Cherreads

මෙලඩි ඔෆ් ඕටම් පියෝනි

ANDRYRAFAELLO
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
278
Views
Table of contents
Latest Update1
012025-05-31 17:44
VIEW MORE

Chapter 1 - 01

Yeveen pov:

"අද සාතන් අප අතර ඉන්නවා...."

අද සාතන් අප අතර ඉන්නවා කියලා සුවාමි කියනවත් එක්කම මම හිමීට පල්ලියට පිටිපස්සෙන් තියන කනත්ත දිහා බලලා ඉක්මනට තාත්තගෙ කකුලට හේත්තු උනා...

මට බයයි...සාතන් ඇවිත් ඇදගන යයි කියලා.....ලොක්කම්මා කියනවා මේ ලෝකෙ විනාස වෙනවලු....විනාස වෙන දවසට ස්වර්ගෙ ඉන්න ජේසු එයාගෙ තාත්තා එක්ක මහපොලවට එනවාලු.....ඇවිදින් මැරිලා වලලපු මිනිස්සුන්වත් මිනි කදු දෙබෑ කරන් නැගිට්ටවනවා කියලා .....එහෙම නැගිට්ටවලා...අපි ජීවත් වෙලා ඉන්න කාලෙ කරපු හොද වැඩ නරක වැඩ එකින් එක බලනවලු...නරක පැත්තෙ බර වැඩි උනෝතින්....එයාව අපායට ඇදගන යනවලු...හොද පැත්ත බර වැඩි උනොතින් ...අපිව ජේසු ගාවට අරන් යනවලු...

මගෙ අම්මෝ...බයේ බෑ...

මම උන්නෙ පැදුරෙ ඉදගන...අම්මයි තාත්තයි නම් අකුලන පුටු දෙකේ....අම්මට ඉතින් බිමින් ඉදගන්න බෑනෙ....අපේ අම්මට මල්ලි බබෙක් හම්බෙන්න....හෙට අනිද්දා ගෙනේවි.....

මම එහෙම්ම බෙල්ල හරවලා අම්මා දිහා බැලුවා...අම්මා පුපුරන්න ඔන්න මෙන්න තියන බන්ඩියට අතකුත් තියාගන අල්තාරෙ උඩ ඉදන් දේශනාව තියන සුවාමි දිහා බලන් උන්නා...

කිව්වත් වගේ මල්ලි බබා ආවම අම්මට මාව අමතක වෙයිද.....අම්ම මට වඩා මල්ලි බබාට ආදරේ වෙයිද....

මගෙ ඇස්වලට කදුලු පිරුනා...මේ පූජාව මැදම....මෙච්චර කල් අම්මා තාත්තා මැද නිදාගත්තු මට ලොක්කම්මා කිව්වා දැන් අනිත් කාමරේ නිදා ගන්න මල්ලිව ගෙනාවම ඇදේ තියන්න ඕනෙ කියලා ....එහෙම කිව්වට පස්සෙ තමා අරුනි අක්කා කිව්වෙ දැන් ඉතින් මට ආදරේ වෙන්නෙ නෑය කියලා ..... ඒක අසාදාරනයිනෙ...මමනෙ අම්මගෙ පලවෙනි බබා....ඒත්...ඉතින්...එයා නම් මම වගේ වෙන එකක් නෑනෙ.....

සුවාමි දේශනා කරනවා..."සකේවුස්" ජේසු එනවා බලන්න උස මදි හන්දා අත්තික්කා ගහකට නැගලා ජේසු දිහා බලපු හැටි කියනවා.....දේව මාලිගාවෙ බදු එකතු කරන සකේවුස්ගෙ ගෙදරට ජේසු රෑ කෑමට එනවා කියලා කියපුවාම ඒ මනුස්සයා අඩනවා කියනවා....

පව්කාරනයන්ට ජේසු සමාව දෙනව.....එහෙමයි ටීචත් කියලා දුන්නෙ...හැබැයි ඉතින් අපි සමාව අරන් ආය කරන් නෑ කියලා පොරොන්දු වෙන්න ඕනලු...නැත්තන් වෙන්නෙ අපායට යන්නලු....

ජේසු අච්චර මිටි සකේවුස්ට සමාව දුන්නා කියන්නෙ...මට නොදී ඉන්න එකක් නෑනෙ නේද....

මම දහම්පාසල් ගෙනාව බෑග් එක ඇරලා මගෙ පොත එලියට ගත්තා ....අම්මා වත් තාත්තා වත් මට මොකුත් කිව්වෙ නෑ.....එයාලගෙ ඇස් තිබුනෙ අල්තාරෙ දිහාවට.....

මම පොත පෙරලන්න කලින් පොත උඩ තිබුන නම දිහා බැලුවා.....

(ඩබ්ලියු .යෙවීන් සංජාන ප්‍රනාන්දුපුල්ලෙ..වයස අවු8)

නමට යටින් පන්තිය.....තුනවසර ඒ...ශාන්ත මරියා දහම් පාසල...

මම ආසයි...දහම් පාසල් යන්න.....මම ආසයි ඉස්කෝලෙ යන්න.....ඒ උනත්.....මම ආස නෑනෙ තනියෙන් ඉන්න...

මම ආස නෑනෙ හුගක් කතා කරන්න.....

හුගක් කතාරන්නෙ කොහොමද ....වචනයක් දෙකක් කතා කෙරුවට පස්සෙ යෙවීන්ට ගොත ගැහෙනවානෙ.....ගොත ගැහුනම...ළමයි යෙවීන්ට හිනා වෙනවානෙ... ඒ ළමයි යෙවීන්ට " ගොතයා " කියනවනෙ.....

මගෙ හිත හුගක් රිදෙනවා....

ත්...ත්...තාත්...තේ....

ඉදලා ඉදල බැරිම තැන මම තාත්තට කතා කෙරුවා...මේ දවස් වල දහම් පාසල් කොන්සට් එක....ඒත් ඉතින් ගොත මම හරි බයයිනෙ සිංදුවක් වත් කියන්නෙ කොහොමද...අනිත් ළමයි වචන දහයක් කියනකොට ...සමහර වෙලාවට මම එකම වචනෙ ගාව නැවතිලා.ඉන්නවා...

මම තාත්තට කතා කෙරුවා ...එයා මගෙ දිහා බලල හිමීට නැවෙනකොට අම්මත් ඇයි බලන්න මාදිහ බැලුවා...

ත් ..ත්....තාත්තෙ...මං...ඉන්..ඉන්..ද...අද....

ඇයිඑ....

න්..නි...නිකන්...

ඒක පූජාව ඉවර වෙලා බලමු....දැන් ඉස්සරහා හැරෙන්නකො ...

එයා මාව ආයම ඉස්සරහට හැරෙව්වා...

අවංකවම මට යන්න බෑ.....ධර්මදූතෙට ගියහම අර බාලයන් මා වෙතට එන්න ඉඩ දෙනූ...කියන එක කියනකොට හැමදාම මට පැටලෙනවා.....මම හැම දාම කරන්නෙ අනිත් අය කියනකොට පලවෙනි වචනේ කියලා අනික නිකන් ඉන්න එක....මට තාම මතකයි දහම් පාසලෙ උගන්නන සිස්ටර් නම අහපුදා මගෙ නම යෙවීන් සංජාන කියන්න කට අරිනකොට මම කිවෙ.. "ම..මගෙ නම..යෙ..යෙ...යෙවීන් සංජාන.."කියලා...එදා ඉදන් සමහරක් මට යෙ යෙවීන් කියන්න ගත්තා ...මම කවදාවත් මගෙ වාසගම කියන්නෙ නෑ....මට ඒ නම හරි බර වැඩීයි....ප්‍රනාන්දුපුල්ලෙ.....ෆර්නෑන්ඩො පුල්ලෙ...ඕක හරි බරයිනෙ.....

මම කල්පනා කෙරුවා ...සුවාමි කියපු මෙලෝ දෙයක් කනට නොගත්ත මම අම්මගෙ බඩ දිහාත් බලලා ඇතුලෙ ඉන්න මල්ලි බබාට හිතින් ඔයා නම් මම වගේ ගොත වෙන්න එපා කියලත් කිව්වා....පැයක්...හමාරක් යනකොට පුජාව ඉවර වෙනකොට දහම් පාසල් නවතින ළමයි අනිවාර්යයෙන්ම නවතින්න ඕනා වෙනකොට නවතින්න බෑ කියපු මාව තාත්තා අතින් අල්ලගත්තා ....මං යන්න බෑ කියලා කියන්න අම්මා දිහා බලනකොට අම්මා මගෙ මූනට පහත් උනා...

මගෙ පුතාට අලුතෙන් සූට් එකකුත් මැහුවෙ කොන්සර්ට් එකට යන්ඩනෙ...ඉතින් නොයා කොහොමද ...

අම්මා කියනවා මට අලුතෙන් සූට් එකක් මැහුවෙ කොන්සර්ට් එකට යන්ඩ කියලා ...ඒත් ඉතින් මන් අනිත් ළමයි වගේ නෙවෙනෙ ..මං ඉන්නෙ ගහකටනෙ....ගස්වලට කතා කරන්න නෑනෙ ..කට පියාගනනෙ ඉන්න තියෙන්නෙ....ගස්වලට කොහෙද දෙබස් තියෙන්නෙ.....?

සමහර විට ගස් වලට කතා කරන්න පුලුවන් උනා නම්...ගසුත් ගොත ගහයිද....?හරියම යෙවීන් වගේ....?ඒත්....යෙවීන්ට තියෙන්නෙ එසේ මෙසේ ගොතයකුත් නෙවේනෙ.....මගෙ දිව අඩුවක් දාලා වත් අදින්න බැරිද දන්නෙ නෑ....

මං වෙලාවකට එහෙමත් හිතුවා.....වැඩි කතා බහක් නැති...පැත්ත ගහලා ඉන්න මට දෙයක් එක පාරක් කිව්වම අහන හන්දමද කොහෙද මගෙ අම්මට වත් තැත්තට වත් එකම දේ කියලා මට බලකරන්න ඕන උනේ නෑ....

එකක්...මට කවදාවත් අම්මා තාත්තා ගාව කට ගහන්න බෑ....වචනයක් කටෙන් එලියට ගන්නකොට සමහර වෙලාවකට ඒ වචනෙ මගෙ දත් වල හිර වෙනවා .....

කියා ගන්න ඕන දේ කියාගන්න බැරි වෙනකොට මං කෙරුවෙ ගිරියෙන් කෑ ගගපු එක...කොන්ඩෙන් ඇදගත්තු එක....පස්සෙ කෙරුවෙ මං කට පියාගන ඉන්න පුරුදු උන එක...

ඔයාට කන්න මොනවද අරන් දෙන්න ඕනෙ....

අම්මා කොහෙවත් නොයා අපි ඉදගත්තු තැනම ඉදන් ඉන්නකොට බෙල්ලෙ එල්ලගන්න වතුර බෝතලේ විතරක් මගෙ බෙල්ලට එල්ලපු තාත්තා දහම්පාසල් බෑග් එක අතට අරන් එතනම තිබුන කඩේට යනකොට ඒ වෙනකොටත් දහම් පාසල් නවතින්න බලන් ආව ලමයිගෙන් කඩේ වැහිලා තිබුනා..අනේ ජෑම් බනිස් නැතුව ඕන දෙයක්.....කැට බනිසුත් නැතිව ඕන දෙයක්...මම.ආස නෑ.....ඒ වගේම බිත්තර මැදට ඔබපු රෝල්ස්...මං ඒක කන්න කොච්චර ආස උනත්....ඒක මට කවදාවත් ඉවර වෙනකන් කන්න බෑ....අපේ පන්තියෙ ඉන්න නාහෙට නාහන කොල්ලො හැමදාම ඒක උදුරගන්නවා....මට බෙදාගන කන්න කියලා යාලුවොත් නෑ.....මං දැකලා තියනවා....එයාගෙන් කෑල්ලක් මෙයාට දනකොට මෙයා එයාට කෑල්ලක් දානවා...ඒත් ඉතින් මට කව්ද ඉන්නෙ....

මම තාත්තා දිහා බැලුවා.....

බි..බි..බිත්තර... ....හ්හ්... ....

බිත්තර බනිස්ද?

නෑ...මට කියන්න ඕනා උනේ බිත්තර දාපු රෝල්ස් එකක් කියලා...කවුරු උදුර ගත්තා උනත් කමක් නෑ...මට ඕනෙ බිත්තර රෝල්ස් එකක් කියලා...ඒ.උනත්...බිත්තර කියන වචනෙ එලියට දා ගත්තා උනත්....රෝල්ස් කියන වචනෙ මගෙ දත් අස්සෙ හිර වෙනකොට මම ඇස් පොඩි කරලා මම අනිත් වචනේ එලියට ගන්න හැදුවා....

අනේ මට බැරි උනා...මට ඕන දේ කියාගන්න බැරි වෙනකොට තාත්තා ඒකට වෙන වචනයක් ගලපලා මාව පැත්තකින් හිට ගස්සවලා කඩේ දිහාවට හැරනෙකොට වෙන පන්තියක උන්න දෙන්නෙක් තුන්දෙනෙක් කෑම.අරන් මාවත් පෙරලන් යන්න ගියා වගේම මට ඉබේටම ඌයි කියවුනා....

ඌ...යිහ්....

ආ..හ්..මේ...තුනේ පන්තියෙ ගොත

යෙවීන් නෙ...

යෙ..යෙ..යෙවීන්.....

යෙ...යෙ..යෙවීන්...

වැටුන මම නැගිට්ටා....මම නෙවෙ වචනයක් කිව්වෙ.....වැටුන මන් දිහා උන් හැරිලා.බැලුවා....මම වෙනුවට මෙතන වෙන එකෙක් උන්නා නම් උන් සමාව ගන්න ගියා...ඒත් වැටිලා උන්නෙ ගොතයෙක්....කොහෙද සමාව.....

වැටිලා උන්නෙ නමවත් කියාගන්න බැරි එකෙක්....උසුලුවක් වෙනවා ඇරෙන්න වෙන මොන කතාද...ලමයිගෙ මලකරච්චලේ හන්දා මේක වෙන කාටත් ඇහුන් නැති හන්දා හොදයි...අනිත් උන්ට ඇහුනා නම්...උන් හිනා වෙයි....තාත්තට ඇහුනා නම්...දුක හිතෙයි....තාත්තා කිව්වනෙ යෙවීන් හිතලා එහෙම ඉපදුන් නෑ කියලා .....තාත්තා කිව්වනෙ යෙවීන්ටත් කවදා හරි කතා කරන්න පුලුවන් වෙයි කියලා ...

ඒත් ඉතින් ඒ "කවදා හරි" කියන දවස තවම ආවෙ නෑනෙ... සමහර විට ඒ දවස එන්න තව හුගාක් කල් යනවා ඇති.....නැත්තන් තාත්තා එහෙම කියන්නෙ නෑනෙ...අනික තාත්තලා බොරු කියන්නෙත් නෑනෙ...නේ.....

මගෙ දිව කොටයිලුනෙ....දිව ඇදලා ගන්න අඩුව තවම ගෙනත් නැද්ද කව්ද දන්නෙ.....මං හිතන්නෙ මට දිව ගිලෙන්න ඇති....

මම තතවත් ටිකක් පැත්තකට උනා...නැත්තන් එන යන හැමෝම හප්පන් ගිහින් අවසානෙදි හිනා වෙලා යන්න යාවි....

මා..මි....අනේ....අනේ..හ්....යන්න...එපානෙ...යන්න...එපානෙ.....

යන්න එපානෙ කියන්නෙ....මං යන්න එපැයිනෙ.....මේ අහන්නකො...මාමි දැන් යන්නම්....ගිහින් ඉක්මනටම එන්නම්....හොදද....

එපානෙ....එපානෙ.....අනේ...මාව...මාව....එක්ක....යන්න...එක්ක යන්න.....මං කැමති නෑනෙ...මං...මං ...කැමති...නෑනෙ....

මම උන්නෙ අරලිය ගහ යට...පොරකන කඩේ ගාව එහා මෙහා විසි වෙවි උන්න මම එහා පැත්තෙ අරලියගහ යටට වෙලා ඉදන් බෙල්ලෙ එල්ලන් උන්න වතුර බෝතලෙන් වතුර ටිකක් බීලා බාගයක් ගිලින් නැතිව ඉතිරි ටික කටේ තියන් ඉන්නකොට මම උන්නට අඩි දෙක තුනකට එහායින් කෙල්ලෙක් අඩනවා ඇහුනා...මම බෙල්ල හරවලා බැලුවා...

ඔව්මයි....කෙල්ලෙක් නේන්නම්....අර.....අඩනවා.....ඉන්න බෑ කියලද කොහෙද ...එයා එක්ක උන්න තනි කලු ඇදුම ඇදන් උන්න එක්කෙනා අඩන කෙල්ල කම්මුල් අත ගාලා අඩන්න එපාය කිව්වා...

අප්පො...මෙ කෙල්ලො අඩනවනෙ හැම වෙලේම...මට නම් එපා නංගියෙක්..මට ඕනා මල්ලියෙක්....හැබැයි එයා මට වඩා ලොකු වෙන්න ඕනා....ලොකු වෙලා මට ගොතයා කියපු හැමෝටම ගහන්න ඕනා....

අමේලි....කියන දේ අහන්නකො....අර අතන ඉන්න බබත් බලන් ඉන්නව...මෙහෙ එන්න...මෙහෙ එන්න...අපි එයාගෙන් අහල බලමු ඔයාගෙ පංතියේද කියලා .....ඉක්කෙ...ආව පලවෙනි දවසෙම අඩන්න එපා....ළමයි හූ කියයි.....එහෙ වගේ නෙවෙනෙ මෙහෙ.....හොද ලමයනෙ....

අපො....අර...ඒ මාමා අඩන කෙල්ලව මගෙ ගාවට නේද එක්ක එන්නෙ....

මම ඉක්මනට තාත්තා එනවද කියලා බැලුවා...අනේ තාත්ත නෑනෙ...අනික මම නොදන්න අය එක්ක කතා කරන්නත් හරි බයයිනෙ.....එයත් මට හිනා උනෝතින්....

අඩන කෙල්ලව එක අතකින් අල්ලගන කලු පාට ඇදුමක් ඇදන් උන්න එයා මගෙ ගාවට එනකොට මට මෙතනින් පැනලා දුවන්න ඕනා උනත් දුවාගන්න බැරි වෙනකොට මගෙ කකුල් එක තැන ගල් උනා....

බබී...මට තුන වසර ඒ පන්තිය කොහෙද තියෙන්නෙ කොහෙද කියලා කියන්න පුලුවන්ද...?

අඩන කෙල්ලහෙ කදුලු පිහ පිහ මගෙ ගාවට ආව එයා මට බබී කියලා කතා කරනකොට මගෙ කටෙ තිබුන වතුර උගුර ඉබේම ගිලුනා වගේම එයා තුන වසර ඒ පන්තිය කොහෙද අහනකොට මම අඩන කෙල්ලගෙ මූන දිහා බලලා ඉක්මනට අපේ පන්තිය තියන පැත්තට ඇගිල්ල දික් කෙරුවා ....

ඒ පැත්තෙද.....හරි....අමේලි...අඩන්න එපා...මේ බලන්නකො..මේ මල්ලිත් බලන් ඉන්නවා.....ඔයාට හූ කියයි....

අනේ...මා...මී...යන්න...එපානෙ..මෙහෙ එපානෙ....මෙහෙ....එපානෙ.....

මෙහෙ එපා කියන්නෙ....මෙහෙ නැතිව කොහෙ යන්නද....අනික මේ බලන්න මෙර් මල්ලිත් බලන් ඉන්නවා...එයා ඔයාට හිනා වෙයි ....

එයා මට මල්ලිලුනෙ.....අඩන කෙල්ලගෙ මාමා මට මල්ලිලු....මම මල්ලි නෙවේනෙ...මමත් තුනේනෙ...ඒත්...ඒ කෙල්ල මහතයි...යෙවීන්ට වඩා ලොකුයි...

මම කොලර් ඒකේ එල්ලලා තිබුන ලේන්සුවෙන් මගෙ කට පිහිදගන කෙල්ල දිහා බලනකොට කෙල්ල එයාගෙ මාමගෙ ඇගේ එල්ලුනා...

මාමි.....එපා....ඉන්නකො..

කෙල්ල එල්ලෙනවා..... එයාගෙ මාමා මාව පෙන්නලා අඩන්න එපා කියනවා...මම මහෙ ඇස් ලොකු කරන් එයාගෙ මාමා දිහා බලන් ඉන්නවා...

(ධවාන් සංධීර් ඒකනායක... වයස අවු33)

ඇ...ඇ...ඇයි එයා...අ...අ...අ.ඩන්නෙ....

මම කතා කෙරුවා ...ජීවිතේ පලවෙනි පාරට මම නොදන්න කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා...තත්පර ගානක් යනකන් වචන එක්ක රන්ඩු කරල කරලා හරි අමාරුවෙන් මම වචන එලියට දැම්මා...ඔලුවත් පොඩ්ඩක් පැත්තට ගස ගස මම එයාගෙන් ඇයි අහන්නෙ කියන එක මම හරී අමාරුවෙන් අහනකොට එයා මගෙ දිහා බලලා හිනා වෙනකොට අනේ මට දුක හිතුනා.....එයත් මට හිනා වෙනවා.....ඒකනෙ...අම්මා හැමදාම කියන්නෙ නොදන්න අය එක්ක කතාවට යන්න එපා කියලා .....

එයාට අම්මව ඕනලුනේ.....බලන්නකො ...මෙ අක්කා හරි නෝටියි ....ඔයා නම් අඩන් නෑනෙ....

ම්ම්ම්

ඔයා කීයවසරේද ඉන්නෙ බබී....

එයා මගෙන් අහනවා මම කීයෙද ඉන්නෙ කියලා ... මම මගෙ ඇගිලි තුනක් පෙන්නලා තුනෙ කියනකොට එයා පොඩ්ඩක් කට ඇරියා ....එයාට ව්ස්වාස නැද්ද දන්නෙ නෑ.... ඒත් ඉතින් මං තුන වසර තමානෙ.....

තුනේ කියපු මම ආයම අත පහල දැම්මා....මෙච්චර වෙලාම අඩපු කෙල්ල ඊලග පාර එයාගෙ මූන අර මාමගෙ කලිසම් කකුලෙ අතුල්ලලා කදුලුයි නහයයි දෙකම පිහිදන් මා දිහා බලලා මගෙ බෙල්ලෙ එල්ලන් උන්න වතුර බෝතලේ උන්න කොලපාට ගව්ම ඇදපු සුරංගනාවි දිහා බැලුවා...බලලා මගෙන් නාහම මගෙ බෝතලෙ ඇල්ලුවා....

ටින්ක් බෙල්....මාමි මේ....

ඔව් මයි...අපේ අමේලිටත් තියනවා...මේ බබාටත් තියනවා.....මෙයත් තුන වසරෙලු....අමේලිට පුලුවන් නේද මේ අලුත් යාලුවා එක්ක යන්න....මාමා මෙතන ඉන්නම්...යන්නෙ නෑ....

මාමි ප්‍රොම්ස්ද.....

ම්ම්න්...ප්‍රොමිස් ...යන්නෙ නෑ...හොද බබා වගේ මෙයා එක්ක යන්න.....කෝ ඉතින් අලුත් යාලුවගෙ නම අහන්න....නැත්තන් කතා කරන්න බෑනෙ....

මගෙ යාලුවා.....මේ කෙල්ලද.....අර මාමා මගෙ ඔලුව චුට්ටක් අතගාලා මේ බබා එක්ක යන්න කිව්වා විතරක් නෙවෙ...මෙච්චර වෙලාම අඩපු කෙල්ල මගෙ අතිනුත් අල්ලගත්තා ...එයා මගෙ නමත් ඇහැව්වා.....

මොකක්ද බබී ඔයාගෙ නම....

ඒ මමා දෙවනි පාරටත් අහනවා..ඒත් මම කොහොමද නම කියන්නෙ....මට ගොත ගැහනවනෙ.....එයත් මට පස්සෙ යෙ යෙ යෙවීන් කිව්වොත්...මට දුක හිතෙනවනෙ...

ඔයාට නම කියන්න ලැජ්ජද....මේ ඉන්නෙ අමේලි....එතකොට....මගෙ නම...සංධීර්....අමේලිගෙ මාමා...එතකොට මට කියන්නකො අපේ අමේලිගෙ යාලුවගෙ නම....මං ආය ආවම දන්නෙ නෑනෙ අපේ අමේලිගෙ යාලුවගෙ නම මොකක්ද කියලා....

එයා ආයම මගෙ නම අහනකොට මම මගෙ අත තදින් අල්ලන් උන්න කෙල්ලහෙ බෝල අත දිහ බලන් ඉදල ඒ මාමා.දිහා බැලුවා....වෙනදා විදිහටම කතා කරන්න වචන හොයන්න...උගුරෙ තියන වචනෙ එලියට ගන්න මගෙ බෙල්ල ඉබේටම පොඩ්ඩක් ඇල වෙලා වචනෙ කියන්න කලින් දෙපාරක් විතර ඇරි ඇරි වැහුනා...අවසානෙදි මං හරිඅමාරුවෙන් එයාට මගෙ නම කිව්වා.....

යෙ....යෙ...වී ...න්.....

යෙවීන්.....ශා...හරි ලස්සන නමක්නෙ....අමේලි...ඇහුනද.....ඔන්න ඔයාගෙ යාලුවහෙ නම යෙවීන්.....

යෙවීන්...

පුදුමයි.....පුදුමෙනුත් පුදුමයි...අනේ ඒ දෙන්නම මගෙ නම එක පාර හරියටම කිව්වනෙ...එයා මගෙ නම කෙලිම්ම යෙවීන් කිව්ව...එයා වෙන අය වගේ යෙ යෙ වීන් නොකියා...කෙලිම්ම යෙවීන් කියනකොට මගෙ මූනට ඉබේම හිනාවක් ආවා වගේම මම මගෙ අලුත් යාලුවා එක්ක හිනා වෙනකොට පොරකාපු ළමයි ගොඩේ ඉදලා තාත්තා මගෙ කෑම එක අරන් එනකොට මම කෙල්ලවත් ඇදගනම තාත්තා ගාවට දිව්වා....

මොකද මාමා කෙනෙක් ඇවිත් මට අලුත් යාලුවෙක් දුන්නා...

මගෙ නම හරියටම කියන යාලුවෙක් දුන්නා...

යෙ...යෙ...යෙවීන් නොකියා කෙලිම්ම යෙවීන් කියන යාලුවෙක් දුන්නා...

ත්....ත්....තා...ත්තේ....යෙ...යෙ...යෙවීන්...ගෙ...ය්...ය්.....යාලුවා...මේ....මෙ...තා....ත්...ත්.....තෙ.....මේ...

🍁ම්හුක්...කවර් එක හම්බුනාම...මේ ලමයට එක චැපියක් දාන කන් ඉන්න බෑනෙ....ඔන්න දැම්මා.....

මේකේ....ඒජ් ගැප් එක...සෑහෙන්න ලොකුයි.....

ඉතින්.....යෙවීන් ලොකු වෙනකන්....චුට්ටක් ඉවසමු...

ඒජ් ගැප් එක ලොකු උනාට මේක සීනි තාත්තා සීන් එකක් නෙවෙ ඈ....

ඉතින් කතාව ඇඩ් කරලා තියාගන්න ...අග්ගියා එක්ක එන්නම්...

මම

Ferdeesha ❤️💚😘 .....