" අම්මෝ ඇති යන්තම් ඇට්ටරයව පංතියෙන් වාඩි කරවලම ආවා බං.. අහ් එතකොට මෙයා.. තුවාලෙ රිදෙනවද? "
බිමල් අහද්දි වරුන් කරේ නෑ කියන්න ඔලුව වනපු එක.
" හරි එහෙනම් මොකක්ද ඔයාගෙ පංතිය? "
" 3-B "
" හ්ම්ම් යන්න එහෙනම්. අපිත් යමන් සදෙව්වා දැන් පීරියඩ් එක පටන් අරගෙනත් ඇති "
" එළ යමන් යම.. අහ් අර බලපන් අර වැටිච්ච පොඩි එකා ඒශ්ලගෙ ක්ලාස් එක දිහා බලන් ඉන්නෙ ඇයි. ඇට්ටරයව අල්ලලා ගිහින් වගේ. පුදුමයි. මේ වෙනකම් ඇට්ටරය එක්ක යාලුවෙක් වෙන්නවත් කාටවත් ලේසි උනේ නෑ ඒත් බං... "
" වට්ටියෙ තියන කතා කියවනවා මදිවට මෙතන දෙක වසරෙ තුන වසරෙ පොඩි උන්ට පද හදන්නෙපා යකෝ..යමං යන්න... එහ්හ්හ් වරුන් මල්ලී.. මොකො ආයෙ දෙක වසරට යන්න ඕන වෙලාද.. වැඩක් නෑ දැන් ටූ ලේට්.. යන්න පංතියට "
බිමල් කෑගහල කියද්දි ගැස්සිලා බලපු වරුන් පස්ස නොබලා දුවන් ගියේ තුන වසරේ පංති පැත්තට...
" කොල්ලො හෙමින් දුවපං.. උබව ආයෙ වැටෙයි "
උදේ වරුවනම් ගෙවුනෙ එහෙමයි. ඒශ් කියන්නෙ නපුරු ළමයෙක් නෙමෙයි තමා හැබැයි ඒශ් කියන්නෙ මෙච්චරයි කියල කියන්න බැරි තරම් දඟ ළමයෙක්. කොල්ල එක්ක ලේසියකට යාලු වෙන්නනම් ලේසි නෑ. ප්‍රිෆෙක්ට්ලගෙ උනත් කනෙන් රිංගන මේ ඒශ් ටිකක් හරි කීකරු උනේ සදෙව්ට වගේම බිමල්ට විතරයි.. ඉතින් එයා හිටියෙ අද හරිම සතුටින්. මොකද එයාගෙ හිතට හරි පුදුම විදිහට කා වදින්න වරුන්ට පුළුවන් උනා.. ඒක වරුන්ටත් එහෙමයි කිව්වොත් වැරදි නෑ.. මේ පටන් ගත්ත යාලුකම ඉස්සරහට කොහොම තියෙයිද කියල බලමුකෝ.
ඉන්ටර්වල් වෙලාව ලං වෙද්දි ඔන්න ඉතින් ඒශ්ටනම් ඉවසන් ඉන්න බෑ. එහෙටත් ඇබරෙනවා මෙහෙටත් ඇබරෙනවා.. පංතියේ ටීචනම් දන්නවා ඉතින් මේ පිට්ටනියට දුවන්න තමා ලක ලෑස්තිය කියල. කන්නෙ නැතුව දුවන නිසාම හැමදාම පංති භාර ටීච කරේ ළමයි හැමෝම කනකම් පංතියෙ හිටපු එක. ඉන්ටර්වල් බෙල් එක ගහපු ගමන් හැමෝම අත් හෝදන් ඇවිත් තම තමන්ගෙ කෑම පෙට්ටි වලට ගෙනාපු කෑම කෑවෙ පිළිවෙළකට.. ඔය පිලිවෙලනම් ඉතින් වැඩිම පහ , හය වසරට යනකම් තියෙයි.. ඊටපස්සෙ අර චූටි කාලෙ ගෙනාපු පාට පාට කෑම පෙට්ටි මුකුත් නෑ.. එක්කො කැන්ටිමෙන් නැත්තම් බත් මුල් පහක් හයක් වට කරන් කන එක තමා කරන්නේ..ඒශ්ට එයාගෙ අම්මා ඒ අත් වලින්ම හදපු සැන්ඩ්විච් එක කුරුල්ලෙක් වගේ ඒශ් කෑවෙ වටෙන් වටෙන් චුට්ට චුට්ට. කාපු ගමන් එයා කලේ ටීච ගාවට ගියපු එක..
" චීච මේ අයි ගෝ චු ද ටොයිලට්?? "
චූටි කාලෙ කාගෙත් උදාර වැකිය. මේ යන්නෙ සෙල්ලමට කියල දන්න ටීචර් හිනාවෙලා ඔලුව වැනුවෙ ඒශ්ට යන්න කියල. කොල්ල එහෙම්මම පංතියෙන් පැන්නෙ පිට්ටනියට දුවන් එන ගමන්. දැන් ඉතින් කොල්ලව අල්ලනව බොරු. සෙල්ලම සෙල්ලම සෙල්ලම. මේ සෙල්ලම් නිසාම ඒශ්ට වරුන්ව ටික වෙලාවකට අමතක උනත් පිට්ටනිය කෙරවලේ තිබුන ජෑම් ගහ යට තියන බංකුවෙ වාඩි වෙලා හිටපු වරුන්ව දැක්ක ඒශ් සෙල්ලම පැත්තකට දාලා හෙමින් හෙමින් වරුන් ලගට යද්දි සදෙව් වරුන් ගාවට යනව දැකපු නිසා ඒශ් ටිකක් මෙහායින් නැවතුණා. කොල්ලට ඕන වෙන මුකුත් නෙමේ දැන් වරුන්ව සෙල්ලමට ගන්න.
" වරුන්... සදෙව් අයියට ඇත්ත කියන්නකෝ.. ඇයි මල්ලි මේ සෙරප්පු දාගෙන? සපත්තු දෙක කෝ හෝදලද ? "
සදෙව් අහද්දි වරුන් කරේ නෑ කියන්න ඔලුව වනපු එක. මේ හැමදේම දිහා කෙනෙක් බලන් ඉන්නවා කවුරුත් දන්නෙ නෑ.
" එහෙනම්? "
" මට සපත්තු දෙකක් නෑ අයියේ "
" මොකක්.. එතකොට මෙච්චර කල් සෙරප්පුද ඔයා දැම්මේ? "
සදෙව්ට පුදුමයි. මේ ලමය මෙච්චර කල් සෙරප්පු දැම්මනම් සදෙව් දැනන් හිටියා මෙයාට අනිවාර්යයෙන්ම ප්‍රිෆෙක්ට්ල බනින්න ඇති කියල මීට කලින් සෙරප්පු දාන් එනවට..
" සපත්තු දෙකක් තිබ්බ අයියේ. ඒත් ඒක දාන්න බැරි තරම් දැන් කැඩිලා.. අලුත් දෙකක් ගන්නත් අපිට සල්ලි නෑ. අම්ම තාත්තා දෙන්නම අසනීපෙන් අයියේ. තාත්තට වැඩිය මහන්සි වෙන්න බෑ පපුවෙ මහන්සිය නිසා.. අම්මටනම් දියවැඩියාව. මම තමා හැමදේම කරන්නේ.. කොහෙ කොහෙ හරි කාගෙ හරි කඩවල් වල වැඩත් කරලා තමා මං කීයක් හරි හොයාගන්නෙ.. මං පොඩි වැඩී කියල එහෙම වැඩට ගන්නෙත් නෑ මාව. ඉතින් මම පාරෙ තාත්තා එක්ක ඩාන්ස් කරලා ඒක බලන මිනිස්සු අපිට කීය කීය හරි දෙනව අයියේ. අනේ මට බනින්න එපා මම කොහොමහරි සපත්තු දෙකක් ගන්නම් "
" අනේ රත්තරන් "
සදෙව්ගෙ ඇස් වල කඳුළු. වයසින් පුංචි උනාට කොල්ලගෙ අත පය එහෙම ගොරෝසුයි මෝරල වගේ.. වයසට වඩා පෙනුමයි තේරුම් ගැනීමයි දෙකම වරුන්ට තිබුනා. පවුලක බරක් මෙච්චර පොඩි වයසින් කරට ගත්ත ළමයෙක් සදෙව් මේ දැක්කමයි..
" හරි ඔයා දැන් කාලද ඉන්නේ..? "
සදෙව් අහද්දි ආයෙත් වරුන් අසරණව බිම බලාගත්තා.. ඉතින් ඒකෙන් සදෙව් තේරුම් ගත්තා මේ ලමය හැමදාම මෙහෙම වෙන්නැති කියල. කන්නෙ නාතුව ඔහේ ඉන්නව කියල.
" මල්ලි ඔයාගෙ ගෙවල් කොහෙද කියන්න පුළුවන්ද "
" අහ්හ් "
" ගෙදර ගෙදර කොහෙද ගෙදර තියෙන්නෙ "
" හංදි..යේ "
" හරි ලමයො හංදියෙ කොහෙද "
" පේ.. පේමන්ට් එකේ.. සමහර වෙලාවට හංදියෙ බෝ ගහ යට.. තැනක් කියල නෑ අයියේ කොහොමහරි කොහෙහරි අයිනක ඉන්නවා. මට ඉගෙන ගන්න පුළුවන් නිසාම තාත්තා මාව ඉස්කෝලෙ එවන්නෙ. නැත්තම් මං ඒ ඒන්න කැමතිත් නෑ අයියේ කීයක් හරි හොයාගන්නවනෙ ඒ වෙලාවෙ... "
දැන්නම් සදෙව්ට වචන නෑ.. කියන දේවල් වල හරි හමන් තේරුමක් හරියට නොතේරුනත් එයාල ඉන්නෙ පාරෙයිකියන එක ඇහුනු ඒශ්ගෙ ඇස් කදුලින් බරවෙන්නනම් මහ වෙලාවක් ගියෙ නෑ.. බිමල් ඇවිත් සදෙව්ව හදිසියෙම ඇදන් ගිය නිසා ඒ කතාව නැවතුනත් පොඩි පොඩි මල් පැල ගාවට වෙලා ඉන්න කෙනාව දැකපු වරුන්ගෙ මූනටනම් හරි ලස්සන හිනාවක් ආවා..
" ඔයා ? "
වරුන් ඇහුවෙ ඇහි බැමක් උස්සන ගමන්.
" වලුන් "
" ම්න් "
" අපි සෙල්ලම් කරමු "
දැන් ඉතින් මෙච්චර වෙලා තිබ්බ කඳුළු කොහෙන් ගියාද නෑ. ඇත්තටම ඉතින් මේ පුංචි හිත් නේ.. මැජික් වගේ හිතුන වෙලාවට අඬන්න පුළුවන් මෙයාලට. හිතුන ගමන් ඇඩිල්ල ආයෙ නවත්තල ඇඩුවෙත් නෑ වගේ ඉන්න පුළුවන්. ඒකට ලොකු වෙද්දි බූට් සිංදුවක්වත් දාන්න ඕනෙ බලෙන් ඇඩෙන්න.
ඒශ් ඇහුවෙ අපි සෙල්ලම් කරමු කියල උනත් වරුන්ගෙන් උත්තරයක් එන්නත් කලින්ම වරුන්ගෙ අතින් ඇදන් පිට්ටනියට ගිය ඒශ් ගනින්න පටන් ගත්ත. වරුන්නම් ටිකක් කන්ෆියුස් වෙලා තමා හිටියෙ.
" හෝ හෝ දාය විත්ත තිය අතලිය........
ඔහොම ඔහොම ගනින ඒශ් දිහා බලන් හිටපු වරුන් කලේ ඒශ්ගෙ නලලට අර කැරම් ශොට් එක දුන්න එක.. ඒශ් නෙවේ මුකුත් කිව්වෙ. හිනා උනා මිසක්. වරුන් නොවෙන්න ඒශ්ට ඔහොම වෙන කෙනෙක් කරානම් බලාගන්න තිබුනා අතුලගෙ පුතාගෙ තරම.
" හලි මං දුවන්නම් ඔයා අල්ලන හාද???? "
" ම්න් "
ඉතින් දැන් දෙන්නගෙ සෙල්ලම.. ඒශ් එහෙටත් දුවනවා මෙහෙටත් දුවනවා. ඉස්ස වගේ පනිනවා. අල්ලගන්නම බෑ. නෑ ඒත් වරුන්ට සමහර තැන්වලදි ඒශ්ව අල්ලන්න ලේසි උනත් එයා කොල්ලට හිතලම ඉඩ දුන්නා..සමහර වෙලාවට එයා දුවලා ඒශ් අල්ලන්න පන්නද්දි හති දාන ඒශ්ට වරුන් හිතලම අහු උනා..
" අම්මෝ මහන්සි ඒශ් "
" ජෝ බොමුද "
" ජෝ?? අයියෝ ඒශ් ඔයා තාම චූටිනේ.. වතුර කියල කියන්න. "
" හුම්ම්ම් වතුල "
" වතුල නෙමේ ඒශ් වතුර.. "
" හුම්ම් වතු.ර.. "
" හොද බබා "
දෙන්නගෙ කිචි බිචිය එහෙම්මයි. දෙන්න දිහා ඈත තියා බලන් හිටිය සදෙව්ටනම් ආවෙ අමුතු හිනාවක්.
" මොකෝ උබ ඔහොම හිනා වෙන්නෙ සදෙව්වා.. "
" අරුන් දෙන්න අපිට වඩා අවුරුදු කීයක් බාලයිද බං "
" කෝ කව්.. ආහ් ඇට්ටරයලාද.. ඇයි ඒක මොකද උබට.. මේ මේ බාල අපරාදනම් කරන්න හිතන්න එපා තෝ ආ... "
" කියපංකො බිමලා "
" ඇට්ටරයනම් අපිට වඩා අවුරුදු 8ක් විතර බාලයි බං. වරුන් මල්ලි 7ක් බාලයි "
" කවදහරි නාකි වෙලා මැරෙන දවසකටත් ඔවුන් දෙන්නා එකට ඉදිවි බලපංකො මං කියන්නෙ බොරුද කියල "
" ඕං පටන් ගත්ත උබගේ බී එල් මානසිකත්වෙ "
" නෑ නෑ යකෝ එහෙම ලබ්බක් නෙවේ මං කියන්නේ. ඒශ් කියන්නෙ කොච්චර හොද ළමයෙක් උනත් බං ලේසියෙන් කාටවත් සෙට් වෙන්නෙ නැති කොල්ලෙක්. බලපං උංගෙ ඇස් පුංචි කමටද ඒව දිලිසෙන්නෙ. මොන මගුල නැතත් මුං දෙන්නගෙ යාලු කමනම් මේ සංසාරේ කොතනකදිවත් නැති වෙන එකක්නම් නෙමේ.. හරියට මගෙ පුංචි කාලෙ යාලුවා නුරාග වගේ.. බං ඌ ජීවතුන් අතර හිටියනම්..... "
" ආ හරි හරි ඕක මතක් කරල හිත රිද්ද ගන්නෙපා. මට ඉරිසියයි. ඇයි දැන් මම ඉන්නේ උබට. බං අපිට යන්න ඕන වෙලාව ආවම යන්න වෙනවා ඒක උබ මට අපි කාටත් පොදුයි. නුරාගටත් එහෙමයි. දන්නවා උබ ඌට ආදරෙයි ඒ උබේ හොදම යාලුවා හැමදේම කියල. ඒත් බං දැන් ඇති ඉතින්. ඌ ඉන්න තැනක හොදින් ඇති සදෙව්වා.. අර පොඩි උන් දෙන්නා දිහා බල බල හූල්ලන්නෙපා දැන් යමන්. උබට මං ඉන්නවනේ බං. "
ඒශ්ල දිහා බලන් හිටපු සදෙව්ට එයාගෙ පුංචිම කාලෙ මතක් උනේ එයාගෙ යාලුව උන නුරාග්ව සිහියට එද්දි. ඇක්සිඩන්ට් එකකින් නැති උන ඒ යාලුව ගැන සදෙව් අදටත් මතක් කරනවා. එහෙම තමා හොදම යාලුවෝ. සමහර තැන් වලදි ආදරේට වඩා යාලුකම බලවත් වෙන අවස්ථා තියනවා.. දුකින් ඉන්න සදෙව්ගෙ හිත හදපු බිමල් සදෙව්වත් එක්කන් යන්න ගියෙ ඉන්ටර්වල් ඉවර වෙන බෙල් එක ගහපු නිසා..
" ඔයා දැන් පංතියට යන්න. ඉන්ටර්වල් ඉවරයිනේ "
" හුම්ම් යන්නම්. "
එහෙම කියපු ඒශ් යන්න හැරිලත් ආයෙ වරුන් ලගට දුවන් ආවෙ ඒ දිලිසෙන ඇස් ලොකු කරන් හිනා වෙමින්..
" පාත් වෙන්නකො රහසක් කියන්න "
" මොකක්ද කියන්න "
රසහක් කියන්න හියනව කියල වරුන්ට පාත් වෙන්න කියපු ඒශ් කලේ රහස වෙනුවට ඇගිලි දෙකෙන් අර පොඩි තට්ටුව වරුන්ගෙ නලලට දාපු එක. ඒකටනම් චූටි වරුන්ට කට කොනකින් හිනාවක් ගියත් ඒශ් අහපු ප්‍රශ්නෙ නිසා එයා ටික වෙලාවක් ඒශ් දිහා බලන් හිටියෙ ටිකක් දුකින් වගේ.. මොකද එයාට හැමෝම දුප්පත් නිසා අනන් මනන් කියද්දි එයා බය උනා කා එක්කවත් සුහද වෙන්න.
" වලුන් "
" ම්න්? "
" අපි ලාලුවොද "
" නෑ "
චූටි ඒශ් සමහරවිට හීනෙන්වත් එහෙම උත්තරයක්නම් හිතන්නැතුව ඇති. හරි ඉක්මනට කඳුළු පිරෙන ඒ ඇස් කදුලු එක්කම රවාගෙන බලන් හිටියෙ වරුන් දිහා.. අන්තිමට ගෙදර තියන අයිස් කැටේ දිය වෙනකම් ආයි මායි ජීවිතේට යාලු වෙන්නෙ නෑ කියපු ඒශ් වරුන්ගෙ අතත් හීනියට කොනිත්තලා එතනින් දුවල ගියෙ වරුන් එක්ක හොදටම තරහ වෙලා..
" මටෝන්නෑ.."
පංතියට ගිහිනුත් මුල්ලක් අල්ලන් හිටපු ඒශ්ට අහම්බෙන් වගේ ලගෆ්හි එයාගෙ තාත්තා අරන් දුන්න අමුතු ලස්සන කටර් එක නිසා ඔන්න දැන් ඉතින් ආයෙ සේරම අමතකයි. එයා කටර් එකත් එක්ක සෙල්ලම. පේනවනේ.. ඔන්න ඕක තමා ළමයි කියන්නෙ. තරහවල් මේ තියනව මේ නෑ. හිත් රිදීම් මතක තියන් ඉන් නෑ.. ඒශුත් එහෙමයි. එයාට දැන් මුලු ලෝකෙම මේ කටර් එක..
ටිකෙන් ටික වෙලාව ගෙවෙනවා දන්නෙම නැතුව ඉස්කෝලෙ ඉවර වෙන බෙල් එකත් ගහද්දි ගාථා සේරම ටික පිළිවෙළකට කියල පෝලිමට පංතියෙන් එලියට ආව ඒශ් බැලුවෙ පිට්ටනිය දිහා.. ඔය පිළිවෙළට ගාථා ටික ඉවර වෙනකම් ඉදලා පෝලිමට පංතියෙන් එලියට එන්නෙ මේ තාම දෙක වසරෙ නිසා.. නැත්තම් ඉතින් කොල්ලො ගාථා ටික යන්නත් කලින් ඉස්කෝලෙන් එලියෙ.. ඒත් දැන් මිනිහට ඕන දැන් ආයෙත් ටිකක් සෙල්ලම් කරන්න උනත් ඈත තියා හුවන් එන වරුන්ව දැකලා එශ්ට හිනා ගියත් ආයෙ මතක් උනේ යාලුවො නෙමෙයි කියල කිව්වනෙ කියල. එහෙම්මම ඒශ් හැදුවෙ හැරිල ගෝපි මාමා ලගට යන්න උනත් ඉස්කෝලෙ ගේට් එක ගාවදි වරුන් ඒශ්ව නැවැත්තුවෙ ඒශ්ගෙ බෑග් එකෙන් ඇදලා..
" අපි යාලුවො නෙමෙයි මගෙ පුංචි ඒශ්.. අපි හොදම යාලුවෝ "
❤ ආයෙ හෙට.. මේක ඩේලි දෙන්නදෝ..
❤ කතාව ගැන මොකද හිතෙන්නේ..