"සුදු පුතා අම්මි ඔයාට කොච්චරවත් කියල තියනවනේ මේ සර්වන්ට්ස්ලා දෙන කිසි දෙයක් කන්න එපා කියල.. ආයෙ මෙහෙම කරොත්නම් ඔයා මගෙන් හොද පාරක් කනවා.. "
රේණුකා මේ කෑගහන්නෙ එයාගෙ අවුරුදු හතේ ලොකු පුතාට.. ලොකුයි කියන්නෙ නමට ලොකුයි මොකද රේනුකාට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා.
" ඔය දරුවට කෑ ගහන්නෙපා රේනු.. මොනව කියල තේරෙනවද එයාට? අනික පිට මනුස්සයෙක්ගෙන් නෙමෙයිනෙ කෑවෙ. ගෙදර මුර කරන මනුස්සයා උනා කියල ඒ මනුස්සයා මෙහෙට අලුත් කෙනෙක් නෙමෙයි රේණුකා.. කොල්ලගෙ ඔලුව නරක් නොකර ඉන්න."
තමන්ගෙ මහත්තයා රේනුකාට එහෙම කිව්වානම් තමයි.. හැබැයි ඉතින් වැඩක් තියෙයිද? ඒක හරියටම අර බීරි අලින්ට වීනා ගහනව වගේ වැඩක් තමා..
"අනේ මේ අතුල. ඔයා එන්නෙපා මට ලමයි හදන හැටි කියල දෙන්න. තත්වෙට ගැලපෙන මිනිස්සුයි අපි ආශ්‍රේ කරන්න ඕන.. යන්න අප්පච්චි ගාවින් ඉන්න ම්ම්ම් අම්මි ලෑස්ති වෙලා එන්නම් "
හැමදාමත් වගේ රේණුකා කියන්නෙම සිතුවිලි වෙනස් කරන්න බැරි ගෑනු කෙනෙක්. එයා නරකම නෑ. නමුත් නුවර වලව්වක හැදුන නිසාමද කොහෙදෝ එයාට තිබුනේ තද ගති ගුණ.. උස් පහත් කුල මල බේද වගේම ආඩම්බර කම එක්ක ආව අමුතු ගාම්භීර බවක්. රූපෙන්නම් කිසිම අඩුවක් කියන්න තිබුනෙ නෑ. හැබැයි එක දෙයක් තිබුන.. කිව්වට විස්වාස කරන්න පුළුවන්ද වැඩකාර කමට වැඩ කරන මනුස්සයෙක් ලගට උනත් අඩි ගානක් ඈතින් ඉදන් කතා කරන මේ රේනුකාගෙ පන උනේම ගනිකාවකගෙ පුතෙක් කිව්වොත් කවුරුත් විස්වාස කරයිද?
ඔව් අවුරුදු හතේ එයාගෙ පුංචි ලොකු පුතා කියන්නෙ රේනුකාගෙවත් එයාගෙ සැමිය අතුලගෙවත් දරුවෙක් නෙමෙයි. මුල් කාලෙ ළමයි නෑ ළමයි නෑ කියල එයාල නොකරපු දෙයක් නැති තරම්.. ඒත් මෙච්චර නම්බුව ගැන හිතන රේණුකා තාත්තා නැති ගනිකාවකගෙ දරුවෙක්ට අම්ම වෙලා ඒ පවුලට අරන් හදාගත්ත හේතුව කාටවත් හිතාගන්න බෑ.
පුංචි උනාට කොල්ලට පවුලෙ ඇතුලෙම අයගෙන් වෙනස්කම් සිද්ද වෙද්දි වෙසගනකගෙ ලේ කිය කියා , අනාථ දරුවෙක්, අවජාතකයෙක් කිය කියා කිසිම දෙයක් නොතේරෙන දරුවට ගොඩක් මිනිස්සු කෙනෙහෙලිකම් කරද්දි ඒ හැමෝටම විරුද්ධව හිටගත්තෙත් මේ රේනුකාමයි.
ඉතින් මේ රේනුකා කියන්නෙ තේරුම් ගන්න බැරි ගැහැනියක්, දරුවො වෙනුවෙන් පන උනත් දෙන අම්ම කෙනෙක්.. වලව් ගති ගුන ටික තමා එයාගෙ තිබුන වැරැද්ද.. ඒත් අතුලනම් එයා ගැන කවදාවත් අහිතක් හිතල නෑ.. මොකද රේණුකා කියන්නෙ එයාගෙ ස්වාමිපුරුෂයගෙ පන වගේම හුස්ම ටික..
" අප්පච්චී "

( ඒශ් ආදෙව් ද සිල්වා )
වයස අවුරුදු 7
" ඕහ්හ්හ් මයෙ සුදු පුතාට අම්මි බැන්නද.. කෝ එන්න කෝ එන්න අප්පච්චි ගාවට.. අම්මි බනින්නෙ ආදරේටනේ.. අපි මෙහෙම කරමු අම්මි ඉන්න වෙලාවට මගෙ පුතා බන්ටි අංකල් ගාවට යන්නෙපා. අම්මි නැති වෙලාවක පුතා ගිහින් බන්ටි අංකල් එක්ක සෙල්ලම් කරන්න ම්ම්ම්.. "
" බංති අංකල් නලකයිද අප්පච්චි "
" නෑ දරුවෝ.. ඔය අම්ම හිතන විදිහ පුතේ.. මේවා ඔයා තේරුම් ගන්න තාම පුංචි වැඩී. ඒත් මගෙ පුතා එකක් මතක තියාගන්න. පුතේ කිසිම මනුස්සයෙක්ට අගෞරවයක් වෙන විදිහට කතා කරන්න එපා..අගෞරවයක් කියන්නේ නරක විදිහට සලකන්න එපා.. නෝටි විදිහට කාටවත් මුකුත් කරන්න එපා.. මගෙ පුතාට ලොකු වෙද්දි තේරෙයි මේ දේවල්.. එන්න යමු එලියට අන්න අම්මත් එනවා"
ඉතින් ඒ තාත්තා එහෙමයි. අම්ම කොච්චර ආදරේ උනත් එයාගෙන් දරුවන්ට ගන්න පුළුවන් උනෙ ආත්මාර්ථකාමී වලව් ගති ගුන. ඒත් කොහොම හරි අතුල කලේම එයාගෙ පුංචි පුතාට හොද දේ විතරක්ම කියල දුන්න එක. මොකද එයා දැනන් හිටියා පොඩි කාලෙ ඉදන් දරුවන්ට හොද දේ නොදුන්නොත් ඒ දරුවො ලොකු වෙද්දි වෙන විනාසෙ ගැන. ඉතින් එයා අකුරක් නෑර මනුස්සකම හොද ගති ගුන ඒ හැමදේම කොල්ලට කියල දුන්නා.. වාසනාවකට වගේ කොල්ලට තිබුනෙත් අතුලට තිබුන වගේ කරුණාවන්ත හදවතක්. එයාගෙම දරුව නොවුනත් හදාගන්න ගත්ත ළමයෙක් උනත් කොල්ල හැදුනෙ එයාගෙ තාත්තා වගේම ආදරණීය විදිහට.
පුංචි ඒශ් ඉන්නෙ තවම දෙක වසරේ. දැන් ඔය යන්නෙ උදේම ඉස්කෝලෙට තමා.
" ගෝපි මාමා එයි ඉස්කෝලෙ ඉවර උනාම ඔයාව ගන්න හොදද.. ගෙදර ගිහින් අම්ම එනකම් මාලා අම්මත් එක්ක ඉන්න මගෙ පුතා.. අත්තම්මා ගාවට යන්න එපා ම්ම්ම් "
මාලා කියන්නෙ ඒශ්ව ඇහේ කනේ තියන් බලාගන්න කෙනෙක්. මොකද රේණුකා අතුල දෙන්නම වැඩ කරද්දි ඒශ්ව බලාගන්න කවුරුත්ම නෑ.. ඔව් ඒ අත්තම්මා ඉන්නවානම් තමා. හැබැයි ඒ එයාගෙ දුව රේනුකාගෙයි අතුලගෙයි දුව උන එශානිව විතරක් බලාගන්න. තමන්ගෙ දුවගෙ ලේ උනේ නෑ කියල ගනිකාවකගෙ ලේ කියල අනාත කොල්ලා කියලා ඒ අත්තම්මා ඒශ්ට කලේම වෙනස්කම් නපුරුකම්. හැබැයි මාලා එහෙම නෑ. පඩියට ගෙදර වැඩ කරත් අම්ම කෙනෙක් වගේ ඒශ්ට ආදරේ කලේ මාලා..
" ගෝපි මාමා කියන්න පුරුදු කරන්න එපා අතුල අපිට පෑහෙන මිනිස්සු එක්ක ඕන අපි හරි හරියට නෑකම් කියන්න. මේ වැඩකාරයො ඔලුවට ගන්න හොද නෑ.. "
" කලබල වෙන්නෙපා මගෙ රේනු.. උදේම තරහ නොගෙන ලස්සනට හිනා වෙලා ඉන්නකෝ.. අර ඉස්සර මං ඔයාව දැක්ක මුල් කාලෙ වගේම "
" අනේ නිකන් ඉන්න ඒයි.. දරුවත් ඉන්න තැන කියන දේවල් "
රේනුකාගේ මේ මුරන්ඩු කේන්තිය කොහොමද පාලනය කරන්නෙ කියන එක හොදටම දැනගෙන හිටපු එයාගෙ මහත්තයා අදාල තැනදි ගානට ඒක හැමදාම හැන්ඩ්ල් කරගත්තා..
අතුල කියන්නෙ ගෝල්ඩ් කම්පැනි එකක.. නෑ එකක නෙමේ රට පුරා තියෙන ගෝල්ඩ් කම්පැනි ගොඩක තනි අයිතිය තියෙන මනුස්සයෙක්. ඒ වගේම රේනුකා කියන්නේ ඒශ් යන පාසලට ටිකක් එහායින් තිබුන බාලිකා පාසලේ ගණිතය වගේම ඉතිහාසය උගන්වන ගුරුවරියක්. ඒශ්ව ඉස්කෝලෙට දාගෙන තමන්ගෙ බිරිඳ උන රේනුකාවත් බාලිකා පාසල ළඟින් දාගෙන අතුල යන්නෙ එයාගෙ රස්සාවට.. අවුරුදු දෙකේ දූ පොඩ්ඩක් ඉන්න නිසා අතුල පුළුවන් තරම් ඉක්මනට එයාගෙ වැඩ ටික ඉවර කරලා ගෙදර දුවන් එන්න බලන් තමා ඉන්නෙ. රේනුකාගෙ අම්මා නිසාම හොදයි. මොකද මේ දෙන්නම වැඩට ගියාම පොඩි කෙල්ලව බලාගන්නෙ රේනුකාගෙ අම්මා තමා..
" කෝ පෝලිම් ගැහෙන්න "
" මේ මුන් එක විදිහකට ඉන්නෑ බං මේ බලපං මේ පොඩි එකාට තියෙන්නෙ පොඩි පහේ විසයක්ද.. මටනම් බෑ මේ සෙක්ශන් එක බලන්න උබම බලපන්. විශේශයෙන්ම මේන් මේ ඇට්ටර පැටියව ඇහේ තියන් බලපන් ආ.. "
" අම්මෝ ඔව් මිස් වෙන තත්පරයට මූ ඉස්කෝලෙ පෙරලයි. හරි හරි මං බලන්නම් උබ පරක්කු පෝලිම බලපන්. පොඩි උන් වැටෙනවා මහ උන් අලි වගේ දුවද්දි. "
ඒ ඉතින් ඉස්කෝලෙ ඉන්න නායක මඩුල්ල.. ඇත්තටම පුංචි ලමයින්ගෙ සෙක්ශන් බලනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමේ ඒක කරන්න බැරි වැඩක්. පොඩ්ඩ එහාට මෙහාට වෙද්දි ඒ ජීවීන්ට පුළුවන් ලෝකයක් කනපිට ගහන්න.
" ආඅහ්හ්ක්ක් ආව්ව්ව්.. "
" ටහික්... ඕප්ස් සොරි.. වැටුන නේද.. මොනාද බං කරන්නේ මං කිව්වනෙ පුංචි උන් වැටෙයි කියල. ඇරත් මේකගෙ කකුල් දෙකේ සපත්තුත් නෑ.. "
ඒශ්ව ළඟ තියන් හිටපු ඒශ්ලගෙ ශිශ්‍ය නායක අයියා සදෙව් බලන් ඉද්දිම ඈත තියා විසිරුණු පරක්කු පෝලිම නිසා කඩි මුඩියෙ පංති වලට දුවන් ගිය පිරිමි ලමයිගෙ ඇගේ හැප්පිලා එක පොඩි ළමයෙක් වීසි වෙලා ගිහින් වැටුනා.. කොල්ලගෙ කකුලෙ තිබුනෙත් පරනම පරන සෙරප්පු දෙකක්. මේ ඉස්කෝලෙට සපත්තු නැතුව ළමයෙක් දැක්කනම් ඒ මේ ලමයවම විතරයි.. එක විනාඩියකට තව ප්‍රිෆෙක්ට් කෙනෙක්ට ඒශ්ලව බලාගන්න කියල සදෙව් දිව්වෙ අර වැටුණු කොල්ලා ගාවට.
" කෝ. නැගිටින්න. අයියෝ මල්ලි මේ අතත් තුවාල වෙලා.. හරි හරි යමුකො මං එක්ක එන්න.. "
" ඈඈඈ....හ්හ්හ්හ් ඈඈඈඈඈ...හ්හ්හ්හ් ම්ම්හ්හ් ම්ම්හ්හ් ඈඈඈ... "
" හරි හරි නාඩා ඉන්න. කොල්ලොනේ අනේ.. මේ බලන්න අපේ ඒශ්නම් අඩන් නෑ.. එහ්හ්.. බිමලා.. ෆස්ට් ඒඩ් බොක්ස් එක ගෙනෙන්. පොඩි එකෙක් වැටුනා.. "
" එළ මං ගේන්නම් "
වැටුන තැනින් නැගිටින්නෙවත් නැතුව අඩපු කොල්ලව සදෙව් ගිහින් උස්සන් ආවෙ ඒශ්ලගෙ පංතිය ගාවට. ඒශ්නම් මීක් නෑ.. තුවාල වෙලා තිබ්බ අතට බෙහෙත් දාන්න ඕන නිසා ෆස්ටේඩ් බොක්ස් එක ගේන්න ඇරියට මොකද මෙච්චර වෙලා අඩ අඩා හිටපු කොල්ලගෙ නලල මැදට කැරම් ගහනව වගේ ශොට් එකක් ඇගිලි දෙකකින් ඒශ් දුන්නෙ අර කොල්ලගෙ ඇඩිල්ල එහෙම්මම නවතිද්දි. නෑ ඒක ගැහුවා කියන්නත් බෑ.. ඒක හරියට නිකන් අර කැරම් ගහද්දි ඇගිලි හසුරනව වගේ දෙයක්.. සාක්කුවෙ තිබ්බෙ චූටි ලේන්සුව අරන් ඒශ් අර කොල්ලගෙ අත පිහදැම්මෙ හරි පරිස්සමෙන්.. එයාට ඒක කරගන්න තේරෙන්නෙත් නෑ.. ඒත් පුංචි කමට අතේ තුවාලෙට කටින් පිබින ගමන් ඒශ් හරි හෙමීට එයාගෙ ලේ පිහදැම්මා.. හැබැයි මෙච්චර වෙලා අඩපු කොල්ල දැන් සද්ද නෑ. ඒත් ඒ වෙනුවට එයාගෙ අතේ තුවාලෙ පිහින ඒශ්ගෙ ඇස් වලින්නම් කඳුළු ගලනවා සදෙව් හොදටම දැක්කා..
" ආ මෙන්න බෙහෙත් ගෙනාවා.. පොඩ්ඩක් හිටපන් සදෙව්.. දැන් කාටද තුවාල උනේ.. කවුද අඩන්නේ.. "
" ඇට්ටරයා උනාට මිනිහා සෙන්සිටිව් පොරක්ද කොහෙද බිමලා.. එක්කන් පලයන් පංතිය ඇතුලට ඒශ්ව "
" මත බෑ "
සදෙව් බිමල්ට කියද්දි ඒශ් හයියෙන් කිව්වෙ ඒ පුංචි අත් වලින් එයාගෙ ඇස් පිහින ගමන්.
" ඇයි අපෙ ඒශ්ට බැරි දැන් පංතියට යන්න "
" මත මෙයා ඕන.. "
කොල්ලා එහෙම කියද්දි බිමල් වගේම සදෙව් හිනා උනේ හයියෙන් උනත් එක්කෙනෙක් බලන් හිටියෙ ඒශ්ගෙ දිහා..

වරුන් දේවාශ් පද්මේන්ද්‍ර
වයස අවුරුදු 8
" හරි හරි මෙයා ඔයාගෙ තමා.. අපි නම අහල බලමුකෝ.. මොකක්ද මල්ලි ඔයාගෙ නම? "
බිමල් අහද්දි කොල්ල ඒත් බලන් හිටියෙ චූටි ඒශ් දිහා..
" මල්ලි නම කියපං කොල්ලො "
" ව්.. වරු.න් "
කොල්ලා නම කිව්වා හැබැයි බයෙන් වගේ..
" ආහ්හ් ලස්සන නමක්නේ.. වරුන්... මේ ඉන්නෙ අපේ ඒශ්.. මේ සෙක්ශන් එකේ ඉන්න දගම ලමයා "
" වලුන් "
බිමල් කීවත් ඒශ් වරුන්ගෙ නම කිව්වෙ එයා දිහාම බලන්.. ඒ ඇස් දිලිසෙනවා.
" වලුන් නෙමේ බං වරුන්.. නමක් හරියට කියාගන්න බෑ තාම අයිතියනම් කියනවා පොඩි උනාට.. හරි දැන් ඔයාලා යාලුවෝ.. ඒශ් දැන්වත් යමුකෝ අපිත් ක්ලාස් වලට යන්න එපැයි "
" හුම්ම්ම් "
හූමිටි තිබ්බ ඒශ් බිම බලන් සදෙව්ලා එක්ක පංති වලට ගියේ මොනවදෝ මුමුනමින්.
" වලුන් " " අපි ලාලුවෝ "
❤ ඉස්සෙල්ලාම කියන්න ඕන මම මේක ලියන්න හේතුව තමා.. ඉස්සර මම පුංචි කාලෙ බැලුවා සදහටම ඔබ මගේ කියලා කතාවක්.. ඔයාලා දන්නවද දන්නෑ.. මම ඒ කතාව ෆෝන් එකෙන් ආයෙම ලගදි බැලුවා.. ඊටපස්සෙ තමා මට මෙහෙම ලියන්න හිතුනේ.. මුල් ටික ටිකක් ඒ වගේ උනත් ප්ලොට් එක සම්පූර්ණයෙන්ම වෙනස්... ඒ නිසා කියවගෙන යන්ඩෝ...