Cherreads

Chapter 79 - 79

යෙවීන්.....

ම්න්....

තුන්වෙනි දවසටත් ඉර පෑව්වා.....සතියකට පස්සෙ ඇස් ඇරපු මම ඇස් ඇරලා...දවස් තුනක් ගෙවෙනකොට මම උන්න කාමරේ මාරු කෙරුවා ....

ඇහින් දුටු සාක්කි පරිස්සම් කරන්න ඕනා හින්දම ඇමතියා තවත් ඇමති සද්දන්තයො දෙන්නෙක් තුන්දෙනෙක් දෙනෙකොට මගෙ හදවත පොඩිවෙලා යන තරම් ගල් දෙක තුනක් මගෙ පපුව උඩින් තියාගන මම හුස්ම ගත්තා .....

සංධීර් ...එයා මට යෙවීන් කිව්වා...තුන් දවසකට පස්සෙ ආව සුදු කොල ගොඩක් මගෙ ප්‍රශ්නවලට උත්තර අරන් එනකොට මම පඹගාලක පැටලිලා උන්නා...

බාප්පද...තාත්තා...

මගෙ ඔලුව මට බිත්තියක ගහගන්න හිතුනා....

ඇබිත්තම.....

...

එයා මගෙ ඔලුව අත ගානවා.... .

ඇබිත්තම.....මේ බලන්න...

ස්ස්...ස....

ශ්ශ්...කො..මගෙ පැත්ත හැරෙන්න...

මම හැරුනා...මෙච්චර වෙලාම යකඩ කූරු කූරු ගහපු ග්‍රීල් එකේ එල්ලීගන උන්න මම අවසානෙදි සංධීර් දිහාවට හැරුනා..හැරිලා ඒ මූන බලන් උන්නා....

ස්ස්...සංධීර් ...ර්‍ර්...රෝස...මලක....ක්ක්.කටුවක්....ඇ..ඇනුනම.....ම්..මලද....ප්ප්...පලි...න්න්....න්න්....

අපියි පලි....නටුව වත්...කටු වත්...මලවත් නෙවෙ...නටුවෙන් මල කඩපු අපියි පලි යෙවීන්.....

එහෙ....නම්.....

ඇයි මල් නටුව පුරාවටම කටු තියෙන්නෙ....ම්ම්ම්.....

........

නටුව පුරාවටම කටු තියෙන්නෙ...මල අයිති ගහට විතරක් කියන්න මිසක්....මල අයිති අපිට නෙවෙ කියන්න නෙවෙද.....

බබා.....

ස්ස්..සංධීර් ...ම්ම්..මගෙ...ඔ.ඔලුව...යකාගෙ....ක්ක්..කම්මල....වෙලා....

යක් පැටියගෙ ඔලුව කම්මල වෙලා නම්...කෝ එන්න....

එයා මාව එයාගෙ උකුල උඩ ඉන්දවගත්තා ...ඒකත් හරී ප්‍රවේසමට.....ඉනට ඇබිත්තකුඩින් තියන පිහිපාරවල් වල තුවාල වේදනාව තවමත් දැනෙනකොට එයා මාව නොදරුවෙක් ඉන්දවගන්නවා වගෙ මාව ඒ උකුල උඩින් ඉන්දවගන මගෙ ඔලුව අතගෑවා....

මේ අහන්නකො.....මම අහන දේවල්වලට ....ඔයාට මතක උත්තර දෙන්න පුලුවන්ද ...ඔලුවට හුගාක් බරක් නොදි...පුලුවන්නම්...මට උත්තර දෙන්නකො.....

රෙහාන් සුධීර ප්‍රනාන්දුපුල්ලෙ ....

සුදු කොල උඩ ලියවුන තාත්තගෙ නම දිහා මං බලන් උන්නා....

පීතෲ බීජ දුරවලයි....

ඒ අකුරු මගෙ ඔලුව පුරා එහා මෙහා යන ගමන් මට වද දෙන්න ගත්තා ....

ඇයි අම්මා තාත්තට ඕක හැංගුවෙ....තාත්තගෙයි වරද කියලා...අච්චර බැනුම් කන්දක් අහගන....වද ගෑනි කියන නම අලවගන ..ඇයි ඔය තරම් දුක් වින්දේ...ඇයි ඔය තරම් නින්දා අපහස වින්දෙ.....

ආදරේ..ආදරේ කියලා.....හිත රිදෙයි කියන බයට තමන්ගෙ හිත තලාගන ඔච්චර කැපකිරීම් කරපු අම්මා...

අනෙ ඇත්තටම මෝඩයි....

අම්මා හිතන්න නැතුව ඇති තාත්තා මේ තරම් දෙයක් කරාවි කියලා...අම්මා හිතන්න නැතුව ඇති තාත්තා කවදාවත් අම්මව අතාරී කියලා ...

යෙවීන්.....

අ..අහන්න....ස්..සංධීර් ...ම්..මට...මතක...ද්..දෙයක්..න්න්..නම්....මං....ක්..කියන්නම්....

ම්න්....හරි....

....

මාතලෙ ඉන්නෙ කව්ද.....

ක්ක්..කිරි අම්මා....

ම්ම්.....මට කියන්න.....කී පාරක්.එහෙ ගිහින් තියනවද....ගියහම කොච්චර කල් ඉන්නවද කියලා.....

.එයා මගෙන් ඇහුවා...මාතලේ ගියහම කොච්චර කල් ඉන්නවද කියලා ....

කිරි අම්මා...ඉස්කෝලේ නිවාඩුවකට ඇරුනම....මං කවදාවත් මාතලේ ගිහින් නෑ....එකක්....කිරි අම්මලා.....ආච්චම්මලා වගේ මිනිස්සු නෙවෙ...හරි අහිංසක....එදා වේල හම්බකරන් කන.....දුප්පත් මිනිස්සු...හැබැයි...ආච්චම්මා වගෙ කුහක කම තියන මිනිස්සු නෙවෙ...බොක්කෙ තියන දේ හරි දෙනවා...

ඇත්තටම ....තාත්තා කිව්වා වගේම මගෙ අම්මා දුප්පත් ගෑනියෙක් ...තාත්තා අම්මව හොරෙන් බැදලා රට අරන් ගියා මිසක්කා අම්මට වත්කමක් තිබිලා නෑ...අම්මලා මාතලේ අලු විහාරෙ හරියෙ....වෙසක් එකට තාත්තලා අලුවිහාරෙ ගිහින් එහෙදියිලු අම්මව දැකලා තියෙන්නෙ...

ඉ..ස්කෝලෙ ...න්..නිවාඩුවට....ව්...විතරයි....ය්..යන්නෙ....

කොච්චර කල් ඉන්නවද...

ම්ම්.....

මාසයක්....

න්න්...න්න්..නෑ....

සතියක් ....

ම්ම්

ඇත්තටම සතියට වඩා අපි ඉන්නෙ නෑ තමයි.....ඒ ගියත් තාත්තා ඉන්නෙ අපිව එක්කන් ගිය දාට විතරයි ....එකක් කිරි අම්මගෙ ගේ චූටියි...කිරි තාත්තා නිදා ගන්නෙ ඉස්සරහා ඉස්තෝපුවෙ බූරු ඇදක.....අම්මගෙ කාමරේ උනත් හරි පොඩි කාමරයක් ...අම්මගෙ කාමරෙ කියන්නෙ...ඒ ගෙදරටම තිබුනෙ ඒ කාමරෙ විතරයි .....ආච්චම්මගෙ ගෙදර වගේ ඇටෑච් බාතෲම් නෑ.....ලින් තියෙන්නෙ...කොටිම්ම කිරි අම්මලා හරි දුප්පත් ගම්බද මිනිස්සු.....තාත්තා ආවට දාට තාත්තට ඇදක් නැතුව නින්ද යන්නෙ නෑ කියලා හැමදාම අපි දෙන්නව දාලා යනවා...මට අම්මා ඉන්නවා නම්...ඕන තැනක්...

සතියකට .....වඩා....වැඩියෙන් ඉදලම නැද්ද.....

ම්ම්ම්.....න්න්...

හොදට මතක් කරන්න ...

මං කියන්නෙ....ඉස්කෝලේ නිවාඩුවකට යනවා ඇරුනම....වෙන හේතුවකට ගියේම නැද්ද.....

සංදීර් මගෙන් අහනව.....ඉස්කෝලෙ නිවාඩුවකට ඇරෙන්න ගියෙම නැද්ද කියලා ...මම ඇස් දෙක වහගන සංධීර්ගෙ පලල් පපුවට හේත්තු උනා....එයා උන්නෙ මාව අත් දෙකෙම්ම තුරුල් ලරන් මගෙ පිට දිගෙ අත ගගා වෙනකොට මටත් නොදැනෙන්න එයා මගෙ හිස්මුදුනට හාදුවක් තිබ්බා...

මතක නැති නම් කමක් නෑ...මහන්සි වෙන්න එපා...ඔලුවට හොද නෑ...

එයා මට මහන්සි වෙන්න එපා කිව්වා.....ඒත් මම උන්නෙ අවුරුදු දහයකට උඩින් මතක ගොඩක් අස්සෙ පීන පීන.....

ස්ස්...සංධීර් ....

ම්න්....

අ...අප්...අපි...ග්..ගියා.....

ම්ම්ම්....කොයි කාලෙද.....

මම ඔලුව කැසුවා.....ම්ම්...මල්ලි..බබා...හම්බෙන්නකලින්.....අම්මට මල්ලි බබා හම්බෙන්න කලින්....

ස්ස්....ස්...ස්....

වැටෙයි....දරුවො.....

මම දැගලුවා.....මතක අස්සෙ පීන පීන උන්න මට අහම්බෙන් වගෙ මතක් වෙනකොට මම දැගලුවා ....

අ...අපි ග්..ග්...ගියා.....අම්..මයි....ම්ම්...මායි.....

ම්ම්...කා එක්කද.....කොච්චර කල් උන්නද...ඇයි ගියෙ.....

අපි හුගක් කල් උන්නා...මං ඉස්කෝලේ ගියෙත් නෑ වෙන්න ඇති....ඔව්...නේන්නම්.....මං ඉස්කෝලේ ගියෙ නෑ....මන් ජංගි කොටයක් ඇදන් උදෙ ඉදන් රෑවෙනකන් කිරි තාත්තගෙ පස්ස පාරෙ ගියා.....ගම්මැද්දෙ ගියා.....කොස් ඇට ඇහින්දා .....කිරි අම්මා එක්ක කොස් ඇට පිච්චුවා...

ඇයි....කොස් ඇට ගුලි...

අ...අ..අනෙ....ස්ස්...ස්...සංධීර් ...ම්ම්..මට....ක්ක්..කොස්....ඇට ඕනෙ.....

මම ඉදල ඉදලා මෝඩ කතාවක් කියනකොට සංධීර් ලාවට වගෙ හිනා උනා....හිනා වෙලා මගෙ තාර පුකක් වගෙ ඉදිමිලා තිබුන කට එයාගෙ පිට අල්ලෙන් හෙමින් පිහ දැම්මා...ඇයි ඉතින් දත් පහක්ම හැලිලනෙ කතා කරනකොට කෙල විසික් වෙනවා ....

නොදරුවා

මගෙ.....

එයා මිමිනුවා ....නොදරුවා කියපු එයා මට බීම බටෙන් වතුර ටිකක් පොවලා ආයම කතාව අහන්න හරි බරි ගැගෙනකොට මම කොස් ඇට ගුලිය මතක් කරලා කෙල ගිලලා ආයම කතාව මතක් කෙරුවා ...

ම්ම්..මං.....ද්...දෙක...ප්...පන්තියෙ උන්නෙ...

ම්ම්ම්...

අ..අපි...ක්ක්..කිරි...අ....අම්මලාගෙ ග්..ගියා....හ්හ්..හැබැයි.....ත්ත්...තාත්තා....එ...එක්ක නෙවෙ....

එහෙනම්...

බ්බ්...බ්බ්...බස් එකෙ...

මං ඔලුව කැසුවා ....ඇත්තටම එදා මාව අම්මා ඉස්කොලෙ ඇදුම පිටිම්මයි එක්ක ගියෙ....වෙනදට කිරි අම්මලාගෙ යනකොට තාත්තා මෙහෙන් මාලු කරවල හාල් තුන පහ හැමදේම ලෝබ කමක් නැතුවම කිරි අම්මලාට අරන් යනවා ....ඒත් එදා අම්මා මාව ඉස්කෝලෙම්ම අරන් ගියා...අම්මගෙ අතෙ තිබුනෙ එක බෑග් එකයි....ඒකෙත් මහ දෙයක් තිබුන් නෑ....

අම්මා යනකම්ම කෙරුවෙත් ජනෙලෙන් පිට බලන් ඇස් දෙක පිහපු එක...

ස්ස්...සංධීර් .....අ..අම්මා....එදා....හ්..හුගාක්....ඇඩුවා ....අ..අපි...ගියෙ බස් එකේ....ත්ත්...ත්තා...ත්තා.....අපිව...එ...

එක්කන්....ග්..ගියෙත්....න්න්..නෑ.....

ම්ම්....ගිහින්.....ඊට පස්සෙ කොච්චර කල් උන්නද....තාත්තා කතා කෙරුවද.....බලන්න ආවද.....

තාත්තා බලන්න ආවද.....???මම ජෙනේලෙන් එලිය බලාගන උන්නා...ඇත්තටම තාත්තා ආවෙ නෑනෙ...ඔව්.....තාත්තා ආවෙ නෑ...නේන්නම්.....මම ඉස්කෝලෙ ගියෙත් නෑ.....පිච්ච පන්තියෙන් රෝස පන්තියට මාරු උනත්....තාත්තා ආවෙ නෑනෙ නේන්නම්....නෑන්.....පස්සෙනෙ....රෝස පන්තියට ගියෙ.....

මම කල්පනා කෙරුවා ....

මම ඇස් දෙක පියාගන ජංගි කොටෙ ඇදන් උන්න යෙවීන්ව හොයාගන පියෑඹුවා...මගෙ වැඩෙ කිරි අත්තගෙ සරමෙන් අල්ලන් පුලුවන් තරම් කඩචෝරු ගිල ගිල ගම්මැද්දෙ ගිය එක.....පිටි කුක්කු වෙනුවට රත්තියගෙන් කිරි බීපු එක.....කිරි අම්මා කඩෙට දාන්න පුච්චන ආප්ප වට්ටිය ඔලුවෙ තියන් කඩ කඩ ගානෙ ගිය එක...

"රෙහාන්...මම තවත් ඔය ගෙදර ඉන්නෙ නෑ රෙහාන්.....ඇති....මට දැන් හති රෙහාන්....ඔයාට ඔහෙ ඉන්න.පුලුවන් ...මං දරුව එක්ක මෙහෙ ඉන්නම්..."

මම ඇස් වහන් උන්නා.....අවුරුදු දහයකටත් උඩදි අම්මා කියපු වචන පොලව පලාගන උඩට මතු වෙනකොට මම මගෙ කන් දෙක අත් දෙකෙම්ම වහගත්තා ...

"යෙවීන්...…සුදු මහත්තයා ....තාත්තා බලන්න එන්නෙ නැද්ද...?

"ගිය උන්ට ඉන්ඩ දීපන් රෙහාන්....ගිය උන් මොකටද....මදැයි දැන්.....මාත් බලන් ඉන්නවා ඉන්නවා.....කෝ...තව පුලුවන් උනාද ඒකිට බඩ වෙන්න..."

"අම්මෙ...."

"ත්ත්....ත්ත්....තාත්තියේ....."

මට එච්චරයි මතක....මට තාත්තා කතා කෙරුවා මතක් උනා...අම්මා එන්නෙ නෑ කිව්වා මතක් උනා...ඒ ඔක්කොමත් මැද....ආච්චම්මා ගිය උන්ට යන්න දියන් කියපු හැටි මතක් උනා... ...තාත්තා කෑ ගැහපු හැටි වගේම.....ඉදලා ඉදලා කතා කරපු තාත්තට මම තාත්තියෙ ගාපු හැටි මතක් උනා මම ඇස් ඇරියා...

ස්ස්...සංධීර් ....ත්ත්...තාත්තා කතා කෙරුවා .....

ම්න්.....තව....

බ්බ්..බලන්න....එන්නෙ....නැද්ද...ඇහුවා....

ම්ම්....තව.....

අ...අ...අම්මා...ක්..කිව්වා....එ..එන්නෙ...

නෑ..කියලා...

ම්ම්ම්...

තව...

අ...ආ....ආච්චම්මා .....

ඒ ගෑනි කොහොමත් බනින එකනෙ බබා....

මම ඔව් කියන්න ඔලුව වැනුවා...ඇත්තටම එදා අපි ගෙදරින් එන්න හේතුව....ආච්චම්මා ....ආච්චම්මා අම්මව එලියට දාලා...හේතුව....

මම හුස්මක් ගත්තා...මොකද...හේතුව පරන හේතුවමයි.....ළමයි බමයි නැති එකමයි....තාත්තා අම්මට කතා කෙරුවා .....එක්කන් යන්න එන්නම් කිව්වා...ඒත් අම්මා බෑ කිව්වා...එක්කන් යන්න එන්නම් කිව්වට....තාත්තා කවදාවත් මෙහෙ ඉන්න කැමති උනේ නෑ.....

යෙවීන්.....

ම්ම්...

මම උන්නෙ බිත්තියෙ මුල්ලක තිබුන මකුනු දැල දිහා බලාගන.....තනි සුදු පාට බිත්තියෙ ඇහැට නොපෙනන මකුනු දැලක් තිබුනා..බෙහෙත් ගද පිරුන කාමරෙ සංධීර් මට ගෙනත් දුන්න රතු රෝස වල සුවදත් දැන් මැකෙන ගමං තිබුන.....එයා දුන්න ටොපි උරෙන් ඇබිත්ත න් සයිස් ටොපි කෑල්ලස් සූප්පු මම ඊයෙ වරුවක් ඇඩුවා....ටොපි කෑල්ල දත් නැති වීදුරු මහක රැදිලා මාව මරනාසන්න වෙන්න ආවා.....

බාප්පා....බාප්පා ආවෙ නැද්ද යෙවින් ඔයාව බලන්න...

......

අම්මව බලන්න.....

......

ඇවිල්ලා....එක දවසක් වත්.....ඔය...ගෙදර....උන්නෙ නැද්ද.....යෙවීන්....

"බාප්පා..."

සංධීර් ආයම මගෙ පපුව උඩ ටොන් ගානක් බර ගලක් තිබ්බා.....බාප්පා ආවෙ නැද්ද ඇහුවා....

බාප්පා..එක දවසක් වත් ඔහෙ උන්නෙ නැද්ද ඇහුවා.....

මගෙ ඇස් එකට ඇකිලුනා.....ඇහිබැම රැලි වැටුනා.....ඇදන් උන්න පිට පලපු ඉස්පිරිතාල ගවුම මම මිරිකගන ජනේලෙන් එලිය බැලුවා...

බාප්පා ආවද...

බාප්පා ආවද....

බාප්පා ආවද.....

මගෙ හිත එක දිගටම එකම දේ ජප කරනවා.....බාප්පා ආවද....

"නෙහාන්....."

....

ඇයි.....නෙහාන්...මේ මහ රෑ...???

මට ලමයා නැතුව ඉන්න බෑ.....

.....

කෝ කොල්ලා.....

නිදි....

ඇයි ගෙදර නොඑන්නෙ...?

මම මගෙ කොන්ඩෙන් ඇදගත්තා ....ඒ කටහඩවල්....ආයමත් මගෙ ඔලුව අස්සෙන් ඇහෙන්න ගන්නකොට මම ඔලුව වැනුවා.....මගෙ අත් දෙකෙම්ම කන් දෙක පිහිදගත්තා .....

එදා වැස්ස.....

මහ ගන සැරේට වැස්ස......

ඉස්තෝප්පුවෙ නිදියන කිරි තාත්තා පවා එදා ගේ ඇතුලෙ උන්නා...ඇදක් නැති අම්මගෙ කාමරෙ ලොකු පැදුර උඩ ලිරි අම්මගෙ මල් වැටුන චීත්ත හතරපහක් එලලා අම්මා මාව ඒක උඩ නිදි කෙරෙව්වා ...සිමෙන්ති පිල මහ වැස්ස එක්ක සීතල ගහනකොට පුපුරන අකුනු වල සද්දෙටම සැරින් සැරෙ ඇහැරුනා වගේම අම්මගෙකට හඩ වගේම බාප්පගෙ කට හඩ මට අඩ නින්දෙන් ඇහුනා....බාප්පා ගාවින් එන රට සුවද....ළමයා නැතුව බෑ කියපු එක...ඇයි ගෙදර නොඑන්නෙ කියපු එක....මේ ඔක්කොම මට ආයම මතක් උනා වගේම සීත හින්දා වකුටු වෙල් උන්න මම බාප්පගෙ අත් අස්සෙ ගුලි වෙලා නිදා ගත්තු හැටි

...අවසානෙදි අම්මගෙ ඇබිත්තන් කාමරේ බාප්පගෙ සුවදින් වහුන හැටි මතක් උන මගෙ අත පය වෙව්ලන්න ගත්තා .....

යෙවීන්.....

....

යෙවීන්...

........

බ්බ්..බාප්පා...ආවා....ස්ස්..සංධීර් ....බ්..බාප්පා...ආවා...

.....යෙවීන්....

එ...එදා.....ර්..රෑ...මහ....වැස්සෙ....බ්..

බාප්පා...ආවා....ඉඩනැති....අ...අම්ම්ගෙ...ගෙදර ....මම...බ්බ්...බාප්පයි....අ..ම්මයි.....මැද්දෙ....නිදි...යෑවා.....

ඒ.....ළමයා...

න්න්..නෑ..නෑ....

අම්මයි....

ස්ස්....ස්ස්...

යෙවීන්.....කෝ..කෝ.....දෙයක්...තනියෙන් හිතන්න කලින්.....හදිස්සි තීරන ගන්න එපා යෙවීන් ....

මම මිමිනුවා..මම පිස්සුවෙන් වගේ කන්දෙක පිහිද පිහිද මුමුනන්න ගත්තා ....මම කැමතියි...මම....කැමතියි...මගෙ අම්මා..බාප්පා එක්ක....එකතු වෙනවා නම්...ඒත්...ඒත් මෙහෙම නෙවෙ....මිනිස්සු සතුටින් ඉන්න ඕනා කියලා අපි හැමෝම ප්‍රාර්තනා කෙරුවත්....සමහර දේවල් එකපාරම අපිට දරාගන්න අමාරුයි...හරියටම කවදා හරි...මගෙයි සංධීර්ගෙයි සම්බන්දෙ දැනගත්තම මගෙ අම්මා තාත්තට එක පාරම දරා ගන්න බැරි වෙනවා වගෙ තමයි....

ස්ස්....ස්...සංධීර් ...බ්බ්..බාප්පා....

යෙවීන්....එක පිටුවක් කියවලා.....මුලු කතාවම තීරනේ කරන්න එපා ...එදා රෑ බාප්පා ආවා....ඒකෙන් කියවෙන්නෙ නෑනෙ .....බාප්පා....අම්මා...එක්ක....

ඇති...

මං කන්දෙක වහගත්තා ...මට හිතම්න ඕන් නෑ....මට එහෙම දෙයක් හිතන්නවත් ඕන් නෑ.....අම්මා.සතුටින් ඉන්න ඕනා ගගා කියෙව්වට...මම කවදාවත් ප්‍රාර්තනා කෙරුවෙ නෑනෙ...අම්මයි තාත්තයි දෙන්නා හොදින් ඉන්නකොට බාප්පා අතරමැදියෙක් වෙනවට..... ...

මං සංධීර්ටත් කෑ ගැහුවා ...මං ඇති කිව්වා ....මට අහන්න ඕන උනෙ නෑ ඒ ළමයා බාප්පගෙ කියලා .....

මට අහන්න උනෙ නෑ බාප්පා එක්ක අම්මගෙ අනියම් සම්න්දකමක් තිබ්බා කියලා .....

ස්ස්....සංධීර් .....ඒ.....ඒ....ළමයා...

බාප්පගෙ ...

මගෙ ඔලුව උඩ හෙන හතක් පිපිරුවා .....ඒ ළමයා බාප්පගෙ කිව්වා එක්කම මට මගෙ ඔලුවම විකාර වෙන්න ආවා....

එතකොට ....

බාප්පා...එක්ක අම්මගෙ.....

මං මගෙ මූනම අත්දෙකෙන් වහගත්තා ....

බාප්පා එහෙනම් මොන මගුලටද අම්මව බාරගන්න බෑ කියන්නෙ...තාත්තා ඉන්නකොටම අම්මට ළමයෙක් දුන්නා නම්....

බාප්පා වෙස්සන්තරද....

අම්මගෙ දුක අහලා ළමයෙක් දෙන්න...බාප්පා දුක්ගන්නා රාලද...

ස්ස්..සංධීර් ....දෙයක් ....අ..අහන්නම්.....

යෙවීන්.....

ම...මං....දෙයක්...අ..අහන්නම්....

මං සංධීර්ගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා ....මට දැනගන්න ඕන උනෙ.....ආච්චම්මා අකමැති උන....බාප්පගෙ කෙල්ල කව්ද කියලා ....බාප්පාඒ ගෑනි එක්කත් ජීවත් උනාද ...එහෙම නැති නම්....කෙනෙක් උන්නා...කෙනෙක් උන්නා ගගා....බාප්පා ආදරෙ කරලා තියෙන්නෙ....

"අම්මට..."

මම නලල මිරිකගත්තා.....ඒ ළමයා බාප්පගෙ කියනකොටම මම නලල මිරිකගත්තා ...වෙන් මොකටවත් නෙවෙ.....එක කොනක් ඇවිස්සුවාම....වැලලිලා තිබුන සම්පූරනම කතාවක් එලියට ආවා වගේම මාව උස්සලා පොලවෙ ගැහුවා හා සමාන උනා ........

සංධීර් .....ක්ක්..කව්දාවත්....බ්බ්..බාප්පගෙ...ක්ක්..කෙල්ලව...දැකලා තියනවද...

මං ඇස් දෙක රතු කරගන බාප්පගෙ කෙල්ලව දැකල තියනවද අහනකොට මා දිහා බලන් උන්න සංධීර් නැහැයි කියන්න ඔලුව වැනුවා.....

බ්බ්..බාප්පයි....අම්මලයි....ම්ම්.මේ....හැමෝම....

මිලාන් වල උන්නෙ...

එ..එතකොට....ඔ..ඔයා...

වෙරෝනා...

බාප්පලා උන්නෙ මිලාන් වල ලු...සංදීර් ඉදලා තියෙන්නෙ වෙරෝනා වලලු....

බ්බ්..බාප්පව...හ්..හම්බුනේම නැද්ද...

මම සංධීර්ගෙ උකුලෙන් බිමට පැන්නා...පැනලා සංධීර් මූන එක අතකින් අල්ල ගත්තා ....බාප්පව හම්බුනෙම නැද්ද ඇහුවා...එයා හම්බුනා කියන්න ඔලුව වැනුවා....

ක්..කොහෙදිද...

පාදුවාවල.....

පාදුවා....වල....එයා කිව්වා බාප්පව පාදුවා වල හම්බුනා කියලා ....පාදුවා වලට නොයන මනුස්සයෙක් නෑ....ලන්කාවෙ මිනිස්සුන්ගෙන් පාදුවාව වැහෙනවා.....

ක්ක්..කා....එක්කද...

අම්මා එක්ක....

මට එතනින් එහාට මොකුත්ම හිතන්න ඕනා කමක් තිබුන් නෑ.....දන්න තරමින් තාත්තා වැඩ කරල තියෙන්නෙ රෙස්ටුරන්ට් එකක....බාප්පා වැඩ කරලා තියෙන්නෙ kodak එකෙ...බාප්පා තාත්තා කියන්නෙ.....අදක ඊයෙක ඉතාලි ගියපු මිනිස්සු නෙවෙ...මිනිස්සු ප්ලයිට් එකෙන් ඉතාලි යන්න කලින් බෝට්ටුවෙන් යන්න ගත්ත කාලෙ බෝට්ටුවලින් පැනපු උන් දෙන්නෙක්....

අම්මා බාප්පා එක්ක පාදුවාවලදි හම්බුනාලු.....

අවංකවම කතාව කියනවා නම්....මට...දැන් දැන්....තාත්තා ගැන අනුකම්පාවක් වගේම බාප්පයි අම්මයි ගැන තරහවක් ඇතිවේගන එන්න පටන් ගත්තා .....මෙච්චර වෙලාම තාත්තට දොස්පවරපු මම අම්මට වගේම බාප්පට හිතින් බනින්න ගත්තා විතරක් නෙවෙ.....මගෙ හිතේ හැගීම් මූනෙ එලියට පනින්න ගත්තා ...

ඇබිත්තම.....මිනිස්සු කවදාවත් ....තමන්ගෙ හිතේ තියන සීයට සීයම එලියට දාන්නෙ නෑ යෙවීන්....

ඒ...එත්.....ස්ස්...ස්ස්....සංධීර් ...ඒ..ළමයා....බ්බ්..බාප්පගෙ....නම්...

අම්ම ගැනයි...බාප්පා ගැනයි හිතෙ තරහවක් තියන් නේද දැන් කතා කරන්නෙ.....ම්ම්ම්....

එයා ඇහුවා අම්මා ගැනයි බාප්පා ගැනයි හිතේ තරහවක් තියන් නේද කතා කරන්නෙ කියලා .....

අවංකවම ඔව්....අවංකවම....ඔව්...බාපපා අපිව හොයන් මාතලේ ආවට පස්සෙ.....තාත්තා වගේ බාප්පා අම්මව දාලා දිව්වෙ නෑ....අපි එක්කම උන්නා...

ස්ස්..සංධීර් ....බ්බ්..බාප්පා....අපි...එක්ක....උන්නා ....

යෙවීන්.....ආදරෙ කියන්නෙ..මහ...බර වචනයක් .....හැබැයි....හරිම මනුස්සයා හම්බෙන තාක්....එ වචනෙ.....

ආ...අදරේ.....කියන්නෙ...බ්...බර....වචනයක්.....ඒක.....ඇ..ඇත්ත....අ...නිය..ම්.....ස්...සම්බන්ධ....යක්...උනොත්....ඒ...ආදරේ බරේ....තරම....ක්..කවුරුත් මනින්නෙ....නෑ....සංධීර් .....ව්ව්..වැරද්දට.....වැරදියි....ක්ක්..කියපන්...ස්..ස්....සංධීර් ...අ...අම්මා...ම්ම්..මුත්තා....උ...උනත්.....ව්ව්....වැරදි....

එතකොට උඹයි මමයි වැරදි නැද්ද මගෙ පුංචි පෙරකදෝරු මහත්තයා....ම්ම්ම්...

එතකොට...මේක අනියමක් නෙවේද.....

සම්මත නොකරපු....බැදීමක්...පවා ගනන් ගන්නෙ...අනියමක් විදිහට නෙවෙද යෙවීන්....ම්ම්ම්.....

උත්තර තියනවද.....

.....

උත්තර තියනවද යෙවීන් සංජාන...???

.......

අවුරුදු දහ අටක් කියන්නෙ.....වැඩිහිටියෙක් ...ඒත්..මං උඹගෙ තාත්තගෙ වයසෙ.....සම්මතද.....??

උඹ මම...පිරිමි පිරිමි.....සම්මතද.....???

උඹගෙ මගෙ ආදරෙ බර උනාට...සම්බන්දෙ සම්මතද යෙවීන් සංජාන....???

එයා අවසානෙදි කටහඩ උස් කෙරුවා ...එයා ඇහුවා අපෙ සම්බන්දෙ සම්මතද කියලා...

මාව ටික ටික අසරන වෙන්න ගත්තා...ඒත්....අසම්මත උනත්...බැදිමක් කඩාගන බැදීමක් පටන් ගත්තෙ නෑ....

ස්ස්...සංධීර් .....

ශ්ශ්...ළමයා බාප්පගෙ....මම කිව්වෙ එච්චරයි ....හැබැයි...උඹ හිතින් මුලු කතාවම ගොතාගන ඉවරයි....පලවෙනි දේ උඹට මං වගේ එකෙක් වෙන්න ඕනා නම්...නැට්ට විතරක් දැකලා....සතා මොකාද කියලා එක වචනෙන් තීරනේ කරන එක නවත්තපන් යෙවින් .....

මම කිව්වෙ ලමයා බාප්පගෙ කියලා....එච්චරයි ...හැබැයි ....මම කොතනක වත් කිව්වෙ නෑ අම්මා බාප්පා එක්ක සම්බන්දයක් තිබුනා කියලා.....

මම කිව්වෙ බාප්පයි අම්මවයි විතරක් හම්බුනා කියලා ...හැබැයි මම කිව්වෙ නෑ.....අම්මා තාත්තව හලලා බාප්පා එක්ක ඇවිත් කියලා ....

යෙවින්....යෙවීන්...යෙවීන්....ඇල්පෙනෙති තුඩක තරම් හෝඩුවාවක් තියාගන මහ පරිමානෙන් කතාව ගොතාගන හදිසි නිගමනවලට ආවොතින් වෙන්නෙ ..හරු උසාවිය නොමග යැවීම යටතෙ දඩුවම් විදින්න...

සංධීර් මගෙ ඔලුව අත ගාලාකොන්ඩෙ අවුල් කෙරුවා ....

බාප්පා මාතලේ ඇවිදින් මාස දෙකක් විතර උන්නා.....මම හරිනෙ...

ව්...වෙන්න ඇති.....ම්ම්.ම්මට

..මාස...ගනන්...ම්..මතක....න්න්..නෑ....

ඒ ඉන්න කාලෙ අම්මා මොකද කෙරුවෙ....බාප්පා මොකද කෙරුවෙ.....තාත්තා ආවද නැද්ද ...

ත්ත්....තාත්තා...ආවෙ...න්න්..නෑ.....

අ...අම්මා.....බ්බ්...බ්...බාප්පා....

අම්මයි බාප්පයි දවසෙන් හරියක්ම උන්නෙ ගෙදරින් පිට.....මං හරිනෙ....

......

ගෙදරින් පිට කියපු ගමන්...අනවශ්‍ය දේවල් ඔලුවට දාගන්න එපා යෙවින්....හරි ...කියන දේ අහලා....පස්සෙ ඕන එකක්....මං කිව්වනෙ...මිනිස්සුන්ගෙ හැගීම් තනිකරම නඩු අහන උසාවිය වගෙ...තත්පරෙකට කලින් අම්මට බාප්පට තරහා බදින්න හදපු උඹමයි....උන්ට පනකඩන් ආදරේ කෙරුවෙ ...ඒක නිසා....ඔලුව තිබ්බට වැඩක් නෑ....පුංචි වැඩිහිටියා....මොලෙ නැත්තන්....

එය කාමරෙ වටේ එහාමෙහා ඇවිදින්න ගත්තා ...ඇවිදින ගමන් මගෙ දිහා බල බල මගෙන් ප්‍රශ්න අහලා එයාම උත්තර බැන්දා...

පීතෲ බීජ ශක්තිමත් නැහැ වගෙම....මාතෲ පැස ඌශනයි යෙවීන්...මෙතන...තාත්තගෙ විතරක් නෙවෙ .අම්මගෙත්...අඩුවක් තිබුනා.....අම්මා කාලයක් තිස්සෙ බෙහෙත් කෙරුවා .....කාලයක්.කියන්නෙ...අවුරුද්දක් ...දෙකක්....වෙන්න පුලුවන් ...මුලිම්ම දැනගත්තෙ අම්මගෙ ඇග උශ්නයි කියන එක...හැබැයි....එතනින් එහා.....තාත්තා...ආච්චම්මා ...හැමෝම

හිතුවා....ඔයාගෙ තාත්තගෙ නෙවෙ වරද අම්මගෙ කියලා....

ඒක සාමාන්‍යයි යෙවීන්...ඒ ලංකාව ඇතුලෙ.....ඕක සාමාන්‍යයි....පිරිමියගෙ උනත් අඩුපාඩුව තියෙන්නෙ... මුලිම්ම ඇගිල්ල දික් වෙන්නෙ ගෑනිට....ළමයි නැත්තෙ පිරිමියට උනත්...මුලිම්ම ඇගිල්ල දික් වෙන්නෙ ගෑනිට...

මෙතන උනෙත්...එකමයි.....දරුවො පරක්කු නිසා බලන්න යන්නෙ අම්ම ගැන...ඇත්තටම අම්මගෙ අඩුපාඩුව එලියට එනවා....එතනින් පස්සෙ තාත්තා තාත්‍තගෙ පැත්ත බලන එක නවත්‍තනවා...

අම්මා කාලයක් බෙහෙත් කරනවා.....

පල්ලි පන්සල් ගානෙ යනවා...

හරි .....

ඔන්න පලවෙනි පොයින්ට් එක යෙවීන් සංජාන...පල්ලි පන්සල් ගානෙ යනවා කියන්නෙ.....යන්න ඕනෙ කසාද මිනිහ එක්කමද කියල කිසිම පල්ලියක...පන්සලක ලියවෙලා නෑ...පාදුවා කියන්නෙ ප්‍රාතිහාර්‍ය පිරුන තැනක්...

එහෙම එකේ තමන්ට පිහිටක් ඕනේ නම්....මිනිහා එක්කම එන්න කියලා නීතියක් නෑ යෙවීන්.....දෙයියො මූන බලලා පිහිට වෙන්නෙ නෑ...හරි.....

දැන් තමුන්ට පුලුවන් ...පලවෙනි සැකෙ කපා ගන්න...

මම හිටගන බලාගන උන්නා...මේක තනිකරම අධිකරනෙ උනා...එයා එහා මෙහා වෙවි...මට සාක්ශි වලින් දමලා ගහන්න ගත්තා වගේම මට කට උත්තර් නැති වෙන්න කාලෙ ආවා...

දෙක.....ගෑනිගෙ අඩුපාඩුවට කොච්චර බෙහෙත් කරත්...මිනිහගෙ අඩුපාඩුව ට බෙහෙත් නොකරන තාක් කල්...කවදාවත් ප්‍රතිපලයක් හම්බෙන්නෙ නෑ යෙවීන්....හරි....උදාහරනයක් ඕනෙ නම්...මං මෙහෙම කියන්නම්....

මට මොකක් හරි ලිංගාශ්‍රිත රෝගයක් තියනවා....මම දන්නෙ නෑ...දැනෙන්නෙ උඹට...උඹ හිතන්නෙ උඹටයි ලෙඩේ . .....බෙහෙත් ගන්නෙ උඹ ...හැබැයි....උඹ විතරක් හරියනවද.....උඹ එහෙත් ගත්තත්..ලෙඩේ තියෙන්නෙ මට නම්....මම ආයම උඹ එක්ක උන්න ගමං උඹට හැදෙන්නෙ නැද්ද....???

කෝ ප්‍රතිඵල ...?????ප්‍රතිඵල ශූන්‍යයි....ආයාමත් උඹයි මායි දෙන්නම ලෙඩ්ඩු....

අඹු සැමි නම්....අඹුසැමි....සමහර කාරනා එක පක්ශෙකට විතරක් බලපාන්නෙ නෑ යෙවීන්...මෙතනදි....උඹගෙ අම්මා දරුවෙක් බිහිකරන්න තරම් සෞඛ්‍ය සම්පන්න උනත්.....තාත්තාගෙ පැත්ත දුර්වල නම්...

දුර්වලම තමයි.....daly fucking no children .....හරි....

වැඩක් නෑ....කොච්චර බෙහෙත් කෙරුවත් තේරුමක් නෑ....මේ අතර තුර උඹව හදාගන්න අරගන....ඒත්.....තමන්ගෙම ලමයෙක් හදන්න ඕනා කියන උවමනාව...ඔය කාටත් තිබුනා...ඒක වැරද්දක් නෑ යෙවින්...දරුවෙක් කාටත් වැඩිනැ..හැබැයි....ඒක තමුන්ගෙ ආච්චම්මාගෙ පැත්තෙන් බැලුවම....අම්මා මිනිමරුවෙක් ගානට වැටෙන තරම් වැරදි...

කොච්චර බෙහෙත් බිව්වද....අරකද...මේකද.....බ්ලා.බ්ලා....බ්ලා.....හැමදාම රන්ඩු....හරි.....

අම්ම දන්නවා...අම්ම දන්නවා...අම්මා සම්පූරනම සෞඛ්‍ය සම්පන්නයි....අම්මට දැන් බබෙක් ගැන හිතන්න පුලුවන් ..හැබැයි.....තාත්තා අතෙ අඩුපාඩුව තියනවා...එත් පිලිගනීද...

නෑ.....

කොහෙත්ම නෑ යෙවීන්...

මොකද....අම්මට වද ලේබලෙ අලවලා ඉවරයි.....

අම්මව පාගලා ඉවරයි.....

එකක්....හිතුමනාපෙට කරගත්තු කසාද....

දෙක....දෑවැදි නැතිව බැදපු කසාද....

තුන....අන්‍යාගමික වීම....

හතර...දුප්පත්....ගමබද කෙල්ලෙක් වීමෙ වැරද්ද.....

පහ.....මහ උන්දගෙ සියලුම හීන කඩා බිද වැටිම.....

ඔය කරුනු කාරනා එක්ක....අම්මට fernadopulle ෆැමිලි එක අස්සෙ...කවදාවත් රෙහාන් ප්‍රනාන්දුපුල්ලෙ අතෙත් දුර්වල කමක් තියනවා කියන්න තත්වයක් තිබුන් නෑ....මොකද....අම්මගෙ පැත්ත හයිය නෑ....අම්මට වාරුවෙන්න.....කවුරුත් නෑ....

වද ලේබල් එක එන්න එන්න තද වෙනවා.....එන්න එන්න තද වෙනවා...ඒකෙ අවසානෙ වෙන්නෙ...නැන්දම්මා වගේම එකම නෑනා ආ අතින් පහර කාලා කසාද මනුස්සයත් නැති වෙලේක අතට අහු උන රෙදි කෑලි දෙකතුනක් එක්ක....mrs rovena fernadopulle විත්තිකාරිය තමන්ගෙ හදාගත්තු දරුවව අරන් ....උපන් ගමට යන එක....

හරි ...

ඔන්න....මෙතනින් පස්සෙ තමයි...හොදම හරිය...

නැන්දම්මා විස පුරවනවා...එකි ගියා නම්...ගිය දෙන්...බ්ලා..බ්ලා.බ්ලා....උඹ වෙන අතක් බලා ගනින්...බ්ලා..බලා.බ්ලා.....හරි...

රෙහාන් ප්‍රනාන්දුපුල්ලෙ ගෙ....එකම සහෝදරයා ...නෙහාන්...

ප්‍රනාන්දුපුල්ලෙ එනවා...ගෙදරින් ගියපු නෑනව හොයාගන....

පලවෙනි කාරනේ...

අවංකවම සහෝදර කැක්කුම....

දෙක.....තමන්ගෙ නොවුනත්....අර පොඩි කොල්ලට තියන ආදරේට....

මෙන්න මෙතන්දි මං අහන්නම්...

.

ආදරෙ බර නැද්ද.....???

ආදරෙ කියන හැගීම බර නැද්ද.....??

මට උත්තර එපා....මට උත්තර බදින්න එපා.....තමුන්ට පුලුවන් හිතින් හිතා ගන්න....

නෙහාන් එනවා...

රොවිනා එක්ක එලියට යනවා....

වෙනකොහෙවත් නෙවෙ... ..

Dr arunachalam ගාවට....

ප්‍රසවහා නාරි...වෛද්‍ය අරුනාචලම් ගාවට....බදුල්ල ඉස්පිරිතාලෙ උන්න හොදම ඩොක්ටර් .....එනවා මාතලේට. 

ආය බලනවා.....ආයම බලනවා...බෙහෙත් දෙනවා...

අම්මට දරුවෙක් හදන්න පුලුවන් .....

හරි...

ඒ ඩොක්ටර් උනත් දෙන උත්තරෙ...

අම්මට දරුවෙක් හදන්න පුලුවන් උනාට....තාත්තට බැරුව මොකා දෙන්නද...

ඔන්න රෙහාන්....රොවීනා.... නෙහාන්...

ඔතනින් රෙහාන්ව එලියට විසික් වෙනවා....නෙහාන් ඉතුරු වෙනවා...එකම ලේ.....

මීට දහ අවුරුද්දකට කලින්...කස්ටඩිය රෙහාන්ට යන හින්දම....අක්කව බදින්න අහපු මල්ලිම....මෙතනදිත්.....තාත්තෙක් වෙන්න කැමැත්ත දෙනවා.....

අක්කෙ මාව බදින්න කැමතිද අහපු මල්ලිම....

එදත්....ඒ අක්කගෙන් අහනවා...මම උත්සහ කරනන්ද කියලා .....

වද ලේබලේ ගලවන්න........

රොවීනා අවසානෙදි කැමති වෙනවා.....

නෙහාන් එක්ක හරි දරුවෙක් හදන්න කැමති වෙනවා...

අවසානෙදි ...රොවීනා ගැබ් ගන්නවා...

ඒ දරුවා නෙහාන්ගෙ...

ඇත්ත.....

ඒ දරුවා....නෙහන්ගෙ...

.හැබැයි.....

Tube baby කෙනෙක්...

නල දරු උපතක්....!!!

නෙහාන්ගෙ බීජ....අරන්....තැම්පත් කීරීමක්........

මේක...අනියම්ද...?????

යෙවීන් සංජාන.....මං අහනවා...මෙ සම්බනෙ අනියම්ද........

මෙ සම්බන්දෙ...අනියම්ද....???

නෑ.....කොහෙත්ම නෑ.....

මම ආය ආයම කියනවා....ආදරෙ හරි බරයි...හරි මිනිස්සු විදින්න ගත්තම ...

එපමනයි ගරු ස්වාමිනී....

හරියටම විනාඩි පහලවයි.....මං මාගලක් වගෙ කතාවක්...තමුන් ගාව සාරාංශ කෙරුවා ඇබිත්තම....

දැන් පුලුවන් උත්තර බදින්න.....

👉👈😊 ජොබී නිදහාස් .....

දනපති පන්තියෙ ...ඈ.😂😂

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters