යෙවීන්.....
බත් පිඩ පිට උගුරෙ ගියපු මට හිමිට පිටට තට්ටු කරපු සංධීර් ආයම යෙවීන් කිව්වා....හැබැයි මට නෙවෙ....මගෙ ඩබල් ඇක්ටින් එකට....
ඔ...ඕ....ස්ස් ...සංධීර් ....
අ...ආ.....හ්හ්..හරි....සෝ...ක්....හරිම....ස්..සෝක්....ය්..යසයි....ප්ප්..පොඩි....ග්ග්..ගස් බල්ලා....ක්..කතා...කරන....ව්..විලාසිතාව....ම්ම්....ම්මන්ම්ම්හුක්...ම්ම්...හුක්...ඌ....
තියන කට.....
මම කම්මුල අත ගාගන රවාගන උන්නා.....එයා යෙවීන් කියනකොටම අර පොඩි ඇටයා මම වගේම....ඇරපු අතක් නැතුව මම වගේම සංධීර් කියනකොට ඒකගෙන් උදව් ගැනිල්ල කෙසෙ වෙතත් මට තිබුන ඊරිසියාව පාලබෙ කරන්න බැරි වෙන්කොට ගොත මට ඊරිසියාව වැඩි කමට තවත් ගොත ගැහුනා .. සංධීර් මගෙ කම්මුලක් මිරිකුවා....
මෙහෙ එන්නකො...
ම්ම්ම්ම්...
සංධීර්ගෙ ඇබිත්තම...තරහා ගන්නෙ නැතුව...චුට්ටක් ඉන්නවද ම්ම්....
ම්හුක්....
ම්හුක් ගාලා කොහොමද ඉතින්....ම්ම්....
එ..එයාට....අ..ආද...
.නෑ...දැන් හොද ලනයා වගෙ තරහ ගන්නෙ නැතුව ඉන්න...
කොයි වෙලෙත් ඇවිලෙන්න බලන් ඉන්න මගෙ ගැන දන්න සංධීර් මම එහෙන් මෙහෙන් එබි එබි බලනකොට අර කොල්ලට නෑහෙන්න මගෙ කනට කොදුරනකොට මම මොකටත් කියලා එයාව එක අතකින් අල්ලගත්තා ...අල්ලගන අර ලමයා දිහා බලලා ගස්සලා අහක බලා ගත්තා....
ම්හුක්...මටෝන්....නැහ්.....
යෙවීන්....
ම්ම්
මං කියන දේ හොදට අහගන්න....හොදද....
හ්හ්...හා...
මේ ඉන්නෙත්...යෙවීන්.....
ඇ.. ඇත්ත...යෙ..යෙ...යෙවීන්...ක්ක්..කියන්න...ස්ස්...සංධීර්...ඇත්ත....ය්..යෙවීන් කියන්න.....
මම මැද්දෙන් පැන්නා....ඇත්ත යෙවීන් කියන්න සංධීර් ගගා මම මැද්දෙන් පැන්නා උනත් සංධීර්ගෙ එක බැල්මකින් හොරා වගේ අහක බලගත්තු මම මගෙ කිහිල්ල අස්සට මූන ගහගත්තා..හරියටම කුකුල් පැටව් නිදා ගන්නකොට බෙල්ල ජංගගන්නවා වගේම.....
එතනින් එහාට සංධීර් අර පොඩි ඇටයට කරන්න ඕනෙ මොනවද....කියන්න ඕනා මොනවද ....විශේශම්ම....යෙවීන් අයියා ගාවම ඉන්න.....කියනකොට මම ඉක්මනට බෙල්ල උස්සලා බැලුවා...
ඔ..ඔව්.....ම්..මං...ග්ග්..ගාවම...ඉ..ඉන්න...ඕනා...තේරුනානෙ....එහෙමෙහෙ....ග්..ගියෝතින්....ප්...පිට පුපුරන්න...ද් දෙන්නෙ...
මහදැන මුත්තා වගේ මම ඒකට පිට පුපුරන්න දෙනවා කියලා ආයම සංධීර් ගෙ ඇගට හේත්තු වෙලා එහෙන් මෙහෙන් කූරු ගගා මගෙ අයිතිය පෙන්න පෙන්න ඉන්නකොට අද හවස මිශන් එකට බහින්න බලන් උන්න මමයි මගෙ ඩබල් ඇක්ටිමයි අවසානෙදි මෙ ඔක්කොම ඉවර වෙනකන් කා ගන්නෙ නැතුව ඉන්න එකඟතාවකට ආවා ..හැබැයි....යහපතා..බාප්පා.....සංධීර්.....රොබිනා....කියන්නෙ මට විතරක් අයිති වස්තු කියන එක ආය ආයම ඒ පොඩි ඔලුවට ගනින්න බැරි තරම් වාරගානක් එබුවට පස්සෙ ....අකමැත්තෙන් උනත්...අම්මවත් චුට්ටක් දෙන්න පොරොන්දු උනා....
අවසානෙදි අර පොඩි කොල්ලට සංධීර් තවත් රත්තරන් පාට ටොපියක් දීලා ඇදෙන් බස්සනකොට මට පව් කියලා හිතුනා උනත් තිබුන අහන්කාර කමටම සංව්දි පැත්ත එලියට නොදාපු මම රවාගන ගස්සගන ඇදේ පෙරලෙනකොට මාව තඹේකට ගනන් නොගත්ත සංධීර් වේලුන ඉදුල් අත හෝදන්න යනකොට මම නියපොත්තක් හපන්න ගත්තා ..
අද හවසට ආච්චම්මා පල්ලි එනවා....
හෙට උදේටත් එනවා...ඒඋනාට...ලෝකෙ අන්තීමෙට කලින් හදිසියේ ස්වර්ගෙ දොර ඇරුනොතින් කියල සෙනසුරාදයි ඉරිදයි දෙකේම පූජාවට යන ආච්චම්මා දැන් අපි එකිනෙකාට සාමය පතමු....ඔබට සාමය වේවා කියනකොට තුන් පැත්තට පතන්න ඕනා සාමය ආච්චම්මා එයාටම විතරක් පතාගන ස්වාමි දිහා බලාගන ඉන්නවා...
ම්ම්...එයා දැන් මම වගෙ.....එයා මම වගේ උනාට වැඩක් නෑ...එයා මම වගේ වෙන්න තව දේවල් ඕනා...මගෙ සූට් එකක් හොයා ගන්න පුලුවන් උනානම්....
මම එහෙම්ම ඇදෙන් බිමට පැන්නා.....
බාප්පා ලව්වා සූට් එකක් ගෙන්න ගන්න ඕනා.....නැත්තන් මම දැන් අම්මලාගෙ ගෙදර දුවන්න ඕනා...මොනවටත් තියෙන්නෙ තව පැය ගානයි.....සංධීර්ට කියන්න ඕනා මතක් කරලා මූනට පියරු ගාලා....සූට් එකේ පැත්තකින් ලේන්සුවක් එල්ලන්න කියලා .....තව බේබි ශෙරමි ඕඩික්ලෝනුත් ඇදුමට ගාන්න ඕනා...ඔව්ව තමයි අම්මා මට ගෑවෙ...ම්ම්ම්.....අර පැත්තට අලවන කිටෝ සපත්තු.....ඔව්වාතිබ්බත් දැන් දාන්න බැරුව ඇති...
හොදම දේ අර ඵොටො එකේ තියන සූට් එකම ගෙන්න ගන්න තිබුනා නම්.....
ම්ම්ම්...
අපි බාප්පට කතා කරලා බලමු....
පියෝනියා චුයික් චුයික් ගගා ගේ පුරාදුවනකොට ආච්චම්මගෙ වැඩෙන් පස්සෙ අශාන් මහත්තයගෙ පාර්ටියට බහින්න ප්ලෑන අදිනකොට මම සංධීර්ගෙ ඵෝන් එකෙන් බාප්පට කතා කෙරුවා .....
රින්ග් වෙනවා....
ඒත් ආන්ස්වර් කරන්නෙ නෑ....
ය්ය්...යෝහ්...බ්බ්..බාප්පෙ.....ඕක ආන්ස්වර් කරපන්කො...
ඉස්සරහට අඩි දහයයි....ආපිට අඩිදහයයි....හිතේ තිබුන නොසන්සුන් කමටම මම බාප්පට බැන බැන එහා මෙහා වෙනකොට මං අහගන රොබිනා උඹට මේක හොදටම ශුවර්ද අහනවා....
අනිවාර්යයෙන්ම ...සංධීර්ට ශුවර් නැත්තන්...කවදාවත් වැඩකට අත ගහන් නෑ රොබිනෝ...උඹට බැරිනම් පැත්තඅට වෙලා ඉදින්...මම ඉන්නවනෙ මගෙ නලුවට.....
එයාලගෙ කතා බහ අස්සෙ මම හිමීට මුනු මුනු ගාලා අර පොඩි යෙවීන දිහා බලන් ඉදල ඔරලෝසුව දිහා බැලුවා....
එකහ මාරයි...පහට පූජාව...ම්ම්ම්....සාමය පතන හරියෙදි ආච්චම්මට සෙට් උනා නම්....හරි...අනික උන්දා ඉන්නෙත් පිටිපස්සෙ හරියෙ...මොකද පූජාව ඉවර උනගමන් ගෙදර දුවන්න..... ..ඇයි ඉතින් කොච්චර වැඩ කියලද....
මම බලාගන උන්නා...තරුන වෙලා ආව නලුව මාව තරහගස්සන්න බැරි කමට ආයම වයසක සංධීර් වෙලා ඉන්නකොට යහපතා වගේම රොබිනා ප්රනීත්ලගෙ බැන්කට් හෝල් එකේ විස්තර කතා කරනකොට ඒ හැම දේටමහූ මිටි තිය තිය උන්න සංධීර් එහෙම්ම සිගරට් එකක් අවුලගත්තා වගෙම එයා මම එයා දිහා බලන් ඉන්නවා කියලා දැනිලද මන්දා එක පාරම මාදිහා හැරිලා බැලුවාමම හිනා උනා...


ඇබිත්තම...
මගෙ.....
ඒක මට දැනුනා....ඒ වචන මගෙ හදවතට ඇහෙනවා ඇහෙනවා වගේ දැනුනා....එයා ඒක ඇත්තටම කිව්ව....කාගෙත් ඇස් වලට හොරෙන් සංධීර් හිමීටම මුමුනකොට මම එයා දිහා බලාගන ඉදලා පියෝනිව ඇවිද්දවන්න යන මුවාවෙන් හොරාවට එලියට පැන්නා..
මේ බාප්පා කොහෙ මකබෑවිලාද මන්දා....
කාටත් හොරෙන් ගෙදරින් ආව මම අනිත් අතට පුලුවන් තරම් ඵෝන් එක ආන්ස්වර් නොකරපු බාප්පට බැන්නා .... තව පැය කීයද...
.යෝහ් ..බාප්පේ....බාප්පගෙ කොල්ලා යන්නෙ ස්කූබිඩු එකේ හොල්මන් අල්ලන්න නෙවෙ බැරිනම් ඕක ලමයෙක්ටවත් දීපියකෝ...ම්හුක්....එදා පන්ඩිත කමට ඵෝන් එක පොලවෙ ගැහුවා..එකෙක් අරන් දුන් ණෑනෙ ඵෝන් එකක්...අපරාදෙ සංධීරයගෙ ඵෝන් එක හොරකන් කරන් එන්න තිබ්බෙ....
ම්හුක්...කවුරු හරි එකෙක් මෙ ලමයට ඵෝන් එකක් අරන් දීපියව්කෝ.....!!
මම මග දිගට කෑ ගැහුවා....පාර පුරාවටම තාප්ප දිගෙ උන්න සාටක සිල්වා දත් ඇන්දම දාගන විරිත්තන් ඉන්න පෝස්ටර් පෝලිම දැකපු ටික වෙලාවක් ඒ මූන දිහා බලන් උන්නා....
ඇත්ත කට කහනවට නෙවෙ තමයි සිල්වා මහත්තයො...කැලනිපාලම යටින් පොල්මට්ටයක් ගියාට දැනෙන්නෙ නෑ කියන්නෙ....හැබැයි....එක පාලමෙ පැත්තෙන් දැනුන් නැති උනාට....මට්ටෙ පැත්තෙ ගත්තොතින්.....මට්ටෙට ගග කියන්නෙ හිතන්නවත් බැරි දෙයක්...පාලම කියන්නෙ හිතන්න බැරිදෙයක් .... උඹ අතින් මැරුන මිනිස්සු ගාන උඹට නොදැනුනාට.....මැරුන එකාගෙ අහිමිවීම දැනුනෙ.....උගෙම.උන්ට...
උඹ බලන් ඉදින්....දවසක...උඹට අනිවාර්යයෙන්ම කොටු කොටු ඇදුම අදින්න වෙනවා....දවසක...උඹට කාමර හයක් මාරු කරලා...අවසානෙදි හත්වෙනි කාමරෙන් උඹගෙ මලකද ගන්න වෙන දවසක් එනවා....ඒ නැත්තන්...නීතියෙන් නොවුනොත් .....පොඩි වයසෙන් හරි මම මිනිමරුවෙක් වෙනවා...ආදරෙව් ගාවදි මිනිස්සු යක්කු වෙනවා කියන්නෙ නිකන් නෙවෙයි.....නිකන් නෙවෙ මහත්තයො...
මීට කලින්...ඇගේ ඉදන් කන, කන හැටි උඹ පොතකින් ව්තරනෙ දැකලා තිබුනේ.....හැබැයි...මම උඹලා ගාවට ඇවිත් කාලා පෙන්නවා....
මද්දහන් වෙලාවෙ අතුරු පාරෙ බලු බල්ලෙක් නැති වෙනකොට රත් උන තාර පාරෙ සැර ඉහට ගහනව උනත් මම සිල්වගෙ මූන දිහා බලාගන දත්මිටිකැවා.....මගෙ හිතේ තිබුන තරහව විසුවියස් කන්ද පිටාර ගලනවට හපන් වෙනකොට සත්තයි මගෙ තරහවට මේ ලෝකෙ දෙන්න උපමා නැති වෙනතරම් මම තරහෙන් වෙව්ලුවා වගේම ගිනි මද්දහනෙ....අන්දයන්ටත් මගතොට පේන වෙලේක මම බයක් හැකක් නැතුවම සිල්වගෙ මුන මගෙ මුත්රාවලින් නාවලා එන්න හැරුනා...
අපි බොහෝම ඉක්මන්ට හම්බවෙමු.....
මම එන්න ආවා....බාප්පගෙන් මීක් සද්දයක් නැති වෙනකොට මම ආය හුස්මක් වත් නොගෙන ගෙදරම දුවන් එනකොට ගෙදරට එන පාරට හැරෙන වංගුවෙදි මට තාත්තා යකඩෙකට තලන සද්දෙ ඇහුනා....
ටාං.....ටාං.....ටාං.....ටාං...
මෙච්චර වෙලාම.දුවන් ආව මම අඩි ගමනට මරු උනා...
මජන් ඩෙනිමයි....මජන් ගෑවුන රතු බානියමයි ඇදන් උන්න තාත්තා දිහා මං ඈත තියාම බලන් ආවා...
එකම.ජීවිතේදි මම තාත්තලා දෙන්නෙක්ගෙ වෙනස දැක්කා....මේ තාත්තගෙ අතේ මම කවදාවත් රත්තරන් පාටක් දැක්කෙ නෑ....කසාද මුද්ද හැමදාමත් අල්මාරියෙ ඉදන් විශ්රාම ගන්නකොට එම්බාර්ක් එකේ රබර් පටියක් විතරක් ඒ අතේ පාලුව යැව්වා ...
ආර තාත්තගෙ අත පුරාවටම රත්තරන් තිබුනා..කසාදෙ රැකගන්න බැරි උනත් පවුම් දෙකක් වත් නර තිබුන කසාද මුද්දෙ දිස්නෙ විතරක් රැකගත්තා ....මනික් කටුවටත් උහුලන්න බැරි රත්තරන් පටි පටි බ්රේස්ලට් අතම බර කරනකොට ඒ අතට අම්මගෙ අත ලෙස්සිලා ගියේ රත්තරන් වල බර වැඩි හන්දමද මන්දා....
ආ...උඹ ගම්මැද්දෙ ගිහින් ආවද....
මම උන්නෙ තාත්තා ගාව...ඈත තියා දැකපු තාත්තා එක්ක මගෙ හිත තාත්තා ගාව නවතිනකොට තාත්තා තලපු යකඩයක් පැත්තක දාලා මගෙන් ගම්මැද්දෙ ගිහින් ආවද අහනකොට වෙනදට කක්කුට්ටා වගේ එල්ලි එල්ලි යන මම අද කටපියාගන උන්නා....
කවද හරි දවසක මගෙ අයිතිය ආයම ඉල්ලන් ආවොත්...මට ආයම කවදාවත් උඹව නම් එපා තාත්තෙ.....අම්මව අමු අමුවෙම අතෑරපු උඹට...මං හිතන්නෙ නෑ....බැදිමක බර දැනෙනවා කියලා ...
ආදරයක් තිබුනා නම්....කවදාවත් අතැරෙන්නෙ නැ....අතෑරුනානම්....එතන කවදාවත් ආදරයක් තිබිලා නෑ...
ඉතින්...එහෙව් මිනිහෙක් ට මගෙ හොදම කාලෙ ආයම තාත්තා කියන්නෙ ඇයිද .....???
මම හිතින් මිමිනුවා...
මොකද උඹ.....බමුනා වගේ බලන් ඉන්නෙ...
....ත්ත්....තාත්තෙ....
ම්ම්ම්...මොකද බඩගිනිද...අර රයිස් එකල් ගෙනාවා උඹට....
එ..පා.....
මම කිව්වෙ තාත්තෙ කියලා විතරයි මා දිහාවත් නොබලම යකඩ කෑල්ලක් එක්ක ඔට්ටු උන තාත්තා ගැහුවට හිත හදන්නද කොහෙදො රයිස් එකක් ගෙනාව කියනකොට මම තාත්තගෙ රතු පාට ග්රීස් තලියක් වැදිල තිබුන අත අල්ලගත්තා ....ඒ අත ගොරෝසුයි....දියපට්ටා ඇවිල්ල ඇවිල්ලම අවසානෙදි ඒ අත දියපට්ටා වලිම්ම පදම්වෙලා තිබුනා...
මොකද උඹ....
මම උන්නෙ මගෙ සිනිදු අත්වලින් තාත්තගෙ හොරහැඩි අතක් අල්ලගන..... .මිනිස්සු වෙලාවලට කියනවා ගෑනුන්ට අත් දහයක් තිබුනත් මදි කියලා ...ඒත්....වෙලාවකට ගෙදර ඉන්න මිනිහටත් අත් දහයක් මදි කියලා පැත්තක ඉදන් බැලුවම ගෑනුන්ට පේන්නෙ නැතිද මන්දා..
පිරිමින්ට අඩන්න අකැපයිලු.....කඩේකට නොයා නම් බැහැමලු...පයිප්පයක් අමුනන්න...වලක් කොටා ගන්න ඌව නම් ඕනමයිලු....අනෙ මන්දා....ගෑනුන්ට වගේමයි....."පිරිමියෙක්ට" පිරිමි කම රකින්න වෙලාවකට අත් දහයකුත් මදි නේද හිතෙන තරමට පිරිමි වැඩ කෙරුවා .....
ත්ත්....තාත්තෙ ....
කරගැට පිරුන අත අරගන රතු පාට ග්රීස් වැදුනත් කමක් නෑ කියලා හිතුන මම ඒ අත අරන් මගෙ කම්මුල් තියාගන්නකොට මම බලාගන තාත්තගෙ ඇස් ගැස්සුනා....
ඇයි කොල්ලො මේ...උඹට අසනීපයක් වත්ද මගෙ පුතා....
තත්පර දෙකක් ගියෙ නෑ.....මාව අවුස්සන්න හදන තාත්තගෙ කට හඩ වෙලනස් වෙලා යනකොට මම කදුලු පටලයක් ඇස්වල පටලවන් නැහැයි කියන්න ඔලුව හොලවනකොට තාත්තා අතේ තිබුන අටේ යතුර පැත්තක දාලා මා දිහා බැලුවා.....
ත්ත්....තාත්තෙ....ම්ම්....මාව....ඉ..ඉඅන්...ආවොත්....ක්..කවදාවත් ....ම්ම්..මාව...ද්ද්...දෙන්නෙ...න්න්..නෑනේද.....ත්ත්....තාත්තෙ...?
මම තාත්තා දිහා බලාගන ගොත ගහනකොට මෙච්චර වෙලාම හැගීමක් නැති උන් වගෙ මැරිලා උන්න අර කරගැට පන ගහන්න ගත්තා වගේ මගෙ කම්මුල් වලට දැනෙන්න ගත්තා...
පදම් වෙලා..පදම් වෙලා අවසානෙදි සෙන්සර් ගිහින් ඇති කියන අත්වල ඒ නහර හරි හරියට වැඩ කරන්න ගන්නකොට මම බලාගන තාත්තගෙ ඇස් වල ඇහැට නොපෙනන තරම් සියුම් උන ඒ නාලිකාව හරි වේගෙන් ගැහෙන්න ගත්තා.... මම තාත්තව බදාගත්තා ...
දවස පුරාවටම යකඩ එක්ක ඔට්ටු වෙන තාත්තා ගාවින් මජන් ගද ග්රීස් ගද...පෙට්රල් ගද වගේම " දාඩිය සුවද"එනකොට ජීවිතෙම අපි වෙනුවෙන් දිය කෙරුවත් කවදාවත් බුදු වෙන්න ප්රාර්තනා නොකරන තාත්තව මම අත් දෙකෙම්ම කිටිකිටියට තදකරගන්න කොට තාත්තගෙ ගින්දර වගේ සැර සුසුමක් මගෙ හිස්මුදුන ඇවිලුවා....
උඹගෙ තාත්තා මං විතරයි .....
එච්චරයි ඒ කටින් පිට උනෙ....ඉඹින්න හොර.....අදරෙයි කියලා මූනට කියන්න හොර...මහ රෑක කාමරේට ඇවිදින් මගෙ පුතා කියලා මං නිදි කියලා හිතාගන ඉදලා ඔලුව අත ගාලා ඉඹලා යන තාත්තා මාව තුරුල් කරන් මගෙ හිස්මුදුනට හාදුවක් තියලා ඇඩෙයි කියල දෝ බයට මට බැනලා එලවගන්නකොට මම ගෙට එන්න ඇවිදින් උලුවැස්ස පහු කරන්න ඔන්න මෙන්න තියලා හැරිලා බැලුවා.....
මගෙන් හංගපු කදුලු බින්දුවක් රතුපාට බැනියම් කරෙන් පිහදගත්තු තාත්තා පපුවටත් වඩා බර හුස්මක් පහලට දාලා ආයමත් අටේ යතුර අරන් නට් එකක තද කරන්න ගත්තා ....
මම ගෙට ආවා..හැබැයි කාමරේට යන්න හම්බුන් නෑ...මම අහගන අම්මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා...සංදීර් කියන නම කියනවා ඇහුනා.....
ආවෙ නෑනෙ.....ළමයා ඔහෙ යනවා කියල තමයි ගියේ....
යෝහ්....සංධීර් මාව හොයනවා....මං ඉතින් පැදුරටත් නොකියනෙ ආවෙ . . .....යෝහ්...බාප්පෙ....බාප්පගෙ කොල්ලා ප්රේමවන්තයට දුක් දීලානෙ ඇවිත් තියෙන්නෙ....
.අ...අම්මෙ.....හ්....ම්ම්..මං....ආ..ආවා.....
ආ...මෙ ගෙදර ඇවිල්ලා...ඔව්....ඔය ඇවිත් ඉන්නෙ.....
මම හොරා වගේ අහන් උන්නා....යෝ....දැන් ඉතින් මාව හමගහන්න හදයි ඇයි නොකියා ආවෙ කියලා ...එයා උන්නෙත් ලොකු වැඩකනෙ....මගෙ අතිනුත් යමක් කමක් වෙන්න එපැයිනෙ...
ලමයෝ....
ඕ...ඕ...
මේ..සංධීර් මාමා කතා කරනවා..
අහු මුලු ගානෙ රිංග රිංග උන්න මට අම්මා කතා කරලා සංධීර් මාමා කතා කරනවා කියනකොට මම අත් දෙකෙම්ම් කට වහගත්තා ...
යෝ...මාමා කියන්න එපා අම්මෙ.....ලමයගෙ මිනිහනෙ...බෑනා කියන්න..බෑනා කියන්න....ම්හුක්....නරි බෑනා....!!
හ්..හ්....
කොහෙද කියන්නෙ නැතුව ගියෙ...
හෙලෝ කියන්න කට හදපු මට එහා පැත්තෙ ඉන්න සංධීර් දත්මිටි කන සද්දෙ දැනුනා.....බල්ලගෙ බත් ඇතිලියට බත් දදා උන්න අම්මා දිහා බලපු මම සිග්නල් නෑ වගේ හෙලෝ හෙලෝ ගගා හොරාවට මගෙ කාමරේට දිව්වා....
ස්ස්...සංධීර් ...
ම්ම්න්....
ම්ම්..මං...ආවෙ.....ව්ව්...වැදගත් ..ව්ව්....
උඹව හමගහනවා....නොකියා යනවට
ස්ස්....
සෙල්ලම් කරන්ඩ ලෑස්ති වෙන්න එපා යෙවීන්...
මම මීක් නොගා උන්නා....එයාට නොකියා ආවට එයා එහෙන් ආවෙස වෙලා ඉන්නකොට කොහොමත් ආපහු හම්බෙන්න යන හින්දම මම මීයා වගෙ උන්නා...එයා එහා පැත්තෙන් දඩස් ගාලා ඵෝන් එක තිබ්බා....
එව්ව්....තියන ගෑස් එක.....උඹ නටපන් සංධීර් ....
සංධීර්ට බැනපු මම හෙමින් සැරෙ බාප්පට ගත්තා..මට ඕනෙ මගෙ ඇදුමකටත් වඩා තාත්තගෙ කේටරින් එකේ යුනිෆෝම් එකක් වෙනකොට මම එක දිගටම බාප්පට අරගත්තා ...අවසානෙදි බාප්පා ආන්ස්වර් කෙරුවා ....
හ්..හ්..හ්..හ්...
යෝ...නාන්න්වත් දෙන්නෙ නැද්ද කොල්ලා
ඉදලා ඉදලා ඵෝන් එක ආන්ස්වර් කරපු බාප්පා එක්ක මට නප්පියට තද වෙනකොට මට හෙලෝ කියාගන්නවත් බැරි වෙනකොට මම සෑහෙන්න වෙලා කට ඇරගන උන්නා....
බ්බ්..බාප්පෙ....
.ඇයි.....
ක්ක්...කොහෙද ඉ..ඉන්නෙ....
.ගෙදර ....
ග්ග්..ගෙදර ක්ක්...කියන්නෙ.....අම්...මලාගෙ.....
නෑ බන්....මහ ගෙදර
ම්...මං....එ...එනවා
මොකක්?
මම එච්චරයි කිව්වෙ සංධීර්ට නොකියා ආව මම අනිත් පාර අම්මගෙයි තාත්තගෙයි ඇස්වලටත් වැලිගහලා අම්මගෙ ඵෝන් එකත් උස්සන් පාරට දිව්වා ....
ය්ය්..යෝහ්...අතේ ප්...පිච්චියක් න්න්..නෑනෙ...
ගෙදර එනවා කියලා පුක කඩාගත්තු කඩියා වගේ දුවගන ආවා උනත් පයින් යන දුරක නොතිබුන ගෙදරට යාගන්න විදිහක් නැතුව මම ගිනිපූටක අව්වෙ එහා මෙහා වෙවී උනා...සංධීර් ආවොත් ඒක ඊටත් හපන්....
කමක් නෑ පුලුවන් තරම් දුර පයින් ගිහින් බැරි ටික එන ත්රීවිල් එකකට අත දාල හරි යනවා ගිහිල්ලා බාප්පගෙන් සල්ලි ඉල්ලා දෙනවා....
වෙන්න ඕනා පිලිවල...කොහොමද කින්ද මන්ද මෙ හැම දේම හිතින් හදාගත්තු මම මෙහෙම කරලා මෙහෙම කරනවා කියලා හිත හිත අර ගිනි පූටක අව්වෙ කකුල් ඉක්මන් කර කර ඉස්සරහට දිව්වා ...
අපරාදෙ සංධීර්ටම කියන්න තිබ්බෙ....කොහෙද එ මිනිහගෙ වාහනෙත් අපේ ගෙදර ...යෝහ්....මදැයි හොරාවට පෙම්කෙලින්න ගියා...හැම වෙලේම රොබිනගෙ එක ඉල්ලන්න පුලුවන්ද ...අනික යහපතාග් කාර් එක ඌ වගේම අහිංසකයි...පාරෙ යනවා දැනෙන්නෙ වත් නෑ.....
පියෝනිට මොනවා උනාද දන්නෙ නෑ...යෝ....කෙල්ලව එලියේ දාලා ආවා කාක්කෙක් වත් අරන් ගියාද දන්නෙ නෑ...අර පොඩි ඇටයා අරගන තිබුනොත් හොදයි....
ඒත්.....කොහෙද..මං ඒකගෙ අත් දෙක කඩනවා කියලා බය කෙරුවනෙ....
යෝහ් ..බාප්පෙ....කොල්ලා යක් පැටියෙක් වේගන එන්නෙ බාප්පෙ...හ්....
පී...
යා....හ්හ්හ්....!!!
ගිනිකන අව්වෙ එක එක දේවල් හිතහිත ත්රීවිල් එකක් පේන තෙක් මානෙක නැති පාරෙ දුව දුව ආව මගෙ කනගාවින් ඇහුන සද්දෙත් එක්ක මට කෑගැස්සුනා.... හෝන් කරපු එකාගෙ හත් මුතුපරම්පරාවටම සෙත් වඩන ගමන් මම එහෙම්ම හැරිලා බැලුවා මහෙ තොල කටත් එක්ක වේලිලා ගියා.....

ප්රනීත්....
යෝහ්.....මගෙ කලදසාව....
බබී....
.ප්...ප්රනීත්....
තනි සුදුපාට කාර් එකක්....ඉස්සරහින් මල් පොකුරක් එක්ක පැත්තට පටියක් දාලා...සයිඩ් කනාඩි දෙකෙත් පොඩි මල් කිනිති දෙකක් ගහලා....
මගුල් කාර් එකක්....උන්ගෙ කාර් එකක් රෙන්ට් එකට දීලද කොහෙද ..උන්ට ඉතින් පීනන්න සල්ලි කියන්නෙ නිකන්ද...
මගුල් කාර් එකෙ ආව ප්රනීත් මගෙ ගාවින් ස්ලෝ කරලා බබී කියල කතා කරනකොට මම ගොත ගහලා වටපිට බැලුවා.....වෙන මොකටවත් නෙවෙ සංධීර් එයිද කියලා ....
උඹටයි මටයි දෙන්නටම ලැජ්ජාවක් නෑ ප්රනීතයෝ...මගෙ සංධීරයා දැක්කොත් මට බබීලව පේන්න ගහනවා....අඩුම ගානෙ කලුකපුටා රක්ශනාවරනයක් වත් නෑ මට....
..කොහෙද මේ ගිනි මද්දහනෙ යන්නෙ...
බ්බ්...බ්බාප්...පලාගෙ ගෙදර...
බාප්පලගෙ.....
ම්ම්...ඔ..ඔයා..ද්...දන්නෙ....න්..නෑ...
එන්න ගිහින් දාන්නම්
එ..එපා....බ්බ්..බාප්පා...එන්නම් ක්..කිව්වා....
එයා මට ගිහින් දාන්නම් කිව්වා....පැනලා හා කියන්න හිතුනා උනත් මගෙ මිනිය කානුවකින් හොයා ගන්න වෙයි කියන බයටම මම පස්ස ගැහුවා උනත් අවසානෙදි පප්රනීත් නැවතුනෙ මාව ඉස්සරහා ශීට් එකේ ඉන්දගනම වෙනකොට මම මාවම සාදාරනීකරණය කරගන ඉස්සරහින් ඉදගත්තා ප්රනීත්යා මා දිහා බලලා හිනා වෙලා ඩ්රයිව් කරන්න ගත්තා ....
මූ හිනා වෙන්නෙ ඉදා වෙච්ච දේවල් මතක නෑ වගේනෙ...
එදා මොකද උනේ යෙවීන්.....
මම හිතන්නෙ මම වැරදි....ඌට මතකයි....ඌ වෙලාව එනකන් ඉදල තියෙන්නෙ....දැන් ඉතින් මේ ගේමත් ගහපන්කො....
ම්ම්..මොකුත් උනෙ න්න්..නෑ....
මම කියන්නද උඹලගෙ ගෙදර ගිහින් එනගමන් අපි මිනියක් මැරුවා කියලා ..බෑනෙ.....
මොකුත් උනේ නෑ කියපු මම අහක බලාගන්නවා එක්කම එයා මගෙ අතින් ඇල්ලුවා..හැබැයි මම ඉක්මනට එයාගෙ අත මගෙ අතින් අයින් කරගත්තා ...
ඇයි යෙවීන්....තහනම්ද....
ම්ම්ම්....ඔ..ඔව්.....
ඇයි එ...
ඇ...ඇ..ඇයි....ක්ක්..කියන්නෙ...හ්..හේතුව ඔ..ඔය දන්නවනෙ....නේ.....
මට වැඩක් නෑ....
ම්ම්..මට.....වැඩක්....ත්ත්...තියනවා....
ම්ම්ම්...එහෙමද...
ඔ..ඔව්....
උස්සනවා....
හ්.....හම්බෙයි....ම්ම්..මැරුම්...ක්ක්..කන්න.....ත්ත්....තමයි....
ඇයි...ඌට ගිය රටද බබී මේක.....
න්න්...නෑ.....ඌ..ඌට....ග්ග්..ගියපු.....ර් .රට නොවුනත්...ම්ම්..මම....උගෙනෙ.....
ම්ම්..බලමුකො....බලමුකො.....එක එහෙම වෙයිද කියලා .....
.....
මම කට වහගත්තා ....අමතකයි වගේ උන්නත්...ගානක් නෑ වගේ උන්නත් ප්රනීත් ආය ආයම පරන තැනට එනකොට මමත් අවසානෙදි හැංගි හොරා නැතුව කොයන්න ඕන එක කිව්වා.....
මම හිමින් සැරෙ ප්රනීත් දිහා බැලුවා ..එයා උන්නෙ කටකොනකින් හිනා වෙනගමන් ....ඒ හිතේ මොනවා තියනවද කියන්න දන්නෙ එයා උනත්....මොකක් හරි උනොත් බෙල්ල අනිත් පැත්ත හරවන්න බලාගන මමත් උන්නා...ඒ ටිකකිම්ම ප්රනීත්ගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක රිංග්වෙන්න ගත්තා වගේම එයා ඒක ආන්ස්වර් කෙරුවා ....
ඔව් ඩැඩී කියන්න....
....
ම්ම්ම්....දහයක්....වන් නයිට්...
....
නෑ....නෑ...අශාන් vvip එකක් ඉල්ලුවෙ....
.......
නම්බර් ෆයිව්....සික්ස් .....සෙවන්.....ඒ තුනම.....
ම්ම්....එහෙනම් පාටි එකෙන් පස්සෙ හොද හොද සෙල්ලම්.තියේවි....ම්ම්...ම්ම්....හරි.....
පහයි....හයයි...හතයි....ඒ තුනම ඇමති පුතාගෙ....හරි...එ කාට උනත්.....රූම් සර්වීස් එකක් දෙන්න එපැයිනෙ...නැත්තන් කොහොමද ...ම්ම්.....කරන්න දෙයක් නැ....මට ප්රනීත් එක්ක ලාවට හිනා වෙන්න වෙනවා....
බබී....
ම්ම්ම්.....
ඔයාට හදිස්සියක් නැත්තන්....අපි පොඩ්ඩක් අපේ
හ්හ්..හ්හා.....
ඒක කියන්න හැදුවෙ මොකක්ද කියන්නවත් ඉඩක් නොතියම මම හා කිව්වා..එයා හිනා වෙලා මගෙ ඔලුව අත ගෑවා.....
බ්ර...
දෙවියනෙ....සංධීර් ...
ප්රනීත්ගෙ කාර් එකට නැගපු වෙලේම ඵෝන් එක වයිබ්රේට් කරපු මට අනිත් පාර ආයම උතුර දකුන මාරු වෙන්න ආවා.....
මාව දැක්කද.....
අපේ පස්සෙන් එනවද.....
එයා අපෙ ගෙදර ගිහින්වත්ද
ඩිස්ප්ලේ එකෙ සංදීර්ගෙ නම වැටෙනකොට මට දැනුනෙම මම උල උඩ ඉදන් ඉන්නවා හා සමාන හැගීම වෙනකොට මොන මොනවදෝ කියපු ප්රනීත් මගෙ ඔලුව හැටපාරක් විතර අත ගෑවා....
මේ පාර නම් නඩු ඇහිල්ලක් බැලිල්ලක් නෑ මාව මරලම දානවා .....
එයාගෙන් එකම දිගට කෝල් ඇවිදින් ඇවිදින් අවසානෙදි නතර වෙනකොට මට හුස්මක් පිට උනා උනත් ඊලග තත්පරේදි බොක්කම රත් කරන් මැසේජ් එකක් ආවා.....මං ඒක උඩින් බැලුවා ..
කොහෙද ඉන්නෙ ම්ම්ම්...
එයා දන්නවා....මං අම්මගෙ ඵෝන් එක තියාගන ඉන්නෙ කියලා ....
ඒත්....කොහොමද ....
අපෙ ගෙදර .....??
එයා වාහනෙ ගන්න අපේ ගෙදර ආවා වත්ද.....
බබී ඔයා එනවද ...
අ...ම්ම්..මේ....හ්හ්...හා...
සංධීර්ගෙ සිහියෙන් උන්න මට ආයම ප්රනීත්ගෙ කටහඩ ඇහෙනවා එක්කම ගැස්සිලා යනකොට ප්රනීත් මා දිහා සෑහෙන්න වෙලාවක් බලන් උන්නා...
ඇයි බබී ...ඔයා මොකකට හරි බය වෙලාද ඉන්නෙ.....
න්න්...නෑ නැ....ම්..මං....ව්...වෙන කල්පනාවක උන්නෙ...
ම්ම්ම්.....කවුරුගැනද....ම්ම්....අර ....
ක්ක්...කවුරුත් ග්ග් ..ගැනවත් නෙවෙ ...
..මං එලියට බැස්සා .....සංධීර් මාව හමගහයි කියන එක දැන දැනම උනත් මට ඕන උනෙ මේකෙ දොරවල් ජනෙල්වල ඇනෙ ඉදම්ම දැනගන්න වෙනකොට ප්රනීත් එක්ක කොහෝම හරි ඇමතිපුතා නිදිවදින්න හදන කාමරේටත් රිංගන්න බලාගන මං එයාගෙ පස්සෙන් යනකොට සංධීර්ගෙන් ආයම කෝල් එකක් ආවා...ප්රනීත්ට යන්න ඇරපු මන් පිටිපස්සට වෙලා ඉදන් ඵෝන් එක ආන්ස්වර් කෙරුවා .....
හ්හ්..හෙලෝ....ස්ස්...සංධීර් ....
කොහෙද තමුසෙ ඉන්නෙ???
ම්ම්...මං....ග්
මං ඉන්නෙ තමුසෙගෙ ගෙදර යෙවීන්...උඹ ඉන්නෙ කොතනද.....කියන්න බැරි නම්....මම ගන්න එන්නද???????
ජොබී නිදහාස්ස්ස්...😊
ආය හෙත එන්නාම්....
.හුගාක් දෙනෙක් අහලා තිබුනා මන් අසනීපෙන්ද කියලා.....නෑ අනෙ මගෙ ඵෝන් එක කැඩුනා අද හදාගත්තෙ....ඵෝන් එක චාර්ජ් වෙන්න දාලා කොට්ටෙ යට තියාගනම මට නින්ද ගිහිල්ලා.....ඕවර්හීට් වෙලා ඵෝන් එක කැඩුනා ඉතින් ජොබීත ඵෝන් එකක් නැති උනා.....🥺🥺👉👈 යෝහ් .....තව ටිකක් උන්න නම් ජොබියා සක බුම්....බොලාලට මගෙ හත් දවසට එන්න තිබ්බා කාලා යන්න....
හෙහෙ...කොහොම උනත් හොයලා ගලපු හැමෝටම ස්තූතියි ආදරෙයි.....
.🥺🥺❤️❤️❤️❤️
හෙට වැලන්ටයින් සමරන හැමෝටම happy valentine !!!(මං වගෙ තනිකඩ උන්ට....කියන්නෙ....යෝහ්...කොල්ලෙක් හොයාගනිල්ලා!!!...)
Ferdeesha ❤️💚😘 ....