Cherreads

Chapter 71 - 71

උ..දාර.....

මයුරයා උඹට මොකද අමාරුද...පොඩ්ඩක් නතර කරන්නද....

එපා...ගෙදරටම අල්ලපන්.....

මං උන්නෙ උදරයගෙ පිට මැදටම මගෙ මූන ඔබාගන....වෙරි බහිනවා .....හත්කඩකට ඔලුව පුපුරන්න එනවා....මගෙ දකුනු අතම ලේ වලින් රතු වෙලා...නිකන් නෙවෙ..අමු ලේ වලින්.....මේ තියෙන්නෙ යාළු කම වෙනුවෙන් මං දුන්න පොරොන්දුව ..සුදු රෙදි කඩක ඔතාගන මං මේ අරන් යන්නෙ එක බඩවැල කඩන් නාවත් ලේ ජාති වලින් වෙනස් උනත් සහෝදරයෙක් වෙන්ඩ ලේ ජාතිය එකම වෙන්න ඕන නෑය කියල මේ තාක් මට මගෙ පපුවට දැනෙන්න දුන්න....

මා එක්කම එකම වේදනාවකට වැටිලා සැනසීම හොයාගන උඩුගම් බලා පීනන එක මනුස්ස හදවතක උපන්දින තෑග්ග....

එලිවෙන්ඩ ලගයි.....ඇගම සීතලයි.......ජනත්ගෙ කදුලු වලින් තවමත් ඒ බාල්කෙ තෙතයි...උන් නොදැක්කට...උන්ට නොතේරුනාට උගෙ සුසුම් උගෙ කදුලු අදටත් ඒ කාමරේ ඇතුලෙමයි......

එදා ඒ බාල්කෙ අසරනයි....ඒත්...අද.....නෑ....අද එහෙම උන් නෑ...තමන්ම ජාතකෙ දුන්න තමන්ගෙ ලේ වලට තමන්ම දුන්න ඉරනම ගැන හෘද සාක්කියනඩු අහපු ඇහිල්ලට ඒ චූදිතයව බේරගන්න මං හිතන්නෙ අහල ගම් හතක නෙවෙ මේ ලෝකෙම ඉන්න පෙරකදෝරුවන්ව ගෙන්නුවත් අධිකරන තීන්දුවෙන් ගැලවීමක් නැති උනා....

අදත් ඒ බාල්කෙ බර උනා...නිකන් නෙවෙ...එදා වගේම අදත් ඒ බාල්කෙ රාත්තල් ගානකින් බර උනා....තමන්ම බාල්කෙට රෙද්ද ගැටගහන හැටි මම බලන් උන්නා.....උදාරයා බලන් උන්නා..ඒ විතරක් නෙවෙ බාල්කෙට යටින් ඉදන් තමන්ගෙ ගෙදර මුදුන් ලීය උනත් අප්පෙක්ගෙ අතින් හීනෙකින් වත් වෙන්න හොද නැහැයි කියලා දෙයක් සිද්ද උන මලවුන්ගෙ ලෝකෙ ඉදන් උණුකදුලු හලන ඒ මලගිය ඇත්තත් බලන් උන්නා...

හැබැයි....එදා වගේ නෙවෙ...අද තත්වෙ.....එදා මේ අහස පොලව නූහුලන අපරාදෙට බලෙන්ම උර තියාපු බාල්කෙ පවා අද සැන්සුම් සුසුම් හෙලුවා.....එදා ඉකි ගහපු බාල්කෙ පවා අද හිනා උනා....කොටින්ම වලාකුලු වලින් මූන වහන් කරගන්න ඕන කාරනාවක් උනත් හද පවා මේ මලගිය ඇත්තගෙ සාධාරනේ ඇස් පියන් නොගහා බලන් උන්නා....

ඔව්....ඒ ඇස් වලින් කදුලු වැටුනා....තමන්ට තමන්ව එපා වෙන තරමට තමන්ගෙම පව් කමාවෙන් බැට කාපු ජනාගෙ අප්පච්චි තමන්ටම ගහගත්තා....හිස කෙස් උගුල්ල ගත්තා.....සමාව ඉල්ලුවා...ඒත් සමාව....නෑ.....ඒ වචනෙ හිස් වචනයක් වෙන තරමට උගෙ පාප කර්මෙ ඉහල වෙනකොට ආදරයක් නොකර...ආදරයක් දැනුන වරදට මලගම් ගියපු තමන්ගෙ දරුවා හා සමානවම ඒ පව්කාරයා තමන්ගෙ රාත්තල් ගානක බර ඒ කඹේට දරා ගන්න දුන්නා....

එත් වෙනසක් තිබුනා.....කැඩෙන්න උගුරු ගැටයක් තිබුනත්.....එලි පනින්න දිවක් නැති උනා...සාප තියාපු කටට මොකටද දිවක්....

ඒ මගෙ අවසානම වචන ....උඹ මේක කරපන්මයි කියල මං තර්ජනේ නොකරත් මං බලන් උන්නා....ලේ පාට උන හීනි වෙච්ච් මගෙ ඇස් උගෙන් ස්තීර උත්තරයක් ඉල්ලුවා ...

එක්කො ජීවිතේ...එක්කො සාප කරපු දිවත් ද්වේශයෙන් බලපු ඇසුත් ..ඒත් මගෙ බැල්මට වඩා උගෙ හෘද සාක්කිය ඌව අසරන කෙරුවා...ඌටම දරා ගන්න බැරි තරමට වද දුන්නා....ඒවගෙම එක මොහොතකින් ඒ ගේ මලාවු ප්‍රානින්ගෙ සාපවලට කොටු උනා.....

අවසානම හුස්ම යනකොට ඒ කකුල් අතපය ගැහෙන හැටි මං බලන් උන්නා.....දගල දගල..දගල..දගල....හුස්ම එකතු කරගන්න පොරකන හැටි මං බලන් උන්නා....ඒ කට ඇරුනා....උගුරු දන්ඩ එන්න එන්නම හිර වෙනකොට ඒ හුස්ම හිර වෙනකොට සාප තියාපු කට ඇරුනා....සෙවල වෙනුවට අමු ලේ පෙරෙන කට ඇරෙනකොට මං උදාරයව මිරිකගත්තා වගෙම මං බලාගන උගෙ කන් දෙපැත්තෙන් මේ පන්දර දඩිය වැක්කෙරුනා....

විනාඩි ගානක්...

විනාඩි ගානක් ඒ පව්කාර හුස්මත් ආත්මෙත් පොර කෑවා...නාස් පුඩු වලින් එලි පනින්න උන් විනාඩි ගානක් පොර කෑවා....අවසානෙදි ඇස් කොන්වලින් කදුලු හලාගන ඒ හුස්ම නාස් පුඩුවලින් යන්න යනවා එක්කම මං මගෙ මිත්‍රත්වෙට සාධාරනයක් වගේම දුන්න පොරොන්දු ඒ විදිහටම රැක්කා....

රවිදු....මං උඹගෙ උපන්දින තෑග්ග ගෙනවා....

මයුර...

ම්න්....

උඹට කබරයා දාන්ඩ ඕනෙද ....

හ්ම්....

ඇත්ත.....මට සැරයක් දෙසැරයක් බඩම කලතන් වමනෙ ගියා නම් හැම දේම හොද වෙන්න ගියා.... . ගෙදරට තව චුට්ට දුරයි...ඒත් එ දුර මට දැන් හත් ගවුවක් ගානයි ..... මගෙ ඔලුවම කැරකෙනවා...එහෙන් උපන්දින තෑග්ගෙන් ගලන ලේ බින්දු මගෙ අත පුරාවටම වදිනවා ඒ අපුලයි බැහැගන යන වෙරියයි එකතු වෙලා මගෙ ඔලුව තවත් නරක් කරනකොට මට නරකම විදිහට කබරයා දාන්න ඕන උනා...

බැහැපන්....බැහැල දාපන්

එච්චරයි උදාරයට කියන්ඩ හම්බුනෙ ..මගෙ අතෙ තිබුන රවිදුවගෙ උපන්දින තෑග්ග උදාරයගෙ අතට මිටමොලවපු මං එතනම තිබුන ලයික් කනුව බදාගන වමනෙ දාන්ඩ ගත්තා....කාපු දෙයක් නම් නෑ...ඒත් බීපුවා ටික ආපිට එලි දානකොට මං අදත් දෙවියන්ව රැවැට්ටුවා...ආය බොන්නෙ නෑ දෙවියනේ මාව බේරගන්න ගගා මං වමනෙ දැම්මා...

කටම අපුලයි...එයා යන වේදනාව මගෙ බඩගින්න උදුරන් තියනකොට මාව දාලා ගියපු වේදනාව මැකෙන්නම මං අමුවෙම්ම ගහලා දැන් බඩ පපුවට ගිනි ඇවිලුවා වගේ වේදනාවක් දැනුනත් මොකද පහු පහු වෙනකොට මට යන්තමින් සහනයක් දැනෙන්න ගත්තා....

මොකද දැන්.....කිරි එකක් වත් අරන් දෙන්ඩ කඩයක් වත් ඇරල නෑනෙ .....වෙනදට මෙවෙලට චූන් පානවත් යනවා.....

දැන්...නම්....ටිකක් හරි ගියා වගෙ...ආ.....හ්හ්හ්...මගෙ උගුර....

ඇයි දනවද ...

ඔව් ...කනුත් එක්ක අගුල් වැටුනා....වගේ..කන් කසනවා....නාගන්ඩ ඕන.....නාගන්ඩ වෙයිද ගෙදර ගියහම වෙන මොනවා හරි සෙට්වෙයිද...

මං මහෙ කන් දෙක අත් දෙකෙම්ම පොඩි කරගත්තා...වමනෙ ගියත් හරි ඇගට සැහැල්ලුවක් දැනුනත් මගෙ කන් කැක්කුම ඇල්ලුවා...අර තිබුන ඔලුවෙ රදෙත් හරිගියාම කියන්නත් බැරි වෙනකොට මත්වතුරෙ ආනිසංස මට තව හෝරා දෙක තුනක් විදින්න වෙන බව දන්න මං ආපහු ගිහින් බයික් එකට නැගලා පුරුදු විදිහටම උදාරයගෙ පිටට ආයම මූන තියාගත්තා...

යමන්....

*

*

*

මයුර...උඹලගෙ ගෙදර තවම ලයිට් එලි ඇවිලෙනවා....

ඔව් ඉතින් ඒ මිනිස්සුන්ගෙ නින්ද මං උදුරගත්තම කොහෙ නින්දක්ද....ඒත් උදාරය.....අර ලොරිය කාගෙද?

අජියගෙ ...නෑ. වෙන්න බෑ...අජියගෙ උනානම් නම තියනවා...ඒත් කියන්ඩ බෑ...මොකද ඌට නම ගහපු විතරක්ම නෙවෙනෙ තියෙන්නෙ...බැහැපන් බලන්න....

හූවක දුර උනත් ගව් හතක් වගෙ දුර දැනුන දුර උදාරයා ඇහිපිල්ලමෙ දුරට අඩු කරලා එකම හුස්මට ගෙදරට ඇල්ලුවා....ඒ ඇල්ලුවත් මොකද තවමත් හතර වටම ඇවිලෙන කහ පාට ලයිට් එලි විතරක් නෙවෙ ගේට්ටු කටේම නවත්තලා තිබුන ලොරිය දැකලා මගෙ හිත ගැස්සුනා... කාගෙද කින්ද මන්ද....ඇයිද මෙ මොකුත්ම නොබල මගෙ හිත ගැස්සුනා....එක අතක උපන්දින තෑග්ග හිරිකරගත්තු මං එහෙම්ම බයික් එකෙන් බැහැලා ගෙට්ටුවෙන් ඇතුලට පය තිබ්බා විතරයි ....

රොහාන්.......අනෙ රොහාන් එනවකො...රොහාන්...ලමයා ආවා රොහාන්....

අනෙ මගෙ අම්මා.....රෑ මැද ගෙදරින් එලි බැස්ස වෙලාවෙ ඉදන් මගෙ අම්මාගෙ ඇස් තිබිල තියෙන්නෙ පාරෙ වෙනකොට වත්තට ඔඅය ගැහුවත් හරි මගෙ අම්මා දූවගන ඇවිදින් මගෙ ඇගෙ එල්ලුනා...මගෙ කොන්දෙන් පාත් වෙන තරමටම මගෙ අම්මා මගෙ බෙල්ලෙ එල්ලුනා...කොටින්ම අනේ මාව දඩු අඩුවට අහු උනා..මගෙ පුතා...මගෙ කොල්ලා...මගෙ කොල්ලා ආවා රොහාන්...මගෙ කොල්ලා ආවා ගගා මගෙ අම්මා බෙල්ලෙ එල්ලීගන ඉන්නකොට අත් වල තිබුන රත හන්දා මට ආපිට අම්මව බදාගන්න බැරිව මං හරි වේදනාවෙන් අම්මව දරාගන උන්නා....

බින්දුවටම වැටුනත් ...පිස්සෙක් පිහාට්ටෙක් ගානට මන් නන්නත්තාර උනත් මාව අලගන්න මගෙ අම්මා අප්පච්චි වගේම සංසාරෙ කරාපු පිනකට මට ලේ බැම්මට වඩා හයිය බැම්මක් තියන සහෝදරයො හතරක් හම්බෙලා ඉන්නකොට අනේ වේදනා ආකරේකින් හෙම්බත් වෙලා උන්න මං අම්මගෙ උරහිස උඩ ඔලුව තියාගන එහෙම්ම තත්පර ගානකට මගෙඇස් පියාගත්තා....

ඒ තියෙන්නෙ නිවන...හිත අස්සෙ කහට කියන දේ බින්දුවක් නැතිවම අවංක ආදරේ දෙන්න පුලුවන් හදවත් තියන මිනිස්සු කියන්නෙම නිවන වෙනකොට මං අම්මගෙ නිවන උඩ තත්පර ගානකට ඇස් පියාගන ආපහු කෙලින් උනා....

කෝ අම්මෙ මගෙ නිම්න...මේකට මාව.....දැ.....න්......අම්මෙ...නිම්...න......මගෙ...මට.....මට අමතක උනා අම්මෙ..... කොහෙ උන්නත් අනූ....ගාගන දුවන් එන එයා....

මගෙ පුතේ....මයුර....

එයා...මට...ඇයි අම්මෙ...මට....එයා ගියා...කියන්න...අමතක උනෙ.....ඇයි අම්මෙ....එක්කො එයා කාමරෙද අම්මෙ....නැත්තන්...අප්පච්චි ගෙ කඩෙ අස්සෙ රිංගන් කඩචෝරු කනවද නැත්තන් අම්මා මගෙ කොල්ලා ලව්වා අදත් මට බැන බැන පොල් ගාවගන්නවද මං ආවා කියලා කියන්න...

මයුර ...පුතෙ ..

උගෙන් පොල් ගාවගන්න එපා...ඒ අත් පව්...එපා අම්මෙ..අම්මට මං වත්තක පොල් හරි ගාවලා දෙන්නම්....ඒත් එ අත්.....රිදවන්න එපා.....නිම්න ....වස්තු....මං ආවා...නිම්න...

මං කෑ ගැහුවා .....එයා තව දුරටත් මගෙ ලග නැති බව දැන දැන මං දොරකොඩ ඉදන් නිම්න ....උඹගෙ අනූ ආවා වස්තු .....චූචි බුංජියො....උඹ හැංගිල ඉදන් අවදානෙද ඉල්ලන්නෙ ගගා මං නිම්නට අඩ ගැහුවා....ඒත් වෙනදා වගෙ නෑ ..දවසක්...හරියටම දවසක් පහු වෙලා....

මං අනාත වෙලා විසි හතර පැයක් ගෙවිලා....

නිම්න...මං ආවා...නිම්න ගගා කොයි තරම් කතා කෙරුවත් පලක් නෑ කියල මතක් වෙනකොට මං තවමත් මිදුලෙ ඉදන් එයා කොතනින් හරි මතු වෙයි අනූ....චූචි බුංජියව ගමනක් වත් එක්ක යමන්කො අනූ.....ගාන් දුවගන ඇවිදින් මගෙ ඇගෙ එල්ලෙයි කියල මං බලාගන උන්නා....

ඒත් එයා නෑ...එයා ආය එන්නෙ නෑ....මාව ගොලු වෙලා ගියා..එත් මගෙ ඇස් විතරක් මගෙ දිහා බලන් ඉන්න හැමෝටම දුක කියනවා....මගෙ ඇස් විතරක් මට එයා මගෙ ළඟ තවදුරටත් නෑ කියන වේදනාව උහුලන්න අමාරු බව මේ හැමෝටම කියනවා....එක අතක රවිදුවගෙ පොරොන්දුව හිරකරන් උන්න මං ....තවමත් ගෙයි අස්ස දිහා බලාගන අනූ චූචි බුංජියව රවට්ටන් කමනියා පොල් ගාවගත්තනෙ අනූ ගාන් මා එක්ක හුරතල් වෙන්න මගෙ අවදානෙ සම්පූරනම එයා ගාවට ගන්න දගලන මගෙ කොල්ලා එනකන් බලන් ඉන්නවා.....

මයු ..රයො ...අනෙ බන් ...මේ අහපන්කො ...එක්කො වරෙන් මං උඹව තුරුල් කරගන්නම්...වරෙන් මයුර මං උඹට හරි ආදරෙයි රත්තරන් ...මචන්...අනෙ හුත්තො.....නාඩා ඉදින්කො....මෙ මොන වේසකමක්ද බන්.....

ඒ කල්පනයා.....ඌ දූවගන ඇවිදින් නිම්නව හොයන මාව ඇදලා අරන් තුරුලු කරගත්තා ...ඌමගෙ දුක නිවන්න හදනවා නාඩා ඉදින් කියනවා ..මන් කදුලු පිටින්ම කල්පනයා දිහාව බැලුවා ...

උඹට ආයම කුනුහර්ප උගන්නන්න වත්.....මටයි උදාරයටයි පලු යන්න බනින්නවත් මගෙ නිම්න වත් උඹලගෙ චූචි බුංජියවත් නෑ කල්පන....බලන බලන තැන මැවෙන්නෙම ඒ මූන ඒ හිනාව උනත් මට තුරුලු කරගන්න පුලුවන් දුරකවත් නෙවෙයි මගෙ නිම්නවත් උඹලගෙ බුංජියවත් ඉන්නෙ....ඌ ගියා...

අනෙ මෙහෙම අඩවන්න එපා බන් මයුර .....උඹට විතරක් නෙවෙ මයුර අනෙ අපිටත් වේදනාවයි යකො...මෙ මොන වේදනාවක්ද බන්...ඒ කතා...ඒ හිනාව නැතුව උඹගෙ අම්මා අප්පච්චි ගෙ සතුටත් හොරු අරන් ගිහින් මයුර. ....උඹලගෙ ගේම පාලුවට ගිහින්.....

...මගෙ සතුට සැනසීම හොරු අරන් ගිහින් කල්පන...

මගෙ ඇස්වලින් තවත් කදුලු කැට පේලියක් කඩාගන වැටෙනකොට මං කල්පනයගෙ හයිය උරහිසට තට්ටුවක් දාලා හිනා උනා.....මං දන්නවා මගෙ හිනාව ඇතුලෙ මෙලෝම දෙයක් නෑ....මනුස්සයෙක් හදවතිම්ම හිනා වෙනකොට ඇස් පවා හිනා වෙන්න ඕන ...ඒත් ඒ කිසි දෙයක් මගෙ නෑ....මගෙ සතුටෙ අයිතිකාරයා මගෙන් හැංගිල ගිහින්....

දේදුන්නෙ පාට මගෙ ඇස් ඉස්සරහම මැරිලා ගිහින්...ඉතින් මගෙ හිනාවට පනක් තියේවිද.. . ..හත්පාට ආදරේක ගුන දොස් අහපු එයාම අවසානෙදි මාව සම්පූරනම හිස් කරලා යන්න ගිහින්.....

දැන් අඩලා තේරුමක් නෑ...මොකද...මට අඩන්න කාලයක් නෑ කල්පන...කරන්න හුගක් දේවල් තියනවා..මට බයයි ...එයාට ඇදුමක් අන්දගන්න බැරි තරමට එයාව දිය වෙලා ඇති කියලා...

මොන දේ උනත් කමක් නෑ...එයාව අරන් යන්න කලින් මට එයාව තුරුල් කරගන්න ඕන....මොන දේ උනත් කමක් නෑ.....එයාව ඉදිමිලා ඒ මූන වෙනස් වෙලා....මං ආස කරන එයාගෙන් එන හීන් සුවද නැති උනත් කමක් නෑ.....මට එයාට හාදුවක් තියන්න ඕන එයා එක්ක අත් පටලන් මට එයා එක්ක ටිකක් කතා කරලා එයාව සැනසීමෙන් සුසානෙට ගිහින් අරින්න ඕන....ඒක නිසා දැන් ඇඩුවා ඇති.....

රවිදු....

කල්පනයගෙ උරහිස උඩ උන්න මං අනිත්පාර අම්මා අප්පච්චි හැමෝම බලන් ඉන්නකොට ගිහින් රවිදුගෙ මූන ඉස්සරහින් හිටගත්තා...ඒ ඇස් රතු වෙලා...ගෙවුන විසි හතර පැයට ඒ මූන ඇදිලා ගිහින්..උගෙ පිරුන බලන් ඉන්නකොට ඇදිලා ගිහින් ....කම්මුල් වල කදුලු පාරවල් ...ඒ මූන කදුලු ගංවතුරකට අහුවෙලා....

මචන්...මං උඹගෙ තෑග්ග ගෙනාවා...

.......

මං මගෙ අතේ තිබ්බ ලේ පාට උන පොට්ටනිය උගෙ අත් උඩ තියනකොට මන් බලාගන උගෙ අත් වෙව්ලුවා....සර්වාංගෙම හිරිගඩු පිපිලා ගියා...ආයම යටි තොල් වෙව්ලුම් කෑවා....

ම්..මයුර....

මං පොරොන්දු කඩන මිනිහෙක් නෙවෙ.....උඹ දන්නවා...මං කිව්වොත් කරනවා.....මං උඹගෙ ආදරේට සාධාරනයක් කෙරුවා...ඇරලා බලපන්....

ම්..මං මේක..දිගාරින්න...කලින්.....උඹට දෙයක් කියන්නද.....මයුර...

ම්න්....

උඹට පුළුවන්ද...මා එක්ක....නුවර යන්න...එන්න...එයා....න්..නැති...නුවර....කොයි වගේද...කියල බලලා...එ..එයා එක්කම ඇවිදන් ගියපු...පාරෙ...මට ත්...තනියම ඇවිදන්...ගිහින්...එයා....නැතිව...උනත් රොබොරෝසියා ...පිපෙන හැටි බලල එන්න මා..එක්ක උඹ යන්න එනවද...

මං අහක බලාගත්තා...මේ මොන ජාතියෙ වේදනාවක්ද...ඇයි දෙයියො මටයි මේ අහිංසකයටයි මේ තරම් ලොකු පරික්ශාවක් දුන්නෙ...මගෙ අම්මා අඩනවා...වෙනදට ලිපෙ දුමට රතු වෙන ඇස් අද අඩලම රතු වෙනකොට අප්පච්චි අම්මගෙ සුදු පුතාව අත ගගා දුක හංගනවා...

ඌ ආයම නුවර යන් කියනවා.....ජනත් එක්ක අත් පටලන් ඇවිදපු පාරෙ උගෙ ආදරෙ නැතුව ඇවිදන් යන්න ඌ නුවර යන් කියනවා....එදා මාත් එයත් පිට දීලා හිටගත්තු වලාකුලු බැම්ම අද පාලුවට ගිහින් ඇති...මා එක්ක අවසානම පාරට තුරුල් වෙලා නිදා ගත්තු කාමරෙ තවම ඒ සුවද ඇති....කොටින්ම...ඒ අත පටලවන් ඇවිදපු පාරවල් වල මගෙ මතක තවම ඉතිරි ඇති.....

අහක බලන් උන්න මං රවිදුවගෙ ඇදුන මූන අත් දෙකෙම්ම අල්ලගත්තා...අල්ලන් ඌ එක්කත් මං හිනා උනා....

යන්...අපි....යන්...උඹයි...මායි විතරක් ..මෙ විරහව අස්සෙන් මතක හොයන් ආපහු යන්.....රවිදු...මං කිව්ව විදිහට උඹගෙ පොරොන්දු රැක්කා....උඹගෙ ආදරේට සැනසීමක් දුන්නා...මචන්....මං...ප්‍රාර්තනා කරන්නෙ මෙච්චරයි.....උඹගෙ ආදරේ ආපිට උඹට ලැබෙනකොට වපුරන්නෙ මොන කන්නෙද....ඒ මුම්මාරිය....පිංමාරිය උඹට උතුරන්ඩ හරියන්න ඕන රවිදු....එච්චරයි ...මං උඹට හදවතිම්ම ප්‍රාර්තනා කරනෙන් එච්චරයි ...උන් ආයම නොමැරෙන වස්සානයක් අරන් එනකන් මේ හිතට මකුනුදැල් බදින්න නොදි...ඒ මතක එක්ක ජීවත් වෙන්න උඹට හයිය ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා....

උඹට....පිං...මයුර....උඹට....ජාති...ජාතිත්...පිං...මයුර.....මට...දැන් පුලුවන් ද...මේක බලන්න...

ම්න්....

මං ඔලුව වැනුවා.....මෙච්චර වෙලාම වෙව්ලපු අත්වලින් කිටි කිටියට අල්ලන් උන්න උගෙ උපන්දින තෑග්ග දිහාව බලාපු රවිදු අවසානෙදි උගෙ තෑග්ග හෙමින් දිගෑරියා...සාපතියාපු දිවවල් තුනක් එක්ක...ද්වේශයෙන් බලාපු ඇස්!...ඒ විතරක් නෙවෙ....උදාරයගෙ ඵෝන් එකෙ තිබුන මලගමක සජීවී රූප රාමු ...

රවිදු....

රවිදුවා....උඹ ඔය කොහෙද යන්නෙ...

ලේ වලින් වැහුන උගෙ උපන්දින තෑග්ග දිහා රතු උන ඇස් වලින් බලන් උන්න රවිදුවා අනිත් පාර අපි හැමෝවම දාලා යන්න හැදුවා...කොහෙද....??මේ උදේ පාන්දර.....?

මන් යන්නෙ එයාව හම්බෙන්න.....එයාට මේක පෙන්නන්න...මට නොපෙනුනාට කමක් නෑ...මං දන්නවා මගෙ ජනත් එතන නිදි කියලා.....

.

..

රවිදුවා...මේ.....මේ උදෙම්ම කැරකොප්පු ගානෙ ලගින්ඩ..පිස්සු නැතුව ඉදපන්....

නෑ කල්පනයා....එතන මං නොදන්න සිය ගානක මිනිස්සු උන්ගෙ පාඩුවෙ සමාදානෙන් සැතපෙනවා ඇති..ඒත්...නොදන්න සිය ගානට වඩා...මං දන්න එකම එකා මට හයියයි....එතන ඉන්නෙ මගෙ ආදරේ බන්....ඉතින් මගෙ ආදරෙ බලන්න යන්න යාම මුහුර්ත මොකටද.....මං...මං යනවා...මං ආපහු එනවා...එත් මට දැන් එයාව බලන්න යන්නම ඕන....මට නොපෙනුනාට කමක් නෑ...බලන්න ඕනෙ.....මට එයාට ගිහින් කියන්න ඕනෙ.....මාව බලන්න ඉක්මනට එන්න කියලා මට එයාට කියන්න ඕන....මට යන්නම ඕනෙ...

අපි බලාගන උන්නා....අමු අමුවට උගෙ උපන්දින තෑග්ග සාක්කුවට ඔබා ගත්ත රවිදුවා එක පිම්මට දුවනකොට අපි හැමෝම බලන් උන්නා....අනෙ ඌ දුවනවා....උඹ දුවනකොට හත්තක් දුවනවා වගෙ කියලා අපි ඌට කොයි තරම් නම් විහිලු කරාද.....ඒත් අපේ ඒ තිබුන හැම විහිලුවක්ම සතුටකටම ඇස්වහ වැදුනා...ඒ හැම දේම නැත්තටම නැති උනා.....

හා..හා...උදාරයා.....ඔය ඇගපත හෝදන් ගිහින් කාපන්....ඌ ගියෙ බයවෙන්ඩ ඕන තැනකට නෙවෙනෙ...ජීවත් වෙන්ඩ බය වෙන්ඩ ඕන මැරුන මිනිස්සු එක්ක නෙවෙ හුස්මගන්න මිනිස්සු එක්ක...යමන්..කල්පනයා උඹගෙ මිනිහව එක්කන් ගිහින් නාවල කන්ඩ දීපන්...මොක කරන්ඩත් පන තියෙන්ඩ එපැයිනෙ....හැමදාම ගිලින්නෙ කමනිගෙ බතනෙ....අද මං ඉව්වෙ...උදාරයා...

රොහාන්...

යම යම ගිහින් නාපිය අපෙ එකා ඇගෙ කබරයා දැම්මද....

න්...නෑ...

ඒ උනාට ගදයි පලයන් පලයන්....

සෙනේ එන්ඩ...

ඔයා කෑවද...

නෑ...උඹලා ගිය වෙලෙ ඉදන් හුස්මක් වත් වැටෙන් නැතුව උගුරෙන් පහලට වතුර උගුරක් වත් යයිද උදාර.....

කොල්ලා.....

මං තවමත් හිටපු තැන...කල්පනයා උදාරය එක්ක නාගන්ඩ ගියා... .. මෙච්චර වෙලාම උන්න අම්මත් එයගෙ සුදු පුතාවයි උදේ පාන්දර ඇටෙ ඉදම්ම කෙලවලින් නාවන සතුටු සුරංගයවයි එක්කන් කුසියට ගියා සමහර විට අම්මට තෙරෙන්න ඇති මේක අප්පච්චිලා පුතාලට කතා කරගන්න ඕන වෙලාවක් කියලා....

මං ගිහින් අඹ ගහයට තිබුන වෙනදට එයා එක්ක ඉදගන්න සිමෙන්ති බංකුවෙන් ඉදගන්න හැදුවා උනත් ඉදගන්න ගියපු මාව අප්පච්චි අත් ගොබෙන් අල්ල ගත්තා...

අප්පච්චි ....

රවිදුවට විතරද උපන්දින තෑග්ග කලින් ලැබෙන්න ඕන...මගෙ කොල්ලට එතකොට වෙස්සනතර වගේ ඉගෙ සතුටත් පූජා කරන් අඩන එක විතරද කරන්න ඕනෙ....ඌ සතුටු වෙන එක හොද නැද්ද....

මං අප්පච්චි දිහා බලාගන උන්නා...මට තේරුම් ගන්න බෑ අප්පච්චි මොනවද මේ කියන්නෙ කියලා...මගෙ උපන්දින තෑග්ග...

මොකද උඹට නිකන් හිතන්න අමාරුයි වගේද ...හරි....හරි මගෙ කොල්ලට මහන්සී..මං උඹව මීට මහන්සි කරවන්නෙ නෑ.....ගනින් මේක...ගිහින් අර එලියෙ තියන ලොරිය ඇරලා බලපන්.....හැබැයි.....එකක්....මේ අප්පච්චි ගෙ අත් සුද්දයි....හරි..... අප්පච්චි ඇවිත් ..කාලෙකට කලින් දස කැරියා තමයි පුතේ...ඒත්...ඕනම යකෙක් මට්ටුවෙන තැන් තියනවනෙ.... හරියටම .....උඹගෙ අම්මටයි මටයි හදන්න බැරි තැන් අපේ බෑනා හැදුවා වගේ....යමන් ඇරලා බලපන්...උඹට මොකක්ද ඔතනින් වැඩියෙම්ම හොද තග්ග කියපන්කො ම්ම්ම්.....

අප්පච්චි මගෙ අතට යතුරක් දුන්නා.....මේක අර ලොරියෙ යතුර ...මන්දා.....ඇතුලෙ තෑග්ගක් තියනවලු...මොනවද...

අප්පච්චි ගෙ මුන දිහා බලන් උන්න මම ඒ මූනෙන් දැක්කෙ මාවමයි .අප්පච්චි ගෙ තරුන කාලෙ කියන්නෙ ආය ඇහිබැමක් වත් වෙනස් නොවී මමම වෙනකොට තවම හතලස් ගනන් වල ඉන්න මැදි වයස් අප්පච්චි දිහා බලන් උන්න මට එයා කට කොනකින් හිනහවක්.දීලා එයාගෙ අත් වල මොකුත්ම ගෑවුන් නෑ...කට විතරයි පාවිච්චි කෙරුවෙ කියනකොට මං ලොරිය ගාවට දුවල අර යකඩ දොරවල් දෙක ඇරියා .

මගෙ හුස්ම පවා හිර උනා...

YAMAHA....

අප්පච්චි .....මේ....මේක....

හ්ම්....උඹ කවදදෝ ඉදන් ඉල්ලනවනෙ....ඕක....උඹගෙ උපන්දින තෑග්ග කියල හිතපන්....අම්මටයි මටයි හොරෙන් කසාද බැන්දට මොකද....අප්පච්චි උඹට ඒකටත් තෑග්ගක් තියලා ඇති ..හැබැයි උඹ එක දෙයක් මට දැන් පොරොන්දු වෙන්න ඕන මයුර....

මම උන්නෙ තවමත් කට ඇරගන...ඒ තියෙන්නෙ මගෙ හීනයක්.....කතාව පටන් ගන්නකොටම පටන් ගත්තෙත් මම කට ඇරගන මේරියන්ස් එකේ ෆ්ලෑශ්බෑක් එකේ සවුන්ඩ් අරන් යන ලොරිදිහා බලාගන වෙනකොට ශෝකාන්තයක් නොවන ශෝකාන්තෙක අවසානෙකත් මම උන්නෙ කට ඇරගන...

යමහා.....

මං ඒ කලුපාට ඉංග්‍රීසි අකුරු දිහා බලන් උන්නා.....අනුන්ගෙන් කුලියට ඉල්ලන් සෙල්ලම් කරනවා වෙනුවට අප්පච්චි මට අලුතෙම්ම ඩ්‍රම් සෙට් එකක් ගෙනත් තිබුනා.....පාන්දර ජාමෙ නැගිටන්...ලිප් ගින්දරේ කර වෙවි අත් වල කරගැට එනකම්ම කොත්තු තලන මගෙ අප්පච්චි ...පාරක් පාරක් ගානෙ බත් පැකට් දදා....මාව කරපින්නන් ජීවිතේ දිනපු මගෙ රත්තන් අප්පච්චි ........

මං අප්පච්චි දිහා ඇස්වල කදුලු පුරවගන බලාගන උන්නා..අනෙ දෙයියනෙ මේ තියෙන්නෙ මං කෑ ගහල සතුටු වෙන්න ඕන වෙලාවක් උනත්.....මං දැන් හුස්මගන්නෙ ඔක්සිජන් වත් නැති අන්දකාර ආගධයක් අස්සෙ වෙනකොට කොහෙ හිනා වෙන්නද....

ඊටත් මෙච්චර දෙයක් දුන්න අප්පච්චි සමාව ඉල්ලනවා....

ඇයි අප්පච්චි ...සමාව....

...උඹගෙ අප්පච්චි ..අනුන්ගෙ ඩයරියක්....නෑ....අනුන්ගෙ කියන්නත්බෑ...ඒත්....එක වැරදි....මන් නිම්නගෙ ඩයරිය කියෙව්වා ....ඌ අවසානෙදි ලියල තිබුනා දවසක....උඹ හරි ලස්සනට ඇදගන නලින් පෙරේරගෙ අංජලිකා කියන තරම්ම හැගීම්බරව ප්‍රතම වසන්තයයි කියනව බලන්න ආසයි කියලා ... දෙමව්පියො උනහම මයුර.....උඹලගෙ හීනවලට අපි මැරෙනකම්ම පාර කපන්න ඕන...මොකද...මේ ලෝකෙට මං නිකන් මිනිහෙක්...උඹගෙ අම්මට අම්මගෙ මිනිහා උනාට ..පුතෙ මාව අප්පච්චි කෙනෙක් කෙරුවෙ උඹ..උඹ දන්නවද....මගෙ කොල්ලො....මේ ලෝකෙ ..පඩියක් තීරනේ කරන්න අමාරු....ඉහලම රස්සාව තමයි අම්මා අප්පච්චි කම....උඹ කොච්චර ලොකු උනත් ...මට තවම මං මුලින්ම අතට ගත්තු මගෙ පුතා...

අනේ....රත්....තරන් .අප්පච්චි .....

හා...හා...අඩන්න එපා...අඩන්න...එපා.....උඹගෙ අනිත් තැග්ග නොබල අඩන්න එපා...ගිහින් බලපන්....දැන් අඩන්න කාලයක් නෑ....උඹට තියෙන්නෙ අද දවස විතරයි .......මතක තියාගනින් මයුර...උඹට උඹගෙ ආදරේට සැනසීමක් දෙන්න ඕන නම්...ඒකට වෙලා තියෙන්න අද විතරයි.....උඹට අනිත් දේවල් ගැන මොකූත් හිතන්න නෑ...තියෙන්නෙ එකම දෙයයි....නටන නාඩගම හෙට හරියට නටපන්...මේ අප්පච්චි අනිත් හැම දේම බලාගන්නවා.....එක හන්දා දැන් අඩන්න එපා...නැගලා බලපන්.....

මෙච්චර වෙලාම අඩලා අඩලා ඇස් වලට

ඇදිරි නීතිය දාපු මට ආයම වාවගන්න බැරි උනා...අප්පච්චිගෙ වචන ඒ තරමට මගෙ පිරිමි හිත හෙලෙව්වා.....අප්පච්චි මට ආදරයක් දැනෙන්නෙ තවත් කොල්ලෙක්ට කියාපු වරදට තමන්ම ජාතක කරපු දරුවව තමන්ගෙ අත් වලින් මරාගත්තු පව්කාර අප්පලා දෙන්නෙක් මැද මගෙ සතුට වෙනුවෙන් ලෝකෙම හරි එක්ක හැප්පෙන උනත් හිත හයිය අප්පච්චි ගෙ වචන වලට මට ආයම ඇඩුනා.....

මං දන්නෙ මෙච්චරයි ...මගෙ කුලුදුලේම ආදරේ ඇතුලෙ නොවිදිනා වේදනා විදින්න සිද්ද උනත්....දෙවියො මට ජාතකෙ දෙන්න නම් එවලා තියෙන්නෙ දේවමන්ඩලේ දෙවි කෙනෙක්...

ඇස්වල කදුලු පිහදගත්තු මං ලොරියට නැග්ගා....යමහා කියලා ගහලා තිබුන මගෙ හීනෙ පහු කරාපු මට ඉන් එහාට යන්න බැරි උනා....කොටින්ම මට හුස්මත් අමතක උනා.....පැදුරු කඩමාල්ල උඩ බාවපු මලකදන් හතරක්....

අ...අප්....

මට කතා කරගන්න කෙලබිදක් හොයන්න බැරි උනා.....

මොකද...ඇයි මං උඹට කලියෙන් ඉස්සර උනා වගේද ...?උඹගෙ අප්පච්චි ජීවිතෙන් හතරෙන් එකක් ගෙවලා අහවරයි......තව අවුරුද්කින් දෙකකින් ....දෙකෙන් පංගුවයි ...එහෙව් අප්පච්චි ගෙ.....යන්තමට හතරෙන් එක ගෙවපු කොල්ලගෙ අත් ඔය හැටි කිලිටි කරන්ඩ බෑනෙ මයුර ම්ම්...උඹ ආස්‍රෙ කෙරුවෙ බෑනව වෙද්දි ..උඹගෙ අප්පච්චිට නෑනව ආස්‍රෙ කරන්ඩ බැරි කමක් නෑනෙ.....කමනි වගෙ නෙවෙ....නැන්දම්ම කෑල්ල...හැබැයි පුතෙ ඔක්කොම ගෑනු එකයි...උන්ගෙ නම විතරයි වෙනස්

අප්පච්චි !

විහිලුවක්....උඹගෙ අම්මා මගෙ පන...හැබැයි ඉතින් ...මෙකට නම් අත තිබ්බෙ.....උඹගෙ නැන්දම්මා...මොකද.....උඹගෙ ආදරෙ මහපොලවට පස් කරන්න මුනුත් හවුල් පුතෙ....

ලොරියට පිට දීලා හිටගත්තු මං එහෙම්ම රූට්ටගන් බිම ඉදගත්තා....සුචිත්‍රම්මා ....අප්පච්චි ....

මගෙ සම්පුරන ඔලුවම නරක් වෙලා ගියා ...මගෙ ආදරෙ පොලවට පස් කරන්න මුනුත් හවුල් පුතෙ කියපු අප්පච්චි ගෙ ඇස් තිබුනෙ පැදුරු කඩමාල්ල උඩ තිබුන මලක්දන් හතරට වෙනකොට මලගිය ඇත්තෙක්ගෙ නියපොතු පාරවල් ඒ මූනු ඉරලා තිබ්බා..ඇස් ගලවල තිබුනා...

දෙයියනෙ...වෙනකවුරුත් නෙවෙ....මේ ඉන්නෙ වෙන මොක්කුවත් නෙවෙ.....මේ ඉන්නෙ ජයවර්ධනයගෙ මිත්‍ර සමාගම වෙනකොට මං එක අතකින් කට වහන් ඇහැක් ඇරලා බලන්නවත් බැරි තරමට කුරිරු මරනයක් ලැබුන උන්ගෙ තවමත් මස් වැදලි එල්ලෙන කැපුම් තුවාල ඉරුම් තුවාල තිබුන මලකදන් දිහා බලන් ඉදල ලොරියෙම වමනෙ දැම්මා...

බ්වෑක්........

මයුර....

මගෙ බඩ කැලතෙනවා....ඒතරම්ම ඒ මරන අප්‍රසන්නයි...ඇස්වල නහර වැල් එලියට ඇදිලා මදිවට එන අපුලට මගෙ බඩම කලතවන්න ගත්තා....සැරයක්..දෙසැරයක් තුන් සැරයක්ම වමනෙ දාපු මං මගෙ ටී ශර්ට් එකෙම්ම.කට පිහන් ලොරියෙන් එලියට පැනල ආයම පාරක් වමනෙ දානවා එක්කම මගෙ ගාවට ආව අප්පච්චි ට කෝල් එකක් ආවා....

හෙලෝ....අජිත්.....

අජිත්...ඒ නම ඇහුනත් හරි..මගෙ වමනෙත් නැවතුනා...

ළමයා දැනුයි ගෙදර ආවෙ...හ්ම්....හ්ම්.....කිව්ව දේ ඒ විදිහට උනා නම් එච්චරයි ....ගෙනාවද?

අප්පච්චි ...

ශ්ශ්.....

අප්පච්චි ආයම අජියා එක්ක කතාව...කිව්ව දෙ ඒ විදිහටම උනා නම් කිව්වෙ...ඒ මොනවද....ගෙනාවද ඇහුවෙ මොනවද....??

මගෙ ඔලුව අස්සෙ දැන් ප්‍රශ්න කෝටියයි.....කෝල් එකෙ ඉන්න අප්පච්චි ගෙන් මැදින් පැනන් අහන්න ගියත් මට ලැබුනෙ කටවහන්න කියන අන විතරක් වෙනකොට මට ඒ කෝල් එක අහවර වෙනකන් වත් ඉවසීමක් නැති උනා...

අප්පච්චි ....ඇයි අප්පච්චි අජියා කතා කෙරුවෙ.....

.යමන් ගිහින් නාගන මොනවා හරි කාපන්...

නෑ අප්පච්චි කියන්න.....ඇයි කතා කෙරුවෙ

මයුර....උඹට තව හුරතල් වෙවි කාලෙ.කන්ඩද ඕනෙ...හෙටින් මේ හැම දේම අහවරයි...උඹට ඇහුනනෙ.....හෙට දවස කියන්නෙ හැමදේකම අහවරෙ...යමන් ගිහින් නාගනින්...බඩ පිරෙන්ඩ කාපන්.....

.අප්පච්චි මාව තල්ලු කරනවා..ඒත් ඒ ඇස් මට වෙන මොනවා හරි හංගනවා.....මගෙ හිත වෙන දෙයක් කියනවා...හෙටින් හැමදේම අහවරයි කියන්නෙ...මයුරනිම්නත් අහවරද.....?...හෙටින්...පස්සෙ.....හෙටින්...පස්සෙ.....මගෙ...වස්තුව එක්ක...තියන මේ කතා අහවරද....

හෙටින් පස්සෙ පටන් ගන්නෙ..... මං මගෙ වේදනා කාන්දුවෙන මතක කාන්දු වෙන හදවතත් එක්ක නිශ්චිත දිනයක් නැතුවම බලන් ඉන්න දවස්ද

තවමත් ඇරලා.තියන ලොරියෙ දොරෙන් සිනි ගද ගහනකොට මාව ගෙට එලවන අප්පච්චි ගාවට ගියපු මං ඒ අත් මිරිකලම අල්ලගත්තා...

අප්පච්චි ...මට දැනෙනවා...මං දන්නවා...මට කියන්න...හෙටින් හැම දේම අහවර නම්...අප්පච්චි .....මගෙ නිම්නව ගෙනාවා නේද අප්පච්චි .....

මයුර අකීකරු කම් කරන්න එපා...යමං ගිහින් නාගන කාපන්කො....

අප්පච්චි ....ඔහොම කරන්ඩ එපා අප්පච්චි ....අනෙ මට කියපන් අප්පච්චි ...මගෙ කොල්ලව අරන් ඇවිත් නේද....අප්පච්චි ...අප්පච්චි ...මගෙ උගුරෙන් පහලට වතුර උගුරක් වත් බහින් නෑ....මට කියපන් අප්පච්චි .....

හරි...උඹ දැන් නාන්ඩ ඕනෙ...මං බෙදන බත් පත ඇටයක් ඉතුරු නොකරම කන්ඩ ඕන....හරිද.....

මං නෙවෙ උත්තරයක් දුන්නෙ.....අප්පච්චි හා වත් නොකියම මං කඩාගන ගෙට දිව්වා....අනේ මට උඹගෙ මලකද පවා වටිනවා රත්තරනෙ ..මට උඹගෙ මලකද පවා පුදුම තරම් වටිනවා..මගෙ නිම්න.....

.මං දිව්වා....නාපු උදාරයා තුවාය පිටින්ම සාලෙ ඉදගන කල්පනයා ලව්වා කවාගන්නකොට අනේ වෙනදට හැමදාම තුවාය නැතුව නාන්න ගිහින් රටම හොලවන මං මගෙ ජීවිතේ සුචිත්‍රම්මා හදපු දා ඉදන් තවමත් ඒ පිලිවලම තිබුනා ....වෙනදට හිස් අතින් දුවන මං තුවාය ඇදන් නාගන්න දිව්වා...

අනේ උඹව ගෙනත්ලු....

උඹව ගෙනත්ලු මගෙ නිම්න.....

හෙටින් ඒ කතා අහවරයිලු නිම්න....මට කියපන්....මං තව අවුරුදු කීයක් සීනි නැති කෝපි එකක් හදාගන මග බලන් ඉන්න ඕනද මගෙ නිම්න...

අනේ උඹ එනකන් මං කොයි තරම් ඉන්න ඕනද....

මගෙ මතක එක්ක මං කොයි තරම් කාලයක් තනිවෙන්න ඕනද මගෙ වස්තුවෙ....

නිම්න....මගෙ පලවෙනිම.ආදරෙ.....මං දන්නවා...මට මගෙ ජිවිතෙ කිසිම තැනක උඹ තරම් ආදරෙ කරන කෙනෙක් මේ ආත්මෙට වත් හම්බ වෙන්නෙ නෑ මගෙ වස්තුව.....මං බලන් ඉන්නම්.....මගෙ හදවත පරන වෙන්න නොදී මං උඹ වෙනුවෙ බලන් ඉන්නම්....ඔය හිනහව අරගන ආයම උඹගෙ අනූ ගාවට.වරෙන්...උඹගෙ සුදු මල්ලි ගාවට වරෙන් නිම්න...

කොල්ලා...කෝ ආගාපන්.....

අප්පච්චි ...ඇති

ඇති කියන්නෙ උඹට මං කිව්වනෙ....යනව නම් කාපන් ඔක්කොම....

ආ රොහාන්.....එතකොට මායි....මූයි...අපෙ රවිදුවයි.....සෙනෙයි මේකෙ තියන විදිහටද කරන්න ඕනෙ....

ඔව්...හාමුදුරුවො මුලු කතාවම නාට්ටියක් විදිහට හදලා.තියෙන්නෙ...උඹලට තියෙන්නෙ නටන්න තියන නාඩගම්.ඔක්කොම නටලා...හීන් නූලට ඕක කරන්ඩ.....හොදට මතක තියාගනින් කල්පනයා...අපි කරන්නෙ මෙතන පලියක් ගන්න එක උනත්....ඔතන බලන්ඩ එන මිනිස්සු මේ ගැන මෙලෝම.හසරක් නොදන්න උන්...ඒක හන්දා....වැඩේ තියෙන්නෙ උඹලගෙ අත් උඩ.....ජයවර්ධනයා පහන් අවුලලා ඉදගත්ත වෙලේ ඉදන්...මිනිහා ඉන්නෙ උඹලගෙ අත් වල...ඒක මතක තියා ගනින්....

මං දන්නෙ නෑ...මට නාගන්ඩ ගියෙ විනාඩි කීයද කියලා....වෙනදට වරුවක් නාන මම අද නෑවෙම කාක්කෙක් ගානට වෙනකොට මෙච්චර කාලයක් රිහසල් බලාපු නාඩගමෙ මංගල දර්ශනෙ තියෙන්නෙ හෙට වෙනකොට පන්සලේ හමුදුරුවො මේ අහස පොලව නූහුලන අපරාදෙ කතාවකට හරවලා අකුරු කරලා අපිට එවලා තිබුනා.....අප්පච්චි ගෙ කතාව සීයට දාහක් හරි...හෙට හැම දේම තියෙන්නෙ අපේ අතේ...

කෝ ආගාපන්....අවසාන කට.....

මගෙ උගුරෙන් පහලට බත් බහින් නෑ...ඒත් අප්පච්චි ගෙ කට බලේට අනේ මං හිර වෙවී කෑවා...එයාව ගෙනල්ලා...හෙටින් හැම දේම අහවරයි....දැනටමත් නන්දනීගෙ පලියෙ අඩක් අහවර ඇති .....මගෙ නිම්න සදහටම යන්න යනවා...අනෙ දෙයියනෙ මගෙ යටි හිත මාව නොමරා මරනවා....දාහක් දේවල් හිතන්න මගෙ ඔලුවෙ ඉඩ මදි උනා...පපුවෙ ඉඩ මදි උනා...

එ ඔක්කොමත් එක්ක බයට වේදනාවට දුකට.....නිම්න කියන ආදරනීය මනුස්සයට මං හෙටින් සුභ ගමන් මගෙ පන කියන්න ඕන කියලා මතක් වෙනකොට එයාගෙ පෙට්ටියට කර නොගහම මගෙ උරහිස කැක්කුම් කරන්න ගත්තා...මගෙ හදවත විරාමයක් නැතුවම වේදනාව කාන්දු කරන්න ගත්තා....අවසානෙදි මං නැගිට්ටා...අප්පච්චි කල්පන උදාර්ස් එක්ක හාමුදුරුවො ලියලා එවාපු පාප කතා වස්තුවෙ ගුන දොස් බලනකොට මං එලියට එන්න නැගිට්ටා වගේම ගෙදර දෙවනි කොල්ලා ඉවරයක් නැතුවම බුරනවා ඇහුනා....

ඌ බුරනවා...රැයක නෙවෙ...මේ උදේ පාන්දරමත් බල්ලා උඩ බුරනවා...කව්ද...රවිදුවද....ඌට කවදාවත් බල්ලා බුරන් නෑ...

මාත්තයා .....

අඩියයි දෙකයි....මං එලියෙ ....

අවුල් උන කොන්ඩයක්....දූවිලත් රතු පාටත් මුහු උන මූනක්...

දේවියනෙ....ගැටපිච්ච රැහෙ තවත් මලක්...

මං එලියට දිව්වා....ඊයෙ රෑ ලස්සනට දැකපු මනිපූරිය අද තෙත් වෙලා.....රතු වෙලා...තනිකරෝම ඝාතකාගාරෙක වගෙ කරලා වගේ...සෙරෙප්පු දෙක වත් නැතු කකුල් කිලිටි වෙලා මදිවට අත් පා පුරාවටම මූන පුරාතිබුනෙ ලේ බින්දු වෙනකොට නන්දනී වගෙම කොන්ඩෙට අමුනන් උන්න ගැටපිච්ච මල් අහුරෙ මල් සීසිකඩ ගිහින් තිබුනා.....

අහවරයි...ඒ හැම...දේම....අහවරයි.....

ඒ ඇස් තවමත් තරහෙන් දිලිසෙනවා.....මුලු මූනෙම තිබුන මස් පිඩු නලියනවා...පිරිමි සර්වාගෙකට අලුතින් අටවගත්තු ගෑනු ලාලිත්‍ය පෑල දොරෙන් පැනලා යනකොට මං බලාගන ඒ උගුරු ඇටෙ දෙතුන් පාරක්ම උඩ යනවා...

ඒ හැම දේම අහවරයි කිව්වා...නිකන් නෙවෙ...හැම දේම අහවරයි කියාපු එයා මගෙ ඉස්සරහට පොට්ටනියක් අතෑරියා ...

ජීවිතෙ අහලා තිබුනෙ අංගුලි මාල ජාතකෙ විතරක් වෙනකොට ....මම මගෙ ජීවිතෙ පලවෙනි වතාවට අහිංසක හිතකට දෙස් තියාපු එවුන්ගෙ දිවවල් සිය ගානක් අහුරු පිටින් දැක්කා...

අපුලයි....අපුලයි කියන්නෙ ඉහිලුම් නැති තරමට අපුලයි...ගල් මුල් ගහපු...ඉහිලුම් නැති කතා කියපු ඒ හිත අමු අමුවට මරලා දාපු එවුන් සිය ගානකගෙ කටහඩ සදහටම අහිමි කරවන් පොට්ටනියක් පිරෙන්ඩම දිව වල් තියනකොට මට කාපුවා ආපිට එලියට යන්ඩ ආවා...

.....හෙටින් පස්සෙ හැම දේම ඉවරයි....එයාට දෙන්න පුලුවන් ඉහලම ගෞරවෙ එක්ක අපි එයාට සමු දෙනවා.....

මං මගෙ වචන ඇහින්දා...එයා ආයම පොට්ටනිය ගැට ගැහුවා...

දෙයක් කියන්න තියනවා....උඹලා දෙන්න හදන්නෙ එයාට සාදාරනයක් නම්....එයාගෙ වචනෙම්ම දෙයක් ඉල්ලන්න තියනවා...

අපිලිවල වෙලා ගියපු ගැටපිච්ච මල මගෙන් දෙයක් ඉල්ලනවා.....නන්දනීගෙ වචන වලින්ම දෙයක් ඉල්ලනවා...මොනවද ඒ....මොකක්ද ඒ...

මොනවද...

හෙටින් හැම දේම අහවර නම්.....දෙන්න පුලුවන් ඉහලම ගෞරවෙ එක්ක සමු දෙනවා නම්....උඹට ඉල්ලන්නයි කිව්වා... ඉපදෙන්න ආයමත් පිනක් තියනවා නම්...ජාති ජාතිත් අඩමානෙට හැගීම් තියන මනුස්සයෙක් නොකර...සර්ව සම්පූරන පිරිමි හැගීම් තියන පිරිමියෙක් විදිහට ඉපදීමක් එක්ක....අවංක ආදරයක්...ආදරෙ නාමෙන් ආත්මෙ උදුරන එක වේදනාවක්.....ප්‍රාර්තනා කරපන් ජාතිජාතිත් සැනසීමම විතරක් ....

🥺........

More Chapters