කල්පන.....
ඇයි ඇත්ත නෙවෙද ....උඹට කෙනෙක් ඉන්නවා....ඌ ඉන්නෙ කොහෙද කින්ද මන්ද දන්නෙ නෑ...හැබැයි ඌ ඉන්නවා...ඒක හන්දා සක්කරයගෙ පුතා වයිමට ගේ වෙන්න අදහසක් ඇවිත් උඹගෙන් යාලු වෙන්න ඇහුවත් උඹට කියන්න වෙන්නෙ උඹට ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවා කියලා මයුරයා.....ආදරේ වෙනයි වේසකම වෙනයි....
උඹට මොනවා හරි පෑගුනාද කල්පන...
මට මොනවත් පෑගුන් නෑ...මට බය හිතුනා උඹ ගොත ගගහා....වෙන මගුලක් කියයි කියලා....ඇරත් බැරි වෙලාවත් උඹගෙ හිත වෙනස් වෙලා මේකි එක්ක සෙට් උනොත් බුංජිය ආව දාට මං එපැයි උත්තර බදින්ඩ....මොකො ඌ ගිහින් දෙයියො ඉස්සරහා අඩා වැලපෙන්නද.....
ඌ කොහොම ගිහින් උඹ වෙන් එකෙක්ට හේත්තු වෙලා කියලා කියන්නද.... මයුරයා ...කතරගම දෙයියන්ටත් ගෑනු දෙන්නෙක් උන්නා.....
මං ලාවට මගෙ ඔලුව දෙපැත්තට හෙලෙව්වා..මං කියන්න ගියෙත් මට කෙනෙක් ඉන්නවා කියන්න තමයි...හැබැයි කල්පනයා වගේ ඇගට කඩන් පැනලා නෙවෙ...සුහදව...
කරන්න දෙයක් නෑ.....දැන් වෙච්ච දේ උනානෙ .....
එයා යන්න ගියා . ....මට කෙනෙක් ඉන්නවා කිව්වමත් මා දිහා බලලා හරි හීන් හිනාවක් දීලා එයා යන්න ගියා
ඒත් එයා එක දෙයක් දාලා ගියා ....ඒ එයාගෙ සුවදයි....හුරු නුහුරු ඇස් වල තිබුන බැල්මයි.....
මන්දා .....ඒ කෙල්ල කාගෙ කව්ද. .ඒත් ඒ ඇස්....ඒ ඇස් මම අදුනනවා අදුනනවා වගේ ...ඒත් මට අදුනනව මයි කියලා හරියටම ස්තීර කරගන්නත් බෑ වගෙ...
මන්දා...මේක මහ උභ්භතෝකෝටිකයක් .....ඒ සුවදයි... වැලද ගැන්ම ඇතුලෙ තිබුන උනුහුමයි.....හිනාවයි බැල්මයි....මාව නිකන් වංකගිරියක් අස්සෙ අතරමන් කෙරුවා වගේ...
මොන හැගීම දැනුනත් මගෙ හිතට සීයට කෝටි වාරයක් මට විශ්වාසයි මගෙ හිතෙ කෙල්ල ගැන නම් මෙලෝ හැහීමක් ඇති උනෙ නෑය කියලා...ඒත් මට ඒ සුවද එක්ක මොකක් හරි බැදීමක් තිබුනා කියලා දැනෙනකොට මං එලියටත් ගිහින් බලන් උන්නා....
ඒකි යනවා... කෙල්ලො අතර ජනප්‍රියම විලාසිතාවක් වෙච්ච කකුල් ලොකු කලිසමට ඇගේ ගානටම තිබුන කලු පාට හාරවලා අත කපාපු බ්ලවුස් එකක්ද මොකක්ද ඇදගන ඒකි යනවා...නිකන් නෙවෙ...නැලවි නැලවි...බොරු කියන්න ඕන නෑ...වයස කීය උනත් ඒකිට ගෑනු ඇගට තියෙන්න ඕන හැම ලාලිත්‍යම තිබුනා.....
මට නිකන් වත් නම අහගන්න් බැරි උනානෙ....
මයුර .....
උදාර....
මොනවද උඹ කල්පනා කරන්නෙ...අපෙ මෝඩයා මොනවා හරි උඹගෙ හිත රිදෙන කතාවක් කිව්වද.....
න්...නෑ නෑ ..එහෙම දෙයක් නෑ.....
නෑ එහෙම කිව්වා නම් කියපන්...මට පේන්නෙ ඕකට කාපුවල රහ අමතක වෙලා වගේ...
මං එකපාරම උදාරයා දිහා බැලුවා ..මං කටින් බය කෙරුවත් නිම්නට කවදාවත් අතක් උස්සලා තිබුන් නෑ....එකක්....මං කොහොමද බිදුන මලක් ආයම බිදින්නෙ...පොඩි කරාපු මලක් තවත් පොඩි කරන්නෙ.....
ඒත් කල්පනයගෙ හැටියට ඌ ගුටි නොකා උන්නා කියන්නත් බෑ...
උඹ කල්පනයට ගහනවද?
ලගකදි ඉදන් එයා මදි නොකියන්න කනවා...
...යකො උඹ මාර මිනිහෙක්නෙ ..උඹට පිස්සුද බන්...?කටින් ඕන දෙයක් අතින් පයින් ගහලා විකාරද...නරක තැනකට වැදුනොත් එහෙම මොකො උඹ ආය පන දෙන්ඩද විකාර කරන්ඩ එපා උදාර.....
නෑ මයුර උඹට වැරදුනා ..කවදාවත් මොනම දේකදි වත් කටින් ගහන එක තරන් නරක දෙයක් නෑ....උඹ කන රත් වෙන්න කනට දෙකක් දියන් වරුවක් යයි ඔය වේදනාව ඇරෙන්ඩ....ඒත් බැනපන්.....ඔය වේදනාව ජීවිතාන්තෙ දක්වා තියනවා..උඹ නිම්නවයි කල්පනවයි එක මට්ටමෙ මනින්ඩ එපා මයුර ....
නිම්න කියන්නෙ කොහොම බැලුවත් අහිසංක කොල්ලෙක්....ඌව නරක් කෙරුවා නම් කෙරුවෙ මගෙ එකා...ඇරත් උඹ හිතන්නෙ මම ඌට ගැහුවම අඩාගන මුල්ලකට වෙලා නොකා නොබී ඉදී කියලද අපො නෑ මයුරයා...මේ බලපන් ....ඕනම ප්‍රහාරෙකට ප්‍රතිපහරක් තිබුනා...
ටහික්.....යකො....මේ මොකද....
අත් මෝල් ගහෙන් කෙලල ඇරියේ..මැහුම් හතරයි .....
මං එහෙම්ම බෙල්ල හරවලා කල්පනයව හෙව්වා....ගිලිනවා ගිලිනවා.....රවිදුවා එක්ක මොන මොනාදෝ කිය කිය මිනිහා ගිලිනවා....මට හීල්ලුනා....කොන්ඩෙ බෙල්ල ගාවට වවන් උන්න උදාරයා නලලට දාන් උන්න කෙස් රොද අහක් කරලා උගෙ නලල පෙන්නපුවම මට නිම්නයගෙ අඩෝ වැඩියාව හොදයි කියලා හිතුනා...
කල්පනයා අත් මෝල් ගහකින් ගහලා.....
යකො මූ උඹට මෙහෙම ගහනවද...
ආ...හෝව්...හෝව්....ඔය ඔහෙ විතරයි ..බලපිය මගෙ පිට ..ඕකගෙ නියපොතු පාරවල්.....දත් පාරවල් තාම ඇති.....ඒ විතරක් නෙවෙ...මූ රන්ඩු උන හැමදාකම අප්පච්චි උන්න දිහාවට යනවා ගියහම එන්නෙ නෑ සති ගනන් ඉන්නවා....මමම එක්කන් එන්න යන්න ඕන...ඒ ගියහම අප්පච්චි ත් මට අල්ලන් දෙක තුනක් කන පුරවලා දුන්නම...කොහොමද ...
ට...මූ....
හෝව්....හෝව්...උඹ දන්නවා කුඩම්මගෙ විසිවෙනි උපන්දිනේට මූ ඵෝන් එකක් එව්ව...මෙච්චර කල් නයයි මුගටියයි වගේ උන්න ඒකි මුගෙ හොර ගෑනි වගේ....අම්මටත් බෑනා කිව්වොත් වෙන දෙයක් නෑ...උඹට මතකයිනෙ නිම්නයා ඉන්න කාලෙ උඹව බල්ලා මාර්ක් එකට වැටුනා....ආන් ඒ වගෙ....ඒ හන්දා කටින් කියල වැඩක් නෑ...මූට හෙට අනිද්දා බලලා ආය දෙක තුනක් දෙන්ඩ ඕන....
මං මගෙ නලලට අත ගහගත්තා .....උන්ගෙ පවුල් කෑමෙ රගෙ අහලා මට නිකන් පිට ගැස්ම වගේ....උදාරයගෙ නිකැලල් පිටෙන් එකයි දැන් කැලල්.....
මොන දේ උනත් මං ඌට පන ඇරලා.....උගෙ වෙනසකුත් නෑ....රන්ඩු සරුවල් නම් කොහෙත් තියනවා...ඒත් ආදරෙ අඩුවක් නැත්තන් එච්චරයි මයුර....මොන දේ උනත් මම උබට කියන්නෙ.....මේ අල්ලන් උන්න්න වගේ අල්ලන් ඉදින්....කවදාවත් හිතේ ආදරේ මැරෙන්ඩ දෙන්ඩ එපා මයුර .....මං දන්නවා.....උඹට මම මගෙ දේවල් කියනකොට දුකයි.....
.ඒත් එක පැත්තකින් උඹත් ආසයි එහෙම ජීවිතේකට..... මට බයයි මයුර...එන්න එන්න දවස් පහු වෙනකොට ...එන්න එන්න අවුරුදු පහු වෙනකොට ..උඹටත් රවිදුවටත් මේ ඉවසිල්ල අරහන් වෙලා මලමිනි වෙයි කියලා...
කැස්සක් උනත් ඉකියක් උනත් හිර කරගත්තම මිනිස්සු මැරෙන්නෙ පිට උගුරෙ ගිහිල්ලා.....දවසක ඉවසීමත් පිට උගුරෙ ගියෝතින්.....
නෑ....එහෙම වෙන්නෙ නෑ....අඩලා පලකුත් නෑ දොඩලා පලකුත් නෑ.....ඌටත් මටත් උරුම බලාගන ඉන්න එක...එයින් එහා මොකුත්ම නොකර බලාගන ඉන්න එක විතරයි උදාර ..අදද...හෙටද....දින නියමයක් නෑ....අනික....අම්මෙක්ට බොරු කියන්නත් බෑ....මං හිතන්නෙ නෑ.....මගෙ නිම්නගෙ අම්මා මට බොරු පොරොන්දුවක් දුන්නා කියලා ....
මිනිස්සුන්ට ඒ තරමට ආත්මාර්තකාමී වෙන්න බෑ උදාර...
හ්ම්....මට කියපන් උඹ මොනවද අහස පොලව ගැටලන්න වගේ අර කෙල්ල ගැන කල්පනා කෙරුවෙ ....
උදාර...මට ඒ කෙල්ල....මන්දා ..මට හරි අමුතුයි ...මන්දා...මට ඒක උඹට විස්තර කරන්න අමාරුයි .....මොකක් හරි දෙයක් තියනවා...ඒත්....ඒක මොකක්ද කියන්න ගලපගන්න බෑ මට..ඒ ඇස්....ඒ හිනාව....ඒ සුවද.....
මන්දා උදාර...
මං ඒ කෙල්ල ගැන....හැඩ රුව ගැන විස්තර කරනකොට උදාරයා මගෙ දිහාව බලාගන ඉදල ආයම පාර දිහා බලාගන කල්පනා කරන්න ගත්තා....
මයුර...
ම්න්....
මට මං කල්පනා කෙරුවෙ...මං දන්න දා ඉදන්...මට මතක ඇති දා ඉදන් උඹ කවදාවත් කෙල්ලෙක් ගැන තියා ක්‍රශ් එකක් ගැනවත් කියලා නෑ...කියලා නෑ කියන්නෙ...උඹට එහෙම කෙනෙක් උන්නෙ නෑ
උඹට පරන කෑල්ලක් වත් උන්නා නම් කියන්න තිබුනා මේ ඉන්නෙ ඒකි කියලා.....මොකද උඹ කියන විදිහට උඹට ඒකිව එච්චර හුරු නම්...උඹගෙ ක්‍රශ් එකක් උන්නා නම්...මේ ඒකි කියන්න තිබුනා.....
ඒත් නෑ...මං දන්න විදිහට ..මයුර උඹට එක දශමෙකින් වත් ළඟ කෙනෙක් උන්නා නම් එකම එකයි උන්නෙ...
මාව රත් වෙලා ගියා...කොටින්ම මගෙ කනුත් එක්ක රත් උනා.....දෙයියනේ ...උදාරයා මොනවද මේ කියන්න හදන්නෙ...මං එක පාරම උදාර දිහාත් ඌ මගෙ දිහාත් බැලුවා...මොකද ඌවත් මං තරමටම ශොක් වෙලා තිබුනා...
මයුරයා....උඹ....මේ හුරුයි...නුහුරුයි ගාන්නෙ.....
මේ ආවෙ....නිම්නද උදාර??????
....!!!
ඔව්....මේ ආවෙ අක්කා....උදාර මට ඒක දැනෙනවා...උදාරයා...අනෙ බන් ඒ සුවද .. ඒ හිනාව....ඒ ඇස්...යකො...ඒ ආවෙ....
මට නිකන් කලන්තෙට වගේ.....හුරුයි නුහුරුයි ගාපු හැගීම් හිමි හිමීට ලෙහාගන...ලෙහාගන යනකොට මට කෙල්ලගෙ කතාව ආය මතක් උනා...
උදාරයා....උදාරයා...මට ඇහුනා...අඩෙ මට ඇහුනා....
මොනාද...මොනාද උඹට මොනාද ඇහුනෙ කියපන්.....මොනාද උඹට ඇහුනෙ....
මයුරයා....
මයුර...
රවිදු....රවිදු...මං හිතන්නෙ..මං හිතන්නෙ රවිදු...කාලෙ හරි....උන් ඇවිදිල්ලා....අනෙ උන් ඇවිත් රවිදු.....කල්පනයා .....ඒ ඇවිත් තියෙන්නෙ අක්කා...යකො...
අ..අක්කා...උඹ කියන්නෙ..මේ....අපෙ අක්කා...මේ බුංජි අක්කා.....අනේ සෙනේ...කල්පියා වැරද්දක් තමා කෙරුවා....මං මූට කොල්ලෙක් ඉන්නවා කිව්වා..!!
මට නිකන් පිස්සු හැදෙන්න වගේ ආවා...අඩන්නද...හිනා වෙන්නද....කියල හිතා ගන්න බැරි මොහොතක මං ඇහුන දේ උදාරයට කියන්න කලියෙන් අපි ගාවට දුවන් ආව රවිදුවව තද කරලම බදාගත්තා අනේ රවිදු උන් ඇවිදින්...උන් ඇවිදින් කියකිය මං ඌව මිරිකගන්නකොට මෙච්චර කලෙකට අලු පාට මූනක් තිබුන රවිදුගෙ කම්මුල් බලාගන ඉන්නකොට රෝස පාට උනා.....
...මයුර....මයුර උඹ කියන්නෙ....උඹගෙන් කෝපි එකක්....ඉල්ලන් ආවෙ.....අක්කද....නිම්නගෙ...මේ අපේ නිම්නගෙ....
අනෙ ඔව් බන්.....ඇයි බන්...අනේ ඇයි යකො මට හොයා ගන්න බැරි උනේ.....එයා....එයා ඉල්ලුවෙ ...ඔව්මයි...මගෙ නිම්න වගෙමයි...ඉල්ලුවෙ සීනි අඩු කෝපි එකක්...එයා ඉල්ලුවෙ ..අනේ...මට....මට අඩාගන්න ඕන.....කදුලු නෑ උදාර...කෝ බන් මගෙ ඇස්වල කදුලු .....මගෙ ඇස් වේලිලාද.....???
එයා සීනි අඩු කෝපි එකක් ඉල්ලුවෙ....තව....තව.....උදාර...මං අහන් උන්නා..මට ඇහුනා....අනෙ බන් මට ඇහුනා එයා එයාගෙ මල්ලි කියලා කෙනෙක්ට කතා කෙරුවා....
තව...
මන්දා...මාව සම්පූරනම කන පිට ගැහුවා වගෙ මාව පොලවෙ ගැහුවා වගෙ...මගෙ කටට තත්පරයක් දෙකක් යනකොට බ්රේක් නැති උනා...මං කෑ ගැහුවා...සතුට වැඩි කමට රවිදුවව බදාගන උඩ පැන්නා...එයා නිම්නමයි කියලාමගෙ හිත කියනකොට එයාගෙ කතා බහ මතක් වෙනකොට මන් සන්තෝසෙ දරා ගන්න බැරිව කෑ ගැහුවා වගේම එක පාරම එක ප්‍රශ්නායක් මාව හිර කෙරුවා...
.ඒත්.....එයාට....තව මල්ලි කෙනෙක් උන්නෙ නෑ.....උදාර.....එයාට උන්නෙ මගෙ නිම්න විතරයි.....එයා කිව්වෙ.....එයා.....බන්....කිව්වෙ..චූටි....මල්ලි....කියලා....උදේට ඔෆිස්...එකේ..හවස....පොත් වල....එයා.....ඉන්නෙත්...ලන්කාවෙ...නෙවෙලු....බන්.....කමක්...නෑ...ලන්කාවෙ.නොවුනත්....ඒ නිම්න නම්....එයා කොහෙ හරි හුස්ම ගන්නවනෙ.....
ඒත්...තව....කෙනෙක්?
මගෙ මුන ආයම මලානික උනා...මට බය හිතුනා..අනේ මගෙ සතුට හේදිලා යයි කියලා මගෙ පපුව දැවිල්ල ගත්තා...උදාර...රවිදු....කල්පන...මේ හැමෝම.මගෙ දිහා බලන් ඉන්නවා...
මයුර...
උදාරයා ...මං....රැවටුනා....ද ?
උඹගෙ...අවසානම...ප්‍රාර්තනාව....මොකද මයුර....උඹ එදා...අවසානෙදිම ඉල්ලුවෙ මොකක්ද....පුලුවන් නම්.....ජනත්වත් දරාගන්න ඉඩක් දෙන්න කියලා නෙවෙද මයුර...???
ඔව්...මං ඉල්ලුවෙ.....මං ඉල්ලුවෙ.....උඹ කියන්නෙ...ඒ චූටි මල්ලි කියන්නෙ අපේ ජනාද....මෙ රවිදුවගෙ...ජනාද....ආ උදාර...උඹ කියන්නෙ.....ජනා.....?
ඒ කියන්නෙ මගෙ ජනත්.....මයුර....එයා චුටි මල්ලි කියල් කියන්නෙ...මගෙ ජනත්...ටද...බන්....
මං ආපහු දිව්වා...ඇතුලට දුවපු මං යතුර අරන් එලියට දිව්වා...
එයා මේ ළඟ ඇති....එයා අනිවාර්යයෙන්ම මේ ලග ඇති බන්...රවිදුවා වරෙන්.....රවිදුවා....
දොරවල් වැහිලි...ලයිට් නිවිලි මේ මොකුත් නෑ.....මන් දිව්වා.....ඒ ඉන්නෙ නිම්නා...ඒ ආවෙ නිම්නමයි කියන එක අපි හැමෝටම සීයට දාහක් විස්වාස වෙනකොට මන් කඩාගන බිදගන ගිහින් මගෙ කාර් එකට නැගලා රවිදුවට කෑ ගහනකොට මං බලාගන කල්පනයා දඩාන් බඩාන් ගාලා දොරවල් වහනවා...
මයුර උඹ ඔය පැත්තෙන් පලයන්...මන් මේ පැත්තෙ බලන්නම්...
හෝන් එක දෙපාරක් ගහපු උදාරය වමට ගියා...මං එහෙම්ම දකුනට හරවගත්තා.....
අනෙ මයුර උඹ උඹ ඔය කියන්නෙ ඇත්තම නේද ...ඒ ආවෙ අක්කා නම්....චූටි මල්ලි ගගා කියවන්න ඇත්තෙ ජනා ගැන නේද...
උඹගෙ අවසානම ප්‍රාර්තනාව ඒක නම්.....මයුර...ඒ තුන් දෙනාම ඉපදිලා තියෙන්නෙ එකම අම්මා ගාව.....
මට පිස්සු වගේ...මං එන්න කලිනුත් දලදාව වැදන් ආවෙ.....උඹ දන්නෙ නෑ මයුර.....මුලු නුවරම දැන් දම් පාටයි.....රොබරෝසියා පිපෙනවා හෝ ගාලා....
මට...මට කියන්න ඕනෙ...මට එයා හම්බ උනොත් කියන්න ඕන.....අවුරුදු ගානකට කලින්....එයයි මායි ඉදගන ගියපු යකඩ කද දැන් එලවන්නෙ මම කියලා.....උදේ හවා මං ඒ කොලපාට පාරෙ යනවා කියලා ....එයාට කියන්න ඕනෙ ඒ උමං පහු කරන් මං හැමදාම ඒ නුවරට යනවා කියලා ....
මයුර...උඹට මතකද ..නිම්න උඹගෙන් රතු මල් පිපුන ගහක් ගැන ඇහුවා.. කොලම කොල පාට හෙල් මැදින් පිපෙන රතු කැට මල් මොනවද ඇහුවා...තේ වතු පාටකරන් පිපෙන රතු කැට මොනවද ඇහුවා...
ඒ මැයි මාර.....!
මයුර ඒ රතු කැට මැයි මාර....
මට සතුටුයි.....අද උඹගෙ විතරක් නෙවෙ..මගෙත් උපන්දිනේ වගේ මයුර ...
මට දුක හිතුනා . රවිදු පව් කියලා හිතුනා...අවුරුදු ගානකට උඩදි ..හරියටම අවුරුදු එකොලහකට උඩදි වැහුන උගෙ හිනාවයි කතා පෙට්ටියයි දෙකම අද ආයම පන ගැහුවා වගෙම ඒ ඇස් සතුටට අඩන්න ගත්තා.....
උගෙ කතාව හරි.....අවසානම දවසෙ අපි හැමෝවම අරන් කන්ද උඩරටට ගියපු මැනිකෙව ආම්බාන් කරන්නෙ ඌ.....අවුරුදු එකොලහක්....හරියටම අවුරුදු එකොලහක්....ඌ යකඩ යකෙක් ආම්බාන් කරන්න සුදු ඇදුම් ඇන්දා...උගෙ අප්පච්චි වගේම ඌත් යකඩ යකෙක්ගෙ අයිතිකාරයෙක් උනා....
වාසනාවද ..වේදනාවද කියන්න තේරෙන්නෙ නෑ...ඌ උදේ හවහා ඒ පාරෙ යනවා....ඌ උදේ පාන්දර ඒ බිම් ගෙවල් පහුකරනවා..සරසවි උයන ගාවදි නවතිනවා.....එදා වගේමයි...ඒත්....ඌ ඉදගන උන්න ශීට් මාරු උනා....
රවිදුවා අඩනවා.....පිස්සුවෙන් වගේ කියවනවා...මගෙ හිත ඊට දෙවනි නෑ.....එයා මාව බදාගත්තා...බදාගන කිව්වෙ මගෙ හැම ප්රාර්තනාවක්ම ඉශ්ට වෙන්න කියලා ....
මට සතුටුයි...මගෙ පපුව පුපුරන්න තරන් සතුටුයි ...කෑ ගහලා අඩන්න තරම් සතුටුයි ...ඒත් මගෙ ඇස් වල කදුලු නාල මැරිලා ගිහිල්ල...මගෙ ඇස් කදුළු හලපු හැලිල්ලට අනෙ මට දැන් බේතකට වත් කදුලක් නැති උන.....
ජනා කියවනවා...මගෙ අස් දෙක පාර පුරාවටම දුවනවා...ආයමත් ඒ රූපෙ හොයනවා....
උඹ ඔය පැත්ත බලපන් මං මේ පැත්ත බලන්නම්.....
රවිදුවා...හම්බ උනාද...
නෑනෙ බන්....
මයුර...උඹලට හම්බ උනාද.....
නෑ...උඹලට හම්බ් උනාද....
නෑ....බන්....අපි හැම්.කඩයක් අස්සටමත් ගිහින් බැලුවා...අහන්න ඕන එවුන්ගෙන් ඇහුවා...
අපි නිම්නව දැක්කා කියන්නෙ ...අපිට කලින් අර්ව් කොලු බාගෙ අනිවාර්යයෙන්ම නිම්නව දකින්න ඇති....එක්කො අපි එයාට ගමුද....
මගෙ ගාවට ආව් රවිදුවා නිම්නගෙ කෙල්ලට ගමුද අහනවා....සධීරා....ජනත්ගෙ සිහියෙන් ඉදලම ඌට මතක නැ...සදීරා රට ගිහින් දැන් අවුරුදු ගානක්.....ඉන්න තැනක් වත් නෑ...නම්බරයක් වත් මෙ මොකුත් නෑ...
කිව්වට විස්වාස කරන්න....හෝරා ගානක්ම අපි එයාව හෙව්වා ...කකුක් කඩිත්තුව අල්ලනකම්ම මහපාර දිගෙ එහා මෙහා ගියා...මුනට හම්බෙන හැම කෙනාගෙම්ම හැඩ රුව කියල ඇහුවා....
ඒත් නෑ....
අපිට ලැබුන හැම උත්තරේම ඍණ වෙනකොට මං හරි අසරන විදිහට මගෙ කාර් එකට වාරු උනා....
ලගට ඇවිදින් මග ඇරුනා.....
එයා ආය හෙට එයිද....
නම්බර් එක ඉල්ලන් ගියා වගෙ කෝල් කරයිද ?
මගෙ හිත අස්සෙ දාහක් ප්‍රශ්න කැරකෙනකොට මන් ආයම කාර් එකට නැග්ගා...
වරෙල්ලා යන්න....
කමනේ.....හ්....රොහානයෝ......මෙ කල්පියා ආවා......කම.....නේ....හ්...ඔයාලගෙ කලපි පුතා ආවා....කොල්ලගෙ ජ්ම්ම දිනේට ආවෝ....
කල්පනයා....අම්මට සිරි බොසා මු යකො සුදුත් වෙලාද මන්දා ....කමනී....කමනි...මේ අපෙ එකාගෙ වල්ග ටික ඇවිල්ලා
අපි හැමොම ආයම ගෙදර ආවා...නිම්නව හම්බුනා කියන සතුටට වඩා එයාව මග ඇරුනා කියන වේදනාව මාව මිරිකගන්නකොට මන් එහෙම්ම සාලේ සෝෆාවට වැටෙනකොට අවුරුදු ගානකින් ආයම හම්බ උන කල්පනයලා මගෙ අම්මා අප්පච්චි එක්ක කියවන්න ගත්තා....
ඇත්තටම උන් කියවනවා නෙවෙ උන් කෑ ගහනවා...මමයි රවිදුවයි ඔහෙ බලන් උන්නා...දුක් වෙන කාරනාව කෙසෙ වෙතත් සතුටු වෙන්න තිබුන කාරනාව ප්‍රභල උනත් මන්දා...මටවත් රවිදුවට වත් හිතක් තිබුන් නෑ....
ඒක කියන්න අමාරු වේදනාවක්.....ඒ වේදනාව මං හිතන්නෙ තේරුම් ගන්න පුලුවන් ජගතෙක් මේ ලෝකෙ කොහෙ හරි උන්න නම්...ඒ මම වගේම....රවිදු වගේම අවුරුදු ගානක් බලන් ඉදලා ඉදලා අවසානම තත්පරේදි අතට ගත්තු එක කටට දාගන්න වරම් නැති උන මිනිස්සු...
ඉදගනියව් ඉදගනියව්.....කල්පනයා දැන් මට මොනාද ගෙනාවෙ රොහාන් රොහාන් ගාගන ආවා...තොපි ඒ අවුරුදු ගානටම නිකන් කාපුවගෙ බිල හැදුවොත් ඩුබයි ඔටුවො පට්ටියක් ගන්න පුලුවන් සල්ලි...ම්
යෝ....රොහා....න්න්න්...කලබලේනෙ.....සැර වැඩි හොද බඩු ඩිකියෙ තියනවා.....
හ්ම්...හ්ම්....කොල්ලගෙ ජම්මෙ හන්දා උඹලා හීනියට අල්ලන්ඩ නම් යන්නෙ..මේ රොහාන් අයියටත් ඉඩක් තියපන්...
රොහාන් මේ.....මොලෙ හොද නැද්ද බේත් බිබී අරක්කු පැලෙන්ඩ කල්පනයා...ආව දාම උඹ මගෙන් ගුටි කන්ඩද හදන්නෙ ආ...
යෝ...කමනී.....ජූන්ඩියක් කට ගෑවට කාරි නෑ අනෙ.....අනික අපි ආව සතුට වත් සමරන්නෙ නැද්ද
නැ....නෑ.....උඹල බොන්ඩ බැරි නම් නාපල්ලා....කොල්ලගෙ අප්පච්චි ට නොදි.....නැත්තන් තොපි ඔක්කොමව දැන්ම එලෝනවා...
.
උන් බොන්ඩ හදන්නෙ....මං දන්නවා...දුකට සතුටට...මේ ඔක්කොටම අල්ලලා උන් බොන්ඩ හදන්නෙ...සතුටට බොනවට වඩා මට ඕනෙ මේ වේදනාව අමතක වෙන්ඩ බොන්ඩ.....ඒත්..හෙට උදේ ඉර පායනකොට හැමදේම අමතක කරල හරි කෙලින් හිටගන ආයම වැඩට යන්න .....
මං මෙච්චර කලුත් නොවැටි උන්නා...මං මෙච්චර කලුත් නාස්ති නොවී උන්නා...
ඇත්ත නූලෙන් මට හැම දේම අතඇරුනා....ඒ කියලා මට අඩාගන බීගන වැලලෙන්ඩ පුලුවන්ද ....? එතකොට මගෙ අවුරුදු එකොලහක මහන්සියට මොකද වෙන්නෙ.....
මං ආයම කඩා වැටුනොත්.....මගෙ ගාවට එන්න ඉන්න එයාට මොනවද හිතෙන්නෙ. ...එයා කවදාවත් මට කිව්වෙ නෑ අනූ මම නැති දා උඹත් නාස්ති වෙයන් කියලා...එයා කිව්වෙ නෑ..අනූ මම මැරුනම උඹත් මැරියන් කියලා .....එයා මට කිව්වෙ එක දෙයයි...සුදු මල්ලි...ජීවිතෙ මං නැති තැන අමාරුයි...උඹට රිදෙයි...ඒත් කවදාවත් අතාරින්න එපා මං උඹගෙ හිත අස්සෙ හැමදාම ඉන්නවා කියලා .....
ඉතින්...එහෙම ප්‍රවේසමින් ඉන්න කියලා ගිය මගෙ ආදරේට මම කොහොමද මාව පිස්සෙක් කරල බාර දෙන්නෙ.....
මට රිදෙනවා..දරාගන්න අමාරු තරමට රිදෙනවා...ඒත් එයා ආදරේ කරපු සුදු මල්ලිව නාස්ති කරලා ඒ අත්වලට දෙන්න මට හයියක් නෑ....
ජීවිතේ ෆේල් කරගත්තු මනුස්සයෙක් විදිහට මට එයා ගාවට යන්න හයියක් නෑ....
දවස කවද උනත් මට ඕනෙ උඹ නැතුව උඹ එක්ක මං ජීවිතේ දින්නා කියන ගමන් ඒ අත් වලට වැටිලා මගෙ හැම වේදනාවක්ම එක හුස්මකින් පිට කරලා ආදරෙන් ජීවිතේ පටන් ගන්න....

ටකස් ගාන සද්දෙන් එකෙන් එක බීර බෝතල් වල පියන් ගැලවිලා ගියා.... ....කොකො කෝලා බෝතල් වල සද්දෙ .... විස්කි වල රටඅරක්කුවල සුවද නාස් කුහර පුච්චගන යන වෙලාවක අම්ම වෙනුවට කුසියට අදිපති උන මං තවත් බයිට් ප්ලේට් එකක් හදලා කල්පනයා අතේ යැව්වා.....
.සින්දුවක් ඉවර වෙනවා...ආයම එකක් පටන් ගන්නවා....මං හිතන්නෙ අවුරුදු එකොලහකට පස්සෙ මං අම්මගෙ අප්පච්චි ගෙ මූනෙ හිනාවක් දැක්කා....උපන්දිනයක් මංගල්ලයක්....අවුරුද්දක් නත්තලක්..මේ මොන දෙයක් වත් නැතුව මගෙ ගේ මේ අවුරුදු ගානටම තිබුනෙ තවමත් ඉලව් රකින ගමන් වෙනකොට මිත්‍ර වෙසින් මාව දරාගන්න ස්වර්ගෙන් බැහැපු එ දෙවිවරු ආයම මගෙ ගෙදරට හිනාව එක්කන් ඇවිදින් නෑරිය ඉලව්ව ඇරලා.දැම්මා....
ගලවපු නැති ගොබ් ආරුක්කු ගලවලා දැම්මා...
අවුරුදු ගානකට පස්සෙ මගෙ ගිටාර් එකේ තත් ආයම සුසර උනා....අප්පච්චි ගෙ රස නහර ආයම පන ගැහුවා....අම්මගෙ නීරස ජීවිතේ ආයම රස උනා.....එයා ගියත් හරි අම්මට ආසාවට වත් බනින්න තැනක් නැති වෙන තරමට මං පුදුමාකාර විදිහට තැම්පත් උනා...
ඇත්තටම ඒක තැම්පත් කමක් නෙවෙ....වේදනාවෙන් මිරිකිලා අවසානෙදි හැගීම් දැනිම් නැතුව ජීවත් වෙන ඇවිදින මලකදක්.....
කල්පනයා හන්දා අම්මගෙ කටට ආයම පන ආවා...
කොල්ලා උඹ මොනාද ඔය ආයම බදින්නෙ...වර වර ඔය ලිප ගාව ලැගන් උන්නා ඇති...ආන් මට බොන්න එපා කියපු දෝනියට වෙරි ගුට්
දෙයියනෙ අප්පච්චි ....අම්මට බොන්න දුන්නද??
කල්පනයා බියර් මූඩියක් දාලා දුන්නා...එක උගුරයි අම්මට වෙරි....ඔය කමක් නෑ කොල්ලා උඹගෙ අම්මත් අදයි හරියට හිනා වෙන්නෙ.. .ඕක දාල වරෙන් දැන් ඇති .....
ම්න්....
අප්පච්චි මාව අදිනවා...බදින්න ගත්තු සොසේජ් එක ආයම ෆ්‍රිජ් එකට දාපු මං ඉනට ගැටගහන් උන්න ඒප්‍රන් එක ගලවලා පරන පුරුද්දටම එතන තිබුන මස් කට්ටක් අරන් සුදු පුතාව හොයනකොට පැත්තක තිබුන උගෙ හිස් පිගාණ දැකපු මගෙ පපුව හෝස් ගාලා ගියා.. මට අමතක උනා...නිම්න වගේම එයත් අපිව දාලා ගිහින් කියන දේ අමතක උනා...
අප්පච්චි .....
ඇයි.....
අප්පච්චි අපි අම්මට බලුපැටියෙක් ගෙනත් දෙමුද...?
.........
අම්මට තනි ඇති...මමත් ගියහම..අප්පච්චි ත් එහෙට මෙහෙට උනහම අම්මට පාලු ඇති.....උන්ට උත්තර බදින්න බැරි උනත්.....උන් හැමදාම අම්මා කියන දේ අහන් ඉන්නවා....වල්ගෙ වනනවා...ඔලුව තට්ටෙ කරන් හිනා වෙනවා.....කොහෙ හරි ගියොත් ගිහින් එනකම්ම බලන් ඉන්නවා....
අපි නොදන්නවා උනාට...අම්මගෙ ජීවිතෙන් බාගයක්ම පාලු කැපුවෙ ඌ අප්පච්චි .....
....හ්ම්...උඹගෙ කැමැත්තක් මයුර....එතකොට උඹ?
.........
ඇත්තද අර උදාර කොල්ලා කියන කතාව....ඇයි උඹට අදුනගන්න බැරි උනේ....?
......මට අතට ලැබිලත් ආයම අතැරුනා අප්පච්චි ...
හ්ම්...අතට ලැබිලා අතෑරුනා කියලා උඹ හිත රිදවගන්න එපා පුතෙ.....ඒකෙන් කියන්නෙ.....ඌ කොතනක හරි ජීවත් වෙනවා කියන එක.....උඹ මේ අවුරුදු එකොල ජීවත් උනෙ ඌ මේ ලෝකෙ ඉන්නවද කියන්නවත් දන්නෙ නැතුව.....පුතේ....අද උඹගෙ උපන්දිනෙ.....ඔය තියෙන්නෙ දෙවියො උඹට එවාපු තෑග්ගක්.....මයුර ජීවිතේ කවදාවත් විස්වාස කරන එකයි...බලාපොරොත්තු තියා ගන්න එකයි මොනම වෙලාවක වත් නැති කරගන්න එපා....විශ්වාසය කියන්නෙම පහනක්....විස්වාසයක් නැති ජීවීතෙම අදුරුයි ....කවදාවත් ඒ පහන නිවා ගන්ඩ එපා...එච්චරයි .....දැන් වරෙන් යන්න...
අඩන්න හේතු දාහක් තිබ්බත් උඹට හිනා වෙන්න හේතුවක් තියනවා මයුර....වරෙන්...උඹට අම්මට බල්ලෙක් ගෙනත් දෙන්න ඕනා නම් ගෙනත් දියන්...හැබැයි උබගෙ අප්පච්චි ට පුටුවෙ නිදියන්ඩ වෙන ජාතියෙ බල්ලෙක් නැතුව.....මොකද උඹලගෙ අම්මා ඔවුන්ව ඇදටත් ගන්නවා...අරගත්තම මම යන්ඩ ඕනෙ පුටු ගානෙ ලගින්ඩ.....
මම හිනා උනා....ඇත්ත...උන්ගෙ නොදරු කාලෙම.ගෙවෙන්නෙ අම්මගෙ උනුසුම මැද..වැරද්දක් නෑ...උන් මගෙ අම්මව උන්ගෙ අම්මා කියල හිතන එක.....
මංගෝ....කළු නැන්දේ.....
මොකෝ....මේ පැත්තෙ....
හැන්දෑ යාමෙ බලා...
ගෙදරින්....පැනගත්තෙ....
මංගො නැන්දගෙ දුව
අංගො කුමාරි
ගිය සුමනෙ පැනලා ගිහිල්ලා....
හා..හා....
එකම සාජ්ජයයි....මේ යන්නෙ කීවෙනි කනිසමද මන්දා.....කල්පනයා හන්දා නිස්කාරනෙ වෙරි උන අම්මා අප්පච්චි එක්ක නිදාගන්ඩ ගිහිනුත් හෝරා ගානක් පහු වෙනකොට සාජ්ජෙ අහවර වෙන ලකුනු දැකපු මං ගිහින් මගෙ ඇදට වන රෙද්දක් දැම්මා.....
..අවුරුදු ගානකින් ආයමත් අපි හතරම නේ හරස් ඇදෙ....
මයුරයා.....ආ...ආදරෙයි ....හුත්තො...ඔක්කොටම ආදරෙයි ....
කල්පන.....
අතෑරපන් ....ස්..සෙනෙ....අතෑරපන්.....
මුන්....ඔක්කොම....හැදුනෙ...යකො.මගෙ අත්...වල...
කල්පනයා...
ඔන්න ඕකව ඇදට දාපන් මයුර රවිදුවා කබරයා දානවා
කල්පන වරෙන්....වරෙන්.....
මට....මට අද....උඹ ගාව බුදියන්ඩ ඕනෙ.....හරි...කල්පනයා....අද බුදියන්නෙ....මයුරයා ගාව...අරූ....උඹ මගෙ එකා.....ආදරෙයි ඈ....ආදරෙයි ....සුබෝපන්දිනයක්...මයෙ....වේස...කොල්ලට...උඹට....හරි...යනවා....මයින්ද....මාත්තයා....පල්ලයි ...උඹට....හරි යනවා .....පාලුයි යකෝ....ඌ නැතුව.....මිස්...උනා...නිම්නයා ...
පොඩි.....පගයා...
..උඹ....මයෙ කොල්ලට....වද...දෙනවා..කැරි...කොල්ලා.....මගෙ...මයුරයා...යකො....හොද..කොල්ලා.....ඌ පව් ...බලන් ඉන්නවා....වරෙන්..බුංජියා...මට...දැන් මූව උඹට දෙන්න...ඕනෙ...මං....මූව..හැමදාම...බලාගන්ඩද....මයුර...යා...පව්.....ව...රෙ....න්.....ඉක්....හ්ම්...ම්ම්ම්ම්ම්ම්....
.කල්පනයට වෙරි.....කල්පනයට වෙරි කියන්නෙ වෙරි ගුඩ්.....එක පැත්තකින් වමනෙ දාන රවිදුවව උදාරයා ආන්බාන් කරන් එනකොට මං කල්පනයව උස්සලා ඇදට දැම්මා වගේම මා එක්ක බුදියන්ඩ ඕන කියපු කල්පනයා මාව ඇදලා අරන් බදාගන මගෙ මූන පුලුවන් තරන් ඉඹලා....මගෙ නිම්නටත් බැනලා අවසානෙදි මට ආදරෙයි කියලා නිදාගත්තා.....
.
උදාර එක කොනක...රවිදුවයි මායි මැද.....බීපු උන්ට නින්ද ගියාට මොකද උන් නින්දෙන් කියවන්න ගත්තා.....එලි වෙන්ඩ තව හෝරා කීයද.....
මං එහෙම්ම මගෙ ඇස් පියා ගත්තා...ඇස් පියන් වැහුවත් හරි...මට මතක් වෙන්නෙම එයාගෙ අක්කව.....
එයාගෙ අක්කා කියන්නෙම අලුත් බලාපොරොත්තුවක් .....
එයා ඉන්නවා කියන්න ඉගියක්...
මගෙ නිම්නගෙ අක්කෙ...උඹ හෙටත් එනවද???

"මයුර උඹ කොහෙද බන් ඉන්නෙ....?"
" උඹ කොහෙද යකො ඉන්නෙ.....මයුරයා....උඹ එන්නෙ නැද්ද.....?"
"මොන මගුලෙද යකො උඹ නිදි පැදුරටත් නොකිය ගියේ . "
" අර අම්මයි අප්පච්චි බය වෙලා....අද උපන්දිනෙ කියලා බලන්නෙ නෑ මයුර ඵෝන් එක ආන්ස්වර් කරපන්.....සෙනේටත් යකා ගිහින් ඉන්නෙ ආ...."
ඩින්...
ඩින්.....
ඩන්....
..මැසෙන්ජර් එකට තවත් මැසෙජ් එකක්...එකක් නෙවෙ කෝටියක්.....
ඒ ඔක්කොම කල්පනයගෙන්...
හරි....බය වෙන එක සාදාරනයි....මං ආවෙ නිදි පැදුරටත් නොකිය....මහ පොලවට තවම ඉර එලිය වත් වැටිලා නෑ හරියකට...
මං උන්නෙ මහ මුහුද දිහා බලාගන.....අවුරුදු ගානකට උඩදි එයා එයාගෙ පොතෙ ලිව්වා.....විවාහකයි කියලා වචනයක්...
හරියටම මේ තැන එතන.....ඒත් එදා තිබුන මල් තවමත් එහෙමයි...මේ අවුරුදු ගානටම මෙතන කීයක් ජාති නම් මල් පිපෙන්න ඇත්ද.....පර වෙන්න ඇතිද.....
එදා මහ මුහුදමයි...
එදා අහසමයි.....
හැමදේම එදා වගේමයි.....හැබැයි.....උඹ අඩුයි..අර අවුරුදු විසි පහෙ කොල්ලා අඩුයි.....
මන් එහෙම්ම එදා වගේම බිම ඉදගත්තා ...මේ උදෙම්ම කියලා නෑ.....ලිහිනින්ට උන්ගෙ රාජකාරි තිබුනා....මහ මුහුදට ගිලෙනවා....හොටෙන් මාලු අහුරක් අල්ල ගන්නවා ආපහු ආකාහෙට පියාඹනවා...
රැල්ල ගහනවා....ආපිට මුහුදට ඇදෙනවා... රැල්ල ඇවිදින් ගොඩට වදින වාරයක් ගානෙම කංසිංජිය උඩුහුලගෙ ගහන් ඇවිදින් මගෙ මූනෙ වදිනවා...
මන්දා ....මට කල්පනා කරන්නවත් දැන් දෙයක් ඉතුරු නෑ....මට කල්පනා කරන්නවත් දැන් පනක් නෑ...
අවුරුදු දාසයක්...?
මදිද මං අවුරුදු දාසයක් තිස්සෙ දැන් කල්පනා කරනවා මදිද මං දැන් බලන් ඉන්නවා....අක්කා ආව ආවමයි....එදයින් පස්සෙ මට අද වෙනකන් එයාව හම්බ උනෙ නෑ...මං බලන් උන්නා...අද එයි...හෙට එයි.....නෑ....
ඒත් නෑ.....ඒත් නෑ....තවම නෑ.....අදටත් නෑ.....
එයා ඇවිදින් මට බලාපොරොත්තු දීලා මගෙ පපුව ගිනිතියලා වහන් උනා.....
මං අදටත් කල්පනා කරනවා.....එයාගෙයි මගෙයි කතාව සුරංගන කතාවක් නොවුනෙ කියලා.....එහෙම උනා නම් මේ කතාව සතුටුන් ඉවර උනා කියල මට හිත හදාගන්න තිබුනා.....ඒ කතාව අස්සෙ මට හැමදාමත් ජීවත් වෙන්න තිබුනා....
අහම්බෙන් වගේ එයා මගෙ ජීවිතේට ඇවිදින්....මගෙ ආදරෙ හොරකම් කරන් හරියටම අදට අවුරුදු දාසයක් වෙනවා.....ඉතින් අවුරුදු දාසයක් මං තවම බලන් ඉන්නවා...
අවසානෙදි මං හතලිස් එක්වෙන ඉටිපන්දම නිවලා දැම්මා....
නිම්න....උඹගෙ සුදු මල්ලිට 41යි....
.උඹ නැතුව ජීවත් වෙලාම මං වයසයි.....
අවුරුදු දාසයක්....උඹ නැතුව උඹ එක්ක අවුරුදු දාසයක්....දැන් නම් හොදටම ඇති නිම්න...
ඊලග උපන්දිනෙදි මාව තනි නොකර ඉන්න වරෙන්.....

💐....ආයමත් එනකන් පරිස්සමින් ඉන්ඩො...
ආතරෙයි
මන් ජොබී....
Nedeesha ❤..