හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා...
හමේ පාට නූල...කතිරෙට කතිරෙට යනවා.....අවසානෙදි අවසානම ගැටේ එක්ක ඔලු කටුව මැහිලා අහවර වෙනවා....
සමුගන්නට සමුදෙන්නට ඇවිත් යන එන වෙනුවට එයා තෝරගත්ත සින්දුව මේ තට්ට තනි මට අහේතුකවම රිදවන්න ගත්තා.....බඩපත මැහුනා ...හිස් ඔලුව මැහිලා ගියා....ඉටිකොල ඔතල ඇදුම අන්දලා නාහෙටයි කන්වලටයි ෆෝමලීන් පොගවපු පුලුන් කෑලි ඔබන්න ඕන...
හිස් බොගයක් හා සමාන නිර්වස්ත්‍ර සරුවාගෙ දිහා බලාගන උන්න මං අවසානෙදි මලකද හරහට වඩාගන වෙන බඩු මුට්ටු ආම්පන්න පිරුන මේසෙකින් තියලා කාලෙකට කලින් සුදු පාටට තිබුනත් දැන් දැන් පඩුපාට ගත්ත මාබල් අල්ලලා තිබුන මෝචරි ලෑල්ල හෝදන්න ගත්තා ....මේක හෝදන්න ඕන.....පිහන්න ඕන...අවසානෙදි ආයම මලකද මේකෙ තියාගනම ඉටිකොල ඔතලා ඇදුම අන්දන්න ඕන...මේටිකට මල කද තනියෙන් ඉස්සුවත් ඇදුම ඇන්දුවට පස්සෙ තමයි කාව හරි ඕන වෙන්නෙ.....
අනූ අටයි දශම අටේ හරි දුක හිතෙන විදිහට සින්දුව යනවා...මේ විනාඩි ගානම අමරදේව මහත්තයට සින්නක්කර කරපු මගෙ සියපත.....
මට අයිතිද මගෙ කියන්න....???
මං වගෙ හිගන්නෙක්ට අන්ත මනුස්සයෙක් කොහොම කියලා නම් මලකට අයිතිවාසිකම් කියන්නද...??
මගෙන් හුස්මක් පිට උනා...බොරපාට වතුර පාරත් එක්ක හේදිගන ආව වතුර ලේත් කලවම් වෙලා අවසානෙදි සිනී ගද එක්කම බාල්දියට වැටුනා....එකපාරකින් හෝදපු ලෑල්ල අනිත් පාර මං ආයම පඩංගු ගැහුන රෙදි කෑල්ලකින් පිහලා ඒ උඩට ඩෙටෝල් ටිකක් හලලා ආයම රෙදි කෑල්ලකින් පිහදැම්මා
වෙනමොකටවත් නෙවෙ මට බඩගිනී....වේලක් ඇර වේලක් කනව මිසක තුන් වේලක් කන්න කොහෙන් කියලා පිනක්ද.....?ගෙයි ඇතුලෙම කොටගලුවක් පත්තු උනහම තවත්වියදමක් එකතුවෙනවා නෙවේද...
මොකො බැරි කෙල්ලට හැමදාම රෙදි අන්දන්නද....එ අන්දනවා කියලා හරි හමන් රෙදිකෑලි තියනවද...කටු ඇනිලම ඒකිට පිටගැස්ම ගන්ඩද...???
මලකද ආයම වකුටු ගැහිලා.....හෙලුවෙන් තියාපු මලකදෙ උකුල් ඇට උඩට මතුවෙලා....අංගජාතකෙ දුම්කොල නැට්ටට වඩා අන්තෙට ඇකිලිලා ගිහිල්ලා....හරිහමනට වතුර ටිකක් වැටුන් නැතිසර්වාංගෙ හම තනිකරම මේ වේලුම් කාපු මහපොලව වගෙ තැනින් තැන ඉරිතැලිලා...කවදාවත් සුවද ගහන සබන් කෑල්ලක් ශැම්පු ටිකක සාරෙ නොවිදපු තැනින් තැන සුදු ගැහුන බොකුට්ට ගැහුන කොන්ඩෙ තනිකරම වේලුම් කෑව ගදපාන පදුරකට අන්ත වෙල...
ඒ ඔක්කොමත් පැත්තක තිබ්බම උන්දැගෙ වැහුන ඇස් පියන් වටේ තිබුන ඇස් කුහරවලට වගේම ගිලාබැහැපු හකු දෙපැත්තට පොල්කටු බාගෙක වතුර අල්ලන තරමට ගිලා බැහැල ගිහිල්ල.....
මැරෙන එක ලේසියි ජීවත්වෙනවට වැඩිය....
මෝචරි ලෑල්ල දෑත බදලම පිහදැම්මත් මොකද අවේලාවෙ ආව නිලමැස්සෙක් කුස්තූර අස්සෙ මායන් වෙනවා....ඌටට් ඕන ජීවත් වෙන්න.....මටත් ඕන ජීවත් වෙන්න....
ජීවත් වෙන එකම බලාපොරොත්තු කරගන අපිට වෙන කිසිම බලාපොරොත්තුවක් තිබුනෙත් නැති උනා....මිනිස්සුන්ට බලාපොරොත්තු තියනවා ...හීන තියනවා....ආසාවල් තියනවා...මං හිතන්නෙ මෙ වේලුම් කාපු බිම් කෑල්ලෙ මිනිස්සුන්ට තියන එකම බලාපොරොත්තුව ජීවත් වෙන එක විතරයි...හුස්ම වැටෙන එකත් මහා දිනුමක් හා සමානයි...
හෝදපු අත් දෙක ඇදන් උන්න ඇදුමෙන්ම පිහදගත්ත මං එහෙම්ම පන් මල්ල අතට ගත්තා.....පෙරදිනයක මා පෙම් කල යුවතියගෙ කිරි සුවදට මේ මිනිකාමරෙන් කාන්දු උන ෆෝමලින් වගේම මලකදකට උරුම අමූතු සිනිගද මුහුවෙලා ඒ සින්දුවට රිදෙව්වා මදිවට මගෙ බත් පත දිගෑරිය ගමන් ඒ උඩට පුලුටු සුවදකුත් එකතු උනා....
එදා වගේමයි තවමත්ව වැට අද්දර
නාමල් පූදිනවා...

නාමල් පූදිනවලු.....විරහවක් නොවිද උනත් මම කරන්නෙත් නොකා නොබී දුක් විදින එක වෙනකොට විකසිත උන නාමලෙ සුවදට වඩා අර නොකා නොබී විදපු දුක නම් මගෙ බඩ පපුවටත් දැනුනා....
"...........මොනවද මං කියන්න ඕන.....මොනව ගැන්ද මං කතා කරන්න ඕන...ආදර හැගීම් ආදරෙන් තුරුල් කරන් ආවත් මොකද.....ආදරෙ පුරාවටම තියෙන්නෙ බරම බර විරහව විතරක් වෙන්කොට මගෙත් හදවත හීරෙනව...වචන අමතක වෙනවා....දැන් වෙලාව මතක් කරන්නම්....දහය පහුවෙලා හරියටම විනාඩි පහලවයි...අනූ අටයි දශම අට...දහයෙ කනිසම එක්ක මං සියපත්..."
දහ වතාවක් හේදුවත් පාන්ඩු පාට අරක් ගන්න කෝරා හාලෙ බත් ගෙඩිය...පැත්තකින් ගලේ ඇඹරුන සම්බෝලෙ ...මාලුවක් නැති බතේ පාලුව යවන්න ඇහැට නොපෙනෙන්න තිබුන පුච්චපු කරවල නැට්ට.... බත වේලිලා ගිහින් .පොල් සම්බලක් උනහම තෙතක් තියෙන්ඩ ඕන.....ඇරත්කෝරා හාලට හොදි තියෙන්ඩ ඕන නැත්තන් උගුරෙන් පහලට යවන්ඩ අත දාන්ඩ ඕන....
අඩුපාඩුයි කියලා මැරෙන්ඩද ....හුගක් දාට රෑට උන්නෙම කහට කෝප්පයක් එහෙම නැත්තන් කුරහන් රොටියකින් බඩ පුරවන්. .අමාවකට හද පායනවා වගෙ බත් කටක් හම්බෙන්නෙ.....
සින්දුව අහවර උනා...ලෑල්ල උඩට වඩම්මවපු බත් පතට දෙයියො බුදුන්ටවත් නැති ගෞරවේකින් වැදපු මගෙ ගොරෝසු ඇගිලි වලට පලවෙනිම කට ඇනෙනවත් එක්කම එයා හරි නිවුන කටහඩකින් කතා කෙරුවා....හොද්ද නැතුව හිරවෙන බත් කට අනේ තව නම් මේ ඉරිතැලුන උගුර රිදවන්න බැහැයි කියලා හිතිලදො එයා" මං සියපත්" කියනවත් එක්කම හරිඅපූරුවට පල්ලම් බැස්සා...
"ඉතින් තවත් කතාවක් අහමුද. .අහල හදවත බර කරගමුද ..ඒත් නැත්තන් මා එක්ක චුට්ටක් කතා කරමුද...ප්‍රේමය ගැන....විරහව ගැන....මේ දෙහෝරාව අයිති ප්‍රේමයට විතරමයි.....කාගෙන් හෝ කවුරුන් හට ලැබෙන ප්‍රේමයක්...ප්‍රේමය කිව්ව්ම නැවතිම් තිත අපි තියන්නෙම පෙම්වතුන්ගෙන් ප්‍රේම කතා. මේ හරියෙන්.....ඒත් ප්‍රේමය එතනින් ඉවරද...
ප්‍රේමය අයිති පෙම්වතියකට පෙම්වතෙකුට විතරද ....??
ප්‍රේමයට තිත වැදුන පමනින්ම දුන්න ප්‍රේමය අහවර වෙනවද ...
හදවතේ බරම පැත්තෙන් කාන්දු වෙන ප්‍රේම එක මොහොතකින් හිදිලා යනවද....??
ප්‍රේමයෙ අවසානය හිමිකරගැනීමමද .....?
මේක හරි බරපතල කතාවක්....මං හිතන්නෙ කවදාවත් නැතුව මාවත් අද අසරන වෙන ආදරකතාමයි තියෙන්නෙ....
ඒත් මං උත්සහ කරනවා මගෙ ගාව තියන රහම වචන වලින් සාධාරනයක් කරන්න.....
මං උත්සහ කරනවා...මේ ප්‍රේමයට උතුම්ම වචනෙන් වන්දනාමාන කරන්න ...."
මං තවත් බත් කටක් ඇනුවා.....කකුලට එහා පැත්තෙ මලකදෙන් එලි වැටුන බඩබොකු බාල්දිය.....මෙච්චර වෙලාම කුස්තූර අතරෙ එහා මෙහ ගියපු නිල මැස්සා අනිත් පාර බත් එකට නොවහා බත් එකට උඩින් වටයක් කැරකිලා කැරකිලා වහන්න හදනව එක්කම මං මැස්සව අහකට පැන්නුවා....මගෙ අත්පාර නොවැදුන නිල මැස්සා අනිත් පාර අර බඩබොකු බාල්දියට වහනවත් එක්කම මං අහගන තට්ට තනි කාමරෙ මට පිටිපස්සෙන් මොනව හරි සද්දෙට වැටෙනවා ....
ඒ එක්කම මං බෙල්ල හැරෙව්වා.....
මලකද....!
යකඩ මේසෙ අඩමානෙටතියාපු මලකදෙ කකුලක් මේසෙන් පාතට වැටිලා එල්ලෙනවා...ලාවට කුදු වෙන්න තියාපු කොන්ද ආයම දිගෑරිලා....
එක පාරක් ඒ දිහා බලපුමන් ආයමත් අර අන අනපු බත් කට කටේ ඔබාගන්නවා එක්කම එයා ආයමත් කතා කරන්න ගත්තා... ..එයා හුස්ම ගන්නවා....ආපිට පාත දානවා ...ඒ හුස්මට පවා මාව නිවෙනවා......
එක වතාවක් හරි උඹව දවසක දකින්න ඇතිනම්.....වචනයක් කතා නොකෙරුවත් කමක් නෑ.....හූ හතක දුර ඉදන් හරි උඹ දිහා බලලා යන්න තිබුනා නම්...
දුප්පත් මගෙ හිතට සැනසීමක් ගෙනාව ආදරනීය සියපත....
සියපත් ආකාස....උඹ තනිකරම වැස්සක්.....වැස්සට පස්සෙ පායපු දේදුන්නක්....
.ඉතින් තේරෙනවද දයාබරිය මං උඹට කියන්න තටමන කාරනාව.....?
බලාගන ඉන්නකොට හුස්ම පවා වේලුම් කන මහපොලවක ඉදන් ජීවිතෙ ගැටගහන්න දත කන අපිට වැස්ස කියන්නෙත් හීනයක්...වැහි නැතිඅහසෙන් කවදද දේදුනු පෑව්වෙ....
වැස්ස කියන්නෙත් හීනයක් වෙනකොට දේදුන්න ගැන කවර කතාද.....
සියපතත් එහෙම නෙවෙද....
මේ ඇස් වලට පින් තියේවිද සියපත දකින්න...???
"..........ඇස්පනා පිට හීන බිදුනම උගුර කට ඉරෙන්න ආවා ලෝකෙට හොරෙන් ඉකිගහලම....
හිත පුරාවටම විදින්න පාරමී පිරුවත් උඹගෙ සුවද මට දැන් හීනයක්ම වෙලා අහවර බව මං කොහොම කියන්නද....
සුදු මහත්තයා දන්නවද....,අර සල්මල් ගහ යට බංකුව මං උඹව දකින්න කලින් තිබුන විදිහට නෙවෙ දැන් තියෙන්නෙ....දවස ගානෙම බංකුව ගිලා බැහැන් යනවා.....වෙන මොකටවත් නෙවෙ උඹත් මාත් වරු ගනන් අත් පටලන් හුස්මක් නැතුව කියවපු ප්‍රේම කතාවල බර කකුල් වලට දරාගන්න බැරිව.....
ගල් බංකුවට මං කියන්නම්....ආයම දරන්න බැරි බර උහුලන්න වෙන්නෙ නැති බව....
යන්නම ඕන නම්....යන්න දෙන්නම්...ගල් බංකුව උඩ හිස් වෙන්න නොදි මං වත් ගිහින් සල් මල් සුවදෙ තනි මකන්නම්....තට්ටම තනීයිකියලා හිතුන දාකට පුස් කන්න බලාගන ඉන්න හදවත් මල්ල අවුස්සලා පාට මැකීගන යන ප්‍රේම කතාවක් උඩට ගන්නම්....
කරපු ආදරෙ කොයි තරම්ද කියනවා නම්....මං උඹට යන්න දුන්නෙයත් කදුලු හන්ගගන හිනාවේගන... ...
මං පුරුදු වෙන්නම් හදවත ආපිට තිබුන තැනින් තියලා මොකුත්ම නොවුන ගානට ජීවත් වෙන්න...
ප්‍රාර්තනා කරන්නෙ ඔයාගෙ සතුට උතුරන්න.....
මම කල්හාරි
රඹුක්කනින්.....
එයා නම කිව්වා...පුරුදු විදිහට ම ගමත් කිව්වා...මිනී ඇදුම් මල්වඩම් නැතුවම එම්බාම් මේ මොකුත් නැතුවම පනගහපු ප්‍රේමයක මලගමක ශෝකාලාපය හරි සියුම්වට කියලා තත්පර ගානක් සද්ද නැතුව උන්නා...
මෙච්චර වෙලාම හුස්මෙන් හුස්ම ට හිස්තැන් තිය තිය ඉදලා ඔය විදිහට නිහඩ වෙලා යන එකමයි මට දරාගන්නම බැරි ....
මගෙ අත බත් කට එක්ක වේලීගන යනවා....මලකද ඇදුම් නැතුව හෙලුවෙන්ම සීතල උහුලනවා....ඈතින් ඇහෙන වන්ඩිල්ලන්ගෙ කෲස් කෲස් සද්දෙත් හේන් පැලකින් ඇහෙන හේන් කවියත් කරන්නෙම මගෙ පපුව තවත් බරකරන එක .....
ඒ චුට්ටකින්ම එයා ආයම පටන් ගත්තා .....මං හිතන්නෙ මේ රෑ යාමෙ එයත් එක්ක ඔය මැදිරියත් නිහඩවෙලා යනවා ඇති.....ආදර කතා මලගම් යනකොට මොන තරම් වේදනාත්මකද....
මලකදක් කටෙ තියාගන හුස්මෙ අස්තීරත්වෙ දෑහින් දැක දැක මං කොහොම කියල නම් සදාකාලික ප්‍රේමයක් ගැන පාරමි පුරන්නද .....?
".............දන්නවද...
ප්‍රේමය කියන්නෙම පාරමිතාවක්...අදටත් ප්‍රේමය කියන්නෙ මේකටයි කියලා සර්ව සම්පූරන නිර්වචනයක් දීගන්න බැරිව ගිය හරි අපූරු හැගීමක්.....
ප්‍රේමය පවතින තාක්...විශ්වය පවතී කියනවා.....
ඉවසීම...දරාගැනීම....කැපකිරීම.....මේ හැම දේකම එකතුවකින් හැදුන ප්‍රේමය පුදුමාකාර විදිහට පපුවෙ වම්පැත්ත රිදව නොරිදව යනවා.....
ආදරේ වැඩිම තැන පවා සමහර හිත් කරන්නෙ ස්වකැමැත්තෙම්ම අඩියක් පස්සට ගන්න එක...
ඉතින් හිතවත,
ප්‍රේමයෙන් පිපුන හිත්ම ප්‍රේමයෙන් පරවූ පසු දෑතින් වැලදගන්නේම හුදකලාව.... ප්‍රේමය මිහිදන් කල සුසානයෙ පසුවදන විනා නැවුම් ආදර ඇරයුම් කොටන්නට ඒ හදවත් වලට තවත් පනක් නැතිය.... ...
ස්නේහබර කල්හාරි....සල්මල් හෙවන යට ඉදන් පැරනි පෙම්බස් සිහි කරනකොට එපා සල්මල් පුසුඹට කදුලු වල සුවද එකතුවෙන්න කියලා මං හදවතින් ප්‍රාර්තනා කරන ගමන් නෙලාගැනුමට මං ඔයා නමින් වෙන් කරනවා....

පනපිටින් මුළු සිරුර දන්
දී එකම හිතකට ලොබ බැදීමය!
ඊලග බත් කට ඇනුනා විතරයි කටට ගියෙ නැ ....එයාගෙ වචන වගේමයි සින්දුවෙ තනුව...සින්දුවෙ වචන....කෑලි දෙකෙ රේඩියොවෙන් මං අනන්තවත් මගෙ තනිකම දිය කරන් තියනවා...
ඒත් කවදාවත් මට සින්දුවක බරම තැන් මට දැනුන් නෑ.....රහම තැන් දැනුනෙත් නෑ.....මගෙ හිතට වැදුනෙත් නෑ...
ඉහලට ගන්න හුස්ම නවතින්නෙ නැතිවෙන්න ජීවිතෙ එක්ක පොරබදන පොරබැදිල්ල එක්ක මට සින්දුවක් අහන්න වෙලාවක් තිබුනෙත් නෑ....
ඒත්...දහයෙ කනිසමින් සියපත් සුවද කාන්දුවෙන්න ගත්ත දා ඉදන් මං ඒ කටහඩට පින් අයිති වෙන්න නොවිදපු හැගීම් විදින්න ගත්තා....ප්‍රේමයක් නැතිවම ප්‍රේමෙන් පපුව බර කරගත්තා...
විරහවක් නැතුවම ඇස් දෙක කදුලින් තෙත් කරගත්තා.....සින්දුව යනවා...ස්නේහබර කල්හාරිට කියලා එයා කැපකරපු සින්දුවට මටත් දුක හිතීගන ආවා.....එක්කො මට එයාගෙ වචනවල තිබුන බරගතියට ඇඩෙන්න එනවා...
මට මින් එහා කන්න හිතකුත් නෑ...ඒත් ඒකියලා මට බත් පත අහක දාන්න තුන් හිතකවත් හැගීමකුත් නෑ....සමබෝල හරිය කෑවත් අනෙ දෙයියනෙ මේ බත් එක හෙට හීල් උනත් කන්ඩ පුලුවන් ...මොන හිතකින්ද අහක් කරන්නෙ....වෙනදට වඩා බෙදන බත් එකට වඩා අද හැන්දක් දෙකක් වැඩිද කොහෙද .....අනිවාර්යයෙන්ම අප්පච්චි බඩෙන් බාගෙට.....
මං කොහොමද අනුන්ගෙ ආදර කතා අහලා පපුව බර කරන් බත්පත අහකට දාන්නෙ....
සමාවෙයන් සියපත් අනුන්ගෙ ආදර කතා උඹගෙ බර වචන වලින් උනුහුම් කරලා අහන් ඉන්න එවුන්ගෙ පපු අල්ලගත්තට මට ඒ කතාවලට වඩා මේ බත් ඇටේ වටිනවා.....
එහෙන් සින්දුව යනවා....එයා නිහඩ වෙනවා....මා වවුලෙක් තටු ගහන් යන වෙලාවක බත් ගෙඩිය ආපිට පරිස්සමට එතිලා පන්මල්ලට වැටෙනවා....
අතින් ගැලවුන රබර් අත්මේස් දෙක ආයම අතවහගන්න වෙලාවක ඇරපු ජනෙල් පියනෙන් උතුරා යන හද එලිය ඇවිදින් මිනි ලැල්ල උඩට වැටිලා යනවා.....
මන් මලකද දිහා බැලුවා....අර වැටුන කකුල එහෙම්මයි....උන්දැට පුකක් කියන නාමයක් නෑ...තට්ටමක් කියන නාමයක් නෑ...හමට යටින් තෙල් තට්ටුවක් ගනට තියනවා කිව්වට එහෙම එකක් තිබුනෙත් නෑ....
ආපිට හරහට උස්සලා ගත්ත මලකද ලෑල්ල උඩ තියාපු මං ඉටි රෙදි රෝල වගේම අන්දන සරම නැශනල් ශර්ට් එක.....මේ ටික විතරක් නෙවෙ ඉතුරු බඩුමුට්ටු ටිකත් ලන් කරගත්තා ....
කොට කොට තිබුන රැවුල කැපිලා ගිහිල්ලා....ආයමත් ඉදි කටුවටනූලක් ඇමිනුනා...පහු පහු වෙනකොට ඇරෙයි කියන සැකේ එක්කම මං ආයම වැහුන ඇස් පියන් පවා මහන්න ගත්තා....ඒ විතරක් නෙවෙ මෙච්චර කල් බෙනේ කොල්ලො කියලා කතා කරපු කටත් මහල දැම්මා...
මං කියලා මක්ක කරන්නද බන් මාමෙ...සමහර විට උඹත් මා එක්කම උඹගෙ මලකද එම්බාම් කරන්න එන්න ඇති ....
කට මහන්න කලින් පෝමලින් පොගවපු රෙදි කඩකින් දිව කට පිහපු මං අර අගුරුපාට කට මහලා අහවර කරනවා එක්කම උන්දැගෙ මූන දිහා බලන් උන්න මං මලකදට කෙදිරුවා....
මාමෙ මං උඹව රිදෙන්න නැතිව යන්න මහලා දැම්මා...පිහිතලෙ බඩ පසාරු කරන් හම ඉරාගන යනකොට රිදුනද අහන්නෙ කොහොමද කියපන්.....බඩට ලේ බහින්නම ඒකා උඹව තද කරලා...පපු ඇට ඇඩිලා මදිවට උකුල් ඇටෙත් පැනලා.....ඇත්ත කියපන් මාමෙ මට වඩා ඒකා උඹට රිදෙව්වා නේද...
එහා මෙහා පේන ඉටිකොල රෝල අරගන ඉනෙන් පහල කලවා දෙක කිටි කිටියට තියලා අල්ලගත්ත මං ආයම ලෑල්ලට බර වෙලා උන්දැගෙ කකුල් දෙකෙ ඉදන් පහතට ඔතන්න ගත්තා....
ඔතන ඔතන වාරයක් ගානෙම මං උන්දෑ එක්ක කතා කෙරුවා....සමහර විට උඹත් මා එක්ක මෙතන ඉදන් බලන් ඉන්නවා ඇතිනේද අහනවත් එක්කම මිනියෙ පපුව ගාවින් ඉස්සුනා...ආයමත් පාත් උනා.....වලලු කරගාවට වෙනකන් ඔතාගන ඔතාගන ඇවිදින් කතුරෙන් කපලා.ගැටයක් දානවා එක්කම සින්දුව අහවර කරපු එයා ආයමත් කතා කරන්න පටන් ගත්තා....
ඉතින් කොහොමද අහනවා....එයාම ප්‍රශ්න අහනවා...එයාම උත්තර දෙනවා...ඉතින් කොලොම් තොටට විතරද හද පායන්නෙ අහනවා.....නෑ...කොලඹ අහසට පායන හදම හන්තානටත් පායනවා.....ජපුර අහසටත් පායනවා කියනවා....ඒ විතරක් ඒ හදම දකුනු අහසටත් පායනවා කියලා සැහෙන වෙලාවක් ඉදල ඉදලා හවස් යාමෙ පලාතම තැඹිලි කරවන් යන උතුරුකරේටත් පායනවා කිව්වා...
එයා කියවනවා...ගැහෙන හදවතක් හිමි මම අඩමානෙට අහගන හදවත උගුල්ලලා ලී කුඩු පුරවපු මලකදක් එක්ක ඔට්ටු වෙනවා....
නැශනල් එකේ පස්ස පලුව කතුරෙන් කැපීගන කැපීගන ගියා....මිනි ඇදුමෙ පිට පැත්ත නෑය නෑය කිව්වට නැත්තෙ නෑ....තියනවා.....හැබැයි සම්පූර්න නෑ...එක කතුරුපාරකින් ආයම අසම්පූර්න වෙනවා...
මලබැදුන කතුර අඩාගන වගේ පස්ස පලුව පලලා දැම්මා....පන නැති අත් කඩා වැටෙන බව දැන දැනම මං ශර්ට් අත් දෙක ඇතුලෙන් අත් දෙක දාලා උන්දැගෙ සීතල සර්වාංගෙ වහලා දැම්මා.....මලගමෙ පයින්ඩෙ අරන් එන කනකොකාගෙ වැඩේම අඩාගනම ඉන්න එක වෙනකොට මන් අහගන මීට අවුරුදු ගානකට කලින් මලගම් ගියත් තවමත් හිටගන උන්න රූස්ස කදට වහපු බස්සත් සැරින් සැරේම හූම්....හූම් ගානව.....
සරම අන්දල ආපිට බහිනවත් එක්කම මට මගෙ පැල්කොටෙ මතක් උනා.....නංගිට නින්ද ගිහින් ඇතිද ....දොට්ට පිලට යන්ඩ ඕනා උනත් වෙලා තියන දේත් එක්ක ඒකිට කටක් ඇරලා කියන්න හිතෙයිද....
රෑ වේල සප්පායන් වෙන්ඩ අරකා ආයමත් මගෙ වැටකඩුල්ල කඩාගන ගෙටවැදිලද.....ඔය කිව්වට ගෙට උන කෙල්ලට තව කිලි දෙන්න බැරි හන්දා අප්පච්චි උඹ පිල්කඩේ ඉදන් නිදිවදිනවද.....
මගෙ හිත තනිකරම ප්‍රශ්න ලෝකයක්.....
"කොහොම නම් අමතක කරන්නද....කොච්චරවත් තෙත් කාපු ඇස් දෙක.....
මං දන්නෙ නෑ....මට කියාගන්න තේරුමකුත් නෑ....සර් ජපුර අහසට හැමදාකම හද පායනවා.....අමාවකට විතරක් ජපුර මගාරිනවා...
මතකද මහ වැස්සක් අනාරාධිතව කඩා වැටුන වෙලාවක ඉහට හෙවනක් නැතුව සර් මගෙ කුඩේ යටට ආවා...
හිස් කොලයක් උඩ දුවන තීන්ත පෑනෙන් තීන්ත සුවද උඩමතු උනත්....ඒ සුවද කපාගන මට මේ ගෙවෙන තත්පරෙත් සර්ගෙන් කාන්දු උන සුවද මතක් වෙනවා....
මං හිතන්නෙ නෑ...මගෙ ආත්මෙ කවදාවත් මීට කලියෙන් එහෙම සුවදක් මතක තියාගන ඉදල ඇතියි කියලා.....
පුලුවන් නම් එක විනාඩියකට කතා කරමුද....
අර වැස්ස නිවිලා ගියා.....වැස්සකින් පස්සෙ වෙන්න ඕන හැම පරිසර විපර්යාසයක්ම සිද්ද උනා....,මටත් හොරාවට මගෙ හිතෙත් විපරියාස සිද්ද වෙලා...කුඩේ යටින් කිසි හැගීමක් නැතුව තනියෙන් ගිය මම පැහැදිලි අහසෙන් ආයමත් වැස්සක් ඉල්ල ඉල්ල මුරන්ඩු වෙන තරමට කනපිට හැරිලා...මට ආයම තට්ට තනියෙන් කුඩේ යටින් යන්න බැහැයි හිතෙන තරමට සර්ගෙ සුවද මාව අසරන කරලා.....
දවස් ගානක් ලත වෙලා...ලත වෙලා....මුහුර්ර්ත බලලා බලලා මං සර්ගෙ මූන ඉස්සරහට ඇවිදින් කතා කරපු මුල්ම වචන ටික ඕක...
ඉගුරු සුවද එන ප්ලේන්ටිය උගුරෙන් පල්ලම් බැස්සෙම බඩබොකු පුච්චන්....එක්කො තේ එකෙ රස්නෙ වැඩි හන්දා.....ඒත් නැත්නම් මගෙ කුලුදුල්ම ආදරෙ උනුසුම පපුවෙන් උඩ ගහපු හන්දා....
"සමාවෙන්න....මං ආදරෙ කරන්න පටන් අරගන....."
සමාව ඉල්ලගනම මං ආදරෙ කරන්න අරගන කියනවත් එක්කම හේතු නැතුවම මගෙ ඇස් අඩන්න ගත්තා...තුන්මහක්ම එක දිගට සුදුම ඇදගන ජපුරට ආව සර්ගෙ ඇසුත් ගැස්සිලා ගියා...
"........මගේ ආදර් තවම මා එක්ක....මිනිස්සු මැරුනට.....මතක මැරෙන්නෙ නෑ...."
මේ යන්නෙ හතරවෙනි අවුරුද්ද.....හත් දොහයි....ජපුරට මං සමුදෙනවා....විශ්වාස කරයිද....නොකරයිද...ජපුරෙ අහසට තවටත් හද පෑව්වත්.....මට අමාවක තවටත්.....!
.........
නමක් කියන්න ඕන නෑ.....පුලුවන් නම්...මේක කියන්න...මට විස්වාසයි දහයෙ කනිසමට පෙම්බදින ඒ හිතත් අහගන ඇති මන් වගේම.....මං තවමත් හුස්ම ගන්නවා...ඔබ නැතුව...ඔබ එක්ක!
අවුරුදු ගානක් පරන ...රහවත් හරි හැටි මතක නැති අයිස්ක්‍රිම් පෙට්ටි පියන ටස් ගාන සදෙන් ඇරිලා යනවත් එක්කම එයා තවත් අමාවක අහසක් දරාගන ඉන්න හිතක් ගැන කියල පුරුදු විදිහටම එයා සද්ද නැතුව උන්නා. ...මැදිරියම නිහඩ වෙලා ගියත් මොකද අතට ගත්ත ජෙල් අහුර පොකුට්ට ගැහුන ගැහුන කොන්ඩෙට වැටෙන සද්දෙ මහ සද්දෙට ඇහුනා.....මලකදන් සියගානකගෙ ඉහ කෙස් පීරුව පනාව පොකුට්ටෙ පොකුට්ට ඇරන් යන සද්දෙ ඇහුනා මහ සද්දෙට...
"වියපත් බඹරු වෙනුවෙන් පාරමි පුරපු නාඹර මල් නැතුවාම නොවෙ...ඉතින් ජපුර සදවතිය ....ඔබ එක්ක ඔබ නැතුව හුස්ම ගන්න ඔය හිතට තවදුරටත් අමාවක වෙන්න එපායි කියලා මං ප්‍රාර්තනා කරනවා.....කලුවර රෑ සදක් වගේ අහසෙ නුඹ ඉන්නවා නම්.....ආසයි මං කවුලු පියන් ඇරලා තියන්න...තරහක් නෑ නුඹ බැස යන්න කියන වියපත් බඹරෙක්ගෙ ප්‍රේම විලාපෙට වඩා .....බිසෝ හැර ගිය ලසෝ රගහල අමාවක අදුරක ගිල්ලවූ සන්සාර හීනෙට මං ආරධනා කරන්නම්...
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනෙ.....දහයෙ කන්සම අහන් ඉන්න ජපුර හදවත වෙනුවෙන්.....

හ්ම්ම්ම්...අහවරයි...මෙච්චර වෙලාම මලකද එක්ක ඔට්ටු උන මං අවසානෙදි යට ගිය ඇස් යට ගිය හකු වලට පියරු ටිකක් උලලා උන්දෑ ජීවිතේට වත් සුවදක් වත් නාදුන්නන් විලවුන් ටිකක් ගෑවා...
අපි වගෙ උන්ට සෙන්ට් ටිකක් උලන්න මැරෙන කන්ම ඉන්න වෙනවා...තත්පර විනාඩි උනා....විනාඩි පැය උනා....එයා කියන වචනයක් වචනයක් ගානෙම දැහැන්ගතවෙලා අහන්න පුරුදු වෙලා උන්න මට අද මගෙ දැහැනට ගිනි තියන්න උනා....ප්‍රේම කතා අහුරකට පස්සෙ හරි ලස්සන හිනාවක් ඇහෙන නෑහෙන විදිහට දුන්න එයා අවසානෙදි වෙලාව කිව්වා...මගෙ පපුවහෝස් ගාන් ගියා....
එයා යන්න යනවා....වෙනදා වගේම ස්තූතියි කිව්ව එයා පරිස්සමින් ඉන්න කිව්ව...ආයමත් හෙටත් එනවා කියලා පොරොන්දු උනා.....ආදරේට ආදරෙයි කියපු විදිහට සරම් රැල්ල හද හද උන්න මට සරම් රැල්ල හදන එකත් නැවතිලා රේඩියො පොඩ්ඩ දිහාව බැලුනා...හරියටම ඒක මට කිව්වා වග්....
මොන විහිලුද...මනස්ගාත....මන්වගේ එකෙක් එයාව අහන් ඉන්නව කියන්නවත් දන්නෙ නැතිකොට මට මොන අයිතියක්ද එහෙම හිතන්නවත් ...ආදරේ කරන්නත් හෙට ජීවත් වෙයිද කව්ද දන්නෙ....හෙටත් එන්නම් ලු....
ඒත් සියපත උඹ දන්නෙ නැතුව ඇති.....අද අපේ දවස..හෙට අනුන්ගෙ දවසක්!!!
"වෙලාව හරියටම මධ්‍යම රාත්‍රි දොලහයි ....ඉතින්....දහයෙ කනිසමට අදට තිතක් තියන්නයි මේ සූදානම....ඉතින්....වෙනදා වගේම ස්තූතියි මාව අහන් උන්නටයි....මේ ප්‍රේම කතා දරාගන උන්නටයි...ආයමත් කතා අහුරක් අරගන එනකන් පරිස්සමට ඉන්න...මම...සියපත් ආකාස බ්‍රහ්මනගේ!සමුගන්නට මත්තෙන් මේ සින්දුව...ඔයා වෙනුවෙන්....රෝස තොල් සිඹිමි ...හැමෝටම සුභරාත්‍රියක්.....අදරේට ආදරෙයි.....!

..සුමතිපාල අයියෙ....
වෙලාව හරියටම එක පහු උනා විතරයි...එයා යන්න ගියාට පස්සෙ මුලු හතර දිග්බාගෙම තිබුනටත් වඩා අන්දකාර උනාද කොහෙද ....රෑ හුලන් රැල්ල ඇතුලෙ වෙනදට වඩා හීතල ගතියක් තිබුනද කොහෙද ...පායපු හදෙ එලිය පව අඩුවෙලා ගිහින්ද කොහෙද ....
සියපත් මේ ඔක්කොටම හේතුව උඹ යන්න ගිය හන්දද ....ඒත් නැත්තන් මේ ඔක්කොටම හේතුව උඹෙන්ම නිවිලා ආපිට උඹෙන් ම ඇවිලෙන මගෙ හිතේ දෝසයක් හන්දද .....
එකේ කනිසම පහුවෙනව එක්කම මං මෙච්චර වෙලාම වහල තිබුන දිරන් යන දොර පලු දෙක ඇරියා....වැහුන දොරවල් පවා ඇරුනෙ පන අදින්න එකෙක්ටත් වඩා අමාරුවෙන් වෙනකොට මං අහගන හිරවේගන එන සරනේරු තෙල් ඉල්ල ඉල්ලා මැරෙන්න හදනවා....

බෙනෙ අහවරද...මිනියට ඇන්දුවද ....?
තනියට ආව එකා බඩපපුව ඇරෙනවා එක්කම වමනෙ හලාගන ගියා ගියාමයි ආයම උන් එකෙක් නෙවෙ ඇතුලට ආවෙ....
විටක් කකා මදුරුවො තල තලා ඉහට උඩින් පියාඹන් යන කෑරලාගෙ විලාපෙ අහන් උන්න සුමතිපාලයා අනිත්පාර ඇදන් උන්න සරමත් පැත්තකින් උස්සන් කෙලින්ම ආවෙ මිනියට ඇන්දුවද අහගන...
ඒකෙත් හැටි....හුස්ම ගිය හැටියෙ විසි හතර පැයක් යන්න කලියෙන් තමන්ගෙම උන්ට පවා නම අමතක වෙනව....හුස්ම වැටෙන අන්තීම තත්පරේ වෙනකනුත් උන්දෑ නැහුනෙ මුන් වෙනුවෙන්.....මේකගෙ කටට හොරි දානවද මිනිය නොකියා අප්පච්චි කිව්ව නම්....
අස්ථිර බව හැබෑව..
බොගෙ බව හැබෑව....යකො මෙව්වා අර මලගිය ඇත්ත් ඔය මලකද ගාව ඉදහන අහන් ඉන්නවනෙ...මැරුන එකාගෙත් පපුව පුපුරනවා ඇති ජාතකේ දුන්න එකාම මිනිය කියනකොට ....
මං වචනයක් නොකියා එලියට බැස්සා....මොක කරන්ඩත් පෙට්ටිය අදින්ඩ වෙනවා....පෙට්ටිය ගනාව කියලත් එක පාර බොග් ගාලා තියන්ඩ බෑ ....ආයම ඔය මලකදෙ සමාන තුන් කොටහකින් පටි දාලා බැදල ඒ හිඩැස් අස්සෙන් ලී පත්තක් යවලා පත්තෙන් උස්සලයි පෙට්ටියට තියන්නෙ ....ඔව්වා සිරිත් නෙවෙ ක්‍රම...
මේකද ඉල්ලුව එක.....
මේකද බෙනෙ අඩුවටම තියන එක කිව්වෙ....මීට එහා අඩුවට නෑ....
මේක අඩුම එක ....මීට අඩුවට ඉතින් පොලිශ නොගපු නිකම්ම ලීය...ඒවා කව්ද ගන්නෙ ...
අපරාදෙ...කාරි නෑ....අන්තිම කෙරුමනෙ....ගනින් මේක....වඩම ඩින්ගිත්තක් ලොකුවට දාපන්...එන උන් දකින්නෙ ඕකනෙ ....
මං නෙවෙ ආය වචනයක් කිව්වෙ...දුප්පත් බව හැබෑව...කන්ඩ බොන්ඩ නැති කොට දිරන්ඩ යන කුනුකයට මක්කටද මෙ හැටි විච්චූරන කියන එක දැනෙන එක හැබෑව...ඒත් යකො ඒකා ඉන්නකම්ම කොස් ඇටේ හරි අටු කොස් කර කර කැඹුරුවෙ මුන්ටනෙ....වඩම විතරක් ලොකුවට දාන්ඩලු.....ඇරත් ඉන්නකන් අප්පච්චි උඹයි අම්මයි කෑවද බිව්ව්ද බලන්ඩ නාවට මොකද හේනට නම් සැරින් සැරේම ගාට මාසෙට පෝයට විකුනගන්න කැකිරි ගෙඩියෙන් හම්බෙන සොච්චම නම් ඩැහැගන්ඩ ආවා....
කාලකන්නි හැත්ත...මුන්දැලා කෑවෙම කොස්...තුන්වේලම කොස්...කාලකන්නි දැන් වඩම ලොකුවට දාන්ඩ කියනවා...ඇදල අරින්ඩ හිතයි පන පිටින්ම එම්බාම් වෙලා යන්ඩ....
හ්ම්.....අල්ලපල්ලා ඕක...
හිතින් බැන බැන ඉදල හරිහමට කපාගන්න බැරිව ගියපු රැවුල කහ ගත්ත මං ආයම පෙට්ටිය මාරු කරගන්ඩ හදනා සුමතිපලයා දිහා බලලා අල්ලපල්ලා කියනවත් එක්කම ඒකා පෙට්ටිය ඇල්ලුවා...ඒකයි අරකයි එක කොනක තනි මං අනිත් කොනෙ.....
ඇති ලබ්බක් නෑ....සුදු සෙටින් එකට යට තියෙන්නෙම ලී කුඩු.....මිනිය දැම්මනෙ බර....මීට කලියෙන් තට්ට තනියෙන් උස්සපු මලකද පෙට්ටියට බාවලා හර්ස් එකට දාගන යන්ඩ බෑ.....වෙලාවකට හර්ස් එක ඉබේටම කැලෑවට කැපෙනවා....මක්ක කරන්ඩද.....ඔව්වට කතා තියනවා හිත බය කරගත්තොත් බඩවේලට ත් වෙන්නෙ වැවට කලියෙන් හිදිලා යන්න....
වද්දන්නෙ නැතුව....හෙමීට.....ඔතනින් හරවපල්ලා...
ගොන් යක්කු දෙන්නෙක්.....
පතුරක් වත් ගියොත් මරනෙට එන උන් කියන්නෙ පෙට්ටිය අරහෙමයි මෙහෙමයි කියලනෙ...මැරුන මනුස්සය ජීවත් වෙලා ඉන්නකන් වතුර උගුරක් කහට කෝප්පයක් දෙන්න නාව නෑ හැත්ත වෙලහට මග වෙන්ඩෑ....සමනගෙ මරනෙට මැස්සෙක් නැතුවට සුමතිපාලයගෙ ගෑනි පිටගම් හන්දා මේ මරනෙට පිටින් දහ දොලහක් වත් ඉදී ...
ඒකගෙ ගෑනි ඔය බන්ගදෙනි පැත්තෙ කියනවනෙ...ආනමඩුව හලාවත දෙක එකට අහුවෙනවා කියනවනෙ....වෙලහකටත් ඔය පැත්තෙන් එන්ඩ පිටත් වෙලා ඇති ..හලාවත කිට්ටු නම් අනිවාර්යයෙන්ම හෙට දවල් බතට කරවල නැට්ටක් වත් තියෙයි....එක්කො මූදු මාලු කෑල්ලක්...දන්න දා ඉදන් කොස් තම්බ තම්බ කාපු අප්පගෙ මරනෙට මූදු මාලු.....
ඔහෙන් තියාපල්ල....
මගෙ....අම්මෙ...මිනිය දැක්කම බය හිතෙනවා සුමතිපාල අයියෙ.....මේ මූන කලු ගහලා මොකද මේ හැටි...
කිව්වත් වගේ බෙනෙ මොකද මේ මිනියෙ හකු තිබුනට වඩා බැහැලා වගෙ ....සැරත් එනවා...
මං නෙවෙ වචණයක් කිව්වෙ..... මිනියට එහායින් තිබ්බ හිස් කරාපු ලෑල්ල උඩට පෙට්ටිය තියවගත්ත මං කෙරුවෙ කොකු ටික ගලවලා පියන් හතර ඇරපු එක....මිනියක් දාන්ඩ කලියෙන් බස ගාලා ඇරියට මොකද මිනියක් තිබුන පෙට්ටියක් එකපාර අරින්නෙ ඈ....වංගි තුනකටයි පියන් හතර අරින්නෙ....වෙන මක්කටවත් නෙවෙ ගහපු ෆෝමලීන් සැර ඉහට ගහයි කියලා...
කලුවැඩිද මන්දා...
මං හිතන්නෙ මීට එහා නම් මට උහුලන්න බැරි උනා...පාරක ගියත් ගමේ එවුන්ගෙ බලු කතා ඇහුවෙ හේතුවක් නැතුව උනත් මයෙ අහිංසක අම්මා අප්පුච්චගෙ බහට එහායින් යන්ඩ බැරි හන්දා මං කෙරුවෙම කරබාන උන්න එක....මේකලා මේ කතා කරන්නෙ ඒකලාගෙ මහ එකා සැප ජීවිතයක් ගෙවලා මැරුන වගේනෙ.....වක ගැහුන තැන්...කලු ගැහුන තැන් ගිලුන තැන් ගැන කියනවා මදිවට අරකා දැන් කී වතාවක් ඒකගෙ අප්පට මිනිය කිව්වද...
උඹ කියන්නෙ මං මේ මිනියෙර රීරී මාන්සෙ සූරාන කෑවා කියලද බොල?ඇරත් හකු බැහැලා හකු බැහැලා කියන්නෙ හකු විතරක් නෙවෙ මුන්දැගෙ පුකක් බඩක් තිබ්බෙම නෑ....තව ටික දොහක් ගියානම් වැටකඩුල්ලෙ ඉන්නට ගන්ඩ තිබ්බා....ඇරත් සුමතිපාල අයියා උඹ මිනිය මිනිය කියන්නෙ මේ තොපෙ අප්පුච්චා බොල.....
ඉන්නකන් තොපි ඒකගෙ ලේ ටික විතරයි උරා බිව්වෙ නැත්තෙ දැන් මක්කද මේ කියන්ඩ හදන්නෙ....අරකා කියනවා කලුගහල කියලා.....ආ බොල පියදාස මාමා සුදු එකෙක්ද.....නියගෙට වේලුන තනකොලේ වගේ ඒකගෙ බඩපත කැපුවම මට තෙල් තට්ටුව වත් හොයන්ඩ බැරි උනා.....
ඉවසීම පැනගන ආව මං එහා මෙහා යන ගමන් තිබ්බ තිබ්බ ඒවා එහා මෙහා කර කර හිතේ ආවේගෙට කියව කියව යනකොට මං බලාගන සුමතිපාලයා බිම බලාගන්නවා....බැනනම අහක තිබුන හිස් ෆෝමලීන් බෝතලෙයි කටුවයි අරන් තිබ්බ තැනට තියන්න යනකොටම මං බලාගන වමනෙ හලපු එකා සුමතිපාලයා පස්සෙ හැන්ගෙනවා...ඒකා හිතන්ඩ ඇති මං ඒකට පන තියනකොට ෆෝමලීන් ගහන්ඩ යනවා කියලා...
ඇරත් අරකගෙ හිතට තරහ ඇති.....ඒත් වෙලාවෙ හැටියට මට වචනයක් කියාගත්තොත් ඔවුන්ට වෙන්නෙ මිනිය තියාගන කන්න හන්දම මගෙ බැනුම අහගන කරබාගත්තා.....
සුමතිපාල අයියෙ....
බෙනේ ....
සීරූවට උස්සපල්ලා.....ගස්සන්නෙ නැතුව....
තුන් කොහටකට දාපු පටි මැදින් රිංගවාපු රීප්ප පටි කෙරවලක් අල්ලන් උන්න මං අනිත් කෙරවලේ උන්න සුමතිපාලයට සීරුවට උස්සපන් කියනකොට එකා ඔලුව වැනුවා ..වනලා හීන් සීරූවෙ මා එක්කම උස්සලා පෙට්ටියට තිබ්බා....රීප්ප පටිය ආයම එලියට ගත්ත මං අර රෙදි පටි තුනත් අහක් කරලා සැර මැකෙන්න ඊට වඩා සැර සෙන්ට් එකක් ගහලා අරකා කලුයි කලුයි ගගා මැරෙන්න ගියපු සීතල මූනට පියරු ඇබිත්තක් ඇතිල්ලුවා....අන්දකාරෙ දමාගන ඇතිල්ලුව වගේ නෙවෙ උදේට පිටි උලලා වගේ තියෙයි...
බෙනේ දානවද...
හිටින් මං හර්ස් පස්සට ගහන්ඩ....
ම්..මේ...අපිත් යන්ඩ ඕන හර්ස් එකේද සුමතිපාල අයියෙ...
කොක්කෙ එල්ලා තිබුන යතුර අතට ගත්ත මං එහෙම්ම එලියට බැස්සා....අරුන් දෙන්නා මැරෙන්ඩ හදනවා...සුමතිපාලයා කෙසෙ වෙතත් අනික...ඌ හිතන්නෙ මේකෙ ගිහින් බැස්සොත් ඒකව හෙට් උදෙ වෙනකොට ඒකගෙත් හුස්ම යයි කියලා....
උඹලට ඕන විදිහට වරෙල්ලා...මට කාරි නෑ...මං මේ හර්ස් එකෙ ලගින්නෙ මමවත් නොදන්න කාලෙ ඉදන්.....ඒ හන්දම දෙන්න ඇති මං කවදාවත් මේ වෙනකන් බය වෙලා නැත්තෙ.....මිනියක් අරන් යන වංගියක් ගානෙම වාහනෙ පස්ස බරවෙන එක.....කැපෙන එක සාමාන්‍ය දෙයක් ගානට දැනෙන තරමට මගෙ හිත මේ මරන එක්ක පදම් වෙලා...
අරුන් දෙන්නා කියවගන්න අස්සෙ මං ගිහින් හර්ස් එක රිවස් එකට ගැහුවා...අන් එලියට ගිය විනාඩියටත් මුන් දෙන්නා එලි බැහැලා...ඒතරම්ම බය...
කවෘරු හරි එනවද....නැත්තන් ....
මේකට යන්ඩ බයයි කියනවා බෙනේ....ඇරත් පුස්සයිකලෙ තියනවනෙ....
හ්ම්....කැමැත්තක් බොලාලගෙ... එන්නෙ නැත්තන් මට දෙවංගියට නොයා ඇත්දල දෙකයි පහන්ටිකයි අරන් යන්න තිබ්බා...මුදලාලි අනිත්ව ගෙනියලනෙ...
අරුන්දෙන්නා හදන්නෙ ආයම බයිසිකලේ ගාටන්ඩ....මුන්දැන් ආපහු යන්ඩ ඕනෙත් මන්කඩ ගාවින්.....මුන්දැ.මැරුන තැනින්.....තුන්මහ අවුරුදු පයිනකන් මේ ආත්ම මරුන තැන්වල කරක් ගහනවා....ඔය මන්කඩ ගාව මැරුන එවුන් කීයක් නම් කරක් ගහනව ඇතිද....රෑ දෙගොඩ යාමෙ වංගුවෙන් යන්ඩබෑ...මඥ්ඥොක්කා පුලුටු ගද....හිත ගැස්සෙයි කියලා වංගුව ගාව බෙනේ හැදුන දිරාපු ගහ ගාවින් යනකොට මාත් අප්පුච්චා කරන්නෙම කුනුහර්පයක් කියන එක...
මෙවුන්ට දැන් අතනින් යනකොට මොකුත් මතක් නොවුනොත් හොදයි.....
බෙනේ දාගම්මුද....
හ්ම්...රෙද්ද උඩට හිටින්ඩ දාපල්ල....ඇදලා ගන්ඩ ලේසියි...
එලපු රෙද්ද පෙන්නපු මං රෙද්ද අහුවෙන්ඩ පෙට්ටිය දාන්ඩ කියලා ඇතුලට ගියා....
බලාගන....බලාගන වද්දන්ඩ එපා....
ටහුක්.....බ්..බරයි.....සුමතිපාල අයියෙ...
උඹ ඔය නුහුරට අල්ලන් ඉන්නෙ....අල්ලපිය අත තද කරලා....
මං නෙවෙ මොකුත් කිව්වෙ....අරකගෙ අත්වල නහර ඉලිප්පිලා....මෙච්චර වෙලාම ලෑල්ල උඩ තිබුන පෙට්ටිය උස්සලා දොරකොඩ පන්නන් එලියට ගන්නවත් එක්කම පැත්තක් බර වෙලා ගියා.....මට දැනුනා.....පෙට්ටිය මැදින් බර වෙනවා .....මට දැනුනා ඉහ පැත්ත නර වෙනවා....අරකලා දෙන්නගෙ හිත් ගැස්සුනොත් තව මලගමක් වෙනවා...ඇරත් සමනගෙ මලගම ආරංචි උනෙත් කෙම්මුරේක....කෙම්මුරේක මලගමක් උනොත් නම් හතක් එක දිගට යනවා....
අරකා බරයි ගගා නහින මොහොතෙ පෙට්ටි බරට මගෙ අත්වල නහර පවා ඉලිප්පිලා තිබුනා.....වෙන දේ දැනෙන මං අරකට කෑගැහුවා නුහුරට අල්ලන් ඉන්නෙ කියලා...ඔවුන්ට තියෙන්නෙ ගැස්සෙන හිත්.....
හිමීට....හිමීට.....හරි.....තව ඩින්ගෙන් මට ආයම මලකද හරිගස්සන්ඩ වෙනවා....බොලා ගාව හුලු අත්තක් වත් තියෙනවද් නැත්තන් ඉස්සරහින් යනවද.....ඔය ටෝර්ච් එලිය වදින්නෙත් නෑ.....
බ්..බෙනේ...එක්කො අපිත් එන්ඩද...
මලකදක් එක්ක තුනක් යන එක හොදද ....
උඹලගෙ කැමැත්තක්....මට ටැග් ගැහෙන්ඩ බෑ.....මේන් හුලු අත්ත එන විදිහකට එන්ඩ පුලුවන් ...
ආයමත් කියවගන්නවා...මලකදක් එක්ක ඔත්තෙ ගානක් යන එක හොදද අහපු සුමතිපාලයා ඉහ කසනකොට අප්පොච්චා මට බැදපු හුලු අත්ත ඒකගෙ අතට මිටමොලවලා මං හර්ස් එකට නැග්ගා.....
සුමතිපාලයලා මට ඉස්සර උනා....ලාම්පු එලිය තනිකරම කනාමැදිරි එලියකටත් වඩා බාල වෙනකොට උන්ගෙ හුලු අතු එලිය එන්න එන්නම මගෙන් දුරට ඇදුනා.....එක්කො අරකා හිටු කියලා පාගනවා....නැත්තන් කොච්චර ක්ලච් එක දුන්නත් වාහනෙ යන්නෙ නෑ....
ක්‍රීස්.....
ක්‍රීස්.....
පෙට්ටිය ගැස්සෙනව...ක්‍රීස් ගාන්වා....ක්‍රීස් ගානවා අහවරක් නෑ.....වලවල් බේර බේර වාහනෙ දැම්මත් මොකද කොච්චරවාත් හර්ස් එක ගැස්සෙනවා...පිත්තල පහන් හෙලවි හෙලවි එකට එක වදිනවා...ගියර් එක කඩන්න ගියර් පොල්ලට අත තියනවත් එක්කම මං බලාගන වඩම් දෙක තුන හේත්තු කරලා තිබුන ඉස්සරහා ශීට් එක බර වෙනවා...ඒ එක්කම අලියා ගහපු තැන පහු උනා....
ඒකා වාහනේට ගොඩ උනා....!!

මං උන්නෙ පැත්ත වත් නොබලා ඉස්සරහා බලාගන....පන ඇද ඇද යන වාහෙන ගැස්සෙන ගැස්සිලි වලට පස්සෙ තියන පෙට්ටිය ඉස්සරහටත් පස්සටත් තල්ලු වෙනකොට මං බලාගන ලා රතක් ගහලා තිබුන හද වලාකුලකින් වහන් යනවා...මලගමෙ බර තවත් වැඩි කරන කැර්ල්ලු කරන්ගැට්ටි හිස් ඉඩම් වලට උඩහින් අඩාගන පියාඹගන යනකොට අහම්බෙන් වගේ පැති කන්නාඩිය දිහා බලපු මට ඉබේටම බ්ර්රෙක් එක පැගුනා....
පියදාස මාමා....!
ටම හිකෙනවා දාලා....
වාහනෙ නැවතුනා...ගැස්සි ගැස්සි පැද්දි පැද්දි ආව වාහනෙ එකපාරම පාරෙන් පිට පැනලා ඉලුක් ගාලට ගියා වගේම එන්ජිම නැවතුනා.....
දෙයියො බුදුන්ට ඔප්පුවෙන්ඩ.....පැති කන්නාඩිය.....පැති කන්නාඩියෙන් මං දැක්කෙ පියදාස මාමව....පාට ගියපු සරම ඇදන් හර්ස් එක දිහා බලාගන උන්දෑ ...
දත්මිටි කාගන උන්න මං පුලුවන් තරම් වාහනෙ ස්ටාර්ට් කරගන්න හැදුවා.....අවුරුදු ගානක් මිනි ඇදලම වයසට ගියපු හර්ස් එකට ආයම ස්ටාර්ට් වෙන්න බෑ කියලද කොහෙද ඒකත් කෙරුවෙම අඩ අඩ වගේ ස්ටාර්ට් වෙවි නැවතුන එක වෙනකොට ලාම්පු එලියත් අඩුවෙලාම ගිහින් තිබුනා....
හරියන්නෙ නෑ....බහින්ඩ වෙනවා...බැහැලා ඉස්සරහින් තල්ලු කරන්ඩ වෙනවා....
මගු...ලයි...
පෙට්ටිය ඇරිලා.....
ඉස්සරහින් බැහැලා තල්ලු කරන්න වෙනවයි කියලා හිතපු මං පෙට්ටිය දිහා බලනවත් එක්කම දැක්කෙ වහපු හතරම ඇරිලා තියන හැටි වෙනකොට මොකටත් කියලා මන් සීට් එකයට තිබුන ගිරේ අරන් ඉනේ ගහගනම එලියට බැස්සා....
ඉතිපිසෝ භගවා....මේ මොකුත් නෑ.....යක්කු ගස් නගින ගස් වලින් බැහැගන මායන් වෙන වෙලාවක මං ගිරේ අරන් එලියට බැහැලා පස්සෙ දොර ඇරලා ආයම අර ඇරුන පෙට්ටි පියන් වහලා දැම්මා.....මිනිය එහෙම්මයි.....පියන් ඇරුනා කියල එහාට මෙහාට වෙලාවත් නෑ.....
මේ රෑ සීතල මැද මගෙ අත්වලට දාඩිය දාලා...
සැරින් සැරේම අඩන කෑරලත් ඈතින් ඇහෙන බස්සගෙ ඈඩියාවත් එක්ක මලකදක් එක්ක ඉලුක් ගාලකට කැපුන හර්ස් එකක් ඇතුලෙ උන්න මගෙ අත්වලට දාඩිය දාලා...
හතර අතට ඇරුන පියන් හතර මං ආයම වහලා දැම්මා...ආයම දඩස් ගලා හර්ස් දොර වැහුනා.....ඉස්සරහින් තල්ලු කරන්න ඕන කියලා හිතුනත් ආයම එකපාරක් ස්ටාර්ට් කරලා බලපන් කියලා යටිහිතත් කන් හරහා යන හුලන් රැල්ලත් මුමුනාගන යන මොහොතක වාහනේට නැගපු මන් ආයම වාහනෙ ස්ටාර්ට් කෙරුවා...
බ්රාස්....
සයිලන්සර් කටත් ඉරාගන දුම්වලාවන් පිට වේගන අඩාගන ගොරවගන හර්ස් එක ස්ටාර්ට් උනා මදිවට එකපාරින්ම වාහනේ ආයමත් පාරට් වැටුනැ.....මැරුන් ලාම්පු ආයම ඇවිලුනා....ලාම්පු එලිය පාරට වදිනවත් එක්කම මං කැලෑවදින ඇත් කකුලක් දැක්කා.....!!
ඒකදන්තයා....!
මදකිපිලා ආවේසෙන් ඉන්නවා මදිවට අලිවෙඩිල්ලකිනුත් කුලප්පු උන ඒකදන්තයා.....මන් එහෙම්ම ආපිට පැති කන්නාඩිය දිහා බැලුවා...
පාර හිස් වෙලා....ගුරු පාරම පාලුවට ගිහිල්ලා....වඩමට අමුනලා තිබුන මලක් කම්බියෙන් රූටල බිම වැටුනා...යට බැහැලා තිබුන සීට් එක ආයමත් තිබුන විදිහටම ඉස්සිලා ආවා...
මං එහෙම්ම මගෙ ඔලුව ස්ටියරින් වීල් එකට ගහගත්තා.....
පියදාස මාමෙ...උඹ මාව බේරුවද...???
*
*
*
මා පුතා ...යසෝද...
මාපුතා.....කොල්ලා....දෙයි...හාන්දුරවනෙ.....කොල්ලව ගිනිකබල වෙලා......මා පුතා යසෝද.....උඹ මොන යාමෙද ගෙදට්ට ආවෙ.....නැගිටහල්ලා.....පැදුරු කඩමාල්ල වත් නැතුව පිල්කඩ උඩ ගුලිවෙලා.....
යසෝද....කොල්ලා....මා පුතා....
අප්...පුච්චෙ......මේ...ක...ගනිල්....ලා.....
මන් උන්නෙ උන්ඩි වෙලා...ඇහැ පියන් අරින්ඩ බැරි තරමටම මගෙ ඉහ පිපුරුම් කන්ඩ ගත්තා...අප්පුච්චා කිව්වා වගේම මාව ගිනි කබලට අන්තව ගිනිගන්න ගමන් උන්නා....
තුනේ කනිසම කිට්ටු කරලා ආපිට හර්ස් එකෙන්ම ගෙදට්ට ආව මං වැටකඩුල්ල පන්නන් ඇවිදින් පාලුවට ගියපු පිල්කඩ උඩ ගුලි ගැහුනා ගැහුනමයි....
කොටහලුව තනිකරන්ඩ බැරි කමට ගෙට වැදුන අප්පුච්චා ආපිට දොර අරිනකොට අඩ අන්දකාරෙ පැදුරුකඩමාල්ලක්වත් නැතුව පිල්කඩ උඩ උන්න මාව දැකලා නැහෙන ගත්තා.....
උන්දෑ මාවහොලවනවා..ගෙට අදිනවා...සහලවන උනට කොදු නාරටි කැක්කුම් ගත්තා උනත් ගුලි වෙලා නිදියන්ඩ ඕන උනත් මලකදක් එක්ක ඔට්ටු වෙලා ආවා මිසක් මුනකට වත් හෝදලා නැති මට ගෙට වැදුන කෙල්ලට අන්තරාවක් වෙයි කියන බයත් යටි හිතෙ තියෙද්දි මුදලලි අතට ගුලිකරාපු සල්ලි කොල දෙක තුන අප්පච්චි අතට ගුලි කරාපු මං ආයම ඇස් පියාගත්තා...
මා පුතා.....යසෝද...බොලාට කොහොමද....ඔලුව උස්සහල්ලකො...තාම පිල්කඩ උඩ....මේන් මේ කොත්තමල්ලි උගුර බීහල්ලකො.....
ම්ම්ම්...
මං කෙදිරි ගෑවා.....මං දන්නෙ නෑ....අප්පච්චි ගෙ කටහඩ ඇහෙන්නෙ මේ කීවෙනි හෝරාවෙද කියලා.....සියවතාවක් කතා කරපු උන්දට තවත් වද දෙන්ඩ බැරි හන්දා මං ඇස් ඇරියා....මං උන්නෙ ආයම පැදුර උඩ...ගෙයි එක කොනක ගෙට උන කෙල්ල.....අනිත් මුල්ලෙ මම...අම්මගෙ දුප්පත් සුවද රැදුන චීත්තෙකින් මාව පොරවලා තිබුන අප්පුච්චගෙ අත්වලින් පිච්චුන සුදුළූනු පුසුබක් ආවා...
අප්පුච්චෙ....
කෝ....මේක බීහල්ලකො...සමන්දෙයි හාන්දුරවන්ගෙ....පිහිටෙන් මයෙ එකාට සනීප වෙන්ඩ ඕන...කෝ බීහල්ල.....
ඔලුව උස්සගන්ඩ බැරුව උන්න මං යන්තමට ඔලුව උස්සනවා එක්කම අප්පච්චි ගෙ ගොරෝසු අත මගෙ ඔලුවට මුක්කුවක් ගහනවත් එක්කම මන් කොහොඹ බිව්වා හා සමාන තිත්ත ගන්න කටින් කොත්තමල්ලි එක එකම හුස්මට බීලා ආයම කොට්ටෙට වැටුනා....
අප්පුච්චා ....මං උන්දැව දැක්කා...
.......
ඒකා මාව බේරුවා....වාහනෙ බර වෙනවා...ඒක උඹට මට අමුත්තක් නෙවෙ අප්පුච්චා ...වාහනෙ කැපෙනවා....ඕක මට උඹට අලුත් දෙයක් නෙවෙ...පෙට්ටි පියන් ඇරුනා...
......
මං ඒකව දැක්කා.....කම්මුතු උන තැනම....අප්පුච්චෙ ....ඒකදන්තයා ඒ යාමෙත් කුලප්පුවෙලා කැලෑ වැදුනා.....
......ඒකා හේනක්ම කම්මුතු කරලා......මලෞන් පිහට වෙලා හරි මයෙ කොල්ලා රැකුනා.....මා පුතා බොලා දෙවරුවක්ඔඅ පහුවෙනකන් බුදියෑවා.....නැගිටපල්ලා....මං ලූනුගෙඩියක් ඇබරුවා....දෙහි ඩින්ගක් ලුනු ඩින්ගක් එක්ක බැදි මිරිස් එකට අබරලා ලුනුමිරිසක් හැදුවා...බත් කටක් කවන්ඩද .....කුරහන් රොටි බාගෙ දෙන්ඩද...
මං අප්පුච්චා දිහ බැලුවා...උන්දෑ කියනවා මං දෙවරුදක් පහුවෙනකන් බුදියෑවලු.....ගෙයි ඉස්සරහා තවම හර්ස් එක.....ඕකත් අරකා පොඩි පට්ටම් කෙරුවොත්
උඹලා ඔය කොහෙ දුවන්ඩද තටමන්නෙ....
වාහනේ...ඒක ගෙයි කටෙ....
මුදලාලියා ඒක අරන් ගියෙ උදෙම්ම....
හ්ම්...ඒකා මට බැන්නයි...ගෙනාවෙ නෑය කියලා....
නෑ....මං ඒකට කිව්වා කොල්ලට උනය කියලා....
ඒකා ගෙට ආවයි මාව බලන්ඩ....නංගි දැක්කද...උඹ ඒකට එන්ඩ කිව්වද....
නෑ...නෑ....මං ඒකට එන්ඩ දුන්නෙත් නෑ...කෙල්ල ගෙට උන කතාව කිව්වෙත් නෑ....ඔව්වා කියන්ඩ ඕනත් නෑ...උඹලයි අම්මා එනකන් මගෙ මේ බඩ පපු දන්නෙ...ඒකිලා අඩනවා...කැක්කුම් ගත්තට ඒකිට කියාගන්ඩ තේරෙන්නෙ නෑ....මට ඒකිලාව හෝදවන්ඩ පුලුවන් උනත් ඒකිලා දැන් මගෙ මුන බලන්නෙත් නෑ.....මං කොහොමද මා පුතා ඒකි මූන හංගනකොට වඩන් යන්නෙවත්....ජාතකෙ මයෙ උනාට ඒකිටත් ලැජ්ජා නාර තියනවනෙ.....
..........
උඹ ඔය කොහෙ යන්ඩද .....
විටක් අරන් එන්නම්....විට එක්ක....ඒකිට එතනත් දුක දෙන්ඩ හිත හදාගන්ඩ බෑ බන්.....කඩෙ මායියට තේරෙනවා...
කාල හිටින්.....වතුර ඩින්ගිත්තක් ලිප තියන්ඩද මුන කට හෝදන්ඩ...
එපා....පුලුවන් නම් මට තේ කහට ඩ්න්ගක් දියන් අප්පුච්චෙ....
මෙච්චර වෙලාම පැදුරු කඩමාල්ලෙ උන්න මන් අනිත්පාර දනිපනි ගාල නැගිටගත්තා.....අකුලාපු පැදුර අන්දකාර මුල්ලක හැන්ගෙනකොට අම්මගෙ සුවද ආව චීත්තෙත් කොට්ටෙත් ගෙයි හරියටම තිබුන පෙට්ටගම උඩින් තිබ්බ මං ඉහෙ දන් පොරවන් ඇස් දෙක විතරක් එලියට දාගන මගෙ දිහා බලාගන උන්න නිකිනි දිහා හොරාවට වගේ බලාගන එන්ඩ හැදුවත් ඒකි මගෙ දිහා බලලා කෙදිරි ගෑවා....
මක්කද.....බඩගිනිද....
ඒකි ඔලුව වනනවා....නෑ කියන්න දෙපැත්ටට හොලවනවා.....ඒ චුට්ටකින්ම ආයම ගුලි කරන් උන්න අත මගෙ දිහාට දික් කෙරුවා ..
ම්ම්ම්...
මොනාදයි...
සුදුලූනු බික් දෙකක්....ඒකි එකිට පුච්චාපු සුදුලූනු මූන බෙරිකරාන මට දෙනවා....
මෙවා කන්ඩ ඕන....නැත්තන් බොලාගෙ බඩ කැක්කුම් ගනීවිනෙ....
........
ඒකි එපා කියනවා...මුන හරවනවා...
එහෙනන් අයියා එකක් කන්නම්.....අනික බොලා කනවද....
බැරිම තැන මං ඒකිට එකක් දික් කරලා අනික කටෙ ඔබාගන්නකොට ඒකි මගෙ දිහා බලාගන ඉදලා ඉදලා අරක කටෙ ඉබාගන මුන කොට්ටෙ අස්සට ගහගත්තා....
මගෙන් හුස්මක් පිට උනා.....අද පොල දවස....හැන්දෑ යාමෙ උනාට තාම පොල තියනවා...කොහොමත් අපිවගෙ දුගී දුප්පත් උන් යන්නෙම පොල අහවර වෙලාව අල්ලලා...කලවම් එලවලු මලු.....විකිනෙන්නෙ නැති අතෑරලා දාන එලවලු ගොඩවල් අයිති වෙන්නෙම අපිවගේ උන්ට ...
අපි වගේ උන්ට කියන්නෙ ගමෙන් බාගයක්ම අරන් එන්නෙ එහෙම ගොඩවල්.....
පොලට ගියා නම් කෙල්ලට විස්කිරින්ඥ්ඥයක් ගේන්ඩ තිබුනා....ඒත් පොල දකින වාරයක් ගානෙම මගෙ හිතෙ කොනක තිබුන තුවාලයක් පෑරෙන්න ගන්නවා...පෑරි පෑරි ලෙ ගලන්න ගන්නවා.....රතුපාට සරුවත් වීදුරු දකින වාරයක් වාරයක් ගානෙම මගෙ පපුව ඇවිලුම් කනවා...අදටත් මගෙ කන් අඩි පුපුරලා ලේ ගලනවා...
මහ සද්දෙන් බෝම්බෙ පිපිරුනා...සරුවත් වීදුරුවට රතු ලේ මුහු උනා....!
මා පුතා....බත් ඩිංගිත්තකුත් බෙදන්ඩ දියන් ඔය මඩක්කුව...
එපා අප්පුච්චා මට කන්ඩ බෑ බන් ..කට කාරනවා....
මං උන්නෙ පිල්කඩ උඩ....එක පැත්තකින් කකුලක් වෙලපු කලුවා.....මඩක්කුවට බෙදාගත්ත රොටි කෑල්ල ට ලුනුමිරිස් ඩිංගක් තියාගන කටේ ඔබාගත්ත මං හැන්දෑ වේගන එන අහස දිහා බලාගන උන්නා...අනූ අටයි දශම අටෙ හරි ලස්සන සින්දුවක් යනවා....
සුනිල් මහත්තයගෙ හිදීවි කොතනක හෝ හිමිකාරයා නමින් නුඹෙ ...

අනේ මන්දා සුනිල් මහත්තයො ...මං වෙනුවෙන් කාව මවලද කියන්නද....
කාට නැතත් එයාට නම් මේ ලෝකෙ ඉන්න පින්කාරම මනුස්සයව හදි ගස්සාපන්....ඒකත් මට සතුටක්...මගෙ හිතට සැනසීමක් ගෙනාව ඒ මනුස්ස කදට නම් මේ සන්සාරෙ කවදාවත් දුකක් දැනෙන්ඩඑපා....
සියපත් උඹට පින් මහත්තයො.....!
හවස් යාමෙ වෙනකොට හතරවටම වචන වලට විස්තර කරන්න අමාරු මූසලකමට අරක් ගන්නකොට මං බලාගන පියදාස මාමගෙ මරනගෙදර යන එකා දෙන්නා මේ පැල පහු කරන් යනකොට හොරාවට වගේ ඇස් කොනින් බලලා අපෙ පැල ගාවින් අඩි ඉක්මං කරනවා...
මා පුතා...උඹ ඔය පයින්ම ගාටන්ඩද.....
මේන් මේක ගනිල්ලා....
.......මගක් යනකොට ඕකෙ ආයම ටියුබ්බෙක පුපුරයි බන්....
කාරි නෑ....හෙට අනිද්දා දිහා එකක් දානවා....
අනූඅටයි දශම අටෙ තවමත් සින්දු යනවා.....නැවතිලා අහන් උන්න ලෝබකමක් දැනුනා....එයා එන්නත් තව හොරා ගානක් තියනව....ඒත් කඩේ නොයාත් බෑ.....පයින් ගාටන්ඩ හදාපු මං අප්පුච්ච්ගෙ කෑගැහිල්ලට ආයමත් බයිසිකලේ අරගන එන්න ආවා....
හිදීවි කොතැනක හෝ....
මගෙ කටින් හුරුවමක් බෑවෙනවා.....
පාරෙ ඈත කෙරවලක මලගම් දෙකක කොඩිවැල් හුලන් අතට එහා මෙහා වැනෙනවා....දුක හිතෙන්න කාරනාව මට අදාල නැති උනත් මනුස්ස කමට හිත බර වේගන ආවත් මොකද සල්ලි කොල දෙක තුන දාගත්තු උඩ සාක්කුවෙම හතරට නැවුන කහ ගැහුන කොල කෑල්ල මගෙ දුප්පත් හිතටක් අරන් ආවා...
*
*
*
ආ බන් බෙනේ...පිරිමි පුලුටු දෙකක්ද ඔය ගෙට උන එකීව අස්පස් කරන්නෙ.....???ඉදල්ලා මේ මුද්දරෙ...
බොලලගෙ අම්මා හෙට දොහේවත් එන්නෙ නැතුවද.....
අනේ මන්දා.....ලෙඩ මදිවට කිලිත් අහුවෙනවා...ආබන් කොල්ලා....ඊයෙ මලකදට අත ගැහුවෙ උඹද....
ම්න්.....
දෙයිහාන්දුරුවනෙ ....එ කොරලා බොලත් නිදියෑවෙ ඒ පැලේද.....
මට කියල වෙන යන්ඩ අහක් තියනවද බන්....මොකො උඹලගෙ කඩපිලට වත් ලගින්ඩ අවසර තියනවද....
........
පියදාසයා....පව් ඒකා.....අරකට නම් හෙන ගහනවා.....
දෙතුන් දොහකින් මේක එයාගෙ අතට යාවි.....
එයාගෙ කටහඩින් මේක එයා කොහොම කියයිද ....
මං උන්නෙ කඩපිලෙ.....කඩේට එහා පැත්තෙම රතුපාට ගාපු ලියුම් පෙට්ටිය...කඩේ පහු කරන් ඉස්සරහට යනකොට බස් එක නවත්තන තැන.....කඩේට අනිත් අහින් තව හූ බාගෙකින් දුරකින් පොල....
දිවට තියල කෙල් ඩින්ගක් ගාලා අලවපු මුද්දරේ දිහා බලාගන උන්න මං අහවරක් නැතුවම වැල්වටාරම් අහන කඩ මායියගෙ ප්‍රශ්න වලට උත්තර දීලා අවසානෙදි ඒකිට දුන්න උත්තරෙ එක්ක මායියා හීන් සීරුවෙ කතාව මාරු කරනකොට මං ගත්තු විට සාක්කුවට ඔබාගන පත්තර කොල දහයකින් විතර ඔතාපු පෑඩ් පැකට් එකත් බිබික්කන් කෑලි දෙකත් දාලා දුන්න සිලි උරෙත් අරන් සල්ලිත් දීලා කඩෙන් එලිබැහැපු මං දෙයියො බුදුන්ට කියාගනම ලියුම් පෙට්ටිය ට ලියුම දාලා සයිකලේට නගිනවත් එක්කම ගුරුපාරෙ දූවිලි වලාවක් අහසට නගගන හයයි තිහෙ බස් එක හෝල්ට් එක ගාව නැවැත්තුවා.....ේ චුට්ටකින්ම බස් එක ඇද්දුවා.....
බස් එක ආයම යන්න ගියා ..
දූවිලි වලාවක් නැග්ගා....
අතින් කටින් බෑග් දෙකක් එල්ලගත්ත මහත්තුරු දෙන්නෙක් දූවිල්ලට අතින් පිඹ පිඹ සයිකලෙන් එන මා දිහා බලලා අත දැම්මා....
....මල්ලි.....නවරත්න ගුරු ගෙදර ??

(පියුම් ගංගාධර)

(සියපත් ආකාස)
හිදීවි කොතනක හෝ....හිමිකාරයා නුඹේ නමින්.....!!
FM RADIO 98.8