Cherreads

Chapter 67 - 67

.....නිම්න....

මන් මිමිනුව...කාට කියලා නම් වස්තුව කියන්නද....ඒත් දැනටමත් මගෙ අත් දෙක ඒ දෙන්නා සින්නකරගන තියනකොට මං බලාගන ඒ දෙන්නට ඒ දෙන්නා මූනට මූන බලගන ඉදලා හරි වේදනාවෙන් හිනා වෙනවා....

දෙයියන්නෙ තමන්ට තමන්වම බලාගන හිනා වෙන්න පුලුවන් කන්නාඩිය්කින් විතරයි....ඒත්...මෙතන....

මෙතන උන්නෙම කාල පරාස දෙකක ඒත් එකම හදවතක් ගැහෙන මනුස්ස.ප්‍රානින් දෙන්නෙක් වෙනකොට වර්තමානෙත් අතීතෙත් මූන්ට මූන් බලන් ඉදල හරි අමාරුවෙන් ඒ දෙන්න්ට දෙන්නා හිනා උනා...

වස්තු අපි යමුද...

අත් දෙක දන් දීපු මං හිතත් මගෙ ප්‍රේමෙට දන් දීලා ඒ දෙන්නගෙම්ම එකම ප්‍රශ්නෙ අහනකොට මගෙ ළාබාල ප්‍රේමවන්තයට පරිනතයට කලින් ඉක්මං වෙන්න ඕන උනා.....

අනූ...මට පුලුවන්ද ඔයා ගාව ඉන්න...

මං ඔලුව වැනුවා.....

ඔව්....ඔයාටයි....ඔයාටයි දෙන්නටම පුලුවන් මගෙ ගාව ඉන්න.....ඇයි බය හිතුනද මං ඔයාව තනියෙන් යවයි කියලා...

හ්ම්..මං මෙච්චර දුර තනියෙන් ඇවිල්ලා නෑනෙ ඒකයි...ඔයා මාව තව කොහෙද එක්ක යන්නෙ අනූ....මාව හුගක් තැන්වල ඇවිදින්න යනවද...රෑ වෙනකන්ම මා එක්ක ඇවිදින්න යනවද....අම්මා කිව්වානෙ අප්පච්චි දවස් ගානකට කොහෙද ගියා කියලා...ඒක හන්දා රෑ උනාට කමක් නෑ කිව්වනෙ...අපෙ අම්මා ඔහොම කතාවක් කිව්වමයි....වෙනදා වගේ දහය වෙනකොට ගෙදර එන්න කිව්වෙ නෑනෙ.....

රත්තරන් ගෙ කට රිදේවිනෙ ම්ම්ම්....

එයාගෙ කට කටර් එක වගෙ...නැවතීම් තිත් කැලේ.....මං මෙච්චර දුර තනියෙන් ආවමයි කියපු එයා කාලගුණ විපරියාසෙට අහු වෙලා කනපිට ගැහුවත් තවමත් හුස්ම ගන්න මිනිස්සු පොදි පොදි එහා මෙහා දුවන ගෙන්දගම් පොලව එයාට තනිකරම සැනකෙලියක් වෙලා තියෙදි එයා අයිති කරගත්තු මගෙ අතේ දබරැගිල්ල අල්ලන් එහාට මෙහාට පද්දවන ගමන් කියවගනම උන්නා....

මට දුක හිතුනා...පව් කියලා හිතුනා...එයා ගාව ඉන්නවද අහපු එයාට මා එක්ක හුගක් දුර යන්න ඕන වෙනකොට මං එහෙම්ම මගෙ අනිත් අත සින්නකර කරන් ඉන්න නිම්න දිහා බලද්දි එයාගෙ ඇස් මාව හොයන ගමන් උන්නා...

මගෙ මයුර.....උඹට දෙන්නෙක් එක්ක ඔට්ටු වෙන්න බැරි වේවි.....

.නෑ...මං අම්මට පොරොන්දු උනා...මට පුලුවන් ..මට පුලුවන් වස්තු....

එය හිනා වෙනවා....ඒත් වෙනදා වගෙ නෙවෙ ලාවට....මට දෙන්නෙක් එක්ක අමාරු වේවි කියල එයා හදන්නෙ මාව දාලා යන්නද....

න්.නැ..නෑ..නිම්න....එක කරන්න එපා....ඒක කරන්න එපා වස්තුව....

කෝකද...

උඹ හදන්නෙ...මාව දාලා අතුරුදහන් වෙන්න....

පොඩි නිම්න වෙන ලෝකෙක...දෙයියන්ට ස්තූති වන්ත වෙන්න එයා උන්නෙ නොහිතන වෙලාවක මහ වැහි වැස්සත් දැන් මොකුත්ම නොකරපු එකෙක් ගානට ඉන්න හැටි එයා එ ඇස් බෝල කරන් බලන් ඉන්න අස්සෙ මම මගෙ හදවතෙ එක අර්ධයක් අවුලන්න හදන නිම්නගෙන් මාව දාල යන්න එපා කියන ගමන් අයදින ගමන් උන්නා...

නෑ..කව්ද කිව්වෙ....මං දාලා යනවා කියලා...

එහෙනම් උඹ ඔහොම කියන්නෙ....මං උඹලා දෙන්නවම තදින්නෙ අල්ලන් ඉන්නෙ...ඇයි ඉතින් ඔහොම කියන්නෙ....

.......මට උඹගෙ තෙහෙට්ටුව දැනෙන හන්දා...උඹ කොහොමද හිත් දෙකක් එක පාර ආම්බාන් කරන්නෙ...මගෙ මයුර.....සීනි නැති කෝපි එකක් ඉල්ලන් ආව දා පටන්මන් උඹගෙ ආදරෙ මදියි නොකියන්න වින්දා...උඹට එක පාර හිත් දෙකක් සනහවන්න අමාරුයි....ඒක මට දැනෙනවා....මම ඉන්නෙ ජිවීතෙ කියන්න මොකක්ද කියල හරියටම තේරුම් යන කඩුල්ලෙන් එහා පැත්තෙ...

එතකොට ...උඹගෙ අනිත් අත අල්ලන් ඉන්න නිම්න කියන්නෙ ජීවිතේ පාටවත් නොදැන මේ විදිහට ඇති...මේ දේ මෙහෙම උනා නම් හොදයි ....මට ලැබෙන වේදනාව කාටත් දැනෙන්න එපාය කියලා හිතාගන තමන්ට නොලැබුන නොලැබෙම ජීවිතේ සතුට ආදරේ නිදහස සැනසීම හිතින් මවාගන අනුන් වෙනුවෙන් අකුරු කරාපු මනුස්සයෙක්...

ඔය ඉන්න නිම්න කටුක නීරස යතාර්තෙට වඩා තමං ලැබෙනවට තමන්ට විදින්න කැමති ආදරයක් ...ආදරනීය මනුස්ස පරාන අහුරක් ෆැන්ටසියක් අස්සෙ ජීවත් කරවන ගමන් ඒ අකුරු අස්සෙම හුස්ම ගත්තු මනුස්සයෙක්....එහෙම බැලුවම...මැරුනත් මොකද මං වාසනාවන්තයි.....මට මං ප්‍රාර්තනා කරාපු ඒ ආදරෙ....සැනහෙන්න ප්‍රාර්තනා කරාපු ඒ පිරිමි පපුව උඹගෙන් ලැබුනා....

ඉතින්...අද උඹව වැඩියෙන්න්ම විදින්න අයිති මට නෙවෙ.....එයාට.....මං නොදරුවෙක් නෙවෙ මගෙ මයුර...මට පුලුවන් මට මා එක්කම ඊරිසියා කරන්නත්...මට මා එක්කම මාව බෙදාගන්නත්...උඹත් තවම නාඹර කොල්ලෙක්....උඹටත් උහුලන්න පුලුවන් සීමා තියනවා.....

මං මේ අත අතාරින්නෙ නෑ..ඒත්....උඹට පුලුවන් ....මන් වෙනුවෙන් දෙන අවදානෙම එයාට දෙන්න....මට පුලුවන් උඹ මට ආදරේ කරන හැටි බලන් සැනසෙන්න....

ඒ වචන අස්සෙ පුදුමාකාර බරක් තිබුනා....ඒ වචන අස්සෙ පුදුමාකාර තේරුම් ගැනීමක් වගේම මට හරි සුවයක් දැනුනා....

දන්නවද මගෙ වස්තු....මං අදටත්...මේ මොහොතෙත් සතුටු වෙනවා....මගෙ පලවෙනි ආදරේම වේදනාවක් උනත්....මං වැරදි මනුස්සයෙක්ට ආදරේ නොකර හරිම කෙනා වෙනුවෙන් මගෙ හැගීම් වි‍යදම් කරන එකට.....

....උඹ කියන්නෙ ඉඩෝර්කෙ පන ගහන හැම කොලයක්ම කඩා හැලුන අරටුව හයිය ගහක්.....දවසක මම ආයමත් ලියන දාකට මං එහෙමයි ඒ පිරිමි ආත්මෙට හුස්ම කවන්නෙ.....මොකද....මයුර කියන නමෙ පරිසමාප්තිය ඒකයි...අවසානම කොලේ හැලුනත් උඹ හුස්ම ගන්නවා...මොකද...මගෙ පන දන්නවා මේ හැලුන කොල වෙනුවට උඹටම ඊරිසියා හිතෙන වසන්තයක් මග එනවා කියන්න....ඉතින් මං උඹට හරි ආදරෙයි මගෙ කොල්ලො.....

මන් හිනා උනා.....මේ ටික දවසට මගෙ නිම්නයා පුදුමාකාර විදිහට පන්ඩිත වෙලා උන්නා.....

මයුරයා වරෙන් යන්න.....ආ...චූචි බුංජියො...යෝහ්....චූචි බුංජියයි...ලොකු බුංජියයි දෙන්නම එකම තැනක නේත....අපේ සෙනේටත් කියන්න ඕනෙ සුචි අම්මියගෙන් තව කල්පියෙක් ඉල්ලන්න කියලා...

ඇයි මගුලටද....මයුර වෙලාව හරි.....

ආ...ආ...සෙනේ...ඇත්තමයි සෙනෙ....අපි මේ යන්නෙ නුවර හන්දා ඉවසනවා මිසක්කා....නැත්තන් උඹය ගහන්....යෝ....හ්....රවනවා.නේත...මේ බබීනෙ.....ඔයාගෙ බබීනෙ...සෙනේ....චූචි බුංජියො....නෑ....ලොකු බුංජියා එක්ක යන්නම්..ඔයා අපෙ මයුරයා එක්ක ඉන්න...එන්න බුංජි යන්න රෝසපාට පොල්ටොපි පැකට් එකක් වත් ගන්න...සෙනෙ දීපිය පර්ස් එක...ලෝබයා.....

.......කට....තලනවා මං අල්ලගන....

බයිනවා...

මගෙ හන්දනෙ...උඩ බලන් නොයා පරිස්සමට යන්න....

හුම්.....ආතරෙයි සෙනේ....

හ්ම්ම්ම්....මයින්ද මාත්තියටත් වඩා...

මෙ සෙනේ...මේහ්...සීමාව දැනගන ඉදපන්...එන්න බුංජි යන්න.....මං හිතන් ඉන්නෙ යනගමන් ළූනු ටිකක් අරන් යන්න.....ඔයත් අපෙ කමනිට මොනවා හරි අරන් යන්න..ඔව්වා තමයි බුංජියො නැන්දම්මා එක්ක ඉන්න පුලුවන් ලකුනු ඈ...

වැස්සක් වැහැල පෑව්වා වගේ....

උඹ කවදා ඉදන්ද උදාර විහිලු කරන්න පටන් ගත්තෙ...

ඇත්ත...උදාරයගෙ කතාව හරියටම හරි...කල්පනයා ගියා විතරයි වැස්සක් වැහලා පෑව්වා.....ඒතරන් කන්දෙකට සැනසීමයි.....කල්පනයා ගියත් හරි ඌ යන්න ගියෙර් මගෙ එක අතක් හිස් කරගන...ඌ ගියෙ මගෙන් නිම්න කෙනෙක් උදුරගන...ඒත් උදාර....ඌ තවමත් අපි ලගමයි....ජම්මෙට වත් විහිලුවක් නොකර උදාරයා මොනවා හිතිලදෝ මන්දා කල්පනයට විහිලුවක් කරලා මායි මගෙ ළාබාල නිම්නයි ගාව නැවතුනා....

උදාර...

උඹලට මොනවා හරි උවමනාවක් උනෝතින් කියපන්...රවිදුවා ජනා එක්ක....මං කල්පන එක්ක ඉන්නම්....උඹලා අපි හැමදාම එකට ඉන්න එවුන්...ඒත්..හොදම යාලුවා කියලා නෑ..දවසක් එනවා...අපි හැමෝම වෙන් වෙනවා...අපි අපිටම කියලා හදාගත්තු කූඩුවල ආදරෙන් ඉන්නවා.....ඒත් එහෙමයි කියලා යාලුකම් මැරිලා නෑ.....ඒත්..... යාලුකමයි ....තමන්ගෙ කූඩුවයි අතරෙ අපි පොඩි පරතරයක් තියාගමු මයුර.....

මං උඹව අපෙන් ඈත් කරන්න හදනවා නෙවෙ...ඒත්..මට කල්පනට හෙටත් නුවරට යන්න පුලුවන් ....ඒත් උඹට රවිදුවට...එනවා කියන්න දන්නවා...ඒත් දවස....දවස දන්නෙ නෑ....

අපි අදට විතරක් තුනකට කැඩෙමු.....මං උඹට ප්‍රාර්තනා කරනවා..ආදරෙ පිරුන මතක ගොඩක් පුරවන් ගෙදර යන්න පුලුවන් වෙන්න කියලා .....

මන්දා..මට උදාරයා කියන චරිතෙ ගැන මෙවෙලෙ විස්තර කරන්න බැරි උනා... ඌ ඇවිදින් කතාවෙ ඉන්න නිහඩ වීරයා වගේ...අනවශ්‍ය කතා බතානෑ....විහිලු තහලු නෑ.....ඕනම කරන වෙලාවට ඇවිදින් මැච් එක ගහලා ගොඩ දාලා යනවා.....

වස්තුව අපි යමුද....

එයා මට කටින් නැතුව ඇස්වලින් උත්තර බැන්දා . ...ඒ ඇස් හිනා උනා....තරුවක යතාර්තය දන්න හන්දා මට ඒ ඇස් තරු කැටවලට සමාන කරන්නත් අමාරුයි...ඇත්තටම ඇස් දියමන්ති කැට වගෙ...හිනාවෙන ඇස් දෙකක්..එයා හිනා වෙනකොට ඒ ඇසුත් හීනි වෙලා යනවා..... ..චීන පැටියෙක් වගේ ....

ඇයි අනූ මේ...

..සීතලයිනෙ....

එතකොට ඔයාට....

ඔයා මගෙ ඇගේ එල්ලුනහම හරි.....

මං එයාගෙ නහයට තට්ටුවක් දැම්මා...හිතුමනාපෙට අඩාපු අහස හන්දා වැහි සීතල එනකොට මං බලාගන එයා අත් අකුලගත්තා....ඉතින් මං එයාගෙ පරිනත ප්‍රේමවන්තයා වෙනකොට මම කෙරුවෙ මගෙ ශර්ට් එක ගලවලා එයාට අන්දවපු එක....

දැන් හරි....එයා ඉන්නවා..සුදෝ සුදුවට....ලස්සනයි.....පින්පාටයි....හරියටම සුදු නෙළුමක් වගේ...අනිත් හැම පාටටම වඩා මගෙ නිම්න සුදු පාටට හරි පපිවිතුරුයි .....ඉතින් මේ ගෙවෙන්නෙ කඨෝරම කාලෙ ප්‍රේමනීයම දවසක්.....!

චටස් චටස්....කටස් කටස්.....සටස් සටස්...කටස් කටස්.....

උඩරට මැනිකෙ ගෙන්දගම්පොලවට සමුදෙන්න පටන් ගත්තා....ඔය ඇහෙන්නෙ මැනිකෙගෙ ගමන් විලාසෙ සද්දෙ....

අපි හැමෝම උන්නෙ නැරඹුම් මැදිරියෙ....ඒත් තුන් කට්ටුවම ඈතින් ඈතින්....මගෙ හිස් උන අත ආයම පිරිලා ගිහින්....නිම්නෙකට මැදි උන මම අද මගෙ නමට දෙන්න පුලුවන් උපරිම තැන දුන්නා....

මයුර...ආඩම්බරකාර රණ මොනරෙක් හා සමානව මම මගෙ ආදරෙ පිල් විහිදෙව්වා...එක අතක පරිනත ආදරේකුත්...අනිත් අතේ මගෙ ලාමක ආදරෙත් දරාගන උන්න මම හරි ආඩම්බරේට නැලවෙන මැනිකෙ එක්ක සෙංකඩගලට යන්න පිටත් උනා...

අනූ....අර...අර බලන්නකො...

මොනාද වස්තුව...

අර....රතු කැට මල්...මොනාද අනූ ඒ....මැයි මාරද.....

.වෙන්න බෑනෙ...හෙල් වල ඔව්වා හැදෙන් නෑනෙ පන.....

එහෙනම්...වෙන ජාතියක් වෙන්න ඇති නේ අනු...බලන්නකො හරි පුදුමයිනෙ.....අර බලන්නකො...නිල්ම නිල්පාට අහසයි...සුදුපාට පුලුන් වලාකැටියි.....කොලම කොල පාට ගහකොල එක්ක ඒ රතු කැට මල් අව් රැල්ලත් එක්ක දිලිසෙන ලස්සන.....

මං හින උනා...මගෙ පොඩි කොල්ලට බලන්න දේවල් හුගායි...ජනේලෙ අයින අයිති කරගන උන්නෙ එයා වෙද්දි මගෙ පරිනත නිම්න කෙරුවෙ පොඩි එකාට ආදරෙ විදින්න දීලා මගෙ උරහිස අයිති කරගත්තු එක....සැරින් සැරේම හූ තිය තිය සටස් පටස් ගාන කන්ද උඩරට මැනිකෙ ගෙන්දගම් පොලවට සමු දීලා දැන් හෝරා ගානක් පහු උනා.....උලින් මුලින් බලන්න දේවල් නැති...අපි දන්න කියන ගම් දනව් පහු වෙනකොට මගෙ උරපතු දෙකම ඒ දෙන්නගෙ බර ඉහිලුවා.....

ඒත් සැනසීමයි...නාස් පුඩු හතරකින් එන උනුහුම් ප්‍රාස්වාසෙ ඇවිදින් මගෙ බෙල්ලෙ වදිනකොට මම ඒ හැගීම් වින්දෙ පුදුමාකාර ලෝබ කමකින් වෙනකොට අද මගෙ පපුවටත් හයියෙන් හයියෙන් ගැහෙන්න බෑ කියලා හිතිලද කොහෙද ගැස්මක් නොදීම හරි හිමීට ගැහෙන ගමන් උන්නා...

ඒ දෙන්නම එකයි....ඇබිත්තක් විතර නිදි කිරනවා..මගෙ අත් දෙක ඒ අත්වලට අතෑරෙයි කියන බයට තද කරගන්නවා.....චුට්ටක් කෙදිරි ගානව...ආයමත් මගෙ බෙල්ලෙ පාමුලට ඒ මූන තදකරගන සැපට නිදියනවා....මේ ඔක්කොම දරගාන උන්න ඒ දෙන්නගෙම ආදරනීය අනූ උන මම....මයුර උන මම මේ දැනෙන හැම හැගීමක්ම සමනල තටු වගේ හරි ප්‍රවේසමට පරිස්සම් කරන් මගෙ හිතෙ තියන මතක පොතෙ මතක පිටු අස්සෙන් අරන් තියා ගත්තා....

හැබැයි ඉතින් චුට්ට දුරයි....හූ තියාගන....දෙපැත්තට වැනි වැනි ආව මැනිකෙ පොල්ගහ වෙල පහු කරන්න ගත්තා විතරයි....මගෙ එක උරහිසක් විතරක් නෙවෙ තියන හුරතලේට මාව බදාගන්න ඕන කමට මගෙ කකුල් හරහා කකුලකුත් දාගන උන්න එයා ඉද්ද ගැහුවා වගේ නැගිට්‍ටා....බොරු කියන්න ඕන නෑ.....හීන් අවු රැල්ල කොලම කොලපට වෙල් ඉපනැලි උඩට ඇදගන වැටිලා තියනකොට ඒ ලස්සන හරි පුදුමාකාර උනා....එතනින් පස්සෙ....කන්ද උඩරටට එනකම්ම මගෙ ළාබාල ප්‍රේමවන්තයගෙ කටට නිවනක් නැති උනා....කට්ට කලුවර ගුහා මැදින් යනකොට ...දියසීරාව බැදුන කලු ගල්වල තෙත දකිනකොට ....අහසෙ නිලයි....වලාකුලෙ සුදයි...කදුකරයෙ කොලපාටයි එක්ක එයා කියපු අර නමක් නොදන්න රතුකැට මල් ඇවිදින් අපිව වෙනලෝකෙක අතරමං කෙරුවා....

එයාට මගෙ අත අතෑරුනා...කොටින්ම එයා ජනේලෙන් එලියට බෙල්ල.දාන්න හැදුවා....සමහරක් තැන්වලදි මට මගෙ ආදරෙ පරිස්සම් කරගන්න..මේ ළාබාල දගකම් මෙල්ල කරගන්න අප්පච්චි කෙනෙක් හා සමානව එයාට ඩිංගක් සැර වෙන්න සිද්ද උනා....ඒත් එයා නෙවෙ කියන දෙයක් අහන්නෙ...මටත් නෙවෙ එයාට මීට වඩා සැර කරන්න හිතුනෙ...මං එයාව මගෙඅත් වලින් නිදහස් කෙරුවා...ඒත් තියන දැගලිල්ලට එලියට වැටෙයි කියන බයට අයාම කකුලකින් අල්ලගත්තා.....

එයා ඉන්නෙ හරි සතුටින් අනූ....ජීවිතේ පලවෙනි පාරට කෑ ගහලා හිනා වෙන කෙනෙක්ව නවත්තන්න එපා අනූ.....එයාට හිනා වෙන්න දෙන්න....ඔය අකුලන් ඉන්න තටු දිහාරින්න දෙන්න....එයා වැටෙන් නෑ....

වස්තු...

මං කවදාවත් ඔය විදිහට හිනා වෙලා නෑ මගෙ මයුර...බොරු නම් බලපන්....ඒ ඇස් හිනා වෙලා වැඩි කමට කදුලුවලිනුත් බර වෙලා ඇති.....උඹට පින් මගෙ මයුර.....

මං එයාව අතෑරියා...කකුලෙනුත් අල්ලන් උන්න මං එයාට ඒ අත් විහිදලා පියාඹන්න ඉඩ දුන්නා...කොලම කොලපාට ගැහුන හෙලවල් දිහාව කටත් ඇරන් බලන් ඉන්න එයාම වෙලාවකට වලාකුලු කැටිති අවිදින් හාදු තියන කදු මුදුන් දිහා අනූ...අර බලන්න....අනු අර බලන්නකො ගගා සැරින් සැරේම මාව ලොකු නිම්නගෙන් උදුරගන්නකොට පුංචි එකෙක්ගෙ හුරතල් කතාවට කන් දෙන අප්පච්චි කෙනෙක් වගෙ කෝ වස්තු....කෝ මැනික....ගගා මං එයා ඇගිල්ල දික් කරන කරන දිහාවට ඇස් කරකවනකොට මන් බලාගන මගෙ පරිනත නිම්න මගෙ ළාබාල ප්‍රේමවන්තයගෙයි මගෙයි පින්තූර දෙක තුනක්ම මං වෙනුවෙන් මගෙ ඵෝන් එකට එකතු කරනවා.....

...මගෙ මයුරට කවදාවත්න මාව අමතක වෙන එකක් නෑනේද...මාව අතෑරෙන එකක් නෑනේද.....

පොඩි නිම්න ආයම එයාගෙ ලෝකෙට තනියෙන් පියාඹන්න ගත්තා.....උඩරට මැනිකෙ සටපට ගගා හෙමින් සීරුවෙ කන්ද උඩරටට සේන්දු වෙන්ඩ කිට්ටු කරපු වෙලාවක සරසවි උයන ස්ටේශන් එක පහු කරන් ඊලග ස්ටේශන් එකේ නවතිනකොට මගෙ ආදරනීයම මලගිය ඇත්තා මගෙ අත් දෙකම අරන් එයාගෙ අත් වලට හිරකරගත්තා....

එයා අහනවා මට එයාව අමතක වෙන එකක් නෑනේද....එයාව මට අතෑරෙන එකක් නෑනේද කියලා...

මං මුලින්ම කෙරුවෙ එයා දිහා තත්පරයක් බලන් උන්න එක.....ඊලග වතාවෙදි මං කෙරුවෙ එයාගෙ පිට අල්ලට උනුහුමත් සුරක්ශාවත් පිරුන හාදුවක් තවරපු එක.....

මෙච්චර වෙලාම හැල්මෙ ආව මැනිකෙට මහන්සි හැදිලා හතිලාන ගමන් උන්නා....

පුදුම තරන් ලස්සනයි....මන්දා.....අනිත් කරුනු කාරනා කෙසේ වෙතත් මේ වටපිටාව ගත්තම මේ මින්ස්සු පුදුම තරම් පොහොසත් කියලා හිතුනා...ඒ මින්ස්සු පුදුමාකාර තරන් වාසනාවන්ත ඇති කියලා හිතුනා.....හූ තියාගන එන යකඩ කදන් රෑ යාමෙත් බිම් කරුවලෙත් මේ රේල් පාරෙ යනකොට ඒ මිනිස්සු මේ හැමදේම හරි ලස්සනට දකිනවා ඇති හිතුනා පරිසර විපරියාස එන එකොට එ ඒ කාලෙට පිපෙන මල් හන්දා ඒ ඒ ගස් කොලන් වැහිලා යනකොට ඒ මිනිස්සු මේ වටපිටාව හරි ආසාවෙන් විදිනවා ඇති හිතුනා ...

ඔන්න දැන් තමයි වෙලාව...එයා මගෙන් අහපු ප්‍රශ්නෙට එයා මගෙන් බලාපොරොත්තු වෙන උත්තරේ දෙන්න එන වෙලාව...

මගෙ ආදරනීයම වස්තුව....මගෙ හදවත ගැහෙන තාක්.....උඹ මගෙ හදවතෙ ජීවත් වෙන්වා...ඉතින්....හදවතේ ජීවත් වෙන මිනිස්සු කවදාවත් මතකෙන් අතුරුදහන් වෙන්නෙ නෑනෙ රත්තරන් ....

එයා හිනා උනා....හරියටම එයාගෙ ඉහට උඩින් මල් වැස්සක් වැස්සා වගේ.....

ඒත් එක්කම එයාගෙ උනුහුම්ම උනුහුම් අල්ලක් ඇවිදින් මගෙ කම්මුල නතර උනා...මන්දා..අල්ලෙන් එකයි ආදරේ.....

වස්තුව....දින මාස සති අවුරුදු කාල වකවානු....ඍතු කීයක් ගෙවුනත්...පුලුවන්ද මං එනකන් බලන් ඉන්න.....

ම්න්....පුලුවන් ...මොකද...මං මොන දේ නැති උනත් ආදරේ විශ්වාස කරනවා නිම්න.....මගෙ කතාවෙ අනු චරිත නෑ...හැමෝම ප්‍රධාන චරිත..ඒ කතාව සර්ව සම්පූරන වෙන්න නම්....හැම ප්‍රධාන චරිතයක්ම ඉන්න ඕන.....මං ආසයි ඔයත් එක්ක මේඑ අත් එකට පටලවන් හීන අහුලන්න...කිව්වත් වගේ...නාඹර කාලෙ ගෙවිලා අහවර වෙලා තියෙන්නත් පුලුවන් ...අම්මා අප්පච්චිට මගෙ අත් වාරුව ඕන වෙන කාලෙ ලන් වෙන්නත් පුලුවන් ...සමහර විට....මගෙ ඉහ නිකට පැහෙන්නත් පුලුවන් ...උඹ කිව්වා වගේ....ඍතු පහු වෙලා....තවත් ඍතු ලබන්නත් පුලුවන් ...ඒත්...මට අදාල.ඍතුව.....මයුරට අයිති ඍතුව ලබන තාක්.....මගෙ හදවත උඹවෙනුවෙන් හැමදාම නාඹර වේවි නිම්න.....

මිදුලෙ කොනේ තියන ගැටපිච්ච වැලේ මල් හැමදාම පිපේවි.....කාලෙකට කලින් නන්දනී වෙනුවෙන් සුවද දුන්න ගැට පිච්ච දැන් සුවද දෙන්නෙම උඹයි මායි හන්දා කියන තැනට මං මේ ආදර ගණුදෙනුව අස්සෙ ගිලිලා අහවරයි....

යම්කිසි කාල පරාසෙකට මං තනි වේවි....දැනට පිරිලා තියන මගෙ අත් දෙකත්...උඹලව දරාගත්තු මගෙ උරහෙත් යම් තාක් කාලෙකට හිස් වේවි...මකුනුදැල් බදීවි.....ඒ උරහෙ පාලුවට යාවි...ඒත් වස්තුව...අපි වෙනුවෙන් පිපුන අර ගැටපිච්ච මල් පිපෙන් නැතුව ඉදීද ....නන්දනී වෙනුවෙන් පිපුන ගැටපිච්ච මල් පිපෙන් නැතුව තියේවිද.....නැ....පිපෙනවා....!වෙනදා වගේම සුවද ගහනවා....උබගෙ මතක ඒ සුවදෙත් තැවරිලා තියනවා...දවසක් ඒවි....එදා ඒ රතු ගහපු ගැටපිච්ච මලම ආයම සුදෝ සුදු පාටට ඒ කොන්ඩ ගෙඩිය වටෙ ආයමත් එතෙන...හැබැයි මං ප්‍රාර්තනා කරනවා...උඹලට වගෙම ඒ හිතටත් සැනසීම...

ඉතින්...මට බලාපොරොත්තු පොදි බැදන් උඹ එනකන් බලන් ඉන්න හේතු තියනවා.....මගෙ ජීවිතේ කීවෙනි හන්දියේදි උඹ ආවත්....මේ ආදරේ....මේ ආදරේමයි නිම්න....

ආයම මැනිකෙ හූ තිබ්බා....හිරිමල් ඉර අව්ව හෙමි හෙමීට නාඹර වෙන්න හදනකොට ඒ ඉර එලිය මැදම මැනිකේ ආපහු ඉහලට ගාටන්න ගත්තා.....එයාගෙ මූනෙ හිනාවක් ඇදිලා තිබ්බා..මං හිතන්නෙ එයා බලාපොරොත්තු උන හැම උත්තරේම මං එයාට දුන්නා....

අපි තව ටිකෙන් බහින්න ලගයි.....

මං ආයමත් නිහඩ කම බිදින්න හැදුවා.....ඒත් ඒ මූනෙ හිනාව එහෙම්මයි...ඒ ඇස් තවමත් මගෙ මූනෙමයි....වචන නෑ...හැගීම් විතරයි....අච්චර ලොකු හෑල්ලක් කියලත් එයා ලාපාට හිනාවකින් බලන් ඉන්නවා...ඉර අව් රැල්ලක් ඇවිදින් එයාගෙ මුනට වැටිලා එක ඇහැක් සම්පූරනම හේසල් පාට වෙලා තිබුනා...ආය අටුවාටිකා ඕන් නෑ...මේ තියෙන්නෙ දෙවියන් නිදහසේම අඹාපු රූපයක් ...

මගෙ මයුර....දවසක අපි හරි ලස්සනට ජීවිතේ බෙදාගනීවි...!

මයුරයා....අනෙ...හ්..අම්මෙහ්....තට්ටම....නෑ...නෑ....වගේ.....යෝහ්...කටෙන් කෙලත් පෙරුනද මන්ද...මට අපේ සෙනේගෙ කකුල උඩ කන පැලෙන්න නින්ද ගියානෙ....දැන් චුට්ටකට කලිණ් ඇහැරුනේ....

එහෙමද....

මට හිතෙනවා ඇයි මං අපරාදෙ නිදගත්තෙ කියල සෙනෙ....

ඒ ඇයි....

නෑ.....මොන ණය බර තිබ්බත්.....ජීවත් වෙන්න විදිහක් නැත්තටම නැති හන්දා ඇදි වත විතරක් ඉතුරු කරන් මිනිස්සු රට ගියත්...මේ රට පුදුම තරම් ලස්සනයි උදාර.....අපරාදෙ.....මට කියන්න තියෙන්නෙ එක වචනයයි...හැබැයි ඒ වචනෙ අස්සෙ අනන්ත අප්‍රමාන විදිහට කලකිරීම තියනවා සෙනෙ...ඔව්වා කතා කරලා තේරුමක් නෑ...මට මූන චුට්ටක් හෝදන් පම්ප් එකක් දාන්න යන්න ඕන බොක්ක් පැලෙන්න වගේ....නිකන් හරි බුරිය ගාවට පාරක් වැදුනොත් කලිසමෙ යනවා...රවිදුවා උබ එනවද.....??බුංජි පුතා...මයුරයා...එනවද එනවද...අනේ උඹලා ආවත් නාවත් මං යනවා..කලිසමේ යන්ඩ වගේ.....

කල්පනයා වාශ්ප උනා...පලවෙනි පංතියෙ මහත්වරුන්ගෙ විවේකාගාරය කියලා ගහලා තිබුන පැත්තට කල්පනයා කගවේනා වගේ පිඹගෙන ගියා....ඇත්ත....උගෙ කතාව හරි....ඉහ උස්සන්ඩ බැරි වෙන නයතුරුස් කන්දරාව පැත්තකින් දැම්මොත් මේ රට කියන්නෙ පුදුම තරම් ලස්සනයි කියන්න මාත් හදවතිම්ම පිලිගත්තා.....

-මහනුවර-

මං ඒ අකුරු දිහා තත්පර ගානක් බලන් උන්න.....ආයමත් මගෙ අත් දෙක මගෙ ආදරේ වෙනුවෙන් සින්න් වෙල යනකොට මං බලාගන ජනා අයියා කොට රවිදුවගෙ මුන පිහනවා.....අවුල් උන කොන්ඩෙ හදනවා...අරූ නිකන් බබා වගෙ ඉන්නකොට ජනා හතර වට කැරකි කැරකි කොටාගෙ අඩු පාඩු හදලා ඌව අතින් අල්ලගත්තා...

ඇගේම යන්න එනවා කියලා පම්ප් පාරක් දාන්න ගියපු කල්පනයා ආයමත් උදාරයගෙ අවදානෙ ගන්න එක එක විකාර කරනකොට මගෙ ආදරේ අත් දෙකෙම්ම අල්ලගත්තු මං මොකාද මේ ආදරේට අසම්මතයි කියලා ලේබල් කරපු පරයා කියලා කල්පනා කෙරුවා...

වස්තු අපි යමුද...

එක වස්තුවක් ඔලුව වැනුවා...අනිත් වස්තුව හිනා උනා.....

නුවරට වහිනවා...

ධාරානිපාත වරුසාවක් නොවුනත් හීන් හිරිකඩක් ඇවිදින් සෙංකඩගල තෙමනවා.....මට ඉස්සරහින් යන...මාව පහු කරන් යන.....මගෙ පස්සෙන් එන තවත් ආදරවන්තයො තමන්ගෙ ආදරෙ එක අතකින් අල්ලගන යනකොට මගෙ ජීවිතේ මට හරි පුදුම වරමක් දීලා තිබුනා...

ඒ.....මගෙ ආදරේ අත් දෙකම්ම අල්ලන් යන්න....ලාමක හිතක්...පරිනත හිතක් එක පාරම මේ අත්වලින් අල්ලන් යන්න....

නුවර හරි කලබලයි ..ගෙන්දගම්පොලව වගේමයි.....එක එකා තමතමාගෙ වැඩ රාජකාරි වලට යනකොට අපි වගේ පිටගම් කාරයො දලදා වීදිය අල්ලන් උන්නා....

වලාකුලු බැම්ම...කිරිමූද....දලදාව...

ඒ තුන් සංකලනෙම හිත සැනසීමකින් පිරෙව්වා...

මං මගෙ ආදරේ වෙනුවෙන් මගෙ සැනසීමම කැපකරාපු මනුස්සයෙක් උනත්.....මේ මොහොතෙ...මේ ගෙවන තත්පරේ ඇතුලත පුදුමාකාර සැනසීමක් අත් වින්දා...

.වස්තුව අර...

මං මුලින්ම හැරුනෙ දලදාව වදින්නවත් පින් මදි උනාය කියපු මගෙ මලගිය ඇත්තා දිහාවට.....

දලදාව....

එයා මිමිනුවා....

දැක්කත් ඇති.....ලගට යන්න පිනක් නොවුනත් ඇති මගෙ හිත පිරුන මයුර....

ඒ වචන අස්සෙ තියන අහිංසක කම ගනින්න බැරි තරම්....ඈතින් පේන දලදාව් දිහා හරි ස්‍රද්දාවන් බලාගන උන්න එයා එයාගෙ හිත පිරුනා කියනකොට මන් එයගෙ කන් පෙත්තකට ලන් උනා...

...ඊලග වතාවෙ යන්න මං ගිහින් පින් කරන් එන්නම් මැනික.....

ඒක පොරොන්දුවක්.....මිනිස්සුන්ට බෑ දොයියො බුදුන් ඉස්සරහා කඩවෙන පොරොන්දු දෙන්න....

අනූ යන්න...

..ඒකට කමක් නැද්ද නිම්න.....

කමක් නෑ.....මෙතන මගෙ තනියට ජනත් ඉන්නෙ....

අනේ ජනා අයියෙ ..අපෙ බුංජියව බලාගන ඔයත් පරිස්සමින් ඈ....අනේ මන්දා...මෙච්චර දුර එකට ඇවිත් දාලා යන්නත් බෑ හිත රිදෙනවා...ඒත් නොයත් බෑ.....රැවුලයි කැදයි දෙකම ඕනෙ වගේ බුංජියො...

ඒකට කමක් නැ කල්පන...මේක ඔයාලගෙ වරදක් නෙවෙනෙ...උදාර ඔයා මෙයාව එක්ක යන්න...

බබා එන්න.....ඒ දෙන්නට ඒ දෙන්නා ඉන්නවනෙ....

හ්ම්....ඒ උනාට මට දුකයි අප්පා...ඇත්තමයි මං ඉන්නෙ මෙ දලදාව ගාව නෙවේ නම් අරූට වැහි නැති හෙන හතේ චක්කරේම ඉල්ලනවා.....

එන්න යන්න.....

උදාර යන්න ගියා.....ආයමත් තොරතෝංචියක් නැතුව කියවන කල්පනයවත් ඇදන් උදාරයා යන්න ගියා....සෑහෙන වෙලාවක් ජනා ගාව තැවරුන රවිදුවත් යන්න ගියා...ඒත් මම තවමත් එතනමයි.....

නුවරට මන්දාරම ගහලා.....හීන් වැහිකෝඩෙ සැරින් සැරේම ඇවිදින් අපිව තෙමනකොට මං මගෙ දුරුතු හද තනිකරන්න හිත හදාගන්න බැරිව බලන් ඉන්නකොට දලදාවට යන්න පෙරුම් පුරන ලාබාලයා අත් පිරෙන්න මල් තෝරනවා...

මං අතරමන් වෙලා...නිම්නයන් දෙකකට හිර උන මම අතරමන් වෙලා....

අනූ යන්න.....

මට වේදනයි....

මේක දලදාව වදින අවසන් වතාව නෙවෙනෙ මගෙ මයුර...දවක මේපාරෙම අපි දෙන්නා ආයම යාවිනෙ....යන්න ගිහින් වැදගන එන්න.....මෙච්චර දුර ආව එකෙ...පේ උන හිත තලා ගන්න එපා සුදු මල්ලි.....ඒක පව්...මට පුලුවන් මේ කිරිමූද දිහා බලන් ඉන්න.....

එයා මට යන්න කියනවා....සැරයක් දෙසැරයක් නෙවෙ...තුන් හතර් සැරයක්ම.....සුචිත්‍රම්මා ගාව පොරොන්දු දුන්නට මොකද...එක හදවතක් එලි පත්තෙ තියලා අනිත හදවත එක්ක බුදුන් වදින එක මගෙ හිතට හරි අමාරු උනා..ඒත් මං ඇත්තටම මූන දෙන්න ඕන....මීට වඩා වේදනාවන්ට මං මූන දෙන්න ඕන...අත් දෙකම පිරෙන්න මල් පුරවගත්තු අනිත් අහිංසක ඇස් දෙක අනිත් පැත්තෙන් බලන් ඉන්නකොට දෙකටම මැදි උන මං අවසානෙදි මං මගෙ මලාවු ප්‍රේමවන්තයව තියලා ළාබාල ප්‍රේමවන්තයා එක්ක දලදාව වදින්න එන්න ආවා....

ඕක දාන්න...

අනූ....ආ අව්ල්න්න.....

මේ මල් එක ඔයාට....

මේ හදුන් කූරුත් ඔයාට...

ඔය ඇහෙන හැම දෙබසම මගෙ පොඩි නිම්නගෙ...අඩහෝරාවක්....හරියටම අඩහෝරාවකින් මම එයා එක්ක බුදුන් වැන්දා.....මට ඉල්ලන්න මහා දේවල් තිබුන් නෑ..හැම බැදීමම අතෑරපු උන්වහසේගෙන් මට ඉල්ලන්න මහ මෙරක් තරම් තිබුන් නෑ.....හැබැයි....ප්‍රාර්තනා කරපු එකම දේ මහ මෙරක් තරම් උනා....මං මගෙ වස්තුවගෙ සැනසීම ප්‍රාර්තනා කෙරුවා...මතු උපදින ජාති ජාතිත් කවදාවත් කොතනකවත් මේ වගේ දුකක් ඇති වෙන්න එපාය කියලා ප්‍රාර්තනා කෙරුවා... ඒ හිතට සතුට විතරක් උරුම කරන්න කියල අවසානම ප්‍රාර්තනාව.මං වෙනුවෙන් කෙරුවා.....ඒ.....උපදින ජාතියක් පාසාම....මේ හිත මටම උරුම කරන්න කියලා.....

මං බලාගන එයා උන්නෙම ඇස් පියාගන.....භාවනාවක් වගේ...එයා ඉල්ලන දේ මොක උනත් මං බුදුන් ගෙන් ඉල්ලුවා ඒ හදවත ප්‍රාර්තනා කරන දේවල් දෙන්න කියලා ...මං බුදුන්ගෙන් ඉල්ලුවා ඒ හිතට ඇස් වලට සැනසීම...අවසානෙදි අඩ හෝරාවක් යනකන් බුදුන් ගාව වැදන් උන්න මම එයාගෙ පස්සෙන් එයාට මල් තියන්න වදින්න ඕන කියන හැම තැනටම ගිහින් අවසානෙදි එයා එක්ක පහන් අවුලන තැනට ආවා.....කල්පනයා උදාරයා කොහෙද මන්දා...අඩ හෝරාවකින් මං ආවත් රවිදුගෙ කදුලු පිරුන ඇස් වලට තව ඉල්ලන්න දේවල් ගොඩගැහිලා උ තාමත් බුදුන් පාමුල වැදගන උන්නා...

අනූ....අපි දෙන්නම මේක අවුලමුද.....

හා...

මං එයගෙ අහිසංක ආසාවට පන දුන්නා...අහිංසක කම පිරුන ඇස් වලින් මගෙ දිහා බලන් මැටි පහනක් අවුලමුද අහනකොට මන් කොහොම නම් බෑ කියන්නද...මමත් මගෙ ආදරෙත් මැටි පහනක් ඇවිලුවා.....

තෙල් සුවදයි....මල්සුවදයි....හදුන්කූරු සුවදයි....මේ ඔක්කොම එක්ක මං බලාගන ඒ මූන පුරාවටම ශාන්ති සුවය පිරිලා තිබුනා.....

අනූ....

වස්තුව.....

මගෙන් අහන් නැද්ද ප්‍රාර්තනා කෙරුවෙ මොනවද කියලා.....

එහෙම අහන්න කැපද වස්තුව....?

ඒත් මට අනූට කියන්න ඕන...

ම්න්.....කියන්න.....

කල්පනත් උදාරත්‍ රවිදුත් නැති තැන මම එයා එක්ක ගිහින් පඩියකින් ඉදගන්නකොට එයා බිම තිබුන බෝ කොලයක් අරගන හරි පරිස්සමට අතේ ගුලිකරගන්න ගමන් මා.දිහා බැලුවා....

මං ප්‍රාර්තනා කෙරුවෙ මෙච්චරයි ....උඹව ජාතක කරන්න ධාතුව දුන්න ඒ අප්පච්චි ත්....උඹව නමමහක් දරාගත්තු ඒ අම්මවත් මතු උපදින හැම අත්මෙකම උඹටම දෙන්න කියලා.....ඒ වගේම මරනෙට අඩ ගැහුවත් උඹ වෙනුවෙන් ඉන්න ඒ කල්‍යාණ මිත්‍රයන්ව ඉපදෙන හැමසංසාරෙම උඹගෙ සහෝදරයො කරන්න.....

ඒ වගේම....වචනවලට හරවන්න බැරි තරන් වේදනාවක් උහුලන ආදරේ පරිමාවක් නොදැන ආදරේ දෙන උඹව උඩ ඉන්න තිස්තුන් කෝටියම රැකවල් කරන්න....මේ සංසාරෙ නැති උනත්.....ඊලග සංසාර කන්නෙ...නිම්න කියන මාව මයුර කියන මේ ආදරෙ පිරුන මනුස්ස පරානෙට අයිති කරන්න....

උඹට ජාති ජාතිත් පින් අයිති වෙනවා මගෙ මයුර...දරාගන්න වේදනාව ටොන් ගානකින් බර උනත් එකම වතාවක් වත් මාව මගින් අතනෑරම හේතු නැතුවම මට දෙන ආදරේට...මගෙ රත්තරන් ..දවසක ගෙදර බුදුන් දොරෙ බුදුන් එක්කම උඹලත් බුදු වෙන්න ඕන.....උඹට තියෙන්නෙ හරි පින්කාර හිතක් මගෙ මයුර...හාදුවකට එහා වැටකඩුලු බිදින්න පුලුවන් කම ඕනාවටත් වඩා තියනකොට,එකම රාගික බැල්මකින් වත් ඇස් කිලිටි නොකර මාව මලක් වගේ රකිනවට...බිදුන මාව හදවතින් දරනවට උඹට ජාති ජාතිත් පින් අයිති වෙන්න ඕන..මගෙ මයුර....උඹ මේ කරපු පිනම ඇති.....වස්සාන කාර්තු සාරාසංඛ්‍ය කල්පලක්ශෙකින් උඹව සරුසාර කරවන්න

මගෙ මයුර....උඹව කෝටි තිස්තුනක් දෙවියොම බලාගන්න ඕන මයුර.....!පින්....උඹට අනේක වාරයක් පින්.....දලදාව වදින්න පිනක් නැතුව උන්න මාව දලදාවට ගෙනාවට....

තාවකාලිකව වෙන් උනත් මොකද.....උඹයි මායි ආයම එකතුවෙන්නම ඕන මිනිස්සු මගෙ මයුර.....සමහර මිනිස්සුන්ට හමුවෙන්න පින් තිබුනට එක් වෙන්න පින් මදි වෙනවා....මේ අත්මෙදි උඹගෙ නිම්නට පින් මදි උනාට...ඊලග රොබොරෝසියා කාර්තුවෙදි උඹත් මමත් අනිවාර්යයෙන්ම බුදුන් ගාවට...මේ දලදාවට.....මේ තරම් පින් පිරුන නුවරට එනවමයි කියලා මං ප්‍රාර්තනා කෙරුවා මගෙ මයුර.....!

....

රත්...තරන්....

........ස්තූතියි ...අනේක වාරයක් පින්....උඹගෙ පලවෙනිම ආදරේ ලබන්න තෝරගත්තට මගෙ හදවත .....එ වගෙම...මං ප්‍රාර්තනා කරනවා.....උඹගෙ පලවෙනියත්...අන්තීයමත් මමම වෙන්න කියලා ...මගෙ අතින් ලියවුන ෆැනටසි අස්සෙ ජීවත් වෙන ඒ පින්කාර පිරිමිපරානෙ මං අද ජීවමානව දැක්කා මගෙ මයුර....එ උඹයි!

ඒ උඹම තමයි.....රොබොරෝසියා පිපෙන අලුත් වසන්තෙක මාත් එක්ක මේ නුවරට ආපහු වරෙන් මගෙ නිම්න....

ඒක මගෙ පොරොන්දුවක්...මේක ලොව්තුරාබුදුන් ඉස්සරහා දෙන පොරොන්දුවක්...!

🥺ආයම.කොටසකින් හෙට එනකන් පයිස්සමින් ඉන්ඩ

ආතරෙයි මගෙ පුතුකිලා හැමෝටම...

ඒ වගේම හෙට විභහගෙ ලියන හැම නංගි කෙනෙක්ටම මං හදවතිම්ම සුභපතනවා.....ඔයාලට ජයෙන් ජයම ප්‍රාර්තනා කරනවා....

ආදරෙයි....

මම ජොබි

Nedeesha ❤.

More Chapters