"බබා...." මගේ තුරුලේ ඉන්න මගේ ලස්සන වස්තුව. හිස් මුදුනෙන් තොත්තුවක් තිබ්බත් ඇහැරුනේ නෑ. ඒත් phone එක අරන් බැලුවම රෑත් වෙලා. රෙශඛ්‍ය Airport යන්න තියෙන්නේ තව පැය කීපයයි. මේ සතියෙම කරේ බඩු පැක් කරන එක. අද දවල් අපි දෙන්නා හොඳට කාලා බදාගෙන දොයියගත්තා. ඒ නිසා දැන් ඇහැරවන්නම ඕනා.
"බබා... නැගිටින්න!" කම්මුලට පොඩි තට්ටුවක් දුන්නම ඔන්න පොඩ්ඩක් හෙල්ලුනා.
"නැගිටින්න බබා. රෑ වෙලා. Last minute packing තියනවා"
"ම්ම්ම්ම්ම් යන්න බෑ...."
"එහෙම කියලා හරියනවද? කෝ කෝ නැගිටින්න!"
ඒගමන පොඩ්ඩක් උඩ බැලුවා. අත තාම මගේ ශර්ට් එක අස්සේ. තව ටිකක් උඩට ගෙනිහින් කුක්කුවක් මිරිකුවම
"ආව්!"
"I will miss you so damn much සුදයියේ!!!"
"හැමදාම කතා කරනවා නේද?"
"හැමදාම කතා කරනවා මගේ අම්මේ" රෙශඛ්‍ය මගේ තොල් වලින් හාද්දක් තිබ්බා.
"මන් ආදරෙයි මගේ පන!"
"මාත්!"
"කෝ මේ ළමයි? අහ් හරි ශෝක් ඔහොම බුදියන් ඉඳලා හරියනවද? මංජු පහලට එන්න!" අම්මා කඩන් බිඳන් කාමරේටම
එනකන් අපි ගැරඬි වගේ එතිලා හිටිය එවා නිකන්ම ගැලවුනා.
"මංජු, ඔක්කොම ලෑස්තී නේද?" තාත්තා අපි දෙන්නම පහලට එද්දි ඇහුවම රෙශඛ්‍ය ඔලුව වැනුවා.
"මොකද සයුල් අඬන්නේ?" මන් ඇහුවම මිනිහා ආයේ තාත්තගේ බඩ අස්සේ ඔලුව ඔබාගත්තා
"පේනවනේ ඉන්නකන් ගහමරාගෙන, දැන් අයියා යනවා කියලා අඬනවා"
"අඩෝ ඉඳිබුවෝ උඹ අඬනවද? ඉකේ...." කියලා සයුල් ව උස්සලා අරන් කරේ තියාගත්තම කොල්ල කකුල් ගගහා අත් වලින් රෙශඛ්‍යගේ පිටට ගගහා මරලතෝනි තියන්න ගත්තා.
"ඔය කොල්ලව බිමින් තියහන්!" අම්මා කෑ ගැහුවා. ඉතින් ඌව බිමින් තිබ්බම ආයේ රෙශඛ්‍යට රවලා ගිහින් තාත්තගේ ඔඩොක්කුවෙන් වාඩි වුනා.
"ඇත්ත, රෙශඛ්‍ය ගියාම ගොඩක් පාලු හිතෙයි. තුර්ශ්‍යත් යනවනේ....වැඩනම් ගොඩක් තියනවා තමයි. ඒත් රෙශඛ්‍ය නැතුව ඉන්න විදිහ මට මතකත් නෑ දැන්. එයා ළඟට යනකන් මේ මාසේ ඉවසන්න වෙනවා. අපේ engagement එකේ ඇඳුම් වලට මෙශර්මන්ට්ස් දීලා ඒවාත් අරන් එපැයි මන් යන්න. රෙශඛ්‍යට නම් ෆිට් ඔන්න් කරන්න ඕන නෑ කිව්වා. මොකද එයා එතනින්මයි කෛන් ඉඳලම කිට්ස් මහගන්නේ. මන් තමයි අනිද්දට ෆිට් ඔන් එකට යන්න ඕනා. ඊටපස්සේ..."
"මොකද සවී? ඔයත් අඬන්නද යන්නේ?"
"අහ්?" කකුලකුත් උඩ දමාගෙන කවුච් එකට වෙලා මනෝ ගහගෙන හිටපු මාව එකපාරම තාත්තගේ කටහඬට ගැස්සුනා. රෙශඛ්‍යත් phone එකෙන් මූන අරන් මන් දිහා බැලුවම මන් 'නෑ' කියලා හිනා වුනා.
"රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ"
තාත්තාට ඕනම වෙලාවකට කියන්න සින්දුවක් තිබ්බා. රෙශඛ්‍යටත් හිනා. නැගිටලා මට අත දීලා
"May I have this dance?" කිව්වම මාත් හිනා වෙලා අත දුන්නම එයා මගේ ඉනෙන් අල්ලගත්තම මන් එක අට්බක් එයාගේ උරහිසෙන් තියලා බෝල් රූම් ඩාන්ක් එකක් දානකොට අම්මාත් ඇවිත් ඉඳගත්තා.
"නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ"
පාන්දර හතරට සිරිවර්ධන නිවසට පය තියනකොට සේරමල්ලා එහේ. හෙනම කාල ගෝට්ටියක්.
"අහ් මංජු ලොකු අයියව එක්කන් එන්න. මන් දැන් කීප සැරයක් කතා කරා. අර වින්ඩ්චයිම් එක දිහා බලාගෙන කල්පනා කරනවා" මහප්පා කිව්වම රෙශඛ්‍ය උඩට ගියා.
ටික වෙලාවක් යද්දි දෙන්නම පහලට ආවා.
"අහ් හරි එහෙනම් ඔක්කොම දැම්මා නේද මිහිරි?"
"ඔව් ඔව්."
"ආච්චි අම්මේ අපි ගිහින් එන්නම් එහෙනම්. ආච්චි අම්මා අසනීප නොවී පරිස්සම් වෙලා ඉන්න ඕනා. නැත්තම් බකින්හැම් බලන්න යන්න බැරි වෙයි." තුර්ශ කිව්වම ආච්චි අම්මා,
"පොච්චියෝ ඔය කිව්වේ කට කැඩිච්ච කතාවක්. මන් එනවා බොලව් ඒරොප්පේ!"
"හාරි හාරි.... ආච්චි අම්මා ඒරොප්පේ එනවා. ඈවරයි දෑවරයි තුන් ඈවරයි" රෙශඛ්‍ය ආච්චි අම්මාගේ ඔලුව ඉඹලා වැන්දාම, තුර්ශත් වැන්දා.
"තුණුරුවන්ගේ සරණයි මගේ කොල්ලෝ දෙන්නට! ප්‍රවේසමෙන් ගිහින් වරෙල්ලා"
"අහ් එහෙනම් ඔන්න දෙන්නම දකුණු කකුල පෙරට තියලා එන්න!" ලොකු අම්මයි, අම්මයි මල් වතුර වීදුරු දෙකක් තියන් ඉඳලා දෙන්නා එනකොටම ඒවා පෙව්වා.
"සියලු පැතුම් ඉටු වෙන්න ඕනා. කරදරයක් නැති ගමනක් වෙන්න ඕනා!" කියලා ප්‍රාර්ථනා කරා.
"නගින්න එහෙනම්" ඔක්කොමලා වාහන වලට නගින කොට තුර්ශ උඩ බැලුවා.
"මොකද?" මන් ඇහුවම
"මට බෑ බන්!"
"මොනා? උඹට පිස්සුද? ඔය කොහෙද දුවන්නේ?"
සේරමල්ලා භය භිරාන්ත වෙලා ඉදිදි, ටික වෙලාවක් යද්දි මූ වින්ඩ්චයිම් එක ගලෝගෙන එනවා. ඔක්කොමල්ලා සැනසුම් සුසුමක් පිට කරා.
"උඹේ වලටත් ඕක දාන්නම්. දැන් නැගපන්!" රෙශඛ්‍ය කෑ ගැහුවා.
Airport එකට යනකන්ම මන් රෙශඛ්‍යගේ අතේ එල්ලිලා උරහිසට ඔලුව තියන් හිටියා. කී පාරක් මගේ ඔලුව ඉම්බඳ මන් දන්නෙ නෑ. 'මාසයයිනේ. ඉක්මනට යයි.' මන් නිතරම මටම කියා ගත්තා.
Airport එකෙන් බැහැලා 'Departure' එකට ගිහින් රෙශඛ්‍යයි, තුර්ශයි දෙන්නම ඔක්කොලාටම වැන්දා. අම්මයි, ලොකු අම්මයි චුට්ටක් ඇඬුවා. ඒත් ඉතින් මාසෙකින් ආයේ පුතාලා දෙන්නව බල්න්න ලැබෙන නිසා ලොකුවට හිතේ අමාරුවක් කාගේ හිතේ වත් නෑ. අයාන් ගෙඩියව අල්ලලා උඩ දාලා ඉඹලා ඉඹලා තුර්ශයි රෙශඛ්‍යයි ඌව නාදි නැන්දාටම දුන්නා.
"මන් එහෙ පොලිසියේ මගේ යාලුවෙක්ට කියලා තියෙන්නේ මංජු, ලොකූ බබා. මන් ඔයාලගේ whatsapp එකට මිනිහගේ details දාලා තියෙන්නේ. හදිස්සියක් වුනොත් මිනිහට කතා කරන්න" චූටි මාමා කිව්වම රෙශඛ්‍යයි, තුර්ශයි ඔලුව වැනුවා.
යන්තන් ඇති මාව මතක් වුනා. පැත්තක හිටි මාව හොයලා හොයලා හම්බුනාම එයා හිනා වෙලා ළඟට ඇවිත් මගේ අත් අල්ලගත්තා.
"ළඟට එනකන් පරිස්සමෙන් ඉන්න මගේ රත්තරන්!"
"හ්ම් ඉන්නම් බබා. ඔයාලා පරිස්සමෙන් යන්න!"
"තනියම යන්න එපා කොහෙවත්. මගේ කලු ප්‍රාඩෝ එක ඔයාටම අයින් කරලා තියෙන්නේ. අංකල් ට කෝල් එකක් දෙන්න එයා එයි ඔයාව ගන්න."
"හරි බබා."
"ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳපන්! එහේ ආවම ඕන එකක්"
"හරි දෙයියනේ!!!!"
"හරි තමයි මෙතන!" රෙශඛ්‍ය මාව බදාගත්තා. නලලෙන් හාදුවකුත් තියලා තොල් වලිනුත් හාද්දක් තියලා යන්න ලෑස්ති වෙනකොට තුර්ශත් ඇවිත් මාව බදාගත්තා.
"ගිහින් එන්නම් සවේ. සුදූ එක්ක වැඩ ටික බලලා කරගනින්."
"හරි බන්! උඹලා පරිස්සමෙන් පලයං!"
"අහ් තාත්තා," මන් phone එක රෙශඛ්‍යට දුන්නම එයා ඒක speaker phone දැම්මා.
"හෙලෝ තාත්තේ!"
"පුතා එහෙනම් පරිස්සමෙන් යන්න. අපි එනවනේ ටික දවසකින්"
"හරි තාත්තේ."
"ඉන්න අම්මා ඉන්නවා"
"හෙලෝ පොඩි පුතේ..."
"අම්මා!"
"පරිස්සමෙන් ගිහින් එන්න ඕනා! සියලු දෙවි රැක වරණයි!. කෝ තුර්ශ පුතා?"
"අහ් ඉන්නවා ආන්ටි!" තුර්ශත් phone එකට එබුනා.
"පරිස්සමෙන් යන්න දෙන්නම! බුදු සරණයි!"
"හොඳයි ආන්ටි!"
"අම්මේ මන් තියනවා එහෙනම්. ගිහින් කෝල් එකක් දෙන්නම්!"
"හොඳයි පුතේ!"
මගේ හොඳම යාලුවයි, මගේ ආදරෙයි දෙන්නම ඈතට යනවා බලන් ඉන්නකොට රෙශඛ්‍ය ආයේ හැරුනා. දුවන් එනකොට මන් අත් දෙක ඈත් කරා. ඉතින් ආයෙත් ඒ උනුහුමේ ගිලුනේ අඩි හතරක් උඩටම වෙලා. කකුල් දෙක එයා වටේ යැවිලා ඒ බෙල්ලේ මූන හොවාගතතම,
"ඉක්මනට මා ළඟට එන්න සුදයියේ!"
"ඉක්මනට එන්නම් පන!"
ඉතින් මගේ 'දෙව්ලොවේ සමාව' සයෝද් රෙශඛ්‍යගේ අත ටික කාලෙකට ඒ විදිහට අත ඇරුනා.
"සුදු නංගි කොල ටික හරි නේද?"
"හරි අයියේ. ආ මෙන්න ඔයාගේ ටික." එම්බසි එකේ නම කතා කරනකන් බලන් ඉන්නකොට
"Miss. Thurshyaa Ruseehi Siriwardhane!"
"Good luck රූ!"
"Thanks ආරූ!" සුදූ රෙහාන් අයියගේ අත අල්ලලා ඇතුලට යනකොට මටත් විශ් කරා,
"මන් යන්නම් අයියේ! ඔයාට good luck!"
"ඔයාටත්!" මන් තම්බ්ස් අප් එකක් දුන්නා
"Mr. Saven Deneth Perera!"
"Good luck සවේන්!" රෙහාන් අයියා මගේ පිටට තට්ටුවක් දුන්නා.
"Thanks රෙහාන් අයියේ!"
ගැම්මෙන් නැගිට්ටට මොකෝ, සුද්දි දැක්කම සරුවාංගෙම ගැහෙනවා. ඒ වුනාට එහෙම කියලා බෑ. මේක කරන්න එපැයි. අද පාන්දර රෙශඛ්‍ය කිව්ව වචන මත වෙලා හිනා යනවා
'මේ All jokes aside! මේ උඹ ස්‍ට්‍රෙස් වෙලා හුත්තක් කරන්න එපා! පරාක්‍රමභාහු ගැම්ම ගනින්! දඹදෙනි යුගයේ අවූ.... ගනින් සුදයියේ වලගම්බා ගැම්ම ඇඟට! අපි රාවණා පරපුරේ පුත්තු! අහූ....!'
හිනා වෙවීම ගිහින් පුටුවෙන් ඉඳගත්තම තමයි බර අවි වලින් වැදෙන්න ගත්තේ,
"Why did you choose to study law in the UK?"
'ගනින් සුදයියේ වලගම්බා ගැම්ම ඇඟට'
හොඳ හුස්මක් අරන්,
"The UK has a world-renowned legal system and several prestigious law schools. I believe studying law in such an environment will provide me with a top-notch education and enhance my legal knowledge and skills. Additionally, the practical approach to legal education in the UK aligns well with my learning style."
"Why did you choose this specific university and course?"
'අපි රාවණා පරපුරේ පුත්තු අහූ!!!'
I chose Balliol University college and the Bachelor of Law program because of its strong reputation for research opportunities, practical training, and faculty expertise The course curriculum aligns perfectly with my career aspirations, and I believe it will equip me with the necessary skills to succeed as a lawyer.
කොහොමහරි ඒකටත් සාර්ථකව මූන දීලා අපි ගියා පිච්චුන ලේ වලට ලේ වඩෝගන්න Hilton එකේ Graze kitchen එකට. මට ඉතින් හැපිකව්වයි, පෞකාර තාර පැටියයි මතක් වෙලා හිනා ගියාම, සුදු නංගි මාව දැකලා
"වස්සල් වස්සල්!"
"එක පාරක් නම කියපන් හුත්ත!"
"මොනාද මේ ඔයාලා දෙන්නා කියවන්නේ?" රෙහාන් අයියාගේ වික්ශිප්ත මූන බලන්න වටිනවා ඒත් වැඩි වෙලා ඒ මූන තිබ්බේ නෑ. මොකද සුදූගේ චූටි හෑන්ඩ් බෑග් එකෙන් රෙහාන් බොසාට ගුටි කන්න වුනා.
"ඇයි ඇයි මේ මට ගහන්නේ රූ?" මූන දෙකක් කරන් ඉන්න සුදූව අල්ලන් රෙහාන් ඇහුවම,
"මන් එව්ව ඒවා කියෝලා නෑ! ඒකයි ඔහොම ඇහුවේ! මන් තවුසෙව බඳින්නේ නෑ! ම්හුක්!"
මන් අතින් කට තද කරන් හිනාව නවත්තගද්දි,
"මොනාද රූ?"
"මොනාද? මොනාද නෙමේ ආරූ! ඔයා මට කියන්නේ සේපාලිකා, Broken mirrors කියෝපු නැති කෙනෙක් එක්ක මට කසාද ජීවිතයක් ගත කරන්න කියලද? Not going to happen! කියන්න සවේන් අයියේ! එහෙම නේද?"
"I agree" මන් අත උස්සලා මගේ එකඟතාවය පල කරා.
"ආ! අර රධ්‍ය ඩයල් එක ඉන්න කතාව නේ? ඒක මන් කියෝනවා බබී. ඒත් මන් තාම කස්තුරි සුවඳ කියෝලා ඉවර කරේ නෑනේ"
"අනේ උයා!!!! මන් ආදරෙයි අනේ!!!" මෙන්න ඒ ගමන චන්ද්‍රමුඛී, සරස්වතී වෙලා. අතේ එල්ලිලා උම්මා දෙනවා.
"ඔයා වෙනුවෙන් මට පොතක් කියවන්න බැරිද රූ?"
"බලන්න නයනී ඒ උනන්දුව!" මන් කිව්වම දෙන්නම හිනා වුනා. කෑම මේසෙට ආපු නිසා මායි, සුදුයි දෙන්නම ඒවයේ photos ගත්තා. Instagrama දාලා, Whatsapp දාලා ඕනේ බඩට දාගන්න.
මතු සම්බන්ධයි...
දවල් update එක නැත. ආයේ update එකක් එන්නේ රෑ වෙලා 😌
Cr cHerRy_MinShi_