Cherreads

Chapter 76 - 76

මයුර.......මයුර...කොල්ලා උඹ තාම නිදිද....කමනී....මෙ කොල්ලා තාම බුදිනෙ....

ඔහෙ නිදාගත්ත දෙන් රොහාන් ඊයෙ ආවෙත් කීයටද....අනික අද නිවාඩු...ලමයට ඉන්න දවසෙ වත් නිදාගන්න දීලා මෙන්න මෙහෙ එනවා....

ළමයා...මූට දැන් තිස් හයක් කමනි මූට දැන් තිස් හයක්....අපරාදෙ මට දැන් තමයි හිතෙන්නෙ මූට අට පහ ජොබ් එකක් කරන්න පලයන් කිව්වා නම් හරි කියලා...මූ ඕක මත්තෙම නැහිලා නැහිලා කොයි වෙලාවෙ හරි....

රොහාන්!!!

හරි හරි...දෝනිට බොහෝම අමාරුයි ඇත්ත කියනකොට.....මයුර....කොල්ලා...නැගිටපන්...නැගිටලා කාපන්....කාල බුදියපන්.....

අප්...ප...ච්චි....

ඇයි උබ හෙලුවෙන්ද ඉන්නෙ...ආ?? හෙලුවෙන් උන්නත් කාලෙකින් අර සුවද ආවෙ නෑ...උඹට ලාදුරුද බන්....එක්කො කිරි එක තියලා වැල්පෙනල කැද එකක් හදන් එන්නද

මොනාද රොහාන් ඔය කියන කතා...මොන ලැජ්ජ නැති සවුත්තු කටක්ද මන්දා...

.හ්ම්..හ්ම්...ඒ කාලෙ නම්.....ඔහොම කිව්වෙ නෑ.....දැන් තමයි දෝනිට ලැජ්ජ....සුදු තරහා නැතුව වතුර එකක් ගේනවා මේ කොල්ලට කට හෝදගන්න.....හ්ම්..හ්ම්...නැකිටපිය....අද උඹගෙ ජන්ම දිනේ . ....මගෙ කොල්ලා.....මීට අවුරුදු තිස් හයකට කලින්...ආ...මාරවිල මහරෝහලේ...අමු හෙලුවෙන් උන්න හැටි තාමත් සිහිවෙ..... යෝ...උඹ නිකන් චූටි ඌරෙක් වගෙ....රෝස පාටයි ...හා..හා....කතා ඇති නැගිටපන් මයුර.....නැගිටලා මේක බීපන්කො.....

මං කොට්ටෙ අරන් මගෙ අත් දෙකම තියලා කන් දෙක වහගත්තා...මං හිතන්නෙ අප්පච්චි නෙවෙ මමයි අප්පච්චිට නිවාඩු දීලා වැරද්දක් කරගත්තෙ ....

හැමදාම මෙහෙමයි...හැමදාම මෙහෙමයි මගෙ නිවාඩු දවස කියන්නෙ දොලහ පහු වෙනකන් වත් නිදාගන්න දෙන්නෙ නැතිම දවස වෙනකොට අප්පච්චි අදත් වෙනදා වගේම මගෙ කිරි එක අරගන මාව ඇහැරවගන්න සන්නි දහ අටම නැටුවා....

.අවුරුදු තිස් හයක්...ඕකෙනුත් පහක් අම්මගෙ කිරි බීපු මම මේ ජීවිතේ ඉතුරු අවුරු ගානම හැමදාම උදේ කිරි එක බිව්වෙ අප්පච්චි ගෙ අතින්...කලාතුරකින් අම්මගෙන්.....

මට තිස් හයයිලු.....

අවුරුදු එකොලහක් ගෙවිලා......නිම්න....උඹ නැතුව මං අවුරුදු එකොලහක් ජීවත් වෙලා රත්තරන් . ....උඹගෙ සුදු මල්ලිට තිස් හයයිලු.....ඇහුනද....

මං එහෙම්ම නැගිටලා ඉදගත්තා...අප්පච්චි තවම ඇද ගාව....අපි තවම ජීවත් වෙන්නෙ අප්පච්චි ගෙ මහගෙදර ...මුලින් මුලින් අප්පච්චි ගෙ පැත්තෙ උන් ගෙට කුලල් කා ගත්තා උනත් සීයාගෙ අවසාන කාලෙ නැහීගන කැත කුනු අත ගෑවෙ හැම දේම කෙරුවෙ මගෙ අම්මා අප්පච්චි වෙනකොට ඔරලෝසුවෙ කටුවෙ කැරකෙන වේගෙත් එක්ක හුගක් දේවල් වෙනස් වෙලා ගියා....

මේ වලව්ව තවම එහෙම්මයි...ඇන්ටි ලෝකයක් උන බුරුත නැදුන් කලුවර කදන් රජකරාපු මේ ගෙදර පරන දේවල් හැමදේටම පන කවලා ආයම පරන සුදු පාට අහක් කරාලා අලුත් පාටක් දීලා වලව්වටත් මං ආයම පන දුන්නා...

හැම දේකටම පන ලැබුනා....ඒත්...මයුරට.....

පුතේ....

මං අප්පච්චි අතින් ගත්තු වතුර වීදුරුව අරන් ඇදෙන් බැස්සා....අඹ ගහ...සමන්පිච්ච වැල...අර තිබුන ඇන්තූරියම් යාය.....මේ හැම දේම එහෙම්මයි....හැබැයි...එක තැනක් හිස් වෙලා තිබුනා...

අම්මගෙ සුදු පුතා....දෙන්න ඕන හැම මතකයක්ම දීලා දීලා..දීලා.....අවසානෙදි ගිය වෙසක් මාසෙ ඌත් යන්න ගියා.....මහ ආත්මාර්තකාමී විදිහට ඌ යන්න ගියා....මාව අප්පච්චි ව අතාරින්න පුලුවන් උනා කියමු...ඌ කොහොමද මගෙ අම්මව අතාරින්න හිත හදා ගත්තෙ...

උගෙ ආදරේ....උගෙ සෙනෙහස ...ලැදි කම කොයි තරම්ද කියනවා නම්.....මගෙ අම්මට පුතෙක් වෙලා උන්න ඒක අවසානෙදි පන ටික අරින්නත් ආවෙ අම්මගෙ උකුලට වෙනකොට මං හිතුවා එදා රෑ නම් මගෙ අම්මත් මැරුනා කියලා ....මහ වේදනාවක්....

ආදරේ මවාපු එකා මහා ආත්මාර්තකාමී යෙක්...මරන වේදනාවෙ තරම අමු අමුවට උහුලපු මට අහිංසක ඇස් දෙකක් තෙත හොම්බක් එක්ක ආදරේ පිරුන හදවතක් තිබ්බ ඌ යන්න ගිය වේදනාව දරා ගන්න බැරි උනා....ඒත්.....කරුමෙ තරම කොයි තරම්ද කියනවා නම්...එදා වගේමයි....මගෙ ඇස් වලින් අදටත් කදුලක් වැටුන් නෑ.....

මගෙ ඇස් වල කදුලු නාලිකා මීට අවුරුදු එකොලහකින් සදහටම වැහිලා ගිහිල්ලා...

මං එහෙම්ම සුදු පුතාගෙ පාලුවට ගිය පුටුවෙ ඉදන් පැත්තක් බලාගන මලානික වෙලා හේ බාගන ඉන්න සුරංගයා දිහා බලන් කටට ගත්තු වතුර එකෙන් කට හෝදන් ජනෙල් කූරු අස්සෙන් එලියට විසි කෙරුවා....ඌත් තනි උනා....

හරියටම මං වගේම...

අප්පච්චි .....

උඹ කොහෙ වත් යනවද පුතේ ...

නෑ....

මං ඇවිදින් ආයම අප්පච්චි ගාව ඉදගත්තා....අවුරුදු එකොලහක්....හැපි බර්ත්ඩෙ සින්දු නෑ...කේක් නෑ.....පාටි බාටි මොකුත් නෑ....ඒ හැම දේම මං නැවැත්තුවා ........ඉස්සර ගෙදරට ගෙනත් අප්පච්චි එක්ක ශොට් එක ගත්ත මං අවසානෙටම බීපු දවස වත් මතක නෑ....

මගෙ ජීවිතේම දැන් දිය වෙන්නෙ අප්පච්චි ගෙන් අරගත්තු....මගෙ අත් වලින් පන ගත්ත අර හොටෙල් එකක් නොවෙන හොටෙල් එකට!!

නිකම්ම නිකන් බත් කඩයක් මේ එක රැයෙන් කනපිට ගහන්න මට බැරි උනත්...මේ අවුරුදු එකොලහ ඇතුලත මං මට ගේන්න පුලුවන් උපරිම තැනට මම හරි ආදරෙන් නම දුන්න සාම්ප්‍රදාය බිදපු බත් කඩේ ගෙනත් තිබුනා.....

මටම කියලා ස්ටාෆ් එකක් හදා ගන්න තැනට මං ඒ තැන අරන් ආවා....

මං කලිනුත් කිව්වා.....මං ඇවිදින් සම්ප්‍රදායෙන් බැට කාපු හිතකට අසීමාන්තිකව ආදරෙව් කරාපු... ඒ සම්ප්‍රදායම පාගන් සමතලා කරන් ඒ උඩින්ම ආපිට ජීවිතෙ පටන් ගත්ත මනුස්සයෙක්....

ඉතින්....මොකක්ද මගෙ ස්ටාෆ් ඓක ගැන හිතන්නෙ.....

ඔව්...මං ඇවිදින් හත් පාට හිත් වලට මග්ව් දොර ඇරපු මනුස්සයෙක්.....රස්සාවකට ගියත් මෙයා අරහෙමයි..මෙහෙයි කියල ලේබල් කරන රටක...අංගජාතකෙ දිග පලල..... කරන පොසිශන් එකේ හැඩ තල හොයන මනුස්සයො අස්සෙ තැලෙන හත් පාට හිත් වලට මං මගෙ දොර ඇරියා....ගේ ලෙස් ට්‍රාන්ස්....ඔය තුන් ජාතියම මගෙ ළඟ උන්නා...ඒත්....ලේබල් නෑ....

උන්නෙ හැමෝම මිනිස්සු . .. !

හැගීම්...

දැනීම්

ආසාවන්...

දුක

සතුට ....

ජිවිතේ විදින්න තියන ආසාව එක්ක උන් හැමෝම මිනිස්සු....

මගෙ ළඟ ලේබල් නෑ....කකුල් මැද බලලා උන්ගෙ ජාතකෙ තරම හොයන්නෙ නෑ....උන්ගෙ සතුට එක්ක උන් වැඩ කෙරුවා ...පඩියක් ගත්තා උන්ගෙ ලොකෙ අස්සෙ ජිවත් උනා...

ඉතින් මට ඒ සතුටත් ඇති ....මට ඒ පිනත් ඇති....මං උන්ගෙ ආදර කතා අහන් ඒවා බලන් මේ අවුරුදු එකොලහ හුස්ම ගත්තා ...

මට දැන් තිස් හයක්..... උඹ ජීවත් වෙනවා මං දන්නවා.....උඹ මේ ලෝකෙ කොහෙ හරි ජීවත් වෙනවා....උඹගෙ සුදු මල්ලිට තිස් හයක් කියන්නෙ...උඹට දැන් හතලිහ පැනලා මගෙ නිම්න.....

උඹගෙ නම මොකක්ද.....ගම කොහෙද ....උඹගෙ හැඩරුව මොකක්ද...මේ මොකුත් නොදැන මං තවමත් අපේ ආදරෙ...උඹ එනකන් මගෙ හිත අස්සෙ රැකන් හරි ප්‍රවේසමට ප්‍රවේසන් කරනවා නිම්න....

උඹට කවුරුත් මැසේජ් එකක් වත් දාල නැද්ද...

අප්පච්චි හදන් ඇවිත් තිබුන කිරි කෝපි එක උගුරෙන් උගුරට පල්ලම් බහිනකොට එයාගෙ හිනාවෙන් වැහිලා තිබුන හෝම් ස්ක්‍රින් එක දිහා බලාගන අප්පච්චි මය කාගෙන් වත් මැසෙජ් දාලා නැද්ද ඇහුවා...

නෑ.....

කිව්වත් වගේ...යාලුකම් හිතේ ශේශ උනා....අපි හදාගත්තු හතර ලෝක අස්සෙ අපි උන්නෙ හුස්ම ගන්නවත් නිදහසක් නැතිව වෙනකොට ....කල්පන උදරයා කෙසේ වෙතත් මමත් රවිදුත් හැම වේලාවෙම හුස්මක් ගන්නවත් ඉඩක් නැති වෙන්න වැඩ කෙරුවා..මොකද...

තනිවෙන හැම වෙලාවකම ශේශ උන මතක ඇවිදින් හිත පාරවන හන්දා ...හිත රිදවන වාරයක් පාසාම මාව අතීතෙ අස්සෙ අතරමන් වෙන හන්දා ... ...

මං කිරි කෝපි එකේ අවසානම උගුරත් බීලා අප්පච්චි අතට නොදී වෙනදා වගේ ගිහින් කෝප්පෙ හෝදලා එනකොට මගෙ අම්මා මගෙ නලල ඉඹලා මගෙ පුතාට තෙරුවන් සරනයි කියන එක විතරක් කියලා පැත්තකට උනා....අප්පච්චි ට නම් සුභ උපන්දියක් කියන්න හිත හදාගන්න බැරි උනා...

මොකද...එයා ගියත් හරි...මගෙ සුභ මුහුර්ත හැම දෙයක්ම නැත්තටම නැති උනා...ඉතින් කොහොම කියලා නම් සුභ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නද ...

කෝප්පෙ හෝදලා ආව මන් ආයම මගෙ ඵෝන් එක දිහා බැලුවා...ලොක් ස්ක්‍රින් එකෙ අම්මයි අප්පච්චි .....හෝම් ස්ක්‍රින් එකේ එයා....ඉතින් මොකකට වත් මැසේජ් එකක් ආවෙ නෑ කියලා දැකපු මං නාගන්න ගියා . නාගන ඇවිදින් ආයම නිදියන එක ඇරුනම වෙන කරන්න දෙයක් නෑ මට .....

නිම්න....උඹ එන්නෙමෙ නැද්ද මගෙ නිම්න....

මට වෙලාවකට හරි බය හිතෙනවා වස්තු...මං දැක්කා...එක තැනක මෙහෙම ලියවිලා තියනවා...සමහර ආදර් කතාවලට මතකයක් ඇර අනාගතයක් තිබුන් නෑය කියලා ....නෑ...එහෙම දෙයක් වෙනෙ නෑනේද නිම්න.....

වස්තු ...සමහර විට උඹ ඉන්නෙත් මේ අහල පහලකම වෙන්නත් පුලුවන් නේ නිම්න....

උඹගෙ අලුත් නම මොකක්ද ....

ඉස්සර වගේම උඹ තවම ලියනවද වස්තු . අක්කා....අම්මා හොදින්ද...?

වතුර මල යට හිට ගත්ත මන් එයා ඉන්නවයි කියලා මවාගන ප්‍රශ්න කෝටියක් විතර අහල වෙනදා වගේම මාවම සනසවගන්න තවත් උත්තර කෝටියක් විතර මමම මට බැදගත්තා...

මොනවා කරන්නද..... මන් එයා එනකන් බලන් ඉන්නවා ඇර.....

මං උඹව දරන් උන්නා.....

මං උඹව අහන් උන්නා...

රත්තරන් ...දවසක.....අහන් ඉන්න මනුස්සයටත් අහන්න ඉන්න කෙනෙක් ඕන වෙනවා නිම්න....දරන් ඉන්න මනුස්සයව උනත් දරන් ඉන්න කෙනෙක් ඕන...

හැබැයි ....මන් මොන දේ උනත් එක දෙයක් අදහනවා...

දවසක මටත් අනිවාර්යයෙන්ම ඉර පායයි කියලා නිම්න.....!

කොල්ලා .....මයුර.....උඹ නානවද....මේ කෝල් එකක්...

ඔලුවට හලා ගත්තු ශැම්පු අහුරෙ පෙන නහය කට පහු කරන් යනවා....එලියෙ ඉදන් අප්පච්චි කෑ ගහනවා...

කව්ද බලන්ඩ අප්පච්චි ...

වතුර සද්දෙ හන්දා නෑහෙන හන්දත්....බෙරිහන් දෙන්න බැරි හන්දත් මං වතුර වහල අප්පච්චි ට කව්ද බලන්න කිව්වා ...

මදුසංකයා...උඹ මොනවා හරි පොත් වගයක් ගෙන්නුවද...

ඔව්...ඇයි...

මේ අන්න ඒකෙ ඩිලිවරිය ඇවිල්ලාලු ...කොල්ලා අහනවා පාර්සල් ටික ඇතුලට දාන්ඩද නැත්තන් උඹ එනකන් එලියෙන් තියන් බලන් ඉන්ඩද කියලා ....

අප්පච්චි මදුසංකට ඕක අස්සෙන් දාලා දොර වහලා යන්න කියන්න මම යන්නම්....ඕක එනවා කිව්වෙ ලබන සතියෙනෙ?...

මන් ආයම වතුර එක ඇරියා .....

ඔය තියෙන්නෙ මං මගෙ ආදරේට දුන්න පොරොන්දුවක්....මේ යන්නෙ එයාගෙ නම පිටිපස්සෙන් මගෙ වාසගම එකතු වෙලා අලුතින් ආයම හුස්ම ගන්න පොත්වල හතර වෙනි රීප්‍රින්ට් එක...

ඒ හැම සතයක්ම ඉතිරි වෙනවා නිම්න....උඹගෙ පොතකින් ලැබෙන හැම සතයක්ම ඉතිරි වෙනවා....වෙන කවුරු හන්දා වත් නෙවෙ.....උඹලා වගෙ දේදුනු හිත් වෙනුවෙන් ...උඹ ජීවත් වෙන බව දන්නවා උනත්...මං තවටත් උඹට වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලා පින් දහම් කරනවා....උඹ වෙනුවෙන් මගෙ හිතේ උපන් ආදරේ ඒ තරම් බලවත් නිම්න....!

වස්තු....මම ගිහින් එන්නම්....ඔයාගෙ පොත් ටික ඇවිත්ලු....ඔයා දන්නවද....හැංගි හැංගි උනත් මිනිස්සු පාට හතෙ ආදර කතා දැන් කියවනවා නිම්න....

හදන්න බැරි උන් හැමදාම වෛරකරාවි....ඒත්....මං වගෙ උඹලව රකින්න කැපවෙන මනුස්සයෙක්, එකම එක මනුස්සයෙක් හරි ඔය පොතක් හන්දා ඉපදේවි ..... මං එනකන් පරිස්සමින් ඉන්න...

ආදරෙයි ඔයාට...

වරුවක් නාගන්නම් කියලා හිතුවත් විනාඩියට දෙකට නාගන ආව මං යන්න ලැහැස්ති වෙලා හැමදාම වගෙ යන තැන් ...එන වෙලාව ...මොකද කරන්නෙ මේ හැමදේම එයාට කියලා පරිස්සමින් ඉන්න ආදරෙයි කියලා එන්න හැරුනා....

හැබැයි ඒ එන්න හදනවත් එක්කම මම ආයම පාරක් මාව කන්නාඩියෙන් දැක්කා...

උඹගෙ කොලු ගතිය හැංගීගන යනවා මයුර!!

ගෙයින් එලි බැහැලා බයික් එක වෙනුවට ..මයුර කියන මනුස්සයා උන මං රෑ දවල් නොබලා වට්ටපු දහඩිය බින්දුවල වටිනා කමින් ගත්තු කාර් එකට නැගපු මං අදත් වෙනදා වගේම මගෙ තනිකම මකන්න....එයා ආසම කරන සින්දුව කියන්න නන්දසිරි මහත්තයට පණිවිඩයක් යැව්වා ....

...මේ....ප්‍රථම වසන්තයි.....

....එක පාරක් ....දෙපාරක් නෙවෙ....මේ අවුරුදු එකොලහටම මං මේ සින්දුව අහපු තරම දන්නෙ මමම විතරක් වෙනකොට මගෙ හුස්ම පවා ඒ සින්දුව ඇදින්නා...

පුදුමයි ....අවුරුදු එකොලහක් ගෙවිලත් මට ප්‍රතම වසන්තෙ නීරසවෙලා නෑ....

ඉතින් කොහොම කියලා නම් නීරස වෙන්නද...ප්‍රතම වසන්තෙ කියන්නෙම මගෙ ආදරේ වෙනකොට ...

*

*

කෝමේ කොල්ලා.....

එක්කො පොත් ටික දාලා යන්න ගිහින් වත්ද...යන්න ඇති....උන්ගෙ නිවාඩු දවසනෙ....වෙලහට ඕකා අර පොඩි කොල්ලව එක්කන් කොහෙ හරි යන්න ඇති ...

මන් ආවා.....ගෙදරින් ආව මම හරියටම උන්නෙ තට්ටු තුනට හදාපු lovely writer එක ඉස්සරහා ...

මුලින්ම තියෙන්නෙ කැෆෙ බාර් එක...සොෆ්ට් ඩ්‍රින්ක්....ඕන මගුලක්....!!

හැබැයි ....,

කෝපි සුවද එක්ක තව සුවද එක්ක තව සුවදක් තිබුනා...

වෙනමොකුත් නෙවෙ...පොත් සුවද.....

.....කෝපි එකක් බොන්න එන මනුස්සයෙක්ට මෙතනදි නොමිලෙ පොතක් කියවන්න අවස්තාවක් තිබුනා....

ඔව් මං ඇත්තටම එහෙම අවස්තාවක් දුන්නා....

තවත් තැනක....හත්පාට ආදර කතා පෝලිමක් පායලා තිබුනා....හැබැයි ඉතින්....මේවට නම් මට වටිනාකමක් දෙන්න වෙනවා...ඉතින් ඔයාට මේ දේදුනු ලෝකෙට එබෙන්න නම්...මට ගෙවන්න වෙනවා...මොකද .....ඒ ලෝකෙට ඇතුල් වෙන දොර මං නොමිලෙ ඇරියොත් අගයක් නැතිවෙනවා!

ගැරහුම් වැඩි වෙනවා....

හත්පාට කතා පෝලිමක..මුල්ම තීරුව වෙන් උනේම මගෙ ප්‍රේමවන්තයා නමින් වෙනකොට මං හැමදාම ඒ නම දිහා බලන් ඉන්නවා....

ඉතින්.....දෙවනි තට්ටුව කියන්නෙම ඔයාට බඩ කට පිරෙන්න ලෝස් නැතුව කන්න පුලුවන් තැනක් වෙනකොට ...තුන්වෙනි තට්ටුව කියන්නෙ ...ඔයාට හිත නිදහසේ බජව්වක් දාන්න පුලුවන් තැනක්....

ඉතින් එදා වගේමයි....මෙ තට්ටු තුන අස්සෙ එකකට එකක් තිබුනෙ මගෙ මතක වෙනකොට අවුරුදු එකොලහකට කලින් අරන්දුන්න මගෙ උපන්දින තෑග්ග තුන්වෙනි තට්ටුවෙ ඉදන් හැමදාම මං ඇවිදින් ප්‍රතම වසන්තෙට පාර කියනක් බලන් ඉන්නවා..!

.....මේ තියෙන්නෙ මගෙ වත්කම වස්තු....ඉන්න තැනකින් ඉක්මනට ඇවිදින් බලපන් නිම්න....!

සෑහෙන වෙලා කාර් එකේ ඉදන් මගෙ පරම නිදානෙගෙ ආදරේත්.....අප්පච්චි ගෙ අම්මගෙ මහන්සියත් සිහිවෙන්න හදාපු රෙස්ටුරන්ට් එක දිහා බලන් උන්න මං කාර් එකෙන් බැස්සා ...බැහැලා එහෙම්ම ඇතුලට ගියා.....මොකද ඒ වෙනකොටත් මදුසංක පොත් ටික ඇතුලට දාලා යන්න ගිහිල්ලා....

හැබැයි ඇතුලට ආව මට මගෙ යතුරවත් තියන්න හම්බුන් නෑ....නොහිතපු වෙලාවක ආව ඩෝන් ගාන සද්දෙකුත්.....කහ පාට සිල්වර් පාට දිලිසෙන කොල වරුසාවකුත් මගෙ ඉහට උඩින් වැස්සක් වැටෙන්නා හා සමානවම වැටෙනකොට මාව ගැස්සිලා ගියා....

සප්‍රා...යිස්!!

..ද්....දෙයියනෙ....උඹලා....

මට එච්චරයි කියන්න හම්බ උනේ.....අනෙ මට එච්චරම තමයි කියන්න හම්බ උනෙ.....මගෙ කකුල් වාරු නැතුව මම එහෙම්ම ඉදගත්තා .....

...happy birthday to.....you....

Happy birthday to ....

You.....

Happy ...birthday ...dear....මයුරයා....

Ha.....ppy.....birthday ....too.....yooooooooooouuuuuuwww!!....

යෝ....මයුරයා.....හැපි හෙලිකුට්ටමක් වේවා බොසා.....යෝ....වරවර....අප්පා උම්මියක් දෙන්ඩ.....මගෙ වේස කොල්ලට තිස් හයයි නේ...!!සෙනේ....ඔය කේක් එක ගෙනෙන් අඩෙ....

හැපි හෙලි කුට්ටමක් බොසා....!

....රවිදු ....උදාර....අඩෙ....උඹලා...මේ කල්පනයා ...මන්...මේ....මං මේ හීනයක්ද ....දකින්නෙ කියපල්ලා.....

පිස්ස්සුද බොසා ...අපි ආවා....උඹගෙ ජම්ම දිනේ අල්ලලා අපි ආවා..යෝ....මගෙ කොල්ලා ඇදිලා ගිහින් මදිවට කන්නාඩිත් දානවා....යෝහ්....පොඩ්ඩක් පන ඇතුව බදාගනින්කො....ඉස්සර වගේම වේසයි අප්පා.....

මන්දා....මට හිතා ගන්න බැරිව ගියා.....අඩන්නද....හිනාවෙන්නද මට හිතාගන්න බැරිව ගියා....අනෙ උන් ඇවිල්ලා....අතු බෙදුන පාරවල් ආය හා වෙලා...

සමහර විට...මට ඉර පායන්න ලගද දන්නෙත් නෑ...

සුභම සුභ උපන්දිනයක් වේවා මයුර....ඉතින්...උඹගෙ තනියට අපි ආයම ආවා!

💐......

More Chapters