Cherreads

Chapter 5 - Chapter 5

මං උන්නෙ මගෙ ඇස් පියාගෙන.. ඇයිමං එහෙම ඇස් වහගත්තෙ කියල මගෙන් යටි හිත ඇහුවත් ලැජ්ජාවක් දැනුනා මිසක් ඒකට උත්තරයක් මගෙ ලග ඇත්තටම තිබුනෙ නැහැ.. කසාද බැදපු ලමයෙකුත් ඉන්න මනුස්සයෙක් ලග මගේ හිත මේ තරම් ගැස්සෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බැරි උනා..

" හැගුම් වලට පණ දෙනවද

නුඹ කවදහරී? "

මමම ෆෝන් එකෙන් දාපු සිංදුව එයා ඒ එක්කම කියනව ඇහෙද්දි මෙච්චර වෙලාම පියන් උන්න ඇස් මං ඇරියෙ හීයක වේගෙන්.. එයා ඉන්නවා.. මගෙ මූනට ලං වෙලා එයා ඉන්නවා... ඒ ඇස් මට වෙන මොකක්දෝ කියනවා... සිංදුවෙන් වගේ එයා කිව්වත් ඒ කීව දේ ඇහුවෙ මගෙන් ඇත්තටම කියල දැනෙන්න තරම් මං අසිහියෙන් උන්නා.. මොන හැගීමක් ගැනද එයා අහන්නෙ? සිංදුවක් උනත් ඒ ඇස් මගෙ දිහා බලන් ඉන්නෙත් ඒකට උත්තරයක් බලාපොරොත්තුවෙන් වෙද්දි මං එයා මාව ඉනෙන් අල්ලන් උන්න එයාගෙ අත දිහා බැලුවා... එහෙම්මම එයා මගෙ ඉනෙන් අත මුදවලා මට දුන්නෙ උනු වතුර බෝතලයක්.. මං හිතන්නෙ ඒකෙ තියෙන්නෙ කෝපි.. කෝපි සුවදයි... එයාට මාව මතක් උනාද ඒ කියන්නේ?

" අමන්දා දෙන්න කිව්වා "

ඒක පෙන්නලා එයා කියනවා මිස් දෙන්න කිව්වලු.. අහේතුවකට එයා ආවා කියන කාරණාවට පුංචි සතුටක් ඇති උනත් ඒ සතුටත් එයාගෙ වචන එක්ක එහෙම්මම මලගම් ගියෙ මං එයා දිහා හිස් හැගීමෙන් බලන් ඉද්දි...

" සරූ "

ආයෙමත් ඒ නම.. ආයෙමත් ඒ නම.. හිත යටින් මං මේ නමට කොයි තරම් ආස උනත් මේ ධාරානිපාත වහින වැස්සට සමානව අදුරු ගතියක් මගෙ හිතේ ඇදෙනවා... තාමත් ඉටිපන්දමෙන් වැටෙන ඉටි මගේ අතට වැටි වැටී තිබුනා වගේම මගෙ එහා පැත්තෙන් කෝපි දාපු බෝතලෙ තිබ්බ එයා මගෙ අත අරන් හරි පරිස්සමට පිහ දැම්මා..

" මේක බොන්න. උණුවෙන් බොද්දි තමයි රස "

මගේ අතේ තිබ්බ ඉටිපන්දම එයාම අරන් පැත්තකින් හිට්ටෙව්වා.. අර උනු වතුර බෝතලේ උඩ වහන කෝප්පයක් සයිස් මූඩියට කෝපිත් දාලා මගෙ අතට දික් කරේ උණුවෙන් බොද්දි තමයි රස කියල වෙද්දි සීතලේම උන්න මං අත් දෙකෙන්ම ඒක අරන් ඒකට ටිකක් පිම්ඹා... පිඹින වාරයක් ගානෙම උල් වෙන මගෙ කට දිහා එයා බලන් ඉන්නෙ හිනාව හංගන්.. නිකන්... ආසාවෙන් වගේ...

" කෝ ඉතින් බොන්නෙ නෑනේ "

විනාඩි ගානක් ගිහිනුත් එයා ආයෙම කියද්දි මං හෙමීට එක කෝපි උගුරක් තොල ගෑවා.. ඒකත් හොරැහින් එයා දිහා බලාගෙන.. ටික වෙලාවකට මං චූට්ටක් විතර ආත්මාර්ථකාමි උනා.. මේ හැගීම.. මේ දැනෙන සතුට වරදක්... තවත් කෙනෙක්ගෙ මහත්තයෙක් වෙනුවෙන් මට පුංචි හරි සතුටක් දැනෙනව කියන්නෙ වරදක්.. ඒත්.. මට ඕන උන් නෑ ඒ ගැන හිතන්න.. එයා ආවත් හරි තාමත් මං එයා එක්ක එක වචනයක්වත් කතා කලේ නෑ.. ඒත් මගේ සතුටු නහරවල් හරි හරියට පණ ගහන්න පටන් අරන් තිබුණා..මාව හරියට විසිතුරු අහසක පියාඹනව වගේ... ලෝභකම පපුව අස්සෙන් කඩාගෙන එනවා...

" ඒක රස.යි "

කෝපි උගුරු කීපයක්ම බීපු මම එයා දිහාවත් නොබලා කෝපි එක රසයි කිව්වා.. ඒත් මට දැනෙනවා.. ඒ ඇස් තියෙන්නෙ මගේ දිහාවට...

" ම්න්. කෝ දෙන්න බලන්න "

ඒත් සිද්ද උනේ මං හිතුවෙත් නැති දෙයක්. කෝපි එක රසයි කියලා එක තත්පරයක් යන්න කලින් කෝ දෙන්න බලන්න කියලා එයා මගෙ අතේ තිබ්බ කෝපි එක අරන් ඊයෙ රෑ වගේම මං බිව්ව තැනින්ම කට තියලා කෝපි උගුරක් බිව්වා.. සත්තයි ඒක බලන් උන්න මගෙ ඇග දිගේම හිරියක් යනව වගේ දැනෙනකොට මං බිම බලාගෙනම උන්නා...

" ම්න්. රසයි නේන්නම් "

ආයෙම කෝපි එක මට දෙන ගමන් එයා කියද්දි මං හොරෙක් වගේ එයාගෙන් කෝපි එක අරන් ඔහේ උන්නා.. මට කතා කරනගන්න වචන නෑ... එයාගෙ බැල්ම දරාගන්න හයියකුත් නෑ.. මම දන්නෙ නැහැ.. මේ දවසට දෙකට එයයි මායි අතර තිබුනෙ නමක් නැති බැදීමක්.. ඕකට නමක් දාගන්නම ඕන කියලා මම හිතුවෙත් නෑ... මම තියා එයා හිතුවෙත් නෑ... ඒත්.. මෙච්චර වෙලාම අපි දෙන්නම හිටපු වෙනම ලෝකේ එක තත්පරේම අතුරුදන් කරගෙන එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.. කෝල් එක මිස්ගෙන්!

මම දැනුයි පියවි සිහියට ආවෙ... මම මේ හැසිරෙන විදිහ ගැන මට මං එක්කම තරහක් ආවා.. පපුව ඇතුලෙන් පණ ගහපු සතුටු නහරවල් සේරම මම අර කෝල් එකත් එක්ක වලලලා දැම්මා..

" කියන්න අමන්දා.. "

" එන්නකෝ.. අපිට නින්ද යන්නෑනෙ ඔයා නැතුව.. "

" ම්න්. කෝ දුව "

" මේ ඉන්නවා නුරේන්ද්‍ර.. අප්පච්චි ඕන අප්පච්චි ඕන කියනවා.. අම්මිව ඕනෙ කියල නිකන්වත් කියන්නෑ.. "

මිස් ඒ පැත්තෙන් කියද්දි එයාගෙ මූනෙ ඇදුනෙ ලා හිනාවක්.. මෙච්චර වෙලාම අර රසයි කිව්ව කෝපි එකේ තිත්ත රසය මට දැන් දැන් දනෙන්න පටන් ගත්තා... මං එහෙම්මම උගුරට දෙකට ඒක බීලා එලියෙන් වහින වැහි වතුරෙන්ම කෝප්පෙ හෝදලා උනු වතුර බෝතලේ වහල දැම්මා... මේ තරම් සීතල වැස්ස වෙලාවෙත් මගෙ පපුව ඇතුලෙ ගිනි බෝලයක් තියනව වගේ... මිස් කියනවා එයා නැතුව නින්ද යන්නෙත් නැහැයිලු.. එහෙම කිව්වම මගේ පපුවෙ තියෙන අර ගිනි බෝලෙ තව ලොකු වෙනවා දැනෙනවා..

" සර් යන්න "

එයාගෙ කෝල් එක එයා කට් කරාම මං අකමැත්තෙන් උනත් සර්ට යන්න කිව්වා.. හේතු කාරණා මම දන්නෙ නැහැ. ඒත් මෙවලෙ මං උන්නෙ හුගක්ම හිත රිද්දන් වෙද්දි මගෙ වචන එක්ක ඒ ඇස් ගැස්සිලා යන විදිහ මං බලන් උන්නා..

" ස.රූ ඒත්.. "

" සර් යන්න සර්.. දැන් ඇති සර් යන්න "

" ලමයො එලියෙ වැස්.. "

" සර් එද්දි.ත් වැස්.ස තිබ්බ.නේ සර්... යන්න... සර් යන්න.. කිව්ව.ම ය.යන්න.කෝ.."

මං ඒ උරහිසට ගැහුවා.. හයියෙන් නැතත් එයාව තල්ලු කර කරා මං යන්න කිව්වා.. කොටින්ම මට ඇඩුනා... මොකද මට තේරුණා.. සුන්දරයි වගේ පිටින් පේන ලෝකයක් ඇතුලට මාව ටිකෙන් ටික ඇදගන්නවයි කියන හැගීම මට දැනෙන්න ගත්තා.. මට බත් කටක් හරි දුන්න අර මිස්ගෙ මූන මට මැවි මැවී පෙනුණා.. තත්පරේකට හරි මගෙ හිත මිස්ගෙ මහත්තය වෙනුවෙන් ලබපු පුංචි සතුට මට මහා වරදකාරී හැගීමක් දැනෙව්වා... මේක වැරදී... ඒක.. ඒක එහෙම වෙන්න බෑ.. ඒක එහෙම වෙන්න ඕනෙත් නෑ..

මං පුලුවන් තරම් භාශ්වරසිංහට යන්න කිව්වා.. මගෙ හැසිරීම ටිකක් වැඩි උන නිසාද මන්දා එයා මාව ඇදල අරන් එක අතකින් මගෙ කට වහල දැම්මා.. ඒක හරි රලු පහසක්.. පිරිමියෙක් අල්ලලාවත් නැති හුස්මක් වැදිලවත් නැති මං එයාගෙ පහස ඉදිරිපිට මෙහෙම ඉන්නෙ කොහොමද හිතුනා...ජීවිතේ පලවෙනි වතාවට මේ විදිහට කෙනෙක්ට ලං වෙලා ඉද්දි මාව දිය වෙලා යන්න ආවා...

මගෙ කට වහපු එයා ඒ මූණ මගෙ දිහාට ලං කෙරුවා..

" එපා දග කරන්න "

මගෙ කටත් වහන් මගෙ ඇස් දිහාම බලාගෙන එයා කීවෙ එච්චරයි.. මෙච්චර වෙලාම ඉකි ගගහ ගොත ගගහ අඩපු මගෙ ඇස් වලින් තව තව කදුලු උනද්දි මගේ කට වහන් උන්න අත එයා අයින් කෙරුවා...

" ගොත ගහන්නයි ඉකි ගහන්නයි ඇරුණම වෙන දෙයක් දන්නෙම නැද්ද ම්ම්ම්ම්...? "

එයා ඇහුවා.. කොහොම කියන්නද සර්.. සර් මෙහෙම ලග ඉන්න තත්පරෙත් මං කප්පරක් ඇවිලෙන විත්තිය.. එහෙම වෙන්න හේතුව දන්නෙ නැති උනත් මං ඒ හැගීමට බයයි සර්.. තාමත් ඉකි ගැහෙනවා මට. ඒත් මගෙ ඇස් එයා දිහා බලන් කෝටියක් දේවල් හිතනවා...

" ය.න්.න.කෝ "

" සරූ මං වතාවක් කිව්වා... එපා මුරන්ඩුකම් කරන්න.. "

කෑගැහුවෙ නැතත් දත්මිටි කාගෙන වගේ එයා තදින් කියද්දි මං මගෙ ඇගිලි එකින් එකට කොනිති ගහන්න පටන් ගත්තා.. මං බලාගෙන මිස්ගෙන් ආයෙ ආයෙ කෝල් එනවා.. ඒ කෝල් පෙනි පෙනී මේ මනුස්සයා ඒක ආන්සර් නොකර මියුට් දාගන්නවා.. තමංගෙ මිනිහා එනකම් නින්දක් නැතුව බලන් ඉන්නව ඇතිනෙ දෙයියනේ.. මේ මනුස්සයා මේ කරන්නෙ එයාගෙ වයිෆ්ට බොරුවක් නෙමෙයිද එතකොට.. මට තරහ ගියා.. එකම දිගට එන මිස්ගෙ කෝල් එයා දැක්කෙ නෑ වගේ ඉද්දි මට ඇත්තටම කේන්ති ගියා.

" සර් ආවෙ මට කෝපි එක දෙන්නනම්.. මං දැන් ඒක බීලත් හුගක් වෙලා සර්.. ඇරත් එපා මෙහෙම කරන්න.. මට එපා ඔය දේවල්.. මට.එපා. ස.ර් කර.දර කරන්.න. සර් යන්....."

" කරදරයක් නේ? ම්ම්ම්? කරදරයක් නෙහ්. හරි"

හරී කියන්න ඔලුව වනලා කේන්තියෙන්ම එයා කූඩාරමෙන් එලියට ගියෙ මං එහෙම්මම කූඩාරම මුල්ලෙ දනිස් දෙකත් නවන් ඔලුව ගහන් අඩද්දි.. වැස්සෙ මෙහෙමයි කියල අඩුවක් නෑ.. ඉන්නෙත් කැලේ සෑහෙන්න ඇතුලෙ වෙද්දි මේ මහ වැස්සෙ කුඩයක්වත් නැතුව ආව එයා කොහොම යන්නද හිතුනා... ඒත් මට එයාව නවත්තන්න ඕන කමක් තිබුනෙත් නැහැ.. මට වේදනයි.. මට දුකයි.. මේක වැරැද්දක් කියල දැන දැන මං කොහොමද ඒ වරදෙම පැටලෙන්නේ.. එක අතකින් මම මේ අවුරුද්දෙ බදින්න ඉන්නවා.. අකිල අයියට මං කොහොමද මෙහෙම කරන්නේ... නෑ අභී නෑ... ඒ වරදෙ ඔයාට පැටලෙන්න බෑ...ඔයාට කීයටවත් ඒක කරන්න බෑ...

මං සෑහෙන වෙලාවක් ඇඩුවා.. විනාඩි ගානක් ගෙවුනා.. මං හිතන්නෙ එයා යන්න ඇති.. මේ වෙනකොට එයා මිස් ලගට ගිහින් ඇති.. එයාට කතා කරපු විදිහ ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු බරක්.. මට. මට තිබුනා එහෙම නොකියා ඉන්න... ඒක හිත රිද්දන වේදනාවක්.. මට කෝපි එකත් ගෙනාව මනුස්සයව වැස්සෙම කරදරයක් කියලා එලවගත්ත එක... ඒක පව්.. මෙතනදි මගෙ හිත සර් ලගදි හෙල වෙන එකට මං සර්ට බැන්න එක වැරදී.. මිස් කිව්ව නිසා කෝපිත් ගෙනල්ලා තව මගෙනුත් බැනුම් අහන්න උනාම..... හ්ම්ම්ම් හෙටම සමාව ගන්නවා...

මං මගෙ ෆෝන් එක අතට ගත්තා.. මගෙ ඇස් ගියෙ ඊයෙ ට්‍රිප් එක එන ගමන් ගහපු ෆොටෝසුයි මෙහෙ ආවට පස්සෙ කට්ටියම එක්ක ගත්ත ෆොටෝසුයි දිහාවට... ජාන්විගෙ හුරතලේ... මං කෙල්ලගෙ මූන ෆොටෝ එකෙන්ම අත ගෑවා... එහෙම්මම මගෙ ඇස් ගියෙ එයා ගාවට.. ඔව්. ඒ භාශ්වරසිංහ.. ෆොටෝ එකට වැදිල තියෙන්නෙත් අනික් හැමෝම ෆොටෝ එක දිහා බල ඉන්නවා වගේම භාශ්වරසිංහගෙ ඇස් විතරක් මගෙ දිහාවට වැටිල තියෙනවා.. ඒක මම දැනුයි දැක්කෙ. එයා ඇයි එහෙම? නෑ.. ඒක මං ඕනෙවට වඩා හිතනව ඇති... මටත් පිස්සු..

" හාච්චිංංං "

මාව ගැස්සිලා ගියා.. මෙතන ඉන්නෙ මං තනියම වෙද්දි එලියෙන් කාගෙහමරි සද්දයක් ඇහෙනකොට මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා.. යොහාන් කිව්වෙම සත්තුන්ගෙන් කෙසේ වෙතත් මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා... මට එහෙන් ඒකත් මතක් වෙන්න ගත්තා..

" හාච්.චිං!!!"

හැබැයි මට බයේ ගුලි ගැහෙන්න ඕන උන් නෑ.. කොච්චර හිත ගැස්සුනත් මට එලියට ගිහින් බලන්නම ඕන වෙද්දි කූඩාරම ඇරලා මං ඔලුව විතරක් දාලා එලිය බැලුවා..

" දෙවියනේ භාශ්වරසිංහ සර් "

දනටමත් ගිහින් ඇතී කියල හිතපු මනුස්සයා, මං කරදරයක් කියලා එලවගත්ත මනුස්සයා, අනේ වැස්සෙ තෙමි තෙමීම මහ පොලවෙ වාඩි වෙලා ඉන්න හටි දැක්කම මගෙ පපුව පිච්චෙනවා දැනුනා.. බෑග් එකේ තිබුණ මගෙ කුඩේ එක පොඩි ටවල් එක අතට ගත්ත මං අඩියට දෙකට එලියට ආවෙ එයා ගාවට පහත් වෙලා කුඩෙත් ඉහලගෙනම වෙද්දි ඉහෙන් කනෙන් වතුර බේරන් එයා මගෙ දිහා බලන් උන්නා..

" ඇයි මේ? "

මං ගැනම තරහක් හිතේ ඇති වෙද්දි ඒ තරහ හංගන් මං එයාගෙන් ඇයි කියලා ඇහුවා. ඒත් එයා කලේ මගෙ ඇස් එක්ක ලාවට හිනා උන එක.. වෙන මනුස්සයෙක්නම් කේන්ති අරන් මෙලහකට. ඒත් එයා.. නෑ.. ඒ ඇස් වල කේන්තියක සේයාවක්වත් නෑ.. තියන එකම දේ.... අනේ මන්දා.. ඒක නෙමෙයි වෙන්නැති... මම මට හිතුන දේ ආයෙම හිතින් ගිලගත්තා...එයාගෙන් ආපිට උත්තරයක් නැති තැන මං එක අතකින් කුඩෙත් ඉහලන් අනික් අතින් ඒ ඔලුව පිහදැම්මා...

" ඒක පොඩි දෙයක් "

එයා කිව්වෙ එච්චරයි. වැස්සට තෙමුන කොන්ඩෙ තනි අතකින් ගසන ගමන් එයා කියනවා ඒක පොඩි දෙයක්ලු..

" ඒක පොඩි දෙයක්නම් ඇයි මට මෙච්චර රිදෙන්නේ? "

මටත් නොදැනිම මගෙ කටින් එහෙම කියවෙද්දි එයා මගෙ දිහා බැලුවා.. ඒකත් පුදුමෙන් වගේ..

" අහ්හ්?"

" මු.මුකුත් නෑ සර්. එන්න ඇතුලට "

මගෙ වචන ආයෙම හංගන් මං සර්ට කූඩාරම ඇතුලට කතා කෙරුවා.. වැස්සත් හොදටම වැඩි නිසා නපුරු භාශ්වරසිංහ වචනයක්වත් නොකියා ආයෙම කූඩාරම ඇතුලට ආවා.. දැන් අපි දෙන්නා විතරයි.. දෙවනි ඉටිපන්දම දැල්වෙනවා.. එයත් මාත් එලියෙන් පේන වැස්ස දිහා බලන් ඉන්නවා...

" සරූ දන්නවද... දවසක් මට කෙනෙක් කිව්වා.. දේවල් ඕනෙවට වඩා හිතන්න උත්සාහ කරන්න එපා කියලා.. "

මගෙ දිහා නොබලා එලියෙ වහින දිහා බලන් සර් කියද්දි මං සර්ගෙ පැත්තට විතරක් පේන මූන දිහා ඉටිපන්දම් එලිය මැදින් බලන් හිටියා...

" ඉතින්.. ඒ කතාව ඇත්තනේ සර් "

" හිතන එක නැවැත්තුවොත්.. මං තව දුරටත් ආදරේ කරන එක නවත්තයි සරූ.. සමහර අය කිව්ව වගේ... මං එයාලට කරදර කරන එක නවත්තයි... "

එයාගෙ ඒ වචන එක්ක මගෙ මුලු හිතම මීදුමකින් වැහිලා ගියා වගේ දැනුනා.. ඒ වචන වලට මගෙ පපුවෙ ගැඹුරුම තැන සම්පූර්ණයෙන්ම රිදෙන්න ගත්තා... මට නිකන් සර්ව ආයෙ දකින්නවත් ලැබෙන්නෙ නැති වෙයිදෝ කියන හැගීම පපුවට තදින්ම දැනෙන්න ගත්තා... හරිනම් සර් දිහා ඇස් ඇරලා කෙලින් බලන්නවත් මං සුදුසු නෑ.. ඒත් එහෙම නොකර ඉන්නත් මට බැ...

" හිතින් විතරක් මනුස්සයෙක්ව බදාගන්න එක කොච්චර රිදෙනවද සරූ... "

සීතලම සීතල වැස්සක උනත් මේ තරම් රස්නයක් කවදාවත් මට දවල් වරුවෙදිවත් දැනිල නෑ...එයාගෙ වචන ගැන හරි හමන් තේරුමක් නොතිබ්බත් ඇග ඇතුලෙන් මාව අයිස් කැටයක් දිය වෙනව සමානව දිය වෙන්න ගත්තා... ගත පුරාම ඇදී ගියපු ඒ අමුතු හැගීම මාව පුච්චලා අලු කරලා දැම්මා..

" දැන් මුකුත්ම හිතන්නෙ නැතුව නිදාගන්න.. මං ඉන්නවා.."

ඒ කටහඩ පුදුම තරම් ආදරනීයයි..එයා මට නිදාගන්න කිව්වා.. වෙනදට මේ වෙද්දිත් නිදාගන්න මට අද මොනවදෝ වෙලා තිබුණා.. නින්ද කියන නාමයක් අහලකවත් නැතුව තියෙද්දි සීතල නිසාම මං මටම ගුලි උනා...හැබැයි මොකක්දෝ දුකකට මගෙ ඇස් වලට කදුලු උනනවා.. ඉටිපන්දම් එලියෙන් උනත් එයාට පෙනෙයි කියල බයට මගෙ ඇස් එයාගෙන් වහන් කර කර කදුලු පිහ දැම්මා..

" සරූ "

එයා හෙමින් මුමුනනවා..මං ලාවට හූමිටි තිබ්බා..

" ම්ම්ම් "

" අඩන්න එපා.. බලන් ඉන්න අමාරුයි "

එයාගෙ වචන එක්ක ඇඩිල්ල අඩු වෙයි කියල හිතුවත්.. නෑ මගෙ ඇඩිල්ල තවත් වැඩි උනා.. මට ඉකි ගැහෙන තරමට ඇඩුනා..

" එපා සරූ "

මගෙ දිහා බලන් එයා එපා කියනවා.. මගෙ ඔලුව අත ගාන්න හදනවා.. ආයෙම ඒ අත ආපහු ගන්නවා...

" මං. මං එන්නද ඔයා ලගට? "

එයා අහනවත් එක්කම හා කියන්න මං ඔලුව වැනුවා.. තත්පරයයි අඩියක් දෙකක් එහායින් හිටපු එයා මගෙ ලගටම ඇවිත් වාඩි උනාම අනේ මං ඒ උරහිසෙන් මගෙ ඔලුව තියාගත්තා... මොකද මට මෙවලෙ ඕනෙ කාගෙහරි උරහිසක් බදාගෙන අඩන්න.. ටිකකට කලින් එයාට යන්න කියපු මමම මේ දනෙන සනීප සුවදායි පහසට මං ආස කරා...එයා නෙමෙයි එපා කිව්වෙ.. එයා නෙවෙයි මට වචනයක්වත් කිව්වෙ.. මං ඒ උරහිසට ඔලුව ගහන් සෑහෙන වෙලාවක් හිටියා.. මටත් නොදැනිම මගෙ ඇස් පිය වෙලා යනකම්ම මං එහෙම හිටියා...

.......................

එකපාරට ගහපු අකුණත් එක්ක මාව ගැස්සිලා වගේ නැගිට්ටුනා... වැස්සනම් ලාවට වගේ පායලා.. වාඩි වෙලාම අනේ එයාටත් නින්ද ගිහින්.. එයාගෙ උරහිසෙන් ඔලුව ගත්ත මම හෙමින් සැරේ එයාව කොට්ටෙන් හාන්සි කෙරෙව්වා.. එයාව හාන්සි කරවලා මං හැදුවෙ නැගිටින්න උනත් කී වෙනි පාරටද මන්දා නින්දෙන්ම එයා මගෙ බදෙන් ඇදලා ගත්ත පාරට මාව ගිහින් ඒ පපුව උඩම නතර උනා...

" ස.රූ ය.න්.න එපා ස.රූ "

නින්දෙන්ම මට යන්න එපා කිය කියා එයා තවත් මාව ඒ ඇගට තද කරගත්තා.. කිසිම කලබලයකින් තොරව ඒ ඇස් හරි සනීපෙට වැහිල ගිහිල්ලා... නපුරෙක්.. කොයි වෙලෙත් රවන නපුරු ඇස් දෙකක් එයාට තියෙන්නෙ.. ඒ ඇස් වලින්ම වෙලාවකට තවත් මොනවදෝ කියනවා මට නොතේරෙන... වාත්තු කරා වගේ ඒ මූණ.. මං ඒ මූණ දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.. මටත් නොදැනිම මගෙ ඇගිලි තුඩු ඒ මූනෙ තියන ඇස් හරි පරිස්සමට ස්පර්ශ කෙරුවා... සත්තයි ඒ ස්පර්ශයටත් මගෙ ඇගම හිරිවට්ටවන්න පුලුවන් උනා..

මං දන්නවා.. විවාහක මනුස්සයෙක් ගැන හිතන එකත් වැරැද්දක්... ඒත් මගෙ හිත ඒ දේ නාහා හිතුවක්කාර වෙවී හිත්න්නෙත් එයා ගැනනම්... අනේ මං අසරණයිනෙ..මේ දඩබ්බර නපුරා ගැන ඇයි මං මේ තරම් හිතන්නෙ.. එක්කො මට පිස්සු වෙන්න ඕනේ...

" ඔයාව ඈත් කරන්න ලෝභයි මට "

මං මිමිනුවා.. එයා ලස්සනයි.. නපුරු පාට උනත් එයාට තිබ්බෙ හරි කඩවසම් පෙනුමක්.. මං මේ ලෝකෙ දැකපු ලස්සනම පිරිමියා ඔයා.. මට එහෙමත් හිතුනා.. ලෝභ කමින් උනත් ඒ හැඩි දැඩි අත් වලින් මං නිදහස් වෙලා අපි දෙන්නැ මැද්දෙන් කොට්ටෙකුත් තියලා මං කූඩාරමේ අනික් කෙලවරෙන් හාන්සි උනා.. ඒකත් එයා දිහා බලාගෙනම..

අකිල අයිය ගැනත් මතක් වෙනවා.. මං මේ කරන්නෙ වැරැද්දක් කියලා එවලෙට හිත වද දෙනවා...ඒත් මෙහෙම මගෙ හිත හතර අතේ දුවන එකට හේතුව මට තාම හිතාගන්න බෑ... ඒත් මේ වෙලාවෙ ඔය දේවල් හිතලා මගෙ ඔලුව හිර කරගන්නත් මට ඕන උනේ නෑ.. ඉතින් මං එයා නිදන් ඉන්න දිහා කලබලයක් නැතුව හෙමීට බලන් හිටියා.. ඒත්.. ඈ පියවේගෙන එන තත්පරේම මං දැක්කා පත්තු කරලා තියන ඉටිපන්දම උඩට එයා එයාගෙ අත තියන්න යනවා.. එයාව පිච්චිලා යයි කියල බයටම ආයෙම නැගිට්ට මම එයාගෙ අත යටින් මගෙ අත තිබ්බා.. පිච්චෙන්නෙ නැති වෙන්න.. එහෙම්මම ඒ ඉටිපන්දම වෙන තැනකින් දල්වලා මං ආයෙම නින්දට වැටුනා..

.......................

" මොකද අවුලෙන්? "

පාංදරම නැගිටලා එලියට වෙලා වාඩි වෙලා උන්න මට කිරි එකකුත් හදලා දෙන ගමන් ඇහුවම මං ඔහේ ඝස් කොලන් දිහා බලන් උන්නා..

" අකිල අයිය කතා කලේ නෑ සර් "

මං කිව්වා.. හරී කියන්න ඔලුව වනපු එයා එයාගෙ තේ එකෙන් තෙව් උගුරක් තොල ගෑවා.. එයා උන්නෙ හිටගෙන.. ඉන්නෙ කැලේ නිසා මම ගේන්නෙ දෙකට නවන්න පුලුවන් එක පුටුවයි.. ඉතින් ඒකෙ මම වාඩි උනාම එයා හිටියෙ මගෙ ලගින් හිටගෙන වෙද්දි මං එයාට වාඩි වෙන්න කිව්වම එයා මග්ව් දිහා රවල බැලුවා..

බහිරවයා දන්නෙ රවන්න විතරයි...

ඒ බැල්මත් එක්ක මං ආයෙම එහෙම්මම වාඩි උනාම ඒ ලගින් තිබ්බ ගල උඩින් එයත් වාඩි උනා...

" ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් "

විනාඩි පහක් යන්න නෑ.. මගෙ පිටිපස්සෙන් ආවෙ සද්දයක්... හිත ටිකක් ගැස්සුනත් මං හෙල්ලෙන්නේ නැතුව හිටියා..ඒක එයත් දැක්කා..

නයෙක්.. සාමාන්‍ය නයෙක්ට වඩා සයිස් එකෙන් විශාල වගේම දිග නයෙක්... අපි දෙන්නම ඌව දැකලත් සද්ද නොකර ඉද්දි ටිකක් වෙලා පෙනේ පුප්පගෙන ඉදලා අපෙන් කරදරයක් නැති තැන ඌ අපි දෙන්නවම පහු කරන් කැලෑ පල්ලට බඩගෑවා... මං ඒකනෙ කියන්නෙ.. අපෙන් කරදරයක් නැත්තම් ආපිට අපිට උන්ගෙන් කරදරේකුත් නෑ...

" බය නැද්ද? "

සතා යන දිහා බලාගෙමම භාශ්වරසිංහ මගෙන් ඇහුවම මම නෑයි කියන්න ඔලුව වැනුවා..

" අහිංසක සත්තු සර්. හිරිහැරයක් නොකර අපි පාඩුවේ උන්නනම් උන්ගෙනුත් අපිට හිරිහැරයක් නැහැ "

" ම්න් "

එයා හූමිටි තිබ්බා. ඒ එක්කම මට අකිල අයියගෙන් කෝල් එකක් ආවා.. ඊයෙ රෑම කතා නොකර හිටපු අකිල අයියගෙ කෝල් එක දැක්ක මගෙ මූනට ඉබේටම හිනාවක් ආවා.. ඒ හිනාව එයත් දැක්කා..

" හෙලෝ.. ඊයෙ රෑ ඔයා ගනී කියලා මං බලන් හිටියා.. "

" මං කිව්වෙ සුදූ ඉතින්. ඊයෙ නයිට් ශිෆ්ට් එකනේ.. දනුයි ගෙදර ආවෙ. මොකද කරන්නෙ ඔයා? "

" මං ඉතින් කැලෑ වැදිලා ඉන්නේ.. ඔයා දන්නවනෙ මං ගැන "

" හ්ම්ම්.. ඔයාගෙ අම්මව හම්බ උනා මට "

අකිල අයිය කියද්දි අර තිබ්බ හිනාව මගෙ මූනෙන් ටිකක් විතර අඩු වෙලා ගියා.. අම්මා.. නිකන්වත් කෝල් එකක් නෑ එයාගෙන් මට..

" ලබන මාසෙ එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙන්න කිව්වා. මට වැකේශන් අරන් එයාලා එක්කම ලංකාවට යමුයි කිව්වෙ.. වෙඩින් එක අවුරුද්දෙ අන්තිමේදි ගමු.. "

අකිල අයියා කියන දේ අහන් හිටියත් මගෙ ඈ නැවතුනේ මගෙ දිහා කන්න වගේ බලන් ඉන්න ඒ නපුරු ඇස් ලග.. මගෙදිහා බලන් උන්න නිසාම මං එයාට හිනාවක් දීලා ආයෙම අකිල අයිය එක්ක කතා කරන්න ගත්තෙ නිදහසේ...

" එහෙනම් මං තියන්නම් සුදූ.. නිදි මතයි "

" ම්ම් හරි අයියේ.. පරිස්සමට ඉන්න.. බුදුසරණයි ඔයාට "

වෙනදට වඩා ටිකක් වැඩිපුර කතා කරලා මං ෆෝන් එක තිබ්බා.. තියල බැලුවෙ එයා දිහා.. කෝ දෙයියනේ මේ මනුස්සය.. දැන් මෙතන හිටපු බහිරවයා පේන්න නැති වෙද්දි මගෙ ඇස් එයාව හැමතැනම හෙව්වා.. අනේ මන්දා.. මේ ඉන්නවා.. මේ නෑ.. බහිරවයෙක්ම තමා.. ඇරත් ඉතින් හිටියත් නැතත් මට වැඩක්ද.. මං මොකටද එයාව හොයන්නෙ...

.......................

" රත්තරන් උබ එනව නේද අද? "

" ඔව් ඔව්. අර මිස්ලා තව පොඩ්ඩෙන් යනවලු. ඒ හන්දා මං මේ එහෙට යන ගමන් දැන් "

" හරි වරෙංකො. අපිට ඉවෙන්ට් එකක් සෙට් උනා. උන් අපේ ලක්ශ තුනේ පැකේජ් එක ඉල්ලුවෙ. ඇවිත් කතා කරමු වරෙංකො "

අරූ කිව්ව දේට මට බඩු බෑග් එකත් කරේ තියන් ඉබේටම උඩ පැනුනා... යෙස්.. යෙස්ස්... අපේ පුංචි බිස්නස් එක එන්න එන්න මෙහෙම දියුනු වෙද්දි මට මෙහෙමයි කියන්න බැරි තරම් සතුටු හිතුනා... මං උඩ පැන්නා.. අත් ගස ගසා උඩ පැන්න මං දැක්ක දේ එක්ක ගල් වෙලා වගේ ආයෙම නැවතුනා..

බහිරවයා...

බැන්ගලෝර් එක ලග ඉදන් අත් දෙකත් පස්සට බැදන් ඒ උන්නෙ මහා බහිරවසිංහ වෙද්දි මං මගෙ මෝඩ නැටිල්ල එහෙම්මම නවත්ත ගත්තා.. මේ මනුස්සය අර වෙලාවෙ ගියා ගියාමයි මම දැනුයි දකින්නෙ.. ඇයි හත් දෙයියනේ යනවනම් යනව කියලා කියල යන්න තිබ්බනේ.. ආවෙත් බූතයෙක් වගේ.. ගියෙත් බූතයෙක් වගේ.. අනේ ඉතින් මට වැඩක්ද.. පුහ්..

" ආ මල්ලි ආවද.. ඉක්මනින් කාලා රෙඩි වෙලා එන්න. අනේ මන්දා අපේ නුරේන්ද්‍රට අද තරහ ගිහින් ඉන්නෙ.. "

මිස් කියද්දි මං එහෙම්මම මිදුලෙ ෆෝන් එක ඔබ ඔබා ඉන්න බහිරවය දිහා බලලා ආයෙම මිස්ගෙන් ඇයි කියලා ඇස් වලින් ඇහුවා..

" කව්ද දන්නෙ. එයාට තරහ ගන්න හේතු ඕන නෑ.. ඒත්.. කොහොම ඉන්නෙත් ඉන්නෙ හුගක් කේන්තියෙන්. මල්ලි ඉක්මනින් ලෑස්ති වෙලා එන්න. නැත්තම් ඔයාටත් බනීවි "

ආ.. මට බැන්නොත්නම් දනී කරන දේ බහිරවට. අකිල අයියට කියනවා මං.. අනේ ඔය එක එක බහිරවලගෙ තරහවල් මට වැඩක්ද නෑනෙ.. පිස්සූ..

මං එහෙම්මම උඩට ආවා.. නාගෙන කරගෙන ඇදුමත් ඇදන් කන්නාඩිය ගාවට ආව මං කොන්ඩෙ පීරුවා.. එක එක විදිහට කොම්ඩෙ හැදුවා.. අත් දෙක ඉස්සුවම මේ මගුලෙ ශර්ට් එකට බඩ පේන එකනෙ වැඩේ.. හීන් ඉගක් තියන නිසාම මට ඒක ටිකක් අපහසු උනත් වෙන අදින්න ඇදුමකුත් නැති නිසාම මං පාඩුවේ උන්නා..

ටක් ටක්....

" එන්න මිස්. මං ලෑස්ති වෙලා ඉව.... අහ්. ස්.සර්"

කොන්ඩෙ හදමින්ම මං දොරට තට්ටු කලේ මිස් කියල හිතාගෙන මිස්ට කතා කෙරුවා.. ඒත් ඇතුලට ආවෙ භාශ්වරසිංහ වෙද්දි මගේ වචනත් මාත් දෙකම ගොලු වෙලා ගියා.. ඒ ඇස්.. ඒවා කෙලින්ම මගෙ මූන දිගේ පහලට ඇවිත් නතර උනේ ඉන ගාවට වෙද්දි මං කලබලෙන් අත් දෙක පහලට දාලා සීරුවෙන් හිටගත්තා.. එයා එනවා.. අඩියෙන් අඩිය භාශ්වරසිංහ මගෙ ලගට ලං වෙද්දි අඩියෙන් අඩිය මමත් පස්සෙන් පස්සට ගියා... අවසානෙදි ආයෙ යන්න පිටිපස්සක් නැතුව බිත්තියට මාව හිර උනා.. බයෙන් වගේ කෙලත් ගිලුන මං එයා දිහා බැලුවම මාව තවත් බය කරගෙන ඒ අත් බිත්තිය දෙපැත්තෙන් තියද්දි මට පන යන්න ආවා..

" ස්.සර් "

" කියන දෙයක්නම් අහන්නම බෑ නේ. "

කේන්තියෙන් නැතත් තදින් කීව එයා මගෙ ඇදුම පහලට කෙරුවා... එහෙම්මම මගෙ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක මටත් නොකියා අතට අරන් මොනවදෝ කෙරුවා.. ඔය සේරම කරනකම් මං බලන් ඉන්නෙ ගොලුවෙක් වගේ.. සර්ගෙ ෆෝන් එකයි මගෙ ෆෝන් එකයි එක ලගින් තියන් මගෙ ෆෝන් එකෙන් මොකක්දෝ නම්බර් එකක් ඩයල් කරලා එයා කෝල් එකක් ගත්තා.. එහෙම්මම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.. ඒක මගෙ නම්බර් එකෙන්.. මං බලාගෙන ඉද්දි එයා මගෙ ෆෝන් එකේ එයාගෙ නම්බර් එක සේව් කෙරුවා..

Arjun 🤍

හාට් එකක් එක්ක.. මං මගෙ යොහානයටවත් හාට් එකක් දාලා නෑ.. කොටින්ම අකිල අයියටවත් දාලා නෑ.. මං සාමාන්‍යයෙන් හැමෝගෙම නම ඉස්සරහින් දාන්නෙ සතෙක්ගෙ ඉමෝජියක්.. යොහාන්ට දාලා තියෙන්නෙත් ඌරු හොම්බක්. අකිල අයියට වදුරා ඇස් වහන් ඉන්න එකක්.. එහෙව් එකේ මේ මනුස්සයට මොකටද සුදු හදවතක්...

" මේක සත්තු වත්තක්නෙ "

මගෙ කන්ටෑක් ලිස්ට් එක සේව් දාලා තියන විදිහ දිහා බලන් භාශ්වරසිංහ කිව්වම ලැජ්ජාවට මං කටත් උල් කරන් හොරා වගේ බිම බලාගත්තා..

" හුරතල් "

එහෙම කියාගෙනම ෆෝන් එක ආපිට මගෙ සාක්කුවට දාලා එයා කාමරෙන් යන්න ගියා.. හම්මේ.. දැනුයි හුස්ම ටිකක් ගත්තෙ හරියට.. එහෙම ලේසියෙක් මගෙන් හාට් ගන්න බෑ. අනික අකිල අයිය ලබන මාසෙ ඇවිත් මේව දක්කොත් අපි දෙන්න අතර ප්‍රශ්න. මං ආස නෑ පවුල් ප්‍රශ්න ඇති වෙනවට..

එහෙම හිතාගෙන මං එයා සේව් කරපු නම එහෙම්මම තියලා අර සුදු හාට් එක අයින් කෙරුවා... අයින් කරලා එයාටම ගැලපෙන බක මූනෙක් දැම්මා...

Arjun 🦉

ආ.. දැන්නෙ ගැලපෙන්නේ... ඔය තියෙන්නෙ දිලිසි දිලිසි... ෆෝන් එකත් එක්ක හිනා උන මං එහෙම්මම පහලට ආවා...

කෝ මිස්.. සර්ත් නෑ.. මේ කට්ටිය කොහෙ ගියාද?

" අහ් අලුත් මහත්තය වෙන්න ඇති මේ.. අමන්ද මැඩම්ලා වත්ත පහලට ගියා "

කන ගාවින්ම ඇහුණ පිරිමි හඩට ගැස්සිලා වගේ මං හැරිල බැලුවා.. කොන්ඩෙ ටිකක් අවුල් වෙලා ගිය බුලත් කන ගමන් කෙල අහුරක් කුස්සියෙ දොරෙන් එලියට ගහපු ඒ කොල්ලා මටවඩා ඕන්නම් අවුරුදු දෙක තුනක් වැඩිමල් පාටයි.. ඒත්... ඒකා ගාවින් ආවෙ තනි අරක්කු ගදක්.. මගෙ ඇගටම ලං වෙලා කතා කරද්දි ඇති උන අපහසුතාවයටම කුස්සියෙ උන්න මං ටිකක් පස්සට ගියෙ අර කොල්ලා කාරලා වගේ ආයෙම කෙල පාරක් කුස්සියෙ දොරෙන් එලියට ගහද්දි...

" අමන්ද මැඩම් කිව්වා ඔය මහත්තයට කෑම බෙදාගන්නයි කියලා.. "

" අහ්.හා. එ.හෙමද. හා. හරි "

මට බය හිතුනා... කුස්සියෙ අර උන්න අත්තම්මත් නෑ... කවුරුත්ම නැතුව මේ මාලිගාවක් සයිස් බංගලාවෙ මෙහම අමුතු මිනිහෙක් එක්ක ඉන්න මට බය හිතුනා.. ඒත් බය පෙන්නුවෙත් තව ප්‍රශ්නයක් වෙන නිසාම මං එහෙම්මම කෑම බෙදාගන්න හැරුණා.. හිතුවෙ ඒ මිනිහා දැන් යයි දැන් යයි කියලා.. මං ආයෙපස්ස හැරෙන්න ගියෙත් නෑ.. ඒත් හිතුවෙවත් නැති විදිහට ගොරෝසු ඇගිලි පහක් ඇවිත් මගෙ ඉන මිරිකලාම නවතිද්දි ඇති උන බයටම මං ආපස්සට හැරුණා.. ඔව් හැරුණා විතරයි..

චටාස්ස්ස්ස්ස්

" ආහ්හ්හ් "

නෑ මට බලන්නවත් හම්බුන් නෑ.. භාශ්වරසිංහ.. ඔව් ඒ ආවෙ භාශ්වරසිංහ.. වියරුවෙන් වගේ කොහෙදෝ ඉදන් කුස්සියට ආව එයා අර කොල්ලගෙ මූන මැදටම ගැහුවෙ මගෙ අතින් බත් හැන්දත් බිමට වැටෙද්දි..

" ස්.ස්..ස්.සර් "

" පැත්තකට වෙලා ඉදපන් හරී.. මං උඹව පස්සෙ අල්ලගන්නම් "

මගෙ මූනට ඇගිල්ල දික් කරලා මේසෙටත් ගහලා එයා කියනකොට මං හුස්ම උඩල අල්ලන් බලන් උන්නා.. දෙවියනේ ඒ තරම් තරහක්!! භාශ්වරසිංහ කියන මනුස්සයගෙ තරහව මං මේ විදිහට දැක්ක පලවෙනි වතාව.. ඒක තනිකරම වියරුවක්..

චටාස්ස්ස්ස්ස්

එයා ගහනවා.. වැටිල ඉන්න අර මිනිහා නැගිටින්න ගියත් නෑ එයා නෙවේ නැවතුනේ.. එයා ගහනවා..

" කාලකණ්ණි බල්ලා.. පලය.න් මගෙ අතින් මැරෙන්න කලින් මගෙ දෑහැට නොපෙනි පලයන්!!!! "

ලේ එනකම්ම ගහපු මිනිහව උගෙ ඇදුමෙන් අල්ලලා එයා නැගිට්ටවලා කිව්වෙ ඌව කුස්සියෙ දොරෙන් එලියට තල්ලු කරල දාලා...

එහෙම්මම මං හැදුවෙ කුස්සියෙන් මාරු වෙන්න.. එයා ඉන්නෙ යකෙක් වෙලා කියල දැන දැන මට කන එකටත් බය හිතෙන්න ගන්නකොට කුස්සියෙන් යන්න හදපු මගෙ වැලමිට ලගින් එයා ඇදල ගත්තෙ කේන්තියෙන්.

" උඹට මං කිව්වෙ නැද්ද මේ බහුබූත අදින්ඩ එපා කියලා.. ආ සරූ?? මං ඌඹට කිව්ව නේද ආ? "

පලාතටම ඇහෙන්න වගේ කෑගහලා එයා මගෙ ඇදුම පෙන්න පෙන්න අහද්දි බයටම මං කලේ බිම බලාගත්ත එක. මට ඇඩෙනවා.. එයාගෙ කේන්තිය ඉස්සරහා මගෙ ඇස් වලින් කදුලු වැටෙනවා..

" ඔව් ඉතින් ඔච්චර තමා දන්නෙ. ඇඩුවම සේරම හරි... අඩපුවාම සේරම හරි කියල හිතන් ඉන්නෙ.. ඉන් එහාට දේවල් හිතන්න මොලේ නෑ.. මගෙ යකා විතරක් අවුස්සගන්න එපා සරූ.. කරුනාකරලා අඩන එක නවත්තලා කෑම කාලා එලියට එනවා.. "

මාව ආයෙම කෑම බෙදාගන්න තල්ලු කරලා එයා කුස්සියෙන් යන්න ගියා.. එයාගෙන් බැනුමුත් අහන් මං කෑම බෙදන් එහෙම්මම සාලෙට ආවා.. ම්ම්හුක්.. පේන්න නෑ.. ඒත් ඉතින් ඇති කොහෙටහරි වෙලා.. බහිරවයවනම් මං යොහාන්ට කියනවා.. මට අකිල අයියවත් එහෙම බනින්නෑ.. එයාට මට ඒ වගේ බනින්න වැඩක්ද.. ඇයි අනේ..

කෑමත් කාලා සේරම කරන් මං එලියට ආවා.. මිස් ඉන්නවා එයාගෙ අතක් බදාගෙන.. ජාන්වි ඒ දෙන්නගෙ ෆොටෝ ගන්නවා.. ඊයෙ රෑ සර් ගැන පොඩි වෙලාවකට හරි ඇති උන ලෝභකම වැරදි හැගීමක් කියලා මේ වෙද්දිත් මං පිලි අරන් තිබුණා.. ඒ නිසා මං ඒ ගැන හිතන්න ගියෙ නෑ.. ඒ ඉන්නෙ සර්ගෙ වයිෆ්. එයාලා කොහොම උන්නත් මට මොකද කියලා හිතපු මං මගෙ පාඩුවේ ඇවිත් වාහනේ පස්සට නැග්ගා.. ඒත් මට දැනුනෙම එයා මගෙ දිහා බලන් හිටිය කියලා...

" එහෙනම් සේරම හරි නේද මල්ලි.. ඔක්කොම ගත්තා නේද?"

" ඔව් මිස්.. සේරම හරි"

" තේලම අලි.. නේත ඒන්තල් "

" ඔව් මැනික.. සේලම හලි "

මිස් එක්ක ඉස්සරහ සීට් එකේ හිටපු ජාන්විට හිනා වෙලා මං කිව්වා.. එහෙම්මම මගෙ ඇස් වාහනේ කන්නාඩිය දිහා බලද්දි එයා බලන් ඉන්නෙ මගෙ දිහා.. ඒත් මං බලනවත් එක්කම එයා මගෙන් ඇස් මිදෙව්වම මාත් එහෙම්මම ජනේලෙන් එලිය බලාගත්තා..

ඕනෙනම් විනාඩි දහයක් ජාන්වී මිස්ගෙ ලග ඉන්න ඇති. අම්මයි අප්පච්චි දෙන්නම එපා කියලා කෙල්ල මාව ඕනෙ කියලා පස්සට ආවා.. ආව වෙලේ ඉදලම මගෙත් එක්ක කලේ කෝලම්.. සෑහෙන වෙලාවක් අපි දෙන්නා පිටිපස්සෙ සීට් එකේ ඉදන් විකාර කෙරුවා.. අනේ අන්තිමේදි ඇගිල්ලකුත් කටේ ගහන් කෙල්ලට මගෙ පපුවෙම නින්ද ගියා... මට එයාව සීට් එකෙන් තියන්නත් ලෝභ හිතුනා.. ආයෙම නිදි ලමයව මිස්ට දෙන්නත් ලෝභ හිතෙනකොට මං එයාව මගෙ අත් උඩම තියන් මගෙ පපුවට තුරුල් කරගත්තා...

" නුරේන්ද්‍ර මං කොල්ලුපිටියෙන් බහින්නම්.. සැලෝන් එකට යන්න ඕනා ඒක වහන්න කලින්.. මං ඔයාට කිව්වේ.."

" ම්න්. එක්ක යන්න එන්නම් "

" හ්ම්ම්ම් හා.. මං කෝල් එකක් දෙන්නම්කො. නැත්තම් කැබ් එකක් දාන් එන්නම්. අනේ නුරේන්ද්‍ර මල්ලිව එයාගෙ යාලුවගෙ අතටම දෙන්න හරිද.. මතකනෙ කොල්ලා මෙයාව අපි එක්ක එව්වෙත් එවන්න බැරි කමට වගේ.. "

මිස් මගින් බැහැගත්තා.. දැන් වාහනේටම ඉන්නෙ එයයි මායි ජාන්වී විතරයි..

" ම්ම්.හ්ක්. ඒ.ත්තල් "

" ඒන්ජල් ඉන්නවා මැනික.. මං. ඉන්නවා ම්ම්ම්"

නින්දෙනුත් මාව හොයන ජාන්විගෙ කම්මුලට හාදුවක් තිබ්බ මං ඒ පස්සට හෙමින් හෙමින් තට්ටු කෙරුවා...

" එයාට ඔය තරම් ලං වෙන්න එපා සරූ.. මහ රෑටත් එයා ඒන්ජල් ඒන්ජල් කියනවා.. දවසින් දවස අමන්දට වැඩිය එයා ඔයා එක්ක බැදෙනවා මට පේනවා.. එපා ලං වෙන්න මගෙ දුවට... "

වාහනේ ඩ්‍රයිව් කරන ගමන්ම එයා කන්නාඩියෙන් මගෙ දිහා බලන් කියද්දි මගෙ අත් තවත් හයියෙන් ජාන්විව මගෙ පපුවට තුරුලු කරගත්තා.. අනේ.. එහෙමයි කියලා මං කොහොමද එහෙම කෙල්ලගෙන් ඈත් වෙන්නේ...

"ඔයා ඔහොම ලං වෙනකොට මට උනත් අත ඇරගන්න ලෝභ හිතෙනවා.."

❤️ ලෝභ හිතෙනව කියන්නේ.. 🤭

❤️ ලමයි.. මං කිව්වා මේක අනියමක් කියලා.. මං අර ඒක නිකන් කිව්වෙ හර්ත අනේ.. හැබැයි එහෙම නෑ කියන්නෙත් නෑ.. ඒත් එහෙමයි කියන්නෙත් නෑ.. මම ඒ ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් කතාවම ස්පොයිල් වෙනවා.. ඒ නිසා මේක අනියම්ද කියලා අහන්න එපා.. ඒක ඔව් වගේ පේනවනම් ඔව් කියල හිතන් කියවන්න.. ඒක නෑ වගේනම් ඒක නෑ කියල හිතන් කියවන්න. හැබැයි කවදහරි කතාවෙන්ම හැමදේම විසදෙයි ම්ම්ම්ම්...

❤️ ඉතින් එතකන් ඉවසන්න.. හැමදාම වගේ සසේ අක්කා ඔයාලට කියන්නෙ මෙච්චරයි.. ඉවසන්න රත්තරන් ඉවසන්න....

❤️ ඒශ් එක්ක එන්නම් ආයෙම...

❤️ සසේ අක්කා ආතරෙයි

❤️ ඒ අස්සෙන් ඔයාලා මට සාමයේ දෙවගන කියල නමකුත් දාලා.. බලන්නකො ඉතින් නේත.. ඒ තරම් මගෙ කතා හිත නිවනවා ඇති නේ 😂🤭❤️

❤️ බහිරවයා ගැන මොකද හිතෙන්නෙ අනේ.. 

More Chapters