නෙවෙ.....මේක යතාර්තයක් ....උඹයි මමයි ආදරේ කරන්නෙ....ඇත්ත ලෝකෙක මගෙ සංධීර් ....

කුකුල් පැටියා ගොඩාක් ආදරෙයි සංධීර් .....

🙂තිත්ත කැකිරි පන්තියෙ ජොබී නිදහාස්.....

ම්හුක්...

ආය එන්නම් ආ...

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters