Cherreads

Chapter 13 - 13

ලොකූ....ශෙනිරුවා අතෑරපිය....හ්....

ශෙ...ශෙනිරු විකාරද...අතාරිනවා මාව....ප්..පිස්සුද...ව්...විකාරද ශෙනිරු...මොලේ...හොද ...නැද්ද....?

මං කෑ ගැහුවා...නිකන් නෙවෙ...කෑ ගහපු මං අනිත් පාර මගෙ ගාව උන්න හෙඩාටත් ඇන්නා...

අර බලපිය...අර බලපියකෝ....කරන්ට් ගිය ඩිංගට අරූ බලහත්කාර කම් කරනවා....යෝහ්.....යෝහ් .....සෙනිරු ....හරිම අගෙයි...හරිම අගෙයි.....නටන විගඩම් නම් හරිම අගෙයි ආ.....විදුහල් මාතාවගෙ ඩිපූටි පුතාගෙ නෛයාඩ ගම් නම් හරීම නෙත්කලුයි ඈ.....

මම කෑ ගැහුවා....නිර්වානයට ඇන්නා... කරන්ට් ගිය ඩිංගට කුටු කුටු ගගා ලොකුවගෙ පිටුපෑම ගැන කියව කියව උන්න මට ඊලග පාර දැකපුදේ එක්ක කෑ ගැස්සුනා විතරක් නෙවෙ ඌව මිරිකගන උන්න ශෙනිරුවව තල්ලු කරපු සැලලිහිනියත් උගෙ පිහාටු පුම්බන් පෙදේ උස්සන් කෑ ගහන්න ගත්තා .....

හත්තුක්කෙ.....!!

සනාශ් ...ඇයි මේ...

ඇයි මේ....ඇයි මේ අහන්නෙ ..ඇයි මේ අහන්නෙ.....මොලේ..මොලේ කියන දේ හොද නැද්ද .....ආ ශෙනිරු.....තමුසෙ හදන්නෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නද...???

මේ මොකත මේ...

මම පොඩ්ඩක් පස්සට උනා..මොකද මීට කලින් කා ගත්තෙ මායි හෙඩයි උනාට දැන් තුරුම්පුව කැරකිලා තියෙන්නෙ ශෙනිරු සනාශ් දෙන්නා දිහාවට...ම්ම්ම්....එෆ් එෆ් එකක් ලියන්න කියාපු.....ප්ලොට් එක....ශෙනිරු සනාශ්...මරු ශිප් එක.....

" ශෙනාස්..." මරු නම ඈ.....!!!

ඇයි එතෝට මගෙ එක...."නියාශ්..."!!!

මං තවත් අඩියක් පස්සට ගියා...මොකද මේ වෙන වචන හුවමාරු වලින් පේන්නෙම ශෙනිරුවා අපේ එකාගෙ බලෙන් කට කාපු සීන් එකක්....ලයිට් පත්තු වෙන වෙලේට කොහොම සිංහයා උනත් අන්දකාර වෙලේට අපේ අධ්‍යාත්මික සිංහයා බලු වෙලා පීචන් වෙනවා.....

එහෙනම්...මට උනා වගෙම අමන වැඩක් මූටත් වෙලා තියෙන්නෙ....

ඒ කියන්නෙ ඌ පොරොන්දු කඩලා නෑ....!!!

හත්තුක්කෙ ...නොම්බර දාහත....සලුපට අහසට ... මම බය නෑ ශ්‍යාමා ...යකෝ මේක බලහත්කාර කමක්!!

මම අපේ එකා දිහා බැලුවා....ඌ දාගන උගෙ කට පිහනවා.....කොටිම්ම සනාශයව ගිනි ගන්නවා...හැන්දෑ යාමෙ මල්ගස් වටේ නටන හැටි මනෝපාර ගහපු අපේ එකා මේ දැන් පුපුරනවා.....

ඇත්තනෙ....කව්ද අඩේ බලෙන් කට කනවට කැමැති....මං උනත් කැමතිද නෑනෙ.....මාත් එච්චර කැමති නෑ...

ශෙනිරු ....කරුනාකරලා තමුසෙ....තමුසෙගෙ සීමාවෙ හිටපන් ...

ම්ම්ම්...හිටපන් කියලත් කිව්වා...අහෝ...නොම්බර දාහත...සලුපොට අහසට...!දැන්නෙ නියම ෆිල්ම් එක...ඇරු සොයිසා.....! බැනපිය ලොකුවා බැනපිය.....තව බැනු...තව බැනු...ඔහොම බෑ....

කමෝන් ලොකූ....කමෝන්....!!

පැත්තක උන්න මං කෑ ගැහුවා....කමෝන් ලොකූ කියලාමන් උඩ පැන්නා....අපේ එකා හුස්මක් වත් නොගෙන අරූට බනිනවා...රටේම නැති නම් කියනවා.....ඒත් ඩිපූටුයා නෙවෙ කටක් හොලවන්නෙ....

අමෝර් අමෝර් ....ඉවසිලිවන්තයා!!!

තමුසෙ ඉස්කෝලේ ඩිෆියුටි ෆ්‍රිෆෙක්ට් නේද ඕයි...ඔව් ඉතින්..අයියා මල්ලිලා පගාව දීලා වෙන්න ඇතිනෙ බැජ් එක ගත්තෙ...තමුසෙලාට ෆ්‍රිෆෙක්ට් කම නෙවෙ ප්‍රින්සිපල් කම උනත් ගන්න බැරි යෑ.....එකෙක්ගෙ අම්මා මන්ත්‍රී.....අප්පා ඕ අයි සී....අනිකගෙ අප්පා හමුදාවෙ...අම්මට ටවුමෙන් බාගයක්ම කඩ තියනවා...ඉතින් තමුසෙලාට දෙන්නෙ නැද්ද....නොදී ඉන්නෙ නෑනෙ.....නෙ.....දුප්පත් එකාට තැන නෑ...ඇයි ඉතින් තමුසෙලා වගේ උන් කුට්ටිය දෙනකොට ....පගාව දෙනකොට ...තමුසෙලා වගෙ උන් තමා ඕයි අවසානෙදි පාර්ලිමේන්තු යන්නෙත්...කුපාඩියො.....

ඇරු සොයිසා...ඇරු.....හරිම අගෙයි...හරිම අගෙයි...අප්පච්චි ගෙ වැඩිමල් පුතුනුවන්ගෙ කථන හැකියාව නම් හරිම අගෙයි...ප්‍රීතී...ප්‍රීති...මු නම් අර ඇමති චතුරයා වගේ.....මොකාද උගෙ නම චතුර සේනාරත්න නේ.... අර රාජිතයගෙ පුතුනුවන්....ඔව්..ඔව්...අපේ එකා තනිකරම චතුරයා වගේ...ම්ම්..මූව යවන්න ඕනෙ අරගල කරන්න ගෝල්පේස් එකට.....

මම බලාගන උන්නා....මෙච්චර වෙලාම හෙඩා එක්ක එකට එක කියන් ගියපු මගෙ කට පැන්ශන් යනකොට මම කාගන්න අපේ එකාගෙ පෙට්ටි කට දිහා බලන් ඉදලා තවත් ටිකක් සපෝර්ට් කරන්න ආයමත් අප්පුඩියක් ගහලා ඌව දිරිමත් කරන් පස්සට පනිනව එක්කම මාව මට පිටිපස්සෙන් උන්න හෙඩාගෙ ඇගේ හැප්පුනා විතරක් නෙවෙ මං උගෙ කකුලත් පාගලා තිබ්බා.....

ඔ යෙස්...කමෝන්...ලොකූ...වන් මෝර්...වන්....ආ..අ...සොරි..අනේ...පෑගුනා...නේද.....හෙඩ් පිපෙට් අයියෙ...ම්හුක්...චුට්ටක් පස්සට යන්නකො අනෙ ..මට හරියටම මේ වීව් එක ගන්න බෑනෙ......

මං සමාව ගත්තා....ඒකගෙ මූන කුන්ඩහට්ටියක් වෙලා...බනින එකා දිහා නැතුව ඌට සපෝර්ට් කරන මා දිහා රවාගන බලන් උන්න හෙඩාට මං මගෙ මුතුවන් දසන් විහිදලා හිනා වෙලා සමාව ගන්නකොට හෙඩා සාක්කුවට අත් දෙක දාගනමා දිහා බලාගන උන්නා.....

ඒ මොකත ඒ.....

ඇයි වදේ දැන් සොරිත් කිව්වනෙ.....මීටත් වඩා මොනවද....ඇයි මං පසග පිහිටුවා වදින්න ඕනද දන්නෙ නෑ...අනේ..හරි ශෝක්...හිතේ ඇති සාටකේ පක්ශෙ ඉන්න මන්ත්‍රී තුමීගෙ පුතුනුවන්ගෙ සිතිවිලි නම්....

ශෙනිරු ...කරුනාකරලා ....තමුන්...

සීමාවෙ ඉන්නවා...හරි...ප්‍රශ්නයක් උනා...ඒක අපි විසදගත්තා .....එතනින් එහා...ආය ඇහි හොදැයි ඕන් නෑ...කරුනාකරලා අපිට අපේ පාඩුවෙ ඉන්න දෙනවා...හරි...වැදලා කියන්න ඕනානම්....වැදලත් කියන්නම්.....ලැජ්ජා නැද්ද අයිසෙ කටවල් ලොවන්න එන්නෙ....

සනාශ් බනිනවා...එලියෙ වහින වැස්සට වඩා උගෙ වචන සට පට ගාලා එලියට එනකොට විනාඩිගානක් යනකනුත් ඌ බැන්නා.....දැන් නම් මගෙත් කන් බෙරෙ පුපුරන් ලේ එනවද මන්දා...ඒ තරම් බැනිල්ලක් ඌ බැන්නෙ...

මම පෙදේ උස්සන් කෑ ගහන සැලලිහිනියා දිහා බලන් ඉදලා හිමීන් සැරේ ඩිපූටියා දිහා බැලුවා...ඌ ඉන්නවා....ඌ ඉන්නවා.... අරූ බනින බලු බැනුම් අහන් ඩිපූටියා ඉන්නවා....හැගීම් කියන ජාතිය කිසිම දෙයක් නැති මූනෙ ඇස් දෙක විතරක් පිල්ලම් ගැහුවා ඇරෙන්න ඒකා හුස්මක් වත් ගන්නවද හොයන්න බැරි වෙනකොට හුස්මක් කටක් නොගෙන බනින අපේ එකා දිහා බලාගන උන්න ඩිපූටියා අවසානෙදි කට කොනකින් හිනා උනා....ඒකත් මහ මදාවි හිනාවක්...මහ නපුරු හිනාවක්...මහ සීතල හිනවක්....

කොටිම්ම මහ evil ලුක් එකක්....ඩිපූටියා තනිකරම demon king කෙනෙක් වගේ.....

මං හිතන්නෙ ලොකූ උඹට ගෞරවයෙන් බුදු සරනයි...අප්පච්චි ට අද හෙටම සුදු කොඩි දාන්න වෙයි....

කට කොනින් සීතල හිනාවක් දාගන උන්න ශෙනිරුවා නැගිට්ටා....නැගිටලා සාක්කු දෙකට අත් දෙක දාගත්තා ...හරියටම මට පිටිපස්සෙන් ඉන්න demonic cultivation එකේ පියා හෙඩා වගෙ.....

ශෙනිරුවා ඉස්සරහට අඩියක් තිබ්බා...මෙච්චර වෙලාම කියවපු අපේ එකාගෙ කට සම්පූරනම වැහිලා ගියා මදිවට ශෙනිරුවා තියන අඩියක් අඩියක් ගානෙම සැලලිහිනියහෙ අර පිහාටු එකින් එක ඇකිලෙන්න ගත්තා .....ඒකගෙ මූන බයටද මන්දා ටිකෙන් ටික සුදු මැලි වෙන්න ගත්තා ...

ඉවරද කියවලා....ම්ම්ම්...?

ස්...ශෙනි....රු...

ම්ම්..ඔව්...ශෙනිරු තමයි...මන් අහන්නෙ...ඉවරද...බැනලා....කුපාඩියට බැනලා ඉවරද.....

සීතල හිනාවක් දාගන උන්න ඩිපූටියා අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට හොදට කතා කරපු එපා එකා ගොත ගහන්න ගත්තා මදිවට ඌට යාගන්න තැනක් නැතුව බිත්තියට හේත්තු....පාට ඇදුම් වෙනුවට කොයි වෙලාවෙත් තනි කලු පොරවන හෙඩා වගේම ඩිපූටියා තනිකරම මාෆියා බොස්ලා වගේ වෙනකොට හෙඩාගෙම අච්චුවක් උන ඩිපූටියා කෙලිම්ම ගිහින් සනාශයව බිත්තියට හිර කර ගන්නකොට මටත් කෙල ගිලුනා වගේම

මං හිමීටම මට පිටිපස්සෙන් උන්න හෙඩා දිහාවට බෙල්ල කැරකෙව්වා...

අමෝර්..අමෝර්...ඒ මූන ඔක්කොටම හපන්....සුගර් ඩැඩී වයිබ් එකක් ....

ශ්...ශෙනිරු ...

ම්ම්.....මොකද.....කෝ දැන් අර කට....මෙච්චර වෙලාම....නොදන්න මගුල් කියවපු කට කෝ.....??අනික මගෙ නම ශෙනිරු නෙවෙ.....තමුසෙට අනුව කුපාඩියෙක් නෙ....

අත ගන්නවා ශෙනිරු ....කුපාඩියෙක් කියන්නෙ.....ඔ..ඔයා.....

අත ගන්න කියන්න..මං තමුන්ගෙ ඇගෙ කොතනකින් වත් අල්ලන් නෑනෙ....නේ...ම්ම්ම්..ඔන්න කොතන හරි අල්ලන්න ආවා නම්.....කෑ ගැහුවට කමක් නෑ....

අනේ නිර්වාන් අයියේ....අපේ...එකාට අරූ ගහයිද...??..

මට බය හිතුනා...හෙඩාගෙම අච්චුව උන ඩිපූටියා කතා කරන්නෙ උගෙ උගුරෙන් වගේ වෙනකොට මට හිතුනෙම සනාශයගෙ මුන ඉරිදට එන මව්බිම පත්තරේ වගේ වෙයි කියලා වෙනකොට මට බය හිතුනා....

ළඟ උන්න හෙඩා උගෙ මල්ලිගෙ කෙරුවාව ගැන ආඩම්බරෙන් ඉන්නකොට මම මගෙ එකා ගැන බයේ උන්නා...

මොකක්ද තමුන් කිව්වෙ....අපි පගාව දුන්නා කියලද ...ම්ම්ම්....කව්ද කිව්වෙ...කොතනද එහෙම ලියවිලා තියෙන්නෙ ....

නෑ ඉතින්....

ශ්ශ්...මං තවම ඉවර නෑ සනාශ්...මං තවම පටන් ගත්තා විතරයි ...තමුසෙ කතා කරන්නෙ බැජ් එක ගැන නම්....පලවෙනි දේ අවුරුදු දහතුනක්....හැමදාම පන්තියෙ පලවෙනියා උනෙ නිර්වාන් වගේම මම...ශිශ්‍යත්වෙ ලියපු අවුරුද්දෙ....අයිලන්ඩ් රැන්ක් එක තුන හතර ගත්තෙ ඌයි මමයි...ඕලෙවල් වල ,A9ගත්තෙ ඌයි මායි ...ටර්ම් ටෙස්ට්.....ඔක්කොම වල මුල උන්නෙ ඌයි මායි...ස්පෝර්ට් අතින් ගත්තා උනත්.....අනිත් අතින් ගත්තා උනත්...මුල උන්නෙ ඌයි මායි....නැතුව....අම්ම අප්පච්චි ගෙ සල්ලි නෙවෙ...හරි....තමුසෙට විශ්වාස කරන්න අමාරු නම්....එනවා මං ඔක්කොම පෙන්නන්න.....

හරියටම හරි නේද....ඩිපූටියා අපේ එකාගෙ මූන දිහා බලාගන උගෙ අද්‍යාපන සුදුසුකම් කියනකොට හැමදාම පස් වෙනියා හයවෙනියා වෙන මටයි ඌටයි ගෞරවයෙන් බුදු සරන වෙන්න ආවා ...

පන්තියෙ පලවෙනියලු ...

පන්‍තියෙ පලවෙනියා උනෙ සමන් කුමාර!!!

ශෙනිරු....මං කියන්නෙ.....

මං හිතන්නෙ තමුන්ට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ සනාශ් .....තමුන් හිතනවට වඩා දේවල් හුගාක් තියනවා...හැබැයි....තමුසෙ කියපු කතාවත් එක්ක මට හිතෙනවා මගෙ බැජ් එක ගලවලා ආපහු දීලා දාන්න.....

ශෙනිරු...එපා....

නෑ..නෑ....මොකද ...තමුසෙයි තමුසෙගෙ මල්ලියි හිතන් ඉන්නෙ අපි මේ මුට්ටියො....ගොට්ටො කියලනෙ.නේ...ආ නැද්ද නිර්වානයා....මුන් හිතන් ඉන්නෙ අපි මෙලෝ රහක් නැති කැදයො කියලා

ම්න්.....

මෙහෙම කරන්නම්.....ඌයි මායි බැජ් දෙක ගලවලා ආපිට දෙන්නම්...හැබැයි....අනිවාර්යයෙන්ම විනයභාර කමිටුවෙන් රීසන් එක ඉල්ලුවම...ඒකට හේතුව තමුසෙ කියලා මං කෙලිම්ම කියන්නම් සනාශ්...එක එකාගෙන් බලු කතා අහ අහ බැජ් එකක් ගහන් ඉන්න තරම් අමාරුවක් මට වත් මූටවත් කොහොමත් නෑ....

එ...ඒ මේ අපි කිව්වෙ නෑනෙ ....බැජ් එක දෙන්න කියලා ආ නැද්ද ලොකූ....ඔයා නිකන් එහෙම කතා කරන්න එපා හාද ශෙනිරු .... ඒ මෙයා එක්ක බෑ අනෙ....

ඒක....තමයි....අපි කිව්වෙ නෑනෙ ...අපි කොතනකවත් එහෙම කිව්වෙ නෑ...ඒක තමා මෙයාලා එක්ක බෑනෙ.....

කියන්න ඕන් නෑ....ඒ උනාට තමුන්ලා හිතන් ඉන්නෙ එහෙමනෙ නැද්ද නිර්වාන් ...

ම්න්....

මං දිව්වා ...හෙඩා ගාව උන්න මං ලොකුවා ගාවට දිව්වා .....ඒ එක්කම මගෙ ගාව උන්න හෙඩා ඩිපූටියා ගාවට ලන් උනා....

තනිකරම රුසියාවයි යුක්‍රේනයයි වගෙ .....යක්කු දෙන්නා එක පැත්තක අහිංසකයො දෙන්නා තව පැත්තක

මං හිමීට අපේ එකා දිහා බැලුවා ඌ බය වෙලා.....බැජ් එක දෙනවා කිව්වා විතරයි ඌ බය වෙලා.....මං එහෙම්ම අරුන් දෙන්නා දිහා බැලුවා .....

ආ....හරිම අගෙයි ....හරිම අගෙයි...සාතන්ගෙ පුත්ත රත්නයන්ගෙ බැල්මවල් නම් හරිම අගෙයි....අප්පච්චි ගෙ අහිංසකයන්ට මෙහෙම වෙලා මදී...ප්‍රීතී ප්‍රීතී.....

නිර්වාන් ඔයාගෙ මල්ලිත් වැරද්දක්නෙ කෙරුවෙ නිර්වාන් ...මේ ශෙනිරු කෙරුවෙ වැරද්දක් නෙ...

මොකක්ද ...මොකක්ද මගෙ මල්ලි කරපු වැරද්ද ...ම්ම්ම්.....?

අපේ එකාට උම්මියක් දුන්න එක.....ඒක වැරදීනෙ අනෙ.....

නෑ....මං හිතන්නෙ නෑ ඒක වැරදී කියලා ...ගැහුවා නම් කෙරුව නම් තමා වැරදි ..නේද ශෙනිරු...?

මො..මොකක්....වැරදි නෑ...!!

ඒක වැරද්දක් වෙන්නෙ නැත්තෙ කොහෙද නිර්වාන් ....ඒකා කෑවෙ මගෙ කට ඒක වැරද්දක් තමයි.....

ඔව් ඉතින්...මට සයාශ් ගෙ කට කන්න බෑනෙ සනාශ් ....ම්ම්...මොකද සයාශ් මගෙ නෙවෙනෙ.....

මාව මඥ්ඥන් වෙන්න ආවා.....මට පිස්සු පීකුදු වගෙ වෙන්න ආවා .... අපි දෙන්නම කට කාපු එක අල්ලන් අනිත් වැරදි වහගන්න හදනකොට උන් දෙන්නම ඒක වැරද්දක් නෙවෙ කිව්වා...උන් දෙන්නම ඒක වැරද්දක් නෙවේමයි කිව්වා .....

මේක හරියන් නෑ....මේක නම් කොහොමත් හරියන් නෑ.....මං ඉක්මනට අරුන් දෙන්නගෙ මූන බැලුවා ....IQ එක අතින් උඩිම්ම ඉන්න නාසා නිලදාරි දෙන්නා අපි දෙන්නා දිහා කන්න වගෙ බලන් ඉන්නකොට තාම මුල් ලමාවියවත් සංවර්ධනේ නොවුන අපේ එකා දත් හැලුන ඔටුවෙක් වගෙ කටත් අකුලන් ගොන් කතාවක් කියන්න බලන් උන්නා.....

හරියන්නෙ නෑ....අප්පච්චි ගෙ පොඩි පුතා හැටියට හොරොව්පතානෙ නම්බුව රකින්නම ඕනෙ මොහොතක් මේක....

මන් හිමීට උගුර පාදලා මගෙ හා දත් දෙක එලියට දාලා ඇස් හීනි කරලා බෙල්ලත් සෙල්සියස් අංශක එකයි කාලයි ඇල කෙරුවා ....ඇලකරලා නිර්වාන් මහතැන දිහා බැලුවා ....

වන් සෙකන්ඩ් හෙඩ් පිපෙට් අයියෙ....! පුංචි සාකච්චාවකට අවසරයි .....

.......

චූටි....

මෙහෙ වර....

මං ලොකුවව ඇදගන මුල්ලකට ගියා .....අරුන් දෙන්නා හිටි පිලිම වගෙ එතනම ඉන්නකොට මං අරූව ඇදන් මුල්ලකට ගිහින් ඊලග ප්ලෑන් එක දියත් කරන්න කුටු කුටු ගාන්න හැදුවා ....

ඇයි කියපන්...

ඇයි අහන්නෙ....උඹ ඕවර් ගියා වැඩී ලොකූ....

ඒඋනාට ඌ මගෙ කට කෑවා....

උන් දෙන්නා හෙන බෙහෙත් තොගයක් ගෙනල්ලා...

ඒ උනාට ඌ මගෙ කට කෑවා....

හෙන ගනන් පිටි එකකුත් ගෙනල්ලා....

ඒ උනාට ඌ මගෙ කට කෑවා.....

රෑට කන්න ආප්පත් ගෙනල්ලා....

ඒ උනාට ඌ මගෙ කට කෑවා...

කරන්ට් එක ගිය වෙලේ අපි ගාව උන්නත් එක්කලා....

ඒඋනාට ඌ මගෙ කට කෑවා!!!

ගොන් බිජ්ජො....පොඩ්ඩක් අහපන්.....

ඒ උනාට ඌ මගෙ කට කෑවා....

ඉව්...මට එන තරහවට.....දෙන්න හිතයි...උඹට.....මේ අහපිය මේ අහපිය.....

මං මැරෙන්න හැදුවා ...පුපුරන්න ඔන්න මෙන්න තියන බෝම්බෙ මන් නිශ්ක්‍රීය කරන්න හදනකොට සැලලිහිනියා උගෙ කටකාපු එකම එක දිගට කියවන් කියවන් යනකොට මං අර "මේ මොන වේසකමක්ත මේ "කියන පූසා වගෙ රවාගන ඔරෝගන උන්නා...

කියපන් ඉතින් ...උඹ දන්නවා චූටි මං ඔව්වට එච්චර කැමති නෑ කියලා .....

හා හා උඹ කැමති නෑ...මං ඒක දන්නවා ...අනික අපි පොරොන්දු උනානෙ.. 

නැතුව ...පොරොන්දු තියෙන්නෙ රකින්න චූටියා.. .අප්පච්චි අපිව මෙහෙ එව්වෙ විගඩම් නටන්න නෙවෙ ඒක හොදට මතක තියාගනින් ...

ඔව්....දැන් අහගනින් ලොකු.....

මං හිමින් සැරෙ කුටු කුටු ගාන්න ගත්තා ....අයියා මලෝ උන්ගෙ අර ලක්ස ගනන් වටින ඵෝන් දෙක අතේ තියන් මොනව මොනවා හරි කියා ගන්නවා.....අමෝර් අමෝර්.....ධනපති පන්තියෙ පුත්තු...

බලපියකො....දෙන්න හිතයි මුන වහලා මූන කුඩුවෙන්න...

කුටු කුටු ගාන එක.මග නවත්තපු මං ධනපතියො දෙන්නා දිහා බලාගන මතුරනකොට මෙච්චර වෙලාම ඵෝන් එක ඔබ ඔබ උන්න ශෙනිරුවා අපි දිහා හැරිලා බැලුවා මාව අහු උනා.....

ම්හුක්...තියන නපුරුකම අයියො....

හා...යි...ඩිපූටී .....තාම මග අනේ...

මං වීරිත්තුවා....ඩිපූටියගෙ දියවෙලා යන බැල්මට භ්‍රමණය වෙන්න ආව මම විරිත්තලා හායි කියනව එක්කම හෙඩත් මා දිහා බැලුවා...ඒ අනික...ඒ අනික...මුන් දෙන්නම රවන නැකතක ලොවට වැඩලා තියෙන්නෙ...

උන් දෙන්නගෙම සීතල බැල්ම ගාව නිවූන හිනාවක් දාපු මං හරී අහිංසක විදිහට ආයමත් හැරිලා කුටු කුටු ගාන්න ගත්තා ...

මට දැන් කියපන් උඹ මොකක්ද කරන්න හදන්නෙ කියලා චූටි...ඔන්න එකක් කියන්නම් නමනින්දා වෙන වැඩ නම් කරන්න හදන්න එපා උඹ...ආ...

නෑ නෑ .....අනේ...නෑ...නේ අහපන් ලොකූ...උඹයි මායි අවුරුදු දෙකක් ගෙඩි පිටින් මේ ඉස්කෝලේ ඉන්න ඕනා..මේ ගමේ ඉන ඕනා...හරි....චරිත සහතිකේ කාගත්තොත්...උඹ දන්නවනේ.....

ඇරත්...උඹ හිතනවද මුන් දෙන්නා බැජ් දෙක දුන්නොත් උඹවයි මාවයි නිකන් අත අරී කියලා ....

ම්ම්ම්..ම්ම්.....

නෑ...උඹට මතකනෙ අප්පච්චි කියපු දේ...චූටි අයියගෙ පත්වීමත් වනාතවිල්ලුවට හරවන්න ඕනා නම්.....නටන්න පුලුවන් .....අපි කොච්චර නැටුවත් උඹ හිතනවද ලොකූ ඊයෙ පෙරේදා ආව අපි දෙන්න හන්දා අවුරුදු ගානක් උන්න මුන් දෙන්නව කපයි කියලා ...

නෑ..ලොවෙත් නැ චූටි...ලොවෙත් නෑ...

ආන්න එක තමයි...ගොනාට වගේ තේරුනානෙ...

හරි...දැන් මොකක්ද උඹ කරන්න කියන්නෙ...මොක උනත් ...ඌ...මගෙ...භ්භ්....භ්භ්...

කටවහපන් ....ආයෙත් මගුලක් කියනවා ...උඹට ඕක ඔච්චරම හිතට අමාරු නම් ඌ කට කෑවෙ උඹගෙ නෙවෙ මගෙ කියලා හිතපන්....ඇයි යකො...ඒකට මොකද උඹ මල්ගස් වටේ පවා දිව්වා නේ...අමෝ....අමෝ පිච්චමල් බිසව්තමෝ උඹ.....

ම්හුක්....කියපිය ....ඉතින්.....ඒ උනාට ශෙනිරු කවදාවත් උඹගෙ කට කන්නෙ නෑ....ඒක නම් මට ඉරහද වගෙ විශ්වාසයි ...කොච්චර නපුරු උනත් එහෙම පාහරයෙක් නෙවෙ එයා....

ආ..හරිම අගෙයි පොඩි ගස්බල්ලා කියාපු කතාව ...උඹට එහෙම කියනකොට නම් ඩෝන් යනවනෙ....කාවද බන් උඹ ඔය රවට්ටන්නෙ....මේ ලොකූ....පොරොන්දු තියෙන්නෙ රකින්න ආ....රැකපන් .....කරුනාකරලා

මං ගැස්සුවා .....කොච්චර උගෙ පැත්තට කතා කෙරුවත් ලොකුවා හිටපු ගමන් ඩිපූටියගෙ පැත්තත් ගත්තා....මූ ගුනමකු පන්තියට වත් මාරු උනාද....කමක්නෑ ඔහොම යන්කෝ...මටත් ඉන්නවනෙ මොනවා හරි උනෝතින් කියන්න.....

මේ අහපන් ලොකූ.....වැඩි විස්තර ඕන් නෑ..දුර දිග නොහිතා කියපු කතාවලට සමාව ඉල්ලලා අපි පැත්තකට වෙමු....එච්චරයි ...එතනින් එහා පීචන් වෙන්න ඕන් නෑ....

හරි...එච්චරයි ....ඒවගේම ඌ උඹෙන් මොනවාට හරි උත්තරයක් ඇහුවද...?

මං ඇස් හීනි කරලා සනාශ් දිහා බැලුවා ....හෙඩා මගෙන් ප්‍රශ්න නාහාම උත්තරයක් ඉල්ලුවා....ඌ ඉල්ලුවා කියන්නෙ ඩිපූටියා ඉල්ලන්නෙ නැතුව බෑනෙ.....මං හොදට බැලුවා ....හොදට බලන් උන්නා...මූ ඇඹරෙනවා....අමෝර්....සත් ගුනවත් සාමෙල් !!

මේ...මේ...නෑ ...එ..එහෙම...

මොනවද .....කතා කරපිය....ගොතේ....ගොතේ තොට....උපන් දා ඉදන් නොතිබුන ගොතේකුත් එනවා බොරු කියනකොට .....උඹ හැරෙනකොට මට කියන්න පුලුවන් ...කරුනාකරලා ඒකට මේ දැම්ම කැමති නෑ කියපන් ලොකූ.....අප්පච්චි අම්මා පව්...මගුල් නටන වයස නෙවෙ මේක...බිමට අඩිය තිබ්බම පොලවෙ මඩ..ඒකට මොකද අහස අල්ලන්න උඹ.....

මං ගැස්සුවා...මෙච්චර වෙලාම කෙකරබාපු සැලලිහිනියා ඒකට විතරක් ගොත ගහනකොට මං ඌට අත දිගෑරලම ඩෑස් එකක් දීලා නිකමට අනිත් පැත්ත බලනකොට ඩිපූටියා මා දිහා බලන් දත්මිටි කාගන උන්නා මං ඉක්මනට අරූගෙ පිට අතගෑවා.....

මේක හරි මගුලක් උනානෙ....!

ඉවරද දැන් ...

ඔව්...ඉවරයි නිර්වාන් .....

එතකොට තමුන්...

මාත් ඉවරයි ශෙනිරු ....

ම්න්....

ම්න්...

මේකයි ශෙනිරු .....මං හිතනවා.....මායි චූටියි කියපු දේවල් වැරදි කියලා ....

......

......

ඔව්....අපි දෙන්නා වැරදි..නොසෑහෙන්න වැරදි...ශෙනිරු.....

අපේ ලොකූ ඔයාට කියපු කරපුවට වගේම ....

ඒ වගේම නිර්වාන් ....අපේ චූටිත් ඔයාට කියපු කරපුවට.....අපි දෙන්නම සමාව ඉල්ලනවා .....

ම්ම්...ඔව්....සමාව ඉල්ලනවා .....අදින් පස්සෙ අපි ඔයාලව දන්නෙත් නෑ....ඔයාලා අපිව දන්නෙත් නෑ...නේද ලොකූ...

ඔව්.....ශෙනිරු ....කුපාඩියා කිව්වට සමාවෙන්න....මං හිතනවා....අපි හින්දා ඔයාගෙ බැජ් එක ගලවන්න ඕන් නෑ කියලා ... ඒ වගේම ....ඔයාලා අපෙන් අහපු දේට උනත් දෙන්න තියෙන්නෙ අපි දෙන්නම කැමති නෑ කියලා නේද චූටි....අපි ආවෙ ඉගන ගන්න මිසක් මගුල් නටන්න නෙවෙ නැද්ද චූටි.....

DEFINITELY ...මගුල් නටන්න නෙවෙ.....ඔව්වට හා කියලා විදුහල් මාතාව කම්පාවෙයි...

ඌප්ස්.....කුමක් හෝ වැරදීමක් වත් උනාදෝ.....???

මං කටට අත තියා ගත්තා .....උන් දෙන්නගෙන් ඈත් වෙලා කුටු කුටු ගාපු අපි දෙන්නා ආයමත් අහංකාර අයියා මල්ලි ගාවට ඇවිත් පුරුදු උන විදිහටම සමාව ඉල්ලනකොට මගෙ අතින් අන්තිම හරිය පෝඩ්ඩක් අලවෙලා ගියා නිර්වානයා ඇහිබැමක් උඩ ඇරියා ...ඩිපූටියත් මට රැව්වා...හරියටම මේ ඔක්කොටම මුල "තෝ"තමා කියන්න වගෙ....

හරිම අගෙයි..හරිම අගෙයි අප්පච්චි ගෙ බාලයා අන්තීමට කරපු විනාසෙ හරිම අගෙයි...ප්‍රීති ප්‍රීති....

මං හිනා උනා.....හෙඩා වගේම ඩිෆියුටියා දිහා බලලා හිනා උනා නිකන් නෙවෙ...මගෙ දබර ඇගිලි දෙක එකට පූට්ටු කරන් තනි අන්ඩකින් හිටන් අනිත් කකුලෙ මහපට ඇගිල්ලෙන් බිම පුරාවටම බලි කුරුට්ටකුත් අදින ගමන්....

ඇයි යකො කැමති නැති හන්දනෙ කැමති නෑ කියන්නෙ.....

රවන්න එපා හෙඩ් පිපෙට් අයියෙ.....පුංචි පුංචි තිත් වැටිච්ච හා පැටියෙක් මං....අල්ල ගන්න එපා බබෝ අහිංසකයි මං...!!!

මං දෙපැත්තට වැනුනා...හෙඩා රවාගන ඉන්නවා වෙච්ච වැරද්ද වගගන්න මං පොඩ්ඩක් වැනිලා හිනා උනා ....

එච්චරයි දැන් අයියට වගේම මල්ලිට කියන්න තියෙන්නෙ.....සනාශ් ....එච්චරයිද ඔයාට කියන්න තියෙන්නෙ.....

ඔව් ශෙනිරු.....වෙච්ච දේ උනා....ආය ඒවා හදන්න බෑ...මං කැමතීයි අදින් පස්සෙ අද උනා වගේ දේවල් ඉස්සරහට නොකර ඉන්නවා නම්.....

ඇත්තට.....ම්ම්...මං TRY කරලා බලන්නම් සනාශ් ..මං කුපාඩියෙක්....එහෙමනේද....හරි මං කුපාඩියෙක් හැබැයි පිට උන්ට නෙවෙ.....අන්න ඒකත් මතක තියාගන්නවා.....හරි හරි මන් කුපාඩියෙක් ..මොකද ...මං ඔයාව කිස් කෙරුවා ...ඒක ඇත්ත...මං වැරදි ...මං ඒකත් පිලිගන්නවා...ඒත් ඔයා මාව reject කෙරුවා නම්...මට තිබුනා එහෙම නොකර ඉන්න....හැබැයි ....තමුන් කෙරුවෙත් මට තුරුල් උන එක.....හැබැයි කරන්ට් ආව ගමන් තමුන් කෑ ගැහුවා ...ම්ම්ම්.....එහෙම උනාම කව්ද කුපාඩියා ම්ම්ම්ම්...අනික...මමවත් නිර්වාන් වත් ඔච්චර ඉක්මනට උත්තරයක් ඉල්ලුවෙ නෑ.....ඒක මෙතනට කොහොමත් අදාල නෑ ....හරී...

මට කට උත්තර නැති උනා.....ඩිපූටියා ප්‍රශ්න කරන්න ගත්තෙ සැලලිහිනියගෙන් උනාට කටේ කෙල හිදිලා ගියෙ මගෙ වෙද්දි මං අපේ එකාව කෙනිත්තුවා....

චූටි පුතා......

ආවා....අවා....ලොකු නැන්දා ආවා....!!!

මං කෑ ගැහුවා .....දැනුන සතුටට මං උඩ පැනලම කෑ ගැහුවා ...

ලොකු නැන්දියේ...මේ එනවා....චූචි පුතා එනවෝ.....

මහ වැස්සෙම ආව අපේ ගැලවුම් කාරයව බලන්න මං එලියට දුවනකොට අරූව යක්කු දෙන්නා මැද තනි උනා මං පස්ස නොබලා එලියට දිව්වා ....

ලොකු නැන්දෙ....

මේක ගන්න .....

මාමයි නැන්දයි නාලා.....ඇයි ඉතින් කාර් බාර් නෑනෙ.....මධ්‍යම පාන්තිකයොනෙ ...බයික් විතරයි ...ජැකට් දාන් උන්නත් බාගෙට බාගයක් නාගන උන්න ලොකු නැන්දා මොකක්ද උරයක් මගෙ අතට දෙනකොට මං හිමීට නහය දාලා බැලුවා ...

ම්ම්....චයිනීස්.....යෝ....යෝ...!!

උරේ අස්සට නහය ඔබපු මං පස්වනක්.ප්‍රීතියෙන් පිනා යනකොට මං බලාගන ලොකු මාමා එහා පැත්තෙ නවත්තලා තිබ්බ හෙඩාගෙ බයික් එක දිහා බැලුවා ...හිටපන්කො හෙඩා....උඹට දැන් තමා හම්බෙන්නෙ...

කාගෙද චූටි මේක....

ආ....පො....කතා කරන්න එපා ලොකු මාමෙ කතා නම් කරන්න එපා....ඕක අර වසවර්ති මාරයගෙ....

හෙල්මට් එක ගලවපු ලොකු මාමා කොන්ඩෙ ගස ගස වසවර්ති මාරයා කව්ද අහනකොට හෙඩාව එලවන්න බලන් මං හිමීට ගින්න කනේ තියන්න ලන් උනා හැබැයි මම ගින්න අවුලන්න කලින් මගෙ දෛවෙ මට අදත් සරදම් කෙරුවා ....

අංකල් ...මේ වැස්සෙම...

ආ...මේ මේ ලමයනෙ...මං ඒත් ඇහුවා මේක කාගෙද කියලා .....

මගදි වැස්සට අහු උනානෙ අංකල් ඒකයි මෙහෙ ආවෙ....අංක්කල්ලට කරදරයක්ද මන්දා....

අයියො....මොනවද මේ අහන්නෙ....අපි නොදන්නවද ඔය ලමයිව පිස්සු කියවන්න එපා ලමයො....

ආ...ආ...ආ...හරිම අගෙයි.....හරීම අගෙයි...අප්පච්චි ගෙ මස්සිනා පොඩ්ඩ මේ පාන ආලවන්ත කම් නම් හරිම අගෙයි....ඊටත් හෙඩා...හෙඩාගෙ රංගන හැකියාව ....තියන බැහැපත් කම....

අමෝර්...අමෝර්...කෙලෙස් මරාදැමු තැනැත්තා ...පිච්චමල් බිසව්තමෝ ...බලාගන උඹව රහත් වෙයි...

මං රවාගන උන්නා...ලොකු මාමගෙ කටහඩේ දරු සෙනෙහස උතුරනකොට මායි ලොකුවයි ඉක්මනට මුලු ගැහිලා වෙන විපරියාසෙ බලන් උන්නා වගේම හෙඩා එක්ක ඩිපූටියා හරි හරියට ලොකු මාමා චක බක ගානකොට මගෙ ගාව උන්න සනාශ් මාව කෙනිත්තුවා ....

චූටියා

ම්න්න්....

ලොකු මාමා කොගෙට හරි මාරුවක් වත් ගන්න හිතන් ඉන්නවද ...

අනෙ මන්දා ...මටත් හිතෙන්නෙ ඒ වගෙ....යසයි ලොකු මාමගෙ යටිකූට්ටු හිත....නැත්තන් මොකටද මුන් දෙන්නා එක්ක ඔච්ච කියවන්නෙ...

ම්ම්ම්...මුන් දෙන්නට රෑට කන්නත් ඉන්න කියයිද .....?

නෑනෙ.....අනික කන්න එච්චර දේවල් නෑනෙ....උඹයි මායි....චූටි අයියයි නැන්දයි මාමයි බල්ලයි....එතනම හයයි...මුන් දෙන්නට දෙන්න මදි වෙයි.....

චූටී.....

ඔ...නැන්දෙ...

සාලෙ සෝෆාවෙ ඉදන් සංසාරගත සහෝදරකම් පෑව උන් වගෙ ලොකු මාමා අරුන් දෙන්නා එක්ක කතා කරනකොට මායි සැලලිහිනියයි කාමරෙ අස්සට රිංගලා දොර රෙද්ද අස්සෙන් එබි එබි උන් දෙන්නට කන්න ඉන්න කියයිද හිත හිත කම්පාවෙන්න ගත්තා ..ඒ අස්සෙන් ලොකු නැන්දා කෑ ගැහුවා .....මං කුසියට දිව්වා...

ඕ....ඇයි.....ඇයී ලොකු නැන්දේ...

කෝපි සුවදයි ...මුලු කුසියම හරිස්චන්ද්‍ර එකේ වැනිලා කෝපි සුවදයි ....කුසියට යන්නත් කලිම්ම කෝපි සුවද දැනුන මං කෝපි සුවදට ඉව අල්ල අල්ල යනකොට ඇදුමක් වත් මාරු නොකරපු ලොකු නැන්දා කෝපි හදනව...පව් අප්පා....අපි දෙන්න හන්දනෙ.....

යෝ...ඇයි අනේ මේ...ඇදිවත පිටිම්ම කෝපි හදන්නෙ...ඇරත් අපිට කෝපි හද හද ඉන්න වෙලෙ ඇදුමක් වත් මාරු කරගන්නකො සුතූ...

අහකට ගනින් අත....

ඌයි..ඉතින්.....අනින්නෙ.....

අනින්නෙ කියන්නෙ උඹලා දෙන්නගෙ අත් කොරවෙලාද ?අර ළමයි දෙන්නට කෝපි ටිකක් වත් හදලා දෙන්න බැරි තරමට උඹලට රාජකාරි නේ .....

ආ..ආ...ආ....කෝපි හදල දෙන්න කියන්නෙ මේ...ඒක හරි මගුලක්නෙ.....නිකන් ඉනන් ලොකු නැන්දෙ...අපේ අප්පච්චි අපිව එව්වෙ උන්ට කෝපි හදන්නද.....

අනේ..අනේ උඹ නම්...ලෙඩෙක්ට කෝපි ටිකක් දෙන්න උඹට අමාරුව නේ.....ඒ කොලුවා තකහනියෙ උඹට දෙන්න කියලා අච්චර දේවල් ගෙනල්ලා ඒත් උඹට බැරි උනා පෙනඩෝල් පෙත්තක් වත් දෙන්න...

මො....මොකක්..කාටද ලෙඩ...??

මාව අන්දුන්කුන්දුන් උනා...නොදන්න දේකට පිස්සට හැතැම්ම නෑ වගෙ ලොකු නැන්දා මට බැනබැන එහාමෙහා යනකොට මං කොළඹ කාක්කා වගේ කට ඇරන් උන්නා...ලෙඩලු...ලෙඩලු..කාටද ලෙඩ....මොකාටද ලෙඩ....උන් දෙන්නා හොදට උන්නනෙ....

ලොකු නැන්දෙ....

මොකද...

දැන් මොකාටද ලෙඩ....අපෙ ලොකූටද.....

ඌට ඇති ලෙඩක් නැ...අර නිර්වාන් ලමයට...ඒ ලමයගෙ ඔලුව රදේලු....

ආ...ආ...අමෝර්..අමෝර්....

අදින්න පුබ්බකට හිසේ රුජාව...ආව්....හ්..අනේ....ගහන්නෙ....

කට වහපන්....කට වහපන්..දෙයක් කිව්වොත් හරහටමයි...

ඇත්තනේ ..හොදට උන්නනෙ....ඔලුවෙ අමාරුව නම් ගෙදර යන්න එපැයිනෙ...ඇයි අනේ ඔයාටත් ලොකු සල්ලි කාර උන්ව තමයි...අපි ඉතින් දුප්පත්නෙ...අපිට සල්ලි නෑනෙ...අපේ අම්මා අප්පච්චිලා දුක් විදපූ උන්නෙ...අපිට ඉතින් කොහෙද පූසො මාලු...එකනෙ මේ වෙනස් කම්..නැත්...ඌයි....ඌයියා...කට ..අනේ.

මිරිකන්නෙ....

කට...මිරිකන්නෙ කියන්නෙ....උඹට නම් කටක් නෙවෙ තියෙන්නෙ.....ගනින් මේ කෝපි එක...ගිහින් දීපන් මේක.....

ආ..ආ..මේ....මේ...මං ලව්වා නම් කෝපි අද්දවන්න ලෑස්ති වෙන්න එපා...ලමාතැනී නෙමෑ මන් පැද්දි පැද්දි ගිහින් අල්ලන්න...ඇයි වදෙ මට බෑ...අරූට කියන්න.....

චූටි.....මගෙන් උඹ ගුටි කන්න තමයි.....ගිහින් දියන් මේ පෙනඩෝල් දෙක එක්ක.....

.හා...ගිහින් දෙන්නම්...ගිහින් දීලා මේක බීලා ඉක්මනට යන්න කියන්නම්....හරිනෙ...ඇයි වදේ .....

මම ගැස්සුවා.....ලොකු නැන්දා කම්මුලට අත ගහගන්නකොට ට්‍ර්‍රෙ එක ගත්තු මන් නිර්වානයව මස් කරන්න බලාගන සාලෙට යනකොට මේ කෝපි හදන බව දැන දැන..මේ කෝපි ගේන බව දැන දැන් මුන් දෙන්නා දැක්කෙ නෑ වගේ උන්නා.....අනේ තොගෙ මායම .....

ශෙනිරු ...මේ කෝපි එක...

ඔතනින් තියන්න....

නිර්වාන් ...මේ කෝපි එකයි පෙනඩෝලුයි...

සයාශ් තරහා නැතුව මට ඔය පෙනඩෝල් දෙක ගලවලා දෙන්න පුලුවන්ද ....

මාව පුපුරන්න ආවා....කෝපි එක ගන්න මුවාවෙන් මගෙ අත අල්ලපු හෙඩා පෙනඩෝල් දෙක ගලවල දෙන්න කියනකොට මම රවාගනම.පෙනඩෝල් දෙක ගලවලා උගෙ අල්ලෙන් තියනකොට මූ ආයමත් මගෙ ඇගිල්ලට උගෙ ඇගිල්ලකින් ටච් එකක් දැම්මා....මට කරන්ට් වැදුනා වගේ උනා.....

මං කියන්නෙ අංකල් .....ඔච්චර දුර ක්ලාස් යවන්න ඕන් නැ....අපරාදෙ අංකල් කාලෙ...බස් එකටම පැය ගානක්....පැය දෙකේ ක්ලාස් එකට බස් එකෙම පැයක්...අපරාදෙනෙ...අපේ අම්මිගෙ යාලුවෙක් ඉන්නවා එයා තමයි මටත් ක්ලාස් කරන්නෙ...අපේ ගෙදරමයි.....ඕනා නම් මට අහන්න පුලුවන් .....

පෙනඩෝල් දෙක දිපු මං ගිහින් ලොකුවා ගාවින් ඉදගන්නකොට මම අතට දුන්න හන්දද කොහෙද කෝපි එකට අතවත් නොගහපු ඩිපූටියා අනිත් පාර ලොකු මාමා දිහා බලලා පොර ටෝකක් දෙනකොට සැලලිහිනියට ශොට හම්බෙන්න යන්නෙ කියලා මට ඉවෙන් වගේ තේරෙද්දි මන් ඌට ඇගිල්ලෙන් ඇන්නා....

ආ...නෑ...ශෙනිරු අයියෙ...මං දැන් යන සර් ගෙ ක්ලාස් එක හොදයි....හුගාක් ළමයි ඒ සර් හොදයි කියනවා.....

කව්ද....ආනන්ද සර් නේද.....?

ඔව්....ආනන්ද සර් තමයි....

එයා ගැන තමයි මං මේ කියන්නෙ...ඔයා නිකන් බස් වල රස්තියාදු වෙන වෙලේ .....අනෙ මන්දා..මන්දන්නෙ නෑ...මං නිකන් ඒක කිව්වෙ..රස්තියාදුව හින්දා...අංකල්ලට කැමති දෙයක්....අපි කිව්වට බෑනෙ ....නේද නිර්වාන් ....මං කිව්වෙ...පැය දෙකක් වෙනුවට මට නම් පැය තුනක්ම කරනවා..එකම ගානට...අපරාදෙ ඉතින් ඒකයි .....මං දන්නෙ නෑ.....මෙයා අකමැති නම් බලකරලා බෑනෙ...නේද නිර්වාන් .....

ම්න්...ඒක ඇත්ත ....

ලොකූ.....

ලොකු මාමෙ...මං හිතන්නෙ අපි එහෙම කරදර කරන එක හොද නෑනෙ නේද. .....ඇරත් ඔය පැය මොකක්ද....අනික ඉතින් .....

ඔය පැය මොකක්ද නෙවෙ....පැය උනත් අපරාදෙ කියලා ඒ ළමයා කියන්නෙ....යන්න එන්න පැය පැය...එනකොට රෑවෙනවා...නෑ නැ...ඕන් නැ....ඉගන ගන්න එකා කොහෙ ගියත් ඉගන ගන්නවා.....,ශෙනිරු ඔයා අහල බලන්න ලමයො.....මුන් දෙන්නව මකවලා හරි හදන්න කියලා තමා දීලා ගියෙ.....

අ...ආ...හරිම අගෙයි...හරිම අගෙයි....අප්පච්චි ගෙ මස්සිනා පොඩ්ඩගෙ වග්‍ ප්‍රහාරෙ...නොම්බර දාහත....සලුපොට අහසට!!!!

චූටියා...මාව පුපුරන්න එන්නෙ....මාව අල්ලගනින්....මාව අල්ලගනින් යකෝ....මට අරුට අනින්නමයි හිතෙන්නෙ....මට අරූට අනින්නමයි හිතෙන්නෙ....මූ හදන්නෙ එක වැරද්දක් පිටින් දාල ඔක්කොම නැතිකරන්න...මූ හදන්නෙ මූට කැමති නෑ කිව්ව එකේ පලිය ගන්න .....මාමත් හා කිව්ව....මාමත් හා කිව්වා...මාව අල්ලගනින් චුටි...මාව තදිම්ම අල්ල ගනින්.....නැත්තන් මගෙ මේ පෙට්ටි කටින් ඌට මොනවා

හරියටම හරි....හරියටම හරි . .....සැලලිහිනියා ආයම පිහාටු පුම්බන්න එන්නෙ...කොච්චර ම්න්..ම්න්...ගෑවත් නරකාදි අයියයි මල්ලියි තැන බලලා ගානට ඇනේ ගහන් එනකොටම මගෙ ගාව උන්න ලොකුවා මට ඌව තදිම්ම අල්ලගන්න කියනවත් එක්කම ඊලග ශොට් එක මට කියන්නද කොහෙද හෙඩත් මට රතු එලියක් ඇල්ලුවා ...මාමගෙ උත්තරෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියපු ඩිපූටුයා ඒක්කම උගෙ ළදරු දසන් විදහගන මොනවදො කියනවා එක්කම මගෙ ගාව උන්න සැලලිහිනියා බිත්තර මග හිර උන එකා වගේ කෑගැහුවා....

හා අංකල් .....ඕනා නම්...අපි දෙන්නා යන ඉංග්ලිශ් .....

ඕන් නෑ.....හ්...කිව්වනෙ... ඕන නෑ ශෙනිරු ....ඕන නෑ....අපි දෙන්නා අපේ පාඩුවෙ අපේ ක්ලාස් එකට යන්නම්....ඔය දෙන්නා උඹල දෙන්නගෙ පාඩුවෙ.....යන මගුලක....පලයව්....අපි දෙන්නා....අපේ..... භ්භ්....භ්භ්....භ්භ්...භ්භ්...

හිහි...හිහි... ඉවරයි නේත....

වන් සෙකන්ඩ් සභාතමො....වන් සෙකන්ඩ් ....වරෙන්...ලොකු.....වරෙන්....!ලොකූ වරෙන් වරෙන්!!

ඒනම්...ගෞරවයෙන් බුදු සරනයි!!!

ගිහින් එන්නම්....ඈ....

Ferdeesha ❤️💚😘 ....

More Chapters