Cherreads

Chapter 46 - 46

සංධීර් ....දෙයියනෙ...සංධීර් හදන්නෙ දත් ගලවන්න.....මේ මිනිහගෙ දත් අමු අමුවෙම ගලවන යන්නෙ.....

මගෙ කකුල එන්න එන්නම කැක්කුම අල්ලනකොට මට කෙලින් ඉන්න බැරි උනා...ඇඩෙන්න ආවා.....ඒත් මට සංධීර්ව දාලා යන්නත් බෑ.....මං වේදනාව ඉවසගන ජනේලෙ එල්ලීගන බලන් උන්නා අර මිනිහා අත් දෙක ගලවගන්න කකුල් ගලවගන්න දැගලුවා ....

උඹ....උඹ...උඹ මොකක්ද යකෝ...ක්ක්...කරන්ඩ....හදනෙ...උඹ....

මොනවා කරන්ඩ යනවද කියලාද උඹ හිතන්නෙ....ම්ම්... මතකද මං උඹගෙනුත් ඔය විදිහටම ගැහි ගැහි ඇහැව්වා ....ම්ම්ම්...මොකක්ද උඹ කරන්න යන්නෙ ....මොකක්ද උඹ කරන්න යන්නෙ කියලා මං කීපාරක් ඇහුවද ...උඹ ඒ වෙනුවට මොකක්ද මට කෙරුවෙ.....කාගෙ හයිය අරන්ද උඹ මට ගැහුවෙ...

සංධීර් ....එයා අතේ තිබුන අඩු දිහා බල බල අරකගෙ මූන ගාවට ලං උනා...ඌ සංධීර්ගෙන් ප්‍රශ්නයක් අහනකොට සංධිර් උගෙම්ම ඒ ප්‍රශ්නෙ අහනවා ....ඒ මිනිහා මරන බයේ වෙව්ලනවා ....

ඒත් ඌට පව් කියන්නෙ කොහොමද ....සංධීර්ටත් එදා ඔය බය දැනෙනෙන්න ඇති.....සංධීරුත් ඔය වගේම දගලන්න ඇති.....යන්න දෙන්න කියන්න ඇති ...ඒත්....උන් කෙරුවෙ එයාව පුච්චලා දාපු එක....මොන වාසනාව උඩ බේරිලා ආවා උනත් එයා විදපු වේදනාවල ලකුනු තාම තියනවා.....

උඹ දන්නවද ...උඹලා කට්ටියම එදා තනි මාව වටකරනකොට මට මොකක්ද දැනුනෙ කියලා ...ම්ම්ම්ම්

සං...සංධීර් ...මට...මට යන්න දීපන්.....මට...පව්ලක්....ඉන්නවා ....

ඉතින් ....මටත් උන්නා...මටත් පවුලක් උන්නා...අම්මා තාත්තා.....අක්කා.....පොඩි එකෙක්....එතකොට යාලුවො....ම්ම්ම්ම්...මටත් උන්නා...

උඹ කියන ඕන...ඕනම දෙයක් ...මං...කරන්...නම්...

එපා....උඹ කරන්න ඕන එකම දේ මගෙ ඇස් පනාපිට මැරිලා යන එක ....එච්චරයි...උඹට කරන්න ඉතුරුත් එච්චරයි ....

සංධීර් .....සංධීර් .....උඹ ඔය කරන්න හදන්නෙ ලොකු වැරද්දක් ....

ඇත්තට...ම්ම්ම්....එතකොට වැරදි කරපු එකෙක්ට.....දඩුවම් දුන්න මට උඹ කෙරුවෙ හොද දෙයක්ද ....ම්ම්ම්....

එයා අර පොලිස් කාරයගෙ ඔලුව පිටිපස්සෙන් අල්ල ගත්තා ...හරියටම බැලුවොත් කිටි කිටියට කෙස් රොදක් අල්ල ගත්තා ...අල්ලන් ඔලුව උඩට උස්සලා ඒ මූන දිහා බලන් සංධීර් හිනා උනා වගේම එයා එයාගෙ කට ඇරලා එයාගේ එක අතක් කට අස්සට දාගත්තා ...

එයා මොකද කරන්නෙ.....??එයා මොකක්ද ඒ කටට අත දාන් කරන්න හදන්නෙ???සයිනයිඩ් කරලක් වත් කටේ ඔබා ගත්තද??බෑ...වෙන්න බෑ.....එයා මොකටද සයිනයිඩ් කන්නෙ...අරූටනෙ කවන්න ඕනා...ඌනෙ අපිට මෙහෙම කෙරුවෙ ....සංදීර්ගෙ මරනෙන් අතුරුදන් උනේ සංධීර් විතරක් නෙවෙ ...මගෙ ආ කාලෙ . එකතු කරන්නම් කියලා පොරොන්දු උන අම්මා තාත්තා සදහටම වෙන් උන එක...තාත්තා කෙසේවෙතත් මගෙ අම්මා අද වෙනකන් කදුලු හලන තැනට වැටුන එක ...

මෙන්න ..උඹ මගෙන් ඇහුවා මං මොකක්ද කරන්න හදන්නෙ කියලා ...උඹය මතකද හෙලවෙන්නවත් බැරිව යන්න ගැටගහලා උන්න මට දීපු සපත්තු පාර....ම්ම්ම්...ඒකත් මූනට.....මොකද උඹට ඕනා උන....ඇමතියගෙ බලේ පෙන්නලා....බූට් එකේ හයිය බලන්න එහෙමනෙ ම්ම්ම්ම්...ඉතින් මෙන්න උඹ මගෙන් ගලවපු දත් දෙක තුන.....තව කීයක් අඩු උනාද. .ම්ම්ම්

එයා අතට අරන් තියෙන්නෙ බොරු දත්.....අරූ ගහපු පාරට ගැලවිලා ගියපු දත්.. .අනේ පව්.....අරූ දත් ගැලවෙන්න තරම් ගහලා කියන්නෙ.....ඕකගෙ දත් ඇන්දම ගලවපන් සංධීර් පව් නැ...පව් නෑ.....චුට්ටක් වත් පව් නෑ.....සංධීර් ...යෙවීන්ට මතකයි...අම්මා මගෙ පුතා ගගා පොලවෙපස් කාපු හැටි.....යෙවීන්ට මතකයි බාප්පා ගින්නට පනින්න ගිය හැටි....යෙවීන්ට මතකයි ගොත ගගහා යෙවීන් අඩපු හැටි.....උඹ මරපන් සංධීර්.....උඹ මරපන්.....කමක් නෑ....යෙවීන්ටත් හැම දේම නැති උනෙ ඔය හින්දා.....

මම යක්ශ පැටියෙක් වගේ මිමිනුවා.....මං සංධීර්ට හපන් යක් පැටියෙක් වෙලා උන්නා....

ස්ස්.. සංධීර් ....සංධීර්...මට සමාවෙයන්..මන් වැරදී...මං....මං වැරදී....සමාවෙයන් ..මම...මම උඹට උඹ කියන ඕනම...දෙයක් කරන්න උදව් කරන්නම්.....ඇමතියව....ඇමතියව මරන්න...උනත්...ආ....මම.....උගෙ...හැම දේ ගැනම...කියන්නම්...මම...මම උඹගෙ පැත්තට....එන්නම්.....එහෙම කරන්නම්..මට යන්න දියන් සංධීර්...

අරූ සමාව ඉල්ලනවා....අරූඅඩ අඩ සමාව ඉල්ලනවා....ඇත්තමයි සංධීර් උඹ සමාව දුන්නොත්.....මම ඕකගෙ දත් ගලවනවා...බාප්පග් කොල්ලා දැන් යක්කු ඉන්න ෆිල්ම් පවා බය නැතුව බලනවා...ජනෙල් තිර වලට බයයි...ඒක වෙනම කතාවක්...ඕනම එකෙක් ගාව දුර්වල කම් තියනවනෙ...සමාව නම් දෙන්න එපා සංධීර් .. එක කම්මුලකට ගැහුවම අනිත් කම්මුලත් හරවන්න කියනවා.....අනේ මට සමාවෙන්න ජේසු....ඒ උනට මූ වගේ උන් ජීවත් වෙන්න හොද නෑ... .

මම පත්තෑයා කාපු කකුල අල්ලලා බැලුවා.....මගෙ කකුලට බරවා හැදිලා වගේ...ඉදිමීගන එනවා .ඒත් කමක් නෑ...ඉස්පිරිතාලෙ උන්න එකෙක්නෙ....ඌ ගාව ඒ තරන් විස නැතුව ඇති. .කව්ද දන්නෙ මැරුන දොස්තර කෙනෙක්ද කියලා.....ඌහ්හ්හ්...කැක්කුමයි යකො.....

මම පිට්ටුවක් වගේ ඉදිමුන කකුල අත ගාලා ඇස් හීනි කරන් සංධීර්ලා දිහා බල්න උන්නා...සංධීර් සමාව ඉල්ලපු එකා දිහා බලලා කටකොනකුන් හිනා උනා...හරියටම උඹ සමාව කියන වචනෙ තේරුම වත් දන්නවද කියලා අහන්න වගේ....

අනිවාර්යයෙන්ම ....උඹ වැරදී.....ම්ම්ම්....අනික සමාව ඉල්ලන්නෙ ඇයි...අහල නැද්ද .....ඕනම කරන තැනට වගේම ඕනම කරන තැනදි විතරක් සමාව ඉල්ලන්නයි....සමාව දෙන්නයි විතරක් පුරුදු වෙන්න කියනවා...නැත්තන්...සමාව කියන වචනෙ පවා දියාරු වෙලා යනවා....

සංධීර්....සංධීර්...මේ ....අහපන්...මේ අහපන්.....ඇමතියලා....උන්ගෙන්....වැඩක්...නෑ...උන්...අද...ඉදල..හෙට යයි...ඒත්....උඹලා...අපිව මිනිස්සුන්ට ඕනා...

ම්ම්...ම්ම්.....තව.....ම්ම්.....අපිව මිනිස්සුන්ට ඕනා....හරි තව හිත හැදෙන්න කතාවක් කියමු බලන්න...

මං...මං .ඇමතියගෙ..හැම...හැම...

ස්පා එකක්ම අල්ලා දෙන්නම්.....ඒවා අස්සෙ යන අනිත් අනිත් දේවලුත් අල්ලා දෙන්නම්....තව....ලෙල්ලමෙන් මෙහාට පන්නන ඩ්‍රග්ස් ගැනත් කියන්නම්....අර.....තව....ගණිකා මඩම ගැනත් කියන්නම්....එහෙමද....??

ඔ...ඔව්....ඔව්...ස්ස්...සංධී...

චටාස් ....!!!!!!!

........

හහ්...හහ්...හ්හ්....හා........ඒ පැත්ත ඇතෑරලා මගෙ පැත්තෙන් හිටගන්න එක....ම්ම්.....ඒක හොද දෙයක් නෙවෙයි .....ඒක හොදම දෙයක් නෙවෙයි.....ම්ම්ම්ම්ම්...

ඒ කම්මුල් පාර .....මං හිතන්නෙ නෑ ඒ මිනිහගෙ හක්ක ඉතිරි වෙන්න ඇති කියලා .....සංධීර්....ඇරත් එයා එහෙම හිනා වෙන්නෙ කොහොම දෙයියනේ.... .අරූ කරන්න ගියෙ ඇමතියගෙ වැඩ ගැන කියන්න උනත් සංධීර් ඒ ඔක්කොම ගැන කියනකොට අරකා දත්මිටි කාගන අහන් උන්නා....සංධීර් හිනා උනා...හරියටම තව විහිලු කතාවක් කියපන්කො කියන්නා වගේ අරූගෙ පිටටත් ගැහුවා..... 

..ආ...යිශ් .මගෙ බෙල්ල.....ම්ම්...හිනා වෙලා පන නෑ....

සංධීර්.....

ශ්ශ්....ශ්ශ්....ශ්ශ්......

එකා කටට ඇගිල්ල තිබ්බා.....හරියටම සද්ද කරන්න එපා කියන්න වගේ....එයා හිනා වෙලා හිනා වෙලා අවසානෙදි කටට ඇගිල්ල තියලා ශ්ශ්...ශ්ෂ් ගෑවා.....

හිතුවද....මම අවුරුදු දහයක්....පොල් ගෑවා කියලා .ම්ම්ම්....නෑ...නෑ...නෑ...නෑ....!!!උදේ ඉදන් රෑ වෙනකන්.....පැයෙන් පැය....විනාඩියෙන් විනාඩිය....මම පස්සෙන් ආවා...මම රැයක් දවාලල් නැතුව මගෙ මිනිවලේ ඉදන් උඹලා පස්සෙන් ආවා....ඇගේ තියන හැම වනයක්ම හොද වෙන්න කලින් උනත්...මම පස්සෙන් ආවා....එ වගේම ....උඹලට නටන්න මම කල් දුන්නා....ම්ම්ම්ම්..දැන් ඒ කාලෙ ඉවරයි....එහෙනම්....මෙච්චර කල්...කරපු රාජ්‍ය සේවය වෙනුවෙන්...

ස්...සංධීර්....සංධීර්.....

එයා පොලිස් කාරයගෙ ඉස්සරහා සැලියුට් කෙරුවා...මාව සීතල වෙලා ගියා.....එයා කාකි කාරයා ඉස්සරහා සැලියුට් කරපු විදිහ වගේම එතනින් පස්සෙ අර ටූල්ස් අතට ගත්තු විදිහ එක්ක මාව සීතල වෙලා ගියා.....

ආ...ව්ව්....හ්හ්හ්........ස්...සං...

එතනින් එහාට මගෙ බඩ කැලතෙන්න ආවා....කට අරිනෙ නැති කාකිකාරයගෙ කට සම්පූරනම ඩෙන්ටල් ටූල්ස් දාල ඇරපු එයා ඒකගෙ කකුල් දෙක උඩම ඉදගන කට අස්සට අඩුව ඔබන කොට....ඉටිපන්දම් එලියෙන් ඒ මූනෙ තියන නපුරු පාට දකින කොට මගෙ යටි බඩේ ඉදම්ම සීතල වෙලා ගියා.....

ටක්ස්...!!!

.පලවෙනි දත්...අත් වලට දාන් උන්න සුදු ගල්වුස් වල උඩ හරිය රතු වෙනකොට අරකා කෑ ගහන්න බැරි උනත් උගුරෙන් වගේ කෑගහනකොට ටක්ස්....ටකස් ගාලා දතින් දත...දතින් දත ගලව ගලව එයා අර පැත්තක තිබුන ට්‍රේ එකට දාන්න ගත්තා.....

බ්බ්...වෑක්....

මට ඔක්කාරෙට වගේ...මට ඔක්කාරෙට වගේ.......මට නිකන් ලේ ගද දැනෙනවා දැනෙනවා වගේ.....

අරකා රෝද පුටුවෙ ඉද දැගලුවා...

දන්නවද...එදා....උඹ කිව්වා.....නම්.....මූව යවමු කියලා ...අද මෙච්චර හරියක් නොවෙන්න තිබ්බා...ම්ම්ම්ම්

දත්....හයයි....උඹ...මගෙන් ගත්තෙ....හහයි....මම උඹගෙනුත් ගත්තෙ හයයි....සාධාරනයි....හරියටම ...

සාධාරනයි......

මම අත් දෙකෙම්ම කට තද කරගත්තා...අර මනුස්සයාගෙ කටෙ උඩ අනුව යටි අනුව ඇදලා දාල තිබුන ටූල් එක් ගලවලා දානවත් එක්කම ඒකා ලේ තලියක් හලාගන ඔලුව පහතට කරන් කෑ ගහනකොට මම අත් දෙකෙම්ම කට තද කරගත්තා....

අනෙ... ස්ස් සංධීර්... එක්කො...ඔය...ඇති...

මගෙ බඩ කැලතෙනකොට අර චන්ඩි කම් ඔක්කොම හේදිලා යන්න ගත්තා...බඩම පෙරලනවා...වමනෙට වගේ.....අරකට කෑ ගහගන්න බෑ....ලේ එක්ක එකට හාමු උන සෙවල තලි තලි ඒකගෙම කලව උඩට නානු වගෙ වැටෙනවා දැකපු මම අවසානෙදි අහක බලන් උන්නා....

වතුර අරින සද්දයක්...

.මම ආයම බැලුව...දැන් නම් මගෙ කකුල පුපුරන්න වගේ....පුදුම විදිහට වේදනයි...නයි පත්තෑයෙක්ද දන්නෙ නෑ...මාව මැරෙයිද දන්නෙ නෑ...අනේ...මැරුනත් දැම්ම මැරෙන්න එපා.....2026 වෙනකන් ඉදපන්...අරුන් දෙන්නා බදිනකන් වත් ඉදපන් යෙවීන්.....ආඅව්හ්.....

අහක බලන් උන්න මම හිත හයිය කරගන සංධීර් දිහාවට එබිකම් කරන්න ගත්තා.....එයා ගල්වුස් පිටිම්ම අත හෝදනවා....අවසානෙදි ආයම ලගට ආවා...ඇවිදින් අර මිනිහගෙ ගාවින් හිටගත්තා 

buddhist ද....christian ද....catholic ද? Muslim ද? Hindusam ද?jewish ද?තව තව ඒවා තියනවා...මම ඒ වල ප්‍රෙයාස් දන්නෙ නෑ ....උඹලා මගෙන් අන්තීම කැමැත්ත ඇහුවෙ නැතුවට.....මම.අහනවා....උඹලා මගෙ පාංශු කුලේ නොදුන්නට...මම දෙනවා...ම්ම්....

මොකක්ද....ආගම....??

.මේ සංධීර් නම්.....එයා නිවීගන ඉටිපන්දම වෙනුවට තව දෙකක් ඇවිලුවා.....ආගම් ගොඩක නම් කියලා...එතනින් මොන ආගමද අහනකොට ඒකා දත් ගලවපු කට හොලවගන්න බැරුව අඩාගන්නත් බැරුව...කෑගහගන්නත් බැරුව..මරන්න එපා කියලා කියාගන්නත් බැරුවපන අදින මාලුවෙක් වගේ යාන්තමට කට අරින වහනකොට සංධීර් ඒකා දිහා බලන් උන්නා....

පිටිපස්සට එන්නෙ .....ෆර්..නෑ..න්....ඩෝ.....එහෙමනෙ....ම්ම්ම්....ෆර්නැඩො....ප්‍රනාන්දු....නම්.....කතෝලික වෙන්න ඕනා....දන්නෙ නෑ...මං.මේ නිකන් කියන්නෙ...මොකද...මම..දන්න කියන කෙනෙක්ගෙ වාසගමත්....ඕක...හැබැයි.....පිටිපස්සට....තව අකුරු තුනක් එනවා....

උඹ දන්නවද...ෆර්නෑන්ඩො කෙනෙක් හින්දා...මට....ෆර්නෑන්ඩොපුල්ලෙ කෙනෙක්ට දීපු පොරොන්දු රකින්න බැරි උනා....උඹ දන්නවද...මං සාමාන්‍යයෙන් ..මගෙ....කිසිම client කෙනෙක්ව හිස් අතින් යවන්නෙ නෑ.. හැබැයි...මම හිස් අතින් විතරක් නෙවෙ...උන්ට හුගාක් දේවල් නැති කරලා....ඒ අම්මා විශ්වාස කරන් උන්නෙ මාව....ඒ ළමයා විශ්වාස කරන් උන්නෙ මාව....මට කියපන්....මම ජීවත් උනත්...ඒ අම්මට මුන දෙන්නෙ කොහොමද ....ම්ම්..මම ජීවත් උනත් ඒ ලමයට මූන දෙන්නෙ කොහොමද ....මාව් විස්වාස කරලා බලාපොරොත්තු තියන් උන්න උන් ගාවට මම යන්නෙ කොහොමද...ම්ම්ම්....බෑ...මට යන්න අමාරුයි .....

උඹට සමාවක් නෑ...මෙතනින්....උඹයි මමයි ණය පියවලා ඉවරයි.....උඹ කතෝලික නම්.....උඹ කරපු පව් පින් අනුව ස්වර්ගෙට යාවි....නැත්තන් .....දිව්‍ය ලෝකෙය...නැත්තන්....jannah වලට...මගෙ පින් පව් අනුව...මම යන තැනට යාවි......එ කොහොම උනත්...මම උඹ වෙනුවෙන් අවසානම පාරට මලවුන්ට කියන දේවල් කියන්නම්.....

.මම.මගෙ පපුවට අතක් තිය ගත්තා...එයාගෙ ඔලුවෙ නැති දෙයක් නෑ.....එයා මන් ගැනත් කිව්වා....අම්ම ගැනත් කිව්වා .....අනෙ එයා එ ගැන තාම හිතනවා....

මං පපුවට අත තියන් බලන් උන්නා....සංධීර් ඒකනායක ..ඒ කියන්නෙ එයා බෞද්ධ ...ඒත් එයා කොහොමද මෙව්වා දන්නෙ...එයා අර පොලිස්කාරයා දිහා බලාගන කියන්න ඕන ඔක්කොම කියලා දූවිලෙන්න සෑදුන ඔබ දූවිල්ලටම යන්නෙය කියලා බලන් උන්නා....

.....එත්.....උඹ දූවිල්ලට යන්නෙ වැලලුවොත් විතරයි .....ම්ම්ම්...-.....එහෙනම් . බාගෙට පුච්චන්නම්....ඒත් මට බයයි...මං වගෙ උඹත් බේරුනොත්....මං වගේ...උඹත් පැනලා ගිහින් ...උඹම මලකදක් වගෙ ගෙදරට ඇවිත්....වැලලුවට පස්සෙ පස් කන්ද හාට උඩට මතු වෙයි කියලා මට බයයි....

..ම්ම්ම්....නෑ....නෑ....ඒක හරියන් නෑ..අනික....ඒ පෙට්ටියෙ නිදාගන්න එකත් අමාරුයි....කොට්ටයක් වෙනුවට තියෙන්නෙ ලීකුඩු .. ...උඹව පොලිස් අචාරමැද ගෙනියන්න බෑ...උඹ වංචාකාරයෙක් ...දූශිතයෙක්....

ආ...ආ...ස්ස්...ආ...

මොනවද ...ම්ම්ම්ම්.....මට තේරෙන්නෙ...නෑ...

ආ...ආ....

මං බලන් උන්න සංධීර් මොනවද බෝතලයල් අරන් අරකගෙ ඔලුවෙ ඉදන් හලන්න ගත්තා අරු ඔලුව වන වන මරන්න එපා කියලා කියන්න හදනකොට ඒ මූන දිහා බලන් උන්න සංධීර් එයාගෙ කලිසම් සාක්කුවෙ තිබිලා ලයිටර් එක්ක් ගත්තා වගේම ඒක ඇවිලුවා ....

සුභ ගමං මිත්‍රයා!!!!!

ඇවිලුනා ...එක පාරම ඇවිලුනා....ටිකෙන් ටික නෙවෙ.....මගෙ ඇස් පනා පිටම රතුපාට ගින්දර දැල් උඩ නගිනකොට මං බය උනා.....කොච්චරද කොහොම සන්ධීර් ආවා උනත් මාව ආයම අර අවුරුදු දහක යෙවීන් උනා... 

ගින්දර .. ..

ගින්දර .....

ස්ස්...සංධීර් .....

මට මිමිනුනා...බාප්පා අඩපු හැටි කෑ ගහපු හැටි මේ ඔක්කොම එක්ක මං ඔලුව වන වනම දිව්වා.....අර මිනිහා මර හඩ දෙනවා ...රතු ගින්දර ඇවිලෙනවා ....ඒත් එයා නෙවෙ හෙලවෙන්නෙ....එයා නෙවෙ ගානකොට ගන්නෙ ...ඒත් මට ඉන්න බැරි උනා....ඒකගෙ දත් ගලවන හැටි පවා ඇස් ඇරන් බලන් උන්න මට තවත් ඉන්න බැරි උනා....රතු පාට ගින්දර දකිනවත් එක්කම සම්පූරනම ඔලුව අවුල් වෙලා යනකොට මං වැටි වැටි දිව්වා....සේලයින් බටේ බෝතල් එල්ලන් මං ඔලුව වන වන දිව්වා .....

ඒත්....ඒත් මට එතනින් වැඩි දුරක් දුවාගන්න බැරි උනා...මට ඒ ගින්දර පහුකරන් වැඩි දුරක් එන්න බැරි උනා.....කවුරුත් හරි මාව එක පාරම ඇදලා අරන් බිත්තියට හේත්තු කෙරුවා ...

රතු පාට ඇස් දෙකක්...

සුදුමැලි උන වගේම තරහව ඉහවහ ගියපු මූනක් .....

ඇබිත්තම....

ස්ස් ස්ස්....

මොනාද දැක්කෙ ම්ම්ම්....

ස්ස්...ස්ස්....සං....

ශ්ශ්....ශ්....ශ්......!!!!

එයා මාව බිත්තියට තද කෙරුවා ....එහා පැත්තෙන් අර මිනිහව ඇවිලෙනවා...අනිත් පැත්තෙන් මං බයේ දගලනවා මරපන් මරපන් ගෑවට මම උන්නෙ දැන් බයේ ගැහෙන ගමන් වෙනකොට සංධීර්ගෙ මූනෙ තිබුන බැල්මත් එක්ක එයා මාවත් මරයි කියලා හිතුනා .....

දන්නවද .....සාක්ශි ඉතිරි කරන්න මං කැමති නෑ ඇබිත්තම...චුට්ටම....චුට්ටක් ...වත්....මං....ඒකට....කැම...ති....නෑ...

ස්ස් සං...ධීර් ...ම්ම්...ම්ම්ම්...මං....

ශ්ශ්...ශ්...ශ්...නියපොත්තෙන් කඩන්න තියන දේට...පොරව අදින්න ඉඩ තියන්න එපා බබෝ...ම්ම්ම්...

එයා කිව්වා එයා සාක්ශි ඉතිරි කරන්න කැමති නැහැයි කියලා ...ඒ කියන්නෙ...ඒ කියන්නෙ...අනෙ එයා...සංධීර් මාවත්....මාවත් මරන්නද යන්නෙ. ..සංධීර් ...මාවත්...මරලා දාන්නද යන්නෙ....එයා මට කටක් හොලවන්න දුන්නෙ නෑ වගේම මට සද්ද කරන්න එපා එපා කියන එක ආය ආයම කිව්වා වගේම දගලන මගෙ අත් දෙක අල්ලන් ඔලුවට උඩින් තියලා බිත්තියට තදකෙරුවා ....

ස්ස් ස්ස් ....සංධී...ර්‍ර්....ම්ම්..භ්භ්භ්...භ්භ්...භ්භ්.....

මගෙ ඇස් දෙක ලොකු උනා....හුස්ම හිර උනා ...සෙරෙප්පු දෙක ඇගිලිවලින් මිරිකගත්තා වගේම මං මගෙ හුස්ම ඉහලට අල්ලන් උන්නා....

දෙවියනේ ...සංධීර් ...!!!!

එයා මගෙ කට සම්පුරනම වහලා දැම්මා එක තත්පරේකට දෙකකට නෙවෙ මාව සම්පූරනම අඩපන වෙලා යනකම්ම එයා එහෙම උන්නා....අවසානෙදි මං දගලන එක නැවැත්තුවා උනත් ඉහලට ගත්තු හුස්ම පහලට නොදා ඉන්නකොට එයා මගෙන් ඈත් වෙලා මගෙ මුන දිහා බැලුවා .....

ස්...ස්...

ශ්ශ්.....සද්ද කරන්න එපා කියන්නෙ.....එපා කියන එක...තේරුනාද "පුංචි වැඩිහිටියට"???එහෙම නොවුනොත් ... මං....ඉතුරු හැම සාක්ශියක්ම.....

න්න්...න්න්....

හොද ළමයා.....

🙂ජොබී පුතුකිත ඇප පිත නිදහස දෙන්න🤭🤭🤭

ආය එන්නම් ඈ...

👉👈පුම්චි පැචියා බුජි!

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters